Monday 24 January 2011

පුට් තායි ඩායි මායි? එහෙනම් තායි භාෂාව ඉගෙන ගනිමු!


කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි වැඩේට සෙට් වෙලා හිටිය තායිලන්තේ ජීවිතය ගැන කතන්දර කීපයක් ම කලින් ලියලා තියෙනවා. මෙන්න තවත් එකක්.

ඔය පස්තාච්චි ආයතනය තියෙන්නේ තායිලන්තේ වුණාට ඒකේ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර එන්න පුළුවනි තායි වචනයක්වත් ඉගෙන ගන්නේ නැතුව. හැබැයි ඉතිං, වචනයක් දෙකක් දැන ගත්තොත් වැඩ තරමක් ලේසි වෙනවා ආයතනයෙන් පිට සහ ආයතනය ඇතුලේ අනධ්‍යයන වැඩ කටයුතු සඳහා.

ඒ හින්දා අපි හුඟ දෙනෙක්, ගනං කරන්න, ආචාර කරන්න, චවන කීපයක් කියන්න ඉගෙන ගත්තා.

මුලින්ම ඉගෙන ගත්තේ "පොම් පුට් තායි මායි ඩායි!" කියන්නයි. ඒ කියන්නේ "මං තායි කතාකරන්න දන්නේ නෑ". දන්නෙ නැත්තං කෙහොමද බොලේ එහෙම වාක්‍යයක් කියන්නේ, නේද? ඉතිං එතන ඉඳං තායිවලට කැපෙනවා.

හැබැයි ඉතිං එංගලන්තේ ගිහිං ඉංගිරිසි බැරිවුණොත් වගේ තත්වයක් එන්නේ නෑ, තායිලන්තය සහ තායි භාෂාව සම්බන්ධයෙන්. බඩු ගනු දෙනුවලට නං කැල්කියුලේටරයක් තිබුණාම හොඳටෝම ඇති.

ඔන්න ඉතිං අපි වාගේ ලංකාවෙන් එහෙ ගිය පොරක්, සුදන්ත කියලා කියමු, සති අන්තයේ අතුරුදහන් වෙන්න පටන් ගත්තා. කට්ටිය දැක්කා පොර සෙනසුරාදා උදේම ඇඳ පැලඳගෙන ආයතනයෙන් පිටත යනවා, හවසට ආපහු එනවා.

දවසක් ඔන්න මේ ගමන ගැන හේතුව දැනගන්න ලැබුණා.

"මං යනවා මචං බැංකොක් සිටි එකට තායි භාෂාව ඉගෙන ගන්න" සුදන්ත කිව්වා.

"ඉතිං බං, මෙතන ඉන්න මොකටද තායි? අපි කාටවත් තායි ලොකුවට දැනගන්න ඕනැ වෙලා නෑනේ මෙච්චර කල්!" එකෙක් කිව්වා.

"අනික මේ ඇතුලෙ ඉඳගෙනම වචන දෙක තුන ගැට ගහ ගන්න පුළුවන් නේ, ඕකට ක්ලාස් යන්න ඕනැද?" ඒ තව පොරක ගේ අදහස.

ඔන්න එතකොටයි බළලා මල්ලෙන් පැන්නේ.

"නෑ, මචං, තායි කෙල්ලෙක් දාගන්නයි මට හොඳට තායි ඉගෙන ගන්න ඕනෑ" සුදන්ත කියපි.

මේක අහං හිටපු අයට මැරෙන්න හිනා.

"මචෝ සුදන්ත, දැන් උඹේ වයස කීයද?"

"විසි හයයි බං."

"ඉතිං යකෝ, උඹ දැන් අවුරුදු විසිගානක් ම ලංකාවේ ජීවත්වෙලා, හොඳට සිංහල කතාකරන්න, කියවන්න, ලියන්න දැනගෙන ඉඳලත් සිංහල කෙල්ලෙක් දාගන්න බැරිවුණු එකේ, මේ මාසයක් දෙකක් තායි ඉගෙන ගෙනද උඹ තායි කෙල්ලෙක් දාගන්න යන්නේ?"

