Monday 19 December 2011

උඹෙ පෙම්බර මිනිහ කට්වෙලා - (සමහර) පිරිමි නැට්ටම වදින්න බොන්නේ ඇයි? :: Alcoholic Anonymous


මං කාලෙකට කලින් කතන්දරයකට දාපු මටාටා ටිටා කියන මාතෘකාව සමහර අයට තේරුණේ නෑ. ඒ සමහර විට ඒ ගොල්ලෝ ටිටාටා මටා නිසා වෙන්න ඇති!

ඒ කොහොම වෙතත් සුරාව, රහමෙර, මත්පැන් කියන වචන සෙට් එකෙන් හැඳින්වෙන ඇල්කොහොල් කියන්නේ නම් වැඩිපුර ආශ්‍රයට හොඳ බඩුවක් නං නෙවෙයි. අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ.

අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන්නේ සුරාමේරය මද පමණින් විතරක් පාවිච්චි කරන්න ඕනෑ එකක් කියලනේ! (බුදු අම්මෝ, දැන් මෙතන අර එදා දතේ පන්සලේ කතාව වගේ සීන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා).

සමහරු බොන්න ගියාම පිස්සෝ වගේ බොනවා. පොඩ්ඩක් සිප් කර කර, රටකජු ඇටයක් හප හප වැඩේ ඇන්ජෝයි කිරීමක් නෑ. කට කපලා දා ගත්තා, දීලා ඇද්දා නිකං මස්ත බාල්දුවෙලා යන්නම. හරියට අපායට හෙණ ගහනවා වාගේ.

අනිත් එක බොන වෙලාව.

සමහර බොනපාට්ලා මේ අපි වගේ කෑමට පෙර, කෑමට පසු, යාළුවෙක් සෙට් වුණාම, සිකුරාදාට, වීක් එන්ඩ් එකට, අහවල් එකේ සංවත්සරේට, අහවල් එක සමරන්න, දුකට, සතුටට වගේ හේතු කාරණා සෙට් වෙනකං ඉන්නේ නෑ. සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා, සති අන්තයේ සෙනසුරාදා සිට ඉරිදා දක්වා, දවසේ උදේ දහයේ සිට පාන්දර දෙක දක්වා, හිටගෙන, ඉඳගෙන, නිදාගෙන, කන්න කලින්, කෑවට පස්සේ, ඩෙසර්ට් එකට වගේ කිසිම චාරයක් නැතුව බොනවා!

මෙහෙම චාරයක් නැතුව බොන අය නිසා විඳවන්නේ ළමයි, බිරිඳ, දෙමව්පියෝ, නෑයෝ, යාළුවෝ වගේ අය තමයි.

නමුත් ඉතිං බීමට ඇබ්බැහි වෙන එකත් එක්තරා ආකාරයක ලෙඩක් බවත් අමතක කරන්න හොඳ නෑ. ඇබ්බැහි වුණාට පස්සේ ගැලවෙන්න අමාරුයි. ඒකෙන් ගලවා ගන්න හිතටත්, ගතටත් දෙකටම බේත් කරන්න අවශ්‍යයි.

මං දන්න ජෝඩුවක් හිටියා, සැමියා මුලින් ටික ටික දාන්න පටන් අරන් අන්තිමේදී අමු බේබද්දෙක් ගේ ගානට ආවා. බිරිඳ තමයි ඉතින් විඳෙව්වේ.

මෙන්න ඒ ජෝඩුව ගැන දුක හිතුණු වෙලාවක මා අතින් ලියවුණු කවියක්.

විවාහකයෝ

සුරා විතෙන් බමනා රත් පැහැ නෙත්
ඇතිවය සැමදා ඔබ හමුවන්නේ
නිදි නොලබන රැය කඳුළු ගඟේ
දියවී නිමවන්නේ
මල් පඳුරක විස කටුවකි ඔබ මට
හිමියනි!

පරාජිතව විඳිනා දුක් ගින්දර
නිවා දමන්නයි සුරා සොයන්නේ
විඳි කරදර සැම අමතක කරලා
ඔබගෙනි සැනසෙන්නේ
කටු පඳුරක මල් කැකුලකි ඔබ මට
සොඳුරියේ!


