Saturday 15 June 2013

කැලැන්ඩර් දාහතර, අවුරුදු විසි අට සහ මඩ පුවක් ගඳ - Regurgitation, oh, yum!


මේක අමුතුම කතන්දරකාරයක්!

දන්නවද අපි 2002 කැලැන්ඩරයක් පරිස්සම් කරලා අරං තියාගෙන හිටියා නම් මේ අවුරුද්දෙත් (2013) පාවිච්චි කරන්න තිබුණු බව?

දැන් පවතින කැලැන්ඩර ක්‍රමය අනුව අපිට ඕනෑ කැලැන්ඩර් දාහතරක් විතරයි. ඒ සෙට් එක හැම අවුරුදු විසි අටකටම පාරක් රීපීට් වෙනවා. සමහර කැලැන්ඩර් තුන්පාරක්, සමහර ඒවා දෙපාරක්, නමුත් සමහර ඒවා ඒ විසි අටේ චක්කරේ දී එකෝම එක පාරයි එන්නේ.

මේ 2013 අවුරුද්දේ කැලැන්ඩරේ පරිස්සම් කරලා තියාගත්තොත් ආපහු ඒක 2019 දී පාවිච්චි කරන්න පුළුවනි!

නමුත් ලංකාවේ සමහර දේවල් ගැන හිතන කොට නම් ඒ විදියට අවුරුදු ගණනාවක් යන්න ඕනෑ නෑ වගේ. ඒවා එක්කෝ ඊට වඩා කලින් රිපීට් වෙනවා. නැත්තං එකම තැන පල්වෙවී තියෙනවා.
බලන්න මේ අයිටම් එක!

       "රජය 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමට හෝ එය ඉක්මවා යන බලය බෙදීමකට යාමට උත්සාහ කළහොත් ජාතික හෙළ උරුමය රජයෙන් ඉවත් වන බවට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් පක්ෂයේ ප්‍රධාන ක්‍රමෝපාය විශේෂඥවරයා වන පරිසර ඇමති චම්පික රණවක ඊයේ නිකුත් කළේය.

රජය තුළ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විරුද්ධ වශයෙන් කණ්ඩායම් දෙකක් ප්‍රබලව ඉස්මතු වී තිබේ. 1987දී ඉන්දීය බලපෑම මත ක්‍රියාත්මක කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988දී පළාත් සභා පිහිටුවන ලදී. එහෙත් ඉඩම්, පොලිස් බලතල වැනි පූර්ණ බලයක් තවමත් පළාත් සභාවලට ලබා දී නැත.

හෙළ උරුමය‍ට අමතරව ජාතික නිදහස් පෙරමුණද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නැඟීම ආරම්භ කර තිබේ. එම පක්ෂය හා සම්බන්ධ දේශහිතෛෂී ජාතික පෙරමුණ විසින් ජුලි 07දා ‍කොළඹදී සම්මන්ත්‍රණයක්ද සංවිධානය කර තිබේ.

රජය තුළ මේ වන විටත් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව බලවේග ඒකරාශී කිරීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බවද, ඇල්වතුර පවා නිවා බීමට පරිස්සම් වන බොහෝ ඇමතිවරු මේ පිළිබඳව නිහඬව පරීක්ෂාවෙන් සිටින බවද, දෙස් විදෙස් බලපෑම මත බලවත් වන පාර්ශ්වය අනුව ඔවුන්ගේ ස්ථාවරය තීරණය වීමට ඉඩ ඇති බවද සැළයි.
"

මේක කියවා ගෙන යනකොට හිතෙන්නේ මේ අද හෝ හෙට පත්තරේකින් ගත්තු නිවුස් එකක් කියලා නේද?

නමුත් ඇත්තටම මේ කතාව හරියටම අවුරුදු හතරක් පරණ එකක්.

මං වැරදිලා වගේ ගොඩවැදිලා මේක කියෙව්වේ බ්ලොග් එකේ පලවෙලා තියෙන පස්වෙනි ලිපියෙන්. දිනය 2009 ජුනි 30. මගේ බ්ලොග් එක පටන් ගන්න දවස් එකොළහකට කලින්.

