Monday 14 May 2012

තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද? - Remembering Sanath "Observer" Wijewardene


මීට වසර එකහමාරකට පමණ පෙර 2010 නොවැම්බර් 20 දින (හරියටම මගේ පියාගේ උපන් දිනය දා) මට නාඳුණන පුද්ගලයෙකුගෙන් ඊ-මේල් පණිවිඩයක් ලැබුණි.

මා ලියූ ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා කතන්දරයේ පසුබිම ගැන විමසමින් ඉංගිරිසියෙන් ලියවී තිබුණු ඒ ඊ-මේලය එවා තිබුනේ, තමන්ට ඊ-මේලයකින් ලැබුණු ටැබූගේ ලිපියක් ඔස්සේ හඹා ගොස් ඉන්පසුව කතන්දර බ්ලොග් අඩවියට වැරදීමකින් මෙන් පැමිණ පසුව සමස්ත සිංහල බ්ලොග් ලෝකයම සමතික්‍රමණය කළ සනත් විජේවර්ධන නමැති ලෝකයේ පුක පැත්තේ කොනේ පර්ත් නම් නගරයක වාසය කළ වයස අවුරුදු 57 ක පුද්ගලයෙකුගෙනි.

පසුව දුරකතනයෙන් එකිනෙකා අමතා ඇරඹුණු අපේ මිතුදම විවිධ බ්ලොග් සම්බන්ධ කරුණු ගැණ ඊ-මේල් මගින් කරන ලද ගනුදෙනු හරහා ඉදිරියට ඇදී ගියේය.

අද මම ඒ මිනිසා වෙනුවෙන් ඇඬූයෙමි. මගේ තාත්තා ගේ මරණය අසා නිවසට යන අතරතුර දී හැඬුවායින් පසුව මා මෙලෙස යමෙකුගේ මරණයක් ගැන ඇඬුයේ දිගු කාලයකට පසුවයි.

සනත් විජේවර්ධන හෙවත් අප කොයි කවුරුත් දන්නා පරිදි ඔබ්සෝවර් මිනිස් හිතවත්කම් කෙතරම් ප්‍රභලදැයි අපට තම මරණින් පසුවද තේරුම් කර දුන්නේ ඒ අයුරිණි.

පෙර කී පරිදි 2010 අග භාගයේදී සිංහල බ්ලොග් බලන්නට පටන්ගත් සනත් එතනින් නතර වූනේ නැත. ඔහු වහාම සිංහල අකුරු කොටන අයුරු ඉගෙනගෙන බ්ලොග් සිංහල ලෝකයේ සැරිසරමින් තම නිරීක්‍ෂණ කමෙන්ට් මගින් සනිටුහන් කරන්නට පටන් ගත්තේය. ඊලඟට ඔහු අන්තිම පේලිය සාමූහික බ්ලොගයට ලිපි ලියන්නට පටන්ගත්තා යැයි සිතමි.

එයිනුදු නොනැවතුණු සනත් පසුව තමන්ගේ ම ඔබ්සර්වර්-නීරීක්‍ෂක බ්ලොග් අඩවිය ඇරඹීය. එය රස සාගරයක් වු බව අමුතුවෙන් කිව යුතු නැත.

අපේ ඔබ්සෝවර් සිංහල බ්ලොග් ලෝකයෙන් සදහටම සමුගත් පස්වැන්නා විය යුතුයි. ඒ අයගෙන් කිහිප දෙනෙක් ගැන මා දැන සිටියෙමි.

මුලින් කුමුදු පින්තු මිය ගියේය. ඒ වෙනුවෙන් මම "ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා" කතන්දරය ලිවුවෙමි.

ඉලන්දාරියා ගේ මරණය දැන මම "මැරෙන එකත් පන යන වැඩක්" නමින් කතන්දරයක් ලියූවෙමි.

"විහඟ ගීතය" ලියූ සිඩ්නි බණ්ඩාරනායක මිය ගිය බව අප බොහෝ දෙනෙකු දැන ගත්තේ ටික දිනයකට පසුවය.

අද කිසිවෙකු නොසිතු විලස ඔබ්සෝවර් වෙනුවෙන් කතන්දරයක් ලියන්නට වාරය පැමිණ ඇත.

