Wednesday 30 May 2012

හරීම ෂෝක් හස්බන්ඩෙක්! - What a wonderful husband!


කසාඳ බඳින්නත් අවුරුදු දෙකකට විතර කලින් දවසක මං බස් එකක යද්දී හරීම නෝටි හස්බන්ඩෙක්ය කියලා මගේ හිතවතුගේ අක්කා කෙනෙක් මංතුමා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගත්තු කතන්දරේ මේ ලඟදී දවසක ආපහු කියවපු වෙලාවේ මට මතක්වුණා, මාව හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලාත් නිවරදි ලෙසින් අගැයීමකට ලක්වෙලා තියෙන බව.

මෙන්න අද ඒ කතන්දරේ!

හැබැයි මේ කතන්දරේ අද කියන්නේ, එදා කතන්දරකාරයා හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලා පැහැදිලිවම වටහාගෙන, ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරළා, විස්සෝප වෙලා, හූල්ලලා, කතන්දර හාමිනේ ගැනත් පොඩි පහේ ඉරිසියාවක් ඇතිකර ගත්තු දේවිකා වගේ අද මේ කතාව අහලා කිසිම ගෑල්ළමයෙක් තමන්ගේ මහත්තයා හෝ වෙන්ඩ මහත්තයා ගැන අහිතක් ඇතිකර නොගනීවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනුයි.

දේවිකා කියන්නේ ඒ දවස්වල අපේ අසල්වැසියෙක්. දැන් නං ඒ ගොල්ලෝ ඉන්නේ වෙන පලාතක, මාළඹෙන් හැරිලා යන පාරක.

දේවිකා ගේ හස්බන්ඩා, සුනිල්, මගේ යාළු මිත්තරයෙක්. ඒ හින්දා කතන්දර හාමිනේත් දේවිකා ගේ හිතවතියක් වුණා.

එදා දේවිකා අපේ ගෙදර ආවේ හාමිනේ ට පොඩි ආරාධනාවක් කරන්නයි.

"මං බියුටි කෝස් එකක් කරන්න පටන් ගත්තා මෙයා දේවිකා කිව්වා. ඒකේ ඉගෙනගත්තු ෆේෂල් කරන විදිය ප්‍රැක්ටිස් කරන්න ඕනෑ. ඒවා ඉතිං මට මගේ මූණටම කරගන්න බෑනේ. ඔයාට එන්න පුළුවනිද කියලා අහන්නයි මං ආවේ."

"ඇයි ඉතිං සුනිල්ට කතාකරගන්න තිබුණානේ?" මාත් කතාබහට එකතු වුණා.

"අනේ ඉන්න මෙයා විහිළු නොකර, සුනිල් ට කරන ෆේෂල්. එයා මේවට හිනා වෙනවා විතරයි මෙයා!"

"ආ ඕක මොකක්ද, මං එන්නංකෝ!" හාමිනේ කිව්වා.

"ඔව්, ඔයා යන්න, මං බබාව බලා ගන්නං" මං වීරයා සේ ඉදිරිපත්වුණා.

"කතන්දර නං හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් අනේ." ඒ දේවිකා ගේ පලමු නිබ්බුත පදය.

දේවිකා එදා අපේ ගෙදර ඇවිත් තිබුණේ කේක් ගෙඩියකින් බාගෙකුත් අරගෙනයි. ඒක එයාම ගෙදර බේක් කරපු බටර් කේක් එකක්.

"මං ඕගොල්ලන්ට හෝම් බේක් කේක් අරං ආවා මෙයා. මං කිලෝ දෙකක කේක් එකක් හැදුවා, ඒත් අපේ සුනිල් කන්නේ නෑනේ අනේ කේක්."

ඔන්න අපි තුන්දෙනාම කේක් කෑල්ල ගානේ කපාගෙන කෑවා.

"ඔයා හදන්නේ නැද්ද මෙයා කේක් වගේ ජාති?" දේවිකා ඇහැව්වා හාමිනේගෙන්.

"කේක් නං හදන්නේ නෑ දේවිකා, කඩෙන් ගන්න එක ලේසියනේ. හැබැයි මං ඉඳලා හිටලා එක එක කුකරි පොත්වල තියෙන රෙසිපි බලාගෙන කෑම නං හදන්න ට්‍රයි කරලා බලනවා. මේ ඊයේත් හැදුවා චිකන් ස්ටර් ෆ්‍රයි."

