Sunday 8 December 2013

සමාන්තර විශ්වයේ (පැරලල් යුනිවර්ස්) සිටි මැන්ඩෙලා ලා ට මොකද වුනේ? - Mandela in parallel universe


මැන්ඩෙලා මිය ගියේය. ඔහු අප දන්නා කාලයේ සිටම ජීවත් වුනේ වීරයෙකු ලෙසිනි.

මා ඔහු ගැන මුලින්ම ඇසූවේ හිරේ ඉන්නා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා ලෙසය. ඒ දිනවල ඔහු වීරයෙකි.

දකුණු අප්‍රිකාවේ එකවක පැවති වර්ණභේදවාදී රජයට විරුද්ධවත්, මැන්ඩෙලා නිදහස් කරගැනීමේ ලෝක ව්‍යාපාරයටත් ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික අනුග්‍රහය ලැබුණි. දකුණු අප්‍රිකාවේ පෞද්ගලික සංචාරක නිරත වී ක්‍රීඩා කළ බන්දුල වරණපුර ඇතුලු ක්‍රිකට්කාරයින්ට පැනවූ විසි එක් අවුරුදු තහනමෙන් ද, ඉන් පසු කළෙක මා අහම්බෙන් මෙන් සහභාගී වූ නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති රැස්වීමක ප්‍රධාන අමුත්තා වූයේ එවකට ලංකාවේ සිටි විදේශ ඇමති වීමෙන් ද ඒ බව ඔප්පු වේ.

මැන්ඩෙලා හිරෙන් නිදහස් වූයේ ද වීරයෙකු ලෙසය.

ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපති වූයේ ද, එයින් පැන්ෂොන් ලබා ජීවත් වූයේ ද, රෝගාතුරව සිටියේ ද, මියගියේ ද වීරයෙකු සේය.

මරණෙන් පසුව ද ඔහු සදාකාලීක අමරණීය වීරයෙකු වෙනු ඇත.

නමුත් හිරගෙට යන්නට පෙර මැන්ඩෙලා එවකට පැවති දකුණු අප්‍රිකානු නීතියට අනුව ත්‍රස්තවාදියෙකි. ආයුධ සන්නද්ධ අංශයකින් ද සමන්විත වූ දකුුණ අප්‍රිකානු කොන්ග්‍රසයේ නායකයෙකි. ඔහු ත්‍රස්තවාදීන් ලබන ආයුධ පුහුණුවක්ද ලැබූ අයෙකි. ඔහුට විරුද්ධව නැගුණු චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන, නඩු අසා වැරදිකරු වීමෙන් පසුව, මා අසා ඇති පරිදි ජීවිතාන්තය දක්වා, සිරගෙට නියම විය.

ඒ අනුව මැන්ඩෙකලාව වීරයෙක් කරන්නට එවකට පැවති වර්ණභේදවාදී සුලුතර සුදු ආණ්ඩුව විශාල වැඩ කොටසක් කර ඇති බව පෙනේ.

අප අසා ඇති පැරලල් යුනිවර්ස්වල නම් ඔය කටයුතු කෙරෙන්නේ ඔය ආකාරයට නොවේ.

සමාන්තර විශ්වය අංක 1
මැන්ඩෙලා නාදුණන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට ලක්ව මිය යයි.

සමාන්තර විශ්වය අංක 2
අංක තහඩු නැති රථයකින් සුදු පැහැති වෑන් රථයකින් මැන්ඩෙලා පැහැර ගනු ලබයි. ඔහු පිළිබඳ ඉන් පසු කිසිදු ආරංචියක් නොලැබේ.

සමාන්තර විශ්වය අංක 3
පොලිස් අත් අඩංගුවට පත් මැන්ඩෙලා ගෙල වැල ලාගෙන මිය ගොස් තිබෙනු පසුවදා හිර කුටියට ගිය නිලධාරීන්ට හමුවේ.

සමාන්තර විශ්වය අංක 4
මැන්ඩෙලා තම අප්‍රිකානු කොන්ග්‍රසයේ තවත් රහසිගත නායයෙකු වෙන හේරස් නමැත්තා සැඟවී සිටින ස්ථානය පෙන්වීමට පොලීසිය සමග යයි. එහිදී මේ හේරස් නම් නායකයා සඟවා තිබූ පිස්තෝලයක් ගෙන මැන්ඩෙලාට වෙඩි තබා මරා දමයි. මැන්ඩෙලා බේරා ගැනීමට තැබූ පොලිස් වෙඩි පහරින් හේරස් ද මරු දකී.

සමාන්තර විශ්වය අංක 5
මැන්ඩෙලා තම අප්‍රිකානු කොන්ග්‍රසයේ සමවා ඇති ආයුධ පෙන්වීමට පොලීසිය සමග යයි. ලේක් බ්ලොම්ෆෙන්ටේන් අසලදී පොලීසියෙන් මිදෙන මැන්ඩෙලා වැවට පැන පීනා පැනයාමට තැත් කරද්දී දියේ ගිලී මිය යයි.

සමාන්තර විශ්වය අංක 6
මැන්ඩෙලා තම අප්‍රිකානු කොන්ග්‍රසයේ සමවා ඇති ආයුධ පෙන්වීමට පොලීසිය සමග යයි. මෙහිදී සඟවා තිබෙන පිස්තෝලයක් ගන්නා මැන්ඩෙලා පොලීසියට වෙඩි තබයි. එහිදී ඇතිවෙන වෙඩි හුවමාරුවේ දී මැන්ඩෙලා මියයයි.

සමාන්තර විශ්වය අංක 7
මැන්ඩෙලා ඇතුළු දකුණු අප්‍රිකානු කොන්ග්‍රස් හිරකරුවන් පිරිසක් වෑල්කාඩ් නම් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී, එහිම සිරගත වී සිටින සුදු ජාතික සිරකරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මිය යති.

සමාන්තර විශ්වය අංක 8
මැන්ඩෙලා ඇතුළු දකුණු අප්‍රිකානු කොන්ග්‍රස් හිරකරුවන් පිරිසක් වෑල්කාඩ් නම් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී එහි සිරකරුවන් සහ බන්ධනාගාර නියාමකයින් අතර ගැටුමක් ඇතිවේ. සිර ගෙදර මහා ගින්නක් හටගනී. ඒ ගැටුම මැඩ පැවැත්වීමට පැමිණෙන හමුදාවට සිරකරුවෝ වෙඩි තබති. මෙහිදී ඇතිවෙන වෙඩි හුවමාරුවේ දී මැන්ඩෙලා මිය යයි.

දැන් අපට ඇතිවෙන ප්‍රශ්නය නම් ඔච්චර පැරලල් යුනිවර්සස් කොහෙන්ද හලෝ? යන්නයි.

මගේ අදහස නම් සමාන්තර විශ්ව කීයයක් තිබේද යන්න අපේ පරිකල්පන ශක්තිය මත පමණක් රදා පවතින්නක් බවයි.

