Saturday 26 January 2013

ගැලිය, එලියකන්ද සහ සත්ව හිංසනය - A shocking video


පොඩි කාලේ අපේ ගෙවල්වල බල්ලෝ, පූසෝ හිටියා, හැබැයි ඒ එක සතෙක්වත් දම්වැල්, ලණුවලින් බැඳලා, කූඩුවල දාලා හිටියේ නෑ. උන් ඔහේ නිදහසේ හිටියා. බල්ලෝ ගෙයින් පිට. පූසෝනම් ඇතුලෙත් පිටත් දෙකේම.

මං පූසෝ, බල්ලෝ වගේ සත්තුන්ට අකමැත්තක් නෑ. ඒ මොනවා වුනත් ඒ දවස්වල ම මං හිතාගත්තු දෙයක් තමයි කවදාවත් මගේ ගෙදරක සත්තු ඇති කරන්නේ නෑ කියන එක.

තාමත් අපේ ගෙදර සත්තු නෑ. රෝස බබාවත්, පුතු පැටියාවත් බලු පැටව්, පූස් පැටව් ඉල්ලලා කරදර කළෙත් නෑ කවදාවත්.

මං හිතන්නේ සතෙකුව බැඳගෙන, හිරකරගෙන ඉන්න එක මහාම අපරාධයක්.

මේ වීඩියෝ එක බලන්න. හරිම දුකක් මේ අලි පැටියා විඳින්නේ.



එක අතකට, එලියකන්ද, බටලන්ද තිබුණු මේ රටේ මේවත් වැඩද?

ඉස්සර කාලේ කියෝපු පරිවර්තන පොත්වල තිබුණු "ගැලිය" කියන හිර ගෙවල් මට සිහිවුණා. අර හිරකාරයින්ව දම්වැල්වලින් බැඳලා තියෙන්නේ!

මේ වීඩියෝව සහිත ලිපියක් BOONDI "Live" ඊ-මේල් ලයිස්තුවට එවීම ගැන රජිනි ජයසිංහට මගේ ස්තුතිය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න රාජිනි ජයසිංහ ගෙන් ලැබුණු ඊ-මේලය.

---------- Forwarded message ----------
From: rajini jayasinghe
Date: 2013/1/26
Subject: [BOONDI " L i v e "] මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු Please share this email
To: boondi-live@googlegroups.com

මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු

අලියා යනු බුද්ධිමත් නිදහස ප්‍රිය කරන සංවේදී සතෙකි. රඳවාගෙන සිටින අලියෙකුට වූවද එහා මෙහා යාමට තරමක විශාල ඉඩකඩක් අවශ්‍ය ය. නමුත් කොළඹ ගංගාරාම විහාරයේ සිටින ගංගා නමැති අලි පැටියාගේ ගේ ඉදිරි සහ පසු පාද යදමින් බැඳ චලනය වීමට අසීරු වන අන්දමට රඳවාගෙන තිබේ. කරුණාකර සිතන්න ඔබව පැය 24 ම යදමින් බැඳ චලනය වීම අඩි දෙක තුනක් පමණක් සිමා කරහොත් ඔබට කොතරම් වේදනාවක් දැනේද? එම වේදනාව ගංගා දිනපතා අත් දකියි. මෙම අලි පැටියා නිදාගන්නේ තමන්ගේම අසුචි මතය. මේ සත්වයාට නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. තමන්ව මරා දැමීමට පැමිණි නාලාගිරි ඇතාට පවා මෙත පැතිරූ මහා කාරුණික බුදුන්වහන්සේ ගේ නාමයෙන් කැප කොට තිබෙන බොදුනු පන්සලක මෙවැනි සත්ව හිංසාවක් සිදුවීම අපට පිළිගත හැකිද?

කරුණාකර මේ වීඩිඕව බලන්න http://www.youtube.com/watch?v=xdw98qGC6-M ගංගා ගේ වේදනාවට සංවේදී වන හදවතක් ඔබට තිබේ නම් ගංගා නමැති අලි පැටියාට මේ සිදු කරන හිංසනය නවතන ලෙසටත් මෙම සත්වයාට අවම වශයෙන් නිදහස් චලනයටවත් අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් හෝ තැපැල්පතක් මෙම ලිපිනයට යවන්න.

