Sunday 24 July 2011

කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය - Anura Kumara Dissanayake F2F with KK


ලියන කොට මට ජොලියක් එන කතන්දර මිසක මේ බ්ලොග් එකේ මුළුමණින්ම දේශපාලන කතන්දර නං දාන්න මගේ අදහසක් තිබ්බේ නෑ මේ වෙනකංම.

හැබැයි ඒ, නිකමට හරි පොලිටික්ස් ගෑවිලා යන කතාවක් ලිවුවොත් මට බැෂ්ටිය දෙන්න සෙට් වෙන පොලිටිකල් ඇනිමල්ස් කෂ්ටියට බයේ නං නෙමේ.

කොහොමටත් මංතුමා පොලිටික්ස්වලට ලොකු කැමැත්තක් නෑ. මංතුමා ගේ පොලිටික්ස් වලට නං අඩුගානේ කතන්දර හාමිනේගේවත් කිසිම කැමැත්තක් නෑ.

නමුත් ඉතිං මේ කතාව නං නොකියාම බෑ කියලා මට හිතුණා. කොහොමටත් ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් දාන එක මං දැන් කාලයක් තිස්සේ කරගෙන එන වැඩක් නේ. මේකත් ඒ ගොඩටම දාගමු එහෙනම්!

ඔන්න දැන් මාස කීපෙකට කලින් මට අවස්ථාවක් ලැබුණා පොඩි පහේ පොලිටිකල් රැස්වීමකට යන්න. පොඩි පහේ කිව්වේ එතනට ඇවිල්ලා හිටියේ කීප දෙනෙක් විතරක් නිසයි. අනික රැස්වීමක් කිව්වාට ඒක මේ ශාලාවක තිබුණු නරඹන්නන් පුටුවල ඉඳගෙන ඉන්න ජාතියේ එකක්.

මේ රැස්වීම තිබුනේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන අරමුණ යටතේ, ඒ ගැන කතා කරන්නයි. අනුර කුමාර දිසානායක තමයි එක කථිකයෙක්.

මං හිතන්නේ අනුරකාරයා පැයක් විතර කතා කළා. ඊට පස්සේ කතා කලේ එතනට ඇවිල්ලා හිටිය මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන සංවිධානයේ අනිත් දේශපාලන ප්‍රවේගය නියෝජනය කරන අර්ජුන රණතුංග යි.

මේ දෙන්නම කිව්වේ "අනේ බලන්න කො, අපේ රටේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවෙලා ගිහින් නේ අනේ. මේක බේරා ගන්න අපි එක්ක එන්න කෝ අනේ!" වගේ දේවල් තමයි.

අනුරකාරයා නං ෆයිල් එකකින් බල බල මොනවද සංඛ්‍යා ලේඛන වගයකුත් ඇද බෑවා!

ඔන්න මේ දෙන්න ගේ කතා ඉවර වෙලා ප්‍රශ්ණ අහන කාලය ආවා.

අනුර කුමාර දිසානායක ගේ කතාවේ පොර කියපු එක කරුණක් තමයි ලංකාවේ හැම අවුරුදු දහයකට පාරක් ලොකු ගංවතුරක් එන බව. මිනිහා ඒ උපමාව ගත්තේ ඒ වගේ දේශපාලන පෙරලිත් වෙන බව කියන්නයි.

මංතුමා නැගිටලා ඇහැව්වා පොඩි ප්‍රශ්ණයක්. මෙන්න ඒක ඒ හැටියෙන්ම.

"මගේ ප්‍රශ්ණය අනුර කුමාර දිසානායකටයි. අනුර, දැන් ඔබේ කතාවේදී කිව්වා, අපේ රටේ අවුරුදු දහයකට විතර පාරක් මහා විශාල ගංවතුරක් එනවාය කියා. ඒ ගංවතුර ඔබ සමාන කළේ දේශපාලන පෙරළිවලටයි.

දැන් අද අපි මෙතන කතා කරන්නේ ලංකාවේ නැති වුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීම ගැනයි. නමුත් ඇත්තටම කියනවා නං, අර අපි දන්නා දේශපාලන පෙරළි අපි කෙරුවේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නට නේද?

අපි අතීතය සලකලා බැළුවොත්, හැත්තෑවේදී සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවලා තියෙන්නේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

ඊ ලඟට හැත්තෑ හතේ යූඇම්පී ආණ්ඩුව පිහිටුවාගෙන තියෙන්නේත් නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

ඊට පස්සේ අනූ හතරේදී ඔබේ පක්‍ෂයේත් අනුග්‍රහය ඇතුව පොදු පෙරමුණ බලයට ගෙනාවේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

ඊ ලඟට දෙදාස් පහේ දී ත්, අපි කළේ අඩු වැඩි වශයෙන් නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීමක් නේද?

ඒ විදියට අන්තිම ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීම කරලා, දැන් අවුරුදූ පහක් යන්නත් කලින් අපි නැවතත් අද කතා කරන්නේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්නයි.

