Sunday 8 June 2014

විජ්ජාවෙන් හොඳම විජ්ජාව ගැලවිජ්ජාව! - Gelavijja Stage Drama by Nishman Ranasinghe


මට මතකයි මං නමයේ පන්තියේ ඉන්න කාලේ තමයි අන්තිමට තාත්තාගෙන් ගුටියක් කෑවේ.

ඒ ඉස්කෝලෙන් පස්සේ නාට්‍ය තරගයක් බලන්න ගෙදරට නොකියා නතරවෙලා පරක්කු වෙලා ආපු හින්දයි.

එදා ඒ නාට්‍යයේ රඟපාපු අපේ පාසලේ උසස් පෙළ ශිෂ්‍යයින්ගෙන් අඩු වශයෙන් දෙන්නෙක් අද ලංකාවේ සුප්‍රසිද්ධ නළුවෝ.

ඒ ගුටි කෑමෙන් පස්සේ (ඇත්තටම නිකං ටොක්කක් සහ කණ මිරිකීමක් විතරයි) මං ඒ නාට්ට කලාවට තිබුණ ඇල්ම පොඩ්ඩක් පස්සට දැම්මා. ඒ විස්තර පසුව ලියන්නම්.

ඊට පස්සේ පේරාදෙනියේ කම්මලේ ඉන්න කාලේ ඔය "ෆෙෂර්ස් වෙල්කම්", "ෆැකල්ටි ඩේ" වගේ දවස්වල පොඩි පොඩි විනාඩි දහයේ ස්කිට් ලියලා රඟපෑවට ලොකු ප්‍රොඩක්ෂන් එකකට සෙට් වෙන්න ට්‍රයි කරපු දෙපාරම ඒ චාන්ස්වලට කෙල වුණා!

මේ සේරම අතීත පරාජයන් මට මතක් වුනේ මේ ලඟදී නිශ්මං රණසිංහ කියන බ්ලොග්කාරයා විසින් ලියා නිෂ්පාදනය කරන අළුත්ම නාට්ටියක් ගැන ආරංචිය ලැබුණු වෙලේයි.

මට නිස්මං මුලින්ම හමුවුනේ පසුගිය අප්‍රියෙල් මාසයේ තිබුණු සයිබර් සිහින අළුත් අවුරුදු උත්සවයේ දී යි. මට මතක විදියට ඔහු ඇවිත් හිටියේ දැන් නැවතී තිබෙන ප්‍රහාරය බ්ලොගය ලියූ සුමිත් නිරිඇල්ල එක්කයි.

නිශ්මං කියන නම ඇහුණු වෙලේ මට හිතුණේ "මොකක්ද බොලේ ඒ නම?" කියලයි, මොකද ඒක ලියන්නේ නිෂ්මන් වගේ ඉන්දීයානු විදියකට නොවෙයි, නිකංම නිකං නිශ්මං.

මං ඊයේ තමයි දැනගත්තේ මේ නිශ්මං කියන්නේ නිශ්ශංක සහ මංජුල කියන නම් දෙක එකතු කරලා හදාගත්තු කොම්පොසිට් නමක්ය කියන එක.

කොහොම වුණත් පළපුරුදු නාට්‍යකාරයෙක් සහ මාධ්‍යයකාරයෙක් වෙන වෙන නිශ්මං ගේ අළුත්ම නාට්‍යය තමයි ගැලවිජ්ජා!

මෙන්න ගැලවිජ්ජා ගැන විස්තරක්.
http://chiththapata.blogspot.com/2014/05/blog-post_22.html

නාට්‍යයේ පුහුණුවීම් දැන් ඇරඹිලා - මෙන්න මුහුරත් උළෙෙල් පින්තුර!.

මේ කලාබර වැඩේ ඉස්සරහට අරං යන්න නිශ්මං අපෙන් පොඩි සපෝර්ට් එකක් ඉල්ලලා තිබුණා ඔහුගේ බ්ලොග් එකේ.
http://chiththapata.blogspot.com/2014/05/blog-post_18.html

පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා.