"ඔයා ගාව කුකරි පොත් ගොඩක් තියෙනවාද මෙයා?"

"ඔව් කීපයක් තියෙනවා, අර තියෙන්නේ. ඔය සේරම මෙයා තමයි ගෙනත් දුන්නේ මගේ උපන්දිනවලට" හාමිනේ කිව්වා.

"හානේ.. ..!!!" දේවිකා කුකරි පොත් ටික අරගෙන පෙරලලා බලන ගමන් කිව්වා "කතන්දර නං හරිම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් මෙයා. ඔයා නං හරීම ලකී අනේ!"

දේවිකා ගේ ඒ කතාව විස්තර කරන්න තමයි මං අර මුලින් විස්සෝප වුණා, හීල්ලුවා වගේ වචන පාවිච්චි කළේ.

ඔතන තිබුණු එක කුකරි පොතක් ගැන කතන්දරේ මං කලින් දවසක කියලා තියෙනවා බැඳපු මිනිස්සුන්ට උපදේශයක් හැටියට.

අනිත් පොත් කීපය ගත්තේත් සේල් එකක ලාබෙට දාලා තියෙනවා දැකලයි. (ප්‍රයිස් ටැග් එකෙන් කියවෙන තෑග්ගට ගිය වියදම අනුව නෙමේ තෑග්ගේ ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. තෑග්ග දීමේ චේතනාව සහ තෑග්ගෙන් ලැබෙන ප්‍රයෝජනේ මත තමයි ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. මෙන්න මං හාමිනේට අරං දීපු වෙනත් තෑග්ගක් ගැන විස්තරයක් තියෙන කතන්දරයක්. http://kathandara.blogspot.com.au/2011/09/irony-of-domestic-violence-but-not.html)

-කතන්දරකාරයා

ප/ලි:
අපේ ගෙවල් පැත්තේ ඉන්න ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ පහේ ශිෂ්‍යත්ව පන්තියට ළමයින්ව ගන්නේ පරීක්‍ෂණයක් තියලා ඒකෙන් පාස් වුණාම විතරයි. ඒ හින්දා මේ ටියුෂන් සර්ගේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයි 100% කටම තමන් ඉල්ලන හොඳ ඉස්කෝලේ ලැබෙනවා.

තමන් ඉගෙන ගත්තු ෆේෂල් කිරීම පුරුදු වෙන්න දේවිකා නෝනා, කතන්දර හාමිනේට අඬ ගැහැව්වේ ඇයි කියලා මට තේරුණේ ඒ ටියුෂන් සර්ගේ වැඩ පිළිවෙල මතක් වුණාමයි.

(image: http://www.gumtree.com.au/s-ad/ardross/other-books-games/old-cook-books-and-magazines/1000593275)

53 comments:

  1. ඉතින් ඔය "‍හරිම ෂෝක් හස්බන්ඩ්" කතාව කතන්දර හාමිනේ එ‍හෙම කවදාවත් කකාට කියලා නැද්ද..!!??

    ReplyDelete
    Replies
    1. මොකද නැතුව?
      නැත්තං විස්කි කොල පාට වෙනකං කොහොමද හිටියේ?

      Delete
  2. පලි කොටස දකින්නෝනි කතාන්දර හාමිනේ. එහෙනම් කතාන්දර ට උම්ම ගොඩාක් ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනේ ඔය කාරණාවම තමයි.

      Delete
    2. ටයිම් ටෙස්ටඩ්!

      Delete
  3. //තෑග්ග දීමේ චේතනාව සහ තෑග්ගෙන් ලැබෙන ප්‍රයෝජනේ මත තමයි ඇත්ත වටිණාකම තීරණය වෙන්නේ.//

    චේතනාව සහ ප්‍රයෝජනේ දෙකම කෑම තමානේ.
    'the way to a man's heart is through his stomach' කියලා තියෙන්නේ නිකමටද? :D:D:D

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කියමන

      Delete
    2. @පොඩ්ඩි,
      +++++++++++++++++

      Delete
    3. මං කිව්වෙත් ඒක තමයි!