හොඳ වෙලාවට දකුණු අප්‍රිකාව පාලනය කළ වර්ණභේදවාදී සුදු ජාතික ජුන්ටාව මේ පැරලල් යුනිවර්ස් ගැන කිසි දෙයක් දැන නොසිට ඇත.

මැන්ඩෙලාට වීරයෙකු ලෙස සිරගත වී සිට, වීරයෙකු ලෙස නිදහස් වී, වීරයෙකු ලෙස ජනාධිපතිකම් කර, වීරයෙකු ලෙස පැන්ෂොන් ලබා, වීරයෙකු ලෙස මිය යන්නට ලැබුණේ ඒ සුද්දන් ගේ නොදන්නා කම නිසාය.

මැන්ඩෙලා ඔබට ආයුබෝවන්.

සොරි, සොරි!

අතිගරු නෙල්සන් මැන්ඩෙලා උතුමාණන්ට නිවන් සුව ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මැන්ඩෙලා වීරයෙක් වීමට තවත් හේතුවක් ඇත.

පොර එක් බිරිදක් නොව බිරියන් තිදෙනෙකු සමග පෙම් සුව විඳි අයෙකි. (පැරලල්ව නොවේ, වෙනස් කාලවල දී ය)


(images:
http://gulfbusiness.com/2013/12/nelson-mandela-a-timeline-of-his-life/
http://tribune.com.ng/news2013/images/mandela3new.jpg
http://www.theguardian.com/world/2013/apr/01/amina-cachalia-mandela-marriage-proposal)

119 comments:

  1. ඔය සමාන්තර විශ්වයෙ නිතිය බල්ලො අතට දුන්නම වෙන දෙ අගුලන් කියල පැත්තකින් පෙනුන.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට අපිත් මේ විශ්වයේ ඉන්නේ. සමාන්තරේක හිටිය නං මෙළහකට බඩු බනිස්!

      Delete
    2. HA MACHAN, E E, BANISWALATA, E E KESELGEDI

      Delete
  2. අපේ කෂ්ටියත් මැන්ඩෙලාව ආදර්ශයට අර ගත්තලු...එක එහෙමනම් ෂුවර් එකට සමාන්තර විශ්වය අංක 9 වෙන්ඩ ඕනේ " මැන්ඩලා බොහොම අමාරුවෙන් රටේ ජනාධිපතිකම අරගෙන සුද්දන්ට එළව එළව ගහන සිද්දියක්...ආ.....කලින් පැන්ෂොන් යන්න විදිහකුත් නැහැ මැරෙණ මොහොතෙත් රටේ ජනධිපති ...අළුත් ජනධිපති මැන්ඩෙලා ජුනියර්.."

    කතන්දරගේ කතාව කියවද්දී හිතුන එක .උතුම් මනුස්සයෙකුට සමාන්තර විශ්වයක හරි අපහාසයක් වෙන කොමේට් එකක් කියලා හිතුනොත් මකලා දාන්න....

    ReplyDelete
    Replies
    1. ඒ අකාරයේ නොවුනත් වාත කමෙන්ටුව හතරක් මකා දැම්මා. මං හිතන්නේ අර කැපිටල් ඇනෝකාරයා දාපු ඒවාද කොහෙද.

      Delete
    2. //WATHA COMMENTS// WHAT ARE WATHA COMMENTS, WIND COMMENTS, DA NATHNAM PADA COMMENTS DA? WILL u EXPLAIN

      Delete
  3. මේ වෙලාවෙ සමාන්තර විශ්ව අංක 1කේ ඉන්න කකා වයිෆ්ට බයේ ගේ වටේ දුවනවලු :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටමත් එහෙම වුනා. මේ ගෙදර මිදුලට තලගොයෙක් ඇවිත් අපි දෙන්නා දෙපැත්තෙන් එලෙව්වා..

      Delete
    2. තලගොයා කිලෝ කී‍යක් තිබුනද කකා ??

      Delete
    3. KAKKA BARATAMA THIBUNA MACHAN

      Delete
    4. @ පත්තර මල්ලි
      බැලින්නං ඒ කබරගොයෙක්.

      Delete
    5. KABARAYA THALAGOYA KARA GANIN MACHAN.

      Delete
    6. එක තලගොයෙක් දෙන්න එක්ක දෙපැත්තෙන් එළෙව්වෙ කොහොමද ?

      Delete
    7. කොහොමද රස තලයාගේ ම්ම්ම්ම් ,,, :)

      Delete
    8. මේ ඇවිත් ඉන්නෙ ඔමාය කියන තලගොයි මාරය :P

      Delete
  4. කතන්දර මහතා කරුණාකර සමාන්තර විශ්වය කියන්නේ කුමක්දැයි කියන්න.මම මේක බ්ලොග් ලිපි කීපයකම දුටුවා .ඒ කියන්නෙ යම් සිදුවීමක් වෙන්ස් විදියකට තව තැනක සිදුවන අවස්ථා ගැන.නමුත් මේක භෞතික විද්‍යාත්මක සංකල්පයක් බව පසුව දැන ගත්තා.කතන්දර හෝ වෙනත් දැනමුතු කෙනෙක් මේ ගැන මා දැනුවත් කරනවා නම් හොඳයි.මා විතරක් නොවේ මේ ගැන නොදන්න බොහෝ අය සිටිනවා නමුත් ඒ අය කැමති නෑ තමන් නොදන්න බව පෙන්වන්න.මම එහෙම නෑ මම දන්නෙ නැති දේ දන්නේ නෑ කියා කියනවා.මොකද අපි කවුරුවත් සියල්ල දත් අය නොවන නිසා.

    ReplyDelete
    Replies
    1. ය කා සමනළ විප්ලවය කියවලා නැහැ වාගේ.....
      ඔය සටහනේම විකීපිඩීයා ලින්ක් එකත් ඇති...

      Delete
    2. මා දන්නා පරිදි සරලව කියනවා නම් මෙහෙමයි.

      අපට දැනෙන්නේ මාන හතරක දේවල් විතරයි. නමුත් බහු විධ මාන තියෙන්න පුළුවනි. ඒ අනෙක් මානයක අප වගේම තරු, ග්‍රහලෝක, රටවල්, මිනිස්සු තියෙන්න/ඉන්න පුළුවනි. ඒවා තමයි සමාන්තර විශ්ව. ඒ විශ්වයක් අපේ විශ්වය හසා සමාන වෙන්නත් පුළුවනි. වෙනස් වෙන්නත් පුළුවනි.

      එකිනෙකට සමාන්තරව තියෙන නිසා එකකින් අනිකට යන්න ආලෝක වර්ෂ බිලියන් ගෙවන්න ඕනැ නෑ.

      මෙය විද්‍යා ප්‍රභන්ධ සංකල්පයක්. නමුත් ගණිතයෙන් විස්තර කළ හැකි යැයි ද පැවසෙනවා.

