Wednesday 6 October 2010

විකල්ප පත්තර යුගයේ අවසානය ලඟා වූ හැටි!!!


එක්දහස් නමසිය අනූ හතරේ පැවැත්වුණු මහ මැතිවරණය මං මුළ ඉඳලම හොඳට ෆලෝ කරපු මුල්ම මැතිවරණයයි. ඊට කලින් මට මතක හැටියට 1989 ද කොහෙද තිබුණු මැතිවරණය නම් මට මිස් වුණා. ඉතිං ඒකටත් හරියන්න 1994 දී, පත්තරවල ගිය දේශපාලන ලිපි කියෙව්වා, දේශපාලන රැස්වීම් බලන්න ගියා. රූපවාහිනියේ අළුතින් පටන්ගත් රතු ඉර වගේ දේශපාලන විවාද බැලුවා.

ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්ත කියල කියන්න පුළුවන් -අද භාෂාවෙන් කියනවා නං.

පත්තර ගැන කියනව නං, ඒ දවස්වල මගේ ප්‍රියතම පත්තර වුනේ සුනන්ද දේශප්‍රිය කතෘ වුණු, මර්ජ් එකෙන් කරපු යුක්තිය යි, වික්ටර් අයිවන් කරපු රාවය යි තමයි.

මතක තියාගන්න මේ අදට අවුරුදු දාසයකට කලින් කාලෙක කතාවක් හොඳේ. අවුරුදු දාසයක් කියන්නේ සද්දන්තයෝ, කුරුමිට්ටෝ වෙන, ලොකු අතුල ලා, වුට්ටංම, චුට්ටං අතුල ලා වෙලා යන තරමේ දීර්ඝ කාලයක්.

යුක්තිය යි, රාවය යි පත්තර දෙකම පොතේ හැටියට ඉරිදා පත්තර. ඒත්, සිකුරාදා හවස් වෙනකොට බොරැල්ලෙන් ගන්න පුළුවන්. මේ පත්තර දෙකම, සාමාන්‍යයෙන් ඉරිද පත්තර වලට වඩා කුඩා ප්‍රමාණයේ ඒවා. ඇත්තටම කියනවා නං දෙකෙන් පංගුවයි.

ඉංගිරිසියෙන් ලොකු සයිස් එකේ පත්තරවලට කියන්නේ "බ්‍රෝඩ් ෂීට්" පත්තර කියලා. පොඩි සයිස් එකේ යුක්තිය, රාවය වගේ ඒවට කිව්වේ "ටැබොලොයිඩ්" පත්තර කියලා.

හැබැයි "ටැබොලෙයිඩ් ජර්නලිසම්" කියන්නේ නම් තරමක් නෙමේ හොඳටම අපහාසාත්මක එකක්. ඒ, එංගලන්තයේ සන් වගේ ටැබොලෙයිඩ් සයිස් එකේ පත්තරවල පල කරන ජරා ලිපි නිසා ඇති වෙච්ච කැළලක් මං දන්න තරමට.

හොඳ වෙලාවට ලංකාවේ යුක්තිය සහ රාවය පත්තර වලට සිංහලෙන් කීවේ "විකල්ප පත්තර" කියලායි. ඒ, ප්‍රධාන ප්‍රවහයේ, දිවයින, ලක්බිම, සිළුමිණ වගේ පත්තරවලට වඩා විකල්ප වූ අදහස්වලට මේ පත්තරවල ඉඩ වෙන්වුණු නිසයි.

ඉතිං, මේ 1994 මැතිවරණය කලින් ඉඳලම, ඒ කාළෙ තිබුණු යූඇම්පී ආණ්ඩුව ගැන බහුතරයක් මිනිස්සුන් ගේ ප්‍රසාදය නැතුව ගිහිණුයි තිබුණෙ. ඒ හින්ද යුක්තිය, රාවය පත්තර දෙකට සෑහෙන ඉල්ලුමක් තිබුණ මට මතක හැටියට. මිලත් රුපියල් දහයක් විතර වගේ.
ඔය පත්තර දෙකේම ආණ්ඩුවේ වැරදි වැඩ, දුෂණ, සමාජ අසාධාරණකම් වගේ දේවල් ගැණ ලිපි පුරෝල තිබුණ. ආණ්ඩු විරෝධීන් මේ පත්තර කියවන්න කැමතිවුනේ ඒකයිනේ. ඒත් සාමාන්‍ය පිළිගැනීම වුනේ පුවත්පත් මර්ධනයකුත් තියෙනව කියලයි.

ඉතිං අද කතන්දරේ මේකයි.

මහ මැතිවරණය ලංවෙලා, තියෙන ආණ්ඩුව පරදිනව කියන ලකුණු පේන්න පටන් ගත්තහම, අනේ ඔය විකල්ප පත්තර විකුණලා ජීවත්වෙන අසරණ මනුස්සයෙක් හොඳටම බය වෙලා.

