Monday 5 March 2012

ආදරේ අද නෙමෙයි හෙට...! - Tomorrow never comes


සාමාන්‍යයෙන් නොකෙරෙන වැඩක් ගැන කියන්නේ "බාලගිරි අද නොවේ හෙට!" කියලානේ. ඕක ඉස්සර ලංකාවේ පොඩි ළමයි ඉන්න සිංහල ගෙවල්වල ලියලා තිබුණාලු! 'බාලගිරි දෝශය' කියන ළමා රෝගය වලක්වා ගන්න කෙමක් විදියටයි එහෙම කරලා තියෙන්නේ.

"ආදරේ අද නෙමෙයි හෙට!" කියන්නේ එහෙම කේස් එකක් නොවෙයි. මෙතන කියවෙන්නේ ඕනෑකමින්ම ලව් එක කල්දාන ට්‍රික් එකක් ගැන නෙමේ.

මේ බලන්නකෝ මේ කයිය කියෝලා!

දිනෙක මතුදා ලොවට හඬගා කියන්නම්
ඔබට මා, ආදරෙයි ඉඳුරා කියන්නම්
එතෙක් අපි ඉමු සැඟවිලා
ලොවේ දෙනෙතින් සැඟවිලා
මගේ කුමරියනේ

ඔබ ඔබේ ලොව, මා මගේ ලොව හිරවුණා
ආදරේ අප කියාගන්නට බැරිවුණා
මේ පවින් ගැලවී, මිදෙන දින ලංවී
හෙට පහන් තරු දිලිසෙනා
මගේ කුමරියනේ

සීත සිසිරය මැද වසන්තය එලැඹිලා
දෙහද පෙම් මල් දෙවන වරටත් පිබිදිලා
ඔබ මගේ වේ නම්, මා ඔබේ වේ නම්
අද දුරින් ඉමු සැඟවිලා
මගේ කුමරියනේ

ඕක නිකංම නිකං කයියක් නෙමේ, ගී පදමාලාවක්. ඇත්තටම කියනවා නං යුග ගීතයක්.

තනුව-හේමාල් ජයවික්‍රම
සංගීතය-විශාරද තුෂාරි එදිරිසිංහ
ගායනය-හේමාල් සහ තුෂාරි

මෙන්න බලන්න යූ ටියුබ් ක්ලිප් එක.



-කතන්දරකාරයා

ප/ලි:
යූ ටියුබ් වීඩියෝව ගායකයා විසින් සකසන ලද්දකි. ඔහුගේ අනෙකුත් ගී ගායනා දුසිමක් පමණ ඔබට ඔහුගේ චැනලය ඔස්සේ නැරඹිය හැක.

(image: http://www.flickr.com/photos/dappers/2242173865/)

35 comments:

  1. අනේ මන්ද මට නම් නිකම් වචන සැට් එකක් විතරයි. මෙහෙව් අයට සංගීතය වෙනුවෙන් කල හැකි කාර්ය භාරය නම් මින් පසු මෙවැනි ගී නොලියා- නොකියා ඉන්න එකයි.

    කතන්දර, මගෙත් එක්ක අමනාප වෙන්න එපා.නවම් මාවත ලියන නවම්ට පුළුවන් මීට වඩා ලස්සනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. තනුව-හේමාල් ජයවික්‍රම
      සංගීතය-විශාරද තුෂාරි එදිරිසිංහ
      ගායනය-හේමාල් සහ තුෂාරි
      මේ ඔක්කොම විස්තර දාලා පද රචනය කාගෙද කියල දැම්මෙ නැත්තෙ ඇයි කියල පේනවනෙ.

      Delete
    2. Composed using raag Bhupali to lyrics done by Rasika Suriyaracchi.

      Kathandara Karaya Anaagena atha !

      Delete
    3. නවම්, නිහාල්ට විරුද්ධව අපහාසෙට නඩු දාන්නද කියල කල්පොනා කොරනවලු...

      Delete
    4. @ නිහාල්

      චකේ...... ! මෙහෙමත් අපහාසයක්, ඇයි දෙයියනේ මගෙ සරම කැඩුවෙ අමුඩයක්වත් නැති වෙලාවෙ. දැං කොහොමෙයි මං මිනිස්සුන්ට බේරෙනෙ. විසේසයෙන්ම ගිණිකණ වැටිච්ච ගෑණු පරාණ ඔලිං.

      Delete
    5. @ ඔබයියා

      අපහාස නඩු විතරක්නම් මදෑ. මේක දැකල මං ලියාගෙන ආපු කවි පේලියත් එහෙම්මම මකල දැම්ම. ඒකට වන්දි නඩුවකුත් දාන්නයි මගෙ හිත !

      Delete
  2. අපොයි! රචනයක් කියවං යනවා වගෙයි!

    ReplyDelete
    Replies
    1. මේ වගේ විලාප තියෙන සින්දු තවත් තියෙනවා මේ යු ට්යුබ් චැනෙල් එක ... මේකත් කතන්දර කාරය ලියපු එකක්
      http://youtu.be/rK96VACs9tc

      Delete
  3. මොන්ටිසෝරිවත් යන්නේ නැති එහා ගෙදර පොඩි එකා හුස්ම අල්ල අල්ල කොලවරි කියනවා මීට වඩා ලස්සනට. මේ ගීතයට සවන් දෙන්නට පෙර ඇවොමින් ටැබ්ලට් එකක් බොන්න කියලා වීඩීයෝවට ඉහලින් දාන්න. ස්තූතියි. අපරාදේ අපේ කාළය

    ReplyDelete
    Replies
    1. මාතලන්... අම්මප කටේ රත්තරන් නගට් එකක් දාන්න ඕනේ.. මට වමනෙට වගේ..

