Wednesday 21 March 2012

ඔෆීසියේ දී දුටු යුවතිය - Girl at the office


මං පේරාදෙනියෙන් අවුට් වෙලා දෙවෙනි ජොබ් එකට ගියේ කොළඹ ලොකු කොම්පැනියකටයි. මෙතන හිටිය හැමෝම ලොකු මැනේජර්ස් ලා. කොම්පැනියේ තිබුණු විවිධ බිස්නස් දහ පාලොස් ගාණක මැනේජ්මන්ට් සර්විසස් තමයි මෙතන ජොබ් එක.

ඉතිං මාත් ගියේ අත් දිග කමිසයක් ඇඳලා, ටයි එකකුත් දාලායි.

ඒ දවස්වල මට ටයි දෙකක් ම තිබුණා. පස්සේ පඩි ලැබුණාම තව එකක් ගත්තා!

උදේ පාන්දර හයාමාරට වගේ මං ගෙදරින් පිටත් වෙනවා, හැබැයි කමිසේ අත් නවාගෙන ටයි පොල්ල නවලා සාක්කුවේ දාගෙනයි යන්නේ. ඔෆීසියට ගිය ගමන්ම කරන්නේ ටොයිලට්ස් ලොබියේ කණ්ණාඩියකින් බලාගෙන ටයි පොල්ල බෙල්ලේ එල්ලාගන්න එකයි. ඒ වෙලාවට අපි වගේ කොල්ලෝ කී දෙනෙක්ම එතන ටයි බඳිනවා.

අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ, ඊලඟට ෂර්ට් එකේ අත දිග ඇරලා බොත්තං දාගන්නවා.

ආපහු ගෙදර එන වෙලාවට ටයි එක ගලෝලා සාක්කුවේ දාගෙන, ෂර්ට් අත් නවාගෙන තමයි බස් එකට නගින්නේ. ඒකට හේතුව තමයි බස් එකේ ටයි දාං යෑම නිකං ඔඩ් වැඩක් වගේ වීමයි. අනික, ඔෆීසියේ ඒසී තිබුණට, එළියට බැස්ස වෙලේ ඉඳලා දාඩිය නේ.

තවත් එකක්, මොනව කලත් අත් කොට ෂර්ට් ඇන්දේ නම් නෑ. මොකද, අත්කොට ෂර්ට් ඇඳලා ටයි දැම්මොත් නිකං සේල්ස් රෙපෙක් වගේ වෙනවානේ!

ඒ කොළඹ කොම්පැනියේ මං හිටියේ මාස දෙකයි. ඊට පස්සේත් විටින් විට ටයි දාන ජොබ් කළත් දැන් නං ඒක අතහැරලා.

මේ දවස්වල මං වැඩට යන්න අඳින ඇඳුම මෙහෙමයි.
  • ලා පාට අත් දිග කමිසය (එමරල්ඩ් හෝ අර හවුස් ඔෆ් ෆැෂන් එකේ ලාබෙට තියෙන වෑන් හියුසන් තමා මගේ ප්‍රියතම)

  • කළු කලිසම (පිලියන්දල නිව් රත්න ටේලර්ස්. පොර තමයි මගේ කලිසං මහන්නේ 1990 විතර ඉඳලා)

  • කළු සපත්තු (සැම්සන්ස්. බාටා මොකැසිනෝ දෙක දාලාම ගෙවිලා ගියා. බැටන්ස් කුට්ටමක් ගත්තා ඒක එකපාරටම කැඩිලා ඇණ පවා එලියට ආවා)

  • කපු මිශ්‍ර මේස් (පිලියන්දල පේව්මන්ට් එකෙන් ගත්තු ඒවා)

ජොක්කු ගත්තු තැන නං කලින් ලියලා තියෙනවානේ.

ජොකා ගේ පාට ගැන විස්තරේ මෙතන.
http://kathandara.blogspot.com.au/2011/10/may-day-may-daymay-day.html

ඉතිං ඔය සේරම විස්තරේ කිව්වේ අද කතන්දරේට එන්නයි.

