Sunday 11 March 2012

ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo


මොබයිල් ෆෝන් ලංකාවට ආපු කාලේ මට මතකයි, අපේ මස්සිනා ගඩොල් භාගයක් අරං එහෙ මෙහේ ගිය හැටි. ගෙදරකට ගොඩ වැදුණු ගමං පොර කරන්නේ ෆෝන් එක චාජ් කරන දාන එකයි. වාහන පදවන කොට ෆෝන් පාවිච්චි කරන්න එපාය කියලා නීති තිබුණෙත් නෑ ඒ කාලේ.

දැන් නං ඉතිං අපි කාගේ අතේ පොඩි හුරුබුහුටි ෆෝන් තියෙනවානේ. යන යන තැන ඕක සාක්කුවේ දාගෙන ගියේ නැත්තං අත කැඩුණා වාගේ තමයි.

ගෙදරදී කෙසේ වෙතත් ඔෆීසියේ දී නං ඉතිං ෆෝන් එක තියෙන්නේ කලිසං සාක්කුවේ නිසා, දවසට දෙතුන් පාරක් චූ කරන්න, ඉඳලා හිටලා දවසක කක්කි කරන්න හෙම ටොයිලට් එකට යනකොටත් ෆෝන් එකත් අපිත් එක්ක යනවා.

එහෙව් වෙලාවක කෝල් එකක් හෙම ආවොත් මංතුමා නං කරන්නේ කෙලින්ම සයිලන්ස් මෝඩ් එකට දාන එකයි රිං ටෝන් සද්දේ නොඇසෙන්න.

ඒකටත් එක්ක සමහරු ටොයිලට් එකේදී එන කෝල්ස්වලට උත්තර දෙනවා විතරක් නෙමේ, තමන් කෝල්ස් ගන්නවාලු, එස් එම් එස් අරිනවාලු, ෆේස් බුක්, ට්විටර් යනාදී මෙකී නොකී සමාජජාල වැඩ කටයුතුත් නොඅඩුව කරනවාලු!

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීක්‍ෂණයකින් හොයාගෙන තියෙන්නේ, ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් භාවිතාකරන අය තමයි මේ වැඩේ වැඩිපුර කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ ෆෝන් දෙවර්ගය තමයි වැඩිපුරම "ටොයිලට්-ෆ්‍රෙන්ඩ්ලි"!

මෙන්න මං බලපු නිවුස් අයිටම් එක.


වැඩි විස්තර මෙතනින්.
http://www.mobileburn.com/18411/news/bathroom-time-means-mobile-phone-time-for-many-users

කෝල් කරන කොට අනිත් පැත්තේ ඉන්න උංට මොන මොන සද්ද බද්ද ඇහෙනවා ඇද්ද? මට මතක් වුනේ අර ට්‍රැක්ටරයේ කතන්දරයයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සහ දැනුම් සාගරේ ඒකාබද්ධ කතන්දරය ලියන වෙලේ මට මුලින්ම හිතුනේ මේ විදියට මොබයිල් ෆෝන් එකේ වැඩ කරන්න කක්කුස්සියට යන්නේ කොයිවගේ උන්ද මන්දා කියලයි.

පස්සෙයි මතක්වුනේ, නවකතා පොත්, පත්තර අරගෙන කක්කුස්සි යන පිරිසකුත් ඉන්නවා නේද කියලා!

ප/ප/ලි:
ඇයි, කක්කුස්සියේ සිට පෙම් හසුන් ලියන අය?

(image: http://www.worldofstock.com/stock_photos/HUM1122.php)

47 comments:

  1. ඔය ඔක්කොටම යන අතරේ සමහර අය කක්කා කරන්නත් චූ කරන්නත් යනවා.

    ReplyDelete
  2. වසිලිස්සා11 March 2012 at 12:47

    අපේ සීයාත් ඉස්සර පත්තරයක් අරන් තමයි ටොයිලට් යන්නේ කියල අපේ අම්මා මට කියල තියෙනවා.වැඩේ ඉවර උනත් පත්තරේ කියවන්න සැහෙන වෙලාවක් ගියොත් පෝලිමේ ඉන්න අනෙක් අයට අබ සරණයි :)
    මට හිතාගන්න බැරි එතකොට නිදහසේ තමන් ගිය වැඩේ කරගෙන එන්නේ කොහොමද කියල :D

    ReplyDelete
  3. හත් දෙයියනේ ඒ වැඩේවත් නිදහසේ නිස්කලංකේ කරගන්න ඕනේ නේද ?

