Friday 21 June 2013

පොඩි මෙව්ව එකක් ගැන මෙව්ව එකක් - I think you are in love!


දැන් ඔය ගද්‍ය සහ පද්‍ය කියලා ජාති දෙකක් ගැන අහලා තියෙනවා නේද?

පද්‍ය කියන්නේ නං ඉතිං කවි කියන එකනේ. ගද්‍ය කියන්නේ සාමාන්‍ය ලියවිල්ලටයි.

සමහර විට ඔය ගද්‍ය පද්‍ය ජාති දෙක අතර වෙනස හරියටම කියන්න බෑ වගේ. සමහර සටහන් ගද්‍යට වඩා ප්ද්‍ය වගේ. සමහර ඒවා පද්‍යට වඩා ගද්‍ය වගේ. මේවට ගද්‍ය කියන්නත් බැහැ, පද්‍ය කියන්නත් බැහැ, ගද්‍ය-පද්‍ය කියන්නත් බැහැ, පද්‍ය-ගද්‍ය කියන්නත් බැහැ.

උඩ මාතෘකාවේ මං මෙව්වා එකක්කියලා ලිව්වේ ඒ නිසයි.

කාලෙකට ඉස්සර දවස ගානේ පරිහරණය කරපු පරණ සටහන් පොතක් හම්බ වුණා අහම්බෙන් වගේ පොත් ගොඩක් අදින අතරේදී.

මේ ඒ පොතේ තිබුණු මෙව්ව එකක්.

මෙව්ව එකක් කියන්නේ මේ සටහන ගද්‍යත් නොවෙයි, පද්‍යත් නොවෙයි හින්දයි.

මෙන්න ඒ සටහන.

බැලු බැලු හැම අතම ලස්සනද පෙනෙන්නේ?
බැස යන හිරු ගේ, නැග එන සඳු ගේ, අහස වැසූ තරු රෑනේ?
උදේට කුරුළු ගී හඬ ඇහෙනවද?
දින සති වෙනවා තේරෙන්නේ නැද්ද?
ඒත් සති අන්තය නම් අවුරුද්දතක් විතර දිගයි නේද?

නිකම් ඉන්න වෙලාවලදී ලස්සන සිහින ලෝකවලට සිත පා වෙලා යනවා නේද?
යලිත් තිගැස්සී පියවි ලොවට එනවා නේද?
නමුත් ඒ සිහින සිනා පස්සෙත් සිතේ තියෙනවා නේද?
මං හිතන්නේ ඔයා ආදරයක බැඳිලා!
I think you are in love!

එකක් පස්සේ එකක් ගී මුවගට එනවාද?
වෙනදා නොදැණුනු තේරුම් ඒවා යේ තියෙනවා නේද?
ජීවිතයට ගීතයක් කියා හිතෙනවාද?
නොදැනුවත්වම ඔබ කවියෙක් වෙලාද?
මං හිතන්නේ ඔයා ආදරයක බැඳිලා!
I think you are in love!


-කතන්දරකාරයා

ප/ලි:
මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!

(image: http://myfbcovers.com/facebook-cover/quotes-sayings/when-you-are-in-love)

64 comments:

  1. කොයි කාලෙ ලියපු මෙව්ව එකක්ද?

    ReplyDelete
    Replies
    1. උබට කාලේ වැඩක් නෑ නේ. කවි ටික කියෙව්වනම් කමෙන්ට් කලා හෝ නොකලා ටැබ් එක ක්ලෝස් කරලා දාහන්.
      කවිත් කියවලා එනවා මෙතන ජාතකේ හොයන්ඩ.

      Delete
    2. කෙන්ජි,
      මේක ලියවුනේ අර කුච්, කුච් හෝතා හේ කාලේ!

      Delete
    3. කවුරුහරි දන්න කෙනෙක් කියනවද සැම්සුන්ග් ගැලක්සි S4 එකක ලංකාවෙ ගාන ??