මගේ ප්‍රශ්ණය මෙන්න මේකයි.

දැන් අපි කොහොම හරි නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටෙව්වා ය කියමුකෝ.

ඊට පස්සේ, අපි ආයේ කවදාද මෙහෙම රැස්වෙන්නේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්න?"

මේ වගේ රිටෝරිකල් ප්‍රශ්ණ අහන්නේ උත්තරයක් ඕනෑ හින්ද නෙමෙයිනේ. නමුත් අපරාදේ කියන්න බෑ, අනුර කුමාර දිසානායක උත්තරයක් දුන්නා.

පොර කිව්වේ ඉතිං මේ පාර නං ප්‍රජාතන්ත්‍රවාදේ නැවත පිහිටෙව්වහම ආයේ නිකං කොන්ක්‍රීට් කුළුණ වගේ නොසැලී, නොබිඳී තියෙන්නයි පිහිටුවන්නේ පුතෝ! වගේ බයිල එකක්.

එහෙම වුනොත් හොඳයි අනේ!

මොකද ඉතිං, දැන් දැං ඔය දේශපාලු රැස්වීම්වල බයිල අහන්න යන්නත් කම්මැලියි කම්මැලියි නේ. ඊලඟ පාර ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන කාලේ එන කොට කවුද ඕවට යන්න ඉන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
මේ ගණිත ගැටළුව විසඳන්න:
9 + (89-71) = ?

ප/ප/ලි
මං අහපු දෙවෙනි ප්‍රශ්ණය සහ ඒකට අර්ජුන දුන්නු විහිළු උත්තරේ ඊලඟ ඉරිදා ට කියවමු.

42 comments:

  1. ලොල්...මොනව උනත් අනුර අයියා හොද එළකිරි උත්තරයක් දෙන්න ඇති...තාර්කික උත්තරයක්‌ , නැද්ද මං අහන්නේ..
    මම මේ හිත හිත ඉන්නේ අර්ජුන දීපු උත්තරේ මොකක්ද කියලයි.. :D

    + මේ ගණිත ගැටලුවේ සම්බන්ධ මොකක්ද ..උත්තරේ 27 නෙවෙයි කියයදා මන්ද..

    ReplyDelete
  2. මොකක්ද ඔය 'ප්‍රජාතන්ත්‍රවාදය' කියන්නේ???...:D

    ReplyDelete
  3. ඔය ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියන එක අලියට ඇහැ තියනවා වගේ එකක්. තාම කාටවත් කරගන්න බැරිවෙලා.
    9 + (89-71) > 100000 වෙන්න ඕනි. කතන්දර දන්නවද හරිම ගාන?

    ReplyDelete
  4. දේශපාලනේ නම් ඉතින් කතා කරන්න දන්නෙ නෑ අෆ්ෆා මං... ඊයේ තමා කුලුදුල් ඡන්දේ දැම්මෙත්..


    ප.ලි.ගානට උත්තරේ 27 නේ..

    ReplyDelete
  5. දේසපාලනේ කොහොමත් ගං වතුර වගේ තමා. මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  6. දැන් ජේව්පි කස්ට්ය මහ බුරු වැඩ කරන්නේ නමුත් මා නම් පුද්ගලිකය ගරු කරනවා රෝහන ව්ජේව්ර මහතා හට ඒ මනුස්සයා දැන් හිට්යනම් ඔය ජේව්පි කාරයොන්ගේ කනට ගහන්නේ

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරිය28 June 2014 at 18:09

      ටිකක් ග්‍රාම්‍ය වගේ වුණාට ඇත්තම ඇත්ත කතාවක්. රෝහණ විජේවීර හිටියා නම් ඔය පොරවල් වලට යන එන මං නෑ..

      Delete
    2. ඒක ඇත්ත හෙන්රි. විජේවීර ඉන්න කාලේ කී දෙනෙකුට නම් යන එන මං නැති කළාද?

      Delete
  7. කතන්දරත් ඔලුව නොදාන තැනක් නෑ නෙ..

    ReplyDelete
  8. ගනිත ගැටලුව ඊලඟ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහි‍ටුවන ‍රැස්වීම තියන දවස ගැනවත්ද . . . ???
    හරියට නිකං 2016 වගේ . . . ????

    ReplyDelete
  9. හපොයි අනුරල ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න ඕනි රිමෝට් එකත් අතට අරන් ලැජ්ජා හිතිලද කොහෙද අනේ බෑ කියල පැත්තකට වුණානෙ. ඉතින් ඒ වෙලාවෙ විතරක් පොඩි බලාපොරොත්තුවක් තිබුණ. ඒත් වැඩක් වුණේ නෑ අපේ කාළකන්ණිකමට...

    ReplyDelete
  10. ඔය ඔක්කොම ගිරවු වගේ මොනව් හරි ලස්සන කතාවක් කියනවා හැමෝටම.

    මමනම් අනිවා හිතන්නේ UNP අවරුදු 18යි, මහින්දගේ අවිරුදු 9යි ගැන තමා මේ කියන්න යන්නේ කියල.

