Monday 28 January 2013

හේට් චේන් ඊ-මේල් එකට හලාල් උත්තරයක්! - A Halal reply to a hate mail


චේන් ඊ-මේල් ගැන ඔහේලාට අමුතුවෙන් ටියුෂන් ඕනෑ නෑනේ. අළුතින් ඊ-මේල් බිස්නස් එකට බැස්ස එක්කෝ පොඩි පහේ පිස්සුවක් නැතිනම් පොඩි මෝඩකමක් තියෙන යාළුවෙක් ඉන්න ඕනෑම කෙනෙක් මේ චේන් ඊ-මේල් ගැන දන්නවා.

මෙන්න චේන් ඊ-මේල් විවිධ වර්ග.

1. සමහර ඒවා, අලිබබා, බූබබා සහ සායිබබාලා ගැනයි. ඒ ඊ-මේක් එකක් දහ දෙනෙකුට යැව්වොත් ගොවිසෙතක් ඇදෙනවා. විසි දෙනෙකුට යැව්වොත් ශනිදා වාසනාව! යැව්වේ නැත්තං එක්කෝ හාට් ඇටෑක්, නැත්තං අඩු ගානේ හර්නියා එකක් එනවා.

2. තවත් වර්ගයකින් කියවෙන්නේ මොබයිල් ෆෝන් නිකං දෙනවා. ඊ-මේල් එක දහ දෙනෙකුට යැව්වොත් එරික්සන් T20 එකක් ගෙදරටම එවනවා කියලයි. (එරික්සන් T20 කියන්නේ දැන් අවුරුදු දහයකටත් කලින් තිබුණු මොබයිල් ෆෝන් එකක්.)

3. අනිත් වර්ගය ඊට වඩා දරුණුයි. පොඩි ළමයෙක් ලියුකේමියාවෙන් මැරෙන්නම යනවා. අපි ඊ-මේල් එක යවන යවන ගාණට බිල් ගේට්ස් ශත දෙකක ගානේ ළමයාගේ බේත්වලට දෙනවා.

4. ඒ සේරටම වඩා දරුණුම කේස් එක තමයි මේක. සැවෝයි එකේ තිබිලා ඉන්ජක්ෂන් කට්ටක් ඇනුණා, ඒකේ එඩ්ස්. දෙහිවල ඒටීඑම් එකක ළඟදී කාඩ් එකේ පින් එක හොරකම් කළා. කාට කාටත් දැනුම් දෙන්න.

ඔය මුල් වර්ගයේ ඊ-මේල් ලැබුණාම මං කරන්නේ කෙලින්ම ඩිලීට් කරලා දාන එකයි. ඒ මවුස් ක්ලික් එකට යන කාලයත් ශ්‍රමයත් පවා පාඩුවක්!

දෙවෙනි වර්ගයේ ඊ-මේල්වලට මං උත්තරයක් යවනවා ලයිස්තුවේ ඉන්න හැමෝටමත් ලැබෙන විදියට. මං ලියන්නේ ඔයාට ඒ මොබයිල් එක ලැබුණු දාට ෆොටෝ එකක් එක්ක අපිට දන්වන්න. එතකොට අපිත් හැමෝටම ඊ-මේල් එක යවන්නම් කියලායි!

අවසාන වර්ග දෙකේ ඊ-මේල්වලට මං දාන උත්තරයට මං http://www.hoax-slayer.com/ සයිට් එකේ අනිවාර්යෙන්ම තියෙන මේ කියන පණිවිඩයේ ඔරිජිනල් වර්ෂන් එකට ලින්ක් එකක් එක්කයි උත්තර දාන්නේ. ආයේ මේ වගේ ගොං වැඩ කරන්න එපාය කියලා කාරුණික ඉල්ලීමකුත් එක්ක.

නමුත් සමහරු ඉන්නවා ඔය අවවාද ශත පහකට ගනං ගන්නේ නැතුව දිගින් දිගටම ලණුව කමින් චේන් ඊ-මේල් වල පුරුක් වෙන.

මෝඩ කමට බේත් නෑ කියනවානේ!