මේ සිද්ධියේ අන්තිම සීන් එක නං හරිම කණගාටුදායකයි. දැන්නම් සැමියා බොන්නේ නෑ. මොකද ඒ තරමටම අසාධ්‍ය තත්වයකයි ඉන්නේ. බිරිඳ තමයි ඉතිං තාමත් විඳවන්නේ. ඉස්සර නං බීලා වැටුණාම විතරයි දෙහි පොවලා සාත්තු කරන්න ඕනෑ. දැන් 24/7 ඒ ජොබ් එක තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
කසාඳ බැඳලා අවුරුදු දහයක් ගෙවිලා
දරුවෙකු ලැබිලා නැත ගෙය කළඑළි වීලා
ඒ ගැන හිතලද මන්දා රෝහණ බීලා
උඹ විගහට පැනලා වෙදකම් කරපං චන්ද්‍රා

(විවාහකයෝ කවිය පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

(image: http://ocaoimh.ie/2004/09/17/drunk-woooaaaahhh/)

39 comments:

  1. බීමත් බිරිඳගේ හිරිහැර නොඉවසූ සැමියා පොලිසියේ පිහිට පතයි

    http://data.gossip9.com/2011/12/blog-post_15.html

    ReplyDelete
  2. ඇල්කොහොල් වලට පුලුවන් රුධිරයේ ඇති කොලෙස්ට්‍රොල් අඩු කරන්න. දියවැඩියාවටත් ගුණයි. ඒක තමයි ඒවට දිවිය අවුසද කියන්නෙ.

    http://health.howstuffworks.com/diseases-conditions/cardiovascular/cholesterol/foods-that-lower-cholesterol1.htm

    ReplyDelete
  3. 'සුරා මේරය මජ්ජ පමා ධට්ටානා'

    මනුස්සයා සුරාව එන්ජෝය් කොරාට කමක් නැත, සුරාවට මනුස්සයා එන්ජෝය් කොරන්න ඉඩ දිය යුතු නොවේ

    ReplyDelete
  4. අද දවසේ කතාව ඔබා අයියාගෙන්.. අපේ බුවාලා එන්ජෝයි කරන්න නෙවෙයිනෙ බොන්නෙ, වෙරිවෙන්න.. :))

    ReplyDelete
  5. මම නම් බිව්වම කූල්..
    ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත

    ReplyDelete
  6. ඔය සුරවා කියන එක තව ටික දවසකින් මද පමණටවත් ගන්න වෙන්නෙ නැහැ ලංකාවෙ තියන ආර්ථිකේ හැටියට ......

    සුරාවත් ගානට කරනවා නං නරකම නැහැ ......

    ReplyDelete
  7. බොන්න වෙනවා මේකට කමෙන්ට් එකක් හිතලා ලියන්න !

    ReplyDelete
  8. බීමත්කම නස් කිසිසේත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් පොර වෙන්න බොන අපේ අයියලා ගැනනම් කියන්නම දෙයක් නෑ. මට මතකයි මගේ යාළුවෙක් කීව කතාවක්. පොර ඩොකෙක්. පොර කියනවා මම නොබී හිටියාට අවුරුදු 100ක් ඉන්නේ නෑ. ඒ නිසා බොනවාලු.
    මොනවා උනත් නොබී ඉන්න පුළුවන් නම් තමා හොඳ. බැරි නම් සීමාවක් තියාගෙන කාටවත් කරදරයක් නැති ගානට හරි. නැතිව අර 24/7 කතාව වගේ වෙන්නේ නැතිව.

    ReplyDelete
  9. සුරාවට උනත් ලිමිට් තියාගත්තම ඒකත් එකම ෆන් එකක් තමා... කොහෙද ඉතිං බෝතලයක් හම්බුනාම ලෝකේ තියෙන අන්තිම බෝතලේ වගේ බොන්න පුරුදු වුනාම මොන එන්ජෝයිද...

    ReplyDelete
  10. බිව්වට කමක් නෑ අනිත් මිනිස්සුන්ට වදයක් නොවී.

    ReplyDelete
  11. කවිය නම් සෑහෙන යමක් කියවෙන කවියක්,

    ReplyDelete
  12. සේරම කියන්න තිඑන ඒවා පැත්තකට දාල ප්‍රශ්නයක් අහන්නම්..කකා අයිය බොන්න පුරුදු වුනේ කම්මලේදීද??
    ;)

    ReplyDelete
  13. මම නම් මත්පැන් බාවිතයක් නෑ. අර පින්තූරේ ඇස් දෙකේ ඒවා දෙක , දෙක පේන්නේ මේ ලිපිය කියවන අයත් බීලා වගේ දැනෙන හන්දාද? :D:D:D

    තවත් ප්‍රශ්නයක්, මේ පාර කතන්දරගේ සන්ඩේ ස්පෙශල් එකට මොකද උනේ???

