Thursday 26 December 2013

අපිට කෙලවෙන්නේ ඇයි? - Meet real A/L heroes


ඉගෙන ගෙන විභාග පාස් වෙන්නට ඇති අමාරුව එසේ පාස් වුණු උන් හොඳින් දනිති. ෆේල්වුණු උන් ද එය දනිති. ෆේල් වුණු වුන් නොදන්නේ විභාගයක් පාස් වුණු විට හිතට දැනෙන ජොලියයි.

විභාග පාස් වුණු විටත් එයින් හොඳම ජොලිය එන්නේ පන්තියේ පළමුවෙනියා වී හෝ පාසලේ හෝ දිස්ත්‍රික්කයේ හෝ නැතිනම් සමස්ත ලංකාවේන පළමුවෙනියා වී පාස් වූ විටය.

මං පොඩි කාලේ පන්තියේ පළමුවෙනියා වීමේ ජොලිය විඳ ඇත්තෙමි. කතන්දරහාමිනේ නං ඊට වඩා ගොඩක් ඉහලින් ඇති පළමුවෙනි තැන් ද අරගෙන ඇත.

මා කලින් කතන්දරයක දෙකක කියා ඇති පරිදි මගේ අධ්‍යාපන ජීවිතයේ හොඳම ප්‍රථිපලය ලැබුණේ පහේ පන්තියේ පැවැත්වුණු විභාගයෙනි. ඒ ජයග්‍රහණය මත මට ගමේ පාසලේ සිට නගරයේ මධ්‍යම මහා විද්‍යාලයට යන්නට හැකිවුණත්, එදා ලබාගත් 87% ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් වසර හතරක් ඇතුලත 63% ට පල්ලම් බැස්සේය.

පසු කලෙක උසස් පෙළ විභාගයේ දී නම් නැවත එය තරමක් හෝ ඉහල 69.25% තැනකට පත්වුණු නිසා ජාම් බේරුණි.

මා උසස් පෙළ කළ අවුරුද්දේ ගණිතය විෂය ධාරාවේ ලංකාවේ දෙවෙනි ස්ථානයට ලකුණු ලබා ගත්තේ මගේ පන්තියේ සිටි සිසුවෙකි. ඔහු එදා විෂයන් හතර සඳහා ලකුණු 360 ක් ලබා ගත්තේය.

ඉන් මාස කීපයකට පසුව මා පේරාදෙනියේ ඉගෙනුම ඇරඹු විට ලංකාවේ පළමු ස්ථානයට ලකුණු (361) ලබාගත් සිසුවිය අප සමග එක්වී සිටියාය.

මේ සියල්ල මට සිහිවූයේ මෙවර උසස් පෙළ ඉහලම ලකුණු ලැබූ සිසුන්ට මුදල් සහ පරිගනක තෑගි පිරිනැමුණු බවට දුටු ප්‍රවෘත්තියක් නිසාය.

එය ඉතා හොඳ වැඩකි. කිසිදු විවාදයක් නැත.

තම අධ්‍යාපන කටයුතු නිසි පරිදි කර සම්මත විභාගයන් ඉහලින්ම සමත් වූ ඒ අයට නිසි ගෞරවය ලැබිය යුතුය.

ඒත් මට මල පැන්නේ එහිදී ලබාගත් ඡායාරූපය දුටු විටයි.

මෙන්න ඒ ඡායාරූපය නැවතත්. මෙවර දිනමිණෙන්.



බලන්න අපේ ඒ සූර වීර සමර්ථයින් කොච්චර ලස්සනට හිනා වීගෙන ආඩම්බරයෙන් ඉන්නවා ද කියා.

මට කේන්ති ගියේ අර කොහෙවත් යන කොල්ලෙක් සහ කෙල්ලන් තුන්දෙනෙක් හතරදෙනෙක් පිකට් බෝඩ් අල්ලන්න මේ පින්තුරයට ගත්තේ ඇයි කියායි.

හතරදෙනා පස්දෙනා නිසා මේ අපේ සූර වීර සමර්ථයින් ගේ අපුරු පින්තූරය කැතම කැත වී ඇත.

අපදාරේ!