    ReplyDelete
  11. හප්පා හිනාවෙන්න සතියක් ඉන්න ඕනෙද...

    ReplyDelete
  12. බ්ලොග් එකේ හතර වටේම දේශපාලනය තියා ගෙන , “මම දේශපාලනය කතා කරන්න කැමැති නැහැ“ කියන එක වැරදි නෙව කතන්දර.

    අනික අපි කවුරුත් දේශපාලනික සත්ත්වයො ලු. ඒ කෙසේ වෙතත් ඒක මෙන්න මෙහෙම වුනානම් හරි “දේශපාලනය කරන කවුරුත් සත්ත්වයෝය“....

    ඉතින් දැන් ඔය ගාණට උත්තරය ඇවිත් 10 ද? දේශපාලන ඇසින්...

    මේ.... අපේ රටේ උගත් කියල සම්මත පිරිසයි , දේශපාලඥයනුයි අතර කෙදිනකවත් නොසන්සිදෙන වර්ගයේ සිත් අමනාපයක් තියෙන්නෙ ඇයි ද කියල මට තේරුම් ගන්න බැහැ. ඒ කෙසේ වෙතත් උගත්කමට වඩා දේශපාඥයින්ට ගරු කරන ඇතැම් උගත්තු නිසා මේදා පොටෙත් වර්ජනය අවසන්.

    හැමදාම මේ පැත්තෙ ආවත් , කමෙන්ට් කරේ නම් ගොඩක් කලකින්......සමාවෙන්න ඒ ගැන.

    ReplyDelete
  13. හැම පාරම කොන්ක්‍රීට් දාලා පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදය නැවත කඩා දමා අවුරුදු පහෙන් හෝ හයෙන් නැවත කොන්ක්‍රීට් කර පිහිටුවන රටක් තිබේ.... මොකද ප්‍රජාතන්ත්‍රවාදයත් ඩාවින්ගේ පරිණාමවාදයට යටයිනෙ... :D

    ReplyDelete
  14. උත්තරේ තිතටම 27යි.....

    ReplyDelete
  15. 9 + (89-71) කියන්නෙ මොකක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි 89 + (89 - 71) කියන එකේ නම් මොකක්ද තේරුමක තියනවා කියලා හිතෙනවා.

    ReplyDelete
  16. පරිනත තරුණ නායකත්වයක් සදහා, රැකෙන්නට නොව රකින්නට සැම, ගමට තරුණ ජවයක්, වෙනසක් කරන්නට, ගමේ අපිට ගමේ කෙනෙක්, නැමුම් ජනතා පැතුමක් තොරගන්න අපිටනං ‍ඊයෙත් ඡන්දයක් තිබ්බා......

    ReplyDelete
  17. ඇත්තට මොකක්ද ඔය 9?
    (සුදත්)

    ReplyDelete
  18. කතන්දර අයියේ 89 යි 71 යි නම් ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක නෑ

    ඔය ඉල් මහටයි බක් මහටයි විහාර මහා දේවි හරි වෙනකොහේ හරි එලිමහන් රන්ග පීඨයක සමරන්නේ විරු සමරුව ඔය 89 යි 71 යි ඒ සිද්දි වලට අදාල අවුරුදුනේ

    9 මොකද්ද කියලා ඉතින් කතන්දරශූරියොම කිව්වා නම් නේද හොද?

    ReplyDelete
  19. 71 න් 18 කට පස්සෙ 89 කැරැල්ල ආව. ඒත් 9 සම්භන්ධය නම් හිතා ගන්න අමාරුයි!

    ReplyDelete
  20. කාලෙකට ඉස්සර කාටූන් එකක් එක්ක කොලමක් කියෙව්ව ඉරිද සිංහල පත්තරේක.. මානි හෝ හරිත් ගේ ලියමනක් වගේ මතක...

    "අම්මට හුඩු .. අදම පෙරලනවද ?" කියල...

    විපක්ෂ කට්ටිය ආන්ඩුව නැමැති ගහ පෙරලන්න හදනව.. කට්ටිය ලනු දාල අදිනව.. ඒත් අදින්නෙ අට දෙනා අට පැත්තට...

    ඔය කට්ටියගේ ප්‍රජාතන්ත්‍රවාදෙ පිහිටවිල්ලත් ඒ වගේ තමා..

    ReplyDelete
  21. [[9 + (89-71) = ? ]]

    මේකත් ඉතින් ඔය රැස්වීම් ශාලාවල පුටු පේලි කිහිපයක් තියාගෙන ජාත්‍යන්තර සමාජවාදී දේශය හදන හැටි ගැන හීන මවන පිස්සෝ සෙට් එකේ සිහිනයක්. කොටි/දෙමල බෙදුම්වාදයේ යළි නැගිටීම.

    නොදන්නා ටියුබ් ලයිට් වලට 9 කියන්නේ 2009 කියල කිව්වා නම් හොඳයි නේද?