මං දන්න මේ ජාතියේ එක පොරක් චේන් ඊ-මේල් ෆෝවර්ඩ් කරන්නේ එව්වේ කවුද, මේල් එකේ තියෙන්නේ මොකක්ද කියලාවත් නොබලායි.

දැන් මේ ලඟදී ඉඳලා අළුත් වර්ගයක චේන් ඊ-මේල් එන්න පටන් අරං.

මේවා හලාල් ගැන දැනුවත් කිරීම්!

ඔන්න මේ ගිය සතියේ විතර ආවා චේන් ඊ-මේල් එකක්. කවුද කියලා මං වැඩිය දන්නේ නැති එකෙකුගෙන්.

චේන් ඊ-මේල් එකේ තිබුණේ එක වැකියයි. ඊ-මේල් එකේ හෙඩර් එකත් ඒකමයි.

"ප්ලීස් පාස් දිස් මැසේජ් ටු ඕල් සිංහල පීපල් යූ නෝ" (ඔබ දන්නා සියළු සිංහලයින්ට මේ පණිවිඩය යවන්න).

ඇටෑච්මන්ට් එකේ තමයි මේ බහුජන හිතාය, බහුජන සුඛාය පණිවිඩය තිබුණේ. ඒ පණිවිඩය කියවලා මං ඔක්කාරය නවත්තා ගත්තේ බොහොම අමාරුවෙන්.

ඊලඟට මට තිබුණා තීරණයක් ගන්න.

මේ චේන් ඊ-මේල් එක ගාර්බේජ් බින් එකට ආලා ඊට පස්සේ නිකං ඉන්නවාද?

නැතිනං උත්තරයක් යවනවාද?

මං තීරණය කළා උත්තරයක් යවන්න.

"ඩියර් අවවලා,

කයින්ඩ්ලි ෆයින්ඩ් සම්වන් එල්ස් ටු පාස් ඔන් දැට් හේට් මේල් යූ හෑව් සෙන්ට් මී.

අයි ජස්ට් හැඩ් වන් ලුක් ඇට් ද ඇටෑච්මන්ට් ඇන්ඩ් ඉට් ඊස් නොට් ඊවන් ගුඩ් ඉනෆ් ෆෝ මයි ගාර්බේජ් බින්.

පර්හැප්ස් යූ ඩිඩ් නොට් ඕතර් දැට් ඩර්ටි ඩොකියුමන්ට් අයි ඩෝන්ට් තින්ක් යූ ෂුඩ් හැව් සෙන්ට් ඉට් ටු මී ඇට් ඕල්.

ඇපොලොජීස් විල් බී ඇක්සෙප්ටඩ්.

-කකා"

දවස් දෙකකට විතර පස්සේ මෑන්ගෙන් ලිපියක් ආවා. ගමකට තදවෙලා, මට බැනලා.

තමන්ගේ වරද පිළිඅරගෙන සමාව ගන්නවාට වඩා කොච්චර ලේසිද අනුන්ට බණින එක නේද?

-කතන්දරකාරයා


(image: http://www.dreamstime.com/royalty-free-stock-images-email-address-symbol-chain-image13254389)

72 comments:

  1. හිමිදිරියේ තමන්ගේ වරද පිළිඅරගෙන සමාව ගන්නවාට වඩා කොච්චර ලේසිද අනුන්ට බණින එක නේද? සිත් ගන්නා වැකියකි.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  2. රටක් ජාතියක් ගැන හිතන්නේ මොකටද කාල බීල ඉන්න තියෙනවා නම්

    ReplyDelete
  3. අපරාදේ ඔව්වට රිප්ලය් කරන්න ගියේ .. තව චු කතාවක් කක්කි කතාවක් ලියන්න තිබ්බ කාලය

    ReplyDelete
    Replies
    1. අපි එනකොට පෙරහැර ගිහිල්ලා. මෙතන කියන්නෙ කකා වැරැද්දක් පෙන්නලා දුන්නම එකෙක් ඒක පිලිනොගෙන කකාට බැනපු සිද්ධියක් ගැන. ඕක උනේ ප්‍රසිද්ධ බ්ලොග් එකක. කේන්දර එහෙම බලන කෙනෙක් ලියන බ්ලොග් එකකදි. මෑන් ගෑණුන්ට කෑම උයන හැටිත් උගන්නනවා. අපිම එනකම් මේකේ ඇත්ත කතාව මෙතන වෙන එක ඇනෝ කෙනෙක් කියලා නෑනේ. වැඩක් නෑ බං උඹලා ඇනෝ උනාට.