-කතන්දරකාරයා

ප/ලි:
මේ පින්තූරය දකින අයෙකුට මා මුලින් මාතෘකාවේ අසා ඇති ප්‍රශ්නයට පිළිතුර ඉබේම ලැබේ!

"අපිට කෙලවෙන්නේ ඇයි?"

ඒ සමගම මේ පරණ කතන්දරයද බලන්න. මෙය හුඟ දෙනෙක් කියවූවද, එක්කෝ බය නිසා නැතිනම් කැත නිසා, වැඩිපුර ප්‍රතිචාර නොලැබුණු කතන්දරයකි.

මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson
http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html



(image: http://www.divaina.com/2013/12/24/news04.html
http://www.dinamina.lk/2013/12/24/mainpic_L.jpg)

103 comments:

  1. අයියෝ ද සංසාරේ කියන්නේ මේවාටය.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි, ඇති යන්තම් කකාගේ පසුගිය දවස්වල ලියපු මල් සමිතිවලට ගැලපෙන චිත්ත කතාවලට වඩා වැදගත් ඇඟට වදින කථා ලියැපු එක

      Delete
    2. කොට ඇදපු පොඩි අලි පැටව් පිටි පස්සේය.

      Delete
    3. ඇති යන්තං කකා, හොඳ පෝස්ටුවක් දාල :D
      දේශපාලන කාලකන්නින්ගේ කකුල් ලඟට තමන්ගේ ළමයි යවන කොන්ද පන නැති දෙමවුපියන්ට අර මොනවාද දාපු හනස්සකින් තලන්න ඕන. මේකත් බැලුව නං.

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය

      සියල්ල සාපේක්‍ෂයි!

      Delete
  2. ඒ ළමයි කැමැත්තෙන් පස්සට යන්න ඇති, හික්ස්

    ReplyDelete
  3. කෙල්ලො හතරක් නේද?

    :D

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා, කොහෙද මේ ඇමතියන්ට වැහිලා හරියට පේන එකක් යැ?

      Delete
  4. ෂා...ඔය ෂෝක් එකට උඩින්ම පාස් වෙච්ච තුන්දෙනා මැද ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. කරෙක්ෂන්, උන් තුන්දෙනාගෙන් දෙන්නයි ඒලෙවල්ස් පාස් වෙලා යුනිවසිටි ගියේ.

      Delete
  5. VERY GOOD POST
    KALEENIE
    THANK U

    ReplyDelete
    Replies
    1. මැද ලයින් එක කියවා තේරුම් ගන්න සෑහෙන වෙලාවක් ගියා!

      ස්තුතිය අර මැදින් ඉඳගෙන ඉන්න උන්ටම දෙන්න.

      Delete
  6. මට සිතෙනා පරිදි,
    මෙම පින්තූරයේ සිටින්නේ මගේ හිතවතෙකු, ඥාතියෙකු හෝ හදුනන්නෙකු නොවූවද, සහ එසේ වූවත් මා එයට කිසිම කැමැත්තක් නොදක්වයි. ඒ ජනාධිපති සහිත කණ්ඩායමක් පෙනී සිටිනා නිසාම නොව. කලකට ඉහතදී විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් සහ දැනට ඉහළ විධායක ශ්‍රේණිවල නිරත පිරිස අනුන්ගේ රැස් විඳීමට කරන උත්සාහය හේතුවෙනි.

    මෙම ඡායා රූපය ගැනීමේදී අදාල අයගේ දෙමාපියන් හෝ ගුරුවරුන් සිටීනම් ඔහුන් සමඟ පෙනී සිටියානම්.... එතනදී ලැබෙන ආදර්ශය බෙහෙවින් උතුම්ය....

    ReplyDelete
    Replies
    1. ළමුන් කීප දෙනා සිටීම ගැන කිසිදු විවේචනයක් නැත. නමුත් සැබවින්ම ඔවුන් සිටිය යුත්තේ ඉදිරි පෙළෙනි. බෝඩ් ලෑලි යනු මෙම ළමුන්ගේ ආභරණයක් නොව. ඔවුන්ගේ ආභරණය ලැබූ ජයග්‍රහණය පමණකි. එබැවින් බෝඩ් ලෑලි අවශ්‍ය නොවේ.