අපේ ජීවිතවල අනියත බව ගැන සිතා මා ලියූ "මල් නම් ජයරත්න" නම් කතන්දරයේ අපේ ගෙවත්තේ පිපී තිබුණු මල්වල ඡායාරූප පල කළෙමි.

පසු කළෙක කතන්දර හාමිනේ වත්තේ ඉදිරිපස ගසක් වටා කුඩා මල්පැල විශාල සංඛ්‍යාවක් සිටවූවාය. ඒ මල් පිපී වැනෙන හැටි පෙන්වන පහත ඡායාරූපය ගත්තේ මා ටික දිනකට ඉහදී ගත්තේ ඉදිරියේදී ලියවෙන කතන්දරයකට අවශ්‍ය වූවොත් ප්‍රයෝජනයට ගැනීමටයි.



ඉන් මාස කිහිපයකට පසුව නිවසේ ඉදිරිපසට ගිය මට දක්නට ලැබුනේ මේ දර්ශනයයි.



මල් හැර ජීවිතවල අනියත කියවෙන තවත් හොඳ උදාහරණ නැති යැයි සිතමි.

ලෝකයේ සතර අත දිනපතා මිනිසුන් මිය යති. නමුත් අපට බොහෝවිට දුක දැනෙන්නේ දන්නා කියන කෙනෙකු ගේ මරණය දැනගත් විටය. එය අකල් මරණයක් නම් දුක තවත් දැඩිය.

යමෙක් අකාලයේ මිය යාම ඥාතී හිතවතුනට දුකක්මුත්, රෝගී තත්වයකට ලක් නොවී ඒ අනිවාර්ය අවසානය ක්‍ෂණයකින් ලැබීම එක අතකට පිනක් විය හැක.

තමා බ්ලොග් කියවීමට පටන්ගැනීම ගැනත්, බ්ලොග් නීරීක්‍ෂකයෙකු ලෙස සහ බ්ලොග් රචකයෙකු බ්ලොග් ලොව කල කාරයභාරය ගැනත්, බ්ලොග් ලෝකයේදී ඇතිකරගත් මිතුරු සමාජය ගැනත් සනත් ඉතා සතුටින් සිටි බව මට ඔහුගේ දියණියගෙන් අද සවස දැනගන්නට ලැබුණි.

සනත් අවසන් ගමන ගියේ ඒ මහත් සතුටින් යුතුව බව නොඅනුමානයි.

කටහඬ පමණක් ඇසූ නොදුටු හිතවත, ඔබට නිවන් සුව ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ මොහොතේ මට ඔබ්සෝවර් වෙනුවෙන් කළ හැකි අවසාන උපහාරය කුමක්දැයි සිතු මට සිතුනේ ඔහු අපව හිනැස්සුවාක් මෙන් අප ද ඒ සිනහව ඉදිරියට ගෙන යා යුතු බවයි.

මගේ මේ සටහනේ මාතෘකාව "තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද?" යනුවෙන් සැකසුනේ අපේ ඔබාට උපහාර පිණිස හොඳට හිතා බලා ය.

එය මෙය කියවන සියළු දෙනාම වටහා ගනු ඇතැයි සිතමි.

(image: http://observer-nireekshaka-observer.blogspot.com)

70 comments:

  1. Palaveniyenma yasaruwan. 2008 april vala blog marathon day ekedi meruna pera uni student.
    e kiyanne me hayaveni eka vithara...
    Sorry for singlish. Me on mobile

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔබා ඉස්සර තමන්ගෙ Blogger Profile එකේ තමන්ව හඳුන්වලා දීලා තිබුනෙ dual income no kids - dink කියලා. ඒකෙන් මම තේරුම් ගත්තා ඔබා කියන්නෙ තමන් අයිති වෙන demographic segment එක හරියටම දන්න හොඳ දැනුම් තේරුම් ඇති නිරීක්ශකයෙක් කියලා.

      Delete
    2. ඉලන්දාරියාට පස්සේ ඔබා මාමාට කලින් අපෙන් සමුගත්තු තවත් බ්ලොග්කරුවෙක් වුණු මහේෂ් හසන්ත සිල්වා ගැනයි මේ සටහන.....