      Delete
    3. කතන්දර කාරයා @ ටිකක් විතර තේරුනා හරියටම නම් මීටර් වුනේ නෑ.ඒත් තේරුම් කරන්න ගත්ත උත්සාහයට ස්තුතියි.

      My life as a Gaijin! @ ලින්ක් එක බැලුවා.ඒක නම් මාරයි.නිවාඩු පාඩුවෙ ඔක්කොම කියවන්න ඕන.

      Delete
    4. KAKKA TA THIYENNE PUHU MANAYA.

      Delete
    5. කකා,

      මාන 3ක් නෙමෙයිද? 4 වන මානය කියන්නේ මනස නේද?

      (ඉස්සර නම් මේවා පස්සේ දිව්වා... දැන් සල්ලි පස්සේ දුවනවා.... හිහ් හිහ්.... )

      Delete
    6. හතර වෙනි මානය තමයි කාලය

      Delete
  5. එම සටනේ ම නියමුවෙකු වූ ස්ටීව් බිකෝ නම් ඔය සමාන්තර විශ්වයේම මිය ගියේය.(CRY FREEDOM) බලන්න මෙතැනත් http://www.youtube.com/watch?v=iq4VjE0_AVQ

    ReplyDelete
    Replies
    1. @ නලීන්....ස්ටීව් බිකෝ කිව්වාම මතක් වෙන්නේ...සුනිල් මාධව......දැන් වැඩ නැද්ද?

      Delete
    2. AROO KIWWE KAWDA MACHAN.

      Delete
    3. මම පසුගිය සතියේ ගියා සුනිල් අයියගේ මහ ගෙදර. ඒ ඔහුගේ මස්සිනාගේ මරණයට සහභාගිවන්නයි. කියන්න දුකයි සුනිල් දැන් නැගිටලා ඇවිදගන්නත් බැරි තත්ත්වයක ඉන්නේ.

      Delete
  6. //මැන්ඩෙලා වීරයෙක් වීමට තවත් හේතුවක් ඇත.

    පොර එක් බිරිදක් නොව බිරියන් තිදෙනෙකු සමග පෙම් සුව විඳි අයෙකි. (පැරලල්ව නොවේ, වෙනස් කාලවල දී ය)//

    මේකට හේතුව නම් ගෑනුන්ගේ මිස මැන්ඩෙලාගේ විය නොහැකී. දේශපාලනය කරන වැඩිදෙනාගේ පවුල් ජීවිත කොහොමත් අවුල් නේද?

    ReplyDelete
    Replies
    1. මේ කතාව අපැහැදිලියි. කුමාරිහාමි කියන්නෙ මැන්ඩෙලාගෙ ගෑනු දාල ගියෙ ඒ අයගෙම වැරදි නිසා කියලද?

      ඔය සමාජෙ ඉස්සරහ ඉන්න සාන්තුවරුන්ගෙ, වීරයන්ගෙ නොපෙනෙන පැත්ත හරි කෲරයි බොහෝ වෙලාවට. ඒව දන්නෙ දන්නෝ විතරයි. මට හිතෙන්නෙ මැන්ඩෙලත් එහෙම කෙනෙක්!

      Delete
    2. මැන්ඩෙලා හිරේ සිටින කාලයේ වීනී මැන්ඩෙලා නොයෙකුත් තග් වැඩ කර පසුව අහුවුණා. ඒ ගැන නඩුවක් පවා තිබුණා නේද? මට මතක විදියට ඒකට ඇය වරදකාරිය වුනා. ඊට පස්සේද දික්කසාදය ආවේ?

      කෙහොම වෙතත් බිරියන් තිදෙනා පැරලල් රන් කළ නං මැන්ඩෙලා ගේ වීරකම තවත් වැඩිවෙනවා.

      Delete
    3. විනීගේ අයුතු වැඩ නිසා මිනීමැරුම් චෝදනා පවා එල්ලවුනා....මැන්ඩලා ඉවත්වෙන්නට මේ කාරනාත් බලපාන්න ඇති...විනී පෞද්ගලිකත්වය අතින් දූෂිත අයෙක් කියලා තමයි වයසක දකුණු අප්‍රිකාණුවෝ කියන්නේ. අනියම් සම්බන්ධතා තිබූ බවත් කියනවා.

      Delete
    4. මාත් අත්සන් කොරලා යන්න ආවා.

      Delete
  7. ඇයි එක දෙයක් අමතක වෙලා.. නෙල්සන් මැන්ඩෙලා සුදු ආනඩුව එක්ක එකතු වෙලා ඇමති කමක් ලබා ගන්නවා. ඊට පස්සේ කළු එවුන්ට දෙනවා පොරි හැලෙන්න...

    අද උදේ පට්ට පෝස්ට් දෙකක් දැක්කා මෙතන දාන්නම පොඩි පබ්ලිසිටියකටත් එක්ක..

    http://dinukajayakodi.blogspot.com/2013/12/blog-post.html

    http://priyanthaf.blogspot.com/2013/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඇයි ආයිබෝං මගේ බ්ලොග් රෝලේ තියෙන ඒවා ආපහු මෙතනම දාන්නේ? අවුලක් නෑ.

      ළමයි, ඔය පෝස්ට් දෙකට කෙලින්ම යන්න ලින්ක්ස් තියෙනවා දකුණු පැත්තේ.

      1. පෑල දොර - දිනුක

      2. අළු - ප්‍රියන්ත

      Delete
    2. ඇයි එක දෙයක් අමතක වෙලා.. නෙල්සන් මැන්ඩෙලා සුදු ආනඩුව එක්ක එකතු වෙලා ඇමති කමක් ලබා ගන්නවා. ඊට පස්සේ කළු එවුන්ට දෙනවා පොරි හැලෙන්න...

      ඒක ‍හොඳම එක මාතලන්

      Delete
    3. කව්ද ආයිබෝං දන්නේ.. මටත් ඇස් බී යූ, සිංඩි ලංකිය හා කොත්තු වලට පස්සෙ වැඩියෙන්ම එන්නේ කතාගෙන්..

      Delete
    4. @කතන්දර,

      මේ මොකද අනේ අපිට උඩින් ගිහින් අනික් අයට කමෙන්ට් දාලා තියෙන්නේ? ඇයි අපි කලුද? :D:D

      Delete
    5. NEHE MACHAN

      Delete
    6. @ Podi Kumarihami
      උත්තර දුන්නේ පිළිවෙලට නොවේ! ටයිම් ස්ටෑම්ප් බලන්න.

      අද ඉරිදා පොඩි වැඩකට යන්න වුනා.

      කළු සුදු බේද නැත!

      Delete
    7. @ මාතලන්

      යෝජනාවට ස්තුතියි. නමුත් මේ කියන සීන් එක මේකට ආදල නෑ. මොකද මැන්ඩෙලා මැරෙන්නෙ ්නැතුව ජීවත්ව ඉන්නවානේ.