    ReplyDelete
  14. ඇල්කොහොල් වලට පුලුවන් රුධිරයේ ඇති කොලෙස්ට්‍රොල් අඩු කරන්න.

    //එහෙනම් මමත් ටිකක් බීලා බලන්න ඔනේ :)

    ReplyDelete
  15. මෙන්න මම සුරාවෙ ආදීනව ගැන ලියපු පෝස්ටුව. මාත් සුරාව නං එකකාලෙකදි තදටම පාවිච්චි කලා. දැන්නං හදිස්සියෙන්ම තමයි පාවිච්චිය. බොන අය දෙගොල්ලක් ඉන්නව. එක කට්ටියක් බොන්නෙ ඇගේපතේ අමාරුව යන්න කියල. එයාල එන්ජෝයි කිරිල්ලක් නෑ. ගත්ත ගැහුව කටපිහදාගෙන මාරුවුනා. හැබැයි ගෙවල්වල ගිහිල්ල වැඩියෙන් ගෝරි දාගන්නෙ මේඅය තමයි. අනිත් අය එන්ජෝයි කරන්න-සෙට්වෙන්න බොන අය. කොහොම බිව්වත් බීම හොදනෑ.

    ReplyDelete
  16. ලින්ක් එක අමතක උනා.මෙන්න

    ReplyDelete
  17. A 60 year old man goes to the doctor
    Doctor: "You're doing fairly well for your age."
    Patient: "You think I'll live to be 80?"
    Doctor: "Well, do you smoke?"
    Patient: "No, I've never done."
    Doctor: "Do you mess with women?"
    Patient: "No, I don't."
    Doctor: Do you drink?"
    Patient: "No, not a sip.
    Doctor: "Then why in hell do you want to live to be 80?"
    (An Old Joke)
    Drinking is the best reason to live longer and least damage to health comparing other two.
    So I drink with a limit!!!!!!

    Dick-son

    ReplyDelete
  18. මම නම් ඇත්තටම මතට තිත. බ්ලොග් ඈයෝ කවදාහරි මා මුණගැසුනත් තේකක්, කූල් පැණිබීමක් හැර යමක් බොන්නට නොදෙමි. දෙවරක් සිතා මා හමුවන්න.

    ReplyDelete
  19. @වෙද ගෙදර මහා වෙදනා- එතකොට ගෙදරට එන මනුස්සයෙක්ට වතුර ටිකක්වත් දෙන්නේ නැද්දැ??? O.o

    ReplyDelete
  20. බොනවා නම් ගාන සැර එකකට පුරුදු වෙන්න ඕන...එතකොට ටිකයි පෙවෙන්නේ...ඩ්‍රින්ක් එකත් එන්ජොයි කරන්න පුළුවන්...පොකට් එකටත් ගුණයි!

    කකාට සන්ඩේ ස්පැෂල් එක මිස් උනෙත්...ඊයේ සයනයේ දපලා හිටියෙත්..අද සුරා ආදීනව ලියන්න හිතුනෙත්...කලින් දවසේ 'නෝ ලිමිට්' උනා වත්ද???

    ReplyDelete
  21. වසිලිස්සා19 December 2011 at 13:01

    කතන්දරේ සහ කවි යන දෙකෙහිම වැදගත් ආදර්ශයක් ඇත .හාමිනේ ගෙනාපු තෑගි වලින් ඉරිදා සප්පායම් වුණාවත්ද? :)

    ReplyDelete
  22. බොරු කියන්නෙ මොකටද මෙහෙ ඉන්දැද්දි සතියකට පාරක් දෙපාරක් බොනවම තමයි...! පහුගිය සති කීපයේදි ඒක තුන් හතර පාරක් වගේ වැඩි උනා....! ඉඳල හිටලා එහෙම එනවා විශේෂ පුද්ගලයෙක් හරි කට්ටියක් හරි මෙහෙදි සෙට් උනහම....! හැබැයි කට් වෙන්න නම් බොන්නෙ නෑ....! අන්තිමට කට් වෙන්න බිව්වෙ අර ලංකාවෙ අධිවේගී පාර ඕපන් කරපු දවසෙ...!