      මේ සටහනේ සුවිශේෂීත්වය තමයි ඒ බ්ලොග්කරුවාට නිවන් සුව පතන්න ඔබා මාමාත් එකතු වුණු එක.

      http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

      Delete
    3. අම්මෝ මාත් මේ බ්ලොගක් ලියන්න පටන් ගන්නවද නැද්ද කියල බල බලා හිටියෙ. හොඳ වෙලාවට ලියන්න පටන් ගත්තෙ නැත්තෙ. බ්ලොග් ලියන කට්ටියට ඉක්මනටම යන්න වෙනවා වගේ නේ? අර කව්ද කිව්වා වගේ බ්ලොගක් ලියනවට වඩා හොඳයි බොගක් දාන එක. ඒ නිසා මගෙන් කමෙන්ටු විතරයි.

      Delete
  2. සනත් අයියට නිවන් සුව!

    කියන්න දේවල් ගොඩක් ඇතත් මම තවම කිසිම දෙයක් සනත් අයියා ගැන කරන්න බැරි උනා. දවසක් සනත් අයියා කතා කල වෙලාවේ කනතන්දර ගැනත් මතක් කලා මට මතකයි!

    ReplyDelete
  3. මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
  4. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  5. ඔහුට නිවන් සුව!!!
    බුද්ධි වගේම තාමත් කිසිවක් ලියන්ට බැරිවයි මමත් ඉන්නේ....:(

    ReplyDelete
  6. මට හිතා ගන්න බෑ තාමත්.......

    ReplyDelete
  7. ජීවත් වෙන්න අපට ලැබිලා තියෙන කාලය කෙටියි...ඒ හින්දා ජීවත්වෙන්න යුහුසුළු විය යුතුයි.
    ඔහුට ලැබිලා තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සහැල්ලුවෙන් ඒ ගමනත් ගියා. අපට ඒක දුකක් වුනත් ඔහුට එය මහා සැනසීමක් විය හැකියි....

    සැහැල්ලු සිනහවකින් මුව සරසාගත් සොඳුරු මිතුරාණනි, ඔබට සුබ රාත්‍රියක්.......

    ReplyDelete
  8. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  9. අමාරුවෙන් ලියලා එකක් දැම්ම ඒත් ඒක ලිවුවට පස්සේ මගේ ඔලුව තෝන්තුවේලා. මේ මනුස්සයා නැති බ්ලොග් අවකාශයක් ගැන හිතන්නත් බැරි තරමට අපි ඔහුට කිට්ටු උනා. පානක් නිවෙන්න කලින් හාත්පසම එලිය කරලා එකවර නිවිලා යනවා වගේ ඔබා හිටි හැටියේම යන්න ගියා. මොනවා ලියන්නද ?

    ReplyDelete
  10. ඔබා අය්යේ....

    අද උදේ පොඩ්ඩිගෙ ඊ මේල් එක දැක්කම මට අදහගන්න බැහැ... පොඩ්ඩිගෙ "මරණය" ගැන ලියවිච්ච පෝස්ට් එකට උඹ මෙහෙම ලියලා ගියේ ආයේ නො එන්නම‍ය් කියලා කවුද හිතුවෙ?

    Observer 9th May 2012 17:07
    කථාවයි, කොමෙන්ට් ඔක්කොමයි කියෙව්ව. තාම හිතාගන්න බෑ මොනව කියන්නද කියල, හවස් වෙලා ආයෙ එන්නං වලව්වෙ තාප්පෙ උඩින් බලල යන්න :-))

    ඇත්තටම කොල්ලො කෙල්ලො ගොඩක් සැරිසරන මේ බ්ලොග් අවකාශයේ උඹ කොල්ලො 10කටත් එහා හිටියෙ අය්යෙ.
    මරණය අපි කාටත් පොදුය්.. ඒත් මෙහෙම පහනක් නිවිලා යනවා වගේ හිටි හැටියේ ගියාම අපි දරාගන්නෙ කොහොමද?

    උඹ බ්ලොග් එකකුත් අටවගෙන ලොකු වැඩක් කරන්න හිටියා ඒත් ඒ ඔක්කොම දැන් අතීත‍යට එක් වෙලා.
    ඒත් මේ සයිබර් අවකාශයේ උඹේ නම හැමදාම කියවේවි, ලියවේවි.
    මොකක්ද හේතුවක් නිසා පොඩ්ඩිගෙ බ්ලොග් එකේ මට දාන කමෙන්ට් පේන්නෙ නැහැ. පොඩ්ඩි පුලුවන්නම් මේක ඒකෙත් Publish කරන්න.