      Delete
  4. අපි නොදන්න කුකරි .... මොයා මේ කුකරි පොත් කතන්දර හාමිනේට ගෙනත් දීල තියෙන්නෙ එයාට තියෙන ආදරේකට නෙවෙයි. කතන්දර හාමිනේ ඒව ටැස් කොරල කෑම හැදුවම, කාල දාන්න පුළුවන් නිසා. ෂෝයි හබී ....

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙත් ඒක තමයි හොඳට කියවලා බලන්න.

      Delete
  5. හෙහ්. හෙහ්... කකාගෙ නෝනා ලස්සනයි කියලා කියන්න යැව්වා නේද නාග රාජයෙක් ? නියම ටිකිරි මොලේ.

    නෝනාට බටර් ගාන්නේ, කකා නෝටි වැඩක් කරාද ? නැත්නම් මොකකට හරි අවසරයක් ඉල්ලන්නද යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇනිවසරි ළමයෝ, ඇනිවසරි!

      Delete
  6. මොකෝ ඊයේ රෑ අඩවුවක්වත් ඇල්ලුවද අද මේ බටර් ගාලා තියෙන්නේ? අර තෑග්ගේ කතාව නම් ඇත්ත. හැබැයි කතන්දර.. හාමිනේ විසින් කතාව වෙරිෆයි කලානම් තමයි හොඳ. කොහොම උනත් කියල තියෙන දේවල් ඇත්ත නම් හොඳ හස්බන්ඩෙක් වගේ පේනවා...

    ReplyDelete
    Replies
    1. හාමිනේ සේරම වෙරිෆයි කරනවා.
      විශේෂයෙන්ම ප/ලි කොටස.

      Delete
  7. ඔයානම් හරිම ශෝයි හස්බඩ් කෙනෙක් අනේ...... හි හී

    ReplyDelete
  8. මේකෙ දේවිකාගේ කතන්දර ගැන කියවෙන දෙබස් ටික නිකං අතින් දාල වගේ ගතියක් දැනෙනව. :D :D :D

    ReplyDelete
    Replies
    1. අතින් දැම්මේ අර හීල්ලුවාය විස්සෝප වුණාය වගේ විශේෂණ ටිකයි.

      නොදැම්ම කෑල්ල මෙන්න.

      අනේ අපේ සුනිල් නෑ නේ මෙයා මේ වගේ (පොත් හෙනත් දෙන්නේ)!

      (වරහන් තුල ඇත්දේ අතින් දාපු වචනය.

      මේ සිද්ධිය වුනේ දැනට කාලයකට කලින් බබා පොඩි කාලේ වුණත් මටත් අර රාජ් ට වගේ හොඳට මතකයි.

      Delete
    2. // අනේ අපේ සුනිල් නෑ නේ මෙයා මේ වගේ //

      මොකා .... මේක අහපු කතන්දරට හීන් දාඩිය දැම්මලු. දේවිකා ගෙදර ගිහිපු ගමන් ඔන් ද ස්පොට් ලු. (අර වරහන් ඇතුලෙ දාල තීන්නේ අපිව රවට්ටන්ට වෙන්ටෑ .. )

      Delete
  9. ඉතින් දේවිකාගේ ෆේශල් ටෙස්ටින් හොදට තිබුනද??

    ReplyDelete
    Replies
    1. නෑනේ, එයා ඒ කෝස් එක අතහැරියලු!

      Delete
  10. මේ කශූ ගැනද මන්දා කිව්වේ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ "ශුභ වේවා!" කියන එක?
      අර්ථය වැරදියි නේද?

      Delete
  11. ශෝක් හස්බන්ඩ් නෙව!
    කකා කලින් කතන්දර වල කියලා තිබුනේ හාමිනේට ගෙනල්ලා දීපු පොත්වලින් බලාගෙන කකා හදපු කෑම ජාතිද?

    //අපේ ගෙවල් පැත්තේ ඉන්න ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ පහේ ශිෂ්‍යත්ව පන්තියට ළමයින්ව ගන්නේ පරීක්‍ෂණයක් තියලා ඒකෙන් පාස් වුණාම විතරයි.//

    ටෙස්ට් එකෙන් පාස් උනානම් ටියුෂන් ඕන නෑනේ???

    ReplyDelete
    Replies
    1. ඇයි ටෙලිවිෂන් එකේ යන පාඩම්?

      ඒ ටියුෂන් කාරයාගේ ට්‍රික් එක තේරෙන්නේ නැතුවද මන්දා හැමෝම පොර ගාවට ළමයා දාන්න පොරේ!