      Delete
    2. මේ ෆොටෝ එක ගන්න තිබුණු ක්‍රමය තමයි

      ළමයි පස් දෙනා මැද ඉඳගෙන
      මහින්ද එක පැත්තක ඉඳගෙන.
      බන්දුල අනිත් පැත්තේ ඉඳගෙන.

      ග්‍රේරුවා සහ අනිත් බූවලා පස්සේ හිටගෙන.

      Delete
    3. ඔබ හරි.
      කතන්දර දන්නවාද?
      අපේ බෞද්ධයන් කරඩුව වැඩමවීමේදී එය හිසි මුදුනේ තබා ගෙන මුතු කුඩය යටින් ගෙන යයි. නමුත්, මා දිනක පින්තූරයක් දැක්කා මේ ලෙස.
      මුලින්ම ජනාධිපති මුතු කුඩය යටින් යයි. ඔහුට පසු පසින් හාමුදුරුවෝ කෙනෙක් හිසි මත කරඩුව වැඩම කරවයි. මේ බලකාමය.... ඒකාධිපති මානසිකත්වය නිරූපණය කිරීමක් නොවේද?
      එසේනම්, මෙම ඡායාරූපය ගැන විමතියෙන් බැලිය යුතු දෙයක් නැත. එයද එසේමය....

      පහත මා කියූ සිද්ධියට අදාල නැතත්, එවන් දර්ශයක් පහත දැක්වේ. නමුත්, මීට අදාල රූපය සොයා ගත නොහැකි විය.
      http://1.bp.blogspot.com/-SK76l9mOeUo/TyYgJ9SxrBI/AAAAAAAADbw/_1T6liC9ubA/s1600/President.jpg

      අපේ සමාන්‍ය සම්ප්‍රධාය
      http://3.bp.blogspot.com/-aQqfXnFBDJs/TeXpE4Toi9I/AAAAAAAAAnU/5iQ17UAQQE4/s1600/picture10%2B187.jpg

      Delete
    4. ඇයි අර ජනා එනකොට හාමුදුරු කෙනෙක් නැගිටින සීන් එකකතුත් තිබුණා නේද වීඩියෝවක?

      Delete
  7. එක්කො කකාට ගණන් කරන්න බෑ. එක්කො මට ගණන් කරන්න බෑ.
    මටනම් පේන්නෙ එතන පිකට් බෝඩ් අල්ල ගත්ත 5 ඩෙනෙක් ඉන්නව වගේ. කොල්ලෙක් සහ කෙල්ලො 4ක්. 1:4 අනුපාතයට


    අපදාරේ ලසස්නට ගන්න් තිබබ් පිත්නූරේ

    ReplyDelete
    Replies
    1. අර දේශපාලුවන්ට වැහුණාම ගණං කරන්නේ කොහෙමයි හරියට?

      Delete
  8. "විභාග පාස් වුණු විටත් එයින් හොඳම ජොලිය එන්නේ පන්තියේ පළමුවෙනියා වී හෝ පාසලේ හෝ දිස්ත්‍රික්කයේ හෝ නැතිනම් සමස්ත ලංකාවේන පළමුවෙනියා වී පාස් වූ විටය."

    සිරා කථාව... :)

    ReplyDelete
    Replies
    1. එයිනුත් හොදම එකෙත් හොදම ජොලිය ලැබෙන්නේ..... මැවිසුරුවෙක් බැඳගෙන රට පැන ගත් විටය......... නමුත් සොමිය ලැබෙන්නේ තට්ටයෙනි.......

      ජොලිය කෙලිය වන්නේ..... තට්ටයා කොල්ලන් පස්සේ දුවන්න ගත් කලටය......

      Delete
    2. ජොලියෙන් හොඳ ජොලිය!

      ඔය ජොලිය ලැබූ එක් කෙනෙක් තමයි ඩගියා.

      Delete
  9. ඔව් අර බටු ඇට කෙල්ලෝ දෙන්නා ගැලපෙන්නෙම නෑ. ඇඟේ හැටියටද කරලා තියන වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට මෙතන ඇවිල්ලා හරි හරියට අපේ මැති ඇඟති නිලධාරි මහත්තැන් ලා එක්ක ෆොටෝවලට ඉන්නත්, හුහ්!