    ඔබා මාමේ/ අය්යෙ, අවසාන වශයෙන් උඹට නිවන් සුව පතනවා...

    ReplyDelete
  11. මට හිතෙන්නෙ ඔය සයිබර් සැණකෙළියෙන් බ්ලොග්කාරයින්ට අපලයි. ගිය සැරේ තියලා සති කීපයකින් මැයි 18 වැනිදා ඉලන්දාරියා නැති වුණා. මේ සැරේ තියලා සති කිහිපයකින් (ඒත් මැයි මාසේ මැද හරියේම) ඔබා මාමා නැති වුණා. මේ දෙන්නම ඒ ඒ අවුරුදු වල සයිබර් සැණකෙළියට ක්‍රියාකාරීව සහභාගි වූ අය. අබේපාල මාමා ඕක වැරදි නැකතකද දන්නෙ නෑ තියන්නේ. ඔය සයිබර් සැණකෙළිය තියන්න නැකැත් බලනවද? ජ්‍යෝතිශය දන්න කෙනෙක් කරුණාකරලා උත්තර දෙනවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සිරාවටම මටත් ඕක හිතුනා... ඔය වගේ දේවල් අවට ගියාට කරන්න හොද නෑ... වස් වදිනවා

      Delete
    3. ජ්‍යෝතිෂේ කිව්වාම මතක් වුණේ. ඔච්චර කිට්ටුවෙන් ඉඳලත් ඔබා මාමා මාරයා ලවා කේන්දරේ බලා නොගෙන හිටි බවයි පේන්නෙ. ඇයි බලා ගත්තා නම් මාරක අපලෙ පේන්න එපායැ.

      Delete
  12. ඇත්තටම මේ හෙඩ් ලයින් එක දැක්ක ගමන් මම හිතුවෙ කතන්දර ට බණින්නයි. ''මේ වගෙ දුක්මුසු අවස්ථාවකදිවත් කැත හෙඩ්ලයින් දාන්න එපා කතන්දර'' කියලා ...
    නමුත් .. පස්සෙ ලිපිය ඔක්කොම කියෙව්වම තමයි දැක්කේ ඒකට සාධාරණ හේතු.

    ඔබා මලයාට නිවන් සුව පතමු.

    ReplyDelete
  13. ජීවිතය තරම් අනියත දෙයක් මෙදියත ඇත්නම්...
    නමුත් සමහර මිනිසුන් ආවිගසම යති. සමහරුන් යවාගන්න ඕනෑ වුවත් අල්ලාගෙන සිටිති.
    ඒ අතර සනත් අයියා යන්න බොහෝ කල් තිබියදීම නොකියාම ගියාය. එන සැරේ ලංකාවේදි හමු වෙන්නත් මාතර මහගෙදර නැවතී සිටින්නත් මට පොරොන්දු වූ ඔහු.. මට දකුණු කුරු දිවයිනේ දි ඔහු හමුවෙමු යි කියමින් එදා නුගේගොඩින් සමුගත්තේ මේකටදැයි ඊයේ සිය දහස්වර සිතුණි. මගේ පියාගේ මරණයේදීවත් කඳුලක් ඇසට නොනැඟත් .... ඊයේ එය මට නතරකරගත නොහැකි විය. අපේ ඊමේල් කවිකාරි මටදුන් දුරකථන ඇමතුම මා ගොළු කළ බව ඇය දන්නෙහිය.
    සනත් අයියා ඔබට මා හමු විය නොහැකි වුවත් අවිනිශ්චිත කාලයක් තුල මා ඔබ හමුවෙමි.

    සමුගන්නට අවසරයි.

    ReplyDelete
  14. කතන්දර කොහොම කිවුවත් ඔබා මාම ගැන දාල තියෙන හැම කොමෙන්ට් එකක්ම දකිනකොට ඇස් දෙකට කඳුලු එන එක නවත්තන්න බෑ.
    කවදාවත් දැකල, කතාකරල නැති උනත් බ්ලොග් එකක්, කොමෙන්ට් එකක් හරහා කොච්චර හිතවත් වෙලා තියෙනවද කියල හිතෙන්නෙ ඒ වෙලාවට තමයි.

    ආදරණීය ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete
  15. ක්ෂණයකින් මිය යාම ඇත්තටම මිය යන කෙනාට සැපක් වෙන්න ඇති. මාත් හිතන්නේ එහෙමයි....අපිට කොයි තරම් දුක උනත්....

