Wednesday 28 March 2012

සාමා කෙල්ල ගේ ඇස් පෑදූ අම්මා - Raising kids the correct way


අපේ සමහරු ඉන්නවා, සියලු දේම පරිපූර්ණව, ක්‍රමානුකූලව, හැලහැප්පීම්වලින් තොරව, සිද්ධවෙන ලෝකයකයි අපි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ඉන්න.

හීනෙන් නෙමේ ඇත්තටම, හැබැහින්!

පොඩි පොඩි දේවල් රෝං සයිඩ් ගියාම එක්කෝ මේ ගොල්ලන්ට ඒවා පේන්නේ නෑ, නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. සිලෙක්ටිව් බ්ලයින්ඩ්නස් එකක් හෙවත් තෝරාගත් අන්ධභාවයකින් යුතුව.

හැබැයි ඔහොම ඉඳලා, ඉඳලා තමන්ට වඩාත් දැනෙන දෙයක් වැරදිලා ගියාම හොඳ සිහිය සැපත් වෙලා ලෝකේ පෙරළන්න එන තරමට කලබල වෙනවා.

මං මේ කියන්න යන කතන්දරය නම් ඒ තරම්ම භයානක දෙයක් ගැන නෙමේ. පොඩි චූට්ටං එකක්.

සාමා කෙල්ල කියන්නේ අපේ කාලේ කැම්පස් එකේ හිටිය යුවතියක්. මගේ හොඳ යාළුවෙක්.

මතකයිද, අර "මාටින් වික්‍රමසිංහ ගේ ගොළු හදවත" කතන්දරේ? අන්න එයා තමයි සාමා.

ඔන්න සාමා කැම්පස් ගියා කියමුකෝ.

දන්නවනේ ඒ කාලේ සිතුම් පැතුම්. වයස දහනවයයි. උසස් පෙළ හොඳින් පාස්. හොඳම පාඨමාලාව, හොඳම විශ්ව විද්‍යාලයේ කරන්නේ. ඉතිං නිකං මිස් යුනිවර්ස් වුණා හා සමානයි.

ඩිග්‍රියත් හොඳට කරගෙන, සිරා ඉංජියෙක් වෙලා, හොඳ පොරක්වත් අයිති කරගෙන, දැහැමෙන් සෙමෙන් ඉන්න එකයි එකම පැතුම!

ඇත්තම කියනවා නං සාමා කෙල්ල නං ඔය සේරම සිතුම් පැතුම් සාර්ථක කරගෙන දැන් ජයට ඉන්නවා.

ඒ කෙසේ වෙතත් මේ කතන්දරේට සම්බන්ධ ප්‍රධාන සිද්ධිය නං ඒ වගේ සුඛාන්තයක් නෙමේ.

කැම්පස් ගිය සාමා කෙල්ලට මුණ ගැහුණු හොඳම යාළුවා ඔන්න ඒ දවස්වලම පොරක් එක්ක හිච් වුණා. ඒ කියන්නේ සෙම් සබඳතාවක් ඇති කරගත්තා.

නමුත් මේ ලව් කේස් එක, අර මං "බඳින්නමයි ට්‍රයි කළේ" කියන කතන්දරේ කියපු විදියට වැඩි කල් නොගොසින්ම හබක් වුණා!

කොල්ලා කෙල්ලට බූට් දුන්නාද, කෙල්ල කොල්ලාට බූට් දුන්නාද කියන එකඑ ච්චර වැදහත් දෙයක් නෙමේ මෙතනදී. නමුත් ලව් එක ඉවර වුණා. ඒ දෙන්නා දෙපැත්තට වුණා.

තමන් ගේ නොගැලපීම වටහාගෙන දෙන්නෙක් දෙපසට වුණාම, අහක ඉන්න උන්ටත් ඉවසන්න බැරුව යනවානේ. "ඌ හරි මේකි වැරදි", "මේකි හරි ඌ වැරදි" ආකාරයේ කතා බහ වලින් පස්සේ වුණේ අර පොර එක්ක සාමා කෙල්ලත් තරහ බැඳ ගැනීමයි. ඒ එක්කම සාමාට හරිම හිතට අමාරු මේ ලෑන්ඩ් මාක් ලව් එක ඉවර වෙච්ච ඉක්මන ගැනයි.

ඒ සතියේ ගෙදර ගිය සාමා කෙල්ල අම්මාට මේ කතාව විස්තර කරලා කිව්වා.