විහාරාධිපති
ගංගාරාම විහාරය
කොළඹ


(image: http://www.rottentomatoes.com/quiz/nightriders-how-well-do-you-know-the-simpsons-quiz-1/)

37 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මාලිව තායිලන්තෙට ගෙනාව නේද ?

    ReplyDelete
    Replies
    1. කොහේද රටක ඉන්න මාලිව අපිට පේනවා දලදා මාලිගාව සහ දේවාල පංසල් වල පූජක පක්ෂය සතුව ඉඳගෙන වධ වේදනා විඳින අලි අපිට පේන්නෙ නැහැ.

      Delete
    2. මම නම් කරන්නෙ ඔය වැඩේ කරනවුන් මරලා දාන එක.මිනිස්සුන්ට වගේම සතුන්ටත් වේදනාව දැනෙනවා නෙව?

      Delete
  3. Replies
    1. මේ රටට හෙණ ගැහිල තියෙන්නෙ උඹ වගේ අසාධාරණය පෙනි පෙනී, නොදැක්කා වගේ ඉන්න උඹ වගේ වඳුරො නිසා තමයි.

      Delete
  4. කොහේද රටක ඉන්න මාලිව අපිට පේනවා දලදා මාලිගාව සහ දේවාල පංසල් වල පූජක පක්ෂය සතුව ඉඳගෙන වධ වේදනා විඳින අලි අපිට පේන්නෙ නැහැ..බී බී සී එකෙ තිබුනා දලදා මාලිගාවෙ කරඩුව ගෙනියන ඇතා විඳින දුක ගැන...ඌට හරියට නාන්න කියන්නවත් තැනක් නැහැ...

    ReplyDelete
  5. පිස්තෝලෙ ඉණේ ගහගෙන, හවසට සූස්තියක් ඇදගෙන ඉන්න ගංගාරාමෙ ගොයියට ඕවත් වැඩද කකා?

    සත්ව හිංසනය ලංකාවේ හුඟාක් ප්‍රධාන පන්සල් වල මහා පරිමාණයෙන් කෙරෙනවා. ඕවට විරුද්ධව කතා කළොත් අපේ ෆේස්බුක් දේශප්‍රේමීන් අපිව හම්බයො කියලා ලේබල් ගහයි. (දැනටමත් කකාගේ හම්බ සම්භවය හොයනවා ඇති.) වන ජීවී එකෙනුත් හෙවිල්ලක් නෑ. ඇයි පන්සලේ ඉන්නෙ වන ජීවියෙක් නෙවෙයිනෙ.

    ඒ කාලෙ පොර ටෝක් දුන්නු සෝම හාමුදුරුවනුත් දැක්කෙ අන්‍යාගමිකයන්ගෙ ඇහේ තියෙන රොඩු විතරයි. මේ වගේ තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල දැක්කෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැම තැනකම ආගම් වාදය පතුරවනවා. එත් එකෙක්වත් ආගම් අදහන්නේ නැ. විලාසිතාවට ආගමක් බදාගෙන ඉන්නවා. මේ රටේ බෙීද්ධයන් වැඩිනම් ඒ අය ප්‍රතිපත්ති ගරුක නම් මෙහෙම දේවල් වෙන්න බැනේ.

      Delete
  6. හරිම දුකක් නොවැ හිතෙන්නේ... සත්තු කියල කියන්නෙත් අපි වගේම වේදනාව කියන එක හොඳට තේරෙන අය තමයි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ උන්ට තියෙන වේදනාව කට ඇරලා කියන්ට බැරි එකනේ... අපි වගේ කතා කරන්ට උන්ටත් පුළුවන් උනානම්..........
    CSK LANKA

    ReplyDelete
  7. ඉතින් සතුන්ට හිංසා කරන්නේ, සත්ව අයිතීන් උදුරා ගන්නේ බහුතර චන්දයෙන් පත්වෙන ආණ්ඩුවෙන් යැයි පිළිගත හොත්, ඒ අයිතීන් උදුරා ගැනීමට බලය ඇත්තේ ද ඒ ආණ්ඩුවට යැයි පිළිගන්නට සිද්ධ වේ. ඒකීය පුද්ගලයා විසින් වෙහෙසෙන ශ්‍රමයේ ඵලදාව උදුරා ගන්නට බහුතරයාට අයිතියක් ඇත්නම් ඔහුගේ වෙනත් ඕනෑම සම්පතක් උදුරාගත හැකියාව ද ආණ්ඩුවටත් බහුතරයාටත් ලැබේ.

