Friday 29 July 2011

අයිටී ෆීල්ඩ් එකේ තාත්තලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ය කියන කතාව ඇත්තක්ද? - Is it true that IT professionals mostly sire daughters?


අපේ කොලු පැටියා ඉපදෙන්න ඉස්සර හාමිනේ උඩරට නිළමෙට ඇඳල හිටිය කාලේ, වෙන්ඩ තාත්තා හපනෙක් ද කියලා හරියටම දැනගන්න පුළුවන් පුතෙක් ඉපදුණොත් ය කියලා අපේ මිතුරියක් කියපු කතාව ගැන මං පෙරේදා ලිව්වා මතකයි නේ.

මේකේ විද්‍යාව නං මං හරියට දන්නේ නෑ, මං මුලින් අහල තිබුණු විදියට කතාවට කියන්නේ ඔය බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාන්න පුළුවන්නම් ලු පුත්තු ලැබෙන්නේ.

පෙරේදා කතන්දරේට කමෙන්ටු දාපු බුරා ලයි, ඇනෝලයි චීන කැලැන්ඩරයක් සහ ඒකේ පදනම ගැන කතා කරල තිබුණා. ඉන්දිකත්, තවත් ඇනෝලත් මේ ගැන දන්නවා වගේ.

(ටැබූ සෑර් හිටියා නං ඩෙස්මන් මොරිස් ගෙන් හරි අහලා කියාවි මේ කතාවේ අල-ගිය-තැන. සිංහල බ්ලොග් ලෝකයේ මහදැනමුත්තිය කියලා මං විරුදාවලියක් දීපු අරුණි ෂපීරෝ නං දන්නේ බිත්තර නොකඩා ඔම්ලට් හදන්න විතරයි නේ!)

ඔය කතාව අපිට කියපු අපේ හිතවතියට ඉන්නේ පුත්තු ම දෙන්නෙක් නිසා උන්දෑ ඒ නොකියා කිව්වේ තමන් ගේ මිනිහා හරි හපනා කියලයි.

දැන් මේ කතන්දරේ කියවන දූවරු විතරක් ඉන්න තාත්ත ලා මේ ගැන දුක් වෙන්න නං එපා. අපේ අම්මලාගේ තාත්තලාට හිටියේ පුත්තු විතරක් නම්, අපි අද කෝ?

අද කතන්දර කෑල්ල මෙන්න මේකයි.

දූවරු දෙන්නෙක් ම ඉන්න මගේ හොඳ යාළුවෙක් වෙන විරාජ් කියනවා, අයිටී ප්‍රොෆෙෂනල්ස් ලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ලු!

පොර මල්ටි-නැෂනල් කම්පැනියක සිස්ටම් ආකිටෙක්ට් කෙනෙක්. (n=1)

විරාජ් කියපු ඒ කතාව හරි නේ දෝ කියලා වෙලාවකට මට හිතෙනවා.

මොකද මගේ තව යාළුවෙක් හිටියා කැම්පස් කාලේ ඉඳලම දන්න මිකැනිකල් ඉන්ජිනියරිං කරලා ඔය ෆැක්ටරි ගානේ රස්තියාදු වෙච්ච මං වගේ. පොර බැඳලා අවුරුදු තුන හතරක් යන කොට මෙන්න දුලා දෙන්නෙක් ම ලැබුණා එක පිට එක වාගේ.

ඔය "දෙ-දුරු පියා" කාලේම වගේ තමයි පොර ඒ මිකැනිකල් ඉංජිනේරු රස්සාවෙන් ටිකෙන් ටික ට්‍රැක් මාරු කරලා, පස්තාච්චි කුපාඩියක් හෙම කරළා, අයීටී ප්‍රොෆෙෂනල් කෙනෙක් වුනේ. දැන් මං හිතන්නේ පොර රටේ ලොකුම ලොකු තැනක අයිටී කප්පිත්තෙක්.

මට මේ ලඟදී පොර ව මුණ ගැහුණා. දැන් ඒ පවුලේ ළමයි හතර දෙනෙක් ම ඉන්නවා. පඩි පෙළ වගේ. හැබැයි උස පඩි දෙක එක ලඟ. ඊලඟ පඩි දෙක එක ලඟ. මේ පඩි යුගල අතර තරමක ජම්ප් එකක් තියෙනවා. ඇත්තටම පඩි පෙළක් කියන්නත් බෑ, ඒ හින්දා.

නියම වැඩේ මේකයි. ඒ හතර දෙනාම දූවරු! (n=2)

අපේ පොර ට මිකැනිකල් ඉංජිනියරිං දාලා අයිටී කප්පිත්තෙක් වෙන්න වුනේ විරාජ් ගේ තියරි එකට අනුව දුවරු ම ලැබෙන්න තියෙන හින්දද?