ඔන්න මං මේ පහුගිය දවසක ඔය කියපු ඇඳුම් පැලඳුම්වලින් සැරසිලා හිස් මුදුණත් ක්‍රීම් ගාලා පොලිෂ් කරගෙන ජෙන්ට වගේ ඔෆීසියට ගියා.

එදා හරිම රස්නේ දවසක්. මං ඔෆීසියට ලඟා වුනේම කොලර් එකට පිඹ, පිඹ. ඔෆීසියේ ඒසී එක අස්සට ගියාම තමයි ගතට වගේම සිතටත් සිසිලසක් ආවේ. පුටුවේ වාඩිවෙලා, කොම්පියුටරේ ට ලොගින් වෙලා වැඩ පටන් ගත්තා.

ටිකක් වෙලා යනකොට ඔන්න හිතුණා තේකක් බොන්න.

අපේ ඔෆීසියේ තියෙනවා තේ හදන අඩුම කුඩුම තියෙන කුස්සි කෑල්ලක්. ඩිල්මා ලොගෝව ගහපු මගේ පෝසිලේන් මග් එකත් අරං ඒ පැත්තට ගිය වෙලේ තමයි අද කතන්දරේට වස්තු බීජය ලැබුණේ.

අපේ ඔෆීසියේ වනිතාවක් එතන තේකක් හදනවා. වෛවර්ණ අත් නැති බ්ලවුස් එඑකුයි, කළු ස්කර්ට් එකකුයි ඇඳලා, නිකං පටි දෙකක් තියෙන සෙරෙප්පු දෙකක් දාලා.

මට දැනුනේ ඉරිසියාවක් නෙමේ. ඉතා සරල ප්‍රසන්නදායී සංවේදී හැඟීමක්.

දිග කලිසම්, ෂර්ට්, සපත්තු, මේස් විතරක් නෙමේ ටයි පවා දාගෙන පිරිමි දුක් විඳින අතරේ, අඩු වශයෙන් වනිතා පක්‍ෂයටවත් මේ විදියට නිදහසේ සැහැල්ලුවෙන් වැඩට එන්න ලැබීම කොච්චර දෙයක්ද?

-කතන්දරකාරයා

ප/ලි:
මේක අර මං කාලෙට කලින් ලියාපු පෙන්නීම සහ හැංගීම වර්ගයේ බ්ලවුසයක් ගැන නෙමේ!


(image: http://www1.macys.com/shop/product/calvin-klein-printed-sleeveless-top-pencil-skirt?ID=534620)

55 comments:

  1. යාන්තම් කතන්දර අඳින,දේවල් දැනගත්තා. ඒත් අත් ඔරලෝසුව, මුදල් පසුම්බිය, බෙල්ට් එක, වගේ දේවල් ගැන විස්තරයක් තිබුනේ නෑනේ.:D

    ReplyDelete
    Replies
    1. කාන්තා පක්ෂෙට දැනගන්න ඕනෙ පසුම්බිය ගැනමයි

      Delete
    2. ඔබා නියම තැනට පහර දීලා.. මගෙ කමෙන්ටුව දාන්න තිබ්බ චාන්ස් එක නැති කොරලා..

      Delete
  2. මම මේ කොමෙන්ට් ඒක මෙතන දැම්මට සමාවෙන්න. මට තියෙන්නේ live ඊමේල් ඇඩ්‍රස් එකෙක්.ඒකෙන ලොග් වෙලා බ්ලොග් වල ඊමේල් දාන විදිය දන්නේ නැහැ, එකයි ඇනෝ විදියට කොමෙන්ට් දන්නේ.

    මට දැන ගන්න ඕනි රංග-මගේ ලෝකය කියන බ්ලොග් ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා.
    http://www.r4ng4.blogspot.com/
    මොකද මම කියවන්නේ බ්ලොග් දෙකයි.ඒ තමයි මේ කතන්දර මහත්මයාගේ බ්ලොග් ඒක සහා රංග මහත්මයාගේ බ්ලොග් ඒක.
    මම ඊයේ ඒ බ්ලොග් එකට ගියාම බ්ලොග් ඒක වැඩ කරේ නැහැ. මම ආයේ දැන් බලද්දිත් වැඩ කරන්නේ නැහැ.
    මේ ඇයි කියලා කවුරුත් දන්නවද?
    මේ කොමන්ට් ඒක දාන්න තැනක් දන්නේ නැති හින්දයි මම මේක මෙතැන දැම්මේ. එකට මට සමාවෙන්න.