මෙන්න සම්පූර්ණ ලිපියට පාර: http://www.w3lanka.com/2009/06/13.html

ඔය කියන 13 විරෝධී සම්මන්ත්‍රණය 2009 ජුලි හත් වෙනිදා තිබිලා තියෙනවා. මෙන්න ඒ ගැන විස්තරයක්: http://www.divaina.com/2009/07/10/news21.html

මේ නිවුස් අවුරුදු ගාණකට පස්සේ රීපීට් වෙන ජාතියේ ඒවා නොවෙයි. මේවා එක තැන පල්වෙවී තියෙන ඒවා!

තව අවුරුදු කීපෙකින් ඇවිත් බලන්න කෝ. මේ ගොල්ලෝ ඔය බයිලේම කිය කියා ඉඳීවි.

අපි නං කියන්නේ මෙන්න මේ බයිලාවයි.

අප විතරද එක තැන කැරකෙන්නේ
අප පසුකර ලෝකය දිව යන්නේ

ආජු තපර ලාහිලා!


-කතන්දරකාරයා

78 comments:

  1. දැනගෙන හිටියෙ නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. මේ කෙන්ජියා බුදියන්නේ කකා එක්කද මන්දා. මූ හමදාම එක වෙනවා නෙහ් !!

      Delete
    2. මෙමෙයි කෙන්ජි,

      ජනවාරි පලමුවෙනිදා සතියේ දින හතෙන් එකක් වෙන්න ඕනි නේ. එහෙම නං ඕනෑ, කැලැන්ඩර් හතයි. නමුත් අධික අවුරුදු කේස් එක හින්දා පෙබරවාරි මාසේ දවස් 28 එක්කයි, 29 එක්කයි වර්ග දෙක ගානේ ඕනෑ වෙන හින්දා කැලැන්ඩර් දාහතරයි අවශ්‍ය.

      නමුත්, අධික අවුරුද්දක් එන්නේ අවුරුදු හතරකට සැරයක් නිසා සයිකල් එක අවුරූදු විසි අටකට පාරක් කැරකෙනවා.

      (මට මකත විදියට හැම අවූරුදු 400 කට පාරකුත් මේක වෙනස් වෙනවා).

      Delete
    3. නෙද්දකින් මූ අද එක වෙලා නේ !!!

      Delete
    4. විස්තරයට ස්තුතියි කකා!.

      Delete
    5. @ඇනෝ 8:37AM ;
      6:08am සහ 8:37am කොච්චර වෙනසක් තියෙනවද?
      ලංකාවෙ ඉදල එක වෙන්න බැරි වෙයි.
      ලංකාවට පැය දෙක තුනකට කලින් පුකට ඉර එලිය වැටෙන රටකට ගිහිල්ල "මම 1ක "වෙන්න බලන්න.

      Delete
  2. මඩ පුවක් ගද හොදයි කියල හිතෙනව,සම හරක් කියන පල් වෙන කතා ඇහැව්වම.

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් දැම්මා ඇතිනේ. දැන් ගිහින් ඊලඟ පෝස්ට් එකට ආවම ඇති.

      Delete
  3. kaka man 1 hureeee

    ReplyDelete
    Replies
    1. මං සාමාන්‍යයෙන් උදේ හයට තමයි පොස්ට් පලවෙන්න සෙට් කරන්නේ.

      ඒත් සමහර දවසට මිස්ෆයර් වෙනවා. මේ කතන්දරේ මතකද?

      ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය - Misfired!

      Delete
    2. කකාට මිස් ෆයර් වෙන්නේ නෑ. මිස් ෆයර් වෙන්නත් අප් වෙලා ඉන්න එපැයි....හී...හා...හු...

      Delete
  4. ඔහේගේ මතකය නම් මල් මසුරන්... මෙයාලා ආන්ඩුවෙන් අස්වෙලා කොහේ යන්නෙයි. ඉන්දියාවේ තමයි යන්න වෙන්නේ. මුළු පක්ෂෙම ජීවත් වෙන්නේ මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න.

    ReplyDelete
    Replies
    1. මඩ පුවක් ගඳයි මාතලනුයි කියන්නේ එකට යන දෙකක් නේ. අයේ ඒ දෙක වෙන් කරනවා බොරු

      Delete
    2. එහෙම කියන්න එපා මාතලන්. මේක අර තිලක් කරුණාරත්න සාංඝීක කරලා පුජා කරපු පක්‍ෂයක් නේ.

