Sunday 4 December 2011

බඩු නැවක්, මල් පාත්තියක්, ගූ හැත්තෑවක් - සමූහ නාම පද හෙවත් කලෙක්ටිව් නවුන්ස් : Collective nouns


එක වාගේ බඩු ගොඩක් එකට තියෙන කොට මේ හැම එකම වෙන වෙනම හඳුන්වන්නේ නැතුව සමූහ නාමපදයක් හෙවත් ඉංගිරිසියෙන් කළෙක්ටිව් නවුන් (collective nouns) එකක් භාවිතා කරන්න ඕනෑ නේ.

ඉංගිරිසියෙන් වගේම සිංහලෙනුත් එක එක භාණ්ඩ සහ සත්ව සමූහ සඳහා මේ වගේ සුවිශේෂී පද තියෙනවා.

මං මේ වෑයම් කරන්නේ ඒ වගේ භාවිතයේ තියෙන සමූහ නාම පද ටිකක් ලියලා ඒ ගොඩට අළුතින් නිර්මාණාත්මක පද එකතු කරන්න පුළුවන් දැයි බලන්නයි.

මිනිසුන් ඇතුළු සතුන් කණ්ඩායම් හඳුන්වන්න සිංහලෙන් කෝකටත් තෛලය වගේ බොහෝ විට පාවිච්චි වෙන්නේ රංචුව කියන සමූහ නාම පදයයි.

මිනිස්සු රංචුව,
ගෑණු රංචුව,
හොරු රංචුව,
කුරුල්ලො රංචුව,
අලි රංචුව
වගේ.

කියන දේ තේරුණා වුණාට හැම දේටම එකම පදය පාවිච්චි කිරීමෙන් රචනාවක, කතන්දරයක, දේශනයක කිසිම ගතියක් එන්නේ නෑ.

මිනිස්සු රොත්ත
ගෑණු නඩය,
හොරු කැල,
කුරුල්ලන් පන්තිය,
අලි රැල
වගේ සුවිශේෂී පද භාවිතය කරන කොට රංචුව කියනවාට වඩා කොච්චර ලස්සනද බලන්න!

"දන්නෝ බුදුන් ගේ" ගීතයේ තියෙන්නේ සේරු පන්තියක් ගැනයි. ඉංගිරිසියෙන් ක්ලාස් කියන වචනේ පාවිච්චි වෙන්නේ මාළුන්ටයි, ක්ලාස් ඔෆ් ෆිෂ් (a class of fish) කියලා මාලු රංචුවකට.

මෙන්න ඒ වගේ ඉංගිරිසි පද කීපයක්. මේවා සේරම භාවිතයේ තියෙන ඒවා.

පොඩ් ඔෆ් වේල්ස් (a pod of whales)
පැනල් ඔෆ් ජජස් (a panel of judges)
ඇන්තලොජි ඔෆ් පොයම්ස් (an anthology of poems)
කලෙක්ෂන් ඔෆ් ෂෝර්ට් ස්ටෝරීස් (a collection of short stories)
පාර්ලිමන්ට් ඔෆ් අවුල්ස් (a parliament of owls)

දැන් අපි බලමු සරලව භාවිතයේ යෙදෙන තවත් සිංහල සමූහ නාම පද කීපයක්.

මාළු අහින
බඩු නැව [කැම්පස් භාෂාවෙන් අළුතින් එන බැච් (batch =කණ්ඩායම) එකේ ඉන්න කෙල්ලෝ රංචුවට කියන නම].
කෙල්ලෝ පාත්තිය [මල් පාත්තිය]
වන්දනා නඩය

ඒ එක්කම මං සිංහල බ්ලොග් ලෝකයේදී අළුතින් ඉගෙන ගත්තු එකක්:
ගූ හැත්තෑව

සමූහ නාම පද සම්බන්ධ කරගෙන අපිට කරන්න පුළුවන් එක ක්‍රීඩාවක් තමයි අළුත් යෙදුම් හදන එක. මං පිටරටකදී අහලා තියෙනවා රේඩියෝ වැඩසටහනක් මේ වාගේ තරගයක් තිබුණු. ජොකියා දවසට එක නාමපදයක් දීලා ඒකට සමූහ නාම පදයක් හදන්න කියනවා. අසන්නෝ ෆෝන් කරලා එක එක විසුලු නම් යෝජනා කරනවා. උදාහරණයක් ලෙස ලූණූ ගෙඩි (onion) ගොඩකට යෝජිත සමූහ නාම පදයක් තමයි එ සොබ් ඔෆ් අනියන්ස් (a sob of onions).

