Friday 28 June 2013

සීනි නැතුව තේ බොන්නම් - කෑම නැතුව හුලං කන්නම් : Only a Sri Lankan can do this?


පරම්පරාවකට දෙකකට කලින් 1975 විතර කාලේ ලංකාවේ තිබිලා තියෙන්නේ සිරිලංකා, කොමිනිස් සහ සමසමාජ සභාග ආංඩුවක්.

මේ දවස් වෙන කොට ලංකාවේ පොඩි දුර්භික්‍ෂයක් වගේ එකක් ඇවිත් කෑම බීම හිඟයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව, පිටරටින් බඩු ගෙන්වීම අන්තිමට සීමා කරලයි තිබිලා තියෙන්නේ.

මං කලින් කතන්දරේක කිව්වා වගේ ඉල්ලුමේ තරමට සැපයුමක් නැති වුණාම සාමාන්‍යයෙන් නම් බඩු මිල වැඩිවෙනවා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා මිල පාලනය ද අරක ද මේකද දැම්මාම වෙන්නේ කළු කඩ බිහිවීමයි.

මේක වලක්වන්න ආණ්ඩුවට වෙනවා තියෙන සොච්චම සලාක ක්‍රමයට බෙදල දෙන්න හරියට යුද්දෙ කාලෙක කරනවා වගේ. ඒ එක්කම කළු කඩ මැඩලන්න වැඩ කරන්නත් වෙනවා.

මේ කාලේ තිබුණු හාල් පොලු ආදිය ගැන බ්ලොග් අවකාශයේ ලියවිලා තියෙනවානේ.

ඉතිං, රටේ සීනිත් හිඟයි, හාලුත් හිඟයි. යුඇම්පී කාරයෝ සත්‍යග්‍රහ ආදී නොයෙකුත් අරගල කරනවා.

ඉතිං, ආණ්ඩුවට සපෝර්ට් කරන්න හිතපු සිරිලංකාකාරයෝ ඔය කාලේ තිබුණු මැයි දින රැලියකදී කියලා තියෙන සටන් පාඨයක් තමයි මෙන්න මේක.

සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිණිය ඔබ කියනව නම්
පිදුරු වුණත් අපි කන්නම්

ඔතන මැතිණිය කියලා කියන්නේ චන්ද්‍රිකා ඇන්ටිගේත් අම්මාටයි. එයා තමයි ඒ කාලේ රටේ රජකම් කළ රැජිණ!

මට ඔය කේස් එක මතක් වුනේ අද පත්තරේක කියවපු පොඩි නිවුස් අයිටම් එකක් දැක්ක වෙලේයි.

මේකේ කියවෙන්නේ අපේ ලංකාවේ පොරක් ගැනයි.

මූ නම් ඇත්තටම හැත්තෑවේ දශකයේ මුල කාලේ උපන්න එකෙක් වෙන්න ඕනෑ.

පොර කන්නේ අවුරුද්දකට දහපාරයි ලු. සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ හුලං බීලා! ඒ එක්කම හිරු එලියේ, හුළඟේ ආධාරයෙන්.

මෙන්න පත්තර කෑල්ල.



වැඩි විස්තර මෙතනින්.
http://www.thesun.co.uk/sol/homepage/news/4986338/man-survives-for-five-years-on-nothing-but-fresh-air.html

මේක තමයි ලෝකේ ආහාර හිඟයට හොඳම පිළියම.

කර්බි ඩි ලැනරෝල් වගේ අය තවත් මේ ලෝකේට බිහි වේවා!

-කතන්දරකාරයා

21 comments:

  1. කකා මොකෝ සීන් එක..වෙනදට පෝස්ට් දාන්නේ උදේට නේද....?

    ReplyDelete
  2. සුද්දොත් කටවල් ඇරගෙන මූ කියන බොරු අහන් ඉන්නව ඇති :D

    ReplyDelete
    Replies
    1. කර්බි ඩි ලැනරෝල් ඬැඩිය කන්නේ නෑලු. නිකමට වගේ ලෙමන් ෆෆ් එකක් විතර කනවාලු!

      Delete
  3. KANNE NATHIWA OYA KIYANA VIDIYATA JEEWATH WENAKOTA CHOO, JEE, PADA EHEMATH YANNE NATHIWA ATHI NEDA.

    ReplyDelete
    Replies
    1. හුලං බොන එකෙක් වාතය පිට නොකර හොහොම ඉන්නද කැපිටල් ඇනෝ අංහල්?