      Delete
  5. ඔබ අර තැනක කියල තිබුනා වගේ ලෙඩේට බෙහෙත් අවශ්‍ය තැනට දෙන්නෙත් නැහැ. ඒ වගේම ලෙඩක් නැති, බෙහෙත් අනවශ්‍ය අයට බෙහෙත් දුන්න කියල වැඩක් වෙන්නෙත් නැහැ. කැලැන්ඩර් විතරක් නොවේ, ඔය ජාතික පත්තරත් ඉතුරු කරගෙන පසු කාලෙක කියවන්න පුළුවන්. උදාහරණයකට පසුගිය වසරේ සුලිසුළං ගැන ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හැඟෙවුවෙත් නැහැ. එදාත් දුප්පත් ධීවරයන් දියඹට ගිහින් මළා. ඉන් අවුරුද්දකට පමණ පසු, ආයිත් සුළි සුලඟක් ආවා. අනිත් ටික අර කලින් ප්‍රවුර්තියම තමා.

    ReplyDelete
    Replies
    1. ඔළුවෙ නොවේ කකා, නළලෙ සිද්ධාලේප ගාන්නේ

      Delete
  6. මටත් මේ බ්ලොග් එක කියවනකොට මඩ පුවක් මුට්ටියක ගඳ දැනෙන්නේ.
    මම අද 1 ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔහේ මඩකරියා වගේ මඩ ගොඩටම ඇදෙන්නේ.

      හෙටත් එන්න.

      Delete
    2. අජපල් පෝස්ට් එකකට දාන්න ඕන මේ වගේ කමෙන්ට් තමයි කකා.
      -මම එක ඇනෝ-

      Delete
  7. අපෝ මඩ පුවක් හරි ගදයිනේ අප්පිරියාවේ බෑ එයිට හොදයි බොම්බිලි කරවල ...

    -හුරතල් ඇන්ටන්-

    ReplyDelete
    Replies
    1. උබ බොම්බිලි මතක් කරපු නිසා කකා දවසක් බොම්බිලි කරවල උයපු පෝස්ට් එකේ ලින්ක් එක දායි !!

      Delete
  8. කකා පෝය ටික ගාණට ප්‍රයිම් ෆැක්ටරයිසේෂන් (Prime Factorization) වෙනවද ..? එතැනදී තමයි මන් හිතන්නේ නොගැලපීම එන්නේ..අනිත් දේ තමයි අවුරුදු 75 / 73 කට පාරක් අපි සූර්යා දෙසට හැරෙනවා.. පෘතුවියේ spinning එක නිසා එහෙම වෙන්නේ ..උත්‍රාත්ද්‍රවය ටිකෙන් ටික සූර්යා දිහාට හැරෙනවා..ප්‍රතිපලය තමයි සෑම වසර 75 කටම වරක් ඍතුවකට දවසක් ගානේ අඩු වෙමින් යෑම..සියවස් ගාණක් ගිය තැන ශීත ඍතුව හා ග්‍රීෂ්ම ඍතුව මාරු වෙනවා...

    කොහොම හරි පෘතුවියේ කොමන් ඩීවිසිබිලිටි එක අවුරුදු 25,850 ...අනිවාර්යෙන් අවුරුදු 25,000 කට වරක් පෘතුවිය රීසෙට් වෙනවා ...

    ReplyDelete
    Replies
    1. හොඳයි එහෙනං සහන් මේ අවුරුද්දේ කැලැන්ඩරේ අවුරුදු 25,000 ක් තියාගෙන බලන්න හරි ද කියලා!

      හැබැයි දහතුන ගැන වාදය නම් එදාටත් තියෙයි!

      Delete
  9. අද කතාවට නම් මම ආස නෑ කකා. අද තෝරන්න පින්තූරයක් නෑ නේ.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය දාලා තියෙන එක ඔයැයිට තේරුණාද?

      Delete
  10. අද පෝස්ට් එක නම් මල් හතයි කකා ! ඒ වගේම පෝස්ට් එක මාර රහයි බං
    දැනුම සාගරයක්. මෙච්චර කල් නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා... !!
    දිගටම මේ වගේ පෝස්ට් ලියන්න කකා. අනිවාර්යෙන්ම අපි කියවන්න එන්නම් :)

    ReplyDelete
    Replies
    1. හා මචං!

      මේ වගේ කමෙන්ටු නැද්දැයි අසන එක්තරා ඇනෝ කෙනෙකු වෙනුවෙන් මා මෙය බුක්මාක් කර තබා ගන්නම්!

      Delete
    2. අන්න මචං කකා උබටත් මට හිතුන දේම හිතිලා

      Delete
  11. අද නම් ඇඟට දැනෙන්නම ලියලා තියෙනවා කකා. එලෑ එලෑ.

