Saturday 14 December 2013

පිරිමි කොල්ලෙක් ලොකු වුණු බව දැන ගන්නේ කෙසේද? - Boy becomes BIG boy


ඔය පිරිමි කොල්ලා කියන කෑල්ල මං උපුටා ගත්තේ විනෝද සමය අමාරිස් අයියා වැඩ සටහනකිනි.

අමාරිස් අයියා තම පුතාව පාසලට ඇතුලත් කිරීම සඳහා විදුහල්පති මුණ ගැසෙයි.

"මුලින්ම මේ ළමයා ගේ 'ඉන්ටැලිජන්ස්' බලන්න ඕනෑ!" විදුහල්පති පවසයි.

"චී මහත්තයා, ඒවා නං බලන්න දෙන්න බෑ!" ඒ ළමයා ගේ පියා ය.

"එහෙම කියලා බෑනේ. ඉන්ටැලිජන්ස් බලන්නම ඕනෑ ඉස්කෝලෙට ඇතුලත් කරගන්න."

"මොනවා බලන්නද මහත්තයෝ. ඔන්න මූ පිරිමි කොලුවානේ! මං දන්නේ නැද්ද? මං නේ ඕකාට ගම්මිරිස් පිම්බෙත්!"

ගම්බිරිස් පිඹින්නේ ළදරු කාලයේ දී ය. ළදරුවා ඉන් පසු ළමයෙක් වේ.

අද මගේ කතන්දරය මේ ළමාවියෙන් තරුණ වියට පෙළඹීම, එනම් ලොකු වීම ගැනය.

ගැහැණු ළමයෙකු තරුණියක බවට පත්වීම නිශ්චිත දිනයක සිදුවන දෙයකි. මල්වර වීම යනුවෙන් ලිඛිත භාෂාවෙන් හැඳින්වෙන මෙම සංසිද්ධිය වැඩි දෙනෙකු ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ලොකු වීම කියාය. ජම්බු ගහෙන් වැටීම යන අව්‍යක්ත යෙදුමද භාවිතා වේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යනු අපේ පුංචි අම්මලා ගේ කාලයේ ප්‍රසිද්ධ නවකතාවකි. මගේ මතකයේ හැටියට එය ලියා ඇත්තේ කරුණාරත්න සපුතන්ත්‍රී නම් ලේඛකයාය.

පසු කලෙක මේ පොත අනුසාරයෙන් චිත්‍රපටයක් නිපදවිණි. අධ්‍යක්‍ෂණය ධර්මසේන පතිරාජා ය. එහි මාලනී ෆොන්සේකා නම් ළමයා ලොකුවී තරුණියක වන මල්වර මංගල්‍යය සහිත චිත්‍රපටයේ නමටම ගැලපෙන දර්ශනයක් තිබුණි.

මා ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන් නරඹා නැත.

නමුත් දයා රාජපක්‍ෂගේ "අනුපමා" චිත්‍රකතාව ඇසුරෙන් සුනිල් ආරියරත්න සෑදූ, මා නරඹා ඇති, "අනුපමා" චිත්‍රපටයේ කෙල්ලෙකු පාසල් කාලයේ මේ ලොකු වීඟ නම් සිද්ධියට භාජනය වී නිවසය යැවූ විට ඒ ප්‍රවෘත්තිය කෙල්ලන් කොල්ලන්ට දන්වන්නේ පෙර කී "එයා දැන් ලොකු ළමයෙක්" නවකතාව පෙන්වීමෙනි.

මගේ කතන්දරයට කෙලින්ම අදාල නැති වුණත් තවත් කරුණු දෙකක් පවසන්නම්.

දයා රාජපක්‍ෂ ඔය අනුපමා කතාව ගෙතුවේ, අපේ සිංහල පාඩම් පොතක තිබූ "දෝහියාගේ මව" නම් පරිවර්තිත කෙටි කතාවේ මුල් කෘතිය ඇසුරෙන් විය යුතුය. ඒ මව ගේ ප්‍රභල චරිතය එම කෙටිකතාවේ ප්‍රධාන චරිතයයි.

තමන් අධ්‍යක්‍ෂණය කළ මුල් චිත්‍රපටය තිරගත වීමට පළමු තවත් චිත්‍රපට නමයක් සාදා නිමකර වාර්තාවක් පිහිටවූ සුනිල් ආරියරත්න ගේ මේ "අනුපමා" චිත්‍රපටය හා සම්බන්ධ එක් සුවිශේෂී කරුණක් නම් මෙහි ප්‍රධාන පිරිමි කොලුවා ගේ චරිතය රඟපෑවේ විජය කුමාරතුංග වූවද, එහි මාලනී ෆොන්සේකා රඟපෑවේ කෙල්ල ගේ චරිතය නොව විජය ගේ අම්මා ගේ චරිතර වීමයි.

