Friday 6 December 2013

අටේ පන්තියේ පොඩි කේස් එකක්! - Friend in law?


මේ සිද්ධිය වුනේ මට මතක හැටියට අටේ පන්තියේ දී.

හරියට මතක නැති වෙන්න හේතුව තමයි මං හයේ පන්තියේ ඉඳලා නමේ පන්තියට පාස් වෙන දවස වෙනතුරුම පන්තිය බාර ගුරුවරයා වෙනස් නොවුණු නිසයි.

ඒ විතරක් නොවෙයි අළුතින් ආපු සහ අස්වෙලා ගිය කීප දෙනා ඇරුණාම අපේ පන්තියේ හිටියේ එකම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකමයි.

මගේ හොඳම යාළුවෙක් හිටියා සාමකුමාර කියලා. මොකක් හරි හේතුවකට එක දවසක් අපි දෙන්නා අතර වලියක් ගියා. ගුටි කෙලියක් නොවෙයි පොඩි වාග් සංග්‍රාමයක් වගේ එකක් මුලින්.

මං කියපු කතාවකට තරහා ගිය සාමකුමාරයා කෙරුවේ කඩදාසි ගුලියකින් මට දමලා ගහපු එකයි. කඩදාසි ගුලි කරන්න ඉස්සෙල්ලා ගල් කැටයක් ඇතුලට දාපුවාම, කඩදාසි ගුලියකින් වුනත් හොඳට රිදෙන්න ෂොට් එකක් දෙන්න පුළුවන්.

මට පොඩ්ඩක් රිදුනා වගේ මතකයි.

මං ඒ කඩදාසි ගුලි මිසයිල් එක අහුලාගෙන ආපහු සාමකුමාරයාට ඒකෙන් ම ගහන්න හදන කොටම එතනට ආවා අපේ පන්තිය භාර ගුණරත්න ගුරුවරයා.

ඔන්න අපි දෙන්නාව පන්තිය ඉස්සරහට ගෙනැල්ලා නඩුව ඇහැව්වා.

අන්තිමේදී දුන්නු තීන්දුව මේකයි.

"දැන් දෙන්නා අතට අත දීලා ආපහු යාළු වෙනවලා".

සාමකුමාර අත දික්කළා!

මං නෝ හෙල්ලුම්.

මගේ හිත ඇතුලේ තර්කය වුනේ -මු මට ගැහැව්වා. මං මූට ගැහැව්වේ නෑ (තාමත්). ඉතිං දැන් අපි දෙන්නා ඒක අමතක කරලා යාළු වුනොත් අසාධාරණයි නේද?- කියන එකයි.

ඒ විස්තර කතා නැතුව මං පන්තිය භාර ගුරුවරයාට කිව්වේ මෙච්චරයි.

"අතට අත දෙන්න බෑ!"

පොර තේරුණා මගේ ස්ථාවරය.

"තමුසේ නං එක විදියක එකෙක්!" පොර කිව්වා "හා! එහෙනං ගිහින් ඉඳගන්නවලා. ආපහු ගහගෙන තිබුණොත් බලාගෙනයි!"

කේස් එක එච්චරයි.

මට මේ අතීත සිද්ධිය මතක් වුනේ මේ ලඟදී උසාවියකින් දිපු තීන්දුවක් ගැන ප්‍රවෘත්ති වාර්තාවක් කියෝපු වෙලාවේයි.

මං හිතන්නේ සාමකුමාරටයි මටයි යාළු වෙන්න කියලා නියෝගයක් දෙන්න අපේ ගුරුවරයාට බෑ. අප කළ වරද විනය විරෝධීව හැසිරීම නම්, ඒ වරදට අතට අත දීම දඬුවමක් නොවෙයි කීයටවත්.

ඒ කෙසේ වෙතත් ගුරුවරයා ගේ නඩු තීන්දුවකින් දෙන්නෙක්ව යාළු කරවන්න පුළුවනිද, හරියට පොලීසියෙන් බන්දනවා වගේ?

