Sunday, 2 August 2009

ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්! - හෙට සිට හැම පිරිමියා ම උඩු රැවුල වැවිය යුතුය!



වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම, සිසුන් ට, ගුරුන් ට, ජංගම දුරකතන තහනම සමග දැන් දැන් ඇහෙනවා සිංහල තලිබාන් ලා ගැන කසු කුසුවක්.

ලඟදීම අනේ හැම පිරිමියාම උඩුරැවුලත් වවන්න ඕනි කියයි ද මන්දා?

මං මේ කියන්න යන්නේ, නොදැනුවත්වම වගේ කතන්දර කාරයාත් මේ මාතෘතාව කතා කරලා තියෙනවා දැන් ටික දවසකට කලින්. හැබැයි වෙනිං පසුබිම් යටතේ.

සීලවතී සිල් අරගෙන කතන්දරේ මතකද?

පිරිමි ගුරුවරු කලිසම් ඇන්දට, ගැහැණු ගුරුවරියන් ට සාරි, ඔසරි විතරයි කැප. අනික්වා තහනම්.

ඒ තලිබාන් නීතිය දශක ගණනාවක් තියෙන එකක්.

එතකොට පන්සල් යන්න සරොං අඳින්න කියලා නාලන්ද ලා මට නීති දැමීම එක?

ඒකත් සිංහල තලිබාන් වර්ගයේ එකක්. අවුරුදු ගණනකට ඉස්සර කතාවක්.

ඩේ ජා වූ (Deja Vu) ගතියක් මට නම් දැනෙන්නේ මේ අළුත් තලිබාන් කතා අහලා.

කතන්දරකාරයා