මෙන්න ඒ වගේ හදපු ඉංගිරිසි පද කීපයක්.

ඇඩිෂන් ඔෆ් මැතමැටීෂියන්ස් (an addition of mathematicians)
ඇනොයන්ස් ඔෆ් නේබර්ස් (an annoyance of neighbours)

මෙන්න හොඳ වෙබ් සයිට් දෙකක්.
1. http://users.tinyonline.co.uk/gswithenbank/collnoun.htm
2. http://www.ojohaven.com/collectives/

මේකේ ලොකුම උත්ප්‍රාසය ඇතිවෙන කේස් එක තමයි මේ වගේ සමූහ නාම පද ගොඩකට කියන්න සමූහ නාමපදයක් විදියට එක් ශ්‍රාවකයෙක් a redundancy of collective nouns කියලා යෝජනා කරපු එක.

මෙන්න මංතුමා සිංහල බ්ලොග් ලෝකය සම්බන්ධයෙන් මේ දැන් හිතපු සිංහල සමූහ නාම පද කීපයක්.

1. සිංහල දේශපාලන බ්ලොග් බක්කියක් (a bin of Sinhala political blogs)
(සේරම කුණු බක්කියේ!)

2. බ්ලොග්කාරයෝ බස් එකක් (a bus, aka, BUZZ of male bloggers)
(මේක නං දැම්මේ ගුගල් BUZZ හින්දයි!)

3. බ්ලොග්කාරියෝ පැනි හැලියක් (a honey pot of female bloggers)
(අපි ඇඹලයෝ ටික සේරම ඒ තැන්වල)

4. සිංහල කවි බ්ලොග් කරෝලයක් (a dried fish of Sinhala kavi blogs)
(වේලෙනවා, මැස්සෝ වහනවා)

යෝනජා කරන්නකෝ බලන්න මේවාට මීට වඩා හොඳ සමූහ නාම ටිකක්.

-කතන්දරකාරයා

ප/ලි
ගිය සිකුරාදා අපේ ට්‍රැෆික් ඇනෝ එවපු ඊ-මේලයක තිබුණා මේ වගේ තව කලෙක්ටිව් නවුන්ස් වගයක්. ඒ ඊමේලයේ කියලා තිබුණු දේ තමයි අපේ ලංකා පාර්ලිමේන්තුවේ කෂ්ටියගේ වැඩ කිඩ දැක්කම බැබූන්ස් ලා මතක් වෙන බව. ඒ කියන්නේ අ පාර්ලිමන්ට් ඔෆ් බෑබූන්ස්!

ට්‍රැෆික් ඇනෝ නිසා තව සති දෙකකට පස්සේ විතර පස්සේ දාන්න බාගෙට ලියලා තිබුණු හාෆ් බේක් කතන්දරේ ඔන්න අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් විදියට දැම්මා!

22 comments:

  1. කොහොමත් “පාර්ලිමන්ට් ඔෆ් අවුල්ස්“ නෙ :)

    ReplyDelete
  2. කතන්දර බ්ලොග් එකක් !

    ReplyDelete
  3. කාලෙකට ඉස්සර මකරත් මේ වගේ සමූහ නාම පද හොයලා තිබුණා. ලින්ක් එක සොයා ගන්නත් බෑ, මකරත් මේ දවස්වල මිසින්ග් නෙ.( ලංකාවට ගොඩබැහැලලු )

    ReplyDelete
  4. අනික්ව කොහොම වෙතත් පාර්ලිමන්ට් නං කොහොමත් අවුල් තමයි.

    ReplyDelete
  5. අවුල්ස් ඔෆ් බෆලොස් ,, පාර්ලිමන්ට් එක කියන තැනට වඩා පිටකොටුවේ පොදු වැසිකිලිය ටිකාක් හොදයි

    ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා

    ReplyDelete
  6. අපොයි ඔය...දියවන්නා ඔය මැද තියෙන බූරු පිටිය ගැන කතා කුමට...