මේ මං දැකපු උසාවි නඩු තීන්දුව තවත් දුර යනවා. ඒකෙන් අණ දීලා තියෙන්නේ සමාව ගන්න කියලයි. නිකං නොවෙයි වැඳලා!

ඒ වඳින දඬුවම තියෙන්නේ කොයි නීති පොතේද මන්දා?

-කතන්දරකාරයා


(image: http://storytellermn.com/2013/10/how-do-you-increase-your-fan-base-in-social-media/black-and-white-shake-hands/)

83 comments:

  1. අතට අත දීල තිබුන ගුටි කාපු ගායකයෙකුත්.

    ReplyDelete
    Replies
    1. ඌ මොන ගායකයෙක්ද බන්.උන් බයිලා ගහන්න ස්ටේජ් නගින්නෙත් කන පැලෙන්න බීගෙන. පලා කාරයෝ කොහොමත් ඉන්නේ පයිත්තියන් වෙලාමයි . දෙගොල්ලොම එක ජාතියේ මෝල් වාහෙලා

      Delete
    2. ඌට ඔහොම නෙමෙයි නෙලන්න තිබුනේ.. උණේ හොඳ එක.. මාත් එකෙක් එක්ක ඔය වැඩේටත් ගිහින් තියෙන නිසා හොඳට දන්නවා. උන්ගේ කාළේ උන් චන්ඩි. දැන් නොන්ඩි.. කළාකරුවට මොන දේශපාළණේද් බන්. තිබුනට කමක් නෑ හිත ඇතුලේ.. එහෙම නැත්නම් නිහතමානිව..

      Delete
    3. ජෝති අයිය දේශපාලුවො ආරාධනා කරලා සින්දු කියන්න ගියත් කවදාවත් පොලිටික්ස් ගැන කට හෙල්ලුවේ නැහැ.
      සුස්තියක් ඇදල,අඩියක් ගහල විහිළුවක් කරගෙන හිටිය මිසක්ක ඉදගෙන.

      Delete
    4. ඔය සමන් ද සිල්වා යුඇම්පී නේද ඉස්සර? දැන් රාජපක්‍ෂයේ ද?

      Delete
    5. ගිටි කන කොටත් අලි පාටියේ. ඒත් දැන් කොහොමද කියන්න දන්නෙ නෑ.

      Delete
    6. දෙමුද කශ්ටියම එකතුවෙලා පොරට කනේ පාරක්.
      හැබැයි මංතුමා කාටවත් පන්න පන්නා ගහන්නේ නෑ නෝවැ. එක හැමෝම දන්නවා නොවෑ. ඇලුවතුරත් නිමලයි බොනේනේ.

      Delete
    7. සමන් සිල්වා මහ තැනගේ අත්දෙක මසාජ් කරන්න ගියේ යුද්ධේ දිනාගෙන එන කොට.

      Delete
  2. වඳින එක නම් අපි අතින් දාගත්ත කැල්ලක්, හැබයි දෙපාර්ශවයම එකඟ වුණොත්, ඔය සමාව ගන්න කේස් එක නම් නීති පොත් වල කොහෙ හරි ඇති... ඕක නිතරම සිද්ධවෙන නිසා එහෙම හිතුණේ.

    එක සැරයක් පන්තියේ කෑකෝ ගැසීම නිසා මා ඇතුළු තවත් කීප දෙනෙක් අංශ භාර සර් ට අහුවුණා. නමුත් මම නැගිටලා පන්තියෙන් එළියට යන්න හැදුවා මිසක් මම කෑකෝ ගහන පිරිසට අයිති වුණේ නෑ. නමුත් නැගිටලා හිටිය නිසා මාවත් ඒ ගොඩටම වැටුණා. සියළු දෙනාටම දණ ගහන්න කිව්වහම ඔවුන් දණ ගැහුවත් මම දණ ගැහුවේ නෑ. මම කිව්වා මම කෑගැහුවේ නෑ කියලා. නමුත් තමන්ගේ අණට අකීකරු වීම හින්දා සර් ට කේන්ති ගිහින් අනිත් ඔක්කොටම ගිහින් ඉඳගන්න කියලා, මට වේවැලකින් හොඳටම ගැහුවා... පාර කීපයක් වදිනකොට මට ඉබේම දණ ගැස්සුණා. මම එදා තරම් වෙන කිසිම දවසක අඬන්න නැතුව ඇති ඉස්කෝලෙදි.. මේක වුණේ ශිෂ්‍යත්ව පන්තියේ ඉන්නකොට. නිකමට මතක්වුණා මේක කියෙව්වහම.