    මෙන්න මගෙන් ඔබට ප්‍රශ්න.

    - 9 + (89-71) ගැන අපි කතා කරන තුරු උතුරු නැගෙනහිර දැවැන්ත මිලිටරි ප්‍රසන්ස් එකක් තිබීම සාධාරණ වෙනවා නේද?

    - 9 + (89-71) ගැන අහමින් දකුණේ උන්ට බලය බෙදන්න කිව්වම උන් බෙදයිද බලය?

    ඔබේ ප්‍රශ්නෙට මෙන්න මගේ උත්තරේ.

    9 + (89-71) = 9 ම තමයි. අයි ආවත් හම්බු වෙන්නේ ගිය පාර වට්ටෝරුවෙන් මයි.

    ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පක්ෂව ඉන්න කට්ටිය මේ තර්ජන වෙනුවට විශ්වාසය ගොඩ නගනවා නම් කාට ත් හොඳයි ඔන්න.

    ReplyDelete
  22. ###ගෙ අම්මට එන්න කියාපිය................

    මේවට උත්තර දෙන්න කියාපිය.................

    Observer

    ReplyDelete
  23. @ All
    සුජීව කොකාවල සහෘදයා උත්තරේ ලඟටම ඇවිත් තිබේ.

    හැබැයි සුජීව ගේ අඳුරු කණ්ඩාඩිවලින් පෙනෙන්නේ සත්‍යය වීකෘතිවෙලා නේ. ඒකට නං කරන්න දෙයක් නෑ.

    මෙතන 9 කියන්නේ 2009. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූ දවස.

    ReplyDelete
  24. [[මෙතන 9 කියන්නේ 2009. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූ දවස]]

    හොර බොරු නැහැ කිව්වට මේක නම් බොරුවක් කියා මට හිතේ. අපි දන්නවා උතුරේ ප්‍රජාතන්ත්‍රවාදයට තව දුරයි කියලා. 50000-100000 ක හමුදාවක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය එක රැයකින් ඇති වන්නේ නැහැ.

    [89-71] කියන්නේ දකුණේ ප්‍රජාතන්තරේ නැවත ඇති කල වසර දෙකක් නොවේ. එක කැරලි කල්ලියක් තම කැරැල්ල පැරදිලා නැවත කැරැල්ල පටන් ගන්න ගත වුන 18 වසරයි.

    ඒත් ඉතින් අවුරුදු දැම්මේ ඔබනේ. ඔබට හැකි වෙයි කැමති පරිදි අර්ථ දක්වන්න. ඔන්න අපි දැවී ගියා [retired out].

    ReplyDelete
  25. @ Sujeewa Kokawala

    Retired Out is better than Retired Hurt.

    සුජීව, අමතක කරන්න එපා මං මේ කියන්නේ අනුර කුමාර ලා ගේ ප්‍රජාතන්ත්‍රය පිහිටුවීම ගැන කියලා!

    ReplyDelete
  26. කතන්දර;

    අදහසක් දැම්මට මේ බ්ලොග් අවකාශයේ අමනාපකම් නම් ඇති කරගන්නේ නැහැ මා නම්. මේ කතා කරන දේ වලට වඩා මිනිසුන් වටිනවා. හැබැයි ඒ නිසා මොකුත් නොලියා ඉන්නත් බැහැනේ.

    ඒ ඉනිම අවුට් කියමුකෝ. ඒත් මැච් එක දිගටම ගහ ගෙන යමු.

    මං අර ප්‍රශ්නේ ඉතිරි කට්ටියට තියලා ඔබ සඳහන් කරන අනික් කාරනාවට සෙට් වෙන්නම්. මේ රටේ දුෂණ ගැන කතා කරන්නේ දුෂණ කරන්න ටිකට් එක ඉල්ලන්න. ප්‍රජාතන්ත්‍රවාදය මතක වෙන්නේ ආණ්ඩුවෙන් එලියට ගියාම, ආපහු ඇතුලට රිංග ගන්නකම් විතරයි. ඕවා දැකලා ඇති වෙලා.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ අයට විකල්ප වන වෙනත් "සාමාන්‍ය" දේශපාලන බලවේග නැහැ. ඉන්නේ විවිධ අන්ධ භක්තිකයින් පිරිසක්. කොච්චර වංචා කලත් මේ ඉන්න එව්වෝ ඒ වගේ පිස්සන් නොවේ [අනුර කුමාරත් එක්ක ම]. පිස්සෙකු හා හොරෙකු අතර තේරිමකදී මිනිස්සු හොරා ව තෝරනවා නේ.

    කොටින්ම විශේෂ දේශපාලන මතවාදයකට අන්ධ භක්තියෙන් නොසලකන දේශාපාලන පක්ෂ දෙකයි මේ රටේ තියෙන්නේ. යු එන් පී හා සිරි ලංකා. අපි දැකපු ඉතිහාසේටම තිබ්බේ තව එකයි ඒ තමයි අලියට පාඩමක් උගන්නන ආපු රාජාලියා. හැබැයි ඔය තුනේම ඉන්නේ හොරු.