      Delete
  10. කිව්වත් වගේ අපේ ශූරයින්ගේ මේ පින්තූරය නම් එච්චර හරි නෑ තමයි.

    කොහොම වුනත් සූර වීර සමර්ථයින් දෙමව්පියන්ට, පාසලට , රටට අභිමානයක්...

    ReplyDelete
    Replies
    1. ඇයි ආඩම්බරකාර ඇමති, මැති, නිළධාරීන්ට?

      Delete
  11. ඇත්ත. ඒලෙවෙල් පාස්වුන ලමයි අයින් කරල මේ පින්තූරෙ ගහන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. මොකද බන් බ්ලොග් එක වහගෙන.... අපි කියවන්න එපාද?

      Delete
    2. රාජ්, මොකද හැබෑටම බ්ලොග් එක වහලා?

      Delete
    3. පොඩි අවුලක් බං.

      Delete
    4. රජා බලු වුණාවත් ද?

      Delete
    5. //This blog is open to invited readers only//
      -----
      අපි ඔය කියවන කට්ටිය තමයි

      Delete
  12. රටේ ඉදිරි අනාගතය ඉස්සරහින්නෙ තියන්න ඔනේ ඒකයි ඒ

    ReplyDelete
    Replies
    1. අනාගතය නෙමෙයි අනා ගැනීම!

      Delete
  13. හප්පා කතන්දරට හිතුන ‍‍දේම තමයි ඔය ‍පේපර් ආටිකල් එක දැක්කම මටත් හිතු‍‍නෙ. සූරයින් කැ‍ලේ. නියම සූරයො තමා ඉස්සරහ. වැ‍‍ඩේ කැතයි.

    ReplyDelete
    Replies
    1. මට හිතුණු අනිත් ටිකත් හිතුණාද?

      Delete
  14. ඒ ළමයි ඔය ෆොටෝ එක ගන්ඩම ඒන කියලා අඩලා , උස්සගන ඉන්ඩ අර බෝඩ් ටිකත් ඕනම කියුවලු

    ReplyDelete
    Replies
    1. සාමන්‍යයෙන් ඔය බෝඩ් එක එක්ක එන්විලෝප් එකක් තියෙනවා, ඒකේ තමයි චෙක් එක තියෙන්නේ!

      Delete
  15. මතකද ඉස්සර ලංකා ක්‍රිකට් ටීම් එක පොටෝ ගහනකොට පර්සි ජාතික කොඩිය අල්ලං පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ ඒ වගේ වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මෙතන නිළධාරීන් හතර දෙනෙක් ඉන්නවා. හැබැයි පත්තර දෙකේම තුන් දෙනෙකු ගේ නම් විතරයි තියෙන්නේ!

      Delete
  16. අඩුම ගානේ ඔය ළමයි ටිකවත් උන්ගේ ඉන්ෆ්ලුවන්ස් එකට යට නොව්නොත් ඇති .මොකද රජාගේ කක්ෂේට වැටිච්ච එකෙක්වත් ගැලවිල නැහැ , හෙහ් හෙහ් හේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි උන් දැන් දහඅට පැනපු වැඩිහිටියෝ. ඕනෑ මගුලක් කරගත්තාවේ, නමුත් මෙහෙම හිනා එන ඬැඩවලට හා කියන එක තමයි කොන්ද පණ නැති කම!

      Delete
  17. කකා....
    මේ ලෝකයේ සියළුම මිනිස්සු කුසලතා සමූහයකින් සහ දක්ෂතා සහිතව උපන් අය නොවෙති. උදාහරණයක් හැටියට බහුතරයකට ව්‍යවසායක කුසලතාවන් හෝ වෙනත් කුසලතාවන් නොමැත. ඉතින් එම විෂමතාවය නිසා හැමවිටම ජයගන්නේ තමන් ඉන්න තත්වයට වඩා වැඩි දියුණුවක් හොයන දුප්පතායි.

    ධනවත් පංතියෙන් බදු හැටියට ආණ්ඩුවක් ගන්නා මුදල් සමාජයේ වරප්‍රසාද නොලත් කොට්ඨාශයේ සුබ සාධනයට දීමේ ඇති වරද කුමක් ද?

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි කොපයි කරපු කෑල්ලක් ද මේ?

