Saturday 24 March 2012

චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Big uses of "wee"


පරම්පරාවකට විතර වගේ කලින් අපේ මිතුරු රට ඉන්දියාවේ හිටියා මොරාජි දේශායි කියලා අගමැතිවරයෙක්. ඉන්දිරා ගාන්ධිව පරදවලා බලයට ආව එකටත් වැඩියෙන් පොර ප්‍රසිද්ධ වුනේ වෙනත් කාරණයකටයි.

පොර දිනපතා පානයක් ලෙස චූ බොනවා.

හැබැයි තමන් ගේ ම චූ!

චූ බීමෙන් ඖෂධීය ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තියෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමේ. පුරාණ ශිෂ්ඨාචාර වෙන ඊජිප්තුව සහ චීනය කියන දෙරටෙත් මේ අදහස මුල් බැසගෙන තියෙනවා.

දැන් මෙන්න මේ විශ්වාසය ඇමරිකා එක්සත් ජනපදය දක්වාත් පැතිරිලා.

මං මේ ලඟදී කියවපු ප්‍රවෘත්තියක් මෙන්න.



වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/femail/article-2115945/I-like-warm-pee--comforting-Meet-woman-drinks-bathes-urine.html?ito=feeds-newsxml

කැරී කියන මේ අවුරුදු 53 ක කාන්තාව කැමති උණුසුම් චූ වලටලු. ඒවා බීමෙන් හරිම සහනයක් ලැබෙනවා කියලයි කැරී කියන්නේ.

තමන්ට වැලඳිලා තියෙන පිලිකාවකින් සුවය ලබාගන්න හිතාගෙන දැන් අවුරුදු හතරක් තිස්සේ දවසකට වීදුරු පහ ගානේ තමන්ගේ චූ බීලා තියෙන කැරී චූ වලින් දත් මදින්නත් කැමතියි ලු.

ඒ මදිවට කැරී චූ වලින් තමන් ගේ ඇස් දෙකත් හෝදනවා ලු.

චූ ටිකක් පරණ කරලා අරගෙන ඒවායින් ආලේපයක් හදලා ඇඟ පුරා ආලේප කරන එකත් කැරී ගේ තවත් වෙද-හෙදකමක්.

කැරී නෝනා හොයාගෙන තියෙන විදියට තමන් කන කෑම වර්ග අනුව චූ වල රස වෙනස් වෙනවා. ඒ හින්දා එයා සමහර කෑම ජාති කන එක දැන් අතහැරලා.

"සමහර දාට චූ ලුනු රහයි. හැබැයි සමහර දවසට නං චූ හරියට පුහුලං වලින් හදපු ෂැම්පේන් වගේ!" කැරී කියනවා.

දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ පිළිකාවෙන් ගැලවෙන්න කැරී නෝනා චූ බිව්වාට, පෝෂණය පිළිබද විශේෂඥයෝ නං කියන්නේ ඒවායින් ප්‍රයෝජනයක් නැති බවයි.

ඒ කෙසේ වෙතත් චූ බීම ගැන ආයුර්වේදයේ එන විස්තර මහ වෙදනා මෙන් මෙහෙම කියලා තිබුණා.
http://wedagedara.blogspot.com.au/2011/07/blog-post_22.html

කැරී ගේ පිළිකාව සුව වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ලෙස පලකෙරෙන කතන්දර දැනුම් සාගරේ ලිපිය මෙතනින් නිමයි. (ඉරිදා පත්තර සෙනසුරාදා බලනවා වගේ අද මේ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා එක ඔන්න සෙනසුරාදාම බලන්න කලින් පලකළා).

-කතන්දරකාරයා

ප/ලි:
මං නං බොන්නේ වතුර තමයි වැඩිපුරම.

එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා හැබැයි.

වතුර හරිම දිය රහයිනේ!

38 comments:

  1. වතුර දිය රහ නැතුව වෙන මොන රහ වෙන්නද..
    නරකද එහෙනං කතන්දරත් චූ ටිකකට වතුර වැඩියෙන් දාල බිවුවනං...
    එතකොට දිය රහ යයිනේ..හී

    ReplyDelete
  2. පෝෂණ ගුණයක් නැත්තන් ඉතින් මං බොන්නෙත් නැහැ.

    ReplyDelete
  3. ශේහ්..මෙච්චරකල්(චූ)

    ReplyDelete
  4. චූ කතා, කක්ක කතා නම් ඉතින් කකා මහත්තයම තමයි.

    ReplyDelete
  5. මම මේ ගැන විස්තර කාලෙකට කලින් ලියුවා. සෑහෙන ආන්දෝලනයක් ඇති වුනා. අර ඇනෝ ආතල් සයිට් එකේ වෙනම ලිපියකුත් ගියා මගේ ලිපිය ගැන. කථන්දර මේක ලිව්වට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔමේ ලිපිය දැකපු ගමන් මට මතක් උනෙ මහ වෙදනගේ ලිපිය ගැන.

