Thursday, 2 May 2013

ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt


දැන් දින දෙක තුනකට උඩදී දවසක ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ මහ වීදිය වන සෙයිල් හි දී ජර්මානුකාරයින් එක්ක සටනක් දීලා දිනන්න කතන්දරකාරයාට පුළුවන් වුනා.

මේක මේ තුවක්කු වලින්, කඩුවලින් කරන් ද්වන්ධ සටනක් නොවෙයි. ඒත් පොඩි පහේ සටනක්.

ඔපරේෂන්වලට වඩා ස්ට්‍රැටජි වැදගත් වෙන සටනක්.

ඔය උඩින් ඡායාරූපයේ තියෙන්නේ ඒ ගෙම් එකට ගන්නා රාමුව සහ ඉත්තෝ ටිකයි. මේකේ නම "කනෙක්ට් ෆෝ".

නොදන්න අයට කියනවා නම් මේක සෙල්ලම් කරන්නේ මෙහෙමයි.

ක්‍රීඩකයෝ දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ පාට ඉත්තෝ එක බැගින් රාමුවේ උඩින් අවශ්‍ය කොලමට දානවා. එතකොට ඉත්තා ඒ කොලමේ යටම තැනට යනවා.

ගෙම් එක දිනන්න නම් දිගට, හරහට හෝ විකර්ණයට එක පේලියට තමන්ගේ ඉත්තෝ හතරක් හදන්න ඕනෑ.

වැඩි විස්තර මෙතනින්: http://en.wikipedia.org/wiki/Connect_four

බැලු බැල්මට සරල වුනාට කනෙක්ට් ෆෝ සෑහෙන්න හිතන්න ඕනෑ, දාම් වගේ ගේම් එකක්. තමන් එක පේලියට ඉත්තෝ හතරක් හදාගන්නවාට වඩා අමාරු ප්‍රතිවාදියා එහෙම හදාගෙන දිනන එක වලක්වන එකයි!

මේ කියන දවසේ තමයි ෆ්‍රෑන්ක්ෆර්ට්වල අළුත් සැම්සුන් ගැලක්සි ෆෝ මෙබයිල් ෆෝන් එක ලෝන්ච් කරන්නේ. ඒ හින්දා සැම්සුන්කාරයෝ සෙට් කරලා තිබුණා විශාල පරිමාවේ කනෙක්ට් ෆෝ ගේම් එකක් සෙයිල් වීදියේ සැම්සන් ෂොප් එක තියෙන ෂොපින් සෙන්ටර් එක ඉස්සරහා.

හාමිනේයි, ළමයිනුයි ෂොපින් කරන අතරතුරේ ඇවිදිමින් ඉන්න අල්ලපනල්ලේ මේ බව දැකපු මංතුමා කෙරුවේ කෙලින්ම සැම්සන් ෂොප් එකෙන් දාලා තිබුණු ජර්මන්කාරයා එක්ක ගේම ඉල්ලන එකයි.

මට කලින් මේ ජර්මන්කාරයා එක්ක ගේම ගහපු හැම එකාම පැරදුනා විනාඩියෙන් දෙකෙන්.

ඒව කොහෙද මං එක්ක!

මෙන්න මං දිනාපු තෑගි.

1. සැම්සුන් තොප්පියක්
2. පොඩි සයිස් එකේ කනෙක්ට් ෆෝ ගේම් එකක්
3. ලොකු සයිස් එකේ සැම්සුන් ලොලි-පොප් එකක්

මීට අමතරව සැම්සුන් ගැලක්සි ෆෝ ෆෝන් එකක් දිනාගන්න පුළුවන් තරගයකට ෆෝම් එකකුත් ලැබුණා.

ඇත්තටම කියනවා නම් පැරදුණු අයටත් ඔය තෑගි සෙට් එකම දෙනවා සැම්සුන් ලා.

ඒ මොනවා වුනත්, මං ගේම් එක දිනනවා මගේ පුත්‍ර රත්නය දැකපු එක නම් මිල නියම කරන්න බැරි දෙයක්.

සියළුම තාත්ත ලා මා හා එකඟ වෙනවා ඇති ඒ ගැන නම්!

-කතන්දරකාරයා

ප/ලි:
කනෙක්ට්-ෆෝ ගේම් එක ඔන්ලයින් සෙල්ලම් කරන්න පුළුවනි මෙතනින්.
http://www.gamesgames.com/game/Connect-Four.html


(image: href="http://en.wikipedia.org/wiki/Connect_four)