-කතන්දරකාරයා

ප/ලි:
"අයිටී ෆීල්ඩ් එකේ තාත්තලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ය කියන කතාව ඇත්තක්ද?"

මේ තියරිය අපිට බැරිද ගණිත අභ්‍යුහනයෙන් ඔප්පු කරන්න?

ඔන්න දැන් n=1 ට හරි, n=2 ට හරි. තව ටිකයි තියෙන්නේ. දෙන්නකෝ බලන්න සපෝර්ට් එකක්.

(image: http://www.india-forums.com/tv-show/655/rakt-sambandh/gallery/pictures/90991-father-with-five-daughters.htm)

64 comments:

  1. මිකැනිකල් එන්ජිනියරින් ෆීල්ඩ් එකේ ඉන්න කොට තමා, අපි දෙන්නට දුවල දෙන්නෙක් ලැබුනෙ. ෆීල්ඩ් එක මාරු කරලා වෙනම ෆීල්ඩ් එකක වැඩ කරද්දී ලැබුන පුතා අපි දෙන්නගෙ අවාසනාවට උත්පත්තියෙදිම නැති වුනා. වයිද්‍ය නිගමනය වුනේ, අපි දෙන්නගෙ වයස වැඩි වීමත් ළදරු මරණයට හේතු වුනා කියල. මට 40 සහ වයිෆ්ට 39 එතකොට. කොල්ල හිටිය නම් දැන් වයස 18 ක්.

    ReplyDelete
  2. ඔන්න ඉතින් කාකා උදේ පාන්දර මාවත් මඤ්ඤං කරෝනවා. ඇත්තටම මොකද්ද කාකා මේ තියරි එක ? සිරාවටම.... මොකද මගේ අයිතිකාරයත් Tech-lead කෙනෙක්. විරාජ් ගෙ තියරි එකට අනුව මටත් දූලද ලැබෙන්නේ ?? (n=????) හික්ස්....

    ReplyDelete
  3. ඕව උඩ ඉන්න දෙවියන්ගෙ වැඩ. ඕව්ව ගැන වැඩියෙන් හොයන්ට හොඳ නෑ. කොටින්ම කිව්වොත් ස්කැන් කරල ගැහැණු පිරිමි බව කියන එකත් නරකයි. ළමය නිරෝගි බව කිව්වම හොඳටෝම ඇති.කවිකාරි නං හිතන්නෙ වින්නඹු අම්මා හෝ දොස්තර ළමය උපන්විට ගැහැණු පිරිමි බව කියල දරුව අතට දෙනකොට තියන සතුට වේලාසන දැනගත්තාම නැතිවෙනව කියලයි. කෙල්ල උනත් කොල්ල උනත් හොඳින් දරුව ලොකුකරන එකයි හපන්කම.
    මගෙ දන්න කෙනෙක් හිටිය, දුවක් ප්‍රසූත කරල ගෙදර අය යනකොට අඬ අඬා ඉන්නව හම්බ උනෙ දුවෙක් කියල.

    ReplyDelete
  4. @ ඊ මේල් කවිකාරි

    දූවරු දාහෙන් සම්පතයි ...දැන් ඉන්න නසරානි පුත්තුන්ට වඩා. අඩුම තරමින් පරිප්පු හොද්දක්වත් තම්බලා බත් කටක් දේවිනෙ......නේද සහෝදරී .... :D

    ReplyDelete
  5. ඔය ඉතිං දිල් දන්න හරිය තමා.. දැන් ඉන්න සුකුරුත්තං කෙල්ලො දන්නෑ පරිප්පු හොද්දක්වත් තම්බගන්න.. අනේ අපරාදෙ කියන්ට බෑ දැන් කාලෙ කොල්ලොනං අපූරුවට ඉගෙනගන්නවා උයන්ට පිහන්ට.. :)

    ReplyDelete
  6. එහෙම එකකුත් තියනවද කිව්ව එක හොඳයි කලින් ඉඳලම හරක බාන වතුපිටි එහෙම ලැස්ති කොරල තියන්න :D

    ReplyDelete
  7. දුවල හොදයි තමා බැරිවෙනකොට වතුර උගුරක්වත් දෙන්න ඉන්නෙ දුවල,බැන බැන හරි කන්ඩ ටිකවත් හදල දෙයි තමන්ටම කියල දුවෙක් හිටියනම්.ඒ හින්ද දුවල හොදයි.

    ReplyDelete
  8. කතන්දර දෙවෙනි පාරටත් වැරදී...