කෙල්ල ලෙස රඟපෑවේ එක්කෝ සුවීනීතා වීරසිංහය, නැතිනම් සුවිනීතා අබේසේකරය, නැතිනම් සුවීනීතා කොන්ගහගේ ය.

අනුපමා චිත්‍රපටයේ එයා දැන් ලොකු ළමයෙක් වූයේ ඇයයි.

මුල් එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ ලොකු ළමයා වූ මාලනී ෆොන්සේකා සුවීනීතාටත් වඩා ලොකු ළමයෙකි.

නමුත් මාලනී ෆොන්සේකා කිසි දිනක තම නම මාරු කෙරුවේ නැත.

ඇය සේනානායක හො ඩයස් හෝ වෙනත් නමක් හෝ නොගත්තාය. එදත් ෆොන්සේකාය, අදත් ෆොන්සේකාය.

ඒ කෙල්ලෙකු ලොකු වීම ගැන හෑලි කිහිපයකි.

මා අද ලියන්නට ගියේ කොල්ලෙකු ලොකුවීම ගැන මගේම කතන්දරයකි.

පඳුර වටේ තැළීම යන ප්‍රපංචයේ බලපෑම නිසා එය අමතක වී කතන්දරය දික්විය.

ප්‍රස්තූත කතන්දරය හෙටට කල් දමමි.

-කතන්දරකාරයා

ප/ලි (15/12/2013 @ 9:00am)
1. මේ කතන්දරයට මා යොදාගෙන ඇති ඡායාරූපය කිසිවෙකු ගේ අවධානයට තාමත් යොමූ වී නෑ.

2. ඇත්තටම කොල්ලෙක් ලොකු වී ඇති බව දැන ගන්නේ කොහොමද? මගේ අත්දැකීම හෙට පලකරමි.


(image: http://www.heart.co.uk/showbiz/top-10/tom-hanks-films/)

45 comments:

  1. \\DUKA THAMI KAKA (RANJANI) \\ MAWA BLOCK KARANNA VISIBLE AFTER APPROVAL DALA MACHAN TAMA WERADUNA NEDA.
    LAST POST EKATA COMMENTS 50 - ATHINUTH DALA 59 KARAGATHTHE.
    DAN SANEEPY DA?
    DO NOT PUBLISH THIS JUST UNDERSTAND. (CAP.ANO)

    ReplyDelete
  2. හරිය! හෙට එන්නම් කතන්දර ලොකු වුන හැටි කියවන්න.

    අනේ මන්දා ලඟදී කියවපුවා බැලුවාම බහුතරයක් ඉපදීලා තියෙන්නේ ලොකු වේලාමද කොහෙද?

    ReplyDelete
  3. එහෙනම් හෙටම යමක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි දැන් ලොකු ළමයෙක් !
      එතකොට, අපි තාම පුංචි එවුන්..................................

      Delete
    2. කෙන්ජි මාම මල්වර වෙලා තියෙන්නෙ උපදින්නත් කලින්නේ !

      Delete
  4. නිළියන්ගේ නම් ගම මටද මතකයක් නැත.
    හැලප සහ අරූ නම් දන්නවා ඇති බව බුදු ෂුවර් එකක් ඇත.

    ReplyDelete
  5. කොල්ලන් ලොකු වීම ගැන නොදැන ඉන්න තරමට හොඳය.නැත්තං උංවද ලොකු වෙච්ච හැටියේ අල්ලාගෙ කාමරයකට දමා කෙල්ලන්ගේ ඇහැ ගැහෙන්නට නොදී හංගා සතියක් පමණ තබා නාවා ලෝකෙට පෙන්නන අද්භූත චාරිත්‍රයේ ගොදුරක් වනු ඇත.අහිංසක කොල්ලන්ට නිදහසේ ඉන්ඩ ඉඩ දෙනු!!