    ලංකාවට අවශ්‍යයි මෙන්න මේ අච්චු වලට එළියෙන් වූ දේශපාලන ක්රිආවලියක්. අපට නැත්තෙත් ඒකමයි.

    ReplyDelete
  27. ඔන්න දැන් තමා චාලිටත් ටිකක් වැඩේ මීටර් වේගෙන එන්නේ
    ඔය සමීකරණයේ සම්පූර්ණ අදහස 89 දී සහ 71 දී අනුර කුමාරලා විසින් නැති කරපු ප්‍රජාතන්ත්‍රවාදය 2009 දී මහින්ද ලොක්කා නැවත ඇති කලා කියන එක නේද කතන්දර බොස්.............

    එක පැත්තකින් බැලුවාම කතාවේ සාධාරණේකුත් තියෙනවා හැබැයි අර කිව්වා වගේ පොඩ්ඩක් උතුර දකුණ මාරු කරලා ගන්න වෙනවා.

    ReplyDelete
  28. මෙන්න මේක එඩිතර මහත්තයාගේ බ්ලොග් අඩවියෙන්. ඉතිරි කතාව හෙජිං ගැන. ඒ ටික මෙතනින් බලා ගන්න. මෙන්න අනුර කුමාර ලා ගැන විස්තරයක්.

    "මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි."

    ReplyDelete
  29. "කන්‍යා භාවය යනු අවස්ථාවක් නොමැති කමයි (Virginity is lack of opportunity)" යයි කතාවක් තිබේ.
    JVP ප්‍රජාතන්ත්‍රවාදයද එවැනිය.JVP ප්‍රජාතන්ත්‍රවාදී වී සිටින්නේ විප්ලව කල නොහැකි නිසාය.

    ReplyDelete
  30. [["කන්‍යා භාවය යනු අවස්ථාවක් නොමැති කමයි (Virginity is lack of opportunity)" ]]

    අමරසිරි දොඩන්ගොඩ නම් පරිදිනි දේශපාලකයා ගැන වරක් කෙනෙක් මට මෙහෙම කිව්වා.

    "මල්ලි අපේ සර් හරිම අවංකයි. සත පහක ගහන්නේ නැහැ. නියම මනුස්සයා. හැබැයි අවුල තියෙන්නේ. සර් මෙලෝ වැඩක් කරන්නෙත් නැහැ. වෙන අවුන ගසා කන්න හරි චන්ද ගන්න හරි වැඩ කරනවා සර් මොකුත් නොකර බලා ඉන්නවා" කියලා.

    රටට වැඩ කරන්න ගසා කන්න ඕනේ කිව්වා නොවේ. එහෙත් දේශපාලකයිනුත් මිනිසුන් ය මානව ගති මත ඔවුන් ද මෙහෙය වේ කියා විතරයි කිව්වේ.

    පිරිසිඳු දේශපාලකයින් හුදු කතා කාරයින් විතර ද? මේක මානව ගතියක් ද?

    ReplyDelete
  31. "පරිදිනි = පැරණි" කලින් පොස්ට් එකේ

    ReplyDelete
  32. වෑව් දසදහස,කුඩා කර්මන්ත වගේ බුද්දිමත් වෑඩ කලේ කොකාවලය.
    තිස්සමහාරමෙ ල0කවෙ නො 1 කලේත් කොකාවලය.
    අද්යාපන සමූපකාරය ටොප් ඵකට හෑදුවෙත් කොකාවලය.
    අරක්කු බොන්නෑත් කුඩු විකුනන්නෑත් දේසපාලකයකුට ඉන්නෙ කොකාවල විතරය.

    ල0කවේ ලොතරෑයි ස0ස්තාව ලබන ලාබය ජවිපෙ ගොන්නුන්ට තේරෙන්නේ නෑත,
    සෙවන වගේ වෑඩසටහන්,
    රනවිරු ඵ්කෙන් රවිරුවන්ට,
    ගොවිසෙත ඵ්කෙන් ගොවියන්ට දේන සප්ඵ්ක කරන්න හොද ආන්ඩුවට විතරය.
    ඵ් කොකාවල ගේ උපදෙස් පරිදිය.
    ජෙප්පො කිව්වොත් වෑරදිය.

    ජවිපේ දේසපාලනකරුවනි රට හදන-වෑඩි පඩි ඉල්ලන ඵ්ක-හොරක0 වලට කෑගහන නවත්වනු!!!!!

    කුඩු විකුනනු-ගෑනු දූසනය කරනු-හොරාකනු-රට විකුනන ලිබරල් දේසපාලකයෙක් වෙනු -කොකාවල.

    මීට JVPපෝස්ටර් ගහන කොල්ලෙක්.

    ReplyDelete
  33. @JVPපෝස්ටර්;

    හප්පා තරහ ගිහිල්ලනේ. පළමුවෙන්ම ඔය තරහ යන්න හේතු වෙච්ච පරිච්චේදය ලිව්වේ මා නොවේ. එතන ලින්ක් එක දමා ඇති.මට ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන අවබෝධයක් නැහැ හැබැයි ඔය කතාව ඇත්තටම කිව්වනම් පට්ට මෝල් කතාවක්.