    Observer…මහත්තයාගේ කතාව ඇහුවාම හරිම දුකයි...කඳුලුත් ආවා ඇස්වලට.

    හැබෑටම මේ ලෝකේ හරියට පරිප්පුවක්වත් හදාගන්ට බැරි කෙල්ලෝ ඉන්නවද?...:)

    කාටද ඔය වතු පිටි හරකා බාන ඔනේ දැන් කාලේ හොඳට ඉගෙනගත්තා නම් කොල්ලත්, කෙල්ලත් එකයි. මට හිතෙන හැටියට ලොකුම හපන්කම තමා තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි වෙන එක….:D

    ReplyDelete
  9. ඒ කතාව සහතික ඇත්ත. මගේ ස්කෝලේ ස්ර්ටත් දූලම දෙන්නෙක්... පස්සෙ දඟලලා දඟලලා කොල්ලෙක් හදාගත්තා.

    එතකොට දැන් වැඩ කරන තැන අයි.ටී ලොක්කටත් දුවෙක්.


    ඇයි මට... තාම ලොක්කෙක් නොවුනට මගේ හීනයත් දුවෙක්නේ...

    ReplyDelete
  10. පරිප්පුවක් වත් හරියට හදාගන්න පුළුවන් කෙල්ලොත් ඉන්නවද...හිකිස්‌...

    ඔය තියරි ඒක හරි නම් බුවා කිව්වා වගේ දැන්ම ඉදන්ම දෑවැද්ද හොයන්න වෙයි...ලොල්

    ReplyDelete
  11. Observer…මහත්තයාගේ කතාව ඇහුවාම මටත් හරිම දුකයි. මගෙ අක්කව මතක් උනා.

    පොඩ්ඩියෙ, ලොකුම හපන්කම තමා හොඳ තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි වෙන එක.ඊටත් කලිං හොඳ බිරිඳක් වෙන එක. ලංකාවෙ තනි දරු නීතිය නෑනෙ. ඉතිං ඔනැ නං පහක් හයක් හරි හදතහැකි වයස අඩුනං සල්ලි බාගෙ තියනවනං. ළමයිංට සැප දීල හදන්ටත් එපායැ. නැත්තං පව්නෙ එයාල.

    ඔය කවුරුකවුරුත් ගෑණු ළමයි හොඳ බිත්තර ඉවරවෙන්ට කලිං කාව හරි හොඳ හිතට ගැලපෙන කෙනෙක් හොයා ගත්තොත් හොඳා. මම මේ ටිකේම අපෙ දෝණිට කිව්වෙත් මේ බණේම තමා. එයාට ඔව ගානක් නැහැ.

    ReplyDelete
  12. පොඩ්ඩක ඉන්න... මම මේ කැළණියේ නාථ දේවලෙට යන ගමන්.. එයාගෙන අහල කියන්නම්...

    ReplyDelete
  13. අම්මෝ දූවරු දෙන්නෙක් කියලා කියන්නේ ලොකු දෑවැද්දක් හොයන්න එපැයි.
    නැත්නම් කොහොමද බන්දලාවත් දෙන්නේ. :)

    ReplyDelete
  14. Observer මහත්තයෝ, ඔබතුමා මිථ්‍යාවක් කර පින්නාගෙන තවමත් කණගාටු වෙනවා වගේ පෙනුනු නිසයි ලියන්නේ. නීරෝගී දරු උපතක් පිණිස මවගේ (පියාගේ නෙවෙයි) බලපානවා තමයි. ඒත් 39 වැනි වයසක් අද දරු උපතක් නොසිදුවිය යුතු වයසක් ලෙස සැලකෙන්නේ නෑ. නීරෝගී දරු උපතක් වෙන්න කාරණා ගණනාවක් බලපානවා. ඒ නිසා ඔබ මුහුණ පෑ සිද්ධියට එක හේතුවක් දෙන්න කාටවත් බෑ. වෛදවරයකුටවත් බෑ, ඉතාම දීර්ඝ පර්යේෂණයක් නොකළා නම්. බොහෝ විට වෛද්‍යවරුන් කරන්නේ text book එකක එන තොරතුරු දීම පමණයි.

    ReplyDelete
  15. මාත් ටිකක් දන්න දන්න අය ගැන මතක් කලාම IT Field එකේ බොහෝ අයට මුලින් ලැබිලා තියෙන්නෙනම් දුවෙක්. ඒත් පුත්තුත් ලැබිලා තියනවා...
    දූලා ඉන්න තාත්තලා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා ඒගැනනම්.ඒත් ඉතින් කුඩා කාලයෙ සිටම හුරුකරන්න ඕන ගෙදෙර වැඩපල. අධ්ය්‍යාපනය වගේම. මොකද නැත්නම් කවදාහරි ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙහෙකාරියකගෙන් උනත් වැඩ ගන්න අපිත් දැනගන ඉන්න ඕන .
    පිට රට අධ්ය්‍යාපනය කලත් තනියම උයා පිහාගන කන්න වෙනවනේ...