    සමරකෝන්
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාර ප්‍රශ්නේ, මටත් ඕක වෙලා තියෙන්නෙ, මමත් බලන්නෙ රංගගේ බොගයි වෙන ඒව කිහිපයකුයි විතරයි මේ කතන්දරකාරයගේ එකනම් බලන්නෙ නැහැ, අදත් මේ වැරදිලා ගියේ. මුගේ තියෙන්නෙ තට්ටෙයි, ලබ්බයි විතරයි.

      Delete
    2. රංගයා බීමත් අත ඇරල, බඩුවකුත් සෙට් කර ගෙන බොග් එක වැහැව්ව. දැන් උඹලට බලන්න තියෙන්නෙ තට්ටෙයි ලබ්බයි විතරයි.

      Delete
    3. menna uge anthimata liyala tibba eka google cache eken,
      samu gannwa kiyala dala tiyenne

      http://webcache.googleusercontent.com/search?q=cache:3LuOp4G1-skJ:r4ng4.blogspot.com/+&cd=1&hl=en&ct=clnk&gl=lk&client=firefox-a

      Delete
    4. 'ජොක්කු' කියන්නෙ මොක්කුද කියල බලන්න අර කිව්ව ලින්ක් එකට දිව්වනෙ මම....හෆ්ෆොච්චියේ විදුලි වේගෙන් ආපහු මෙන්න දුවන් ආවා....:D:D:D:D

      Delete
    5. පොඩි අත්වැරැද්දක් මගෙ කොමෙන්ට් එක වැරදි තැනක වැටිලා............

      Delete
    6. රන්ග මගේ ලෝකය නවත්තලා අපේ ලෝකය කියල අලුත් බ්ලොග් එකක් පටන් ගන්න හදන්නෙ. ‍යතා කාලයෙදි හමෝටම දකින්න පුලුවන් වෙයි එම අලුත් බ්ලොග් එක...!!!

      Delete
    7. රංග විමල් වීරවංශත් එක්ක එකතුවෙලා ඇමරිකන් වර්ජනයේ යෙදෙනව. ඒ නිසා දැං රංග කිසිම ඇමරිකන් නිශ්පාදනයක් පාවිච්චි කරන්නෙ නෑ . . . ගූගල් පවා

      Delete
  3. මටත් දැනෙන්නෙ ඉරිසියාවක් නෙමේ. ඉතා සරල ප්‍රසන්නදායී සංවේදී හැඟීමක්.

    ReplyDelete
  4. සාරි සහ ඔසරි අඳින්න වෙලා තියෙන කාන්තා පාර්ශ්වය ඉරිසියයි අපි කලිසම සහ කමිසය අඳින එකට !

    ReplyDelete
  5. කොහෙන් සපත්තු ගත්තත් ලෙදර් කින්ඩම් නම් යන්න නරකයි.. සර්විස් එක අන්තිමයි.. සපත්තු ගාණ වැඩි උනාට කොලිටි නැත. මේ මං කිව්වෙ අත්දැකීමෙනි.

    ටයි දාගන්න වොශ් රූම් එකට දිවීම අපේ ඔ‍ෆිසියේද සුලබ දසුනකි.

    ReplyDelete
  6. //තවත් එකක්, මොනව කලත් අත් කොට ෂර්ට් ඇන්දේ නම් නෑ. මොකද, අත්කොට ෂර්ට් ඇඳලා ටයි දැම්මොත් නිකං සේල්ස් රෙපෙක් වගේ වෙනවානේ!//

    …මෙන්න මෙ කෑල්ලටනම් නම් මම එකඟ නෑ

    ReplyDelete
    Replies
    1. කොලර් එක අස්සෙන් සීතල රිංගන එක වළක්වන්න දාන ටයි එකට අත් කොට කමිසයක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. සේල්ස් රෙප්ලගෙ නිල ඇඳුමක්නෙ ටයි සහිත අත් කොට ෂර්ට් එක.