අපේ පොරට සිහිකල්පනාව ඇවිත් යතාර්ථය වැටහුනේ අන්න එතකොටයි.

-කතන්දරකාරයා

ප/ලි
මතකනේ වී.කේ.විරාජ් ජර්මනියට යන්න ගිය කතාව. විරාජ්කාරයා තව හොඳයි!

29 comments:

  1. හරිනම් වෙන්න ඕනෙ ඕකෙ අනිත් පැත්තයි.. තායි කෙල්ලෙක් එක්ක යාළුවුනා නම් පොරට ටක් ගාල තායි බාසාව ඉගෙනගන්න තිබුනා.. :)

    ReplyDelete
  2. සිරා කතාව ඒ වුනාට කකා අයියේ කියන්න බෑ. වෙලාවට සෙට් වෙන්නත් බැරිනෑ. ඔය නාකි වෙනකම් ලංකාවේ හිටපු සමහර අයට රට ගිය ගමන් සෙට් වෙන්නේ. :D

    ReplyDelete
  3. සුදන්තට තිබුනෙ තායි ඉගෙන ගන්නෙ නැතුව කොහොම හරි
    තායි කෙල්ලක් සෙට් කරගන්න.ඊට පස්සෙ බැඳගත්තත් මොකෝ ඌ කියන ඒව ගෑණිට තේරෙන් නෑ.ගෑණි කියන ඒව ඌට තේරෙන් නෑ.
    කොයි තරම් සාමකාමිද ජීවිතේ?

    ReplyDelete
  4. මේ කතාව නම් ටිකක් හොඳයි ..
    මම කැමතියි ඒකට ....

    ReplyDelete
  5. තව පොඩ්ඩෙන් හිනා කෑල්ලක් හිර වෙලා මන් මැරෙනවා..... නියම කතාව....

    ReplyDelete
  6. Ammo ape uoge Kapaveema Kellek Daganna One magulak karai !.................

    ReplyDelete
  7. මේ තායි අකුරු හැදිල තියෙන්නෙ ඉන්ග්‍රීසියි සින්හලයි දෙමළයි එකට කවලම් කරලද? (බලන්නකො ඒවගෙ හැඩය )

    ReplyDelete
  8. දැන් කතන්දර නං හොඳට තායි දන්නවා ඇතිනේ. අපටත් පොඩි තායි කුප්පියක් දාගන්න බැරිවෙයිද?

    ReplyDelete
  9. 2paarak gihillath mama nan danne "swadika" kiyanna witarai

    ReplyDelete
  10. දෙපාරක් ගිහිල්ලත් මම නම් මුකුත්ම දන්නෑ. හැබැයි තායි කෙල්ලෝ ලස්සනයි. තායි කෑම හරි රහයි. ඉතින් මහන්සිවෙලා පාඩම් කරලා හරි දාගත්තානම් හැමදාම තායි කෑම. ලංකාවේ කෑම වගේද?

    කතන්දරට බැරි උනානේ එහෙමවත් වැඩක් කරගන්න. හාමිනේ ලඟපාතක නෑනේද?

    ReplyDelete
  11. තායි ඉගෙන ගන්න ගිය කතාව දැක්කම මට මතක් උනේ මම දන්න ගෑනු ලමයෙක් ගෙදරට හොරෙන් පිරිමි ලමයෙක්ව බැන්දා.හරියට ඉගෙන ගෙන නැහැ. පිරිමි ලමයත් හරියට ඉගෙනෙගත්තේ නැහැ. ගෙදරිනුත් ගියා.ඊට පස්සේ එයාව දවසක් මට බස් එකේ යනකොට මුන ගැහුනා.විස්තර කතා කරනකොට සමන් (මේ ඇත්ත නම නෙවෙයි )දැන් මොකද කරන්නේ කියලා මම ඇහව්වා.කෙල්ල බොහොම ආඩම්බරෙන් කිව්ව එයා දැන් ජර්මනියේ කියලා.මටත් ඉතින් ඔනේ නැති දෙයක් නැහැනේ, මම ඇහව්වා එහේ මොකද කරන්නේ කියලා.ගත් කටටම කෙල්ල කියාපි එහේ අයට ජර්මන් උගන්නනවා කියලා.මම ඉතින් ගෙදර යනකන්ම කල්පනා කලේ තමන්ගේ භාෂාව දන්නේ නැති ජර්මන් කාරයොත් ඉන්නවද කියලා.