    ReplyDelete
  8. මේ වගේ තවත් බුදු දහමටත් නිගා දෙන පුවතක් අහන්න ලැබුනා! ළඟදීම නාඩියා ඒ ගැන කොටන්නම්කො....

    ReplyDelete
  9. හුරුබුහුටි අලි පැටියෙක්.පවි කියලා හිතුණා. ගංගාරාම පන්සලට ගිය වෙලාවල් වල අලි දැකලා තිබුණාට ඔය ගැන ඒ තරම්ම හිතුනේ නෑ. ඇත්තටම හිතන්න ඕන දෙයක් නම් තමයි.ස්තූතියි කතන්දර share කලාට.

    ReplyDelete
  10. මෙන්න රාජිනි ජයසිංහ ගෙන් ලැබුණු ඊ-මේලය.

    ---------- Forwarded message ----------
    From: rajini jayasinghe
    Date: 2013/1/26
    Subject: [BOONDI " L i v e "] මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු Please share this email
    To: boondi-live@googlegroups.com

    මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු

    අලියා යනු බුද්ධිමත් නිදහස ප්‍රිය කරන සංවේදී සතෙකි. රඳවාගෙන සිටින අලියෙකුට වූවද එහා මෙහා යාමට තරමක විශාල ඉඩකඩක් අවශ්‍ය ය. නමුත් කොළඹ ගංගාරාම විහාරයේ සිටින ගංගා නමැති අලි පැටියාගේ ගේ ඉදිරි සහ පසු පාද යදමින් බැඳ චලනය වීමට අසීරු වන අන්දමට රඳවාගෙන තිබේ. කරුණාකර සිතන්න ඔබව පැය 24 ම යදමින් බැඳ චලනය වීම අඩි දෙක තුනක් පමණක් සිමා කරහොත් ඔබට කොතරම් වේදනාවක් දැනේද? එම වේදනාව ගංගා දිනපතා අත් දකියි. මෙම අලි පැටියා නිදාගන්නේ තමන්ගේම අසුචි මතය. මේ සත්වයාට නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. තමන්ව මරා දැමීමට පැමිණි නාලාගිරි ඇතාට පවා මෙත පැතිරූ මහා කාරුණික බුදුන්වහන්සේ ගේ නාමයෙන් කැප කොට තිබෙන බොදුනු පන්සලක මෙවැනි සත්ව හිංසාවක් සිදුවීම අපට පිළිගත හැකිද?

    කරුණාකර මේ වීඩිඕව බලන්න http://www.youtube.com/watch?v=xdw98qGC6-M ගංගා ගේ වේදනාවට සංවේදී වන හදවතක් ඔබට තිබේ නම් ගංගා නමැති අලි පැටියාට මේ සිදු කරන හිංසනය නවතන ලෙසටත් මෙම සත්වයාට අවම වශයෙන් නිදහස් චලනයටවත් අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් හෝ තැපැල්පතක් මෙම ලිපිනයට යවන්න.

    විහාරාධිපති
    ගංගාරාම විහාරය
    කොළඹ

    ReplyDelete
  11. අහිංසක සතුන් විශාල ප්‍රමාණයක් සිරකර තබනා සිරකඳවුරක් දෙහිවල කරගම්පිටියේ ද ඇත.

    ReplyDelete
  12. /ගංගා ගේ වේදනාවට සංවේදී වන හදවතක් ඔබට තිබේ නම් ගංගා නමැති අලි පැටියාට මේ සිදු කරන හිංසනය නවතන ලෙසටත් මෙම සත්වයාට අවම වශයෙන් නිදහස් චලනයටවත් අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් හෝ තැපැල්පතක් මෙම ලිපිනයට යවන්න. /

    ලංකාවෙන් පිට ඉන්න අය නම් මේවා කළාට කමක් නැහැ. ලංකාවෙ ඉන්න අපි ඕව කරන්න හිගිල්ල එක්කෝ අලියා වෙනුවට සරත් ෆොන්සේකාට වගේ අපටත් නිදහස් චලනය නැතිවෙයි. නැත්නම් අපට ප්‍රගීත් එක්නැළිගොඩට වගේ අඩි හයක් යට චලනයක් නැති ජීවිතයක් ලැබෙයි. ඒ හන්ද අපි අප්පේ වැඩක් බලා ගන්නම් රාජිනි.