      මං මේ හා සමාන පැරලල් යුනිවර්ස් එකක් ගැනත් හිතුවා. එතන මැන්ඩෙලා ගේ සටන් සගයෙකුට ඇමතිකමක් දීලා මැන්ඩෙලාව පාවා දෙන්න කැමති කරගන්නවා.

      නමුත් ඒකත් අන්තිමේදී අහක් කළා.

      Delete
    8. කොහොමත් ඔහේගේ නිර්මාණ හැකියව අපි ඔක්කෝටම වඩා ඉස්සරහින් තියෙන්නේ. කරුමේ කියන්නේ ඒවා වෙනත් නම් වලින් කරන එකයි.. ජීවත් වෙන්නත් එපයි.. පිරටක උන්නත්..

      Delete
    9. KAKKA UMBA MATHALANTA BAYADA MACHAN, AYUBOWAN, KIYALA ADDRESS KARANNE. ANEK AYATA KARAYA, PORA WAGE SLANG USE KARANNE.

      Delete
  8. මගේ පැනය - සමාන්තර විශ්වයන්තුල කොපමණ මැන්ඩෙලා වන් ප්‍රමාණයක් මියයන්න ඇත්ද? තවත් මැන්ඩෙලාවන් කීදෙනක් තිඹිරිගෙයිදීම මියැදෙන්නට ඇත්ද? එතකොට දැන් ඉන්නේ මැන්ඩෙලා නෙවෙයිද ?

    ReplyDelete
    Replies
    1. මැන්ඩෙල්ලා ල නෙවෙයි

      අපේ දියවන්නා ඉස්කෝලෙ මැන්ටල්ලා නං ඕසෙට ඉන්නවා !!

      Delete
    2. ඉතිහාසය ලියවෙලා අවසානයි. දැන් අපේ ජීවිත කාලය තුල වෙනස් වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි!

      Delete
    3. +++++++++++++++++++++++++++පත්තර මල්ලියා

      Delete
  9. හංගන්න දෙයක් නෑ මෙන්න කොලේ
    ---- මැන්ඩෙලා / ප්‍රභාකරන් ----
    කියමු බලන්ට මැන්ඩෙලාගෙයි ප්‍රභාකරන්ගෙයි වෙනස?

    ReplyDelete
    Replies
    1. මැන්ඩෙලා අයත් වූයේ දකුණු අප්‍රිකාවේ බහුතර ජන කොටස ද සැබෑ උරුමකරුවන් ද වන කලු ජාතියටයි.ඔහු තමන් යටත්කොට ගෙන සිටින සුලුතර සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව තම ජාතියේ නිදහස උදෙසා සටන් කළේය.හිරබත් කැවේය.

      පිරබාහිරන් නමැති මස්වැද්දා,තම සීයා සහ බාප්පලා ගේ ලනු කා (සැබැවින් ම සුලුතරය වන) තම ජාතියට ශ්‍රීලංකාව තුල 50ට50 හෝ ඊටත් වැඩි අයිතියක් ඇතියි සිතා මෙරට සැබෑ බහුතර ජනතාව වන සිංහලයන්ව ත්‍රස්තවාදය මගින් මර්ධනය කිරීමට උත්සාහ කළේය.

      මෙරට සැබෑ උරුමකරුවන් වන සිංහලයන් ද පොදුවේ දෙමළ/මුස්ලිම් හා අනෙක් සියලු ජනතාව ද දශක තුනක් පමණ කාලක් පෙලමින් සිටි ඒ ත්‍රස්තවාදියා අපේ රටේ ජනතාව ගේ මොකක්දෝ වාසනාවකට යන්තම් පරලොව යැවීමට හැකිවී දැන් සිව් වසරකට වැඩිය.

      Delete
    2. හ‍රියට හ‍්රි මචං
      මැන්ඩෙලා / ප්‍රභාකරන් වෙනස හදුන ගන්න බැරි උන් තමයි රටේ ප්‍රශ්න විසදන්න කතා ක‍රන්නෙ

      මම ලංකාවෙ දැන් සිද්ද වෙන ගොඩක් දේවල් වලට අකමැතියි ඒ වගේම ඒ දේවල් ඉක්මනින්ම වෙනස් වෙන්න ඕන කියලත් විශ්වාස ක‍රනව. ඒත් මේවගෙ පුහු රැඩිකල් කියාගත්තු ගොබ්බයො රැලක් රටේ ප්‍රශ්න විසදන්න කියල ඇවිත් ක‍රන්නෙ ප්‍රශ්න වපුරන එවුන්ට ලොකු ආව‍රනයක් දෙන එක, මට හිතාගන්න බැරි මුන් මේක දැනගෙන ක‍රන දෙයක් ද නැත්නම් ගොංකමට ක‍රන දෙයක්ද කියල.

      Delete
    3. @Malith
      ///මම ලංකාවෙ දැන් සිද්ද වෙන ගොඩක් දේවල් වලට අකමැතියි///
      මොනවටද මේ මහත්තය අකැමැති?

      Delete
    4. රටට ඇති ආදරය එකක් ඒ වෙනුවෙන් අන්තර්ජාලයට බොරු මුදා හැරීම තව එකක් නිසා මේ කමෙන්ට් එක.

      මැන්ඩෙලා සටන් වැදුනේ මව්බිමේ සැබෑ උරුමකරුවන් බහුතරයක් වෙන කළුජාතිකයන්ය කියන අරමුනෙන් නෙමේ. හැමෝටම සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි කියන අරමුනෙන්. කොහොම උනත් විප්ලවයක් වෙනුවෙන් අහිංසකයන්ගේ ලේ සෙලවීම නින්දිත ක්‍රියාවක්. ඒ අතින් ප්‍රබාකරන් වගේම මැන්ඩෙලාත් ත්‍රස්තවාදියෙක්. අවුරුදු දහයක් තිස්සේ MK බෝම්බ වලින් මැරුනෙත් ලංකාවේ වගේම ගැටළුවට සෘජු සම්බන්ඬයක් නැති සිවිල් වැසියන්. එකම වෙනස මැන්ඩෙලාට වැරදි හදාගන්න සුද්දෝ ඉඩ දුන්නා. ප්‍රබාකරන්ට වැරදි හදාගන්න තියා, කලේ වැරැද්දක් කියලා තේරුම්ගන්නත් කලින් පොරෝපාර ලැබුනා. අපි එහෙමයි දත් මදින්නේ.

      Delete
    5. @AnonymousDecember 8, 2013 at 12:51 PM
      ඇනෝ බබා, ඔයා නොදන්නවා වෙන්න බැහැ. වෙන තුච්ච ඇජෙන්ඩා එහෙකට ලේ පිපාසිත ත්‍රස්‌තවාදීන්ට කහින්න ආව නේද බබා ඔයා . ...

