Tuesday 24 December 2013

තරුණ හස්බන්ඩලා ගේ දැන ගැණීම පිණිස වම්බටු ගැන පාඩමක් (වයිපරේ ලා නොබැලුවාට කමක් නැත) - Lets cook boys!


ලෝකයේ බටු ජාති කීපයක්ම තිබේ.

මෙයින් මා අකමැතිම බටු ජාතිය නම් තලන බටු හෙවත් එළබටු ය. ඒවා "එළ" යන සුපිරි වචනයට නිගා දෙවන බව මගේ අදහසයි. එළබටු මා පොඩි කාලේ සිටම අප්‍රිය කළ කෑමකි. අද ද එසේම ය.

මා දන්නා තරමට එළබටු වනාහී උයන්නට ද අපහසු බටු වර්ගයකි. ඒවායේ මැද ඇති ඇට සහිත මිශ්‍රනය අතේ ගෑවුනොත් කහන ගතියක් ඇති වෙන නිසා දෝ, මේ බටු පත්තර කොලයක් යට දමා පොල් ගෙඩියකින් තලනු මා පොඩි කාලේ දැක ඇත.

ඇත්තටම "එළ" බටු වර්ගය නම් තිබ්බටු ය. තිබ්බටු සහ හාල්මැස්සෝ දැමූ පොල් මැල්ලුම ඉතා රසවත් කෑමකි.

මා තායිලන්තයේ "පස්තාච්චි කුපාඩි" වැඩකරමින් සිටි සමයේදී තිබ්බටු දැමූ තායි ග්‍රීන් චිකන් කරිය ඉඩ ලැබුණු සෑම විටම වාගේ කෑවා මට මතකය.

බටු වර්ග අතර රජ බට්ටා වම්බට්ටා වේ.

ඉංගිරිසියෙන් වම්බටු වලට බ්‍රින්ජෝල් කියා කියති. මේ අතර අප දන්නා දම් පැහැති වම්බටුවලට වඩා තරමක් විශාල ප්‍රමාණයෙන් රවුම් වම්බටු වර්ගයකට එග් ප්ලාන්ට් කියා ද කියති.

වම්බටු ඉහත කී එළබටු සහ තිබ්බයු යන බටු වර්ග දෙකටම වඩා සුවිශේෂී වේ.

එයට එක හේතුවක් නම්, වම්බටු වනාහී මා වැනි පොරවල් පවා කෑමට ප්‍රිය කරන එළවළුවක් වීමයි. මීට අමතරව මම වම්බටු උයන්නට ද දන්නේ වෙමි!

දින දෙකකට ඉහත දී මා කියූ කතන්දරයේ සඳහන් වුණු අපේ නිවසේම හැදී වැඩුණු වම්බටු මා ඉවූ ආකාරය මෙන්න. ()

මෙය ඉතා සරල රෙසිපියකි. අවශ්‍ය දේ සකසා ගැනීමට මෙන්ම ඉවීමට යන්නේ ද විනාඩි කීපයකින් පමණි. එනිසා, විශේෂයෙන්ම තරුණ හස්බන්ඩලා ට ඉගෙන ගැනීමට සුදුසු ය.

1. පළමුව පොඩියට කැපූ රතුළුණු සහ තක්කාලි වලට කහ, මිරිස්, තුනපහ සහ කරපිංචා මිශ්‍ර කරගන්න.



2. බටු ද කැබලිවලට කපා ගන්න. මා මෙහිදී වම්බටු තීරුවලට කපා ගන්නා ලද මුත් මීට වඩා පොඩි කෑලිවලට කපා ගත්තේ නම් වඩාත් හොඳ බව පසුව සිතුණි.



3. දැන් ඒ මිරිස් තුනපහ සහිත මිශ්‍රණය තෙල් ඉතා ස්වල්පයක් යොදා රන්වන් පැහැය එනතුරු බැද ගන්න.





4. මෙයට කෑලිවලට කපා ගන්නා ලද වම්බටු එකතු කරන්න.



මෙන්න ඉදී ගෙන එන අයුරු.



මෙන්න සුළු වේලාවකින් වැඩේ ඉවරයි. දැන් ලිප නිවන්න.



කොහොමද වැඩේ? ඉතා ලේසියි නේද? මා කලින් කිටූ පරිදි මේ රෙසිපිය තරුණ හස්බන්ඩලාට ඉතා ලේසියෙන් ප්‍රගුණ කළ හැකිවෙනු ඇත. ඒ සමගම වයිෆරේ ලා ගෙන් ඉතා ඉහල ප්‍රමාණයක ලකුණු ලබා ගැනීමටද හැකිවෙනු ඇත.

අත්දුටුවයි, සත්තයි!