"බලන්න අම්මී, ඒ බෝයි හරිම නරක කෙනෙක්. මේ විදියට ටික කාලෙකින් සම්බන්ධය නතර කරන්න නං ඇයි යාළු වුනේ නේද?"

"දුවේ, ඔය කියන සම්බන්ධය කොච්චර කල් තිබුණද?"

"මාස තුනක් විතරම තිබුණානේ අම්මී."

"ඉතිං දුවේ, ඔය මාස තුනක ලව් අෆෙයාර් එකක් කැඩුණු එක ගැන පුදුම වෙලා දුක්වෙන එක තේරුමක් තියෙනවායැ? මේ කසාද බැඳලා අවුරුදු ගණං ගිය අයත් දික්කසාද වෙන්නේ ඕනෑ තරම්! එහෙම තත්වයකට යන්නේ නැතුව ඕක ඔතනින් නතරවුණු එක වඩා හොඳයි නේද?"

දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලෝකය ගැන යථාර්ථය කියලා දෙන්න ඕනෑ අන්න එහෙමයි!

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ළමයි ටිකක් ලොකු වෙනකං ඉන්න.

නැත්තං මිනීමැරුම්, පැහැර ගැනීම්, හොරකම්, දූෂණ, වංචා සහ අපි සුදනෝ දේශප්‍රේමය වගේ දේවල් වලින් ළමයින් ගේ සිහි විකල් වෙයි.

(image: http://vintageholidaycrafts.com/vintage-art-cats/)

71 comments:

  1. //දන්නවනේ ඒ කාලේ සිතුම් පැතුම්. වයස දහනවයයි. උසස් පෙළ හොඳින් පාස්. හොඳම පාඨමාලාව, හොඳම විශ්ව විද්‍යාලයේ කරන්නේ. ඉතිං නිකං මිස් යුනිවර්ස් වුණා හා සමානයි.//

    හපොයි ලංකාවේ යුනිවර්සිටි යන්ට අවුරුදු දහනවය වෙනකල් ඉන්ට ඕනිද?:D:D:D

    ReplyDelete
    Replies
    1. සමහර කාල තිබ්බා යුනි යන්න වයස 25 විතර වෙනකං ඉන්න වුන.. 19 මොකද්ද.. :)

      Delete
    2. හෑ...

      19 හොඳයිනෙ... උ.පෙ. කරන්නත් කලින්නෙ 19 පනින්නෙ.. දෙතුන්පාර කරලා රිසල්ට් ඇවිල්ලා ඉවර වෙලා 22නුත් කැම්පස් යන්නෙ..

      තව අවුරුද්දක් දෙකක් නොලියා ඉඳලා යනවුන් ඔයිටත් වඩා නාකීනෙ..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
  2. අනෙක ඇත්තටම 'ගොලු හදවත ' ලීවේ මාර්ටින් වික්‍රමසිංහද? මම හෙව්වා. හෙව්වා. හෙව්වා. එයා එහෙම පොතක් ලියලා නෑ.

    හී හී හී හී....

    ReplyDelete
    Replies
    1. ගොලු හදවත ලිවුවෙ මාටින් නෙවේ, පියදාස සිරිසේන (ඔය කකා කියන බොරු විශ්වාස කරන්න එපා)..

      Delete
    2. බම්බුව ගොලු හදවත ලියුවෙ W.A. සිල්වා

      Delete
    3. මං නම් කියන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල... :D

      Delete
    4. ne anee.. Sujeewa Prasanna arachchi

      Delete
    5. හෑ මාටින් වික්‍රමසිංහත් ගොළු හදවත ලීවද ?:D

      Delete
    6. හපෝයි මෙහෙමත් බොරු. ගොළු හදවත කියන්නෙ පරිවර්තනයක්නේ. ඒක ලිව්වෙ ගී ද මෝපසාං.

      Delete
    7. මම හිතුවේ කතන්දර ලිව්ව පොතක් කියල

      Delete
    8. බොරු කාරයින්ගෙ තරම! ගොලු හදවත කියලා පොතක් කව්රුත් ලියලා නෑ. ඒක හිතලුවක්!

      Delete
    9. ඒ පොත මාර්ටින් වික්‍රමසිංහ ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න පොතක්.