      Delete
    2. චූ බීම ගැන ආයුර්වේදයේ එන විස්තර "මහ වෙදනා" ලියා තිබුණේ මෙහෙමයි.
      http://wedagedara.blogspot.com.au/2011/07/blog-post_22.html

      Delete
  6. පුක කුණුහරපයක් නෙමෙයි කියා
    කක්කි, චූ වලින් වැසී ගියා
    දැන් කක්කුසියක් වගෙයි මෙයා
    සම්මානෙත් ඌ අරං ගියා

    ReplyDelete
  7. අපරාදේ මෙච්චර කල් අහක දාපුවා..

    ReplyDelete
  8. වතුර ටිකක් දිය රහයි තමා... හික්ස්...

    ReplyDelete
  9. බෝතල් කරමුද ???

    ReplyDelete
    Replies
    1. අන්න කරනවානං බිස්න්ස් !

      Delete
    2. පිට රටක ඉඳං එනවනං ඒ බිස්නස් එකත් වරදින එකක් නෑ.

      Delete
  10. පොඩිකාලෙ නම් සමහර බබාලා චූ බොනවා . . මේ චූ කතා සීරීස් එකක ආරම්භයවේදෝ :-D

    ReplyDelete
  11. මේ ලිපියෙ ‘කැරී‘ සහ ‘චූ‘ කියන වචන දෙක මාරු උනා නම් කොහොමට හිටීවිද?

    ප/ලි : මම ඕනයා නෙවෙයි. වෙන එකෙක්.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒක කැරි සීන් එකක් වෙනවා... :)

      Delete
    2. එහෙම වුනා නම් පෝෂණ ගුණය ගැන කියන කතව ැඅත්ත කියල පිලිගන්න පුලුවන්.

      Delete
    3. තොපිලට ඒකටත් මගෙ නම ගාවගත්තෙ නැත්තං පුක පොපියනව වගේ නේද ???

      Delete
  12. හයියෝ චූ..........
    කවුද දන්නෙ මෙහෙම සීන් එකක්

    ReplyDelete
  13. අර සුද්දිගේ නම ඉන්ගිරිසියෙන්ම ලිව්වානම් හොඳයි වගේ.. මුලින් කෑරී කියලා කියලා පස්සේ අමු අමුවෙන්ම කැරි කියල ලියල තියෙනකොට නිකන් හරි නෑ නෑ වගේ...
    ඔය වගේ පොඩි දෙයක්ම ඇති අර උඩින් කමෙන්ට් කරල තියෙන ඇනෝ වගේ අය නොමඟ යන්න :ඩ්

    ReplyDelete
    Replies
    1. සමීරත් ඒකට උදාහරණයක් විදිහටද : ඩී වෙනුවට : ඩ් කොටලා තියෙන්නෙ. මං හිතන්නෙ ලෝකෙ කාටවත් බෑ ඒ විදිහට හිනා වෙන්න...

      Delete
    2. මං හිතන්නෙ ලෝකෙ කාටවත් බෑ ඒ විදිහට හිනා වෙන්න... හෙහෙ ඔව්මයි :D

      Delete
  14. අවුසදයක් වෙච්ච පලියට ඔහොම බොන එකනං වැරදියි මයෙ හිතේ. මොරාජි දේශායි බිව්ව කියන්නෙ දවසකට සැරයක්නෙ. මම දන්නව එළ හරකුන්ගෙ චූ වලින් බෙහෙත් හදන බවනං. ඒත් ඒක බොන ‍ ‍බෙහෙතක්ද නැත්තං ආලේප කරන එකක්ද කියල මතකයක් නැහැ. කරන්නන් වාලේ කරන එකනං තේරුමක්ම නෑ. පෝෂණ විද්‍යාඥයා නෙවෙයි ජීව විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් වුනත් දන්නවනෙ චූ වල පෝෂණයක් තියෙනවනං ඒ ඉතුරු බිතුරු ටිකක් විතරයි කියල. වාහනේක එක්ස්හෝස්ට් වායුවෙන් එන්ජිමක් දුවවන එක ඊට වඩා සාර්ථක වෙයි, අඩු ගණනේ බැටරිය චාජ් කරගන්නවත්.
    මම කියන්නෙ චූ වලින් යම් අවුසදීය ගුණයක් ලැබෙනවනං ඒක ලැබෙන්නෙ යම්කිසි නිශ්චිත රෝගියකුට මිසක් සාමාන්‍ය කෙනකුට නෙවෙයි කියල. සාමාන්‍ය කෙනකුට ඒක අගුණ වෙන්නත් පුළුවනි.
    පෝෂණ විද්‍යාඥයාගෙ ඉංගිරිසි නං තේරුනේ නෑ. ඩැෆ්ට් ඈස් බ්‍රෂස්?