-කතන්දරකාරයා

ප/ලි:
අපිට ඉතිං රඟපාන්න තියෙන්නේ අර විලියොං ගොයියා කියපු විදියට ජීවිත වේදිකාවේ තමයි!


(image: http://chiththapata.blogspot.com/2014/05/blog-post_18.html)

34 comments:

  1. ස්තූතියි බෙහෙවින්ම.මෙච්චරකල් වැඩ නොකරන්න තිබිච්ච හයිය තමයි මේ ලැබෙන්නෙ.මම හැමොගෙම වචනයකවත් වෙහෙස අපතෙ යන්න නොදිය යුතුයි කියන බර මේවත් එක්ක හිතට වැටෙනවා.ඒ නිසාම මගේ ජීවිතයෙ ගැලවිජ්ජාව බවට මේ නාට්‍යය පත් වේවි.ඔබේ සහෘදත්වයේ ආශිර්වාදයෙන්
    ජයවේවා!

    ReplyDelete
  2. ස්තුතී කාකා බ්ලොග් අඩවියට පාර පෙන්නීම සහ කලාකරුවෙක් හදුන්වා දීම ගැන, නලින් අයියගේ සමකය වටේදී එයාගේ නම දැක්කම මාත් කල්පනා කළා ඒ ගැන, ඒකට උත්තරෙත් හම්බුනා, fb එකේ මට ඉන්නවා නාට්‍ය කලාවට සම්බන්ධ යාළුවො කීපදෙනෙක්, ඒ අය අතරත් ලින්ක් එක ශෙයා කරන්නම් ,.. ස්තුතී... Nisman Ranasinghe මහත්මාටත් මගෙන් සුබ පැතුම්, තව තවත් නිර්මාණ කරණයේ යෙදෙන්න ශක්තිය සහ කාලය ලැබෙන්න කියා,

    ReplyDelete
  3. කකා නිශ්මා වෙනුවෙන් මේ තැබූ සටහනට බොහොම ස්තුතියි. ස්වෝත්සාහයෙන් ගොඩ එන්න හදන අපේ කාලයේ පත්තර කාරයෙකු මේ මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ කාලයේ අනෙක් පත්තරකාරයො ගොඩ එන්න හදන්නෙ ස්වෝත්සාහයෙන් නෙවෙයිද?

      Delete
    2. @Anonymous8 June 2014 12:16
      අපේ කාලයේ අනෙක් පත්තර කාරයෝ වලව්වල වළං හෝදලා වැසිකිළි හෝදලානෙ ගොඩ එන්න හදන්නෙ. විශේෂයෙන්ම ඉතිං බේරෙ ගෙදර අයට ගොඩ එන්න තියන එකම ක්‍රමය ඒකම විතරනෙ.

      Delete
  4. අපූර්විට සහ නලියට ස්තූතියි.අපූර්වි මට මහත්තයානම් බර වැඩියි නිශ්මා කියලා ඔය නලිය කියන විදිහ තමයි සෙට් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපූර්විගේ මහත්තයා එදා අවුරුදු උත්සවේට ඇවිත් හිටියාා මතකද අපිත් එක්ක සෙට් වුණේ අර දර්බග් එකත් එක්ක

      Delete
    2. හි හි හරි හරි අයියේ...

      Delete
  5. ඒක එනකොට මම කර්පට් නෙ

    ReplyDelete
  6. නාට්‍යට රට වටේම දුවන්න හැකියාව ලැබේවා....!!!

    ReplyDelete
  7. නිෂ්මාගේ බ්ලොගයට ගොඩවී නාට්‍යයේ වැඩේට කොහොම හරි උදව්වක් දෙන්නට ඕනි කියලා හිතුවත් සුපුරුදු අවිවේකය නිසා අමතක උනා. ඒක ආපහු මතක් වෙලා වැඩේට තවදුරටත් උත්තේජනයක් ලැබුනේ කකාගේ මේ පොස්ටුවෙන්. නාට්‍ය උන ගැන පත්තර උන ගැන මටත් අත්දැකීම් තියෙනවා. ස්තුතියි කකා අපේ එව්වන්ට දෙන සප් එකට.