    ReplyDelete
    Replies
    1. ගුණරත්නකාරයා හොඳයි නේ බලාගෙන යනකොට!

      Delete
    2. මටත් ඔය වගේ වැඩක් උනා.. හැබැයි මමනම් එදා සර් කාරයට කෙලින්ම කිව්වා මම දනගහන්නේ නෑ මොකද මම වැරද්දක් කලේ නෑ කියලා.. මම ගියා යන්න එතනින්.. කෙස් එක අපේ ගෙදරටත් ගියා,, එත් අවුලක් උනේ නෑ.. වැරද්දක් නොකර අසාධාරණ ව දඩුවම් විදින්න ඕනේ නැනේ කවුරුත්

      Delete
  3. ජපානෙනම් දෙන්නටම ගොමෙන් නසයි (Sorry) කියන්න කියනව. වැඩේ ක්ලෝස්.

    ReplyDelete
    Replies
    1. කෙන්ජියො
      වරෙන්කො කුමමොතො.
      අසෝ සන් බලන්න එක්ක යන්නම්
      අශ්ව මස් කවන්නම්
      ඕනැනම් හැන්දෑවෙ සෝපු එකකටත් එක්ක යන්නම්
      කුමමොතො සෝපු වලට ප්‍රසිද්ධයි දන්නවනෙ.

      Delete
    2. උඹ කුමමොතෝ දයිගකුද මචන්..?

      Delete
    3. දයිගකු? පිෂ්ෂු පීකුදු
      මගෙ දුවත් දැන් දයිගකු බොල

      Delete
    4. හෙහ්..හෙහ්..හේ..මම හිතුවෙ වචන කොටලා තියෙන විදියට පොඩි කොල්ලෙක් කියල :).

      Delete
    5. අයි ඩොන්ට් නෝ මෙලෝ දෙයක්.
      සිහලෙන් නං ඕනැ දෙයක්!

      Delete
  4. අඩේ ඉස්සර කොච්චරවත් ඔය සීන් වෙලා තියෙනවඩ

    ReplyDelete
  5. //"තමුසේ නං එක විදියක එකෙක්!"// ගුරුවරයාගේ කීමට එකඟයි හී හී...

    ඒ උණාට සමාදානේ තමා හොඳ. අනෙක යාලුවගේ නම කුමාරනේ. :D

    ReplyDelete
    Replies
    1. එයා සමාකුමාර
      මං කතන්දරකුමාර!

      Delete
  6. දැන් කැම්පස් වලත් ඔය පොඩි කේස් එකකට දෙන දඩුවමක් විදියට ආචාර්ය වරුන්ට වැඳලා සමාව ගන්න කියන්නේ.. එතකොට අර ආචාර්ය වරයටත් ටිකක් ෆිට්

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ නං ඒ ජොක් තිබුනේ නෑ!
      මං මේසේ දෙපැත්තේම ඉඳලා තියෙනවා.

      Delete
  7. ඉතිං ඕනේ නම් එතැනදී වැදලා ඉස්කෝලේ ඇරුනාම සේරටම සබ්බුව දුන්නා නම් හරිනේ

    ReplyDelete
  8. සාමකුමාර කතන්දර කුමාරට පහරදෙයි, සාමකුමාර යාලුවෙයි කතන්දර කුමාර බෑ කියයි. ඊට පස්සේ රිටර්න් එක දුන්නද සාම කුමාරට ?

    ReplyDelete
    Replies
    1. එයා කොහේ රිටන් දෙනවද බං...
      කකා ටයි සාම කුමාර නම වැටෙන්න තිබුනේ..
      මට එහෙම කරන්න තිබුනේ හෙහ්..