      Delete
    4. ටිකක් ගණන් ඇති.
      ඇයි ඔයාට ඒකක් ඕනද?

      Delete
    5. //සැම්සුන්ග් ගැලක්සි S4 එකක ලංකාවෙ ගාන// Rs.110,000/=

      Delete
  2. සති අන්තය අවුරුද්දක් වගේ දිග බව තේරෙන්නෙ නම් පාසැල් යන කාලේ මෙව්ව එකක් සෙට් වෙලා ඉද්දි තමයි ඉතිං.

    ReplyDelete
    Replies
    1. නැහැ කෙන්ජි මෙයිට ටිකම් කාලෙකට ඉස්සෙල්ලා ඔය සටහනේ විදියටම මටත් හිතිලා තියෙනවා... සති අන්තය අවුරුද්දක් වගේ දිග බව මට තේරුනේ කාර්යාලය සති අන්තයේ නිවාඩු නිසා ...

      Delete
    2. ඇත්ත,කාලෙන් කාලෙට ඔය මෙව්ව එක මෙව්ව වෙනව චමිය,
      මම කිව්වෙ ලියුම් ලියාගෙන පව්ඩර්/ඩෙබියුටාන්ට් ඒවාට ඉහාගෙන පොත් අස්සෙ දාගෙන කල් මරපු යුගය.

      Delete
    3. කකාගේ මෙව්වා එක නම් මෙව්වා වෙන්නේ නෑ ලු දැන්.

      Delete
    4. පාසල් කාලේ පසු කාලේ වුනත් ටෙලිෆෝන්, මොබයිල්, චෑට් නැති කොට එහෙම තමයි!

      Delete
  3. කාලය අවකාශය නිරීක්ශකයාට හරියටම කියනව නම් නිරික්ශකයාගෙ මනසට සාපේක්ශයි කියන්නේ ඕකටනේ...

    කෙල්ලත් එක්ක ඉන්න පැය ගාන නිකං තත්පරයක් වගේ...හැබයි කෙල්ලගේ අම්මාගේ ඉන්ටර්වී එකේ විනාඩි කීපය පැය ගානක් වගේ.....අයින්සටය්න්ගේ සාපේක්ෂතාවාදය...

    ReplyDelete
  4. මේ නිකං පොඩි රිද්මයකට ලියපු ප්‍රශ්න පත්‍රයක්නේ..
    පද්‍යත් කොටස් දෙකකට ඉතා සරලව වෙන් කළ හැකියි සඳැස හා නිසඳැස ලෙසින්. ඔයාට කැමතිනං මේක නිසදැස කියන කොටසට දාගන්නත් හැකියි.

    ReplyDelete
    Replies
    1. නිසඳැස් කාව්‍යයක් සහ ගද්‍ය කාව්‍යයක් අතර වෙනසක් තියනව නේද?
      රිද්මයකට ලියන්නෙ ගද්‍යයක් තමයි හුඟක් වෙලාවට.
      අපේ සාහිත්‍යයේ තියනව නේද "සැහැලි" කියල ජාතියකුත්. මේක ඒව එකක්වත්ද?
      (තම තමන්ට කැමති විදිහට වර්ගීකරණය කරන්න බැහැනෙ පොදු සම්මතයක් තියන භාෂාවක් පාවිච්චි කරද්දි)

      Delete
    2. ඉතාම සරලව යන වදන යෙදුවේ ඒ සංකීර්ණ වර්ගීකරණයට නොයමින් හෙනහුරු.

      Delete
    3. එය බැලුවා. ඔබ හරි....

      Delete
  5. ගද්‍ය උණත්, පද්‍ය උණත්, ලියවිලා තියෙන දේවලින් ආදරෙන් බැඳිලා තිබුණු තරම නම් පේනවා....:D

    ReplyDelete
    Replies
    1. හිරුව ඇවිත් ද කකාගේ ගෙවල් පැත්තේ

      Delete
    2. ආහ්... නලිනුත් යටින් කමෙන්ට් කරලා තියෙන්නේ..