    මම නම් බාත් රූම් එකේ නනා හිටියත් ටොයිලට් එකේ හිටියත් ෆෝන් එකට කවුරු කී පාරක් කතා කලත් ඇහුණේ නැහැ වගේ ඉදලා ආපු වැඩේ නිදහසේ කරගෙන තමයි යන්නේ.

    ඒ වගේමයි ටොයිලට් යද්දී ඕවා ගෙනියන්නේම නැහැ. තමන්ගේ නිදහස තමන්ම සීමා කරගැනීමක් තමා ඕක නම්

    ReplyDelete
  4. සමහර කසාඳ බැඳපු එවුවො නම් ජංගම දුරකථනය වැසිකිලියටත් අරන් යන්නේ ඇයි දෝ මන්දා....

    ReplyDelete
    Replies
    1. කසාද බැඳපු එවුංට හොර ගෑණුන්ගෙන් එන කෝල් ආන්සර් කරන්නෙ කොහෙ ඉඳලද එහෙම නැත්තං ?

      Delete
    2. ඒ හංදා කොච්චර වතුර නාස්ති වෙනවද? කතා කරලා අහවර වෙනකල් ෂවර් එක ඇරලනේ......

      Delete
    3. හොඳ අත්දැකීම් තියනවනේ. :D

      Delete
    4. අපි වගේ ගෙදරට සිග්නල් නැති කනෙක්ෂන් එකක් ගත්තනං . . ගෙදර සාමෙත් බේරිල, ටෙලිපෝන් බිලත් බේරිල, වතුර නාස්තියත් අඩුවෙලා, සාමෙන් බොගත් දාල, හෘදයාබාද අවදානමත් අඩු කරගෙන . . . .

      Delete
    5. නොදන්නවා වගේ අහන හැටි.

      Delete
  5. ටොයිලට් ගිහිල්ල ඕව කරනකොට ඒකට යන වැඩේ කරගන්නෙ කොයි වෙලාවෙද?
    ඇතුලෙ ඉඳගෙන ඕව ඔබ ඔබ ඉන්නකොට කැමරාව ඔන් වෙලා අනික් පැත්තෙ ඉන්න එකාට වෙන දේවල් පෙනුනොත් තමයි හොඳ.

    ReplyDelete
  6. සමහරු දාලා ෆ්ලෂ් කරනව නොවැ පෝං එකත් !

    ReplyDelete
  7. මම නම් එක දවසයි පෝන් එක අරන් ටොයිලට් ගියේ,එදා මට ඕක ගොඩක් උපකාරි උනා,ටොයිලට් එකේ ලයිට් ගියා නොකියා පෝං වල ඉස්සර ටෝච් එකක් තිබුනා නේ

    ReplyDelete
    Replies
    1. ඩිලා,
      ඔච්චර වයසට ගිහිල්ලත් තාම බැරිද කරුවලේ පුක හොයාගන්න ??

      Delete
    2. දීපංකො උත්තර!..

      Delete
    3. හික්ස් බොලාලත් බලන්නෙම කොහෙන් හරි පොටක් හොයා ගන්න,පුක ලෑන්ඩ් කරන තැන බන් හොයන්න අමාරු උනේ

      Delete
  8. ටොයිලට් යද්දි සැල් එක ගෙනිහිං කතා කරද්දි අනිත් පාර්ශවේට මොන මොන සද්ද ඇහෙනව ඇද්ද ??? මට නිකමට වගේ මතක් උනේ 90 ගනන් වල මුල් කාලෙ නුගේගොඩ සසෙක්ස් එකේ සර් කෙනෙක් එෆ් එම් මයික් එක ඔන් කරගෙනම ටොයිලට් ගිහිං වෙච්ච හරිය . . . ළමයි දෙදාහක් විතර සර්ගෙ සද්ද බද්ද අහං හිටිය

    ReplyDelete
  9. බැරි වෙලාවත් පෝන් එක අතෑරුණොතේ තමා සොට් එක හම්බුවෙන්නේ.....

