Monday 10 February 2014

මාර්ක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුකියට කොකා පෙන්නූ සිංහල බ්ලොග්කාරයා සහ පොර ගේ මීලඟ ඉලක්කය - One down, many to go!


කලින් දවසක මං කතන්දරයක් කිව්වා මතකයිනේ ඕනෑම දේකට ඇබ්බැහි වීම නරක දෙයක් නිසා, ඒ විදියට ඇබ්බැහි වෙලාද කියලා හොයාගන්න හොඳම ක්‍රමය තමයි ඒ පුරුද්දෙන් ටික කාලෙකට අයින්වෙලා ඉන්න එක කියලා.

ඉතිං ඒ කිව්වා වගේම පහුගිය අඟහරුවාදා ඉඳලා මං ෆේස්බුකියෙන් ලොග් අවුට් වුනා. ගෙදර කම්පියුටරයේ, ෆොන් එකේ හැම තැනකින්ම බුකිය අයින් කරලා දැම්මා. හැබැයි ඉතිං එහෙම ලොග් අවුට් වෙන්න කලින් ඒ බව කියලා ස්ටේටස් අප්ඩේට් එකක් කරන්නත් අමතක කලේ නෑ!

මගේ සැලසුම වුණේ සතියක් බුකියෙන් පිටමං වෙලා ඉන්නයි.

හෙට අඟහරුවාදා උදේ පාන්දර පහමාර වෙනකොට ඒ සතියේ කාලය ගෙවී අවසන් වෙනවා. ඒත් තාම මං තීරණය කෙරුවේ නෑ, ආපහු බුකියට ලොගෝන් වෙනවාද, වෙනවා නං ඒ කවදාද කියන එක!

දැන් මේ ගෙවීයන සතිය ගැන විස්තර කියනවා නං. මට එහෙමයි කියලා විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් නං දැණුනේ නෑ. හැබැයි දෙතුන් වතාවක් නොයෙකුත් දේවල් දැක්කාම, අළුත් කෑම ජාතියක් කන වෙලාවට වගේ පුරුද්දට වගේ ෆොටෝ එකක් ඇල්ලුණා. පස්සේ දවසක ආපහු බුකියට ගියාම දාන්න පුළුවනි නේද කියලා!

පරණ යාළුවෙක් අවුරුද්දකට විතර පස්සේ ගිය සිකුරාදා මුණ ගැහුණ වෙලේ පොර, ආ උඹ බුකියෙන් අයින් වුණා කියලා දාලා තියෙනවා දැක්කා කියපු වෙලේත් මට හිතුණා ආ එහෙනං කෂ්ටිය එකසිය ගාණට මගේ ස්ටේටස් එක ගැන කතා වෙනවා වෙන්න ඇති කියලා!

ඒ හැර බුකියට ගොඩ වැදුනේ නැති හින්දා මට ඉහෙන් බහින් රෝගයක් නං හැදුණේ නෑ.

ඒ කියන්නේ මට ෆේස් බුක් ඇඩික්ෂන් එකක් නැති බව පැහැදිළියි.

දැන් ඉතිං මාර්ක් ෂුකර්බර්ගේ ෆේස් බුකිය සමතික්‍රමණය කරපු මට ඊළඟට කරන්න තියෙන්නේ බ්ලොග් ලියන්න, කියවන්න, කමෙන්ට් කරන්න මට තියෙනවාය කියලා හොදටෝම හිතෙන ඇබ්බැහිකම ගැන හරියටම ටෙස්ට් කරලා දැන ගන්නයි.

ඒ අනුව, අද මේ කතන්දරය පබ්ලිෂ් වූවායින් පසුව, සතියක් යනතුරු මංතුමා බ්ලොග් ලෝකයෙන් තාවකාලිකව සමු ගන්නට නියමිතයි!

මේ ටැස්ට් එක නං, ගිය සුමානේ කරපු එකට වඩා අමාරුවෙයි කියලා හිනෙවා.

කරලාම බලමු!

මට ජයවේවා!