      Delete
    2. අපි ඔය කුණු බලන්නෙ නෑ මචන්.. ඒකයි පැහැදිලි ඇත්ත....

      ඔය බ්ලොග් එකට අරක් අරගෙන ඉන්නවා ලුම්පන් පීඩිත පන්තියෙ නිවට අසහන කාරයෙක්... ඌ තමයි පහුගිය දවස් වල කුණුහරුප ලියල මේකෙ කැත කරේ.....

      ඌ හිතන් ඉන්නෙ අරුනිගෙ ලිපි කියෙව්වාම උගේ මොලේ වර්ධනය වෙනවා කියලා....

      හරියට අර මාලු ඔලු කෑවාම මොලේ වැඩි වෙනව කියල හිතන් මාලු ඔලු කාපු එකා වගේ.... අට පාස් නැති මී හරක් බ්ලොග් ලියන්න ගත්තාම ඔහොම තමයි....

      කකාට හුජ්ජ කරපු බූ වල්ලකින් ගහන්න ඕනා ඔය මුඩුක්කු අස්සෙ රින්ගන්න යනවට....

      Delete
  4. ඊයෙ අහවලා ආවද? දන්න කියන කෙනෙක් අප්ඩේට් එකක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. අපේ නයි අපිවම කයි !

      Delete
  5. දැන් මේක බ්ලොග් එකේ දාන්නෙ ඇයි... මේල් එක එවපු එකා බ්ලොග් එක කියවනවද?.... මේකෙන් අපිට ඇති සෙතේ මොකක්ද?..... මීට වඩා හොදයි "මම පුක සෝදන්නේ කෙසේද" කියලා පෝස්ට් එකක් වීඩියෝ එක්ක දැම්ම නම්....

    ReplyDelete
  6. පිටරටක ඉන්න කෙනෙක්ට ලංකාව ගැන කැක්කුමක් මොකටද නෙහ්....

    ReplyDelete
  7. කතා නොදන්නවා උනාට මෙහේ තලේබා ව්‍යාපාරයක් නැගලම යනවා. වැඩියෙ මහන්සි වෙන්න ඕන නෑ සිකුරාදා, සෙනසුරාදා හැන්දාවට ගෝල්ෆේස් ගියාම ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට විරෝධය දක්වන ක්‍රමය, ඉතාම මිලේඡ්ච සහගතයි....

    ReplyDelete
    Replies
    1. තලේබාන් ව්‍යාපාර මගේ විශේෂ කැමැත්තක් නැහැ. ඒත් ඔබ්ජෙක්ටිවිස්ට්ලාගෙ මේ අන්ත බදු විරෝධය විකාරයක්. අයන් රෑන්ඩ් ට අනුව මිනිස්සුන්ට තියෙන්නේ ඍණ අයිතීන් (negative rights) පමණයි. ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයක එකම අරමුණ මිනිසෙක් තවත් මිනිසෙකුගෙ නිදහසට බාධා කිරීම වැළැක්මීම පමණයි. ඒ නිසා ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව පොලීසියක්, උසාවි හා හමුදාවක් පවත්වාගැනීම රජයක කාර්යභාරය වෙනව. හැබැයි ඊට වැඩිපුර කිසි දෙයක් රජයක් නොකළ යුතුයි. කොටින්ම මේ කතන්දරේට අනුව ගිනි නිවන හමුදාවක්වත් පවත්වාගන්න බෑ. මොකද ස්වභාවික ආපදා වලින් මිනිස්සු ගලවා ගැනීම රජයකට අයිති වැඩක් නෙවෙයි. ඒවගේම ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයකට සුනාමියක් ආවොත් එහෙම කපෝතියි..ඒ රජය විපතට පත් වුන මිනිස්සුන්ට උදව් කරන්නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව උදව් දෙන එකත්, උදව් ගන්න එකත් ඉම්මොරල් දේවල්. ඉතින් ගෙදරක් නැතුව පාරට වැටිලා ඉන්න මිනිහා ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක්නම් මිනිහට සදාකාලෙටම පාරෙම තමයි.