සාමාන්‍යයෙන් අප එළවළු උයන ක්‍රමයේ සහ මේ ක්‍රමයේ ඇති වෙනස නම් මුලින් ආධාරක ද්‍රව්‍ය තෙම්පරාදු කර ප්‍රධාන මූල ද්‍රව්‍යය වන වම්බටු පසුව එකතු කිරීමයි.

මේ රෙසිපියට තෙල් අවශ්‍යවන්නේ ඉතා ස්වල්පයකි. සාමාන්‍යයෙන් "බටු මොජු" හෝ "බටු තෙල් දාලා" යනුවෙන් හැඳින්වෙන ආකාරයට වම්බටු ඉවීමට නම් තෙල් බවුසරයක් පමණ අවශ්‍ය වේ. එනිසාම, ඒ ආකාරයට උයන ලද බටු කෑම ශරීරයට අහිතකර වේ.

සිංහල වම්බටු පිළිබඳ නොයෙකුත් කතා ඇත.

එයින් ඉතා වැදගත් එකක් නම් "බට්ටේ රස නැට්ටේ!" යන්නය. මින් අදහස් කෙරෙන්නේ වම්බටු ඉවීමේ දී එහි නැට්ටද ඉවිය යුතු බවයි. එය ඇත්තෙන්ම රසය.

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරය සමග උඩින් ම පලකර ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ "දෙබිඩි වම්බටු" ගෙඩි දෙකකි.

මේ ආකරයේ වම්බටු කාන්තා පක්‍ෂයට කැමට හොද නැතැයි ගමේ ගොඩේ කතාවක් ඇත. ඒ "දෙබිඩි දරුවන්" ඉපදෙන්නට ඉඩ ඇති නිසාලු!


48 comments:

  1. උයනා හැටි මම හොදට දනිමි.

    ReplyDelete
    Replies
    1. අපේ මාතලන් ලොක්කට සුභ උපන් දිනයක් වේවා .....

      Delete
    2. අපේ ජපන් අංකල්ගේ ගෙදර උවන්නේ අංකල්ම තමයි.
      හැක් හැක්
      සූර පප්පාට සුභ උපන් දිනයක් වේවා...........................................................

      Delete
  2. කාකා සුපසාස්ත්‍ර වේදියෙක් වෙලා ..එළ බටු වලට මාත් ආස නැහැ.. හෙට සුපර් මාර්කට් යනවා බටු ගෙනත් උයලා බලන්නම්කෝ ඔය විදියට ..

    ReplyDelete
  3. තරුණ හස්බන්ඩලාට විතරක් නෙමේ මේ රෙසිපිය තරුණ වයිෆර්ලාටත් හැදීම ඉතා පහසු බවක් (:D:D) පේනවා. මුලින් හස්බන්ඩා ලව්වා හදවලා ඊට පස්සේ වයිෆරේ හදලා ප්‍රතිපල දන්වන්නම්.

    පොඩ්ඩි නම් එලබටු සහ තිබ්බටු දෙකටම දැන් කැමතී. (කලින් නම් නෑ. ) මෝජු සහ බැදලා උයන වම්බටු වලට කලින් කැමතී. දැන් නෑ. ආසාවන් වෙනස්වෙන හැටි නේ. :)

    අර තායි ග්‍රීන් චිකන් කරි එකේ තියෙන්නේ green peas නේද? ඒක තිබ්බටු නෙමේනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඔහොම තමයි පොඩ්ඩි බැන්ඳම මාර දේවල් වෙනස් වෙන්නේ. අපේ ඇන්ටි කෙනෙක් හිටියා ශ්‍රි ලංකා එකේ තඩි කණුවක්...ආයේ මුළු ෆැමිලි එකම,
      බැන්දේ යුඑන්පී කාරයෙක්ව මේන්න දැන් ඇන්ටිත් අලි පාටියේ...

      Delete
  4. හදිසියකට ඉක්මනට අඩුවක් පුරවගන්න හොඳයි කකා..... egg plant සහ brinjal කියලා කිව්වාට aubergine කියලා තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ අපේ සූප ශ්‍රාත්‍රෙව්දියා.

      Delete
  5. අපි නම් දැන් මැදි වයසට කිට්ටු හස්බණ්ඩලා , එහෙම වුනත් ,වේලාවක කකාගේ වම්බටු රෙසෙපිය හදල බලන්න ඕනේ.

    ReplyDelete
  6. මටනම් ඔය එළවළු ව්‍යාංජන හදන වැඩේ තාම හරියට අල්ලගන්න බැරි වුණා.
    දාන්න ඔන තුනපහ ,මිරිස් වල ප්‍රමාණයත් එක්කම ලියුවානම් තමයි හොඳ...