-කතන්දරකාරයා

බ්ලොග්වලට ඇබ්බැහි වීම ගැන අපේ බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියේ එදා 2012 දී කියපු කතා මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

81 comments:

  1. මේකනම් වැඩිකල් නවත්තල ඉන්නෙ නෑ :D

    ReplyDelete
  2. ඔය ඉතින් හෙට උදෙන් පස්සෙ බුකියට යන බව ඔබ දන්න නිසා එච්චර කේස් එකක් නෑ.පුලුවන් නම් තව ටික දවසක් ඉඳල බලන්න.එතකොට කකාගෙ ස්ටේටස් එකට වැටෙන කමෙන්ට් මොනවද කියල බලන්නම හිතෙන ආකාරයේ කුතුහලයක් ඇති වෙන්න පුලුවන්.

    ReplyDelete
  3. මමත් බ්ලොග් වලින් සතියකුත් දින දෙකක් අයින් වෙලා ඉදලා ඔන්න අද ආයෙමත් ආවා

    ReplyDelete
  4. මාත් දැනගත්ත මට නං ඔය දෙකෙන්ම අවුලක් නෑ කියල. පහුගිය ටිකේම බ්ලොග් කියෙව්වෙ නෑ.

    ReplyDelete
  5. මේක පුදුම කෙලියක්නේ. කමෙන්ට් ඇපෲ කරන්නෙත් ඇවිල්ලද? කලින්ම මොඩරේට් අයින් කලානං තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. @රාජ්,

      M. Conteur connaît ses amis anonymes.:-)

      Delete
  6. එහෙනං ඉතිං මේකට සතියකට පස්සෙ කොමෙන්ට් එකක් දැම්මම මදැයි.

    ReplyDelete
  7. බුකියෙන් අයින් වුණ එක නං අවුලක් නෑ කියමුකො බ්ලොග් ලියන එකෙං අයින් වෙන එකනං නරකයි වගේ මට හිතෙන්නෙ.. මොකද කකා වගේ අත්දැකීම් සපිරි බ්ලොග් කරුවන් ඉන්නෙ අතලොස්සයි. ඒ ඉන්න එක්කෙනා දෙන්නත් අයින් වෙන්න ගත්තම .....? අනේ මංද...
    අහෝ දුකකි ඉරකි තිතකි කියල තමා කියන්න වෙන්නෙ..
    සතියකට වුණත් කට්ටියට ඒක සෑහෙන්න දැනෙයි කකා....
    ඔබගේ පුද්ගලික තීරණ ගැනීමේ නිදහසට බලපෑම් කිරීමට අයිතියක් නැති වුවත් මේ ගැන තව දුරටත් හිතා බලන මෙනු් ඉල්ලා සිටිනවා

    ReplyDelete
  8. කකා නැති බ්ලොග් ලෝකේ කවර නම් සැපතක්ද? මාත් අයිං වෙලා ඉන්නවා එහෙනං. (ඔය කිව්වට මං නං අයිං වෙලා ඉඳියි...හුඃ)

    ReplyDelete
  9. කකාට පුළුවන්නම් කොල්ලෙක් දිහා කැත විදිහට බලන්නෙ නැතුව සතියක් ඉන්න........

    ReplyDelete
  10. .ෆෙස්බුක්,යූටියුබ්,බ්ලොග් වගෙ දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන්.නමුත් ඒවගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනවලින් 1% ක් වත් අපි ගන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.හැබැයි ඇඩික්ට් වෙන එකනම් කෝකට වුනත් හොඳ නෑ.හුගක් හානිකර දේවල් වලට ඇඩික්ට් වෙනවට වඩා මේවට ඇඩික්ට් වෙන එක එක අතකට හොඳයි.

    ඇත්තටම කකාගෙ ක්‍රමය ඇබ්බැහි වූ අයට හොඳ ප්‍රතිකාරයක්.බුකියට ගියෙනෑ කියල කකාට කිසි කරදරයක් මේ වෙනකම් සිදුවුනේ නෑ කියන එක අහන්න ලැබීමත් සතුටක්.හෙහෙ ....හෙහෙ

    ReplyDelete
  11. බූරු වැඩක් කරලා තියෙන්නේ.... කතන්දර ගොනෝ අපේ කොමෙන්ට් ටිකවත් පබ්ලිශ් කරහන්...