    අපේ බ්ලොග් කට්ටියත් එක්ක හොඳට සප්පයාම් වෙලා මහ රෑ 10ට විතර කොට්ටාවෙන් පටන් අරගෙන ගාළු ගිහිලා 11.30 වෙද්දි ආපහු කොට්ටවට ආවා....!(හැබැයි වාහනේ එලෝපු කොලුව නම් බීලා හිටියේ නෑ ඔන්න )

    මහවෙදනා, කමක් නෑ වෙද මහත්තයෝ, අපි ඔබ තුමාව බලන්න එනවනම් බෝතලයක් අරගෙනම එන්නම්කෝ...!

    ReplyDelete
  23. සුරාවෙහි රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන දුදනෝ කෙසේ හඳුනත්

    ReplyDelete
  24. අපිත් මතට තිත!

    ReplyDelete
  25. Those who drink - gets drunk
    Those who drunk - goes to sleep
    Those who sleep - does not sin
    Those who does not sin - goes to Heaven
    So, Let us all drink - And go to Heaven!

    ReplyDelete
  26. බේබද්දෝ සමාජයේ අනුකම්පාවට ලක්විය යුතු කොටසකි.මක්නිසාද ඔවුන්ගෙන් බහුතරය සිටින්නේ වැටුණ වලෙන් ගොඩ ඒමට නොහැකිවය.නමුත් තමන් වැටුණ වලට අන් අයද ඇද දැමීමට උත්සහ කිරීම ඔවුන් කරන බරපතල වරදයි.

    ReplyDelete
  27. බොන එකාට බොන එක ආතල් එකක් මෙන්ම නොබොන එකාට බොන උන්ට බැනීමද ආතල් එකකි

    ReplyDelete
  28. මේක මම සඳරුට ඊයෙ පෙරේද දාපු කමෙන්ට් එකක්.


    බීල හරි සිගරට් බීල හරි කෙල්ල ( බිරින්දෑ ) ගාවට යන්න එපා, මොකද උඹ ගාව ගඳ නිසා ( මේක ඉස්තරම්ම විස්කි වලටත් අදාලයි පුතේ )
    කවදාවත් බිරින්දෑ ඉන්න තැනක ළමයි ඉන්න තැනක බොන්න එපා, මොකද අපි බීල කරන මෝල් වැඩ වලට චාටර් වෙන්නෙ උන්.
    බීලනං කිසිම වාහනයක් පදින්න හිතනන්වත් එපා, මොකද උඹ අමාරුවෙ දාන්නෙ අනික් උන්ගෙ ජීවිත.

    මේ මම බීම සම්භන්ධයෙන් අනුගමනය කරන ප්‍රථිපත්ති. හිතවත්කමට උඹට විතරයි කිව්වෙ.

    ReplyDelete
  29. මමත් පොඩ්ඩක් අනුමත වෙනඑක අනුමත කරනවා
    හැබැයි අනුමත උනා කියල කාටවත් කරදරයක් වෙන්නේනම් නැහැ

    ReplyDelete
  30. අනුන්ට කරදරයක් නොවී බීමෙන් පසු තැන්පත් වීමට හැකිනම්, තමන්ගෙම මුදලින් බෝතලය මිලදී ගතහැකිනම් .

    මුඩිය ගලවන්නත් කලින් වෙරි වෙලා පොර වෙන එවුන් නිසා තමයි අමද්‍යප බොහොමයක් දෙනා බෝතලේට වෛර බඳින්නේ

    ReplyDelete
  31. අපෝ, මේ බ්ලොග් අවකාශයේ මහ බේබද්දෝ ටිකක් නේ ඉන්නේ. බීමේ නරක කියල තියෙන කොමෙන්ටු කීයද තියෙන්නේ.
    කසු දැන උගත් වැඩිහිටියෙක් නේද. මද පමණට වත් සප්පායම් වෙන්න ප්‍රොමෝට් කරන්න එපා. එක මහ අපරාදයක්. මොකද බොන්න ගත්තම ඔය ලිමිට් අරව මේවා මතක තියෙන්නේ බොහොම ටික දෙනාටයි.
    අර ව්‍යග්ග පජ්ජ සුත්‍රයේ ද කොහෙද තියෙනවා නේද මත්පැන් පාවිච්චියෙන් වෙන අවැඩ ලිස්ට් එකක්. ඒ අවැඩ සේරම ඔය මද පමණින් ගන්න මහත්තුරු ඔක්කොටම ත් අදාලයි.
    (හැබැයි මේ කොමෙන්ට් එකක් විදිහට මෙහෙම කිව්වට සැබෑ ජිවිතේ නම් බීම ගැන මම කතා කරන්නේ නැහැ. මොකද ඕව කියන්න ගිහින් යාලුවෝ තරහ කරගන්නවාට වැඩිය හොඳයි ඔහේ යන අතක යන්න දෙනවා.)