    ReplyDelete
  15. මොරාජි දේශායි මහතා අගමැති කාලේ ලංකාවට ආවා. ඒ කාලයේ ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා. පොඩි විකට කතාවක් ගියා, දේශායි මහතා එයාගේ 'උදෑසන පානය' ජයවර්ධන මහතාටත් පුරුදු කළා කියලා. ඒ ගැන ලස්සන කාටුන් එකක් ඉංග්‍රීසි පත්තරේක වැටුනා. දෙන්නම ඉන්නවා වීදුරු දෙකක් අතේ තියාගෙන ඉඳගෙන. ජේ.ආර්. දේශායිට මෙහෙම කියනවා. 'මේ රසය අනුව මට හිතෙන්නේ වීදුරු මාරුවෙලා වගේ'

    ReplyDelete
  16. සික් විතරක් මට නම් අප්පිරියයි.

    ReplyDelete
  17. වතුර වෙනුවට බියර් බොන මණුස්සයෙක් කියපු කතාවක් මතක් වුනා.
    එයා වතුර නොබෙන්නෙ, මාළු සංසර්ගයෙ යෙදෙන්නෙ වතුරෙ නිසාලු.
    'Fish f##k in water'කියලයි කිව්වෙ

    ReplyDelete
  18. මෙය බුදු හාමුදුරුවොත් පානය කර ඇති බව මම අහල තියෙනව. උදෙන්ම අවදිවී කරන චූ ටිකක් ඉවත්වූ පසු එන දෙවන කොටසේ ඖෂධීය ගුණයක් ඇති බවත් එහි රත්‍රන් සුළු ප්‍රමාණයක් ඇති බවත් මා අහල තියෙනව. ඒත් අර කැරි නෝන වගේ දිනකට වීදුරු පහක් බොන එකනම් ......?

    ReplyDelete
  19. ඉස්සරහට තව මොන, මොනවා කයි, බොයිද දන්නේ නෑ ...:D

    ReplyDelete
    Replies
    1. ඒක නෙමේ පොඩී ප්‍රශ්නය ඉස්සරහට කකා තව මොනව ලියයිද දන්නෙ නෑ....

      Delete
  20. කැරී නෝන චූ දාන්නෙ කොහේද දන්නෙ නෑ

    ReplyDelete
  21. // ඉන්දියාවේ විතරක් නෙමේ. පුරාණ ශිෂ්ඨාචාර වෙන ඊජිප්තුව සහ චීනය කියන දෙරටෙත්//

    ඔය තියෙන්නේ බැසිල් මහත්තය කීව විදිහට චිනෙයි , ඉන්දියාවෙයි වෙලඳ පොලවල් අල්ලන්න ක්‍රමයක්

    ReplyDelete
  22. මුත්‍රා වල ඔව්ෂධිය ගුණයක් තියෙන්න පුළුවන් කලින්දා හොඳට අරක්කු බීල තියෙනවා නම්. එතකොට චූ අඩු ගානේ බීර ගානටවත් ඇතිනේ. අර ඩිස්කවරි නාලිකාව නිෂ්පාදනය කරන ගේ වැඩ Bear Grylls ඉන්න Man vs wild සටහනේ ඕනෙම දහ ජරාවක් කන පොරත් සමහර දාට චූ බොන්න කියන්නේ ජීවිතයත් මරණයත් අතර තෝරා ගැනීමකදී. චූ බොන්න බොන්න සරීරය තවත් විජලනය වෙනවා මිසක් පවස නිවෙන්නේ නැහැ. දවසක් සර්ප හැවකට චූ පුරවලා කරේ දාගෙන ගියේ පසුව බැරිම තැනක් ආවොත් බොන්න කියල (කාන්තාරේ අතරමන් වූ විටෙක).

    ReplyDelete
  23. ඕකේ ඔය තරම් ගුණයක් තියනවනම් ශරීරයෙන් පිට කරන්න ඕන නැහැනේ.නෝනගේ නමේ හැටියට පුදුමයකුත් නැහැ.

    ReplyDelete
  24. නියම ලිපිය.. නමුත් හේතුව.. අර කොමෙන්ට් එකේ තියෙනවා..
    "කැරී සහ චූ මාරූ උනානම් කොහොමද කියන එක.."
    ඕනයා නෙමෙයි ඒක ලියලා තියෙන්නේ...

    ReplyDelete
  25. ඔහොම යද්දි කැරී ල කැ*ත් බොයි

    ReplyDelete
  26. ඕන ඇත්ත උනොත් උදේට කොළ කැද විකුණන කට්ටියට තමා වැඩි පාඩුව...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.