    ReplyDelete
  12. @ Neetha,
    ලංකාවේ ජර්මන් අභ්‍යාස විද්‍යාලෙට ගිය එක්කෙනෙක්ද දන්නේ නැහැ.

    ReplyDelete
  13. කතන්දර අය්යේ,

    කොහොමද ලංකාවේ ගෑනු ලමයෙක් තායිලන්තේ ගිහින් එහෙ පිරිමි ලමයෙක් බැඳගත්තොත්. මම නම් එහෙ ගිහින් නැති හින්දයි අහන්නේ? ඒ ගොල්ලන් අපේ අයට වඩා හොඳද? එකම ප්‍රශ්නේ තමයි තායි ඉගෙනගන්න වෙන එක. නැත්නම් අවුලක් නෑ.

    ReplyDelete
  14. ඔබ්සවර් උන්නැහැගේ ඉයිඩියා පොඩ්ඩ නම් මල් මසුරO.....
    හීනියට ඕනෙම උනොත් කුනුහබ්බෙනුත් දෙසා බාන්න පුලුවනි නෙ......හික්

    ReplyDelete
  15. අපොයි ! සුදන්තට කිව්ව මෝඩ කම කියල හිතෙන්න ඇති.
    මගෙ යාලුවෙක් නං මෙහේ ආපු තායි හාමුදුරුවරු කට්ටියකට ඉංග්‍රීසි ඉගැන්නුව.

    ReplyDelete
  16. @ Heeniyata,
    ඔය අදහස් පහල වෙනකොට, මෝඩ වෙලා ඉවරනෙ,කතන්දරගේ නෝන එහෙම මේවා කියවන්නෙ නැතුව ඇති මගෙ හිතේ.

    ReplyDelete
  17. ඔබ්සවර් මහත්තයා කිව්ව කතාව මම අපේ අම්මට කිව්ව එක පාරක්.

    මගේ ඉන්ඩියන් මිතුරෙක් මට බෙංගාලි කෙල්ලෙක් ප්‍රොපෝස් කරන්න ඇහුවා.

    මම ගෙදරින් ඇහුවා.

    අම්මට (බොරු) පපුවේ අමාරුවක් හැදුනා ඒක අහලා.

    අක්කයි නංගිත් බැන්නා මට.

    වැඩේ හබක්.

    මම ඒත් කියලම හිටියේ නැන්දා ලේලි වලි නතුව මට ශේප් එකේන් ඉන්න පුලුවන් කියල.

    ඇයි ඉතිං අපේ අම්මට බෙංගාලි, හිංදි, ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒ

    කෙල්ලට සිංහල බෑ.

    සිම්පල් ප්ලෑන් එකක්. හික්ස්

    ReplyDelete
  18. මේ කතාව කියවනකොට මතක් වුනා මගේ එන්ග්රීශි ජාතික මිතුරියක් කියපු කතාවක්
    එයා ලංකාවට සංචාරයකට ගිහින් ඇවිත් ඉගෙන ගෙන තිබුනේ
    " මට බොන්න වතුර එකක් ඉක්මනට දෙන්න කියල "
    කෑම කනකොට හරිම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා දැවිල්ල අල්ලලා වතුර ඕන වුනාම

    ReplyDelete
  19. පිස්සු හැදිල අපහු හැදෙනවා අයියෙ.ඔයගෙ ලිවිල්ල මරු.මගෙ පලවෙනි කොමෙන්ටුව.එත් මන් ගොඩක් කල් ඉඩල කියවනවා.