    ReplyDelete
  7. ඔය ලොකු වතුර වල මැද එක්කහු වෙන් කට්ටියට කියන්ට සුදුසු සමූහ නාම පද ටිකක් :
    "a bunch of blood suckers or d**kheads or a**seholes"
    "a pack of liars"

    බ්ලොගර්ස් ලට සමූහ නාම පද ටිකක්
    A sphere of bloggers
    A boggle of bloggers

    ReplyDelete
  8. ටිකක් හිතන්න වෙනවා. අයියත් ඉරිදට දෙන්නෙ මාර ගෙදර වැඩනේ...

    ReplyDelete
  9. පාර්ලිමන්ට් ජෝක් නේද? සෑහෙන්න හිතන්න වෙනවා.

    ReplyDelete
  10. වැඩ අම්බානක්
    බොරු නහුතයක්

    Miffi

    ReplyDelete
  11. A blog of narcissists..

    ReplyDelete
  12. රඹුටන් වල්ලක්
    අඹ වල්ලක්
    බ්ලොග් වල්ලක් = සින්ඩිකේටරය

    ReplyDelete
  13. the " No more please " picture does not go with the theme of your blog . I wonder why u continue with it ?

    ReplyDelete
  14. ගූ හැත්තෑවයි . . වැලි එකයි . . .
    කොච්චර ඇනුවත් ගූම තමයි . .
    එන්නෙ නෑ ලොක්ක වචන . . . උපරිම ට්‍රයි කොලා

    ReplyDelete
  15. අවුල් පාර්ලිමේන්තුව !!!!

    ReplyDelete
  16. ගූ හැත්තෑවයි කියන එකට වැඩිය හොඳයි, ගූ දෙසිය විසිපහයි කියන එක. නැද්ද මන් අහන්නෙ.

    ReplyDelete
  17. තවත් සරසවි යෙදුමක් තමා "කැරට් පාත්තිය"

    ReplyDelete
  18. රුක්මනී මොඩල්(ගමේ සාය හැට්ට කෑලි),
    සිකි ප්ලාන්ට්(ඩෙනිම්,කොට සාය, තද සාය,කොට සාය කෑලි)
    අම්බරුවෝ(ගමේ ගොං පාට් කොල්ලෝ)
    ජැක්සන් / ජැක්සා ( පොශ් මොඩල් කොල්ලෝ)
    ලතා ( පොංසියෝ)
    ගස් ගෝන්නු ( කොළු කෙල්ලෝ)
    වලහා මොඩල් ( ඇගේ මයිල් වැඩි කෙල්ලෝ)

    අනික් ඒවා මතක නෑ......

    ReplyDelete
  19. සමහර 'ජින්ජ මෙග්ස් ' කාටුන් මතක් වුනා, ක. ශු. ත් බලනවද ඒ කාටුන් කියල හිතුන.

    Couple of Ginger Meggs quotes

    'What is the collective noun for a group of trade unionists?
    'A huddle'

    What is the collective noun for
    a group of managers?
    'A haggle'

    ReplyDelete
  20. දුකා මොඩ්ල්/ටයප් ගැන්සිය *gang of duka model = (බුලත් විට කකා, ගැමි විදියට ඉදන් පොෂ් වැඩ කරන කොල්ලෝ ටික)

    ReplyDelete
  21. A Bunch of boys..lol

    ReplyDelete
  22. @ All
    මේ වැඩේ collective nouns ඉංගිරිසි භාෂාවෙන් නං නැගලා යන එකක්. නමුත් සිංහල භාෂාවේ දුර්වලකමක්ද මන්දා සමූහ නාමපද සීන් එක අපේ කක්‍ෂ්ටියට අල්ලා ගන්න අමාරුයි වගේ.

    A sob of onions කියනකොට වගේ වැඩේ විනෝදමත් වෙන්න මේ සමූහ නාම පදේ හදන්න භාවිතා කරන වචනේ වෙනත් තේරුමක් තියෙන්න ඕනෑ, නමුත් ගැලපීමක් තියෙන්නත් ඕනැ!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.