      Delete
  7. මම ඔෆිස් යන්නෙ ටී ෂර්ට් එකයි ඩෙනිමයි රබර් සෙරෙප්පු දෙකයි දාගෙන.. ජොකා ගැන කියන්නෙ නෑ... අපිට ඒසීත් ඔට්ටුයි අව්වත් ඔට්ටුයි... අවුලකට තියෙන්නෙ... කවුරුත් මහත්තයා කියන්නෙ නෑනෙ..

    ReplyDelete
  8. කකාගෙ තත්වෙ ඕක උනාට සාමාන්‍ය තත්වෙ ඕකෙ අනිත්පැත්ත. පිරිමි අපි ගෙදර ඉන්න විදියයි කාන්තාවන් ඉන්න විදියයි බැලුවම ඉරිසියා කරන්න ඕන කාන්‍තාවො. උඩ කෑල්ලට මොකුත් නැතුව සරමක් කාරිය ඇදගෙන ජොකත් නැතුව හුලං වැදිවැදි....... කාන්තාවන්ට ආස හිතේවි.

    ReplyDelete
    Replies
    1. ශා එහෙම පිනක් කවදා අපට ලැබෙයිද ? මම කියුවෙ අහල පහල ගෙවල් ගැන

      Delete
    2. //ජොකත් නැතුව හුලං වැදිවැදි....... කාන්තාවන්ට ආස හිතේවි. // හිහ්..හිහ්..

      Delete
    3. රාජ් අයියේ.. සිරා කතාව..

      Delete
    4. ඇයි බොල හුචක්කුව අමතක උනාද? එවන් සැපක් කොයිංදා

      Delete
    5. ඊ මේල් කවිකාරි
      ඒකනං හරි. ඒත් ඕක ඇදගෙන උදේට පාං ගේන්න කඩේට යන කාන්තාවන් ගැන කිව්ව සරත් විජේසූරිය මහත්තයගෙ කතාව අහල ඇතිනේ...

      Delete
    6. හික් හික් :D

      Delete
  9. දිගින් දිගට ලියපු මුල හරියේ කතන්දර ටික පූර්විකාවක් විතරක්නම්, වස්තු බීජය ලැබුනෙ තේ බොන්න හිතුන වෙලාවෙනම්, අද මේ ලියල තියෙන්නෙ කතන්දරරේ වස්තු බීජය විතරක්ද, නැත්නම් මුළු කතන්දරේම ද?

    ReplyDelete
  10. මාතෘකාවේ විදියට නම් අර තේ හදන වෙලාවේ ලැබුනයි කියපු වස්තුව ගැන මීට වඩා විස්තරයක් තියෙන්න ඕන..

    ReplyDelete
  11. මම කලින් වැඩ කරපු තැන අපි සෙට් එකක් එකතු වෙලා හෙන ගේමක් දීලා ඔෆීසියේ ඩ්‍රෙස්කෝඩ් එක ජෙන්ටා ඇඳුමෙන් කැශුවල් වලට මාරු කරගත්තා...

    දවසක් CEO කාරයාගේ මාමාණ්ඩි බුවාගේ ගෙදර නැවතිලා... බුවා උදේ වැඩට යනවා දැකලා මාමාණ්ඩියා තමන්ගේ දුවගෙන් අහලා ඔහේට හොඳටම විශ්වාසද මූ අහවල් කම්පැණියේ CEO කියලා? නිකන් ගැරේජ් එකක වැඩ කරන්ඩ යන එකෙක් වගේ නේ ගියේ කියලා... ඊළඟ සතියේ ඉඳන් මුලු ඔෆීසියටම ආයේත් පරණ ඇඳුමට බහින්න වුණා...