    ReplyDelete
  13. ඔබත් නරුමයෙක්ද ?
    නරුමයා යනු අන්‍යන්ට ඕනෑම අසාධාරණයක් වූවාට තමන්ට එය බල නොපාන්නේ නම් නිහඬව සහ අක්‍රීයව එම අසාධාරණය නොදැක්කා සේ සිටින පුද්ගලයාටය.
    ශ්‍රී ලංකා සමාජය පිරි තිබෙන්නේ මෙවැනි නරුමවාදින්ගෙනි. බස් රථයක කාන්තාවකට අගතියක් සිදුවේද බොහෝ මිනිසුන් අහක බලාගනිති. , ඒවාට පැටලෙන්නට අපිට බැරිය. මෙය නිහඬ අක්‍රිය නරුම සමාජයකි. මේ නිසා අපි ගෙවන වන්දිය කොපමණද? මැර දේශපාලකයෝ රිසි පරිදි අපව යට කරගෙන නැගී සිටිති. මිනිසුන් නිහඬය. ආගමික පුජකයෝ අන්තවාදය පතුරවති. සමාජය නිහඬය. මේ රටේ මිනිසුන් නැත . සිටින්නේ ගවයන් වැනි පිදුරු හපමින් වෙන දෙයක් බල සිටින අසංවේදී නරුමයන් පිරිසකි. මෙවැනි අක්‍රිය සමාජයක් පාලනය කිරීම ඉතා පහසු ක්‍රියාවකි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මට මොකෝ මගෙ මොකෝ මට නෙමෙයිනෙ උනේ කියා අහක බලනා නරුමයින් පිරි රටක පිං ලිං ගාව දූෂනය වුන කතකේ විස්තරය පොළිසියට කීමට තරම් කාරුණිකයන් සිටීමද පුදුමය!

      Delete
    2. සල්ලි කේස් එක සෙට්ල් උනාද?

      Delete
    3. රටේ වැරදි හොයන්න කලින් සල්ලි වැඩේ ගොඩ දා ගනින්...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. "සල්ලි කේස් එක සෙට්ල් උනාද?"

      තවම නැත. පසුගිය වර අගෝස්තු 16 දින කරණු ලැබූ පැමිණිල්ලට පොළිස්පති මැදිරියෙන් විභාග කොට පිළිතුරු ලැබුනේ සැප්තැම්බර් 17 වන දිනය. මෙවර නැවත සල්ලි නොදුන් බව පැමිණිලි කලේ ජනවාරි 16 දිනය ( මසක අමතර කාලයක් ලබා දෙන ලෙස ලද නීති උපදෙස් නිසා ). නැවත පොළිස්පති මැදිරියෙන් පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටිමි. අභීතගේ තවත් මිතුරකු වූ චන්දිම නමැත්තා තම මුදල් නැවත ලබා ගැනීමට අනුගමනය කල මග මා හටද ක්‍රියාත්මක කල හැකි මුත් නීතිය හා සදාචාරය ගැන කතාකරමින් එවැනි නීච ක්‍රියා කිරීම සුදුසු නොවන නිසා දැනට ඒ පිළිබඳව නොසලකමි.

      Delete
    6. @ඉන්දික උපශාන්ත,

      පාදඩයකු තමන් දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදල සොරකම් කර ගත් කල්හි එය නැවත ලබා ගැනීම පිණිස කරන ඕනෑම ක්‍රියාවක් සදාචාරාත්මක බව මගේ අදහසයි. මන්ද ඔබ සටන් කරන්නේ ඔබේ මුදල් වෙනුවෙන් නිසාය. මෙවර සාධාරණ පිළිතුරක් නොලදොත් ඊළඟ පියවර බලමු. ලෝකයේ හැම දෙනාම මාතලන් සේ මුදල් වලට ගත හැකි අධමයන් නොවේ. සාධාරණත්වයට ගරු කරන මිනිසුන් ටිකක් හෝ තවම ඉතිරිව සිටිති.

