Thursday 28 January 2010

[කතන්දරකාරයා] - අනේ මල්ලී ධර්මිෂ්ඨ සමාජයක් නෙ තියෙන්නෙ!


කතන්දර බ්ලොග් එක පටන් ගත්තෙ දේශපාලන කතා ලියන්න නං නෙමේ. ඒත් ඉතිං හැම දේකම දේශපාලනයක් තියෙන එකේ කතන්දර කාරයා ගේ කතන්දර වලටත් ඕක කාන්දු වෙන එක අරුමයක් නෙමේ නේ.

ඒත් මැදහත් සිතින් කියවා බලන්න මේ කතන්දරයත්. මේක දේශපාලනයට සම්බන්ධ වුනාට ටිකක් වෙනස් එකක්. ඇත්තටම මගේ ඥාති සහෝදරයෙක් මට කියාපු කතාවක්.

ඔන්න 1977 මැතිවරණය ට විපක්‍ෂය විදියට මුහුණ දුන්නෙ යූ.ඇන්.පී එකයි. සමගි පෙරමුණ ලෙසින් අවුරුදු හතක් බලයේ හිටපු ශ්‍රී ලංකා නිදහස්, සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ සභාග ආණ්ඩුව ජනතාවගෙ අප්‍රසාදයට පත්වෙලයි තිබුනෙ.

ඇත්තටම කියනව නම් සමගි පෙරමුණ අසමගියෙන් විසිර ගිහිනුයි හිටියෙ අවසාන දවස් වෙන කොට.

විපක්‍ෂයෙ හිටපු යූ.ඇන්.පී යෙ තේමාව වුනේ ඔවුන් බලයට ඇවිත් ධර්මිෂ්ඨ සමාජයක් පිහිටවනව කියන එකයි. ඊට අමතරව ඔවුන් හැම පවුලකටම ධාන්‍ය රාත්තල් අටක් දෙනව, රැකියා නැති අයට ඩෝල් එකක් හෙවත් සුභ සාධක දීමනාවක් දෙනව ආදී වශයෙන් පොරොන්දු රාශියකුත් දුන්න.

මේ එකක් වත් කවදාකවත් ඉටු නොකල, සිදු නොවුණු දේවල් විදියටයි ඉතිහාසයෙ සඳහන් වෙලා තියෙන්නේ.

හිට්ලර් ගෙ ප්‍රවෘත්ති ඇමති ගොබෙල්ස් කියල තියෙනව ඕනෑම බොරුවක් නිතරම කිව්වහම ඒක සත්‍යයක් වශයෙන් ජනතාවගෙ සිත් සතන් තුල සටහන් වෙනව කියල. ජේ.ආර්. ගෙ මේ ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවනව කියන කතාවෙ අපේක්‍ෂිත ප්‍රථිඵලය වුනෙත් ඒකයි මට හිතෙන විදියට. මේ කතාව ඇහෙන ඕනෑම කෙනෙකුගේ හිතට වදින්නෙ, එහෙනම් දැන් තියෙන ආණ්ඩුව අධර්මිෂ්ඨ එකක් ය කියලයි. නිතර නිතර ඇහෙන කොට සිතට ඒ අදහස හොදටම කා වදිනව. අර මස්තිෂ්ක ශෝදනය හෙවත් බ්රේන් වොෂ් කරනවා වගේ.

ජේ.ආර්. මේ කතාව කොච්චර කිව්වද කියනව නම් මිනිහට නමකුත් පට බැඳුන "ධර්. මිස්ටර්””" කියල.

SLFP ආණ්ඩුව අන්තපරාජයකට පත් කරමින් යූ.ඇන්.පී ය දිනුව. ආණ්ඩුවක් පිහිටෙව්ව. ඒ එක්කම ධර්මිෂ්ඨ සමාජයක් කියල තැපැල් මුද්දරයක් නිකුත් කලා.

