Friday 23 December 2011

අනිච්ඡාවත සංඛාරා! - A pre-defined ending


මේක බණ කතාවක් නෙමේ. අර අපි කවුරු කවුරුත් දන්න උලව් ලව් මල ඉලව් ගැන කයි-කතන්දරයක්!

අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නෑනේ, අනියත බව කියවෙන අනිච්ඡාවත සංඛාරා ගාථාව අපිට මතක්වෙන්නේ මෙලොව පවතින දෙයක් නැත්තටම නැතිවෙලා ගියාමයි. විශේෂයෙන්ම මරණ.

ඇතිවීම නැතිවීම සහ අනිත්‍යය ගැන කියනවා නම් මිනිස් සත්ව ජීවිත වගේම තවත් මේ ලෝක ධර්මයට අනුකූලව පවතින දෙයක් තමයි ආදර සම්බන්ධතා ඒ කියන්නේ ලව් සීන්.

ඕවාත් ඇතිවෙනවා, නැතිවෙනවා. ඒ තමා සාමාන්‍ය තත්වය. නොනැසී පවතින ලව් නැත්තෙත් නෑ. නමුත් බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!

ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.

මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු කවියක්.

අනිවාර්ය අවසානය

පැතුවාද සිත එක් දිනක
එක් වී සැමදා සිටින්නට
වැට්කොල් මලක ඇමිණි
නිල් කට්රොල් මලක් සේ?

හැඬුවාද සිත එක් දිනක
නොහැකිව තවත් ඉවසන්නට
සෙනෙහසේ පුෂ්පයන් පරවී
ලොව රුදුරු කතරක් වූ පසු?

පැතුවාද සිත එක් දිනක
එකම එක පැතුමක්
අනිත්‍ය ලොව එකම සැනසුම
ආදරයේ සුව දැනුනු දින?

හැඬුවාද හද එක් දිනක
පැතුම් සුන් වී ගොසින්
සුසුම් හිමිවුණු පසුව
කඳුළු දායාද කොට?


මේ කවියත් මුලින් ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ පල කරලා (හරිම ලේසියි ඒ වැඩේ. මොකද, මං තමයි ඒ දවස්වල කලා කවයේ සංස්කාරක!) පස්සේ මගේ පස්වෙනි කාව්‍ය නිර්මාණ එකතුව වන "හන්තානේ කඳු පාමුල" පොතට ඇතුලත් කළා (ඒකත් හරිම ලේසි වැඩක්, මොකද ඔය පොත් සේරම පළ කළේ හස්තද්වාරයෙන් මිස මුද්‍රණද්වාරයෙන් නෙමෙයි!).

-කතන්දරකාරයා

ප/ලි:
අද බලන කොට තමයි තේරුනේ මේ කවියේ ප්‍රශ්ණාවලියක් මිස ඒ එකකටවත් විසඳුමක් නම් නැති බව! හරිම යතාර්ථවාදී නේද?

(image: http://psychcentral.com/blog/archives/2011/02/18/10-tips-to-mend-a-broken-heart/)

45 comments:

  1. අනිච්චාවත සංඛාරා.........අප්පමාදො අමත පදං..මච්චුනො..හුටා..වැරදි දෙයක් කියවුනාද මන්දා

    ReplyDelete
  2. ආයෙමත් කයියට බැහැල වගේ....

    ReplyDelete
  3. අයියෝ මල ඉලව්වක්ම තමයි. ආයිත් කයි කතන්දර.
    කතාගේ රස කතා වලට
    අනිච්චා වත සංඛාරා..
    කතාවන් වර ධම්මිකෝ...

    ReplyDelete
  4. Trafic Ano
    //බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!
    ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.
    මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු කවියක්//

    කවුරුවත් වැරදියට හිතන්න එපා.
    ලව්‍ එක කැඩුන සමහරු කවි ලිව්වට කවි ලියන හැමෝම ලව් එක කැඩිච්ච අය නෙවෙයි ඕං.