ඇයි දන්නවද?

අළුත් ආණ්ඩුව ආවට පස්සේ, දූෂණය, භීෂණය නතරවෙලා, සාමකාමී සිරි ලංකාවක් ගොඩ නැගෙනවනේ.

ඉතිං, එහෙම රටකට මොකටද විකල්ප අදහස් පලකරන පත්තර? විකල්ප පත්තර විකුණලා ජීවත්වෙන තමන්ගේ බඩට වදින්නයි යන්නේ!

මං හිතන්නේ මහ මැතිවරණෙන් අවුරුද්දක් යන්නත් කලින් ඒ මනුස්සය හීනෙං අවදිවෙන්න ඇති!!!

පව් නේද?

මීලඟ කතන්දරේ රුපියල් විස්සේ ප්‍රෙට්‍රල්!

කලින් කියවල නැත්තං, මගේ ධර්මිෂ්ඨ සමාජය කතන්දරේ මෙතනින් කියවන්න. ඒකත් ටිකක් මේ වගේ කතාවක්.

-කතන්දරකාරයා

ප/ලි
අවුරුදු කීපෙකට පස්සෙ බැලින්නං නිහඬ දක්‍ෂිණාංශිකයෙකු වුණු අපේ තාත්තා කියවන්නෙත් රාවය.

හැබැයි, ඒ වෙනකොට ඒක බ්‍රෝඩ්ෂීට් එකක් වෙලා තිබුණෙ මයෙ හිතේ.

19 comments:

  1. පූලාන් දේවි නේද? මටත් ඔය කාලේ ගැන මතකයක් තිබෙනවා. අපි ඇඩ්වාන්ස් ලෙවල් නේ ඒ කාලේ.ඇත්තටම උනේ ටැබොලෙයිඩ් පත්තර බ්‍රෝඩ්ෂීට් උන එක විතරයි මං හිතන්නේ.

    ReplyDelete
  2. ඕව මොනවද කසූ... යූඇන්පියත් දැන් කියවන්නෙ රාවයද කොහෙද... :D

    ReplyDelete
  3. දැන් විකල්ප පත්තරත් නෑ... විකල්ප අදහසුත් නෑ...
    ජනමාධ්‍ය ෙවිදිෙයාත් නෑ... ජනතා වීරෙෙයාත් නෑ..
    දැක ගන්න ඔ්නනම් සමහරක් අය වැලිකඩ.. අනික් අය හතර රියනක් යට..
    අෙන් කතන්දර කාරයා.. ෙද්සපානලය කතා ෙනාකල යුතු මාතෘකාවක්
    කියනව ෙනවී.. ඒත් උඹ ව ෙග් උන් කලින් මැෙරනවට අපි කැමති නෑ..
    ඒ නිසා ඒ ගැන ෙනාලියා ඉදින්..

    ReplyDelete
  4. meaning less article, why did u use that photo?

    ReplyDelete
  5. 94 ආසන්න කාලෙදි පිස්සුවෙන් වගේ ඔය පත්තර දෙක කියෙව්ව මතකයි. ඒ කාලෙනම් වික්ටර්ල, සුනන්දල වීරයෝ වගේ තමයි පෙණුනෙ. උන්ගෙයි අපෙයි කරුමෙට ඊට පස්සෙ යහපත් රටක් ගොඩනැගුණගෙන් උනුයි අපියි දෙගොල්ලම නැතිවුණා.

    ReplyDelete
  6. කවුද මේ පින්තූරෙ ඉන්නෙ? ලේඛිකාවක්ද?

    ReplyDelete
  7. ඒක නෙවි කසූ.. පූලාන් දේවිගේ සම්බන්ධය මොකද්ද? මම පොඩි වැඩිද මන්දා තේරුම් ගන්න. :-/
    මේකත් අර චාමි කිව්ව තට්ට කතාව වගේ කතාවක්ද? පූලාන් දේවි නිදහස් වුන අවුරුද්දෙමනේ චන්ද්‍රිකා ජනාධිපති වුනෙත්.

    ReplyDelete
  8. පූලාන් දේවි තරහ ගනියි නේද? දන්නවද දැන් පෙන්නන බයස්කෝප් එක 'සූර චෞරයා'... සෑහෙන්න දිගවෙයි.

    ReplyDelete
  9. අර රාවය ගැන ලියල තියෙන්නෙ බ්‍රෝඩ්ෂීට් කියලද බෙඩ්ෂීට් කියලද?

    ReplyDelete
  10. ඇයි ලංකා කියල එකකුත් තිබ්බ නේද... මට නම රාවය දිරවන්නෙම නැහ. මම 94 පොඩි එකා නොවැ... 3.50 පාන් තාම මතකයි. හැබෑටම දැන් පාන් ගෙඩ්ඩක් කීයද ??