      ප්‍රභාකරන්ට ඉන්දීය ආණ්ඩුවත් , ලංකාවේ විවිධ ආණ්ඩුත් කි සැරයක් අවස්ථා දුන්නද සාම සාකච්චා මගින් අහිංසක අසරණ ජනතාවගේ ලේ වගුරවන්නේ නැතුව විසඳුමකට යන්න. එත් ඒ හැම අවස්ථාවකම සාකච්චා මේසෙන් පැනල ගිහිල්ල 2 , 3 ඊලාම් යුද්ධ ආරම්භ කලේ ලංකා ආණ්ඩුවද ? ප්‍රභාකරන්ද ?

      10% ක් වෙන සුළුතරයකට රටකින් 50%ක් ඉල්ලලා , සිංහල මුස්ලිම් ජනතාව තමන්ගේ පාලන ප්‍රදේශ වලින් මරල හෝ පලවා හැරලා 100% ethnic cleansing කරපු අසාධාරණ තර්ස්තවාදී ගරිල්ලා නායකයෙක් වෙන ප්‍රභාකරන්ට "ප්‍රබාකරන්ට වැරදි හදාගන්න තියා, කලේ වැරැද්දක් කියලා තේරුම්ගන්නත් කලින් පොරෝපාර ලැබුනා" කියල බබා ඇඳුම අන්දන්න හදන ඔයා බබා කතා කරන්නේ කටෙන්ද පුකෙන් (©2013 කකා ) ද ?

      Delete
    6. මහසොහොන් පිල්ලිය
      ++++++++++++++++++++++++++ !!!!!!

      Delete
    7. @මහසොහොන් පිල්ලිය
      ලංකාවේ ආණ්ඩු ප්‍රභාකරන් එක්ක සාච්චාවලට ගියේ අවංකවම ප්‍රශ්ණයට සාධාරන විසදුමක් දෙන්න කියල ඔබ විශ්වාස කරනවද?

      Delete
    8. @ All in this thread
      මං හිතන්නේ ප්‍රභාකරන් හා සන්සන්දනය කළ යුත්තේ විජේවීරවයි.

      මැන්ඩෙලා හා සංසන්දනය කළ යුත්තේ පුරන් අප්පු (ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු) වගේ අයෙක්වයි.

      Delete
    9. 01. විජේවීර රටින් කොටසක් ඉල්ලා සිටියේ නෑ ( ඒ වුනාට රටම ඉල්ලා සිටියා)
      02. තමා සටන් කරන්නේ සමාජවාදය වෙනුවෙන් බව ප්‍රසිද්ඹයේ කියා සිටියා (ප්‍රායෝගිකව නොවුනට)
      03. 10% ක් වෙන සුළුතරයකට රටකින් 100%ක් ඉල්ලලා , දෙමල මුස්ලිම් ජනතාව තමන්ගේ ප්‍රදේශ වලින් මරල හෝ පලවා හැරලා 100% ethnic cleansing කරේ නෑ
      04 දකුනේ යමෙකුට විජේවීර වීරයෙක් නම් (රණවිරැවෙක්?) උතුරේ යමෙකුට ප්‍රභාකරන් වීරයෙකි (රණවිරැවෙක්?)

      Delete
    10. BUWO, UMBA HARI MACHAN.
      KAKKATA OWA THERUM GANNA MOLAYAK NEHE

      Delete
    11. @බුවා
      මෙහෙමත් අහමු ...
      ප්‍රභාකරන් , ලංකාවේ ආණ්ඩු එක්ක සාච්චාවලට ගියේ අවංකවම ප්‍රශ්ණයට **සාධාරන** විසදුමක් ගන්න කියල ඔබ විශ්වාස කරනවද? ;)

      Delete
    12. @මහසොහොන් පිල්ලිය
      ප්‍රභාකරන් දෙමල ජනතාව නියෝජනය කළා
      ඔහුගේ ක්‍රමවේදය ත්‍රස්තවාදය ලෙස දැකින්නේ අපියි
      ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න වටපිටාව සකස් කලේ ඉංදීය ආණ්ඩුව මෙන්ම යටත්විජිත සමයේ සිට අද දක්වා රට පාලනය කල ආණ්ඩු
      එහෙත් ලංකා ආන්ඩු සෑම විටම තත්වය නරක අතට හරවා ජාති වාදී ලාභ ලැබුවා
      ඒ හරහා චන්ද දිනුවා
      අද වෙන්නෙත් ඒක

      Delete
    13. හි හි , බුවාත් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න පටන් අරං ...
      අනේ එහෙම කරන්න එපා. බ්ලොග් ලෝකෙට ඒවගේ අය 2-3 හිටියහම ඇති :D

      අහපු ප්‍රශ්නය බොහොම සරලයි නේ ...
      ප්‍රභාකරන් හෝ ලංකාවේ ආණ්ඩු සාච්චාවලට ගියේ අවංකවම ප්‍රශ්ණයට **සාධාරන** විසදුමක් ගන්නද ?
      උත්තරය නැහැ ...
      ( මොනවාද මේ වටේ ගිහිල්ල කියන වැල් බයිලා )
      දෙපැත්තම අවංක නොවුණු තැන බලවතා ජය ගත්තා..
      :P
      -------------
      "ප්‍රභාකරන් දෙමල ජනතාව නියෝජනය කළා"
      කවුද කියන්නේ ? ප්‍රභාකරන් ද?
      එතකොට හිට්ලර් නියෝජනය කරේ ජර්මානු ජනතාවද ?
      පොල්පොට් ?
      මුසෝලිනි ?

      "ඔහුගේ ක්‍රමවේදය ත්‍රස්තවාදය ලෙස දැකින්නේ අපියි"
      එතකොට ඇමරිකාවේ, ඉන්දියාවේ රිපොර්ට්ස් වලට LTTE එක ත්‍රස්තවාදී සංවිධානයක් කියල දැම්මේ මහින්ද රාජපක්ෂ උන්නැහේද ?

      "ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න වටපිටාව සකස් කලේ ඉංදීය ආණ්ඩුව මෙන්ම යටත්විජිත සමයේ සිට අද දක්වා රට පාලනය කල ආණ්ඩු"
      + අවස්ථාවාදී ජාතිවාදී ද්‍රවිඩ පක්ෂ (ඇයි ඒක හැලුවේ :P )

      "ලංකා ආන්ඩු සෑම විටම තත්වය නරක අතට හරවා ජාති වාදී ලාභ ලැබුවා
      ඒ හරහා චන්ද දිනුවා"
      දැන් ද්‍රවිඩ පක්ෂ කරන්නේ ඒකම නෙමේද ?

      ;)

      Delete
    14. "ඔහුගේ ක්‍රමවේදය ත්‍රස්තවාදය ලෙස දැකින්නේ අපියි"

      අහිංසක නිරායුධ ගම් වැසියන් , අත දරුවන් , ගැබිණි කාන්තාවන් , ස්වාමින්වහන්සේලා අමු අමුවේ කැති ගාපු , තැන තැන බෝම්බ අටෝල සිය දහස් ගානක් නිරායුධ මිනිසුන් මරා දාපු (සියලු ජාති වලම ) ලේ පිපාසිත නීච ක්‍රමවේදයක් තිබුණු සංවිධානයකට ත්‍රස්ත්තවාදී සංවිධානයක් නොකිය පුණ්‍යායතනයක් කියල කියන්නද බං ?