      මගේ කතන්දරයට ඇති අදාලත්වය මට නං තේරෙන්නේ නෑ.

      Delete
  18. අර ටෙලිනාට්‍ය අනුග්‍රහයෙන් වෙළඳ දැන්වීම් දානවා වගේ

    ReplyDelete
    Replies
    1. සමහර චැනල්වල නිවුස් දාන්නෙත් ඒ ආකරයට නේද?

      Delete
  19. කකා මේ ලමයින්ගෙ වොයිස් කට් ඇහුවනම් අඬනව...

    ප්‍ර: ඔබේ ජයග්‍රහණය සඳහා මුලිකවම බලපෑවෙ මොනවාද?

    පි: අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ කාර්ය පටිපාටියට අනුකුල වෙමින්, එහි මගපෙන්වීම ඔස්සේ අපව නිවැරදි මාර්ගය කරා රැගෙන ගිය අප දයාබර පාසල් මාතාව, අපගේ පියෙකු බඳු විදිහල්පති තුමා, එතුමාගේ විශිෂ්ට මග පෙන්වීම යටතේ අපව මෙහෙයවපු ගුරුමණ්ඩලය තමයි.

    ප්‍ර: ඔබ උපකාරක පන්තිවලට සහබාගි උනාද?

    පි: ඒ මොනවාද ඒ??????

    මේව සමහර විට ඒ ළමයින්ගෙ අවංක අදහස් වෙන්න ඇති. කොහොමත් අපි වගේ හාල් කෑලි හිතන විදිහට හිතයිද A /L විශිෂ්ටයො.

    ReplyDelete
    Replies
    1. //අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ කාර්ය පටිපාටියට අනුකුල වෙමින්, එහි මගපෙන්වීම ඔස්සේ අපව නිවැරදි මාර්ගය කරා රැගෙන ගිය අප දයාබර පාසල් මාතාව, අපගේ පියෙකු බඳු විදිහල්පති තුමා, එතුමාගේ විශිෂ්ට මග පෙන්වීම යටතේ අපව මෙහෙයවපු ගුරුමණ්ඩලය තමයි//

      ඔහේ බන්ධුල ගුණවර්ධන නේද? හොරා වගේ ඇවිල්ල ඇනෝ කමෙන්ට් දාන්නෙ.
      පංකාදු කමෙන්ටුව ඇනෝ

      Delete
    2. ඒ විතරක්ද මචං,
      මෙහෙමත් කියයි
      මම පාඩම් කළේ දවසට පැය 2-3 යි. යාළුවෝ එක්ක සෙල්ලම් කළා. බෝල ගැහුවා. කොම්පියුතර වැඩ කළා. ඒ උනාට ෆේස් බුක්, බ්ලොග් මොනවද කියලවත් අපි දන්නේ නෑ. අන්තර්ජාලය පාවිච්චි කලේ අධ්‍යාපනය සඳහා විතරමයි. ගුරුතුමාලට, ගුරුතුමීලට කීකරු උනා. ආ සීගිරි බලන්නත් ගියා. අම්මා උයලා දුන්න බල මාළු ව්‍යාංජනේ තමා මම ප්‍රියතම කෑම. ටියුෂන් කියන පාලාතකවත් ගියේ නෑ. මම අපේ මල්ලිලා නංගිලාටත් කියන්නේ විභාගයට බය වෙන්න එපා. සන්සුන්ව විභාගයට මුහුණ දෙන්න. ගරු පියතුමන්ලාට කීකරු වෙන්න. ඉගෙන ගන්න පාසල පමණක් ඇති. දහමේ හැසිරෙන්න.

      අපේ අතිගරු ජනාධිපතිතුමාටත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත්, ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාටත්, නාමල් රාජපක්ෂ මැතිතුමාටත්, අධ්‍යාපන ඇමතිටත්, මන්ත්‍රීතුමාලාටත් ආ....... මහ ඇමතිතුමාටත්, ප්‍රාෙද්ශීය සභාපතිටත්, ප්‍රාෙද්ශීය මන්ත්‍රීටත්, අපේ ආසනේ සිලනිප සංවිධායකතුමාටත් ස්තූතිවන්ත වෙන්න ඕන මගේ ජයග්‍රහනය වෙනුවෙන්. එතුමන්ලා මට දුරකතනයෙන් කතා කළා පවා.