      Delete
  4. Schizophrenia කේස් එකක්නේ.එවන්ඩකෝ මිනිහව 59 වාට්ටුවට.ගොඩදාන්ඩ පුළුවං මගෙ හිතේ.නැත්තං මිනිහව යොමු කරන්ඩ සූරියප්පෙරුම අංකල් ගාවට.අංකල් මිනිහව වර්ණනා කරලා අපිට කියලා දෙයි කොහොමද එහෙම ජීවත් වෙන්නේ කියලා.

    ReplyDelete
  5. ඇයි ලංකාවෙත් දරුණු උපවාසයක් කලේ. අපේ විමල් මැතිතුමා. හොඳ වෙලාවට ලොක්කා ඇතිත් තැඹිලි ටිකක් පොවලා ගොඩගත්තේ...

    මේ නොකා ඉන්න හැටි ගැන. දන්නෝ දනිති..

    කොහොමත් අදත් ඒ 70 යුගය කරා සීඝ්‍ර ගමන් කිරීමක් තමයි තියෙන්නේ...

    ReplyDelete
  6. කකාට මිස්ෆයර් එකක් සිද්ධ වෙලා වගේ. වෙනදට උදේ දාන පෝස්ට් එක අද හවස දාලා.
    මම 1ද මන්දා?

    මම එක ඇනෝ

    ReplyDelete
  7. බැලුවම ලංකාවෙ විමලය වාගෙ එව්වොත් ඕස්ට්‍රේලියාවෙත් ස්ථිර පදිංචිය අරං ඉන්නවනෙ.

    ReplyDelete
  8. හෑ....Taboo ඇමරිකාවේ TV show එකක් කරනවද? :-)












































    ReplyDelete
  9. ඒකීය පුද්ගලයාගේ කැමැත්තන් සහ සමාජයේ කැමැත්තන් යනු ප්‍රධාන අරගලයකට තුඩු දෙන දෙපැත්තක් යැයි කීම දුර්මතයකි. සමාජය යනු ඉලක්කයන් සපුරා ගනු පිණිස එකිනෙකාගේ සහයෝගයෙන් වැඩ කරන පුද්ගලයන් සංකලනයකට කියන තවත් නමක් පමණි.

    මම මගේ අරමුණු සාක්ෂාත් කරගන්නට වෙහෙසෙනවා මෙන් ඔවුන් ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නට වෙහෙසෙති.

    මගේ තුච්ඡ ආශාවන් නිසා වෙනත් කොතරම් පුද්ගලයන්ගේ ඉලක්කයන් ඉෂ්ට වෙනවා ද?!!!!

    ReplyDelete
  10. මේ යන විදිහට රටක් විදිහටම අපිට ගිනස් රෙකොර්ඩ් එකක් තියන්න පුළුවන් වෙයි නොබෝ කලකින්ම .

    ReplyDelete
  11. SEENI NETHIWA TEA BONNAM, MIRIS NETHIWA HODI KANNAM, ( ETHAKOTA MIRIS POLU THIBUNA )

    ReplyDelete
  12. ඔය කියන කාලේ උග්‍ර රෙදි හිඟයකුත් තිබ්බා. UNP එකේ වේදිකාවේ ඔය කවිය වෙනස් කරලාකිව්වේ මෙහෙමයි!

    "සීනි නැතුව තේ බොන්නම්
    හාල් නැතුව බත් කන්නම්"

    මැතිණි අපට කියනව නම්
    රෙද්ද නැතිව අපි යන්නම්

    ReplyDelete
  13. මගේ කට සිනා නොවීය. :)

    ReplyDelete
  14. //පරම්පරාවකට දෙකකට කලින් 1975 විතර කාලේ ලංකාවේ තිබිලා තියෙන්නේ සිරිලංකා, කොමිනිස් සහ සමසමාජ සභාග ආංඩුවක්.//

    අපෝ ඔය කාලේ මතක් කොරන්න එපා.

    ReplyDelete
  15. “හුළං විතරක් ආහාරයට ගෙන ජීවත්වන්නෙක් වුවත් සම්පූර්ණයෙන්ම අනෙක් අයගේ හොඳහිත ගැන විශ්වාසයක් තබාගන්නේ නැතැයි,” ඇඩම් ස්මිත් විසින් ලොවට පෙන්වා දුන්නේ 1776 දී ඔහු ලියූ ජාතීන්ගේ ධනය නම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයෙනි. කර්බි ඩි ලැනරෝල් ද තමනට අවශ්‍ය දේවල් මිල දී ගන්නට තවත් අයෙක් වෙතින් හිඟාගත් මුදල් භාවිතා කරයි.