    ReplyDelete
  7. ඔය බටු පවුලම මට නම් දිරවන්නේ නෑ එච්චර. බලමු පොඩි ට්‍රයි එකක් දාලා

    ReplyDelete
  8. මම නම් කැමති අර තෙල් බවුසරයක් පාවිච්චි කරලා හදන බටු තෙල් දැමීමට...

    දෙබිඩි වම්බටු ගෙඩි 'එකක්' නේද? මම හිතන්නේ ඕනෙම එළවළු පළතුරු ජාතියක දෙබිඩි ඵල ඔය කාලෙට දෙන්නේ නෑ...

    වම්බටු තෙල් දාන්න, උයන්න, හොදි හදන්න, බදින්න අමතරව මරන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මමත් ආසම කෑමක් තමයි වම්බටු මෝජු.

      Delete
  9. අර දෙබිඩි බට්ට ඔබගෙ ගෙවත්තෙන් කඩා ගත්ත එකක්ද?
    දැක්කම ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ කොයි බං පත්තරේයි පිල්ලියයි.

      Delete
  10. පොල් මලවලා, හාල් මැස්සෝ හරි කුනිස්සෝ හරි දාලා හදන තිබබ්ටු සම්බෝලේ තිබ්බටු බත් එකේ පැත්තකට ගොඩ ගහලා ඉතුරු ටික කන්න නම් මාත් ආසයි

    ReplyDelete
  11. මම නං අකමැතිම බට්ට තමයි තිබ්බටු. තිබ්බටු වලත් තිත්ත එක.
    මේකත් නෝනට කියල හදවගෙන කන්න ඕන

    ReplyDelete
    Replies
    1. Hi Raj,
      Why did you block your blog to invited readers only. I read all these blogs everyday even though O don't comment. And please tell me how do we get invitation to read your blog.

      Delete
    2. යාස් රාජ් ඔබේ බ්ලොගට අපේ පැමිණීම අහුරා ඇත්තේ ඇයිදැයි කියා කිව මැනව ..!

      Delete
    3. නොහිතූ විදියට, මගේ අඩවිය දකිනවට මම අකමැති, කිහිප දෙනෙකු ඒක කියවල තියනව. ඒ නිසා දැනට ප්‍රයිවට් කරල තියෙන්නෙ. බ්ලොග් අඩවිය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන දෙගිඩියාවෙන් ඉන්නෙ. ඉස්සරහට බලමු!

      Delete
  12. මොන බටු උනත් රසයි ,එක එක අකාරයට උයන්න ඕනි .බටු මොජූ ,බටු කරි මම නම් කැමති ..;

    ReplyDelete
  13. "මේ ආකරයේ වම්බටු කාන්තා පක්‍ෂයට කැමට හොද නැතැයි ගමේ ගොඩේ කතාවක් ඇත"
    නමුත් වම්බටු ප්‍රයෝජනවත් versatile දෙයක් නේද?

    ReplyDelete
  14. තෙම්පරාදු කරලා ගන්නවිට ආධුනිකයන් අතින් වම්බටු කෑලි බාගෙට තැම්බීමේ අවදානමක් ඇත. එනිසා තෙල් ගතිය වේලුන පසු පොල් කිරි යාන්තම් පොඩ්ඩකුත් දමා තැම්බෙන්න හැර උයාගැනීම හොදයි.
    @ My life as a Gaijin!
    මේ තියන වම්බටු ගෙඩි දෙකේ ප්‍රමානෙට කහ කුඩු තේ හැදී 1/2ක් , තුනපහ කුඩු තේ හැදී 1 ක් 1/2ක් , මිරිස් කැමති ප්‍රමාණයක් , ලුණු කැමති හැටියට දාගෙන හදන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඇනෝ.
      පොල් කිරි ටිකක් එකතු උනාම හොද රසයක් තිබෙනවා .

      Delete
  15. ම්.. හරිම පැහැදිලිව රෙසිපි එක විස්තර කරලා තියෙනවා ...

    ReplyDelete
  16. වම්බටු වලි හොදම කෑම තිබ්බටුය...තිබ්බටු දැන් කාලේ වයිපරේලා සෑදීමට නොදනී.හාලමැස්සන් සමග තෙලේ දා යන්තම් බැදීමෙන් ඉතා රසවත්ව සාදාගත හැක

    ReplyDelete
  17. තිබ්බටු තමා කනවනං...

    ReplyDelete
  18. බටු වලින් මාත් ආසම කෑම තිබ්බටු මැල්ලුම ය. වම්බටු මෝජුවනං ඉතා ප්‍රියජනකය.
    වම්බටු කැපූ පසු කහට පිපෙන නිසා කහ දමා අතගා තැබීමක් ගැන මා අසා අැත.