    ReplyDelete
  6. අපි නං ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමට ඉගෙන ගෙන තියෙන විදියට පිරිමියෙක් ලොකු උනා කියන්නේ අහවල් තැන, කිහිල්ලේ මයිල් එන එක. උගුර ඉදිරියට නෙරා එම, නැට්ටට කිරි එන එකට

    ReplyDelete
  7. මම හිතන්නේ මම සිංහල ෆිල්ම් ගැන දන්නේ නැහැ.මොකද කියවගෙන ගියාට අන්තිමට මොකුත් තේරෙන්නේ නෑ වගේ උනා."අනුපමා""ප්‍රපංච "කාගේද මවක් , ලොකු වීම ඔය වගේ ටිකක් අහුඋන./.අපහු කියවන්න ඕන . .

    ReplyDelete
  8. කතන්දර ලොකු ළමෙක් වෙච්ච හැටි කියවන්න එහෙනම් හෙට එන්නම් !

    ReplyDelete
  9. හැබෑට කකාටත් බෝඋනා එහෙනං පදුර වටේ යෑම. ඔය ගම්මිරිස් පිඹිල්ල තාමත් කරනවා. අපේ දේශිකා දෙවැනි එකාටත් ගම්මිරිස් පිම්ඹා ඒවා එයාලගේ නැන්ලගෙන් ආපු ආභාෂය. ඒ පව්ලේ හැටහුටාහමාරක් පොඩි උන් හිටියලු නෙව. හැබැය බ්ලොග් අවකාසෙදි අහලම නැති කතාවක් තමා ඔය ගම්මිරිස් පිඹිල්ල..

    ReplyDelete
  10. ගම්මිරිස් පිඹිනවා කියන්නෙ මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය මං ලින්ක් කරලා තියෙන්නේ ඒ ගැන ලියවුණු වෙදනා ගේ ලිපිය.

      Delete
  11. හෙටම කමෙන්ට් එකක් දාන්නම්කො එහෙනම් :D

    ReplyDelete
  12. එයා දැන් ලොකු ළමයෙක්
    http://www.silumina.lk/punkalasa/20110306/eya-den.jpg

    ReplyDelete
    Replies
    1. මෙය මා කතන්දරයේ යොදා ඇති සිළුමිණ පුන්කලස ලිපියේ තියෙන ඡායාරුපයක් නේ?

      ඇයි මේ ෆොටෝ එක විතරක් බලන්නේ? මුළු ලිපියම කියවන්න.

      Delete
    2. කැපුවා කැපුවා ඉන්ටර්නට්. බිල් ගෙවලා නෑ. ටෙල්ෆෝන් බිල් ගෙවලා නෑ. වසර අවසාන කිරීමේ දැවැන්ත ආර්ථික අවපාතයක. අනිවා බලනවා නැත්නම් කියවනවා. මේවා අනුන්ගේ ඩොන්ගල්. අරවා මේවා කියව කියව වැඩි වෙලා හිටපුවාම උන්ගේ රතු කට්ටත් පනීවිනේ. ඒ නිසා බුක් මාර්ක් කොරලා තියෙන්නේ. මේ වගේ ලිපි අතහරින්නේ නෑ.
      මමත් ඔය වල් පල් කිය කියා හිටියාට, මාත් කැමතියි කකා මේ වගේ ලිපි දානවානම්. දැනුම සහ විනෝදය දෙකම ලැබේවි අපිටත්.

      Delete
  13. පිරිමි කොල්ලා කියලා දැක්කම හිනා ගියා... බලමු ඉතුරු කෑල්ලත් කියවලම......

    ReplyDelete
  14. අද නං කකා ෂුවර් එකටම ශොට් එකක් දාලා !!

    ReplyDelete
  15. කොමෙන්ටුවද හෙට දමන්නම්

    ReplyDelete
    Replies
    1. ඊලඟ එකත් දාන්ඩ අයියා.

      Delete
  16. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න කකා !!

    මාලනී ඇන්ටි ලියනවනං වාසගං කීයක් ලියන්නද ??

    CR පොත් දෙකක් වත් ඕනවෙයි වාසගං ලියන්න අබේවික්‍රම කුමාරතුංග කියල පටං අරන් !!

    ෆොන්සේක කියල ලිව්වම එකපාරිං අහවරයිනේ !!!!

    ReplyDelete
    Replies
    1. මා ලියූ කතන්දරෙයෙන් උපුටා දක්වමි.

      "කෙල්ල ලෙස රඟපෑවේ එක්කෝ සුවීනීතා වීරසිංහය, නැතිනම් සුවිනීතා අබේසේකරය, නැතිනම් සුවීනීතා කොන්ගහගේ ය.