    ඔබට සුබ ගමන් ඔබා මාමේ...

    ReplyDelete
  16. OMG ! He was in SL few weeks ago and saw some pictures in PODIMAN's blog. he was in good shape back there and now this tragic notice. I really liked his blog and a great lost for us. Convey my deepest sympathy,condolence to his family members and wish OBA MAMA may attain NIBBANA..!

    ReplyDelete
  17. පැමිණ නෙක දනන් ගේ බ්ලොග් අඩවියට
    කෙටුවා පද දෙකක් හැමටම සෑම ----- විට
    මරුවා සමග ගිය දා ලොව හඬන ----- විට
    ඔබා මාමේ සිනැහෙන් මොක් පුරේ -- සිට

    ReplyDelete
  18. ඇත්ත කියපන් කකා..... උබටත් ගොක්කොල මතක් වෙලා නේද අඩුනේ?

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවෙ මොන ගොක් කොළද ගොනෝ?

      සුදු කොඩි, සුදු කොඩි.

      ( ඇනෝ ඔයා යෝනක ද? )

      Delete
    2. යකෝ එක කියමනක් ... සිංහයෙක් ගේ රූපේ දාගෙන හිටියට තෝ නම් නියම ගොනෙක් බන්

      ඔව් මාත් යෝනියෙන් තමා ඉපදුනේ , ප්‍රශ්නයක් ද ?

      Delete
    3. ෂුවර්ද සිසේරියන් නෙමෙයි කියල?

      ගොක්කොළ සුදු කොඩි පේනව කියන කතාව දන්නව උනාට යෝනක යෝනිය දෙකේ වෙන නොදන්න මේක නම් යෝනකයෙක්ම තමා!

      Delete
  19. ඔබා මාමාට නිවන් සුව පතමි.....

    ReplyDelete
  20. සිනහවෙන් සිටි මිනිසෙක්ගේ සමුගැන්ම.
    ඔහුට හොඳ අලුත් උපතක් ලැබෙයි.

    ReplyDelete
  21. ඔහුට නිවන් සුව පතමි..

    ReplyDelete
  22. ඔබා මාමාට නිවන්සුව ලැබේවා!!!!

    ReplyDelete
  23. දැන් කකා ඔබා මාමා ගැන ලියන මේ පෝස්ට් එකේ ඔබා මාමගෙ බ්ලොග් එකට එක ලින්ක් එකක්වත් දාන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලින්ක් ඇත්දැයි බැලීමට කරුණාකර එක්කෝ HTML Source Code එක පරික්‍ෂා කරන්න. නැතිනම් මවුස් පොයින්ටරය අකුරු උඩින් යවා බලන්න.

      මෙලෙස චෝදනාවක් (වගේ එකක්) කළේ ඔබේ නොදැනුවත්කම නිසා යැයි සිතමි.

      ස්තුතියි.

      Delete
  24. ශික් කකා මේකෙත් ලින්ක් ගොඩක් ..................?????

    ReplyDelete
  25. අන්තිම පේලියෙන් හඳුනාගත්ත... මගේ බ්ලොග් එක පටන්ගන්න උපදෙස් දීපු... කිසිදා සියසින් දැක නැති... නමුත් අති ජාත මිතුරෙකුයැයි හැඟෙන... ඔබා මාමේ.....
    අර ජයියා කියනවා වගේ ගියාට කමක් නැහැ. හැබැයි ආයෙත් එන්න. ඔයා එද්දී අපි හිටියත් නැතත් මෙහෙටම එන්න.

    ReplyDelete
  26. අදගන්නත් අමාරුයි. ඒත් ජීවිතේ එහෙමයි. නුදු‍ටු ඔබට නිවන් සුව!!!.
    මැණික්

    ReplyDelete
  27. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!
    හෙඩිම හොදය .. තේරුම් ගතිමි.

    ReplyDelete
  28. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව ඔබ අපට පසක් කලෙහිය.....

    නිවන්සුව ලැබේවා!!!!!!!