      ඒවගේ ක්‍රියා සාධාරණීකරණය උනේ මොන රටේ මොන මනුෂ්‍ය කොට්ටශයටද ? මොන පවිටෙක්ටද ?

      අනේ මන්ද. මට නං මේ වගේ ඒවා කියෙව්වහමත් නිකන් ඇඳුන් නැතුව හෙළුවෙන් ඉන්නවා වගේ මහා ලජ්ජා සහගත පිළිකුල් හැඟීමක් එනවා . (humiliated) . මේවගේ ඒවා ලියන ඔබට කොහොම ඇත්ද ?

      Delete
    15. ප්‍රභාකරන් ම්ලෙච්ඡ ත්‍රස්තවාදියෙක් බවත්, එල්ටීටීය අල්කයිඩාවට නොදෙවෙනි ත්‍රස්ත සංවිධානයක් බවත් ලෝකයම පිලිගත්තානේ. දෙමළ ප්‍රජාවගේ ගැලවුම්කාරයා ප්‍රභාකරන් හෝ එල්ටීටීඊ මතවාදය නොවෙන බව ජාත්‍යන්තර සංවිධාන බව පිලිගන්නවානේ.

      Delete
    16. UMBALA DENNAMA HARI MACHNLA

      Delete
    17. @@මහසොහොන් පිල්ලිය
      (ඔව්; උත්තරය; නැහැ......)
      ඔබ ඉහත කී කිසිවක් මා ප්‍රතික්ෂේප කරන්නේ නෑ

      ප්‍රභාකරන්ගේ ක්‍රියාදාමය ම්ලේච්ච නීච................. බව ඇත්ත
      එය සුනු විසුණු කලෙත් එවැනිම ම්ලේච්ච නීච................. ක්‍රමවේදයකින් බවත් පිලිගන්න මහසොහොන්
      (සාමාන්‍යයෙන් ක්‍රමය එයයි) මානුෂීය මෙහෙයුම් = යුද්ධ !!!!!!

      ප්‍රධාන කාරනයට එමු
      ප්‍රභාකරන් වෝයි ද නීචයෙක් ද කියන එක නෙවෙයි ප්‍රශ්ණය ඔහුට ජනතාවක් හිටියා. උතුරේ විතරක් නෙවී දකුනෙත් ඔහුව විශ්වාස කරන අදහන ජනතාවක් හිටියා

      මහසොහොන්
      අදත් ඒ ජනතාව ඉන්නවා
      එදා ඔවුන්ට තිබුණු ගැටළුව ඊට වඩා නරක විදිහට අද තියනවා (ඒ ගැටළු අපිටත් (සිංහල?) ඒ විදිහටම තියනවා
      ඒ නිසයි ඔවුන්ට ප්‍රභාකරන් (මැන්ඩෙලා)කෙනෙක් ඕන වුනේ
      නමුත් වැඩේ වැරදුනා යන්න තියන අංතයටම (මරාගෙන මැරෙන තැනට) ප්‍රභාකරන් ගියා

      මහසොහොන්
      විජේවීරටත් ජනතාවක් හිටියා අදත් ඉන්නවා
      ප්‍රභාකරන්ටත් ජනතාවක් හිටියා අදටත් ඉන්නවා

      හිට්ලර්
      පොල්පොට්
      මුසෝලිනි

      මේ අයට
      මේ අයට ජනතාවක් හිටියා ඔවුන්ව අදහන ජාතිවාදීන් (මහින්දට අද ඉන්නවා වගේ) කලු ජූලියේදී එලියට ආවේ උන්

      ////මට නං මේ වගේ ඒවා කියෙව්වහමත් නිකන් ඇඳුන් නැතුව හෙළුවෙන් ඉන්නවා වගේ මහා ලජ්ජා සහගත පිළිකුල් හැඟීමක් එනවා . (humiliated) . මේවගේ ඒවා ලියන ඔබට කොහොම ඇත්ද ?///

      ඔව් මා හෙළුවෙන් මහසොහොන් මට ලැජ්ජයි
      හෙට තව ප්‍රභාකරන්ලා දහස් ගණනක් බිහිවෙන්න පුළුවන්
      විජේවීරලා දහස් ගණනක් බිහිවෙන්න පුළුවන්
      මැන්ඩෙලා බිහිවෙන්න පුළුවන්
      කළු ජූලියක් ඇතිවෙන්න පුළුවන්

      ආයෙත් මානුෂීය මෙහෙයුමක් කරලා ඒ ම්ලේජ්ච පිලිකුල් මිනිස්සු මරලා දායි (ඇයි දුකයි ද?)

      නමුත් ප්‍රශ්ණය එතනමයි

      Delete
    18. ////අහිංසක නිරායුධ ගම් වැසියන් , අත දරුවන් , ගැබිණි කාන්තාවන් , ස්වාමින්වහන්සේලා අමු අමුවේ කැති ගාපු , තැන තැන බෝම්බ අටෝල සිය දහස් ගානක් නිරායුධ මිනිසුන් මරා දාපු (සියලු ජාති වලම ) ලේ පිපාසිත නීච ක්‍රමවේදයක් තිබුණු සංවිධානයකට ත්‍රස්ත්තවාදී සංවිධානයක් නොකිය පුණ්‍යායතනයක් කියල කියන්නද බං ?////

      සී 4 කියනවා මානුෂීය මෙහෙයුමේ දී අහිංසක නිරායුධ ගම් වැසියන් , අත දරුවන් , ගැබිණි කාන්තාවන් , මිය ගිය බව

      එතකොට උත්තරේ එහෙම තමයි යුද්ධ කරනකොට
      වගේ
      ගරිල්ලා ත්‍රස්තවාදී ක්‍රමයට යුද්ධ කරන සංවිධානයත් එහෙම තමයි!!!!!!!!!

      හැබැයි අපේ හමුදාව පුණ්‍ය ආයතනයක් නේද මහසොහොන්? පිරිත් නූල් බැදගෙන බෝධි පූජා තියලා පන්සිල් සමාදන් වෙලානේ යුද්දෙට මං ගියේ ගෑනි දෙර තියා!!!!!!!

      Delete
    19. කොයි යකෝ මහසෝනෝ, කතන්දර පිල්ලිය.

      Delete
    20. පත්තර මල්ලි හියර් කා වා :-)

      Delete
    21. මහසොහොන් පිල්ලිය , බුවා ඔයාලගේ කොමෙන්ට් මට රසවත් වුනා එලස්

      කාවා මුන්නා දැක්ක කල්

      Delete
    22. @ කාවා
      දන්නැ මචෝ. බිසී ඇති. කකා වගේම. උන්දැගේ පිල්ලිය නේ...
      වැඩත් උනද වගේ නැතැයි ...