      Delete
  6. අම්මපා ඔහොම කේස් එකක් තිබුනා නේන්නම්... මම නම් ඔය නීතී රීතී සත පහකට සලකන්නේ නෑ...

    ReplyDelete
  7. මුල් පද ටික කියෙව්වහම මේ සින්දුම මතක් උනා....

    කණක මිණක තරුවක රුව නොපෙනුණි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මම ඔබ මා හා රැඳෙන තුරා

    මේ ගීතයේ කියන්නේ ඔය මුල් පද වලට විරුද්ධ අර්ථයක් නේද? මටත් හිතෙනවා, ආදරයෙන් බැඳිලා ඉන්නකොට ඉර හඳ තරු පායන එක ගැන වත්, කුරුල්ලෝ කෑගහන එක ගැනවත් නෝ අයිඩියා කියලා...

    ප.ලි.ය වෙනම කතාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. ආදරෙන් බදිලා ඉන්නකොට හැම වෙලාවේම, ඉර හඳ තරු පායන එක ගැන වත්, කුරුල්ලෝ කෑගහන එව්වා ගැන නොපෙනිම තියෙන්නේ නැහැ. උද හරණයක් විදියට, රෑට ගෙදරයනකොට අහසේ තරු දැක්කොත් එව්වා ලස්සනට පීනනවා. එතක්ට හිත හීන ලෝකෙට පාවෙලා යනවා, තරු ලස්සනට පෙනෙනන්ව, දවස ඉක්මනට ගෙවෙනවා..............

      Delete
    2. විරුද්ධ නෑ තිසර, එකම අදහස.

      Delete
  8. 'මගේ වෙලා මගෙ ලඟට වෙලා,
    මගේ ගැනම ඔබ හිතන නිසා,
    ඔබේ වෙලා ඔබ ලඟට වෙලා,
    ඉන්නම් ඔබේ විතරක්ම වෙලා'

    ආදරේ පෙරෙනවා නේද? :D:D

    ReplyDelete
    Replies
    1. පැණි බේරෙන ආදරේ.මට ගිය්යක් මතක් උනා.

      ඔබ මගේ වෙලා.
      මගෙ ලඟට වෙලා.
      නිවාඩු පාඩුවේ කියන්න.
      ආදරේ කියා. අදරේ කියා.

      Delete
    2. ඔබ මගේ වෙලා ,
      මගේ ලගට වෙලා ,
      නිවාඩු පාඩුවේ කියන්න
      ආදරෙයි කියා ...ආදරෙයි කියා ..

      ආදරේ පෙරිලා වැක්කෙරෙනවා නේද ?:D:D හික්

      Delete
    3. ඇයි මේක,
      ඔබ මගේ වෙලා
      මගෙ ලඟට වෙලා........
      නිවාඩු පාඩුවේ කියන්න
      ආදරේ කියා //

      වාක්‍යකින් කිව්වොත්
      ඔබ මගේ වෙලා මගෙ ලඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා

      Delete
    4. ඉස්සර දවසක කවුදෝ විචාරකයෙක් තදබල විවේචනයක් කරල තිබුන මේ කේස්එක ගැන. එයා කියන්නෙ අලුත් පරපුරේ නිර්මාපකයන්ගෙ, එලිසමය නැති කවි-නිසඳැස් ගද්‍ය විදියට ලිව්ව නං වඩා හොඳයි කියල.

      Delete
    5. හෙට අනිද්ද ආදරෙ පෙරාගන්න බැරිය පොඩ්ඩි ආදර සහකරු සමග.

      Delete
    6. හ්ම්ම්.. හ්ම්...

      Delete
    7. @පොඩි කුමාරිහාමි,

      කවදද මගුල් ගේ?
      කවදද ගොයින් එවේ?

      Delete
    8. AnonymousJune 21, 2013 at 8:55 AM & චමී4යූ~chami4u
      ඔහේලත් මං වගේමයි.