    ආණ්ඩුවේ ප්‍රචාරයට නොදෙවෙනි ජවිපෙ ප්‍රචාරක වැඩ හැරුණු විට ඇත්තටම ඔවුන් කල මහලොකු දෙයක් ඇද්ද? ජවිපෙ විසින් තිස්සමහාරමෙ ල0කවෙ නො 1 කළා කියා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඉතිරි බොරු ටිකත් ගිල ගෙන උන්නට කමක් නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජවිපෙ කල/නොකළ වැඩ ඇබිත්ත ගැන නොවේ. දේශපාලනිකව ඔවුන් දරන මත වල අන්තගාමිත්වය ගැනයි.

    අයිඩියලොජිකල් බුවාලා ගේ දුෂණ අඩුයි කියල නේ මෙතන කතාව ආවේ. අඩුයි තමා. හැබැයි උන්නැහේ ලා කෙලින්නේ පිස්සු නේ. එව්වට කඩේ ගියොත් රට ම අනාත වෙනවා. ඒ අනාතේ මේ මහින්දලා රනිල් ලා එක්ක වෙන අනාතෙට වඩා බොහෝ භයානකයි. රට ලෝකෙන් වෙන වෙලා අන්තිම පසුගාමී වැඩ වසම් තත්වයක් දක්වා වුනත් යන්න පුළුවන්. අන්තවාදීන්ගේ ග්‍රහණය නිසා පස්සට තල්ලු වෙච්ච රටවල් ලෝකේ ඕන තරම් තියෙන්නේ උදාහරණ හැටියට.
    70-77 පොඩි ප්‍රී වීව් එකකුත් ලැබුනා අපිට [ඒ කාලේ හිටිය අයට].

    ලංකාවේ නැත්තේ දේශපාලන අන්තවාදී දර්ශනයක් බදා නොගෙන ඉන්න දුෂණ අඩු දේශපාලකයින්. දුෂිත යු ඇන් පී, දුෂිත සිරි ලංකා නොවන, එහෙත් මාක්ස්වාදී, ට්‍රොස්කි වාදී, ජාතිකවාදී වගේ මතවාද වල අන්ත වලට නොගිය වෙනත් පක්ෂයක්. ඔවුන් නොමැති නිසා තේරීම තියෙන්නේ හොරුන් හා පිස්සන් අතර. මා පමණක් නොවේ මුළු රටම හොරුන් තෝරන්නේ පිස්සන් සමග සෙල්ලම් කිරීමේ ආදිනව දන්නා නිසා.

    මොකද මාක්ස්වාදී, ට්‍රොස්කි වාදී, ජාතිකවාදී උන්ට චන්දෙ දෙන්න නම් අපි ඒ මතවාද වලට එකඟ වෙන්න ඕනේ. ඉතින් ක්‍රියාවෙන් කොච්චර සුදු චරිත වෙන්න හැදුවත් චන්දෙ ලැබෙන්නේ නැහැ. මෙතැනදී ජනතාව බුද්ධිමත්. සුදු චරිතයක් පෙන්නලා දේශපාලන අන්තවාදී කල්ලියක් රට අල්ල ගන්න හදන එකට ඔවුන් ඉඩ දෙන්නේ නැති එක.

    කෙනෙක් එනවනම් ඔය ජවිපෙ කියන සුද්දවන්ත කම එක්ක, එහෙත් අන්තවාදී දර්ශනයකට අන්ධ භක්තියෙන් සපෝර්ට් නොකර ඔවුන්ට මිනිසුන්ගේ චන්ද ලැබෙයි.

    -----------

    ඉහත පෝස්ටයේ මට දෝශාරෝපනය කිරිමෙන් පෙනෙන්නේ තමන්ට විරුද්ධ මතයක් ඉවසා ගන්න බැරි සුපුරුදු ජවිපෙ ස්වභාවය නොවේද?

    ReplyDelete
  34. තරහක් නෑ හිනා ගියා.
    ඔක බන්දුල ගුනවර්දන ජවිපෙ කලා කියලා කරපු කතාවක්.ඵ් කතාව මමත් ඈහෑව්වා ඵ්දාම.හදුන්නෙත්ති ඔකට උත්තරත් දුන්නා.ඵ්කයි ඔය සිද්දිය අපිට මීටර්.
    අව්ලක් නෑ කොහොමත් කතාවෙන් කෑල්ලක් කඩලා අරගෙන විකුර්තිකරන ඵක විපරමේ ක්‍රමේනෙ.
    අනික මේරටේ මොනා අන්ඩුව හිටියත් කමක්නෑ පාරදුශ්යබාවය නීතිය සාමයතියෙන්න ඔනෙ,
    නෑදෑ ස0ග්‍රහ නෑතිවෙන්න ඔනෙ,
    සුදුස්සාට සුදුසු තෑන තියෙන්න ඔනෙ කියලයි කවුරුත් කියන්නෙ.
    ඵ්වා අවුරුදු6 ආන්ඩු වලින් කරපු හෑටි දෑක්කනෙ.
    මොන පක්ශෙ උනත් හොද දේට හොදයි කියන්න පුලුවන් වෙන්න ඔනෙ.
    වත්මන් රජයේ කොටින් ඵක්ක යුද්දෙදි කරපු සේවය වගේම රට හරි පාරට ගන්න ජවිපෙට තියෙන ඈත්ත උවමනව හා හෑකියාව අගයකරන්න පුලුවන් වෙන්න ඔන.