    ReplyDelete
  10. කවුද බොලවු ටොයිලට් එකේ ඉඳන් පොත් පත්තර බලන උන්ට අනං මනං කියන උං? ලෝකෙන් නිදහස්ම තැන.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. සද්දේ ඇහෙන්න සිංදු කියන අයත් ඉන්නවනේ... ටොයිලට් වලට වෙලා...

    ReplyDelete
  12. ඔවු ඉතින් ඕනෙ දෙයක් කරන්න පුලුවන් කොමඩ් කක්කුස්සි තියන උදවියට . ඒත් නිකමට වත් හිතලා බැලුවද වල කක්කුස්සි තියන මිනිස්සු ඔය ෆෝන් තියා අත් ඔරලෝසුවක් වත් කක්කුස්සියට ගෙනියන්න බය විත්තිය . අප්පෝ මම නම් වැරදීමකින් වත් අපේ ගෙදර කක්කුස්සියට ෆෝන් අත් ඔරලෝසු ගෙනියන්නේ නෑ .. වැරදිලාවත් වලට වැටුනෝතින් ආයේ මරියානා ආදෙට වැටුනා වාගේ තමයි

    ReplyDelete
    Replies
    1. බීච් එකේ හරි, රේල් පාරෙ හරි, පඳුරු අස්සෙ හරි කක්කි දාන එවුං තමයි ගොඩක්ම වාසනාවන්ත ඒ අතින් බලපුවහම.

      Delete
  13. මටත් තියෙන පුරුද්දක් තමා ඕක.

    ReplyDelete
  14. අනේ මොකටද බොරු කියන්නේ කොටින්ම මට නම් මේ ලෙඩේ තදට තියෙනවා.
    උදේට නැගිට්ට ගමන් බාත් රූම් යනකොට ෆෝන් එක නොගිනිච්චොත් බ්ලොග් කියවන්නවත් ෆේස් බූක් යන්නවත් මේල් බලන්නවත් වෙන්නේ නෑ. අනික ඉතින් මම උදේට වැඩට යන්න පැය දෙකකට විතර කලින් අවදි වෙලත් වැඩට යන්නේ හැමදාම පරක්කු වෙලා මේ හින්දා..... හික්ස්...

    ඇයි ඉතින් අර උවමනාවට යන එක නම් විනාඩියයි දෙකයි ඒත් එතන තමයි මගේ රිලැක්ස් වෙන ප්ලේස් එක. දවසේ වැඩ අනම් මනම් ඔක්කොම ප්ලෑන් කරන්න කැලන්ඩර් අප්ඩේට් කරන්න ඇපොයින්මන්ට් චෙක් කරන්න ඔය අස්සේ සෝසල් නෙට්වර්ක් නොයා කොහොමද? අනේ නාන්න විනාඩි පහලොවක් තියලා තමයි මේ දේවල් ඉවර කරගන්නේ. (මම නම් පොතුත් කියවනවා ඔය අස්සේ.) උදේට පැයක් වෙන්කරනවා මම ඒ ටිකට විතරක්ම. ඔය අස්සේ හිටි ගමන් චැට් කරනවත් එක්ක. එක දවසක් දත් මදින්නත් අමතක වෙලා වැඩට ගියා ඔහොම චැට් එකක් අස්සේ. හික්ස්.
    තව එක දවසක් කිරි ටෝයියෙක් වගේ අළුත්ම අළුත් ටච් ෆෝන් එකකුත් කොමෝඩ් එකට වැටුනා. ඒ වුනාට අපි නම් අතාරියි අපේ පුරුදු. හික්ස්....

    ReplyDelete
    Replies
    1. අයියෝ ටොයිලට් එක බ්ලොක් වෙච්ච එක හදාගන්න සෑහෙන කට්ටක් කන්න ඇති.

      Delete
    2. එහෙම උනේ නෑ. ඉක්මනින්ම ආපහු ඒක ගත්තා. හොඳ වෙලාවට හෙයා ඩ්‍රයර් එකටයි අව්වටයි පින් සිද්ද වෙන්න ෆෝන් එකත් බේර ගත්තා. ඒ වුනාට මගේ යාළුවෝ තාමත් මට හිනා වෙනවා ඒක මතක් කරලා....

      Delete
    3. රංගි උඹව සෙට් වෙච්චි වෙලාවක බැරි වෙලාවත් උඹේ ෆෝන් එක නම් අල්ලන්නේ නෑමයි . . ඊයා . .