      Delete
    2. එහෙම වෙන්නෙ නෑ කකා වලියට බර පොරක් නෙවෙයිනෙ....... අං දිග වුනා කියලා අනින්නෙ නෑ හොල්ල හොල්ල බලන් ඉන්නවා........

      කකා උඩ සර්ච් එන්ජිම වැඩ නෑ අපිට ලින්ක් එකක් වත් දාන්න බෑ....

      Delete
    3. මෙන්න ඉවාන්ට උත්තරේ සහ කෙන්ජිට සහ ඇනෝ අදහස් කළ දේ.
      http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html

      Delete
    4. කෙන්ජිට කරානං අපි එතන විනාඩියට

      Delete
    5. අනිවා පත්තරේ මචං! විනාඩියෙන්ම එන්න බෑ. ජුන්ඩක් පරක්කු උනා.

      Delete
    6. අරිගතෝ මගේ බොක්කෙ කොල්ලනේ.
      ඔන්න උඹල වෙනුවෙන්ම පොස්ට් එකක් සදුදට ලේස්ති කොලා.
      පිල්ලියාවත් කොහොම හරි ඇදන් වරෙල්ල.

      Delete
    7. අපේ ක්‍ර්න්ජි මාමගෙ පෝස්ට් එකක් නං අපි එතන!!
      නැද්ද කාවා !!
      හදාගත්ත පැල දාල කොහේ යන්නැයි

      Delete
  9. මං ‍දැක්ක ‍ෆේස් බුකියේත් තිබුන ගහගත්තු ඉලන්දාරි කොල්ලෝ දෙන්නේකුට ලොක්ක පනිෂ්මන්ට් එකට එක්කෝ දෙන්න අත් අල්ලන් ප්‍රසිද්ද ස්ථානයක හිටගෙන ඉන්න නැත්නම් පන්ති තහනම් කරනවා කිව්වම උන් දෙන්න ඔලුව වැල්ලේ ඔබාගත්තු පැස්බරු දෙන්නෙක් වගේ ඔලු හංගන් අත් අල්ලන් ඉන්න පොටෝ කෑල්ලක්. ඒ හැබැයි පිට රට

    ReplyDelete
  10. ඉතින් වැඩවසම් යුගයේ වෙලා තියෙන්නේ එහෙම තමයි. චීෆ් ජස්ටිස් ගෙදර යවන රටේ මොන නීතියක්ද ලොක්කා..

    ReplyDelete
  11. ////මං හිතන්නේ සාමකුමාරටයි මටයි යාළු වෙන්න කියලා නියෝගයක් දෙන්න අපේ ගුරුවරයාට බෑ. අප කළ වරද විනය විරෝධීව හැසිරීම නම්, ඒ වරදට අතට අත දීම දඬුවමක් නොවෙයි කීයටවත්.////

    පාසලකදී ගුරුවරයෙකු උසාවියක විනිශ්චයකරුවකුගේ තත්වයට පත් නොවිය යුතුවාක් මෙන්ම උසාවි නීති පාසලකට අවශ්‍යත් නෑ. එහෙම බැලුවම ගුරුවරයාගේ එතරම් වරදක් නෑ. මොකද විනය විරෝධී හැසිරීමකට දඬුවම් දීමකට වඩා ගුරුවරයා කරග තියෙන්නෙ පසමිතුරන් දෙදෙනෙක් මිත්‍රයන් කිරීම.

    බට් උසාවි කේස් එක නං හැබෑම කේස් එකක් තමයි. වැඳල සමාව ගන්න කියල නියෝග කිරීමෙන් විනිශ්චයකරුවා සීමාව ඉක්මවා ගිහිල්ල වගේ.

    ReplyDelete
    Replies
    1. ආයතන සංග්‍රහයට පිටින් වැඩ කලොත් ඔහේට මක්කැයි වෙන්නේ? ඇයි උසාවිවලට දණ්ඩ නීති සංග්‍රහය අදාල නැද්ද?