    ReplyDelete
  5. කකා, ඔබතුමාගේ නොම්බරේ 4318 ද?

    ReplyDelete
  6. මේක බ්‍රහ්ම කෙලියක්නෙ . . . දැං ආයෙත් කවි ලියන්න පටංගත්තද මෙතන ?????

    ReplyDelete
  7. @ Kannangara
    තොතේරේ.

    මේ කියන්නේ මොන නොම්බරේ ගැනද?

    ReplyDelete
  8. මම හිතුවේ කවි වලට තිත තිබ්බා කියලා...ඊළඟ සැප්තැම්බර් වෙනකම්....

    ReplyDelete
  9. මේ සංසාරේ නිත්‍ය එකම දේ අනිත්‍යයයි...

    ReplyDelete
  10. hari shoak kathandara ayeth kawi pala karala.hmmmmmmmmmm yatharthawadiyi wageyi :)

    ReplyDelete
  11. හංගන්න හැදුවට වැඩක් නෑ...නොම්මරේ දන්නෙ නැත්තං අනුමානෙට හරි හිතන කට්ටිය ඉන්නව වගේ....

    ප.ලි.

    //කතන්දරකාරයා said
    කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?//

    [ කවි බ්ලොග් අයිති කාරයො ඉන්නවනෙ, ඊමේල් වලින් කවි ලියන, ඒ වගේම සොඳුරු හිතෙන් කවි ලියන අය එහෙම.. මං නං මේ පැත්තට එන්නෙම කතන්දර අහන්න :-D ]

    ReplyDelete
  12. කතන්දර නම් කතන්දර කවි නම් කවි කවි කතන්දර දෙකම නම් අනෙ මන්දා ...

    ReplyDelete
  13. අහේ ඛේදයකි!
    ~~~**~~~~
    (ඉරකි...තිතකි...මල් වැලකි.....)

    ReplyDelete
  14. සිගිරි කුරුටු ගී මතක් වෙනවා පළවෙනි කවියෙ.... කොප්පක් ගැහුවා නේ...

    ReplyDelete
  15. කමක් නෑ කයියකින් කියවෙන දේත් විඳලා බලන්න උත්සහ කරමු .. මම වැඩිය ආස කතන්දර කියවන්න වුණාට . කවි වලට දක්‍ෂයෙක් වෙච්ච ඔබේ කවි සෙට් එකකින් එකක් වුණත් කියවන්න අකමැති නෑ ..

    කකා පොත් ලියලා තියනවා කීවාම ඒවා හොයාගෙන කියවන්න අසා හිතුනත් මෙහේ ඔවුවා ගන්න තියේවිද ?

    ReplyDelete
  16. //නොනැසී පවතින ලව් නැත්තෙත් නෑ. නමුත් බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!//

    හී හී ....

    //ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.//

    ඉතින් කතන්දරත් කවි ලියන්නේ ඒ හන්දද? :)))

    ReplyDelete
  17. "වැට්කොල් මලක ඇමිණි
    නිල් කට්රොල් මලක් සේ?"

    මේ පාට දෙකක දෙන්නෙක්ගෙ ලව් එකක්ද? :D

    ReplyDelete
  18. මල - ඉ - ලව් වෙන්නෙ ඒකට මලක් සම්බන්ධ වෙන හින්ද වෙන්න ඇති.

    ReplyDelete
  19. මම ඇහැව්වෙ වාහනේ නොම්බරේ ගැන.G-TOURING වගේ තමයි මතක.

    ReplyDelete
  20. විරහ ගී ලියන සියල්ලෝම
    විරහ කවි ලියන සියල්ලෝම
    විරහවෙන් පෙලෙන්නන් නොවේය.

    ReplyDelete
  21. හස්තද්වාරයෙන් පිටකලේ හස්තෝපක්‍රම භාවිතා කරලද??