      Delete
    9. පෙරෙයි පෙරෙයි පොඩ්ඩියෙ...දැන් මඟුලත් ළඟයි නේද

      Delete
  9. නීති රීති තියෙන එක හොඳයි යම් මට්ටමකට..හැබැයි අනවශ්‍යවිදිහට නිර්මාණකරුවාව හිර වෙන දේවල් නම් අවශ්‍ය නැහැ...අනිත් එක නීති පිළිපැදීම පමණින් සැළලිහිණි සංදේශය , පරවී සංදේශය වගේ( තව උදාහරණ එමට ඇත ) අනර්ඝ නිර්මාණ බිහි කරන්නත් බැහැ...

    ReplyDelete
    Replies
    1. *****අනිත් එක නීති පිළිපැදීම පමණක් කළ පමණින් සැළලිහිණි සංදේශය , පරවී සංදේශය වගේ( තව උදාහරණ එමට ඇත ) අනර්ඝ නිර්මාණ බිහි කරන්නත් බැහැ...

      Delete
  10. ඔන්න අද නම් වෙනස්ම ආකාරෙයක ලිපියක්. හැමදාම ලියන චූ පඩ පුක් කතා වෙනුවට අද කයි කතන්දරයක්.
    කකාගේ කයිය පැහිලා කියලා මට හිතෙනවා.
    මම අද 1 ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. මොකෑ අද මේහැටි පරක්කු?

      Delete
    2. උඹ නැති දාට මම මේ බොග බලන්න එන්නෑ

      Delete
  11. පිස්සුද දෙවියනේ, කවුද කියන්නේ සති අන්තය දිගයි කියලා. මේ බලද්දී ඉවරයි. අර කවි-කතා ටික නම් අමුතු ගතියක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. විවාහ වී දරු මල්ලන් ලැබුනු පසු එහෙම තමා

      Delete
  12. කකාගෙ මෙව්ව එක හරිම මෙව්වයි....

    ReplyDelete
    Replies
    1. කකාගේ මෙවුවා එක දැක්කද ?
      දැන් නම් කකාගේ මෙව්වා එක මෙව්වා වෙන්නේ නෑ ලූ. වයසයි නේ.

      Delete
    2. මෙව්වා එක කවදත් මෙව්වා නේන්නම්, ඒකනේ මෙව්වා එකය කියලා කියන්නේ.

      Delete
  13. //නොදැනුවත්වම ඔබ කවියෙක් වෙලාද?
    මං හිතන්නේ ඔයා ආදරයක බැඳිලා!

    මේ පේලි දෙක නම් පට්ට !

    ReplyDelete
  14. අද කවි ටික නම් පට්ට කකා. මම දෙපාරක්ම රස වින්දා..

    ReplyDelete
  15. ++++++++++++++

    ReplyDelete
  16. නියම කවි සිතුවිල්ලක් කකා.

    ReplyDelete
  17. සුන්දරම මෙව්වා එකක්...මගෙත් තියෙනවා පොත් දෙකක් පිරෙන්න ඉස්කෝලෙ යන කාලෙ ලියපුවා...

    මට මේ ගීතය මතක් උණා...

    ගුමු ගුමුව වදුලේ ....... සිලි සිලිය සුළගේ
    මුණු මුණුව නදියේ..... කසුකුසුව ගගුලේ
    අදයි මට ඇසු‍ණේ.....

    ReplyDelete
    Replies
    1. මට ඔබේ කවිය දැක්ක ගමන් මතක් උනෙත් ඒ සින්දුව. ඒත් ඔය දාල තීන ක්ලිප් එකෙන් සින්දුවෙ අර්ථයටෙ වෙන්නෙ හානියක්. ඔබ විසි දැල බැලුවනම් මතක ඇති මොන තරම් සුන්දර විදියට මේ ගීතයෙ රාමු පෙළ ගස්සල තිබ්බද කියල.