      Delete
    2. වසිලිස්සා5 March 2012 at 16:43

      ++++++++++++++

      Delete
    3. Xander,
      රත්තරං නගට් එහෙම එකෙක්කෙනාගෙ කටේ දාන්න බෑ.....ඒවට කොපිරයිට් තියෙන කට්ටිය ඉන්න බව අමතක නැති වුනාද ?

      Delete
    4. ඔබා මාමා සමාව භාජනේ කොරල මතලන්ට එහෙනම් කොපි රයිට් කරපු ගෝල්ඩ් නගට් එකක් ඔබන්න..

      Delete
  4. මට තේරෙන්නෑ මේ කියන අප්සැට් එක. මේ බලන්නකො.

    ලොවේ හි
    ඈත අනන්තේ පැලක් තුලේ
    නොපෙනී ඇතත් හොරෙන් හැංගීලා
    මගේ දුකත් නොදැනී
    අරං එමී ඔබ
    කැන්දා ඇසිල්ලකින්
    පැමිණී

    ඔබ ඔබේ ලොව
    මා මගේ ලොව හිරවුණා
    ආදරේ අප කියාගන්නට බැරිවුණා
    මේ පවින් ගැලවී
    මිදෙන දින ලංවී
    හෙට පහන් තරු දිලිසෙනා
    මගේ කුමරියනේ

    ReplyDelete
  5. ඇත්තටම මේ සිංදුව ලියලා තියෙන්නේ කවුද?

    ReplyDelete
  6. එළකිරි සහ නල ජලය වගේලූ,,,
    කසාදය අද නොවේ හෙට

    ReplyDelete
  7. අර රෙද්ද ලිහාගෙන නටන සුද්දි අක්කනං මරු...

    ReplyDelete
  8. හ්ම්..කවි මදිවට දැන් සිංදු..හොඳා හොඳා...

    ReplyDelete
  9. යූ ටියුබ් වීඩියෝව ඩිස්ප්ලේ වෙන්නේ නැතෝ.. අනේ මන්දා මට විතරක්ද කියලා

    ReplyDelete
  10. මේ එක සින්දුවක් විතරයිනේ මේ වගේ වැඩකට නැති මුත් ආදර්ශයක් ගන්න පුළුවන් ගීත ඕන තරම් තියෙනවා.කතන්දරට ඒ සින්දු ගැන ඔන්නම් ලිපි ලියන්න පුළුවන් ඇති වෙනකන් ඒත් පලක් නැහැ

    ReplyDelete
  11. // සීත සිසිරය මැද වසන්තය එලැඹිලා
    දෙහද පෙම් මල් දෙවන වරටත් පිබිදිලා
    ඔබ මගේ වේ නම්, මා ඔබේ වේ නම්
    අද දුරින් ඉමු සැඟවිලා
    මගේ කුමරියනේ //

    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා..

    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා..

    -- ආදරේ අද නෙමෙයි හෙට..

    ReplyDelete
  12. මරු....!!!

    ReplyDelete
  13. අති උත්කෘශ්ඨයි! විචිත්‍රයි!

    ReplyDelete
  14. මට නම් මේ ගීයේ වෙන පැත්තක් පේනවා. මේ ලොවට හොරෙන් ආදරේ කරන දෙන්නෙක්. අසම්මත පෙම් කතාවක්ද කවුද දන්නේ? ගීතයේ ලස්සනක් තියනවා.

    තුෂාරි එදිරිසිංහ කියන්නේ කවුද?

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. යූ ටියුබ් ක්ලිප් එක බැලුවෙ මේ දැන්.
    කතන්දර කරල තියෙන බරපතල වරද තමයි, ඒ වගේ තනුවක් දාන්නත් ඒ වගේ කටහඬකින් (අස්ථායී) ගායනා කරන්නත් සිංදුවක් ලියල දීම. මං
    උඩින් කමෙන්ට්
    /
    කළා ‍වගේ පදරචනයේ අවුලක් නෑ (තිබුනත් දැනෙන්නෙත් නෑ) අඩු වශයෙන් වීඩියෝ එක වත් හොඳට තිබුනනං.

    ReplyDelete
  17. ekanam ganna deyak naha

    ReplyDelete
  18. අනේ බුදු අයියෙ තරහා අවසර, මේක ඇත්තටම අවුල් මටනම්. මගෙත් සම්බන්ධයක් ඇතිව කරපු මේ සින්දුව ටිකක් බලන්නකෝ ඔයාට මගේ ටේස්ට් එක තේරෙයි
    http://www.youtube.com/watch?v=qOOl85SQ6UY

    අහින්සක....

    ReplyDelete
    Replies
    1. me sinduwa ahuwa... loweth mal 7 yi !!!

      Delete
  19. හෙනම කැතයි මේ සින්දුව !!!

    ReplyDelete
  20. සියළු දෙනාටම ස්තුතියි.

    දිගටම කතන්දර ගියාට මං මේ ලෝකේ නෙම් වගේ ඉන්නේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.