      Delete
    10. ගොළු හදවත... ??? එහෙම එකක මම දන්නෙ නෑ ______ හාට් Piercing...✿•*`¨" කියල ඉස්සරහට පොතක් එන්නනං තියෙනව.... පහල ලින්ක් එකෙන් බලාගත ඇහැකි

      http://mamaiarui.blogspot.com/search/label/%E0%B7%84%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%20%20Piercing...%E2%9C%BF%E2%80%A2*%60%C2%A8

      Delete
    11. ගොළු හදවත ලිව්වේ ගොලුවෙක් බොලව් !

      Delete
    12. ඕගොල්ල ඔක්කොටම සාමාන්‍ය දැනීම නැහැ. ගොළු හදවත කියන්නේ, මෙඩිකල් කොලේජ් එකේ ළමයින්ට විෂය නිර්දේශයේ තියෙන පොතක්. හදවත ආශ්‍රිත රෝග ගැන තියෙන්නේ. ඒක ලියල තියෙන්නේ සිධ්ධාලේප වෙද මහත්තය.

      Delete
  3. අද මම එක, දෙක, සහ තුන...:)))

    ReplyDelete
    Replies
    1. අද මම එකහමාර, දෙකහමාර සහ තුනහමාර... :P

      Delete
  4. කොහොමත් අම්මලා දන්නවා වැඩියිනෙ

    ReplyDelete
  5. අවුරුදු ගණන් තිබුන පෙම්සබධතා , කසාද බැදල මාස දෙක තුනෙන් අහවර වෙන අවස්ථාත් මම දැකල තියෙනවා.ඉස්සර වගේ නෙමෙයි දැන් කාලේ ගෙවල් වලිනුත් පෙස්සම්බන්ධතා හුට පට වලට වැඩි විරෝධයක් නැහැ නේ.

    ReplyDelete
  6. U stupid bloggers! "Golu Hadawatha" was written by Mr. Karunasena Jayalath

    ReplyDelete
    Replies
    1. haha... u have no idea...
      Its written by Sujeewa Prasanna Arachchi.

      Delete
    2. @ Ano Mar 27, 2012 07:17 PM,

      You kidding..!! So far I was thinking Mr. Jayalath wrote "Golu Muhuda", not "Golu Hadawatha".. Many thanks for enlightening me.. :)

      Delete
    3. @Buratheno, Then do you know by whom the "Mahalla saha muhuda" was written? (W.Werawansa knows.):-)

      Delete
    4. @Anonymous Mar 27, 2012 07:17 PM, have you read that post before comment here?

      Delete
    5. @Bura,

      Oh!! ‘Golu Muhuda’!!! I have read that story. A gripping tale, a powerful story of female suffering . :)))

      I thought it was written by Mr. Jayalath as well….:((

      Delete
    6. Why everybody talk about "Golu muhuda"? What about "Mahalla saha muhuda"?Anybody knows who wrote that?(Hit:Mr.WW knows)

      Delete
    7. සහ් . . . ඇනෝ කට්ටියට එන්ලයිට් දාල දීල

      Delete
    8. ඇනෝලටත් මාර දැනුමක් නේද තියෙන්නෙ?
      අර පාඨශාලා පරීක්ෂකගෙ කතාව මතක් වුනා.

      Delete
    9. @ ජයශ්‍රී,

      "මහල්ලා සහ මුහුද" කියන්නෙ අපේ මුහුදු කොල්ලකාරයා ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න කතාවක් නේ..!! :)

      Delete
    10. මුහුදු ඒ පොත ලියනකොට මහල්ලා මියගිහින්, මූදත් ගොඩවෙලා ඉවරවෙන හන්දා පොතේ නම 'මුහුදු සහ ගොඩබිම' කියලා වෙනස්වෙනවලු. :)))

      Delete
    11. මං "හිතන්නේ තරුණයා සහ ගොඩබිම" නේද?

      Delete
    12. ගොඩබිමත් හලල මම ඉන්නෙ'තරුණයා සහ තරුණිය' කියල පොතක් ලියන්න.

      Delete
  7. සාමා ගේ අම්මා වගේ අම්මලා හරි අඩුයි...

    ReplyDelete
  8. ඒ ආදර්ශය නම් බොහොම හොඳයි.. අපේ බුට් කාල අඬ අඬා ඉන්න ගොබිලන්ට කැකුලියන්ට... මොකටෙයි පෙරකදෝරුවෝ පෝසත් කරන්නේ ? මොකටෙයි ලිහන්න බැඳලා අපේ පොකට් වලට තට්ටු කරන්නේ ?