      Delete
  10. මැන්ඩෙලා ජීවත් උන විශ්වය ඇර අනෙක් ඹක්කොම සමාන්තර විශ්වයන් වල කේන්ද්‍රස්ථානයේ ජීවත් වෙන්න ලැබිච්ච එක කොච්චර වාසනාවක් ද?
    (විශ්වයේ ආශ්චර්යය)

    ReplyDelete
    Replies
    1. පූරුවේ වාසනාව තමයි!

      Delete
    2. API UMBE GON KATHA BALANNE POORUWE PAWAKATA MACHAN.

      Delete
  11. ඔය මොකුත් නොදන්න සුදු ජාතික ජුන්ටාව මැන්ඩෙලා වීරයෙක් ක‍රල තව කීදෙනෙක් නම් පැරලල් යුනිවර්ස් එකට අරන් යන්න ඇත්ද. මැන්ඩෙලා වීරයෙක් උනෙ සුද්දො නීතිය හ‍රියට ක්‍රියාත් මක ක‍රල හිරෙ යවපු නිසා නෙවි තව මැන්ඩෙලා වගේ වෙන්න හිටපු දහස් ගනනක් පැරලල් යුනිවර්ස් එකට අරන් ගියපු නිසා.

    ReplyDelete
    Replies
    1. නමුත් ඒ සමගම මැන්ඩෙලා ජාම් බේරගත්ත හින්දා වීරයා වෙන්න ඉතුරු වුණා නේ.

      Delete
  12. හි හි.

    ReplyDelete
  13. ඔය සුද්දෝ ඇවිල්ල සිංහලයන් මහා වැවූ දාගැබ් හදනකොට හිටියේ කොළ අතු ඇදගෙන.උන් දන්නා මනුස්සකමක් නැහැ, අහවල් වැඩේ කරලා හොදන්නවත් දන්නේ නැහැ, උන්ට් අපිට වගේ අවුරුදු දාස් ගානක අතීත උරුමයන් නැහැ, ලංකාවේ අපි ඒ හැම දෙකින්ම පොහොසත්. . .

    මේ දුමින්ද හිරේද නැත නම් පාර්ලිමේන්තුවේද ඉන්නේ ?????????????????

    ReplyDelete
    Replies
    1. දකුණු අප්‍රිකාව ඔහොමවත් දුවන්නේ සුද්දෝ අදත් එහේ ඉන්න නිසා..

      මෙහේ වගේ දාලා ගියානම් හෙම.. මීටත් අන්ත රටක් වෙනවා.. දැන් ඉන්න උන් ගැන බැලුවාම.. එහේ ගියපු එකෙක්ගෙන් අහපන් එහේ තත්වේ..

      Delete
    2. එහෙ දැන් විස්තර නම් වැඩිය දන්නේ නැහැ.නමුත් අපි සුද්දට බනිනවා අපේ ලොකුව ගැන කියල,, හැබැයි මුලික දේවල් වලින් අපි . . . අනේ මන්ද බන් , , ,

      Delete
    3. කොහොම උනත් මැන්ඩෙලාගේ පාලනයෙන් පස්සේ දකුණු අප්‍රිකාව හෙමින් හෙමින් දූෂිත රාජ්‍ය ලැයිස්තුවේ පහලට වැටෙනවා. නෙල්සන් මැන්ඩෙලා ඉවත්වෙනකොට 34 වැනි තිබුන එම රට එම්බෙකිගේ පාලනය අවසන් වන 2008දී 54 වෙනි තැනට වැටී 2013 වෙනකොට 72 වෙනි තැනට වැටෙනවා...පාලන ක්‍රමය කෙසේ වෙතත් පාලකයා අනුව දූෂණය අඩු වැඩි වෙන බවයි මම හිතන්නේ....

      ශ්‍රී ලංකාව....
      2002.....52
      2008....92
      2013...95

      මේ විදිහට ලංකාවේ මේ සෙට් එකම තව කාලයක් හිටියොත් කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ....දකුණු අප්‍රිකාවේ සුමා පාලනයත් එහෙමම තමයි...

      Delete
    4. මං හිතන්නේ සුද්ද ගේ ප්‍රජාතන්ත්‍රවාදේ අපට ගැලපෙන්නේ නෑ.

      අපට ගැලපෙන පාලන ක්‍රමයක් දේශීය චින්තනයෙන් හදා ගන්න ඕනෑ.

      අද රාත්‍රී හීනෙන් මුණ ගැහුණාම නාථ දෙයියන්ඝෙන් අහන්න ඕනෑ!

      Delete
    5. හෙහ් හෙහ් + + + +

      Delete
    6. KAKA, UMBA RETA HEENEN AWIDINAWADA MACHAN.

      Delete
    7. අනිවා, අරූ, මුංගේ දූෂණයේ තරම කියන්නේ හොරාට අපේ අත්සනුත් ගන්න ට්‍රයි කොලානේ.
      මූලාශ්‍රය දැයට කිරුණ, 2012 - අනුරාජපුර.

      Delete
  14. රටට අවශ්‍ය මොහෙතේදී සැඟවෙන නමුත් අනිත් හැම වෙලාවේදීම කටින් බතල හිටවන voice cut වීරයින් බුරුතු පිටින් ඉන්න, සැමදා වංශය පමණක් කබල් ගාන අර "සමාන්තර විශ්ව කේන්ද්‍රස්ථානය " ට වඩා නෙල්සන් මැන්ඩෙලා ජීවත් වුන ඒ දකුණු අප්‍රිකාව සිය ගුණයකින් නොව දහස් ගුණයකින් වාසනාවන්ත බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මැන්ඩෙලා ඒ හිරේ ගත කෙරුවේ එයා ගේ සෙනුසූරු අපල කාලයයි. පස්සේ සිකුරා ලැබුවා.

      එයා මේ විශ්වයේ කොහේ හිටියත් ඔය ටික වෙනවා. හැබැයි පැරලල් විශ්ව වල කේස් එක වෙනස්.

      Delete
    2. KAKKO, UMBA MANDELAGE KENDARE BALUWADA MACHAN.

      Delete
  15. "අතිගරු නෙල්සන් මැන්ඩෙලා උතුමාණන්ට නිවන් සුව ලැබේවා!"
    ඔයා මෙම කියන්නේ මේ ගොයියා සුවර් එකටම බෞද්ධද ???? මොකද බෞද්ධයො විතරනේ මැරුණම නිවන් යන්නේ කිස්තියානි ය යන්නේනම් මැරුණම මොක්ෂයට .... අනිත් අය............ අම්මෝ මැරුණම යන දිහාවල්

    ReplyDelete
    Replies
    1. නිවන මැරුණම යන්න පුලුවන් තැනක් නෙවෙයි.ජිවත්ව සිටියදීම අවබෝධ කල යුත්තක්.

      Delete
    2. ජයේ,

      ජීවත්වෙලා ඉන්දැද්දි රහත් බව අවභෝධ කරගෙන මලාම ( සොරි අපවත්/ පිරිණිවන් උනාම ) නේද නිවන් යන්නෙ?