    ReplyDelete
  29. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  30. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  31. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  32. මහා ප්‍රඥාවකින් හෙබි ඉහලම නැණවතෙක් විදියටයි මම ඔබාව දකින්නෙ. තමන් පළකරපු පෝස්ටුවලින් කමෙන්ටුවලින් ඔබා තම කුශාග්‍ර බුද්ධි මහිමය පෙන්නුම් කලාය කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. ඔබා ලියපු දේවල් දිහා බලන ඕනෙම කෙනෙකුට ඔබාට බොහෝ විශයයන් ගැන හසල දැනුමක් තිබුනු බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. ඔබාගේ ලේඛන කලාව නිසා බොහෝ දෙනක් ජීවිතය ගැන, ලෝකය ගැන විතරක් නෙමෙයි මුළු මහත් විශ්වය ගැනම අළුතින් හිතන්න පටන් ගත්තා. ලිවීම වෙනුවෙන් ඔබා කැප කරපු තම ඉතාම වටිනා කාලය, ධනය සහ ශ්‍රමය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත පරිඥානය පුළුල් වුනා, ලෝකාවබෝධයේ නිම් වලළු තව තවත් ඈතට ගියා, කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. අද බොහෝ දෙනෙක් ඔබාගේ මරණය ගැන අසා කම්පාවීමෙන්ම ඔබා ඔවුන්ගේ ජීවිතවලට කොයිතරම් නම් බලපාල තියෙනවද කියන එක නිසැකවම ඔප්පු වෙනවා. ඔබා තව වසර කිසිපයක් ජීවත් වුනානම් ඔබාගේ ලිවීම ලෝකයට කොතරම් බලපානවද කියන එක අපි හැමෝටම බලාගන්න තිබුනා. ඔබා නිවන ගැන විශ්වාස කලාද මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාස කලාද කියන්න මම දන්නේ නෑ. ඒත් ඔබාගෙ මරණයෙන් පසු ජීවිතය ඔහු පැතූ අයුරින්ම වේවායි පතන්න මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. හෑඃ මොකාද බොල මූ?

      Delete
  33. ජීවිතය මිරිගුවක්
    තණ අගක පිණි බිඳක්
    යන මුනිදු බණ පදය
    ඔබෙ වියොව
    මට කියයි..

    කවට බස් තෙපළමින්
    සැම අතර සිටිය ඔබ
    අපට නොකියම හොරෙන්
    කොහෙද තනියම ගියේ..

    ReplyDelete
  34. හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  35. ඔබා මාමගෙ comment නම් සෑහෙන කියවල තියෙනව. ඒත් අද තමයි blog එක දැක්කෙ.
    ඔබා මාමෙ ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  36. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  37. මිනිස්සු ඉපදෙනව මැරෙනව.ඒත් හදවතින්ම මනුස්සයෙක් කියන්න පුලුවන් කෙනෙක් නැතිවුනාම හිතට ගොඩක් දුකයි..ඔබා මාමගෙ අඩුව පුරවන්න බැරිවෙයි කාලාන්තරේකට.

    ReplyDelete
  38. අපිටත් අයිති නැති අපේ ජීවිතය ඔබා මාමටත් එහෙම විය.

    ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  39. KATHANDARA ME MINISATA AWAMAN KARANNE EI

    ReplyDelete
    Replies
    1. අමන කතා කියන්නේ නැතිව මැරුණ හිත හොඳ "කොල්ලෙක්" වෙනුවෙන් පාඩුවේ දුක බෙදා ගන්න දීපන් ඇනෝ!! ....

      Delete
    2. මේ ඇනෝ නෙවෙයි, "අන්කල්".

      Delete
    3. මේ වගේ ඇනෝ අංකල් කෙනෙක් හින්ද තමයි "තමන් කවුද" කියල කියන්න ඔබාමගෙ මම දැක්ක එකම වේදනාත්මක කමෙන්ට් එක මෙන්න මෙතන දැම්මෙ.

      Delete
    4. @ Ano Uncle:
      මේ මොහොතේ මට ඔබ්සෝවර් වෙනුවෙන් කළ හැකි අවසාන උපහාරය කුමක්දැයි සිතු මට සිතුනේ ඔහු අපව හිනැස්සුවාක් මෙන් අප ද ඒ සිනහව ඉදිරියට ගෙන යා යුතු බවයි.

      මගේ මේ සටහනේ මාතෘකාව "තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද?" යනුවෙන් සැකසුනේ අපේ ඔබාට උපහාර පිණිස හොඳට හිතා බලා ය.

      එය මෙය කියවන සියළු දෙනාම වටහා ගනු ඇතැයි සිතමි.