    අනික තිස්සමහාරමෙට ගහන්න මොන නෑගුමටවත් පුලුවන් උනාද කියල හිතන්න ඔනෙ????
    සුනාමිය වෙලේ JVP කොල්ලො බෑහෑල ගේම දෙනකොට සුජීව හිටියෙ පොල්ගහක් උඩ මගෙ හිතේ.
    සටන් විරම ගිවිසුම කලේ ඵ්කට විරුද්දව කෑගහපු ඵ්කම සෙට් JVPඵකත් විතරයි නේද ????
    ඵතකොට ලිබරල් උන්නෑහේලා හිටියෙ කොහෙද???

    ReplyDelete
  35. තරහක් නෑ හිනා ගියා.
    ඔක බන්දුල ගුනවර්දන ජවිපෙ කලා කියලා කරපු කතාවක්.ඵ් කතාව මමත් ඈහෑව්වා ඵ්දාම.හදුන්නෙත්ති ඔකට උත්තරත් දුන්නා.ඵ්කයි ඔය සිද්දිය අපිට මීටර්.
    අව්ලක් නෑ කොහොමත් කතාවෙන් කෑල්ලක් කඩලා අරගෙන විකුර්තිකරන ඵක විපරමේ ක්‍රමේනෙ.
    අනික මේරටේ මොනා අන්ඩුව හිටියත් කමක්නෑ පාරදුශ්යබාවය නීතිය සාමයතියෙන්න ඔනෙ,
    නෑදෑ ස0ග්‍රහ නෑතිවෙන්න ඔනෙ,
    සුදුස්සාට සුදුසු තෑන තියෙන්න ඔනෙ කියලයි කවුරුත් කියන්නෙ.
    ඵ්වා අවුරුදු65 ආන්ඩු වලින් කරපු හෑටි දෑක්කනෙ.
    මොන පක්ශෙ උනත් හොද දේට හොදයි කියන්න පුලුවන් වෙන්න ඔනෙ.
    වත්මන් රජයේ කොටින් ඵක්ක යුද්දෙදි කරපු සේවය වගේම රට හරි පාරට ගන්න ජවිපෙට තියෙන ඈත්ත උවමනව හා හෑකියාව අගයකරන්න පුලුවන් වෙන්න ඔන.

    අනික තිස්සමහාරමෙට ගහන්න මොන නෑගුමටවත් පුලුවන් උනාද කියල හිතන්න ඔනෙ????
    සුනාමිය වෙලේ JVP කොල්ලො බෑහෑල ගේම දෙනකොට සුජීව හිටියෙ පොල්ගහක් උඩ මගෙ හිතේ.
    සටන් විරම ගිවිසුම කලේ ඵ්කට විරුද්දව කෑගහපු ඵ්කම සෙට් JVPඵකත් විතරයි නේද ????
    ඵතකොට ලිබරල් උන්නෑහේලා හිටියෙ කොහෙද???

    ReplyDelete
  36. [[සුනාමිය වෙලේ JVP කොල්ලො බෑහෑල ගේම දෙනකොට සුජීව හිටියෙ පොල්ගහක් උඩ මගෙ හිතේ.]]

    මෙතැනදී ඔබත් සමග එකඟයි. විශේෂයෙන් මතක් කල යුතුඋයි මුහුදුබඩ දුම්රිය මාර්ගය හදපු හැටි.

    [[සටන් විරම ගිවිසුම කලේ ඵ්කට විරුද්දව කෑගහපු ඵ්කම සෙට් JVPඵකත් විතරයි නේ ද ????]]

    ජේවීපී විතරක් නොවුනත් ඔවුන්ගෙන් ලද සහය අගය කල යුතුයි.

    මං කොතැනවත් කිව්වේ නැහැ ජේවීපී කියන්නේ කිසිම වැඩකට නැති සංවිධානයක් කියලා. ඔවුන් කරන වැදගත් දේශපාලන මෙහෙවරක් තියෙනවා. එමෙන්ම ඔවුන් දේශපාලනය තුල අවශ්‍යයෙන්ම සිටිය යුතුයි.

    ------------

    හැබැයි ගැටලුව මතු වන්නේ ඔවුන් රටේ නායකත්වයට ගත යුතුද කියන තැන. ඔවුන් දේශපාලන මූලධර්මයක් අදහන පිරිසක්. එතැනදී ඔවුන් හා ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන් ලෝකය දිහා බලන ආකාරය ගැන සතුටු විය නොහැකියි. මේකයි අපේ මාතෘකාව වුනේ.