    පුත්තු විතරක් ඉන්න අයත් හරියට දුක් වෙනවා දුවෙක් නැති එක ගැන.
    මොකද පුත්තු දහයක් හිටියත් එක දුවෙක් තමා ගෙදෙරට එලියක් ගේන්නේ....

    ReplyDelete
  16. අපි දෙන්නට සිදු වූ දේ ගැන කනගාටුව පල කිරීමට කාරුණික වූ අයට දෙන්නගෙම ස්තුතිය.
    @ Doc, අපි කනගාටු වුනාට ඇත්තටම මිත්‍යාවක් කරපින්නගෙන නැහැ, මොකද මට වඩා මගේ බිරිඳ ඔය ෆීල්ඩ් එක ඉගෙනගෙන තියන බැවින් දොස්තර වරු අපිට කිව්වට වැඩිය එයා මට ඒ කාලෙම කරුණු පැහැදිලි කළා, X සහ Y ක්රෝමෝසොන පිළිබඳවත් සමගම. ඔබ කිවූ කරුණු සමග අපි එකඟ වෙනවා. අපිට පුතෙක් ඕනෙමය්, දුවල විතරක් මදි කියන හැඟීමක් කවදාවත් තිබුනෙ නැහැ. ඉන්න දුවල දෙන්න ගැන අපිට හොඳ සෑහීමකට පත් වෙන්න පුළුවන්. අපේ සිංහල බ්ලොග් ලියන කියවන කීප දෙනෙකුට, දුවල දෙන්නම පසුගිය අප්‍රියෙල් මාසෙ හමු වුනා. Doc ට නැවතත් ස්තුතිය් අපිට කරුණු පැහැදිලි කිරීම ගැන.
    (බැරි වෙලාවත් හිතන්න එපා, මේ කොමෙන්ට් එක "Doc කියන්න ඉස්සෙල්ල අපි ඕව ගැන දන්නව" කියන, ඔලුව ඉදිමුන ටෝන් එකකින් කිව්ව එහෙම කියල, අවංකවම එහෙම හිතකින් කිව්ව නෙමේ)

    ReplyDelete
  17. @ Observer: පුතා ගැන කනගාටුයි..

    @අනිත් අය: පුතෙක් උනත් දුවෙක් උනත් මොකෙක් හරි දරුවෙක්නේ. ඉතින් පුතෙක්ද දුවෙක්ද කියලා ඇයි ඔච්චර හිතන්නේ කියන එකනම් මට හිතා ගන්න අමාරුයි!! ( සමහර බිල් වල වගේ අගති විරහිතයි)

    ReplyDelete
  18. අනේ මංදා මාත් IT වැඩපොලක තමයි වැඩ කොරන්නෙ. මෙහේ ඉන්නවා මං දන්න පුතාල ඉන්න ගොඩ දෙනෙක්... දූල ඉන්න අය නම් බොහොම ටිකයි ඉන්නෙ.

    අනික ගණිතමය අභ්‍යුහනයෙන් මේක ඔප්පු කරන්න බෘ නේ. අභ්‍යුහනය කියන්නෙ මේ වගේ දෙයක්:

    1. n=k අවස්ථාවට සත්‍යයි කියලා උපකල්පනය කරනවා
    2. n=k අවස්ථාවට සත්‍ය වන්නේ නම් n=k+1 අවස්ථාවට සත්‍ය බව ඔප්පු කරනවා
    3. ඊළඟට n=1 අවස්ථාවට සත්‍යයි කියලා ඔප්පු කරනවා

    එතකොට n=1 ට සත්‍ය නිසා n=2 සත්‍යයි. ඒ නිසා n=3 ටත් සත්‍යයි... ඔය වගේ අනන්තයටම යනවා...

    මේ නං උත්සාහ කරල තියෙන්නෙ දුර්ලභ උදාහරණ කීපයක් මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රචාරය කරල බොරු ජනතා මතයක් හදන්න :P (ඔන්න දැන් n=1 ට හරි, n=2 ට හරි. තව ටිකයි තියෙන්නේ. දෙන්නකෝ බලන්න සපෝර්ට් එකක්.)

    ReplyDelete
  19. වාද කරගන්න දෙයක් නැහැනේ දුවලයි , පුතාලයි දෙගොල්ලමහොඳයි. නරකට හැදුනොත් පුතාලා, දුවලා කියල නැහැ දෙගොල්ලන්ගෙන්ම වැඩක් නැහැනේ.