      Delete
    2. පල ගොන් හම්බයා යන්න මෝඩ ජෝක් දාන්නේ නැතිව. ගිහින් උරු මස් ටිකක් කාලා ඇග හදා ගනින් ගොඩේ හාල්පාරුව

      Delete
  8. ඇත්තම මේ චේන් මඟුල් නම් හරිම කරදරයක්! හැබැයි දැන් ඔය හලාල් වගේ ඒවානම් මගේ එකට එනවා අඩුයි! මොකෝ අමතලා රිප්ලයි කරන නිසා!

    ReplyDelete
    Replies
    1. මම නම් බුකියෙ ඔය ආගම්වාදී ජාතිවාදී එව්වා ශෙයාර් කරන එවුන්ව කෙලින්ම අයින් කරනවා. ඒක හිසේ ඇම්මට කොට්ට මාරු කිරීමක් උනත් උදේ පාන්දර ලොග් වුනාම ඔය එවුන්ගෙ විකාර අඩුම ගානෙ මටවත් නොපෙනි තියෙයිනෙ.

      මටත් බ්ලොග් ලියන එක්කෙනෙක් හලාල් එපා කිය කිය මේල් එවනවා. මම කීපසැරයක් හොඳින් කිව්වා. ඒත් අහන පාටක් නෑ. කොයි වෙලේක හරි අමතන්න වෙනවා.

      Delete
  9. චේන් ඊ-මේල් පුද්ගල අයිතිය ප්‍රතික්ෂේප කරන මේල් වෙති. එහි දී ආණ්ඩුවක් කියන්නේ මෙයයි: ඔබට යොමු කරන මේල් සම්පූර්ණයෙන්ම ඔබේ නොවේ. ඔබට ඊට ඇති අයිතියට වඩා අපිට ඊට අයිතියක් ඇත. ඔබට ජීවත්වෙන්නට අවශ්‍ය නිසා අපි තීරණය කරන්නම් එයින් කොයි තරම් ප්‍රමාණයක් ඔබට ඩිලීට් කරන්නට අවසර දෙනවා ද කියල!

    ReplyDelete
  10. මටත් තියෙනවා ඔය පුරුද්ද..ඔය වගේ ජඩ වැඩ දෙක්කහම කුණුහබ්බ දෙකක් කියල රිප්ලයි කරන්ට...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  11. http://i.imgur.com/POIvkPg.jpg

    ReplyDelete
  12. මට තාම ඕම ඒවා ඇවිත් නෑ මං හිතන්නේ.....
    නැත්තං මං ගණන් ගන්නෑ..

    ReplyDelete
  13. ‍ගොසිප් සයිට් වල තිබුනු ෆොටො කෑලි අමුනපුව නම් ඕන තරම් එනව. හලාල් විහොදී එව්ව එන්නෙ sms එව්ව කුනුබක්කියට දාල කරබාන ඉන්නව. බයින්ටවත් මොකො සල්ලි වියදම් කරන්නෙ.

    ReplyDelete
  14. කතන්දර, මේ පස්වැනි වර්ගයේ ඊමේල් වලට මෙහෙම කතන්දරයක් ලියල විතරක් හරියන්නෙ නෑ. ඔයා ලංකාවෙන් පිට ඉඳගෙන ඊට වැඩිය දෙයක් කරන්න පුළුවන්ද කියල මට හිතාගන්න අමාරුයි. ඒ කියන්නෙ, කතන්දරයක් ලියපු එක වුනත් ලොකු දෙයක්. මේක විෂබීජයක්. පහුගිය සතියේ ඉස්කෝලෙක කොල්ලො දෙන්නෙක් ලේ එනකන් කෙළගත්තා. තව කාලකණ්ණි තිස් අවුරුද්දක් අත ළඟයි.