    ReplyDelete
  9. සාමා කුලියට තරහ වෙලානේ . මොනවා වුනත් කකාගේහොඳ යාලුවෙක් සාමා. නැත්නම් සාමගේ ගෙදර වෙන ඒවත් කියයිද . දැන් සාමයි අමරයි සතුටින් නම් ඒ මදැයි

    ReplyDelete
  10. //"ඌ හරි මේකි වැරදි", "මේකි හරි ඌ වැරදි" //

    අපෝ පිස්සුද, කොයි වෙලාවෙත් 'මේකි හරි, ඌ තමා වැරදි'. බොරු නං ඔය කෙල්ලෙක් ගෙන් අහල බලන්ඩකො

    ReplyDelete
    Replies
    1. බොරු නම් ඔය වලව්වෙ ඇත්තිගෙන් අහල බලන්න.

      Delete
  11. || දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලෝකය ගැන යථාර්ථය කියලා දෙන්න ඕනෑ අන්න එහෙමයි!||

    සහතික ඇත්ත..!!

    ReplyDelete
  12. සාමාගේ අම්මා සාමාට කියපු දේ, කකා බලාගෙන හිටියා වගේ කියන අපූරුව හැබෑට...

    ReplyDelete
  13. සාමාගේ කතාවේ අමර නැද්ද....:D

    සාමාගේ අම්මා කියපු දේ ඇත්ත.මම දන්න දෙන්නෙක් විවාහ වෙලා අවුරුදු 19 කට පස්සේ වෙන් වුනා.හේතුව පිරිමි කෙනාට ගෑනු ළමයෙක්ගෙන් කෝල් එකක් ආපු එක..

    ඇත්තටම ගොලුහදවත කියන පොත් ලිව්වේ ලියෝ තොල්ස්තෝයි..ඒකේ පරිවර්ථ්නය කරේ මාර්ටින් වික්‍රමසිංහ :D..

    ReplyDelete
    Replies
    1. ඔයාට වැරදිලා ඒක පරිවර්ථනය කරලතියෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ නෙවෙයි පියදාස සිරිසේනනේ :D

      Delete
    2. පිස්සු.. ශිහාන් මිහිරංග අයියා ඒක කලා කියලා තමයි පොත පතේ තියෙන්නේ ( තිත් දෙකයි ඩී )

      Delete
  14. අර උඩ හිටිය Anno with sense of humor කිව්වා වගෙ මුන් ඔක්කොම stupid bloggersලා. යකුනේ ගොලුහදවත ලිව්වෙ ඇල්බට් අයින්ස්ටයින්. සිංහලට පරිවර්තනය කලේ අයිසෙක් නිව්ටන්.තිතුත් නෑ ඩීත් නෑ මම ෆුල් සිරා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ්, උඹ දන්නවද පියදාස සිරිසේන ලියපු පොතක් තිබ්බා "අපට වෙච්චි දේ" කියලා.. අපි මේ දවස්වල හොයාගෙන යනවා "පොතට වෙච්චි දේ" මොකද්ද කියලා..

      Delete
  15. ගොලු හදවත ලිවුවෙ ආර්. ප්‍රේමදාස නෙමෙයිද එතකොට ???

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස කොහෙද බං පොත් ලිවුවෙ..!!?? බුවා සිංදු කියපු පොරක් නේද..??

      Delete
    2. මෑන් පොත් ලියෙව්වා. සිංදු ලියෙව්වා. පොත් පෙරලුවා. පොත් කියවන එක විතරයි නොකළෙ.

      Delete
    3. ඈ..මම හිතුවේ ආර්.ප්‍රේමදාස කියන්නේ ඉස්සර හිටපු ගායකයෙක් කියලනේ..:D

      Delete
    4. @ ට්‍රැෆික් ඇනෝ,

      මොකද බොලේ එයා පොත්-පත් කියෙවුවෙ නෑ කියන්නෙ..!!?? අලුත්කඩේ උසාවියෙන් වීසිකරපු නඩු වාර්තා කියවලා තමා එයා නීතිය ඉගෙනගෙන තියෙන්නෙ.. ;)

      Delete
  16. මේ ළමයින්ගෙ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි. අදවත් දැනගන්න ගොලු හදවත කියන්නෙ ඉස්සර New York Times එකෙ කොටස් වශයෙන් ගිය වාර්තාමය කෙටි කතා එකතුවක්. ඒකෙ ලියලා තියෙන්නෙ කර්නල් ගඩා‍ෆි ට වෙඩි තියන්න යන වෙලාවෙ එයාගෙ හදවතට දැනුන හැඟීම් ගැන ලු

    ReplyDelete
    Replies
    1. ඔය පොතෙන් තමයි “දිල්” කියන හින්දි ෆිල්ම් එක ගැහුවෙ.