      කකා, මේ ඉරිසියාවෙන් දාපු කොමන්ටුවක් නොවේ. නමුත්, හුඟක් වෙලාවට වෙන්නේ මේකයි.

      Delete
    3. කා වා

      දවසේ හොඳම ක්මෙන්ටුව !!!

      Delete
    4. කාවා මුන්නා ++++++++++++++++++++++++++++++

      Delete
    5. අැයි අපූර්වී දවසින් දවස මූණ මාරු කරන්ෙන්.

      Delete
    6. අැයි පත්තර මල්ලි දැන් වැඩිය ෙප්න්න නැත්ෙත්.
      ඉන්ටර්ෙනට් කැපුවාද?

      Delete
    7. @ කා වා
      බොහෝ වොයිස් කට් ස්ක්‍රිප්ටඩ් ඇන්ඩ් රිහර්ස්ඩ් (scripted and rehearsed) ඒවා නේ!

      Delete
    8. අනිවා කකා. අපිනොදන්න ලයිව්. මයික් එක දික් කරන්න කලින් කටපාඩම් කරවපුවා.

      Delete
    9. කා වා
      ලෙඩ උනා මචං . දැං හොඳයි !!

      Delete
  20. හෆොයි කකා දැන්නම් ඇස්කණ්නාඩි දාන්ට කාලෙ හරි වගේ. කෙල්ලො හතරක් ඉන්නවා නෙව එතන. ඕන් බලන්ට කාන්තාවන්ගෙ හපන්කම්. 1:4 අනුපාතෙ හලිද? :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ

      Delete
    2. අර ඉස්සරහින් ඉන්න සූරයෝ නිසා මට පිටිපස්සෙන් හිටපු බටු ඇට ටික හරියට පෙනුනේ නෑ.

      අනුපාත ගැණ කියනවා නං, මගේ කතන්දරයේ කියවෙන පරිදි අපේ අවුරුද්දේත් ගණිතයෙන් ටොප් කලේ කෙල්ලෙක්, පසුව පේරාදෙනියේ දී මගේ බැචී. ඇය 361 /400 ගත්තා.

      Delete
  21. Replies
    1. මෙයාගෙ පත්තරේ නේද ෆොටෝ එක ගියේ?

      Delete
    2. ඔව් මචෝ ඕව කෑගහල කියන්න එපා බං.

      Delete
    3. දිනමිනේ ගියෙත් එකම ෆොටෝ එක හැබැයි කකුල් එක්. ඔන්න මං ඒකත් කොපි කරලා දැම්මා!

      Delete
  22. බාල පරම්පරාවට ආදර්ශයක් නොවැ දීලා තියෙන්නේ මේ.

    ReplyDelete
  23. ප/ලි:
    මේ පරණ කතන්දරයද බලන්න.

    මෙය හුඟ දෙනෙක් කියවූවද, එක්කෝ බය නිසා නැතිනම් කැත නිසා වැඩිපුර ප්‍රතිචාර නොලැබුණු කතන්දරයකි.

    මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson
    http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html

    !!!

    ReplyDelete
    Replies
    1. WHO ARE YOU TO TEACH MAHINDA RAJAPAKSE, A GOOD LESSON.

      Delete
  24. හොඳට වැඩකරලා පාස් උන අය හැමදාම බෝඩ්ලෑලි එල්ලගෙන එහෙම නැත්නං පස්ස පේලියේ හිටගෙන...

    ReplyDelete
    Replies
    1. පෙරහැරේ අලි සහ කොට අදින අලි!

      Delete
  25. පාර්ලිමේන්තු ප්‍රවේශය සහ විස්සවිජ්ජාල ප්‍රවේශය සදහා අවශ්‍ය සුදුසු කම් වල විලෝමයන්ගේ පරස්පරය නොගිනිය හැකිතරම් කුඩාලු :)

    ReplyDelete
    Replies
    1. බ්‍රැකට්ස් දාන්න, නැති නං අවුල්!

      Delete
    2. හි හි ෆොටෝ එක අවශ්‍ය සියල්ලම මොනවට කියයි කාකා තුමෝ

      Delete
    3. ඔබේ ගණිතය මට නං නොතේරේ!