    ReplyDelete
  32. මේකට කමෙන්ට් එකක් ලියන්න බොන්නම ඕනි කියලා ඉස්සෙල්ලා කිව්වත් ඔන්න නොබීම ලියන්නම් මම හිතන අදහන දේ. බොන අය බීමේ ආදීනව නොදැන, ඒකෙන් වෙන අවැඩ නොදැන බොනවයි කියලා හිතන අය දඟලන්නේ අර බොන අයට අවවාද දෙන්න. අනේ බබ්බුනෙ ඔව්වා දන්නෙ නැති නිසා බොනවා කියල හිතනවා නම්..මම නම් බොන ගැන්සි එහෙම නැත්නම් කල්ලි එකකවත් ඒ වගේ බබ්බු නම් නෑ..ඒ වගේ බබ්බු එක්ක බොන්න යන්නෙත් නෑ. යාළුවෙක් හම්බ උනහම අපි කැමතී සංවාදයේ පිළිසඳරේ යෙදෙන්න..ඕකට ඇල් වතුර හරි වෙන මොනවා හරි බිබී උනත් කලහැකි.එක එක මට්ටමේ ඉන්න කීපදෙනකුගේ ගත , සිත එක සැහැල්ලු තත්වයකට ගෙනියන්න පුළුවන් උත්තේජනය තියෙන්නේ මත්පැන් වල විතරයි. ලෝකයෙම මත් පැන් නිශ්පාදනය ගැන නොදන්න තොත්ත බබ්බුන්ට මේක අල්ල ගත හැකි පොයින්ට් එකකට. කවදාහරි මත්පැන් වලට විකල්පයක් විදියට ඊට වඩා උත්තේජනයක් ගෙනදෙන දෙයක් එනකන් මත්පැන් වල මේ තත්වය තියේවි.එහෙම විකල්පයක් එන කන් මන් නම් යාළුවො සෙට් උනහම බොනවා..මගේ පුද්ගලිකව මම තියා ගෙන ඉන්න ලිමිට් එක ඇතුලෙ. ඒකෙ අංකය මමනෙ තීරණය කරන්නෙ. ඕන්න මම හිතනදේ

    ReplyDelete
  33. දුමී said...
    .......“අපේ බ්ලොග් කට්ටියත් එක්ක හොඳට සප්පයාම් වෙලා මහ රෑ 10ට විතර කොට්ටාවෙන් පටන් අරගෙන ගාළු ගිහිලා 11.30 වෙද්දි ආපහු කොට්ටවට ආවා....!..........”

    ෂුවර්ද ගාල්ලටම ගියා කියල?

    ReplyDelete
  34. ඇත්තටම බීමෙ ආතල් එකනම් අදවෙනතුරු මම අත්විඳ නැත්තෙමි. නමුත් හොඳට බී බිමට සමතලා වූ වාරනම් අනන්තයි. මමනම් බීමට සමු දුන්නෙ 94-95 කලයෙදීය

    ReplyDelete
  35. අපි නම් ඔව්වට නැහැ

    ReplyDelete
  36. බොනවනම් බොමු ස්වාමීනී! :D

    ReplyDelete
  37. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී සික්ඛාපදං සමාධියාමි

    මදයටත් (මත්වීමටත්) ප්‍රමාදයටත් (නොසැලැකිල්ලටත්) කරුණු වන සුරාමේරය පානයෙන් වැළැකෙන ශික්ෂාපදය සමාදන් වෙමි

    මද පමණින් ගන්ඩ කියලා කව්ද කියන්නෙ......?

    ReplyDelete
  38. ජිවිතේ බොහෝ අවස්තා වල දුකේ සහ සතුටේ මා හා මගේ xxx ලග හිටින මිතුරා ඔබයි alcohol.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.