      Delete
    2. ඔව්,"මෙරා දිල් බී කිතනා පාගල් හේ" කියන සිංදුව තියෙන්නෙත් ඕකෙනේ. :-)

      Delete
    3. දිල්තෝ පාගල් හේ . . . . :ඩී

      Delete
  17. ඇයි අර ‍බණ පොතේ තියෙන්නෙ අනුරුද්ධ කුමාරයා පිඟානෙන් බත් උපදිනවයි කියල හිතාගෙන හිටිය කියල. ඉතින් අද කාලෙ අය හැම දෙයක්ම නියමාකාරයෙන් වෙනව කියල හිතාගෙන ඉන්න එක ගැන වරදක් කියන්න පුළුවනියැ. සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දකිනකන්ම හිතාගෙන ඉඳල තියෙන්නෙත් හැම දෙයක්ම නියමාකාරයෙන් වෙනව කියල වෙන්නත් ඇති.

    ReplyDelete
  18. @KK, what was the inappropriate content of my previous comments? Why that were not published?

    ReplyDelete
    Replies
    1. Two of your comments were there in the SPAM folder and I just released them.

      Day before yesterday there were six comments in SPAM folder collected over a week or so.

      Sorry this is out of my control.

      Delete
  19. අන්න නියම උපදෙස්.. අද සමහර තැන් වලනම් වෙන්නේ ඕක නෙමෙයිනේ...

    ReplyDelete
  20. ගොළු හදවත ලිව්වේ කරුණාරත්න දිවුල්ගණේ නේද

    ReplyDelete
    Replies
    1. නෑ කරුණාරත්න දිවුල්ගහේ...

      Delete
  21. පූසන්ගෙ පින්තූරයක් මොකෝ මේකට ?

    ReplyDelete
  22. ගොලු හදවත් කියන්නෙනං අජිත් අමුතුකුමාරණ

    ReplyDelete
  23. මම නම් කියන්නේ ඒ ආදර්ශය හොඳයි....ගැලපෙන්නේ නැත්තම් වෙන් වෙන්න ඕනේ....කතා දෙකක් නෑ.... :)

    ReplyDelete
  24. අම්මලා කවදත් හරිනේ :)

    ReplyDelete
  25. මම හදිස්සියෙ දුවගෙන ආවා.. 'සාමා' කියන එක දැක්කේ 'සෑමා' වගේ

    ReplyDelete
  26. පුදුම ආතල් එකක්නේ කස්ටිය අරං තියෙන්නෙ. කකාට පිං සිද්ධ වෙනව. ;-)

    ReplyDelete
  27. වැඩේ කියන්නෙ කසූ බීට්ල්ස්ලා ඔය කතාව දැනගෙන තිබුනේ මීට අවුරුදු බර ගාණකට කලින්. මේ යූ බටේ තියෙන මියුසික් වීඩියෝ එක බලන්න.

    (හැබැයි ඔන්න බීට්ල්ස්ලා සිරාම ගායක කණ්ඩායමක් උනාට ඒ ගොල්ලන්ට හොඳට නටන්න බෑ කියලත් මේකෙන්ම පේනවා. හැබැයි ඒගොල්ලො තමයි ලෝකෙ මුලින්ම මියුසික් වීඩියෝ එකක් කලෙත් )

    http://www.youtube.com/watch?v=GIlb-I38o9k

    ReplyDelete
  28. පෝස්ටුවට වඩා කියෙව්වෙ කමෙන්ටු ටික...නිකන් පිස්සු වගේ :පී

    ReplyDelete
  29. (මම සාමාණ්‍යයෙන් මාසෙකට සැරයක් විතර ඇවිල්ල පහුගිය මාසෙ කතන්දර ටික එක පාරකට කියවල දානව. ඒ හින්ද අදයි මේක දැක්කෙ.)

    "ඔන්න සාමා කැම්පස් ගියා කියමුකෝ. ... හොඳම පාඨමාලාව, හොඳම විශ්ව විද්‍යාලයේ කරන්නේ."

    එතකොට කකා පේරදෙනියෙ ඉඳල කොහොමද සාමාව හොඳට අඳුරන්නෙ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.