    ReplyDelete
  12. මන් අද ඉදන් පිලියන්දල පෙව්මන්ට් එකේ මේස් ගන්න අය දිහා පොඩ්ඩක් වැඩිපුර බලන්න ඕනෙ නැවතිලා කතන්දරව අදුරගනන් පුලුවන්ද කියල

    ReplyDelete
    Replies
    1. කවියෝ ඔයත් පිළියන්දලනේ ඒ කියන්නේ.... හිටපල්ලකෝ මම පේව්මන්ට් එකේ නැවතිලා මේස් ගන්න අයවයි මේස් ගන්න අය දිහා බලන අයවයි හොඳට බලාගන්න ඕනේ... කකා ශූරින් ලඟදිම එයිනේ රත්න ටේලර්ස් එකට...

      Delete
  13. හොඳ වෙලාවට අයි ටී ෆීල්ඩ් එකේ ගැණු පිරිමි කවුරුත් ඩෙනිමට බැහැල වැඩට යන්නේ. කවුරු හරි ඔය කතන්දර වගේ ඇඳන් වැඩට ආව දාට ඒ මනුස්සය ඉවරයි වටේ ඉන්න මිනිස්සුන්ගේ කට කැඩිච්ච කතාවලට. :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත... මම කිව්වේ ඩෙනිමයි, කට කැඩිච්ච කතා ගැනයි.... :D

      Delete
  14. ape faculty 1th api enakota genta gahala lec yana sirithak thibuna... dannam denima ,T gahala yanawa ...

    ReplyDelete
  15. ඒකනම් සහතික ඇත්ත.. ඔය අස්සේ ඉතින් මීටින් එහෙම තියෙද්දි කෝට් දාගෙන ඉන්න වෙන මැනේජර්ලත් ඉන්නවනේ...

    ReplyDelete
  16. සාරි ඔසරි අදින්න වුනානම් තේරෙයි කලිසම්,කමිස කොච්චර හොදද කියලා.

    ReplyDelete
    Replies
    1. පැය ගානක් තිස්සෙ දඟලනව ඇති ඕක පටලගන්න.

      Delete
    2. Ow ne kalisama andinnath galawannath easy ne..neda

      Delete
    3. කිරිපුතා - පැය ගානක් යන්නෙ නම් නෑ. විනාඩි දහයෙන් ඇන්ද හැකි පුරුදු වුනාම.ඒත් වැස්ස දවසට පාරෙ යනකොටයි,බස් වල හොදටම හිර වෙනකොටයි තමා එපා වෙන්නෙ

      ඇනෝ - සාරිය වුනත් අමාරුවක් නෑ.

      Delete
  17. යකුනේ බොලා මේ ටයි ගැන කතා කරනවා... අපි මේ පට්ට රස්නේ දාඩිය පෙරාගෙන ටයි කෝට් විතරක් නෙවෙයි සමහර වෙලාවට cloak එකත් දාගෙන වැඩ කරන්නෙ.. ලංකාවෙ උසාවි A\C කරල තියනවා යැයි.....

    ReplyDelete
  18. හැමෝටම එක වගේ සැප නෑනේ.දැන් වෘතීමය අතින් ගොවිතැන් කරන ගොවියන්ට කොච්චර සැපද ඇදුමෙන්?

    ReplyDelete
  19. කාලයක් ඔය කකා කිව්වා වගේ කලිසම් කමිස යටකරලා ඇඳලා, ගල් තොප්පියකුයි, යකඩ සපත්තුයි දාගෙන මාර කට්ටක් කෑවා...

    දෙයියන්ගේ පිහිටෙන් දැන් ඉන්න තැන නම් කැෂුවල්! ඩෙනිම, ටී ෂර්ට් එක ගහලා කූල් එකේ ඉන්නවා.

    ReplyDelete
  20. ඇත්ත තමා වනිතාවො ඔපීසි වල සැහැල්ලුවෙන් ඉන්නවා.. අපි සදා දුකේ..

    ReplyDelete
  21. අන්න නිසුපා තමා නිමය කතාව කියලා තියෙන්නේ... පාන්දර තුනට කියන්නේ නැගිටින්නේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දැන් සාරි නෙවෙයි අදින්නෙ.ඒත් සාරි අදින කාලෙ කවදාවත් පාන්දර තුනට නැගිටගෙන ඇදලා නෑ. :P

      Delete
  22. කතාව නම් සම්පූරණ ඇත්ත, කතන්දර

    ReplyDelete
  23. යකඩෝ... ඒ කියන්නේ කතන්දර අයියත් පිළියන්දල ද ???