    ReplyDelete
  19. නෝනා එළ බටු ටිකක් තියෙනව දෙන්න ද,
    හා හොඳ නං දෙසිය පනහක් දාන්නකො
    ඇ ළමයො එල බටු දෙනව කියල ඔය මොනවද වම්බටුනේ කිරන්නෙ
    නෑ නෝනා මම කිව්වෙ එළබටු නෙවෙයි ''එළ''බටු ටිකක් තියෙනව කියලනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ, කෝමා, වරහන් අයින් කොරලා කියනදේ තේරුගන්න පුළුවන්නම් පොලේ යාම සිම්පල්.

      Delete
  20. මොනම බට්ටක්වත් කන්න නම් කැමතිම නැත.

    ReplyDelete
    Replies
    1. එල බටු උයලා ගත්තහම මාර රහක් ඉවාන්

      Delete
    2. ඒකනම් තොගෙ කරුමයක්..

      Delete
  21. බටු උයන හැටි කෙසේ වෙතත් ඉහත ඇති විස්තරයට නම් කැමතිය. මාද එළබට අරහං කෙනෙකි. එහෙත් දවසක මහපැලැස්සේ ගිය දිනෙක ගමේ හේනක දි සුරංග නම් තරුණයෙකු විසින් සම්පාදනය කරනලද එළ බටු මාළුව ගෑවුණු තැන කත හැකි ආකාරයේ එකක් විය. එයට තව මොන මොනවදෝ එක් කොට තිබිණි. ඒ මා දිවියේ කෑ හොදම බටු මාලුවය.

    ReplyDelete
    Replies
    1. තව මොනවාදෝ එක් කර තිබුනේ තණමල්විල මල් විය යුතුය.මං හරිනේ??

      Delete
    2. @ මල් මල් ++++++++++++++

      Delete
  22. තිබ්බටු මැල්ලුම රහයි කකා, හදන්න නම අමාරුයි තමා.තිබ්බටු සිලි සිලි මල්ලක දාල තලන්නත් ඇහැකි. . . ඉක්මනින් උය ගන්න පුළුවන් එලොලුව නිසා මමත් අද පොඩි පහේ ට්‍රයි එකක් දෙනවා එහෙනම් . .. .

    ReplyDelete
  23. //එළබටු මා පොඩි කාලේ සිටම අප්‍රිය කළ කෑමකි. අද ද එසේම ය.// මමද එසේමය.

    වම්බටු ගෙඩිය පිටින්ම බැදලා උයලා කන්න ගොඩක් කැමතියි.

    ReplyDelete
  24. මම් නම් ආසම එලබටු .ඒව උයල තෙල් අබ දාල අගුන කොල සම්බොලයක් හදල ගත්ත නම් ආය කන්න පුලුවන් බඩ පැලෙන්ඩ.මතක් වෙද්දිත් කෙල ගිලෙනව

    ReplyDelete
  25. වම්බොටු මම ආසම කෑමක් .. රෙසිපිය හදල බලන්න ඕන..
    අසමෝදගම් එගෙම ඕන වෙන එකක් නෑ නේ කකා..

    ReplyDelete
  26. වම්බටු කතාවක් නෙවෙයි..........................................
    කකා හරි වෙන දන්නා කෙනෙක් හරි බට්ටෝ හදන විදිය දන්නවනම් කියන්න ප්ලීස්

    ReplyDelete
  27. ඔය බටු වර්ග පලා වර්ග කොහොමත් ගුනයි ඒකනේ ඔය පොලවල් වල" එන්න නෝනා බටු ගන්න පලා ගන්න" කියල කෑගහන්නේ!

    ReplyDelete
  28. මතකද “වම්බොට්ටා“ කියල එකෙක් හිටිය?

    ReplyDelete
  29. BATTE THALUM KIYALA JATHIYAKUTH THIYANAWA.

    ReplyDelete
  30. එල කියන හැම දේ ම හැම විට ම හොඳ නැහැ. එලකිරිවලට වඩා සමහරු මීකිරිවලට කැමතියි. එල හා මීිකිරි සම්බන්ධ රූකාන්ත ගැන කතාවක් මහින්දගේ ආගිය කතා පොතේ ද කොහෙද තිබුණා.

    ReplyDelete
  31. අයියො ඔකත් වඩක්ද?

    ReplyDelete
  32. කව්ද කිය්න්නෙ.එලබටු රසනැහැ කියල උයන්ඩ බැරිකම තමය් ඔය කියන්නෙ.ඉදුනු.එලබටු හොද පැහුනු පොල්කිරි,කරවල සමග එකට දමල උයාගෙන.පසුව අබ කුඩු දමල කලවම්
    .කලාම.පුදුම රසක්..උයල බලන්න...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.