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. "වඳින දඬුවම තියෙන්නේ කොයි නීති පොතේද"
    KK, It's not actually a දඬුවමක්. There are cases filed under certain type charges that could be settled with the consent of the complainant and the accused subject to the discretion of the Magistrate. The settlement can take the form of the accused වඳින to the aggrieved party. Or, if an accused pleads guilty a sentence could be mitigated in such a way (I can't tell you the mechanism for sure without checking)
    In civil cases like defamation the Plaintiffs sometimes accept an apology from the Defendants (which could take the form of වඳින or a public notice) and settle cases.

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ වඳිනවා කියන එක නීති පොතක තියෙන්න විදියක් නෑ කියලායි. ප්‍රසිද්ධ ප්‍රකාශය ඊස් ඕල් රයිට්!

      Delete
  14. අපි වැරැද්දක් කරලා නැත්තම් සමාව ගන්න හිතෙන්නෙම නෑ තමයි. එත් ඉතින් වෛරයෙන් වෛරය නොසන්සිදේ නේ...

    ReplyDelete
    Replies
    1. වෛරයක් තිබුනේ නැ. එදත් අදත්. ඇත්තටම සාමකුමාරයි මායි අවුරුදු නමයක්ම එකම පන්තියේ හිටි ය කොල්ලෝ!

      Delete
  15. Oh, I forgot my usual language apology. KK, You have asked "සිංහල කැමති ඔබ තවමත් සිංහලෙන් ටයිප් කරන්නට ඉගෙන නොගන්නේ ඇයි"
    මම සිංහල English දෙකටම කැමතියි. සිංහල reading, writing, speaking කැමතියි but සිංහලෙන් ටයිප් කරන්න අකැමතියි. සිංහල අකුරු English වළින් ටයිප් කරන්නත් අකැමතියි.
    I have decided not to comment on blogs if the blogger ( Only the blogger b'coz the blog belongs to him/her) doesn't like English comments (e.g. Kenji @ Japan). But no hard feelings. I still read them (time permitting) whether I'm allowed to comment or not. So, my presence or absence in a blog (which has no real importance to the blog anyway) is determined by the blogger.

    ReplyDelete
    Replies
    1. @ Pra Jay ;
      මගේ පළමු පෝස්ට් එකේදී ඔබ අසා තිබු දෙයට මා විසින් ඔබට සපයා තිබු පිළිතුර වැරදි සහගත බව කකා විසින් මට එතනදීම පෙන්වා දෙන ලදී.
      මම එය පිළිගෙන සිටි මතයෙන් බැහැර වුනෙමි.
      මගේ ඒ පිළිතුරෙන් ඔබට ඇතිවූ අපහසුතාවයට සමාවන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. No අපහසුතාවය Buddy, so no need for සමාව. Bloggers should have the freedom to invite/welcome/ban/banish commentators to/from their blogs.
      I comment for fun (and to skip work when boring + learn something sometimes as a side effect) and I guess you blog for fun. There's enough misery, strife, depression etc in normal day to day life so, why should we be serious while having fun too? :-)
      However, if මගේ language එකෙන් any blogger has any අපහසුතාව මට සමාවන්න.
      BTW my "mouth was itching" to comment on your self description in your blog. Your ego seems to be bigger than Fuji-san ! Just joking. Don't erupt. :-))

      Delete
    4. ප්‍රා
      ඔබ බිග් හෙඩඩ් යැයි නොසිතමි. නමුත් පොඩි ආසාවක්වත් නැද්ද අනේ සිංහල අකුරක් ටයිප් කරන්න? මට කියන්න තියෙන්නේ ඉට්ස් ෆන් කියා විතරයි.

      Delete
    5. Yep, not බිග් හෙඩඩ් but lazy හෙඩඩ් eh?
      අනේ, ලොකු ආසාවක් තියෙන්නේ. I can say somethings better in Sinhala than in English.
      නමුත් ඔය unicode මගුල නම් no fun ඕයි ! :-))

      Delete
    6. සුරුට්ටු කියල ටයිප් කරගත්ත නේද ඒ උනාට යන්තන්.

      Delete
  16. එහෙනම් අන්තිමට ගහල වැඩේ බේර ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. අපි එක පන්තියේ අවුරුදු නමයක්ම හිටියා!