    ReplyDelete
  20. ඇත්තටම.දැන් කාලේ කෙල්ලොන්ට පරිප්පු හොද්දක් වත් හදාගන්න බෑ.අත්දැකීමෙන් කියන්නේ...කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට හොදට උයන්න පුලුවන් ලොල්

    ReplyDelete
  21. මට නම් දුවෙකුයි .. පුතෙකුයි දෙන්නෙක්ම ඕන.
    ඊට පස්සේ , හිතන්න ඕන ..ගාන තවත් වැඩි කරනවද කියලා.

    ReplyDelete
  22. ලාවට අයිටී ඉගෙන ගත්තු උන්ට ලැබෙන්නේ මොක්කද? :O

    ReplyDelete
  23. මොකෙක්වත් නෑ හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  24. ඔබා මගේ කනගාටුව ඔබතුමාට. සමහර සිද්ධි වෙලා කොච්චර කාලයක් ගියත් අපේ හිත් වලින් මැකෙන්නේ නැහැ නේද?

    කතන්දර ගොබෙල්ස් ගේ ගණිත අභයුහන තියරිය දාලා තියෙන්නේ. අපි දෙන්නෑ සපෝර්ට්. වැලිඩ් වෙන්න තරම් දත්ත අපි ළඟ නැහැ. ඒකයි.

    අනික මේ ඔන්න මං කෙලින්ම කිව්වා අපේ එව්වා අපට රත්තරන් හරිය. එන්න එපා මගුල් කතන්දර කියන්න.

    හැබැයි කතන්දරගේ n=2 දාලා තියෙන්නේ තර්කය උපහාසයට ලක් කරන්න මිසක් ඔප්පු කරන්න නෙවිනේ. ඉතින් n=1 ට සත්‍ය වන මේ තර්කය n=2 ට විහිළුවක් වෙන්නේ. මේ අලුත්ම අභයුහනයක්.

    කොමෙන්ට් ලිස්ට් එකේ පස්ටම කොමෙන්ට් එක ඉදිරිපත් කොරල තියෙන්නේ රත්ගමයා මහතායි. කවුරුත් මේ රිස්ක් එක ගැන හිතලා අයි ටී කොරනවා නම් පරතෙරටම කොරපල්ලා.

    ReplyDelete
  25. පුතා වුණහම මොකද දුව වුණහම මොකද... හැබැයි ඉතින් තාත්තලගෙ හිත් දුවකට වැඩියෙන් ඇදිල යන එක නතර කොරන්ඩ අමාරුනෙ...

    @ Observer,
    පුතා ගැන ඇත්තටම කණගාටුයි අයියෙ...

    ReplyDelete
  26. තාත්තා හිතන්නේ, දුවලා ලැබෙන්නෙ තාත්තාගේ වනචර කමට අනුවලු. IT කාරයො කොහොමත් කොම්පියුටරේ බලන්නෙ හොද එව්වා නෙවේනේ..

    ReplyDelete
  27. මගේ මිත්‍රයෙක් IT කරන නිසා ඔහුට ලමයි නැති බව කිව්වා කියලා මතකයක් තියෙනවා. හේතුව කියන්නේ සී.ඩී යන්ත්‍රයේ ලේසර් කිරණ.

    ReplyDelete
  28. එහෙනං IT වලින් බාගෙකුයි වෙන දේකින් බාගෙකුයි ඉගෙන ගත්තා නං වැඩේ ගොඩම තමා

    ReplyDelete
  29. මක්කය අයියන්ඩි ඔය ගණිත අභ්‍යුහනය කියන්නේ?? වචනේ නම ඇහුව වගේ මතකයි ඉස්කෝල කාලේ.

    මම ඇතුළු ගොඩක් අයි. ටී. කරන අය ඔහේ පුටු රත්කරන නිසා, අග මහන්සියෙන් වැඩ නොකරන නිසා, ඔය හයිය හත්තිය තියන ඉස්ගෙඩි ගණත්වය අඩුවෙනවද කියලත් හිතෙනවා....