    ReplyDelete
  12. පාස්වර්ඩ් එක අපිට දීලා තමුසේ යන මගුලක ගියානම් ඉවරනේ ඕයි... එතකොට ආයෙ නාවත් කමක් නෑ....

    ReplyDelete
  13. Je suppose que nous ne pouvons pas commenter.

    ReplyDelete
  14. ඇනෝ ගේ කවිය........

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතු පැතුම්
    බ්ලොගේට නෑවිත් ඉටුවෙවී නම්
    ආයේ නාවත් කම් නෑ ඉතින්
    ආයේ නාවත් කම් නෑ ඉතින්

    ReplyDelete
  15. ///ඒත් තාම මං තීරණය කරේ නෑ ආපහු බුකියට ලොගෝන් වෙනවද, වෙනවානම් ඒ කවදාද කියන එක///
    හපුයි කතන්දර බොග

    ReplyDelete
  16. ජය වේවා!!!

    ReplyDelete
  17. කකා ආයි නාවට කමක් නැහැ. අපේ ඇනෝලට පාස්වර්ඩ් එක දීල යන්න. ඒගොල්ලෝ හොඳට ඇදගෙන යයි මේක.

    ReplyDelete
  18. කතන්දරයක් කියවලා ඉවරයි එහෙනම්.. :S

    ReplyDelete
  19. ඔය සතිය ඇතුලත කකා මලොත් බ්ලොගය පාලු වෙනවා...
    ඒ නිසා යන්න කලින් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා යන්ඩ.

    ReplyDelete
  20. මේක හරියන්නෑ... මේක හරියන්නෙ නෑ.. ( චව් චව්ගේ අදහසකි )

    ReplyDelete
  21. වැඩේ අසාර්ථකයි. බ්ලොග් නොකියෙව්වට කමෙන්ට් කියවන්න වෙනව. එහෙම නැත්තං මොඩරේෂන් අයින් කරන්න වෙනව ( එතකොට සමහර ඇනේල බ්ලොග් කියවන්න එපා කරවනව - ඒ හින්ද එක අතකට ඒ ක්‍රමේ ට්‍රයි කරොත් වඩා හොඳයි වගේ :D ).

    මේ බ්ලොග් අතහැරීමේ ක්‍රමෙත් අර මාලු නොකෑවට හොදි කන වෙජිටේරියන් ආන්ටිලගෙ සිස්ටම් එකට දෙවෙනි වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  22. කරලාම බලමු!
    ඔබට ජය වෙවා !

    ReplyDelete
  23. @කකා, ඔබ ඔබේ කාලය කෙසේ වෙතත් මෙමඟින් අපේ කාලය ඉතිරි කරයි.

    ReplyDelete
  24. මළ කෙළියයි

    ReplyDelete
  25. මේ කමෙන්ට් එක සතියකට පෙර බලන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  26. "ඉතිං මාර්ක් ෂුකර්බර්ගේ ෆේස් බුකිය සමතික්‍රමණය කරපු මට"

    මල කෙලියයි මාර්ක් ෂුකර්බර් දෑන් නිදිපෙති overdose එකක්වත් ගනීද?

    KKට අපහාස කිරීමට ඈබ්බෑහිවී ඈති ඈනෝලාගේ copyright සොරාගෑනීම ගෑන මට නඩුදායිද?

    ReplyDelete
  27. වැඩිම උණොත් දවස් තුනක් දෙන්නං...

    ReplyDelete
  28. සුභ වේවා.බ්ලොග් ඇඩික්ෂන් එකෙන් මිදේවා. කල් අරගෙන හරවත් කතන්දර ලියවේවා.

    ReplyDelete
  29. මාත් බුකිය පැත්ත පලාතේ යන්නේ නැති කාලයක් තියෙනවා. broadband package එකේ Quota එක ඉවර උනාම. :)

    ReplyDelete
  30. මටත් හිතෙනවා කකාට සමගාමීව මේක කරලා බලන්න

    ReplyDelete
  31. හරි හරි ඒකත් කරල බලමුකො,හැබැයි ආපහු ඇවිත් කියන්න ඕනෑ හරිද.