      Delete
  17. ගුරුවරයා අතට අත දෙන්න බල කරේ නැති එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ අපේ ගණිත ගුරුවරයා. සරල ලොජික් එකක් තේරෙන පොරක්.

      Delete
  18. කතන්දර වලියට බර පොරක් නෙවෙයි නේ?

    ReplyDelete
    Replies
    1. එදත් නෑ, අදත් නෑ, කවදත් නෑ!

      Delete
  19. අතට අත දීම හෝ සමාව ගැනීම යනාදිය නීති පොත්වල නැද්ද කොහෙද? මං ඕව කියවල නෑ. ඒත් සමථයකට පත් වීම හෙවත් සමාදානය කියන එකට නීතියේ ප්‍රතිපාදන තියනව කියලයි මගේ වැටහීම.

    අර පන්ති භාර ගුරුවරයා වෙනස් නොවීම හා කොල්ලො කෙල්ලො සෙට් එක වෙනස් නොවීම අපේ කාලෙ හුඟක් ඉස්කෝල වල තිබුන තත්වයක් මගෙ හිතේ. දැන්නම් හැම පංතියකම ළමයි සෙට් එක මාරු කරනවද කොහෙද? ඒ වුනාට අපේ ඉස්කෝලෙ පංති කාමරය බොහෝ විට අවුරුදු පතා වෙනස් වුනා. ඒ නිසා, සිදුවීම මතක තබාගැනීමේ පහසුවක් තියනවා.

    නීතියට එකඟ නොවුනත් ගුරුවරයා ගුරුවරයකු හැටියට කරන්න හදපු දේ හරි මං හිතන්නෙ. එතුමාගේ අවබෝධයේ පුළුල් බව තේරෙනවා කතන්දර සමාව ගන්න අකමැති වීම ගැන උරණ නොවීමෙන්ම. අදහන්න ඕනැ පොරවල්.

    ReplyDelete
    Replies
    1. ගුණරත්න සර් හොඳ පොරක්. පොර එක්ක මගේ තියෙන්නේ එකම අවුලයි.
      http://kathandara.blogspot.com/2009/10/blog-post_31.html

      Delete
  20. මටත් අතට අත දෙන්න උනා දහයේ පන්තියේදී අලුතින් ආපු එකෙක්ගෙන් විස්තර ඇහුවයි කියලා( අපි ඉතින් ටිකක් සැරෙන් ඇහුවා). උගේ අයියා සර් කෙනෙකුත් එක්කරගෙන ආවා මෙන්න මුන් ටික වට වෙලා අපේ මල්ලිට රැග් කරනවා කියලා. පස්සේ සර්ගේ හොඳ දේශනෙකුත් අහලා අපේ අලුත් යාළුවාට අතට අත දීල පිළිගන්න කිව්වා. පස්සේ අතට අත දෙන ගමන් මම යාළුවාට කිව්වා ' විස්තර අහපු එක රැග් කිරිල්ලක් හැටියට හිතන්න එපා කියලා.' මෙන්න බොලේ මේක අහගෙන හිටපු ලොකු පන්තියේ 'අයියා' මගේ ඇඟට කඩා පන්නා.
    ; උඹ ආයෙත් අපේ මල්ලිට මොනා හරි කිව්වා නේද'? ගහනවා දැන ගනින් උස්සලා පොළොවේ'; කියලා අනේ අම්මේ. මේ කියන එකයි උගේ අයියයි අදටත් මගේ හොඳම යාළුවො.

    ReplyDelete
    Replies
    1. ලොකු පන්තියේ අයියා ගේ බුලි කිරීම කොහොමද එතකොට?

      ඇත්තටම මං ගිය එකම පාසලකවත් ඔය බුලීස් ලා හිටියේ නෑ. රැග් තිබුනෙත් නෑ. නමුත් අපේ සමහර බැචාලා කැම්පස් ආවේ රැග් මාස්ටර්ලා විදියට!

      Delete
  21. මම වලියට බර පොරක් නෙවේ. - කතන්දර කුමාර

    ReplyDelete
  22. මාම්නම් අතට ඇත දිඉලා ඇවිත් සර් යනකම් ඉදලා අනික් පැත්තට කණ පැලෙන්න දීලා තියෙනවා .... දහම් පාසලේදී !!