    ReplyDelete
  8. නිශ්මං බොස් ට සුභ පතනවා .. මේ වගේ පෝස්ටුවක් පල කරලා අපිව දැනුවත් කල කකා ටත් ස්තූතියි..

    ReplyDelete
  9. නිශ්මන් රණසිංහ..
    අඩවිය පැත්තට ගියා..
    නාට්‍යයට සුභ පැතුම්..

    ජය වේවා!!!
    - ස්තුතියි කකා පාර පෙන්නුවට -

    ReplyDelete
  10. නිශ්මන් රණසිංහ...උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  11. අත නොගැටුණු උණුසුම සිත දැවටන සෙනෙහසින් දැනෙනවා ආදරණීය මිතුරණි.ස්තූතියි හැමෝටම.විශේෂයෙන් ඔබව මේ පාරට කැදවපු කකා ට

    ReplyDelete
  12. නිශ්මා උත්තර දාද්දී reply කියන තැන ඔබලා පිළිතුර දාන්න..

    ReplyDelete
  13. උඹේ එකනං වැරදුනා නලියා අනිකනම් හිතලමයි දැම්මෙ
    ගැලවිජ්ජා වෙනුවෙන් මුහුණුපොතේ සමුහයක් හැදිලා තියෙනවා
    https://www.facebook.com/groups/galavijja/ ඒ වගෙම ලයික් පේජ් එකක් තියෙනවා https://www.facebook.com/pages/%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F/727007797321657 මේවා ලින්ක් එබීම නොදන්නා කම නිසා වෙන අවුල්.අමාරුවෙන් හරි කොපි කරං බලන්න ඇහැක් නොවැ.Supiri Krida Nisman Ranasinghe නිශ්මං රණසිංහ කියන මුහුණු පොතේ පණිවිඩ හරහා අපට හමු වෙන්න පුළුවන්.

    ReplyDelete
  14. නමේ තේරුම අදයි දැනගත්තේ

    ReplyDelete
  15. පට්ට වැඩක්නේ, එක පට්ට වෙන්නේ වැඩේ කරන මිනිස්සු නිසාමයි. සුබ පැතුම්.

    ReplyDelete
  16. උණුසුම් ම උණුසුම් සුබ පැතුම් වේවා..!!!

    ReplyDelete
  17. ස්තූතියි කකා පාර පෙන්නුවට.

    ReplyDelete
  18. මේ තිබ්බ සටහන නම් ඇත්තෙන්ම වටිනවා. මේක තනයි වියයුත්තේ. ඒ පැත්තට ගොහිං විස්තර බලා කියාගෙන එන්නම්.

    ReplyDelete
    Replies
    1. මුහුරත් උළෙලෙ අර පොල්තෙල් පහන පත්තුකලේ කතන්දර නේද? කතන්දර එතන නිකං ඩයන් ගෝමස් වගේමයි. අඩුවකට තිබුනේ බීරට් තොප්පිය විතරයි.

      Delete
    2. නෑ නෑ ඩයන් ගෝමස් කකා ලංකාවෙ හිටියෙ නැහැ ඒ වෙන කොට

      Delete
    3. ඒ කියන්නෙ ඒ එතන හිටියෙ ඩයන් ගෝමස්මද?

      Delete
  19. අවංකවම මේ කිසි දෙයක් දැන ගෙන උන්නේ නෑ. අඩු ගානේ නලියවත් කිව්වේ නෑ. කකාට බ්ලොග් කියවන අයතර කරන්න පුඵුවන් දේ විශාලයි. මමත් සටහනක් තබන්නම්. මොකෝ බ්ලොග් කාරයෙක් නිසා. ඒ වගේම ලියන දෙයි ගත් අයුත්තක් තියෙන නිසා.

    ReplyDelete
  20. ස්තූතියි කකා.... ඔහු ගැන දැනගත්තේ අද. ගිහින්ම බලන්නම්කෝ ඒ බ්ලොග් අඩවියට.