    කර්බි ඩි ලැනරෝල්ට ස්වාර්ථයන් මුදුන් පමුණුවා ගන්නට හැකියාවක් ලැබෙන්නේ සමාජ සහයෝගයෙන් පමණි. එහෙත් එය සමාජයේ වාසය කරන අනෙක් අය වෙනුවෙන් තමන් කරන පරහිතවාදී ක්‍රියා වලින් වැඩි පහසුවකින් ඉෂ්ට වේ යැයි වැරදි වැටහීමක් කර්බි ඩි ලැනරෝල්ට ඇත. මෙය වැරදි වැටහීමක් බව අත්දැකීමෙන් දත්තද අවබෝධයෙන් වටහා ගැනීමට උත්සාහයක් නොගන්නා අය බොහෝය. එහෙයින් පරහිතකාමීත්වය ගැන පාරට්ටු බාමින් සමාජ සහයෝගය කුමක් දැයි විමසා නොබලන අය බොහෝය.

    ReplyDelete
  16. ඊ ළඟ දවසේ දී හිතෙන් බැන බැන බඩුවක් ගන්නවා නම් එසේ කරන්නේ ඇයි දැයි මඳක් නැවතී හිතා බලන්න. එක්කෝ තව දුරක් ගොස් අඩු මිල ගණන් සොයා බලන්නට ඇති අකමැත්ත වෙන්නට පුලුවන. එක්කෝ අඩු මිලට ලැබෙන බාල බඩු වලට ඇති අකමැත්ත වෙන්නට පුලුවන. එක්කෝ හිතට හා පසුම්බියට ගැලපෙන බඩුව සොයන කාලය නාස්ති වෙනවාට ඇති අකමැත්ත වෙන්නට පුලුවන. එක්කෝ වෙන බඩුවක් ගෙදර එක්ක ගෙන ගියාම ගෑනි බනින නිසා වෙන්නට පුලුවන!!! නමුත් හේතුව කුමක් වුවත් ඒ බඩුව ගන්නටත් වෙන බඩුවක් තෝරා නොගන්නටත් හේතුව එයින් තමන්ගේ ඉලක්කයක් සාක්ෂාත් වෙන නිසාය. තමන්ගේ තෝරා ගැනීමට තමන් අකමැති වීම වෙනත් කාරණයකි. අකමැති දේවල් බොහොමයක් අනුන් කියන නිසා තෝරාගෙන කරන පිරිමි ලොව සිටීම ද වෙනත් කාරණයකි!!!!

    ReplyDelete
  17. කකා, ඔහේ හැම හතිලව්වක් ගැනම පොස්ට් දානවනෙ. කලින් සැරේ " කූරියා" කමෙන්ට් එක නිමිති කරගෙන මැන්ඩෙලාවත් වික්කෙ?

    මෙන්න නිමිත්ත: මීට පෝස්ට් දෙකකට කලින් කමෙන්ට් එකක්. මෙන්න ලියනව නං බලන අයට වැඩක් ඇති මාතෘකාවක්?

    //
    කකා මට ඇත්ත කියහන් මචං...
    ඔය ටීවී එකේ කියන විදිහට ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නැද්ද ?

    මේ රට යන විදිහට මේකේ ඉදලා හරි යන්නේ නෑ. එහෙන් බස් ගාස්තුයි විදුලි බිලයි වැඩි වෙලා. මෙහෙන් අත්‍යවශ්‍ය කෑම බීම වල මිල වැඩියි. එහෙන් දූෂණ මැරකම්. මෙහෙන් ගුරුවරු දන ගස්සන පාලකයෝ. මේවා බලාගෙන මේ රටේ ඉන්න අමාරුයි කකා. ඉන්න එක කෙසේ වෙතත් වේලක් ඇර වේලක් හරි කන බොන එක අමාරුයි.

    බෝට්ටුවෙන් නෙමේ නීත්‍යානුකූල විදිහට ප්ලේන් එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ රස්සා නැද්ද කකා ?

    මා ඔබෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.

    -පීඩාවට පත් ලාංකිකයෙක්.//

    ReplyDelete
  18. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 20
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 1
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 7
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 3
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 9


    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.