    ReplyDelete
    Replies
    1. Mobileman මල්ලී මේ සියල්ලටම හේතුව අණ්ඩපාල ආණ්ඩු විසින් ඒකීය පුද්ගලයාගේ නිදහස නොසළකා හැර ඒකීය පුද්ගලයා මත බදු පැටවීමයි. ඉතින් බදු පැටවීම සාධාරණීකරණය කරන්නා විසින් මේ ප්‍රශ්න විසඳා ගත යුතු වෙයි!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  15. ඇවිල්ල ඇවිල්ලා සින්හල අවුරුද්ද ඇවිල්ලා.... වරෙල්ල වරෙල්ලා නයි පන්නන්න වරෙල්ලා.....
    http://maathalan.blogspot.com/2013/01/earth-quick-without-epi-center.html?showComment=1359357175983#c8328455044526712794

    ReplyDelete
    Replies
    1. ලෙඩෙක් බලාගන්න එක මුළු ලෝකෙටම කියල පබ්ලිසිටි ගන්න හදන බාල නයි අරින බඩුවක්

      Delete
  16. Mema Email balanna yana kalayath click karanna yana kalayath, apathe yanne hariyata Kakka thumage post kiyawanna click karanna yana kale wage. Kalakanni weda.

    ReplyDelete
  17. වර්තමාන සමාජයේ පුද්ගලයින් ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට ලැප්ටොප් භාවිතා කරයි. ලැප්ටොප් භාවිතා කිරීමේදි එය උකුල උඩ තබා වැඩ කිරීමෙන් වෘෂණ කෝශ වල උශ්ණත්වය අධික ලෙස ඉහල ගොස් මදසරු භාවය ඇති විය හැකිය..

    ReplyDelete
  18. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  19. බහුතරයක් මුස්ලිම් ජනතාව තමන්ගේ රටට පෙර, ආගම ඉදිරියට දමනවා(උදාහරණයක් ලෙස සෞදි අරාබිය ගන්න). හැමදෙනාම මීට එකඟයි.
    ඊජිප්තුවේ දැන් පැවතෙන තත්වය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ඇති නොවීය යුතුයි(ලංකාව ගමන් කරන්නේ ඒ දෙසටයි). හැම දෙනාම මෙයට එකඟයි.


    අපේ රටේ සහෝදර මුස්ලිම් ජනතාව සමග ගහ මරා ගැනීම හෝ ඔවුන්ට හිරිහැර කිරීම මෙයට විසඳුමක් නොවෙයි. එක හෙලා එකඟයි .

    එසේනම් අපේ රට අනාගත සෞදි අරබියක් වීම නවත්වන්නේ කෙසේද?????
    කවුරුන් හෝ කරුණාකර මෙය පැහැදිලි කර දෙන්න ???


    ReplyDelete
    Replies
    1. ඕකට උත්තර මේ ගෙරි සිංහල සර්වාගමික පොන්* ල ගාව නැහැ බන්. වැරදි තැන ප්‍රශ්නේ ඇහුවේ ඇහුවේ. මුන් දන්නේ මොනවා හරි කරන්න හදන එකාට ඔච්චම් කරන්න , සුද්ද වන්තයෝ වගේ පෙනී හිටින්න විතරයි. මුන්ගේ කොන අද කැපුවත් උන්ට ගානක් නැහැ.

      Delete
  20. මට නම් වෙලාවට තාම ඊමේල් ඇවිල්ලා නැහැ ඔය වගේ.

    ReplyDelete
  21. මට වතාවක් තැපැල් මඟින් ලිපියක් ලැබිලා තිබෙනවා. එයත් ඔබ කියන ඊ ලිපියට සමානයි. ලෙඩ්ඩු ඉන්න බව මම හොඳින් දන්නවා. එබැවින් එය ගනන් නොගෙන හිදීම තමා වඩා හොඳ.

    ReplyDelete
  22. කිසිම ජාතියකට හෝ ආගමකට අපහාස කරන, අගෞරව කරන ජාතියේ තුප්පහි මේල් වලට නම් මම උත්තර දෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමා මේල් එක එවන එකාගේ ඊ-මේල් වක මේල් ෆාර්ම් එකකට දෙන එක. අනුන්ට දිනපතා වද දෙන එකාට උගේම බෙහෙත් කුප්පියෙන් හැන්දක් පෙව්වට කමක් නැතැයි මම හිතන නිසා.