    ReplyDelete
  30. මතවාදයක් නිකංම මිථ්‍යා කියල ඉවතට දාන එක වැරදියි.
    මෙහෙම හිතන්න.
    පුද්ගලයෙක් අයි.ටී ෆීල්ඩ් එකට යන්නෙ එයාගෙ ජානමය ලැදිකමක් නිසා බොහෝ විට. (වෙන කරන්න රස්සාවක් නැතුව ගියහම අයි ටී කොරන්න ගිහින් අපිවත් අමාරුවෙ දාන එවුන් ඇරුණහම).
    ජානමය වශයෙන් අයි ටී වලට ලැදි කමක් තියෙන අයගේ එක්ස් කොරම සෝම වැඩියෙන් තියනවද කියල හොයා ගත්තනං හරි.
    ----------------------------------
    ඒක නෙමෙයි වැඩේ. අපට තරහ ගියහම ප්‍රසිද්ධියේ වුනත් කෙනෙකුට බනින්න පුළුවන් දැන් "අර ක්‍රොමසෝම මුදලාලි මට බාල බඩුවක්නෙ දීල තියෙන්නෙ" වගේ දෙයක් කියල. අර ඉස්සර පාවිච්චි කරපු ටැබූ වචනය වෙනුවට.

    ReplyDelete
  31. මං කිව්වෙ මෙදා පාරනෙ දැනගත්තෙ ළමයි හැදෙන්නෙ ක්‍රොමසෝම වලින් කියල.

    ReplyDelete
  32. මේ තියරිය ගැන නම් මං දන්න දෙයක් නෑ. ඒත් මීට අදාළ වෙනත් කාරණා දෙකක් මම කියන්නම්.

    1. ලංකාවෙ gaysලා වැඩියෙන්ම ඉන්නෙ ගුවන් සේවාවල cabin crew එකේ. (ප්‍රකට කාරණයක්.) දෙවැනියට IT field එකේ. සාමාන්‍ය ජනගහණයේ gaysලා 5-10% අතර නම් IT වල 20%ක් විතර වෙනවා.

    2. මං දන්න කසාඳ බැඳපු gayලා අතරින් 75%කටත් වඩා ඉන්නෙ දුවලා විතරමයි.

    ReplyDelete
  33. මට ඉන්නවා අයිටී කොම්පැනියක වැඩකරන යාලුවෙක්. ඌ බැඳලා නම් නෑ. හැබැයි මිනිහා අවුරුද්දකට විතර කලින් ඉඳලා බෝඩ් වෙලා ඉන්න ගෙදර ඇන්ටිගේ දුවට ලමයි නැතුව ඉඳල ඉඳල මේ ලඟදි දුවක් හම්බ වුනා. එයාගෙ හස්බන්ඩ් ඉන්නෙ රට. (n=3!)

    - S. සනාථ

    ReplyDelete
  34. ඒ කියන්නෙ IT කාරයොන්ගෙ ඉස්ගෙඩියො ස්ලෝද ??.. මාර සීන් එක...ඒත් ඉතිං මොකද අප්පා ස්ලෝ එකේ හරි යනවනම්...

    ReplyDelete
  35. මයික්‍රොසොෆ්ට් එකේ ගේට්ටු අයියට ඉන්නෙ දුවලද පුතාලද වැඩියෙන්..?

    ReplyDelete
  36. කතාව ඇත්තනේ අය්යේ (uncle ද දන්නේනැත සමහර විට සීයා ද වියහැක )IT Professionals හැම තිස්සෙම lap එකක් උකුලේ
    ඉතින් ඒ ගොල්ලන්ගේ ඉස්ගෙඩියො ටිකක් slow ඇති

    ReplyDelete
  37. කතාව ඇත්ත වෙන්න පුලුවං. මේ Linus Torvalds ට ඉන්නෙත් දුවලා තුන්දෙනෙක් තමයි :D

    ReplyDelete
  38. @මාතලන් අය්යා,

    බිල් ගේට්ස්ට ඉන්නවා හරිම හැඩකාර දියනියන් 2 හා 1 පුත්‍ර රත්නයක්...

    ReplyDelete
  39. මේ පෝස්ට් එක අභීත aka අබේපාල මාමා ගෙ ජ්‍යාතන්තර කුමන්ත්‍රනයක් වෙන්න බැරි නැහැ, ක.ශු. වත් පගාවක් දීල අල්ලගෙන. මොකද අභියා මඩ ගහ ගන්න "උගේ ලෝකය" ලියන පොර, IT ක්ශේත්‍රයෙ කකුලක් නිසා. ක. ශු. ට පොරොන්දු වුනාද දන්නැහැ, "එක්ස්ප්ලෝර් ලංකා" ගානේ ලංකාව වටේ ටුවර් එකක් වගේ පොල් කෑල්ලක්.

    ReplyDelete
  40. @ මාතලන්,
    ඊමේල් ගොසිප් එකක් නං යනව, බිල් ගේට්ස් බැඳලා පැණිහඳේ ගියාම මනමාලි කිව්ව කියල "ඔයා මයික්‍රොසොෆ්ට් නම පාවිච්චි කොරන්නෙ ඇය් කියල තේරුං ගත්ත" කියල. ඒ වුනාට බොරු කතාවක් වෙන්නැති ගිම්හානි කියන්නෙ දරුවො තුන් දෙනෙක්ම ඉන්නව කියල.