    මිනිසුන් හොරුන් තෝරා ගන්නට හේතුවක් මා දුන්නේ. හොරුන් නොවන අනිකුත් සියලු දේශපාලන ව්‍යාපාර විකාර මතවාද හිස මුදුනින් පිළිගත් පිස්සන්ය කියන පදනමින්. සුනාමි කාලේ හෝ බොරු-සාමේ කාලේ කතන්දර වලින් මේ සිද්ධියට වෙනසක් වෙන්නේ නැහැ නේද?

    ------------------

    W3Lanka එකේ පලවූ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. හැබැයි මා විකෘතියක් කලේ නැහැ ඒකට. අනික ලින්ක් එක දැම්මේ සැක නම ගිහින් කියවන්න. ඔයිට වඩා කරන්න තිබ්බ දෙයක නැහැ නේද ඒ සම්බන්ධ ව.

    ReplyDelete
  37. @පෝස්ටර්

    මා ලිබරල් වාදියෙකු නොවේ. මා කීවේ හුදෙක් අන්ධ භක්තියෙන් එක වාදයක් වත් අල්ල ගන්න නුසුදුසු බවයි. එහෙම හිතන අයට ඉතිරි වන්නේ සීමා සහිත ලෝකයක්. අයිඩියලොජිය දේවත්වයට පත වුනාම අපි වහලුන් වන්නේ ඉබේම. මා පිස්සන් කියූ ගොඩේ ලිබරල් අන්තවාදීන් ද ඇතුලත්.

    මෙන්න මේ සටහන ලිව්වෙත් මං . ඔය ලිබරල් දර්ශනය ගැන මා හිතන හැටි.

    ReplyDelete
  38. @පෝස්ටර්;

    උඩ තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. මෙන්න මේකට කොටන්න.

    ලිබරල් මිත්‍යාව හා ලින්කන්ගේ අතාත්වික හැරමිට්ට

    [http://slash-dev-slash-null.blogspot.com/2011/04/blog-post.html]

    ReplyDelete
  39. සමාජවාදය මූලදර්මයක් නම් දෑන් මේ තියන ප්‍රජාතන්ත්‍රවදී වේශයෙන් ඵ්න ලිබරල්වාදී ක්‍රමය මූලදර්මයක් නොවෙන්නෙ කොහොමද???
    අනික හෑකියව තියන උවමනාව තියන දෑක්මක් තියන අව0ක පිරිසකට යමක් කරන්න ඉඩදෙනවද?
    නෑත්නම් මෙලෝ දෑක්මක් නෑති මෙලෝ සසරක් නෑති අදාර්ශනිකයින්ට ලෝකය බාරදෙනවද කියලා හිතන්න ඔනෙ.

    අනික ලෝක දනවාදයට මූනක් නෑ නේද???
    ජතීවාදි,ආගම්වාදී,ලිබරල්වාදීවගේ ඵ්ඵ් රටවල නෑගලයන පසුගමී සින්දුවක් දගෙන නේද මේ ක්‍රමය ක්‍රියත්මක වෙන්නෙ.
    කෝකෙන් ආවත් සූරකෑම හා බොරුව ඈරෙන්න වෙන මොනවද මේ ක්‍රමය ඈතුලෙ තියෙන්නෙ???

    හෑබෑයි මේ ලෝකේ මූලදර්ම වලින් තොර දෙයක් ඈතිද.
    සමාජවාදී අය ඵ් මූලදර්මය මත ඉන්නවනම් ඵ්ක ඵපා කියන අය වෑටෙන්නෙ ඊට ප්‍රතිවිරුද්ද මූලදර්මයට නේද?

    අනික වෑදගත් දෙයක් කියන්න ඔනේ.
    ඉතාමසූක්ශමව කල්පනාකරන දනවාදී ක්‍රමයේ සුපිරි බොඩිගාඩ්ලා වෙන, දනවාදී චින්තකයන් හා මත සකස්කරන්නන් විසින් අපේ මොලවලට කාන්දුකරන් ඔයවගේ මතවාදී තාප්ප වලට නම් කොටුවෙන්න ඵපා කියලා ඉල්ලන්න් ඔනෙ.
    මොකද උන්ගේ අතිසූක්ශම ප්‍රචාරක ජලය පාවිච්චිකරගෙන අපි තුල අපිට ඵෙරෙහිවම ම්තවාදයක් ගොඩනගන්න උන් සමත්.
    මෙන්න මේක තේරුම්ගත්තදට ඔය තමන් තුලම ඈති සීමා බිදෙයි කියලා හිතනවා.

    ReplyDelete
  40. කතන්දරකාරයා මාර ප්‍රශ්නද අහන්නෙ ? ද්‍රෝහීන්ගේ ලැයිස්තුවට වැටෙන්න ඹ්නෙද ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.