      Delete
    7. @ඉන්දික උපශාන්ත,
      ඇයි බන් අබීත‍ උබෙන් ගත්තු නය සල්ලි වලට වඩා පොලිය ලැබුනා නේද? ඒ මදිද?

      Delete
  14. මේකත් මෙයාගෙම [පොඩි ගනෙග ]රෙස්ටුවක්ද දන්නෙ නැහැ.පෙරලම බලන්නකෝ.
    http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975

    ReplyDelete
    Replies
    1. ඔයා අනුන්ගෙ වැරදි හොයන්නෙ තමන් ලන්කාවෙ ඉදිද්දි කරපු වැරදි වහගන්නද එහෙම නැත්තම් පව් කමාකර ගන්නව කියල හිතාගෙන මනසට ආතල් එකක් ගන්නද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  15. පැමිණිලි කරන්න තැනක් නැද්ද?

    ReplyDelete
  16. mata nam awulak naha mokata monawa unath habai mage blog eke nam man pul bana tok denawa.e unata ewa nikan sho ekata danne kaka.nathnam mage blog eka mat promot karaganna ba.ohe bayila danawa wena wena than wala e unata mage blog eka puluwan tharam pirisiduwa man thiyaganawa.

    ekamai man ano aweth.ano block karala profile pamanak dala apprvl ayin karanna kaka.pls oya hoda ekkenekne.ano block karanna.

    ReplyDelete
  17. බොදු බල සේනාවට කියලා ගොඩදාගන්න බැරිවෙයිද?

    ReplyDelete
  18. හසන්ත, මටත් හරිම ආඩම්බරයි. මමත් "සිංහල බෞද්ධයෙක්" නෙව. පිලිපීනෙ මාලි වගෙද හසන්ත (ඌත් සිරි ලංකාවෙන් දුන්න එකෙක්නෙ), පන්සලේ දුක් වින්ඳලා මැරිලා ගියත් සැපයි නෙව.

    ReplyDelete
  19. Munta alinge duka withari danenne. Alingen minisunta wena wipath penenne nehe.

    ReplyDelete
    Replies
    1. ඇතැම්හු, විවිධ වෙබ් අඩවි වල තම අදහස් පළ කරන්නේ "Anonymous" වශයෙනි. ඉන් ඇතැමෙක් එය කරන්නේ, තම පුද්ගලිකත්වය ගැන සිතා විය හැකිය. එහෙත් ඇතැමුන්, තම සත්‍ය අනන්‍යතාවය සමග පැමිණ තමුන් දරන මතය, අදහස් අනිකුන් හට ප්‍රකාශ කිරීමට කොන්දක් නැති කම නිසාද "ඇනෝලා" වශයෙන් පැමිණ කොමන්ටු දමනු දැකිය හැකිය. බොහෝවිට එවැන්නන් හට තමුන්ගේ මතය මේයැයි කියා පැහැදිලිව කිව හැකි යමක් නැතිවා වෙන්නට පුලුවන. යන යන තැන "ඇනෝලා" ලෙස පහරන්නේ එනිසා විය යුතුය.

      Delete
  20. දේශප්‍රේමී බෞද්ධයෝ ළඟ කූඩු කරගෙන හෝ බැඳතබාගෙන ඉන්නා සතුන්ද, හම්බයන්ද සියළු සත්වයෝ නෙවෙති. උන් නිදුක් විය යුතු නැත. උන්ට‍ මෛත්‍රී නොකළ යුතුය.

    ReplyDelete
  21. ඔය ගනයා මරලා දාන්ට තියෙන්නෙ.ඔවුන් සතුන්ට හිංසා කරනව නම් උන් හාමුදුරුවො නෙවෙයි.මේ වැඩේ කරන උන් මරලම දාන්ට තියෙන්නෙ.

    ReplyDelete
  22. සතුන් බැඳ තැබීම වද දීම අයිති වෙන්නෙ පාණාතිපාතයට කියලවත් නොදන්න හාමුදුරුවරුන්ගෙන් මොන කරුණාවක්ද ? අර එල්ලුම්ගහටත් සපෝර්ට් කරන්නෙ හාමුදුරුවරු අපේ රටේ !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.