    ReplyDelete
  32. හි හි ඇනෝ කොමෙන්ට්ටුත් බැහැ හොදේ

    ReplyDelete
  33. අප්රුවල් දාලාම ගිහින් තියෙන්නේ අපේ සෙට් එකේ කෙරුවාව දන්න නිසා වෙන්ටෑ ඉදගෙන

    ReplyDelete
  34. කශූට ජයවේවා !

    ReplyDelete
  35. ජය වේවා.. සටන දිනේවා...!!!

    ReplyDelete
  36. කතන්දර තමන්ගේ හිත රවට ගන්න එක වෙන්නේ කියලයි මට හිතෙන්නේ. සතියක් ප්‍රමාණවත් කාලයක් නොවේ. මාස 2-3ක් වත් ට්‍රයි කරන්න බලන්න

    ReplyDelete
  37. හුටා!

    මයි කාර්, මයි පැස්ටෝල් කිව්වලු. අහිංසක කියවන අපි මොනව කියන්නද,විරෝධය පානව ඇරෙන්න?

    නිකං මුරුංගා අත්තෙ තියන්නෙ නැතුව, ඇත්තම කියන නං, මේක කියවන අපිට කරන අසාධාරණයක්. ලියන සමහර ලිපි ගැන විවේචන තිබ්බත්, මෙච්චර ඉක්මනට අලුත් ලිපි පලවෙන වෙන බ්ලොග් එකක් ඇතියි කියල මං හිතෙන්නෙ නෑ. ප්‍රමාණාත්මකතාවය, ගුණාත්මකභාවයට අනුලෝමව සමානුපාතික නිසා, ඒ ගැන මුකුත් කියන්න බෑ නෙව?

    වැඩේ නං කුජීතයි ඈ.

    ReplyDelete
  38. පිස්සු හැදෙයි.. බුකිය කෝම වුනත් බ්ලොග නම් අතාරිනවා බොරු..

    සේම් හියර්...

    ReplyDelete
  39. බලමු දෙයක් හිතුවොත් කරන්න ඇහැකි. විශෙෂයෙන්ම කකාට එය කරන්න හැකියි.

    ReplyDelete
  40. මොන හුන්නස් ගිරියක් ද මේක ? කකාගේ යාව ජීව ඇනෝ සාමාජිකයන්ට සුමානෙකට යන එන මං නැති කරලා අනාත කරපු එකේ පාපෙට ඔහේව පණපිටින් අපායේ යනවා සත්තයි ! අපිට පාස්වර්ඩ් එක දුන්න නං අපි මේක ඇදගෙන යනවනේ කකා නැති අතරේ ! ශිහ් විතරක් !

    ReplyDelete
  41. හොඳ දේවල් වලින් ඈත් වෙන එකනම් හොඳ මදි නේද කකා?

    ReplyDelete
  42. ඒ කියන්නේ අපේ කොමෙන්ට් වලට උත්තර සතියක් යනකම් නෑ ...... එහෙනම් කොමෙන්ට් එකත් සතියකින්ම දාන්නම්

    ReplyDelete
  43. එහෙනම් හොඳ නිවාඩුවක් අරගෙන එන්ටකෝ . අලුත් කතන්දර ටිකකුත් එකතු වෙයි ඒ කාලේ

    ReplyDelete
  44. Replies
    1. Français ont plus de 400 vérités de pain.

      Delete
  45. ෆේස්බුක් එකෙන් මමත් almost අයින් වෙලා දැන් මාස තුනක් විතර වෙනවා. ස්ටේටස් දාල අයින් වුනේ නෑ, ඉස්සෙල්ල කිසි දෙයක් පෝස්ට් නොකර, ලයික් නොදා හිටියා ෆේස්බූක් යන්නෙ නෑ වගේ. එතකොට නිතර ලොග් වෙලා පෝස්ට් කල එකට මොකද වෙන්නෙ බලන්න තියන ඕන කම නැති වෙනවා. ටිකෙන් ටික උනන්දුව අඩු වෙලා ගිහින් පස්සෙ "මුන් මේ විකාර මොකට පෝස්ට් කරනවද" කියල හිතෙනවා. දැන් යන්නෙ සතියකට විනාඩි දෙකක් වගේ, එක ස්ක්‍රෝල් එකකට, ඒකත් දැන් කෙරෙන්නෙ ආසාවට වඩා නොකළොත් ලොකු නිවුස් එකක් එහෙම මිස් වෙයි කියල වගේ.