මට හිතෙන හැටියට JR කොරපු එකම ධර්මිෂ්ඨ කම එච්චරයි.

ඔය කියන මුද්දරේ තමයි අවුරුදු පහක් විතර යනකං තිබුණ ප්‍රධාන තැපැල් මුද්දරේ. ටිකක් කල් ගියාට පස්සෙ මිනිස්සු පටන් ගත්ත මේ මුද්දරේ උඩ යටිකුරු කරල ලියුම්වල අලවන්න.

ඉතිං මේකයි අද කතන්දරේ.

මට මේ කතාව කියපු අයිය ගෙ ගමේ ඉඳල තියෙනව තරමක මෝඩ පහේ, අර නෝංජල් කියල සාමාන්‍යයෙන් හැඳින්වෙන විදියේ මනුස්සයෙක්. මේ මිනිහ ගාව තිබුණලු තරමක් වටින පහේ අත් ඔර්ලෝසුවක්. දවසක් ගමේ හිටිය පොරක් මේ ඔර්ලෝසුව ඉල්ලගෙන මගුල් ගෙදරක යන්න තියෙනව ගිහින් ඇවිත් ආපහු දෙන්නම් කියල.

සතියකටත් වඩා ගතවුනා ඔරලෝසුව ආපහු ලැබුනෙ නෑ. අපේ මනුස්සය ගිහින් ඉල්ලුවම කියල තියෙනව"

"උඹට මොකද බං ඔරලෝසු? ඒක මං තියාගන්නම්" කියල. බලගත්තාර කමෙන් ඒ අසරණයගෙ ඔර්ලෝසුව අයිති කර ගත්ත.

ඉතිං මේ මනුස්සය ඇවිත් අපේ අයිය එක්ක මේ කතාව කියල අන්තිමේදි මෙහෙමත් කිව්වලු.

"අනේ මල්ලි මං හිතුවෙ නෑ, මිනිහ මේ වගෙ දෙයක් කරයි කියල. මං අහන්නෙ ඕව හොඳ වැඩද? අද ලංකාවෙ ධර්මිෂ්ඨ සමාජයක් නෙ තියෙන්නෙත්!"

පව් නේද?

ගොබෙල්ස් හරි!

කතන්දරකාරයා

5 comments:

  1. paw ban atra manussaya...
    balapnkooo munge heti....

    shit neda ????
    meewata hoyala balala game eka denna onaa

    ReplyDelete
  2. @බිඟුවා,!මුන්ගේ මේ කෙරුවාවලට හෙන හතම ගහන්න ඔනි

    ReplyDelete
  3. මගේ මුද්දර එකතුවේ සයිස් දෙකක ධර්මිෂ්ට සමාජයක් මුද්දර තිබ්බා වගේ මතකයි.. ඒත් ඉතිහාස කතාව නම් දැනගත්තේ දැන්.. ඒකට ස්තූතියි.. අර ඔරලෝසුවේ කතාව නම් හරිම පව්..!

    ReplyDelete
  4. මුද්දර පොත ඇදල අරං ඔය මුද්දරේ ආපහු බැලුවා. :D

    ReplyDelete
  5. මට මතක් වුනා මම කොල්ල කාලෙ අහපු කතාවක්. එක පොලිස් රාළහාමි කෙනෙකුට යම් අසාධාරනයක් වෙලා ඒ පිළිබඳ පැමිණිලි කරන්න තමන්ගෙ ඉහල නිළධාරියා ඉදිරියට ගිහින් සැලියුට් එකක් ගහල මුලින්ම කිව්වෙ "සර්, මම අහිංසක පොලිස් නිලදාරියෙක්" කියලලු. කතාව කෙටියෙන් එපමනයි. ධර්මිශ්ඨ සමාජ, අහිංසක පොලිස් නිළධාරීන්, කලුනික, තෙත්තියන් කුඩු, කිඹුල් කඳුලු, ඉබි පිහා‍ටු.... තව...???

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.