      Delete
    4. nihal gurusinha12 March 2012 at 05:12

      මට 100% ෂුවර් ඔයා කසාද බැඳල නෑ කියල

      Delete
  15. ඔය පරණ මොඩ්ල් එකේ මොබයිල් ෆෝන් වලට මම තවමත් කැමති. මොකද කියනවා නං , හදිසියකදී දෙන්න පුළුවන් කාගෙ හරි ඔලුවක් පැලෙන්න.
    සෙල් එකත් අරන් ටොයිලට් යන වැඩේ මමත් කරනවා. දවසක් අපෙ එක්කෙනා අහනව " කොහෙද අනේ ඔයා ඉන්නෙ,බීච් එකේද ?" කියල. එයාට ෆ්ලෂ් කරන සද්දෙ ඇහිල. :)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇත්තටම බීච් එකේ නේද හිටියෙ ???

      Delete
  16. ටොයිලට් එකේ ඉඳගෙන කෝල්ස් ගන්න එක කෙසේ වෙතත්, කෝල්ස් ආන්සර් කරන එකයි, එස් එම් එස් වලට රිප්ලයි කරන එකයි මාත් කරනවා, වැඩි වෙලාවක් ගතවෙන නම්බර් ටූ වගේ වැඩක් කරන වෙලාවට.
    චූ කරන එකනම් තත්පර ගානකින් එළියට එන්න පුළුවන් වැඩක්නෙ.
    එක දවසක් මට කෝල් කරපු එකෙක් අහනවා, “මචං දෝංකාරෙ වගේ ඇහෙන්නෙ, උඹ කොහෙද ඉන්නෙ?”
    මං ඇහුව “ඇයි යකෝ උඹට නහයක් නැද්ද, මං ඉන්න තැන තේ‍රුං ගන්න බැරි?” කියල. ඒත් ඒකා ටියුබ් ලයිට කාරයෙක්.

    ReplyDelete
  17. හ හා හිතන දුරක්‌ කට්‌ටිය.

    ReplyDelete
  18. පොත් අරන් ටොයිලට් යන ලිස්ට් එකට වැටෙන එකෙක් තමා මේ ත් . . හික්ස්

    ReplyDelete
  19. ටොයිලට් එකේ ඉඳන් මල් කඩලා නැතෙයි?

    ReplyDelete
  20. හි හී මටත් තියෙනව නොවැ ඔය අද්දැකීම මගේ ප්‍රේම වෘතාන්තය පටන් ගත්ත මුල් කාලේ. ඕක ගෙදරින් දැනගන්න කලින් මටත් ඉතින් බාත් රූම් එකේ පිහිට තමා.ඒ කාලේ ෆෝන් එක අතින් අත අරින්නෙ නෑ. මොන වැඩේට ගියත් ෆෝන් එක අතේ.

    ReplyDelete
  21. කාලෙකට උඩදී මමත් ලිව්වා ඔයවගේ ටොයිලට් ෆොන් කතාවක්..
    http://sameerausa.wordpress.com/2010/03/27/wonderful-mobile-that-i-had/

    කොහොම උනත් ඔෆිස් එකක තියෙන නිස්කලංකම තැන ඕක තමයි..

    ReplyDelete
  22. මටනං හදිසියෙ ඔය වෙලාවට කෝල් එකක් ආවොත් මළ පනිනව. ඇයි හත්දෙයියනේ මුන්ට කෝල් එකක් දෙන්න වෙන වෙලාවක් නැද්ද!

    ReplyDelete
    Replies
    1. ඉස්සර Nokia 1100 යුගයේ නම් කට්ටිය මොබයිල් එක අරන් වැසිකිලි යන්නෙ නයි පටවන්න.
      ඒ කිව්වෙ අර classic game එක... Snake. ;)

      Delete
  23. මගේ යාළුවෙක්ගේ ගෙදර ටොයිලට් එකේ පොඩි බූක් ෂෙල්ෆ් එකක් තියනවා කොමොඩ් එක ලඟ. ඒ ඒ මූඩ් එකට හරියන පොත් පත් සඟරා යහමින් තියනවා. ලූස් මෝෂන් වලට, ටයිට් මෝෂන් වලට ගැලපෙන.

    ReplyDelete
  24. ඔ්කට ගිහින් රෙන එවුන් එතකොට ඇත්තෙම නැද්ද...?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.