    කතන්දර ගේ මේ වෙනස මොකුත් ප්‍රයෝරිටි නැවත සලකා බැලීමකට වත් ද?

    ReplyDelete
  46. බුකියෙන් අයින් වුනත් මට නම් බෑ බ්ලොග් එකෙන් අයින් වෙන්න.. මම හිතන්නේ නෑ කතන්දරට ඉන්න පුළුවන් වෙයි කියලා..

    ReplyDelete
  47. මොනවා උණත්, ලියන එක නවත්තන්ට නම් එපා කතන්දර.

    ReplyDelete
  48. ඔය කිව්වට හොරෙන් ඇවිත් බලන්න ඇති.

    ReplyDelete
  49. කෝ කකා කමෙන්ට් ටික ???

    ReplyDelete
  50. අදහස් 0 හෙහ්..හෙහ්.... උගත් පාඩං සමග සතියකිං.... තොට ජය වේවා.....

    ReplyDelete
  51. බ්ලොගටත් ටටා බායි වගේ.

    ReplyDelete
  52. උත්සාහ වන්තයා ජයගනී කියල තියෙනවා... හැබැයි මමත් ජාලෙ ඉන්නෙ දිවා කාලයේ නම් ඉතාමත් අඩුවෙන් ඒත් රැට නම් පැය කීපයක් ගතකරනවා. මේක නැතිවුනා කියල ඒතරම් ගානක් නෑ.

    ReplyDelete
  53. එහෙනම් ඉතින් මේ දාන කමෙන්ට් පබ්ලිෂ් වෙන්නෙත් නෑනෙ.

    ReplyDelete
  54. මාත් ඉස්සර සිගරට් බීම නවත්තලා කාලයක් ඉඳලා, මට ඇත්තටම ඇබ්බැහියක් නැද්ද කියලා චෙක් කරන්නෙ එකක් බොනවා. ඊට පස්සේ තව එකක් බොනවා. ඔය විදියට....

    ReplyDelete
  55. හරියන්නේ නෑ කකා මාත් කකාව අනුගමනය කරන්න වෙනවා ,අදින් පස්සේ සතියක් විතර කොහොමත් බ්ලොග් බලන්න වෙන්නේ නෑ... සමහරවිට හැමදාටම බලන්න බැරිවෙයි ද දන්නෙත් නෑ...බායි කකා

    ReplyDelete
  56. MACHO, UMBA BLOG LOKAYEN SADAHATAMA SAMU GANNAWANAM APATA KARANA LOKUMA UDAWWAI.

    ReplyDelete
  57. කකාත් මොකකක් හරි fb පටලැවීල්ලක වගෙයි. හැබැයි වැල්ලේ බේල දාගන්නනම් හිතන්නවත් එපා හොදේ.