    ReplyDelete
  41. මම නම් හිතන්නේ ඔය හැම දෙකටම මුල් වෙන්නේ තමන්ගේ හිත. ළමයින්ගේ ගැනු පිරිමි බව තීරණය වෙන්නේ තාත්තා I .T field එකේ ඉන්නවද නැදද කියන එක උඩ නෙවෙයි.

    ReplyDelete
  42. @ ගිම්හානී
    එහෙනම් කතන්දරේ ඇත්ත ඈ......

    ReplyDelete
  43. අපෝ වැරදියි වැරදියි. මං දන්න අයිටී කාරයෝ ඔක්කොටම පුතාල ඉන්නෙ පඩි පෙලවල් වගේ.
    මැණික්

    ReplyDelete
  44. අයිටී උගන්වන අයට සහනයක් ලබාගන්න බැරිවේවිද ? ක.කා කියන කතාවත් ඇත්ත කියලා හිතෙනවා මම දන්න කියන අයිටී ලොක්කෝ කීප දෙනෙකුටම දූ වරු හම්බුනා "සූ" ගාලා !!

    මගේ බොසාට තවම ළමයි නෑ එයාට ළමයෙක් ඉපැදුනාම මේ කතාව ඇත්තද කියලා ටක්කෙටම බලාගත හැකි ..

    ReplyDelete
  45. මේ කතාව හැබෑ නම් , ලංකාව දූලගෙන් පිරෙන කාලය වැඩි ඇතක වෙන්න බැහැ...

    ReplyDelete
  46. කාටවත් හිතුනෙ නැද්ද ඇයි අර කට කහන දුමිය මෙතන කමෙන්ට් නොකලෙ කියල!
    අපි ලී යකඩ කන දවසෙම මිනිස්සුංව බයිට් එකට ගිලින නිසා වෙන්ටැ පුත්තුම ඉන්නෙ!

    කකා බාගෙට කොම්පීටර් පොරක්ද එතකොට කළවමේ ඉන්නෙ?

    ඔබා ම, ඔබට වූ කණගාටුදායක සිද්ධිය කාටත් පාඩමකි.

    ReplyDelete
  47. මගේ පරණ office එකේ (ලංකාවේ ප්‍රසිද්ධ IT company එකක්) බුවාලා දෙන්නෙක් දවසක් කෝච්චියේදී මුණගැහිලා චැට් එකක් දාගෙන යනවා ..
    උන් දෙන්නටම දූලා දෙන්න ගානේ ඉන්නවා. එකෙකුට බාල දුව ලැබුනේ ලඟදි. ඉතින් අනික අරුට සුබ පතන ගමන් කියනවලු..
    "මචන් අපි කරන පහර වැඩ හින්දම වෙන්න ඇති අපිට දූලම ලැබෙන්නේ නේද" කියල.
    ක. කා. ගේ බ්ලොග් එක කියවන අපේ offfice එකේ එවුන් ඉන්නවනම් දන්නවා ඇති කවුද මේ පොරවල් දෙක කියල.

    ReplyDelete
  48. අනේ මන්දන්නෙ නෑ කසූ.... අපිවත් මඤ්ඤං කරනවනේ බොලේ.... මටත් ඉන්නවා දූල දෙන්නෙක්, මැද එකා පුතෙක්. එතකොට කසූගේ තියරි එක අනුව ඉතින් මැජෝරිටි එක දූලා තමයි. එතකොට මගේ තව යාළුවෙකුට ඉන්නේ දුවයි පුතයි, ඒ කියන්නෙ ෆිෆ්ටි ෆිෆ්ටි, හැබැයි බගේ බොසාට නම් ඉන්නේ දූලම තුන් දෙනෙක්, එතකොට කසූගේ තියරි එක හරි.....!

    ReplyDelete
  49. ක.ශු.පින්තුරෙ ඉන්න පොර නං, ඒ පින්තුරෙ ඉන්න කෙල්ලන්ගෙ තාත්ත වගේ පේන් නැහැ.

    ReplyDelete
  50. අපට කනගාටුව ප්‍රකාශ කිරීමට ක. ශු. ගේ පෝස්ට් එක පාවිච්චි කල සැමටත්. ක.ශු. ටත් අපි දෙන්නගෙ ස්තුතිය.

    ReplyDelete
  51. Baseless theories. We live in the 21st century. A baby to be female or male, these are purely chance events.

    And if you need to prove a theory need a reasonable sample and a proper scientific method/ testing.