    ReplyDelete
    Replies
    1. හා මචං!

      මේ වගේ කමෙන්ටු නැද්දැයි අසන එක්තරා ඇනෝ කෙනෙකු වෙනුවෙන් මා මෙය බුක්මාක් කර තබා ගන්නම්!

      Delete
    2. අන්න මචං කකා, ආයෙත් උබට මට හිතුන දේම හිතිලා

      Delete
  12. හැමදාම ඔඩු දුවන එකම ගැටලුව. මේ රටේ පාළන බලතල දෙමළ මිහිහාටත් දෙනවද නැද්ද යන්න. එහිදි ජාතිවාදි බලවේග මේ දේට කවදාවත් කැමතිවෙන්නේ නැ. ඒත් ඉන්දියාව පෙරටු කොටගෙන බටහිර අධිරාජ්‍යවාදීන් දෙමළ යනයාට ස්වයං නීර්ණ අයිතිය දෙන්න බල කරනවා. ඉන්දියාව ඒ බල පෑම කරන්නේ එයාලගේ ස්ථාවරත්වයට. තමිල්නාඩුවේ ශක්තිය ඒ අය ලබා ගන්න. බටහිරයන් මේ බලපෑම කරන්නේ අපේ භූමියේ වටිනකම ඒ අයට වක්‍රව ලබාගන්න.
    ඒත් අපේ රටේ පාලන බලය ලබාගන්නා කෙනාට මේ හැමදේටම කන් දෙන්න වෙනවා. බලය බෙදා හරිනවා කිවුවොත් දකුණේ ජාතිවාදීබලවේගවල ජන්දය නැතුව යනවා. එවිට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. ඉතින් උන් එක්ක ආණ්ඩු පිහිටුවාගන අනාගන්නවා.
    මෙතැනදී කළ යුත්තේ එකම දෙයයි වෙන මොනම කොන්දේසියක්වත් නැතුව බලය බෙදනවාට කැමතිද නැතිද යනුවෙන් ජනමත විචාරණයකට යාමයි. එයින් ජයගන්නා වැඩි මතයට අනුව කටයුතු කිරීමයි. එම මතයට විරුද්ධව පසුව කිසිම උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පැවැත්වීමට නොහැකි ලෙස වගන්ති ඇතුළත් කොට ජනමත විචාරණය පැවැත්විය යුතුයි.
    පත්වන කිසිම නායකයෙක් කැමති නැ රට වෙන් කළේ තමා යැයි ඉතිහාසයේ නරක නාමය ගා ගන්න.
    ඒ වගේම තමයි අපේ නායකයන් හැම දෙනාම වගේ මේ විදියේ සෘජු ජනමත විචාරණයකට යන්නෙත් නෑ. ඒ මන්ද යත් එවන් මතයකින් පසු තමන්ට බලය ලබාගැනීම ගැටලුවක් වන නිසා. ඔන්න ඔය හේතු නිසා තමයි මඩ පුවක් ගද එන්නේ.
    දෙකෝටියටක් ජනතාවක් එකවර සැනසිය නොහැකියි. අඩුම තරමින් වඩාත් වැඩි පිරිසක් කැමති දේ ක්‍රියාවට නැංවිය හැකියි.
    බලය බෙදමුද නොබෙදා මේ විදියට යමුද?

    ReplyDelete
    Replies
    1. අනේ නලීන් ඔය බටහිර බලවේග ගෝනි බිල්ලෝ කතාව නං නිකං ජෝක් එකක් විතරයි. ඕවා නිකං ලෙමන් ෆෆ් කතා!

      දැන් අර සහෝදර පස්සේ කෂ්ටිය පොට්ටනියක් ගේනවා කියනවා නේද, බලමුකෝ ඒක දිග හැරියාම!

      Delete
    2. චිනයට අපේ භූමියේ කදවුරක් හදන්න අමෙරිකාව ඉන්දියාව ඉඩ දෙයිද? ආසියා කලාපයේ ඉන්න දුර්වලයන්ගෙන් හොදම භූමිය ඇත්තේ අපට. ඉතින් මේ දුර්වලයාගේ භූමියට ඇහැ ගහගන ඉන්නේ බටහිර. අමෙරිකාව කවදාවත් කෙළින්ම අපට බලපෑම් කරන්නේ නැ. ඒ බලපෑම එන්නේ ඉන්දියාව හරහා. අපත් කරන්නේ අමෙරිකා ඉන්දියා කෙනිත්තිලිවලට උත්තරය ලෙස චීනය ළං කර ගැන්ම. මේ අපේ රාජ්‍ය නායකයන් මුහුණ දෙන ගැටලු. මේ මොනවත් ගැටලු නෑ අමෙරිකාව කියන විදියට ඉන්නවනං.