      Delete
    3. @ මැලේ රාළ
      යන අය කොහේ යන්න හිතුවත් අපිට ඕනැ තැනට ඒ අයව යැවීම අපේ යුතුකමයි!

      Delete
    4. @ ජය ශ්‍රී
      @ ඉන්දික

      නිවන අවබෝධ කර ගැනීම සහ නිවන් යෑම දෙකක් නේද?
      නිවන් යන්න නම් මැරෙන්න ම ඕනෑ තමයි!

      Delete
    5. EHEMA NEHE MACHAN

      Delete
  16. මැන්ඩෙලා ගියාට අපේ දි මු ගොයියා අපිට ඉන්නවා !!
    මැන්ඩෙලා වාගෙද එතුමා
    අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන තව අවුරුදු 100 ක් වත් !!
    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. මාසේ පඩිය ගන්න නේද ඔය ඉන්නේ?

      Delete
    2. බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි කකා !!!
      අපිට දවස් පඩි .

      Delete
    3. ETHUMA INNE PADI THAKA NOVEI.

      Delete
    4. මොකක්ද බං බොලා කීවේ. දිමූ අපේ ආයුෂ අරන් ජීවත් වෙන්න. පිස්සුවක් ඇතැයි.

      Delete
  17. ජීවිත පූජාවන් කරපු ලංකාවේ හිමිවරුන්ට බැන බැන පිටරටක ඉන්න කෙනෙක් ගැන හොඳ කියන්න ලැජ්ජා නැද්ද කකා..? ඔයා නම් හරිම නෝටි දේශද්‍රෝහියෙක්. :p :p
    මැන්ඩෙලා වගේ ද අපේ මහ රජතුමා.
    අපේ ගොනා අපිට හොඳා..!! :v :v

    ReplyDelete
    Replies
    1. ඇයි හරක් පැටව්?

      Delete
    2. MEKA HARAK PATIYEK NEVE, GON NAMBEK.

      Delete
    3. NAMBEK NEVE GON THADIYEK

      Delete
  18. පැරලල් යුනිවර්ස් - කීයද මන්දා

    සුද්දෝ බහුතරය වෙච්ච රටක කෑල්ලක් ඉල්ලන්න මැන්ඩෙලා සටන් වදිනවා. කකා මැන්‍ඩෙලාගේ ප්‍රශස්ති ගයනවා

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ජෙරී ඇඩම්ස් ලා ගේ අයර්ලන්තයේ වෙන්න ඕනෑ!

      Delete
  19. පැරලල් යුනිවර්ස් ටික නම් හරියටම 1989 ඉඳන්ම ඇනලයිස් කරලා ලියලා තියෙන්නේ....මාපිල්ලු එවන කේස් එක මේකට අදාල නැද්ද කකා:DD

    ReplyDelete
    Replies
    1. ඇයි 1975-80 කාලේ යාපනේ කොරපු වාර්ගික සුද්ද කිරිල්ල?

      Delete
  20. DO NOT INSULT MANDELA. HE IS NOT A BUDDHIST.

    ReplyDelete
  21. අංක තහඩු නැති රථයකින් සුදු පැහැති වෑන් රථයකින් මැන්ඩෙලා පැහැර ගනු ලබයි. ඉන්පසු ඔහු ප්‍රංශයේ ජීවත්වන බව සුදු ජුන්ටාවේ මන්ත්‍රී වරයෙක් වන ආරොන් ඩික් ෆර්ඩිනැන්ඩස් පවසයි. මැන්ඩෙලාගේ බිරිඳ ඔහුව උසාවි ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටියි. නමුත් තමා ඔහුව දුටුවේ කොහේදීද යන්න මතක නැති බව මන්ත්‍රීවරයා පසුව පවසයි. පරීක්ෂණ ඇණහිටියි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්
      මට මතක නෑ පොරවල් එහෙත් ඉන්නවා.

      Delete
  22. මැන්ඩෙලාට තිබූ මෛත්‍රී ගුණය නම් පුදුම සහගතයි

    ඒත් මැන්ඩෙලා බලාපොරොත්තු වු දේදුන්නේ දේශයේ ඉදි උනාද?

    ඔබාමාගේ ජයග්‍රහනයටත් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨයෙකුගේ ගුණ හේතු වන්නට ඇති.

    මැන්ඩෙලා අපිට වීරයෙක්,
    සදාකාලිකවම සවියක්

    ReplyDelete
  23. De Clerk made a transition of power smooth. Mandela took over and was able not to give in to racial hatreds. Although forgotten now, De Clerk too, is a hero.

    ReplyDelete
  24. අතිගරු නෙල්සන් මැන්ඩෙලා උතුමාණන්ට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  25. UNHRC, Amnesty International and other human right institutions agitated against the apartheid South Africa and on behalf of Mandela. Apartheid leaders accused them of conspiring with ANC terrorists against SA !
    No comment, just a fact,

    ReplyDelete
  26. මයික්‍රො සි‍ටුවේශන and මැක්‍රො සි‍ටුවෙශන් yana wachana deka gena oba asa ethnam pehedili kara dena lesa karunawen illa sitimi,,,,,,,, plese helep me,,,,

    ReplyDelete
  27. The Nobel Peace Prize 1993 was awarded jointly to Nelson Mandela and Frederik Willem de Klerk "for their work for the peaceful termination of the apartheid

    මේ මැන්ඩෙලා ගෙනගිය සටනින් ජයගත්තෙ මැන්ඩෙලා නිසා මැන්ඩෙලා ලොකාු වීරයෙක් වුනා.නමුත් මැන්ඩෙලාට වීරයෙක් වෙන්න ඩි ක්ලාර්ක් කියන මැන්ඩෙලාට පෙර ඒ රටේ හිටිය ජනාධිපතිතුමා ලොකු උදව් කලා. සමාන්තර විශ්වයේ නොවුනත් ඩි ක්ලාක්ට ඉන් පෙර සිටි සුදු ජනාදිපතිවරුන් වගේ මැන්ඩෙලාගේ පක්ෂයට මර්ධනය දියත් කරන්න තිබුනා. නමුත් ඩි ක්ලාක් අවසානෙ වෙනස් වෙලා කල්ලො එක්ක සාකච්ා කරලා තීරණ වලට ආවා.. කළු බහුතරය ඉල්ලපු සුද්දන් සමූල ඝාතනය කිරීම මැන්ඩෙලා පතික්ෂේප කලා වගේම සුදු බහුතරය ඉල්ලපු කල්ලන් හැමදා වහලුන් ලෙසමැ තබාගමු යන සුද්දන්ගේ ආකල්ප වලින් පරිබාහිරව ඩි ක්ලාක් වැඩ කලා...

    ඇත්තටම අපි අද මුහුනපාල තියෙන තත්වයට මැන්ඩෙලාල නැති කම මෙන්ම ඩි ක්ලාක්ල නැති කමත් බලපාල තියෙනවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.