      Delete
    4. මෙයා ගණන් ඉගෙන ගන්නෙ කෙන්ජිගෙන් නේ....... ඒකයි කකා.....

      Delete
    5. මටත් එහෙමයි :D

      Delete
    6. ඇනෝ ඔව් ඇයි මචන් අවුල්ද...?

      Delete
    7. @kenji. මිනිස්සු විහිලුවට අනේ ඕවා කියන්නේ ගණන් ගන්න එපා .. :D

      Delete
  26. අසරණ පොඩි එවුන් මොනව කරන්න ද?
    ගියපාර කප් ගහපු පොඩි එවුන් මත්තල එයාපොර්ට් එකේ දැන්වීම් වලට ගත්ත වගේ මුං පස්දෙනා දකුණු සහ බස්නාහිර පලාත් සභා කැම්පේන් එකට ගනීද දන්නෑ.. මහින්ද මහත්තගේ රටනේ..
    ජය වේවා!!!..

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ රට බල්ලට ගිහින්ය කියාද?

      Delete
    2. DO NOT INSULT OUR PRESIDENT

      Delete
    3. @ කකා
      රට බල්ලන්ට නොගොස් බල්ලන් රට යයි නම්..

      @ AnonymousDecember 27, 2013 at 1:10 PM
      හා

      Delete
  27. හනේ..ඔය සූරයෝ තුන්දෙනා මගේම ළමයි වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. උබත් තැන තැන ඕපන් කරපු එකවුන්ට් ඇති. සූරයෝ බිහි නොවුනට. හැබැයි මචෝ උබේ ප්‍රාර්තනය හරියනවනම්, එන ආත්මෙදි උබට බහු භාර්යා යෝගයක් තමා උදා වෙන්නේ. නැත්නම් තැන තැන එකවුන්ට් ඔපන් කරන්න වෙයි.

      Delete
    2. මේ ගොල්ලෝ බබි ආච්චි ගේ ළමයි!

      Delete
  28. ඔය ඉස්සරහ ඉන්නේ හොඳම පාස් කාරයෝ තමා!

    ReplyDelete
  29. මේ පින්තූරයත් කකාගේ බ්ලොග් එක වගේමයි.

    මහින්ද, බන්දුල ග්‍රේරෝ = කකාගේ පෝස්ට් එක
    උසස්පෙළ ළමයින් පස් දෙනා = අපේ කමෙන්ට්

    ReplyDelete
  30. සිනමා සක්විති කවද්ද ෆිල්ම් එකක අතිරේක චරිතයක් කලේ කකා?
    ඒ වාගේ තමයි කකා ලංකාවේ නායකයෝ ෆොටො එකක නම් මැද ඉන්න ඕනේ. සභාවක නම් ප්‍රධාන කතාව කරන්න ඕනේ.ෆොටො එක ගන්න අරමුණ ,සභාව පවත්වන අරමුණ එව්වා වැඩක් නෑ.
    අනික කකා, නේට් එකේ දාල තියෙන නිවුස් ක්ලිප් එහෙම බලන්න යන්න එපා. ෆ්‍රෙෂර් එක හැදෙයි.

    ReplyDelete
    Replies
    1. /* සිනමා සක්විති කවද්ද ෆිල්ම් එකක අතිරේක චරිතයක් කලේ ? */

      පූජා - අධ්‍යක්‍ෂණය ධර්මසිරි ගමගේ

      Delete
  31. බලන්න කකා මේ ෆොටෝ එක එකේ කසාද බැන්දේ කවුද කියලා හිතා ගන්න අමාරුයි. හරි මැද ඉන්නේ මනමාලියි, මහරාජයි නොවැ. අනේ ඡායා රූප කළාව ගැන දන්න එක්කෙනෙක්වත් මේ ෆොටෝ එක කලාවට ගැලපෙනවද කියහංකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි දැකලා නැද්ද පින්තුර සහ විස්තර එක එකාගේ බර්ත් ඩේ කේක් එක ජනාධිපති කපලා කවන හැටි!