      Delete
  40. ඔබා අයියාට නිවන් සුව ලැබේවා...

    ReplyDelete
    Replies
    1. නෙදකින් අනුන්ගේ නූගත්කම හූරංකන කාලකන්නියා, උඹේ පුකේ ජෝතිශේට බැරිවුනාද යකෝ ඔබාගේ මාරකේ ගැන කියන්න? තුක්!

      Delete
    2. ජෝතිට බැනලා වැඩක් නෑ. ඔබා මාමා ජෝතිට කේන්දරේ දුන්න කියල මම හිතන්නේ නැහැ. කේන්දරේ නැතුව ජෝතිට මුකුත් කියන්න බැහැනෙ. හැබැයි මාරයාට නම් දෙන්න ඇති සමහරවිට යාළු කමට. එහෙමනම් මාරයා මේ මාරක අපලෙ දැක්කෙ නැත්තෙ මන්ද කියන එක ප්‍රශ්නයක්. දැන් මාරයත් අර සුමනදාස උන්නැහේ වගේ කියයිද දන්නෙ නෑ අපි මේ මාරක අපල ගැන දැක්කට ඒ ගැන කියන්නෙ නෑ කියලා. බලමුකෝ මාරයා දෙන උත්තර.

      Delete
    3. ජෝතිශ්‍යය වේවා, ආයුර්වේදය වේවා, ඉංග්‍රීසි වෙදකම වේවා, ෆෙන්ග්ෂුයි වේවා, මන්තර ගුරුකම් වේවා, කෙම් ක්‍රම වේවා, හෝමියෝපති ක්‍රමය වේවා, යුනානි ක්‍රමය වේවා, බෝධි පූජා වේවා, යාඥා වේවා, මොන මගුල වේවා, කැමති නම් පිළිගන්න එක, අකමැති නම් නොපිළිගන්න එක, තම තමන්ගෙ වැඩක්. පිළිගන්න අය පිළිගනියි. නොපිළිගන්න අය නොපිළිගනියි. තමුන් ජෝතිශ්‍යය පිළිගන්නෙ නැත්නම් ඒ ගැන වද නොවී ඉන්න පුළුවන්. මේ රටේ නීතියක් නැහැනෙ හැමෝම ජෝතිශ්‍යයකාරයො පිටිපස්සෙ යන්නම ඔනෙ කියලා.

      දඹුල්ලෙ මුස්ලිම් පල්ලිය ගැන, මහනුවර ශාන්ත පාවුළු පල්ලිය ගැන පහුගිය දවස් වල බොහොම ලිබරල් අදහස් අහන්න ලැබුනානෙ කැමති කැමති අයට යන්න කැමති කැමති සිද්ධස්ථාන තියෙන්න ඕනෙ කියලා. දැන් බැලුවාම යකෝ ජෝතිශ්‍යයට ඒ නිදහසවත් නෑනෙ. ජෝතිශ්‍යයට එරෙහිව බලෙන් ආධිපත්‍යය පතුරුවන්නනෙ එන්න හදන්නෙ.

      Delete
    4. අනේ ..ගොන් යකුනේ..ජෝතියා මෙතන කමෙන්ට් කරල තියෙන්නේ ඔබා මාමා නැති වෙච්චි එකට කනගාටුව ප්‍රකාශ කරන්න.ජෝතියාලා මාරයලා හොර මගඩියෝ වුනත් නූනත් ඒක මෙතනට අදාළ නෑනේ.උබලා ඔච්චර කියනවානම් මාරයයි ජෝතියයි උබලාට බොරු ජ්‍යොතිෂ අනාවැකි කියලා සල්ලි කඩා ගත්තා කියලා සාක්‍ෂි ඇතිව පෙන්නපල්ලකෝ.මටනම් ජ්‍යොතිෂය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැති වුනත් මේ වගේ තැන්වල උන්ට බනින්න යන්නේ නෑ.ජ්‍යොතිෂ කාරයොත් බ්ලොග් ලියන්න ඕන බන් උබලට ඒව බලන්න බැරිනම් නොබලා හිටපල්ලා.

      Delete
  41. ඔබට නිවන් සුව ඔබා මාෙම්....!