    ReplyDelete
  58. මෙයා නැතුව මේ පැත්තම පාලුයි අප්පා...:(

    ReplyDelete
  59. පුරවැසියෙනි! සෑම කාලයක දී ම දේශපාලන ක්‍රම දෙකක් ලොව පැවතුණි. ඒ දෙකම හොඳ හේතු නිසා පවත්වාගෙන යන ලදැයි කිව හැකියි. එයින් එකකට අනුව, ආණ්ඩුව විසින් ගොඩක් දේවල් ඉටු කළ යුතුයි. එහෙත් ඒ සඳහා එය විසින් පුරවැසියාගෙන් ගොඩක් ලබාගත යුතුයි. අනෙකට අනුව, මේ දෙකේ ක්‍රියාකාරීත්වය පුරවැසියාට ඉතා අඩුවෙන් දැනී යා යුතුයි. අපි තෝරාගත යුත්තේ මේ ක්‍රම දෙකින් එකකි. එහෙත් තුන්වැනි ක්‍රමයක් ද අද පවතී. එහි අර කළින් ක්‍රමයන් දෙකේම හෝඩුවාවන් දැකිය හැකියි. එය කියන්නේ කිසිවක් නොගෙන ආණ්ඩුවකට සියල්ල ලබා දිය හැකි යැයි කියාය. ඒ ක්‍රමය අමූලික වූවකි, අභූතරූපී වූවකි. බොළඳ වූවකි. ප්‍රතිවිරුද්ධ වූවකි. අනතුරුදායක වූවකි. ඒ වෙනුවෙන් පෙනී සිටින අය, සියළු ආණ්ඩුවල පවතින දුර්වලතාවයන් පෙන්වන සතුටෙන්, ඒවා පෙන්වා ඔබේ පහරට ලක් කරන්නට ඉදිරිපත් වෙන අය, ඔබට චාටු බස් කියමින් ඔබව රවටන අය වෙති. එසේම ඔවුන් තමන්ව ද රවටා ගනිති.

    ReplyDelete
  60. What a blogger you are......!!!

    ReplyDelete
  61. මේකනම් එච්චර හොද නැහැ නේ

    ReplyDelete
  62. පට්ට කතන්දරයක් තමා අෆ්ෆා.........................

    ReplyDelete
  63. ඕයි කකෝ උඹ කෝ යකෝ?

    ReplyDelete
  64. අවාසනාවට මේදිනවල මට එහෙම සුමාන ගනන් බ්ලොග් වලින් අයින් වෙලා ඉන්න සිද්ද වෙලා තියෙනවා මගේ කැමැත්තක් නැතුවම :(

    ReplyDelete
  65. දෑස රිදෙනවා පාර බලා ඉඳලා!!!!!!!!!!

    ReplyDelete
  66. කකෝ, උඹ මැරිලද?

    ReplyDelete
  67. කාකා එන්නකු අනී ,, ඔයා නැතුව ඇනෝ කොමෙන්ට් කියවන්න තැනක්වත් නැහැ,, :( දවස් 7 හෙටින් ඉවරයි ... කාකා සුදු වෙලා ,මහත් වෙලා ඇති හි හි

    ReplyDelete
  68. සතියක් පුරා විහිදුණු අති සාර්ථක ස්වයං බ්ලොග් වාරණයකින් පසුව නැවතත් මා බ්ලොග් කියවීමට, ප්‍රතිචාර දැක්වීමට සහ ලිවීමට පටන් තග් බව කණගාටුවෙන් දැනුම් දෙමි.

    ;-)

    වැඩි විස්තර පසුවට.

    සැමට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කකා ආයෙ එනබව කියලනෙ ගියේ. ඇබ්බැහි වෙලාද කියල බලන කතාව කවර්අප් එක,මටනං හිතෙන්නෙ කකා කලේ වෙන පොඩි අත්හදා බැලීමක් :).

      Delete
    2. අති සාර්ථක??

      //ඒ වුණාට බ්‍රහස්පතින්දා උදේ නැගිට්ට වෙලේ ඉඳලාම අර ඊ-මේල් ටික ගැන හිතේ වැඩ කරන්න පටන් ගත්තු නිසා, දවල් වෙනකොට ඔන්න ඔහේ කියලා, කමෙන්ට්ස් ටික කියවලා දැම්මා!//

      හොරෙන් කමෙන්ට් කියෝන එක වාරණයට අදාළ නැද්ද කකා??

      Delete
  69. ජය වේවා. . . .හරි හෙට ඉදන් දාන්න කතන්දරයක් . . .

    ReplyDelete
  70. කකා ධනේශ්වරය යනු කුමක් ද?

    ReplyDelete
  71. හුරේ .. අපේ කකා ඇවිල්ලා !!

    ජයවේවා .. !!!

    ReplyDelete
  72. ඇති යන්තම් කකා ඇවිත් .....හෙට ඉදන් කතාවක් කියවන්න පුළුවන්

    ReplyDelete
  73. සතියක් ගෙට වෙලා හිටියහම අපේ පැත්තේ නම් නාවනවා...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++
      අපේ පැත්තෙත් එහෙමයි....:)

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.