    ReplyDelete
  21. කකාට බොහෝම ස්තූතියි...මේ පෝස්ට් එකට!!!!!

    නිශ්මං...මචං ගමනේ යා.......

    ReplyDelete
  22. ගොඩක් වෙනස් නමක්. ඇවිල්ලා බලන්නම්. සුබ පැතුම් නිශ්මන්ට...:)

    ReplyDelete
  23. මෙය නම් ඉතිහාසයේ වෙනසක් ඇති කල පෝස්ට් එකක්...... කකාගෙ බ්ලොග් එකේ අඩුම ඇනෝ කොමෙන්ට් ගාන මේ පෝස්ට් එකට....

    ReplyDelete
  24. ස්තුති කකා...
    නිෂ්මා ඔබට සුබ පතනවා සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා

    ReplyDelete
  25. ජීවිතයේ ආදරය දැනෙන්නෙ වගේම කරන්නෙත් එකිනෙකාට හුරු වූ ක්‍රමයකට මේ කොයි දේ තුළත් තියෙන අවංක කමයි විටින්නෙ ඒක මේ හැම චේකින්ම මට දැනෙනවා.ඒ ආදරයට ගොඩක් ස්තූතියි.ඒකට මග පෙන්නපු කකාටත් ස්තූතියි

    ReplyDelete
  26. මේ වගේ සටහන් නිසා මට මගේ නිර්මාණයෙ අයිතිකාරත්වය බෙදා දෙන්න සමත් වෙලා තියෙනවා තිහිප දෙනෙක් අතරේ.වගකීම වැඩියි.කලාකාරයාට ඒ වගකීම තියෙන්න ඕනි.මේ සටහන් නිසා හුග දෙනෙක් උදව් කරන්න ඉදිරිපත් වුණා වචණයකින් හරි.ඒ අයගෙ සෙනෙහසෙන් තමයි මේ දවස්වල පුහුණුවීම් වලදී අපේ නාට්‍ය කණ්ඩායමේම වෙහෙසට කහට උගුරු වලින් උගුරු තෙමුණෙ.ඉතිං ඒකට ස්තූතියි.අගෝස්තු 7 - 8 බස්නාහිර පළාත් සෞන්දර්්‍ය නිකේතනයෙ නාට්‍ය පැවත්වෙනවා.එහි සභාපති මධුමාධව කලාකාරයෙක් හැටියට වගේම මිත්‍ර සමාගමයෙන් ඇති වුණු බැදීමත් එක්ක 6 වෙනිද ආලෝක පුහුණුවටත් එක්කම හෝල් එක දවස් තුනට දෙන්න නියමිත ගාණ අඩු කරල දීල උදව්වක් කරන්න බලනවා කිව්වා.බලමු ඉදිරියෙදි නාට්‍යයෙ ප්‍රදර්ශන අවස්ථාව තීරණය කරන්න මේක හේතුවක් වෙයි.කොහොම හරි කරමු කියලා කියන දෙනාගෙ හයිය වචන වලින් වගේම ආර්ථික වශයෙනුත් මාව ශක්තිමත් කරනවා.ඒ විශ්වාසයත් මට ලොකු හයියක්.නොපෙණෙන අන්තර්ජාලය හරහා බැදි හාද කමේදී මිනිහෙක්ට උදව කරන්න හිතෙන විශ්වාසය දිනා ගන්න අමාරුයි.මම මාතලන් අරූ කතන්දරකාරයා වගේම මුහුණුපොතේ සහෘද කණ්ඩායමේ ඇතැම් සහෘදයන්ගේ මැදිහත් වීමත් එක්කත් ඒ විශ්වාසයට ආදරයට පාත්‍ර වෙලා තියෙනවා යම් තරමක.

    ලබන සතියෙ උඹලගෙත් දහදිය වැටුණු නාට්‍යයෙ ප්‍රදර්ශනයෙදි කොහොමද ප්‍රවේශ පත්‍රයක් ගන්නෙ කියන එක කියන්න මම එන්නම්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.