    හැබැයි කකා, මේ රටේ අන්තවාදී ආගමික ව්‍යාපාර නැතෙයි කියන්න මේ තරමටම හදිස්සි වෙන්නෙපා. එහෙම එකක් ඉතාම යටි-බිම්ගතව සහ සක්‍රියව ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete
  23. දැන් මෙ අර්ටිකල් එකේ conclusion part එක විතරනෙ දාල තියෙන්නෙ. intro, m&m, discussion missing??? බලන එකත් ඔය research එකම කරල තිබුනොත් හොඳා.. නැත්තන් අමරුවෙ.

    ජාතිවාදීන්/ අන්තගාමීන් උන්ගෙ මත වලට හේතු ඉදිරිපත් කරනවා. ඒවත් ඒක්ක එකඟ වෙන්න බැරි එවුන්ගෙන් බැනුම් අහනව.

    මෙතන අපිට හේතුවක් නැති ඵලයක් දෙනව. අපි ඒක කන්ඩ ඔනි එතකොට generally recognized as safe කියලද හිතාගෙනද?

    ReplyDelete
  24. මමත් මේල් කීපයකටම 'රිප්ලය් ඕල්' කලා අඩුම ගානෙ ප්‍රසිද්ධියේ එහෙම කිව්වහමවත් ඊමේල් එකක් ෆෝවර්ඩ් කරන්න කලින් චුට්ටක් කල්පනා කරයි කියලා... එච්චර ඔලුවක් තියනවානම් මක් කරන්න බැරිද?

    මම ඒ කෙනාව බ්ලොක් කරන්නත් හදලා ආයෙ තියා ගත්තා... එකක් තමයි රටේ ලෝකේ මෙහෙම දේවල් වෙනවා කියලාවත් අපි දැනගන්නේ ඔය වගේ ඊමේල් වලින් නිසා...

    ReplyDelete
    Replies
    1. පුද්ගලික හිමිකම් අයිතිය තියෙන අය තමන්ගෙ සම්පත් විනාශ කරනවා කියල ජනතාව මුලා කරනවා. ජනතාවට හිතන්න බෑනේ ඇයි මිනිහෙක් තමන්ගෙ අයිතිය විනාශ කරන්නෙ කියල, ඒක හිතන්න පුලුවන් ඒකීය පුද්ගලයෙකුට විතරයිනෙ!!! ඒත් ඒකීය පුද්ගල මනසින් හිතන්න බැරි අය අපි ජනතාව කියලා හිතාගෙන ආණ්ඩුවට සියළු සම්පත් විනාශ කරන්න බලය දෙනවා. ලෝකයේ සම්පත් විනාශය දිහා බලද්දී මුදුන් පෙත්තෙ ඉන්නෙ ආණ්ඩු මිසක් සියළු පුද්ගලික අයිතිය හිමිකරුවන් එකට එකතු කරලා ගත්තත් ඔවුන් නෙමෙයි.

      Delete
  25. මගේ බ්ලොග් එකේ කොමෙන්ටු, හිට්ස් එහෙම ගොඩක් අඩු වෙලා... මේ තත්වයට හේතු වෙලා තියෙන්නෙ මට මේ දිනවල ඇති ශනි ගේ බලපෑම... මම ඒක නිසා අනගාරික ධර්මපාල තුමන්ව විකුනන් කන්න ට්‍රයි කරනවා... ඔයාලත් එන්න බලන්න....

    ReplyDelete
  26. අන්න අරූ මැරිච්ච ඔබා මාම වත් විකුනන් කනවා... මේ පාර කීයකට විද්දද දන්නෙ නෑ....

    ReplyDelete
  27. මෙන්න හොඳ වැඩක්. හොඳ දේට හොඳයි කියන්න කුහක වෙන්න ඕනෙ නෑනෙ.

    http://tikakhinawenna.blogspot.com/2013/01/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. හොද වෙන්නෙ ඔබාට පොල්ල නොතියපු එකෙක් මේක කරානම්.... මේක නිකන් පු% ඇ$% පිහදාගන්න කියල ටිෂු එකක් දුන්න වගේ වැඩක්....