      අනුපමා චිත්‍රපටයේ එයා දැන් ලොකු ළමයෙක් වූයේ ඇයයි.

      මුල් එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ ලොකු ළමයා වූ මාලනී ෆොන්සේකා සුවීනීතාටත් වඩා ලොකු ළමයෙකි.

      නමුත් මාලනී ෆොන්සේකා කිසි දිනක තම නම මාරු කෙරුවේ නැත.

      ඇය සේනානායක හො ඩයස් හෝ වෙනත් නමක් හෝ නොගත්තාය. එදත් ෆොන්සේකාය, අදත් ෆොන්සේකාය."

      Delete
  17. කොල්ලා ඔය කිව්වට හෙටවනකොටම ලොකු වෙයිද නැත්නම් තව කල් යයිද

    ReplyDelete
  18. බිග් ගර්ල් කියනවට වඩා ලත්තනයි ...attend puberty හෝ pubescence කීවාම .. පිරිමි කොල්ලෙක් කිවම හිනා ගියා මටත්

    ReplyDelete
  19. I like your posts. Sometimes I comment as anonymous. Can you tell me how to make a profile name for commenting.

    ReplyDelete
    Replies
    1. ඉතා පහසුයි. මේ එක ක්‍රමයක්.

      1. ජීමේල් gMail ගිනුමක් අරඹන්න. ඔබ කැමති නමක් භාවිතා කරන්න පළුවනි.

      2. මුලින් එයට ලොග් වී ඊ ලඟට බ්ලොග් එකට පැමිණ ගුගල් ගිනුම තෝරා ගන්න.

      3. සිහළෙන් ලිවීමටද ගුගල් වලින් ට්‍රාන්ස්ලිටරේට් (transliterate) සේවාවක් ඇත.

      Delete
  20. කොල්ලොන්ටත් පාටියක් වත් තිබ්බනම් මරු!

    ReplyDelete
  21. හස්ත කර්මාන්ත වල නියත වෙනවානම් කාලය හරි!!!!!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.. ගින්දර :)

      Delete
  22. අන්වර් මනතුංග අඩවිය වෙත පිවිසිය හැකි ක්‍රමයක් කිව හැකිද?
    (ලංකාව තුල)

    ReplyDelete
    Replies
    1. නොබලන තරමට හොඳයි පුතා !!

      Delete
    2. මා මේ කියන බ්ලොගයට වරක් ගියා බූවා ගේ ලිපියක් අනුව යමින්. ඉන් පසු නොගිය නිසා ඔය තහනම් ගැන දැන සිටියේ නෑ.

      යන්නට නොහැකි නම් ඒ සඳහා ප්‍රොක්සි සර්වර් එකක් භාවිතා කළ නොහැකිද? ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ් යනාදිය බලන්න භාවිතා කරන.

      මේ W3Lank ලිපිය බලන්න.
      http://www.w3lanka.com/2011/11/blog-post_07.html


      Delete
  23. කකා මේ ෆොටො එකේ ඉන්නේ ටොම් හැන්ක්ස් ලොකු ළමයෙක් වෙන්න ඉස්සෙල්ලාද? වෙන්න බැහැ උගුරු ඇටේට ලනුවක් දාලා ඇදගෙන යන සයිස් එකටනේ එලියට ඇවිල්ල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ නිශ්චල ඡායාරූපය ටොම් හෑන්ක්ස් රඟ පෑ BIG නම් වූ සිනමා පටයෙනි. එහි ඇත්තේ කුඩා ළමයෙකු එක්වරම ලොකු වෙන කතාවකි.

      Delete
  24. Replies
    1. මොකද බං කෑ ගහන්නේ. වැටුනද ජම්බු ගහෙන්.

      Delete
  25. ඉල්ලන දැරියන් ,ඉලන්දාරිද?

    ReplyDelete
  26. පිංතූරේ ඉන්නේ නම් Tom Hanks වෙන්න ඕනි...

    Captain Phillips මරු film එක කකා... අනිවා බලන්න...

    http://www.imdb.com/title/tt1535109/

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. සුනිල් ආරියරත්න චිත්‍රපටි හැදුවේ විවේකී මනසකින් නොවෙයි. ඒ නිසා සිරිබෝ අයියා හැර සුනි‍ල්ගේ වෙනත් චිත්‍රපට සුන්දර නැහැ. කතන්දර ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත කියෙව්වද? මම හිතන්නේ ඔබ එයට ගොඩක් කැමති වේවි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.