      Delete
    3. ලේක් හවුස් එකේ වැඩ කරන එකෙක් ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකිද කකෝ?

      Delete
  13. කාකත්හොයාගන්නේ මම පුදුමාකාර දේවල්නේ .

    අප විතරද එක තැන කැරකෙන්නේ
    අප පසුකර ලෝකය දිව යන්නේ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ!

      Delete
    2. Frogs in the well think that everyone outside the well conspires against the well. well well .....

      Delete
  14. ඔන්න අද ධීවර ඇමති කියනවා 13 අකුරක් හරි සංශෝධනය කළොත් ඇමතිකමෙන් අස්වෙනව කියල...එහෙම වුණොත් නං විශාල ප්‍රශ්නයක් නේද කකා

    ReplyDelete
    Replies
    1. ලගකදී ඉදල හුගක් ඇමතිල "සිරි සඟ බෝ"වෙලා.
      සිරි පැරකුම් දෙස බලනවද දන්නෙ නැහැ.

      Delete
    2. එහෙම වුනොත් මාලු මිල අඩුවෙයි!

      Delete
    3. එහෙම වුනොත් රට ආයෙ කාලකන්ණි වේවි. ගැහිලි නවත්වපු තැන ඉඳල වැඩ පටන් ගත්තැහැකි. මල් හතයි ඈ. මඩ පුවක් ............

      Delete
  15. චම්පිකගෙන් ඇහුවොත් කියයි 'අනේ එදා මං එහෙම එකක් කිව්වයි කියලා මට මතක නෑ' කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැන් නින්දෙන් ඇහැරිලා තියෙන්නේ.

      අපියි අපිත් නිදාගෙනයි හිටියේ!

      Delete
  16. මා හිතවත් ඇනෝවරුන් සහ ඇනොච්චියන් ගෙන් කාරුණික ඉල්ලීමක් කරමි.
    මං කියන දේ අහනවදෝ...ඕ..ඕ...ඕ...ඕ...ඕඕඕඕඕ............
    අද දින සිට නැවත පැමිණ ඇති කවිකාරි තුමියව සාදරයෙන් පිලි ගනිමු.
    මින් මතු ඇයට පරිභව නොවන අයුරින් කිසිවක් නොලියමු.
    අප ඇයට වියට්නාම් ගමන ගැන ලියන්න කියා කරුනාභර මුඛ වලින් පවසමු.
    ඇනෝවරුන් වන අප ඇයට දිරිය මවක් සේ ඉදිරියට යාමට ශක්තියක් වෙමු.
    අප ඇයව ආරක්ෂා කිරීමට සංවිධානයක් ගොඩ නගමු..

    ReplyDelete
    Replies
    1. කවිකාරී කියන්නේ කවුද? කවි ලියන කෙනෙක්ද?

      Delete
    2. කකා කවිකාරිව නොදැන ඉන්න හැටියක් නෑ.ඒත් කවිකාරිව මා දැනගත් දවස ගැන මෙන්න ලිංකුව කැමතිනං විතරක් පබ්ලිෂ් කරන්න. නොකළත් කමක් නෑ. http://samakayawate.blogspot.com/2013/01/blog-post_29.html

      Delete
    3. අමතක වුණා ඇයගේ පොස්ටුවක ඔබ මහදුරු කෙනෙක්ට නිගා කළා යැයි ආරෝවක් ද තිබුණේ ඇය සමගනේ. අනේ කකා බබා. මාත් ඇඳගත්තා. අයියෝ සල්ලි.

      Delete
    4. ඇයි මතකම නැද්ද?
      එක පාරක් ඔයාට බ්ලොග් එකේ මැන්ටල් කමෙන්ට් දාන්න ගිහින් කක්කා යන්නම දීලා ඇද්ද කෙනා. හනේ කතන්දර ඔයා බබා.

      Delete
    5. ඇදුරු නයා ගැන නේද කියුවේ....