      මාසෙ පුරාවට මිනීමරල බලු වැඩ කරල හොරවැඩ කරල පෝයට සිල් ගන්න සීන් එක වගේ තමයි මේකත්..... පඩ ෂෝ දාන්න කලි ඉන්දිකගෙ සල්ලි ටික දුන්නනම් පව් නෑ නේද හොර අභීත...

      Delete
    2. ඉන්දිකගේ සල්ලි නොදී ඉන්දිකත් එල්ලිලා මැරිච්චි දවසක අභියා මේ වගේ පින්කමක් දෙකක් කරලා පින් දෙයි ළමයිනේ.

      Delete
    3. /මේක නිකන් පු% ඇ$% පිහදාගන්න කියල ටිෂු එකක් දුන්න වගේ වැඩක්..../

      ඒකනෙ බං ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න කියලා සිංහලෙන් කියලා තියෙන්නේ.

      Delete
    4. මගේ මස්සිනාගෙ සල්ලි නොලැබුනත් කමක් නෑ මේ වගේ දෙයක් කරපු එක හරි වටිනවා...

      Delete
    5. ඔබා මාමගෙ කිට්ටුම හිතවතා වෙලා හිටියේ මාරයා නේද? දැන් මාරයාටත් හොරෙන්ද මේ පින්කම් කරන්නෙ?

      Delete
    6. මාරයාට කතාකරාම කොහොමද ගොනො මම කරා වගේ ලොකුව පෙන්නලා ෆොටෝ දාලා පෝස්ට් එකක් දාන්නෙ....

      දැන් මේක බලලා තව රට හරකෙක් මට රැවටුනාම මට පුලුවන් උගෙනුත් ගානක් කොටාගෙන ඌට පොල්ල තියන්න... කොහොමද මගෙ සිම්පල් ප්ලෑන් එක....

      ---- අභීත-----

      Delete
    7. මොනව කළත් කමක් නෑ. අර මැරිච්චි මනුස්සයගෙ නම මේ වගේ හොරකම් වලට ගාව ගන්න එකයි දුක. ඇත්තටම අභීතට බැරිද ඔය මැරිච්චි මනුස්සයට ඉන්න දීල වෙන විදියකට ඔය හොරකම් කරන්න ඒ මනුස්සයටත් නින්දා කරන්නෙ නැතුව?

      Delete
    8. කෝ මේ ඉන්දික උපශාන්ත? ඔයත් මෙතන මොනව හරි කියන්න....

      Delete
    9. මේ නම් මූම තමයි... හොරා....

      Delete
    10. //ඇත්තටම අභීතට බැරිද ඔය මැරිච්චි මනුස්සයට ඉන්න දීල වෙන විදියකට ඔය හොරකම් කරන්න//
      පුලුවන්... මාතලන් එක්ක සෙට් වෙලා දැනටමත් වැඩක් ප්ලෑන් කරල තියෙන්නෙ....

      Delete
    11. ඕක අභියගෙ මඳසරු භාවය ගැන ගැටළුවක් වෙන්න බැරිද?

      Delete
    12. නැහැ මේක මාතලන්ගෙ මද සරු භාවය ගැන ගැටලුවක්...

      Delete
    13. පපඩම් මල්ලට වෙච්චදේ මම දන්නවා . බටගම චමියා ඒක ගෙදර අරගන ගියා හොරු අල්ලන්ඩ දාන්ඩ

      Delete
    14. කරුණාකර මාතෘකාවට අදාලව කතාකරන්න...

      Delete
    15. දැන් මොකද්ද අනේ මෙතැන මාතෘකාව? චේන් ඊ-මේල්ද අභීත ණය අරන් පොල්ල තැබීමද? ඔය කියන මහත්තුරුම තමන්ගෙම උපදෙස් පිළිපැද්දොත් නේද හොඳ?

      Delete
    16. දෙකම නෙවෙයි අභීත ඔයා සනත් අයියගෙ පින්කමට සෙට් වෙලා ගානක් ගරාගත්ත එක...