      Delete
  18. මේක "මෙව්ව එකක්" කියල කිව්වොත් මේ දවස් වල අපේ රේඩියෝ චැනල් වල සිංදු කියල දාන සමහර ඒවට කියන්න වෙන්නේ ‍"මොකක්ද එකක්" කියලයි. සංගීත භාණ්ඩ වාදනය කරන නිසාම පමණක් සිංදුවක් කියල හඳුන්වනවා. මම උඩින් කමෙන්ට් කරල තියනව වගේ මේ වගේ නිර්මාණ වලට "සැහැලි" කියන්න පුළුවන් මං හිතන්නෙ.

    හැබැයි ගොයියො සැප්තැම්බර් මාසෙට තව කල් තියනවා. පොඩ්ඩක් ඉවසන්න හො‍ඳේ.

    ReplyDelete
    Replies
    1. මෙදා පාර නම් සාහිත්‍ය මාසේ නැතිවෙයි. කයි-කතන්දර හිඳිලා!

      Delete
    2. අම්මෝ
      මේ අවුරුද්දට කකාගෙන් අහපු හොදම නිවුස් එක.
      සැප්තැම්බර්වල මම බ්ලොග් නැති රටකට යන්න හිටියෙ.

      Delete
  19. MEWWA ARA EKA KALAYAK KOHETADA WELA INDAGANA KAI PADA BANDALA HASTHOPAKRAMAYEN ELIYATA GATHTHU, HI-BRID KAI PADA DA?

    ReplyDelete
    Replies
    1. කකාට දැන් හස්තෝප‍ක්‍රමයෙන්වත් කවි පිට කරන්න බෑ ලූ. පෑන කෙලින් වෙන්නේ නෑ කියන්නේ. පවු නේද කකා ?
      කකා ඉතින් වයසයි නේ.
      කකාට (කාව්‍ය) නශ්ඨකාමය ද මන්දා :)

      Delete
    2. මං හින්දා හොඳයි, මේ කමෙන්ටු පලකරනවා විතරක් නොවේ මොකුත් නොකියා ඉන්නවානේ.

      දන්නවා නේද, අර අල්ලපු බ්ලොග් එකේ එකාට මේ වගේ කතාවක් කිව්වනං බණින හැටි?

      http://kathandara.blogspot.com/2013/06/go-ahead-make-my-day.html

      !

      Delete
  20. කකා මෙන්න මේ දවස්වලට අහන්ඩ හොඳ විරිඳු බණ ටිකක්...
    මේ කාලෙට මේවා ටිකක්වත් අහලා බලන්ඩ....

    විරිඳු බණ

    ReplyDelete
  21. ගද්‍ය උනත් පද්‍ය උනත් නිසදැස් උනත් කමක් නැහැ ලස්සන අදහස් ටිකක්.ඒ වගේම හරි සරලයි :)

    ReplyDelete
  22. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 62
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 13
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 30

    විශේෂ සටහන - සංගණනය පමා උනේ මා උන රෝගයෙන් පෙලී සිටි නිසා බව කරුනාවෙන් සලකන්න.
    සංගණන ඇනෝ

    ReplyDelete
  23. මේවට කියන්නෙ නිසඳැස් කියල නේද? කොහොම වුණත් රසවත්...දැන් ඉස්කෝලෙ යන ළමයින්ගෙ නිර්මාණශීලී බව නම් ගොඩක් දුරට පිරිහිලා කියල මට හිතෙන්නෙ...එයාලට කාලය ගත කරන්න තියෙන කුම වැඩි යි..වෙන වැඩක් නැත්තං ෆෝන් එකෙන් ඇංග්‍රි බර්ඩ් ගහයි..වදන් පෙළක් අමුණන්න හිතේ හුරුවක් හෝ ලී කෑලි දෙකක් පුරුද්දන්න අතේ හුරුවක් බෝහෝ දෙනෙකුට නෑ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.