      Delete
    6. ඔහොම එන්නකෝ, කවිකාරී කිව්වාම කවුද දන්නේ? මං හිතුවේ කවි ලියන කෙනෙක් කියලා. දැන ්කතන්දරකාරයෙක් කියන්නේ කතන්දර ලියන කෙනෙක් වගේ.

      ඔය කියන බ්ලෙග් එකේ කවි තිබුණාද? මට නං මතක නෑ ඇය කවි ලියන කෙනෙක් හැටියට.

      Delete
    7. නලීන් ඔය කියන්නේ අර පෑඩා ට මං පෑඩා කිව්වාය කියන කේස් එක නේද?

      දැන් ඔය බ්ලොග් එක වහලා හින්දා ඒ ගැන නැවත මතකය අළුත් කරගන්න බෑ.

      Delete
    8. කෙනජි ද ආරක්ෂා කිරීමට සංවිධානයේ සභාපති. අපොයි ..........!!!!

      Delete
    9. අනේ නැහැ.මම පැත්තක ඉදල ඔබලා ඉල්ලුවොත් විතරක් උපදෙසක් දෙන්නම්.සියලු නිලතල ඔබලා භාර ගන්න.

      Delete
    10. එතකොට නලින් ද කවි කාරි ආරක්ෂක සංගමයේ ලේකම්. මරුවට හිටීවි........................

      Delete
    11. නලියට කෝටියක් වැඩ අස්සෙ මේව බැහැ පැටියලා.
      ඇනෝ ලටම තමයි මේක එකමුතු වෙලා කරන්න පුළුවන්.
      මම පිටු පසින් ඉදල සප් එක දෙන්නම්.කිසි දෙයකට බිය නොවන්න.රෝම කුපයකට අනතුරක් වෙන්න ඉඩ නොතබමි.

      Delete
    12. හැක් හැක් ආරක්ෂක සංගමයට මරු ඩබල එක් වෙලා තියෙන්නේ.

      Delete
    13. ඔව් ඇනෝ සහෝදර වරුණි,ඊයේ මාරයා ගෙ ලිපියට අමතරව අද දින හැලපගේ ලිපියටත් කොමන්ට් දමා තිබෙනව.එම නිසා ඔබලා විසින් එතුමියට දෙන සහයෝගය පිළිබද වචන කීපයක් සදහන් කරන ලෙස කරුනා පෙර දැරිව ඉල්ලා සිටිමි.
      (කරුනාකර මෙය විහිළුවක් නොවන බව සිතන්න)

      Delete
  17. ඇදුරු තුමිය.

    ReplyDelete
  18. ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිදගේ කතා වස්තුව.

    ReplyDelete
  19. මම කියන්න හිතපු දේ සහන් කියල, පෝය දවස් වෙනස් වෙනවානේ.

    මොනව උනත් චම්පික ගේ ඇමතිකම නම් දෙපාරක් වෙනස් වෙලා නේද මේ වෙනකොට.
    පරිසර - විදුලිබල - තාක්ෂණ?? මොකක්ද මතක නෑ මට

    ReplyDelete
  20. උඩින්ම තියෙන පද පේළි දෙක නම් රත්තරං

    ReplyDelete
    Replies
    1. එහෙනම් හෙට්ටිවීදියටවත් විකුණගන්න.

      Delete
  21. කකා & comපැනි ඔබ ලියු ලිපිය දමන්න.

    ReplyDelete
    Replies
    1. ඒක පස්සේ මෙඩිෆයි කරලා ගන්නම්.

      ඔන්න මේ දැන් වෙන කතන්දරයක් දැම්මා!
      http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html

      Delete
  22. කතන්දරයා වගේ පෙරේත මනුස්සයෙක්..කැලැන්ඩරයක් සල්ලි දීල ගත්තත් වැඩිම රුපියල් සීයක් වෙයි..ඒක අලුතින් අරගන්නෙ නැතුව කතන්දර ආතා ඒවා අරං තියාගන්නවා කැලැන්ඩරේ රිපිට් වෙන නිසා...හයියෝ සල්ලි..

    ReplyDelete
  23. CALENDER KATHANDARA KESE WETATH, MADA PUWAK GANDANAM DAWAS 2N 2TA ENAWA.

    ReplyDelete
  24. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 72
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 13
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 19
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28

    ReplyDelete
  25. මට නම් නිවුස් එක ක්ලික් උනා “පරිසර ඇමති“ කියල තිබුනු හින්දා. නැත්නම් ඉතින් එම ම තමයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.