    ReplyDelete
  11. වික්ටර් අයිවන් පසු කාලයක ජීවිත හානියක් වේ යයි බයවෙලා බේරෙන්න ගිහින් තිබුනෙ ඇමෙරිකන් එම්බසියෙ පාටියකට. ඒක දැකපු හැමදාම කොළ පාට පැත්තට වැඩ කරපු අය දැන් අනේ අපි බේරෙන්න යන්නෙ කොහෙට ද කියල ඇඬුව කියන්නෙ.

    ReplyDelete
  12. කිසිවක් නැ" නොවැ කතන්දර

    විකල්ප පත්තර විතරක් නෙමේ අපිට මතකයි පාරක යන්න බැරි කාලෙකුත් තිබු බව. අපි හවස ගෙදර එනකම් අම්මලා නොකා නොබී බයෙන් හිටපු හැටි
    අනගාතය ගැන කිසිම බලපොරොත්තුවක් නැතිව........මම උදේ හවා ප්‍රාර්ථනා කරන්නේ මගෙ දරුවන්ට එහෙම කාලයක් උද නොවේවා කියලයි

    ReplyDelete
  13. හිකිස්.. කස්ටියටම හරි පුරස්නෙ ඇයි මේකට පූලාන් දේවිගෙ ෆොටෝඑකක් දැම්මෙ කියලා.. හොදට බලන්න ඒ ෆොටෝඑකේ නම "BanditQueen.jpg". අනේ ඉතිං අපේ කසූ කාටවත් අපහාසයක් කරන්න හිතුවා එහෙම නෙවි ඕං... :)

    පලි: මටත් මතකයි අපි ඒ කාලෙ කට ඇරං බලං හිටියා චන්ද්‍රිකා නෝනා අර වංචා දූෂණ කරපු පගාගහපු අයව ගෝල්ෆේස් එකට ගෙනල්ලා දඩුවම් ‍‍දෙනකං... :)

    ReplyDelete
  14. වික්ටර් අයිවන්ගේ "පෑන අහිංසකද" පොතේ ඔය ගැන තිබ්බා වගේ මතකයි. කොච්චරද කියන්වනම් රාවය පත්තරේ අලෙවියත් අඩු උනාලු 94 ඡන්දෙන් පස්සේ. යුක්තිය නම් දැන් නැහැ. රාවය විතරයි දැන් විකල්ප පත්තරයක් තියෙන්නේ එත් දැන් ඒ කාලේ සයිස් එක නෙමෙයි ලොකු පත්තරය සයිස් එකෙන්මයි තියෙන්නේ.
    මන් නම් තාමත් රාවය ගන්නවා. ප්‍රභෂ්වරගේ පන්නරයයි විමලනාත් වීරරත්නගේ කොලමයි බලන්න

    ReplyDelete
  15. කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ?

    ReplyDelete
  16. ඔය කාලෙ තිබුන තවත් ටැබිලොයිඩ් ටිකක් තමා ලක්දිව/හිරු/රාජාලියා...
    ඊට අමතරව කොලම් පත්තර තොගයකුත් ආවා. ත්‍රීශූලේ/කපුටා/කොලම/සටන....
    කිණිහිර කියලා එකකුත් තිබුනා. මතක විදිහට එකත් කොලමක්.
    චින්තන ජයසේන තමා මං හිතන්නෙ හොඳම කොලම් රචකයා. මොනවා ලිව්වත් මාර ගතියක් තියෙන්නෙ. එයා තමා මටත් කොලම් පිස්සුව හැදුවේ. ගෙදරින් ක්ලාස් යද්දි දෙන සල්ලි වලින් කොලම් පත්තර අරගෙන බස් එකේ හොරෙන් ඇවිල්ලත් තියෙනවා.
    කොලම් වැඩේ මඩ කලේ රෝහන කුමාර.

    ReplyDelete
  17. ප/ලි,
    කෑල්ලෙ තමයි නියම ම ඈත්ත තියෙන්නෙ. කව්රුත් එහෙමයි මගෙ හිතේ......

    ReplyDelete
  18. අය්යෝ මේ පොඩි ලමයි...මොනවද අනේ ඔයලා ලියන්නේ..කතන්දරවත් අමාරුවෙ දානවනේ එක එක නම් ප්‍රසිද්ද කරල.. බය නැද්ද හැබෑටම.

    ReplyDelete
  19. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    ඔය ෆොටෝ ගැන, කතන්දර අස්සේ කතන්දර ගැන කියන්න තියෙන්නේ තම තම නැණ පමණින් කියවිය යුතු කියල තමයි.

    මාලඹේ ගිහින් දැනුයි ගෙදර ආවේ, දවස් හයකට පස්සේ. සුක්කානම කරකෝල අත රිදෙනවා.

    හෙටවත් දාන්න ඕනෑ, රුපියල් විස්සේ පෙට්‍රෝල් කතන්දරේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.