      Delete
  32. කවුද කවුද මේ දේශද්‍රොහි ප්‍රකාශ කරලා තියෙන්නෙ .දැන් පවුලක් වුණත් තාත්තාට තමා මුල් තැන පස්සේ මමා ,බප්පා වගේ වැඩිමල් අයට ඔය රූප පොඩ්ඩෙන් අදහස් වෙන්නෙ අපේ හැදියාව අපි අපේ අඩම්බරකාර තාත්තාට සහා බප්පා ,මමලා සෙට එකට ඉඩ දිලා තියෙන්නෙ ,
    කකාගේ මේ පොස්ටුවට විරුද්ධව තැඹිලි වතුර පොවනකන් මම උපවාසයක් ..හික් හික්

    අපිට කෙලවෙන්න දෙයක් නෑ තව කෙලවලා ඉවරයි ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ!

      හැබැයි අර කාලකෙට කලින් පහේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච කොල්ලෙක් නං බන්දුලට වඳින්න බෑ කියලා කිව්වා නේද?

      Delete
  33. මහ ඇමැතිගේ දෙනෙතින් සතුටු කඳුළු

    මෙවර අපොස උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් ලංකාවේ පළමු ස්ථානය ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අමායා මහතන්තිල දැරියට හිමිවිය. සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා කර්ණාට ප්‍රාන්තයේ බැංගලෝරයේ සංචාරයක නිරතව සිටියදී ලේකම්වරයකු විසින් මේ පිළිබඳ දුරකථනයෙන් දැනුම් දුන්නේය.

    අසීමිත සතුට විඳ දරා ගැනීමට නොහැකි වූ මහ ඇමැතිවරයාගේ දෙනෙතින් සතුටු කඳුළු කැට කඩා වැටුණේය. මදක් නිහඬව සිටි මහ ඇමැතිවරයා මම කතා කරන්නම් කියමින් දුරකථනය විසන්ධි කළේය. අනතුරුව මහ ඇමැතිවරයා සබරගමුව වැඩබලන මහ ඇමැති භාණු මුනිප්‍රිය හා අධ්‍යාපන ලේකම්වරයා අමතා ජයග්‍රහණය ලද දැරියට රුපියල් ලක්ෂයක් පිරිනමන ලෙසටද උපදෙස් දුන්නේය.

    දිනමිණ - දෙසැම්බර් 27

    මේකෙ නිව්ස් එඩිටර් කලිසම් අඳිනවද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්නනේ මචං හැමදේම !!

      Delete
    2. එකෝ, එතකොට එක ලක්සෙට තාත්තලා දෙතුන් දෙනෙක්ම!

      Delete
  34. කස්ටිය මේ පින්තූරයක් දිහා බලල නං දොඩවනවා. කකා හීන් නූලෙන් දාල තියෙන පොයින්ට් එක දැකල නැහැ. මේකනෙ කතන්දරේ.... ලකුණු මදිවුන නිසා කකාට කටුබැද්දට යන්න බැරිවුනා කියල කස්ටිය කියනවනෙ. ලංකාවෙන් වැඩියම ලකුණු ගත්ත ගැනු ළමය එක්ක කකා පැනිදෙනියට ගියා. කකත් එක්ක එක පන්තියෙ AL කරල දෙවෙනියට ලකුණු ගත්ත මිත්‍රය ගිය දිහාවක් කියන්නෙ නැහැ. කකා හීන් නූලෙන් කියන්නෙ හොඳම කට්ටිය යන්නෙ පැනිදෙනියට මමත් ඒ කට්ටියෙ කියල.

    ReplyDelete
    Replies
    1. මගේ පන්තියේ සිටි ලංකාවෙන් දෙවෙනියට මැත්ස්වලින් ලකුණු ගත් එකාට මට වගේ උණක් නොතිබුණි!
      http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

      ක්ලාස් මේට් ද, බැච් මේට් ද දෙදෙනාම දැන් පීඑච්ඩී අවසාන කර ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙති!

      ඔබට ද ජයවේවා යැයි පතමි.

      Delete
  35. ඔහොම කීවොත් පවුවඋං හතර දෙනාතරහ වුනොත් දුකය. කොයි තරං දුකද කියනවා නං තනි ඇහැට ඇඩෙනවාය
    හරිම ලොල් සහගතයි නේද මෙයා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.