      Delete
    17. කවුද කියන්නෙ? ඔය චෝදනා කරන මහත්තුරුන්ට නමින් එන්න බැරිද?

      Delete
    18. මුලින්ම අභීත ඔයා නමින් එන්න.... හොර තක්කඩියා.....

      ඔබා මාමගෙ පවුලෙ අයගෙන් ඔයා අම්පාරට යන්න සහ අනෙකුත් වැඩ වලට කියල ඉල්ල ගත්ත 20000 යි බ්ලොග් ලියන අයගෙන් ඇදුම් ගන්න කියල හොරෙන් හොරෙන් එකතු කල සල්ලියි කොහොමද වියදම් උනේ....

      කීයක් හරි ගරාගන්න එක ඔයාගෙ ජොබ් එක තමයි.. ඒත් බ්ලොග් අවකාශෙ හිටපු හොද මිනිහෙක් ගෙ නම විකුනල එහෙම කරන එක බලු කම....

      Delete
    19. ඔප්පු කරන්න සාක්කි ඇත්නම් විතරක් චෝදනා කරන්න. එහෙම නැත්නම් චෝදනා නොකර ඉන්න.

      Delete
    20. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.... හැබැයි මේවා නිකන් අසහනෙන් දාන බොරු කොමෙන්ට් නෙවෙයි...

      Delete
    21. සාක්කි ඕන නෑ... මූ මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි.... මූට අරින්න තියනවනම් කාගෙ පොකට් එක උනත් කමක් නෑ....

      Delete
    22. මාතලන් අභියාට අහුවෙයිද? අභියා මාතලන්ට අහුවෙයිද?

      දෙන්නම් ලෝක අණ්ඩයොනෙ

      Delete
  28. කොහොමද කකා,
    කාලෙකින් මම මේ කමෙන්ට් කරන්නේ.. මාව මතකද දන්නෙත් නැහැ

    මාත් ඕවට කරන්නේ ඕකම තමයි. ස්පෑම් ෆෝල්ඩරේට මූව් කරනවා. ඒකෙන් තව සෙතක් වෙනවා ඔය මේල් එකම තව කාට කාට හරි යනවනම් ඒකත් ස්පෑම් විදියට මාක් වෙනවා.

    හිතන විදියට මේක 60 වෙනි කොමෙන්ටුව වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මෙහි පැමින 60වෙනි කොමෙන්ටුව කල ඔබට මේ බ්ලොග් එක අනුග්‍රහයෙන් ගූ බෙට්ටක්, චූ වීදුරුවක් හා ජොකෙක් තෑගි හැටියට ලැබෙනවා..... ( සභාවේ අත්පොලසන්)

      Delete
    2. විසිල් සහ බල්ටි

      Delete
  29. වැදු මවත් උපන් බිමත් ස්වර්ගයත් වඩා අපට උතුම්ය අගනේය.

    ඒ දෙකම අත හැර සිටින පුද්ගලයකුගේ කතා ගැන කුමන පයන්නක් ද ?

    ReplyDelete
    Replies
    1. උඹට ඒ උනාට තාත්ත අමතක උනා නේද පුතේ...

      Delete
    2. ඔව් ඔව් උබ වගේ අවජාතක අයටත් ගැලපෙන්න එක්ක තමා දැම්මේ.

      Delete
  30. කෝ අවසාන වර්ගය ගැන විතරනේ කොමෙන්ට් කරලා තියෙන්නේ. 4. වෙනි වර්ගයේ ඊ මේල් වල යම් අත්තක් තියෙනවා කියල මම නම් දන්නේ. මං කියන්නේ AIDS කටු කතාව ගැන. කතන්දරගේ රටේ නැති වුනාට ලංකාවේ නම් ඒ වගේ දුෂ්ට මිනිස්සු ඉන්නවා. කලින් ගාල්ලෙත් හිටිය ඔහොම කටුවලින් ඇනගෙන බයික් එකකට යන කට්ටියක්. 4 වෙනි වර්ගයේ මේල් ගැන කව්රු හරි එත්තක් දන්නවා නම් කියන්නකෝ. ඒක හැමෝටම උදව්වක් වෙයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.