    LOL...keep on writing

    ReplyDelete
  52. 500 වෙනි එළවන්නා මමයි ඕන් ජයවේවා

    ReplyDelete
  53. මේ දැන්නං සූත්‍ර හෙඑාගනගන්න බෑ ‍පස්සේ වෙලාවක් ලැබුනොත් බලන්නං

    ReplyDelete
  54. @ඇනො: "අයි.ටී ෆීල්ඩ් එකට යන්නෙ එයාගෙ ජානමය ලැදිකමක් නිසා බොහෝ විට...."
    එහෙමද නැත්නම් ඒ එල් වලදි ගත්ත z ස්කෝර් එක මතද, පවතින ජොබ් මාකට් එකේ ඉල්ලුම මතද, එහෙමත් නැත්නම් ලංකාවේ මේ මොහොතේ මොකක් හරි හේතුවක් හින්දා ජනප්‍රියම ක්ශේත්‍රයක් නිසාද?
    මිනිස්සු දේශපාලනයට යන්නේ, හමුදාවට යන්නේ, මැදපෙරදිග ගෘහ සේවයට එහෙම යන්නෙත් ජානමය ලැදිකමක් නිසාද?

    - සනාථ

    ReplyDelete
  55. @ All
    බුදු සන්තෝ, මාර ප්‍රතිචාරයක් නේ තියෙන්නේ. දවස් දෙක ඇතුලත හිට්ස් තුන්දහක් ලැබිලා.

    ඒ මදිවට කමෙන්ට්ස් පිරී ඉතිරී ගිහින්. මට පේන විදියට -ප්‍රසිද්ධ පුද්ගලයොත් ඇනෝ කමෙන්ට්ස් දාලා වගේ.

    සියළු දෙනාටම ස්තුතියි.

    පුදුම විදියට ගෙදර වඩ යෙදුණු නිසා -එකකටවත් උත්තර බඳින්න වෙලාවක් නෑ.

    මේ තියරිය මං ගෙනාපු එකක් නෙමේ, මා මිත්‍ර විරාජ් ගේ එකක්. මං කලේ පොඩ්ඩක් සමීක්‍ෂණයකට ඒ තියරිය භාජනය කළ එක විතරයි.

    හාමිනේටයි මටයි ඉන්නේ දුවයි පුතයි බව නං මං කලින් කියලා තියෙනවානේ.

    දුලාම ඉන්ණ අයටත්, පුත්තුම ඉන්න අයටත්, මං වගේ අයටත් සෙනසුරාදා ඉරිදා කරන්න තිේ‍රන වැඩ කොටස නං ඉතිං කොහොමත් එකයි.

    ජයවේවා!

    ReplyDelete
  56. මලා මම අදම ජොබෙන් අස් වෙනව

    ReplyDelete
  57. Huta mamamth job eken ayin wenawa Wikunanawa wade eaka hondai doola hadanne nethiwa

    ReplyDelete
  58. හුටා මේක ඇත්තද ? මම ගැන බලද්දී මේක ඇත්ත

    ReplyDelete
  59. ඇත්ත කියලත් හිතෙනව!...
    IT ම නැතුව Computer field එකේ නම් උදාහරණ තියනව මට පේන්නම.
    පිරිමි නිලධාරීන් 3 දෙනෙක් ඉන්න තැනක 3 දෙනාටම ඉන්නෙ දුවල!
    System Engineer (Computer), Network Administrator, Technical Officer (Computer) :D

    ReplyDelete
  60. Yakada thalamu mallie. Athakota oya ratio aka 50-50. Yasata yana speed akath adui.

    ReplyDelete
  61. මේක මම ගොඩ කාලෙකට පස්සේ දැක්කේ. IT field එකේ ඉන්න එවුන්ට දූවරු ම ලැබෙන්නේ උන් වැඩිපුර වැඩිහිටි ප්‍රකාශන පරිහරණය කරන නිසාලු. අනේ මන්ද, මටත් ඉන්නේ දුවෙක් නේ.

    ReplyDelete
  62. IT Field එකේ ඉන්න උන්ට දූවරුන් ම වැඩිපුර ලැබෙන්නේ උන් වැඩිපුරම වැඩිහිටි ප්‍රකාශන පරිහරණය කරන නිසා ලූ. අනේ මන්ද මටත් ඉන්නේ දුවෙක්, මගේ වටේ ඉන්න එවුං ඔක්කොටම ඉන්නෙත් දූවරු තමයි.

    ReplyDelete
  63. මට නම් පුතාල ඕනෙ. බස්සව වහාම වෙන රස්සාවකට දාන්න වෙයි වගේ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.