    ReplyDelete
  42. ඔබා අයියගේ මම දැකපු විශේෂම ලක්ෂණය තමයි කොමෙන්ටුවක් දැක්කම ඒ කොමෙන්ටුව හරහා ඒ අයගේ බ්ලොගයන් තියේද බලන එක. ඒ අයව බ්ලොග් කෙරුවාවට උනන්දු කරවන එක ඔබා අයිය කරපු එත් කෂ්ටිය එච්චර නොදැකපු (මම හිතන්නේ) ඉතාම හොඳ වැඩක්...
    කවදාවත් නොදුටු, එහෙත් සොහොයුරෙක් වගේ හිතට සමීප වුනු ඔබා අයියේ... ඔබට නිවන් සුව ලැබේවා....
    (බැරි වෙලාවත් නිවන් දකින එක පොඩ්ඩක් පරක්කු වෙනවා වගේ තේරෙනවා නම් සිංහල බ්ලොග් අවකාශය පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් එහෙම දාල යන්න හොඳේ.. ඕනෙ නම් ආයේ ඔබා බ්ලොග් එක වුනත් පටන් ගන්න බැරිය.. මම කියන්නේ දිව්‍යලෝකේ ඉඳල..)

    ReplyDelete
  43. මේ දක්වා මම දාපු පෝස්ට් වලින් ඔබා මාමා ගැන දාපු පෝස්ට් එකට තමයි මගේ නොවෙන කමෙන්ට්ස් වැඩිම ගානක් වැටුණේ.. ඒත් එක අඩුවක් තියෙනවා. ඒකට ඔබා මාමගේ කමෙන්ට් එකක් නෑ. ආයෙත් එකක් වැටෙන්නෙත් නැහැ.

    මාමා නිවන් දකින්න කලින් ආයෙත් ඇවිත් යාවි කියලා බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete
  44. කකා ගේ තාත්තලාට ණය ගෙවීමේ තියරිය අනුව අප ඒ ණය ගෙවිය යුත්තේ තාත්තලාට නොව දරුවන්ටය. එම කකා තියරිය අනුව ඔබා මාමා අපට ලබාදුන් විනෝදය, ධෛර්‍යය, අවවාද, ආදිය වෙනුවෙන් අප ඔබා මාමාට ඒ ණය ගෙවිය යුත්තේ එම දේවල් අන් අයට ලබාදීමෙනි. නමුත් ඒ සඳහා තිබිය යුතු දක්ශතාවය මට නම් පිහිටා නොමැත. ඉතින් මක්කැයි කොරන්නෙ?

    ReplyDelete
  45. දැන් ඔබා මාමා සමහරුන්ට නම් උන්නත් දාහයි මළත් දාහයි වෙලා වගේ. :-)

    ReplyDelete
  46. සෑහෙන්න දුකයි.පරණ පෝස්ට් කියවද්දි ඔබා මාමා දාපු කොමෙන්ට් දකිනකොට තාම මේ දේ හිතාගන්න බෑ.එදා අවුරුදු උත්සවේදි ඔබා මාමා හිනාවෙවි කතා කරපු විදිය මතක් වෙනවා හැමෝටම එහෙම දැනෙනවා ඇති.... ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  47. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    සුපුරුදු පරිදි ඇනෝලා කීපදෙනෙක් පැමිණ බොර දියේ මාළු බන බව පෙනේ. මම ඔවුනට වෛර නොකරමි. වෙනදා වලියට නොයන එකේ මොකටද අද වලියට යන්නේ. අනික ඔවුන් ලබන්නේද සතුටකි. ඔබ සතුට මගේ සතුටයි.

    තවම හිත සන්සුන් නැත. එනිසා කතන්දර බ්ලොගය නිවරදි ගියර් එකට දමා පදින්නට නොසිතේ. හෙට බදදාට මා කලකට පෙර මුද්‍රිත සඟරාවකට ලියූ ලිපියක් දාන්නට අදහස් කරමි.

    නැවතත් ස්තුතියි.

    ReplyDelete
  48. හමුවන්නට හිටියත් බැරිවිය. කවදාහෝ හමුවෙමු. එතෙක් අයුබෝවන්....සුභ ගමන්!

    ReplyDelete
  49. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    (ඔබ්සවර් මුලින්ම හිටියේ අන්තිම පේලියේ සාමාජිකයෙක් විදියට පස්සේ තමා බ්ලොග් ලියන්න පටන් ගත්තේ)

    ReplyDelete
  50. තන වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. එය ලිව්වේ තන කියාම තමයි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.