    - සනාත

    ReplyDelete
  22. anichchawatha sankara ma thami

    ReplyDelete
  23. හප්පා... හුග දාසකින් මේ පැත්තෙ ආවෙ... :D ආපු ගමන් හොටු එන පුරස්නයක්.. ;)

    ReplyDelete
  24. @ Raj
    මානිවත්ත අභික්ඛම!

    ReplyDelete
  25. @ මාතලන්

    කතා වස්සතු කාලේන
    කකා භවතු ධම්මිකෝ

    (කකා හොඳ නම් කතන්දර වැසි වසිනු ඇත)!

    ReplyDelete
  26. @ Trafic Ano
    එහෙනම් ට්‍රැෆික් ඇනෝත් කවියෙක් වගේ ඈ?

    ReplyDelete
  27. @ ඕනයා
    තරහ අවසර, උම්බලකඩයාණෙනි!

    ReplyDelete
  28. @ Kannangara
    නෑ, නෑ, වැරදීමක් වගේ.

    ReplyDelete
  29. @ kandyan
    අපෝ නෑ, මේ ගිය සතියෙත් දැම්මේ කයි-කතන්දරයක්.

    http://kathandara.blogspot.com/2011/12/alcoholic-anonymous.html

    !

    ReplyDelete
  30. @ Ashieee
    බලාගෙන ගියාම ඒකත් ඇත්ත නේන්නම්!

    ReplyDelete
  31. @ වසිලිස්සා
    මේක පරණ කතාවක් හොඳේ?

    ReplyDelete
  32. @ Observer
    ඊ-මේල්වලින් ලියන අය ලියපු කවියක් මං නං දැකලා නෑ. ඔය දැන් දාලා තියෙන්නේ කොන්වන්ට් කතන්දරයක්.

    සොඳුරු හිතෙන් ලියන අයත් මේ දවස්වල හොල්මන් කතාවක් ලියනවා ළමයින්ට.

    ඔබ්සර්වර් කැමති වනිතා විත්ති එකේ කවි වලට වගේ?

    ReplyDelete
  33. @ Loku John
    මේවා හැම තැනම නෑ, හරිය?

    ReplyDelete
  34. @ මහි
    දුක තමයි කාන්ති, නේද?

    ReplyDelete
  35. @ නරකයා
    සීගිරි ගීයේ සම්බන්ධය සීගිරියට ගිය විනෝද චාරිකාවක් නිසයි!

    ReplyDelete
  36. @ හිස් අහස
    මං පොත් පහ හයක්ම ලිව්වේ කැම්පස් යන්න කලින්. මේ තියෙන්නේ කැම්පස් එකේ මුල් අවුරුදු දෙකේ ලියපු කවි පොතේ කවි තමයි.

    මේ පොත්වල එක පිටපතයි. ඒවාත් එක්කෝ මා ගාව නැත්තං අස්ථානගත වෙලා!

    ReplyDelete
  37. @ Podi Kumarihami
    අයියෝ පොකූ, ඔයාට ඇහැට ඇඟිල්ළෙන් අනින්න වෙලානේ?
    මේ මොනවා කියනවද?

    ReplyDelete
  38. @ චමිල
    ඒක සීගිරි කුරුටු ගීයක කෑල්ලක්.

    ReplyDelete
  39. @ Praසන්ன
    නෑ, පස්සේ මතක්වෙන කොට මල පනින නිසා!

    ReplyDelete
  40. @ Kannangara
    නෑ, මං හිතන්නේ ඔබට වැරදීමක්.

    ReplyDelete
  41. @ සොඳුරු සිත
    අසව්, අසව්!

    ReplyDelete
  42. @ සනාත
    මුද්‍රණාද්වාරයෙන් බිහිකරන්නේ මුද්‍රණය කරලායි.

    ReplyDelete
  43. @ Ano December 24, 2011 12:21 PM
    අනේද කියන්නේ?

    ReplyDelete
  44. @ සුළඟිල්ල | pinkie

    පව්, එක ඇඟිල්ලෙනේ හොටු හූරන්නත් බෑ නේද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.