    ReplyDelete
  24. මන් මේ කතන්දරට ස්තුති කරන්න කලෙක ඉඳල උන්නේ . . මේ කකා කාන්තා බ්ලොග් වලට විශේෂ තැනක් දීල උඩින්ම . දැන් මේ පෝස්ට් එක . ඔහොම ඉරිසියාවක් නැතුව හිතන්න පුළුවන් කි දෙනාටද . නියම පෝස්ට් එක . මටත් හිතෙනවා ඇඳුම් අතින් කාන්තාවෝ වාසනාවන්තයි . ගවුම් සය ඇතුළු සියලු කාන්තා ඇඳුම් ද පිරිමි අඳින කලිසම් කමිස ඕන නම් ටයි බෝ ඕන එකක්ද ගැහැනුන්ට අඳින්න පුළුවන් . ඒත් පිරිමියෙක්ට ආසාවක් තිබුනත් සයක් හැට්ටයක් අඳින්න පුලුවන්ද මේ සමාජයේ . පිරිමි උද්ගෝෂණ කරන්නෙත් නැහැ මේවට විරුද්දව . ඔහේ ටයි කොට ඇඳගෙන දුක් විඳිනවා මිසක .

    ReplyDelete
    Replies
    1. //ඒත් පිරිමියෙක්ට ආසාවක් තිබුනත් සයක් හැට්ටයක් අඳින්න පුලුවන්ද මේ සමාජයේ?//

      ඇයි බැරි? ආසම නං පුළුවනි. ඒකට කියන්නේ cross dressing කියලා ;

      Delete
  25. මම කියන්න ගිය ටිකම බින්දි කියලනේ... ඇත්තටම කාකා අගය කරන්න ඕනෙ.. මොකද අපේ ඔපීසියෙ නං පිරිමි ලමයි හරි ඊරිසියයි අපි ස්මාට් කැශුවල් අඳිද්දි ඒ ගොල්ලොන්ට ටයි දාගෙන ඉන්න වෙන එකට...

    එක අතකට පවු නේ පිරිමි ලමයි... හැමදාම කලිසමයි, සේට් එකයි, ටයි එකයි විතරයි... නෝ ඔප්ශන්ස්... හරිම බෝරින්ග්...

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ අපිට කොයිතරම් නම් ඔප්ෂන් තියෙනවද.... අමුඩේ ගහන් කාන්තාවන්ට යන්න පුළුවන්ද බෑනේ.සරම අඳින්න පුළුවන් යටිතල පහසුකම් ඇතිව හෝ නැතිව.... කාන්තාවන්ට කොයින්ද එහෙම සැපක්.ඇඟ හැමතැනම හිර කරගෙන තහඩු කෑලි ගහගෙන ඉන්න එක ඔයිතරම් සංතෝෂයක්ද අප්පා...

      Delete
  26. වනිතාවෝ සිම්පල් කැෂුවල් එකේ ඔෆිස් එන එක office ප්‍රොඩක්ටිවිටි එකට හොඳයි කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  27. ඔෆිස් එකට මෙහෙම ෂේප් වුණාට මඟුල් ගෙදරකට යද්දී වෙන සන්තෑසිය කකාට අමුතුවෙන කියන්න ඕනේ නැහැනේ. පිරිමි අයට ලෑස්තිවෙන්න පුලුවන් ඉක්මන :)

    ReplyDelete
  28. පිට ඔපේට රැවටෙන්න එපා! එලියෙන් සරලයි වගේ පෙනුනට ඇතුලෙ බොහොම සංකීර්ණයි නොවැ.. :O

    ReplyDelete
  29. danui kiyewwe. lankawee oya thiyana dress code eka mamma danna tharamin diyunu ratawala dan nahe. eyaala (high level jobs karana aya) wadata yanne denims andala, anika ei ratawal wala thiyana' flex time' eka. apita kawada ohoma deiwal labeida ;(

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.