    ReplyDelete
  20. මට නම් හිතෙන්නෙ ඹ්කට class යන්න ඹ්නිනැ. කොල්ලුපිටියට හරි බම්බලපිටියට හරි ගියානම් ඉවරනෙ. හිකස්!!

    ReplyDelete
  21. සමනලී : ඔයාගෙ කතාවට හොඳ උත්තරයක් තියෙනවා. ඒත් ඒක කියන්න හොඳ නෑ. තායි අයගෙ ඇස් දිහා බලන්න. එච්චරයි කියන්න පුලුවන් ;-)

    ReplyDelete
  22. " Buratheno said- හරිනම් වෙන්න ඕනෙ ඕකෙ අනිත් පැත්තයි.. තායි කෙල්ලෙක් එක්ක යාළුවුනා නම් පොරට ටක් ගාල තායි බාසාව ඉගෙනගන්න තිබුනා.. :)"

    ඇත්තටම සිද්ධ වෙන්නෙ අපෙ කොල්ලො තායි කෙල්ලො සෙට් කරගත්තම ඒ කෙල්ලො සිංහල කතා කරන්න ගන්න එකයි.

    "Samanalee said - කොහොමද ලංකාවේ ගෑනු ලමයෙක් තායිලන්තේ ගිහින් එහෙ පිරිමි ලමයෙක් බැඳගත්තොත්."

    ඒ රටේ බෙහෙතකට හරි කොල්ලෙක් හොයා ගන්න නැති එකනෙ ඉතින් ප්‍රශ්නෙ :D :D

    ශන් පුට් තායි නිඩ්නොයි තාඔ නන් කා.....!

    ReplyDelete
  23. Thailand වෙස්ටෙර්න් රටවල් වල බොහොම ප්‍රසිධය් තව තව දේවල් වලට,ඒවාට නම් භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.සුදන්තත් ඉතින් ඉසිස්සෙල්ලම love එකක් පටන් ගන්න හදන හින්ද හිතන්න ඇති සත්‍ය ප්‍රේම බ්‍රුංග රාජයෙක් වෙන්න.මම අහල තියෙනවා Western රටවල් වල Thailand යන්න package විකුනනවා කියල "Sex Tours" හැටියට ඇත්තද බොරුද නම් දන්නේ නැහැ.ඕව ඉතින් ප්‍රසිද්දියේ දැන්වීම් දාන ඒවා නෙමේනේ.

    ReplyDelete
  24. "පොම් පුට් තායි මායි ඩායි!"

    ReplyDelete
  25. බලාගන යනකොට අපේ කට්ටියටත් හොඳට තායි කතා කරන්න පුලුවනිනේ...

    ReplyDelete
  26. @ All
    සියළු දෙනාටම,
    රත්නායක මහත්තයා ගෑනුන් ගේ xxx හොයපු හැටි ගැන ලියපු කතාවේ දී වගේ ප්‍රතිචාර දක්වපු හැමෝටම උත්තර ලියන්න නං වෙලාවක් නෑ දැන්.

    ඒ අතර අද (26 ජනවාරි) උදේ හරියට හතට ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල ගිය කතාවේ මං AM වෙනුවට PM දාලා දැනුයි තේරුනේ.

    ඒ පාර හවස තුනයි දහයට පල කළා. අද කතාව දුමින්ද එයා පොට් ගිය හැටි ගැන.
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  27. කෆ් කුන් මා කාෆ්!

    ReplyDelete
  28. නියම කතාව නොවැ. සිංහල දැනගෙන කෙල්ලෙක් දාගන්න බැරි වුණු එකා තායි ඉගෙන ගෙන බැරිවෙලාවත් තායි කෙල්ලෙක් දාගත්තා නම් නරක් වෙලා තියෙයි

    ReplyDelete
  29. මේ සුදන්ත... සුදන්ත... කියන්නේ අපේ සුදන්ත සාදු නෙමෙයි නේද.මොකද එයත් මේ දවස් වල තායිලන්ඩ් පැත්තේ ඉන්නවා කියලනේ ආරන්චිය.........හිහ්......හිහ්........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.