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙද බං මඩොල් දූව වගේ උබත් මැලේ පැන්නේ.

      Delete
  23. පොඩි කාලෙ මටත් තිබුනේ යක්ශ පැටියෙක්ගේ මූඩ් එකක්.
    එක දවසක් මම හින්දා යාළුවෙක්ගේ ඔළුවත් පැලුනා.
    දැනුත් නම් මට තරහා යනවා බොහොම ඉක්මනින්. ඒත් වැඩිම පැයක් යනකොට මම කූල් වෙලා. පටස් ගාලා ගිහින් කාගේ වරද වුනත් සමා වෙන්න කියන්නත් මම පෙළඹෙනවා. සමාදාන සාකච්චා නම් ඉතින් කොහෙන් ගියත් අන්තිමට මම තමයි පටන් ගන්න ඕනේ... ;)

    ReplyDelete
  24. ඉස්කෝලෙ ඇරෙනකං ඉවසන්නෙපැයි කකා !!

    දෙනවනෙ ෂෙල් බෆර් ගලෝල යන්න !

    තාම පරක්කු නෑ !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මචෝ පත්තරේ පොඩි කොමන්ටුවක් දැම්මා. ඒත් පස්සේ ඒක මොකටදෑ කියලා හිතුනා. ඒ හින්දා ඒක මංතුමාම මැකුවා.

      Delete
    3. අපේ කකාට ගරු කිරීමක් ලෙසට !!

      නැද්ද බං

      Delete
  25. මේ ලංකාවේ උසාවියක්ද අප්පා... මානූෂීය උසාවිත් තියනව කියලා ඇහුවමයි.....

    ReplyDelete
  26. මේ වැඳිල්ල ඕන එකටයි එපා එකටයි හැම එකටම ගාව ගෙන වැඳීමේ තියෙන වටිනාකමත් වර්චස් කරලා! අද ෆොටෝ එකක් තිබුනේ ට්‍රැෆික් පොලිස් කාරයෙක් තව එකෙකුට වඳිනවා!

    ReplyDelete
  27. චැක්, මේ පෝස්ටුව දාද්දි 6:59 යි. අද ටයිම් ටේබල් එක වෙනස් කොරලා අංකල් කෙන්ජිට චෑන්ස් එක අරන් දීලා.

    ReplyDelete
    Replies
    1. අපේ කෙන්ජි අපිට සලකන්නෙ එහෙමයි !!

      Delete
  28. මෙතන ගුරුවරය කරල තියෙන්නෙ සමත මන්ඩල සීන් එක.පොලිසියෙ රාජකාරිය තමයි නිතිය හා සාමය රැකීම.එතකොට සාමදාන කිරිම එයාලට අයිතියි.හැබැයි බල කිරිමක් කරන්න ඔය කාටවත් අයිති නැ.මෙ ගුරුවරය එක කරල නැ මම හිතන්නෙ.

    ReplyDelete
  29. kakata

    one widyata

    ReplyDelete
  30. what
    is
    this
    nonsense

    ReplyDelete
  31. kaka
    bangawewa
    kakata
    jayawewa.
    ho ho
    baduma thama
    ko
    puka
    choo.

    ReplyDelete
  32. pahala linkuwa balanna
    P%@*& G^%#@ %@# C&@%
    shoi neda

    ReplyDelete
  33. who is this stupid rascal

    ReplyDelete
  34. http://www.lankaenews.com/Sinhala/news.php?id=23825 කකා......මේ වැඳිල්ල තියෙන්නේ මොන නීති පොතේද? වැඳුම් ගන්න එව්වොයි, බලන් ඉන්න එව්වොයි,වඳින එව්වොයි....ඔක්කොම පොන්න පොලිස්....

    ReplyDelete
  35. කොහේ හරි අවුලක් තියෙනවා .එතකොට වම් කම්මුලට ගැහුවාම දකුනු කම්මුලත් අල්ලන්න කියලනේ තියෙන්නේ!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.