      Delete
  12. //ප්‍රයිස් ටැග් එකෙන් කියවෙන තෑග්ගට ගිය වියදම අනුව නෙමේ තෑග්ගේ ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. තෑග්ග දීමේ චේතනාව සහ තෑග්ගෙන් ලැබෙන ප්‍රයෝජනේ මත තමයි ඇත්ත වටිණාකම තීරණය වෙන්නේ.///
    සහතික ඇත්ත!!

    ReplyDelete
    Replies
    1. ඕක පරණ උපදේශාත්මක කෑල්ලක් නේ.

      මෙන්න මං හාමිනේට අරං දීපු වෙනත් තෑග්ගක් ගැන විස්තරයක් තියෙන කතන්දරයක්.
      http://kathandara.blogspot.com.au/2011/09/irony-of-domestic-violence-but-not.html

      Delete
  13. බ්ලොග් අවකාශෙ කොහොමත් ඉන්නෙ වැරදිලාවත් කොටුවක් පනින්නෙ නැති, වෙන ගෑණියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති, ගෙදර ඔක්කෝම වැඩ කරගෙන ඒකට චෝදනා නොකර ඉන්න හරීම චෝයි හස්බණ්ඩලා, තමන්ගේ හස්බණ්ඩට සුවච කීකරුව ළමයි හදාගෙන, වැරදිලාවත් රණ්ඩු කරන්නේ නැතුව ඉන්න චෝයි වයිෆ්ලා, පෙම්වතියට සුවච කීකරු චෝයි බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා, පෙම්වතාට අවංක හරීම චෝයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා, ලෝකෙ සියළු දරුවන් තමන්ගේ දරුවන් වගේ හිතන කරුණාවන්ත අම්මලා තාත්තලා, අනෙකාගේ දුකේදී තමන්ගේ හිත උණු වෙලා කරන්න පුළුවන් නම් හදවතත් ගලවලා දෙන මිනිස්සු, ෆිට් වෙන්න නියම චෝයි යාළුවෝ, සුන්දර මිනිස්සු සුන්දර ගැහැණු තමයි. එකෙක් වත් එකියක් වත් නෑ නරක මිනිහෙක්/ගෑණියෙක්. හරීම හොඳ මිනිස්සු ටික ගෑණු ටිකක් පරීක්ෂණේකින් තෝරලා ගෙනල්ලා වගේ තමයි සිංහල බ්ලොග් අවකාශෙ හදල තියෙන්නේ. හොඳ නෑ කියන එවුන් පෙන්නපල්ලකො, එක නරක මිනිහෙක්/ගෑනියෙක් බ්ලොග් අවකාශෙ ඉන්න? පුළුවන්ද පෙන්නන්න? බෑ. මොකද එහෙම එවුන් නෑ. අපි ඔක්කෝම හොඳායි...හොඳායි...හොඳායි...ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝට වැරදිලා, මේ තියෙන්නෙ මේක ලියපු එකාගෙම ජීවිත කතාව කියලා ඌ ගැන හොඳටම දන්න එකෙක් කීවා
      http://www.liyanna-liyanna.blogspot.com/2011/12/blog-post_16.html

      Delete
    2. තමන්ට කැමති කතන්දර නේ ලියන්නේ!
      ඇයි ඔය මඩ තියෙන්නේ ඕනෑ තරම් අනුං ගැන නං.

      Delete
    3. අනේ නෑ බං ඒ වෙන කෙනෙක් ගැන ලියල තියෙන්නෙ. මේ බ්ලොග් අවකාශෙ ඉන්නවද බං කෂියා බොන එවුන්? ඔක්කෝම ගහන්නෙ කකා වගේ Red Label, Black Label, Blue Lable, රංගයා වගේ Ballantine's, VAT 69, Grants, The Famous Grouse, Teacher's Highland Cream, Chivas Regal තමා. නියම ජෙන්ටල්මෑන්ස්ලා. කබරයා දැම්මත් දාන්නෙ ජෙන්ටල්මෑන්ස්ලගෙ ඉස්ටයිල් එකෙන්. අනේ හරීම ස්වීට් මෙයාලා. බ්ලොග් අවකාශෙ ඉන්නෙ ඔක්කෝම හයිලි රෙස්පෙක්ටබල් ස්වීට් බෝයිස්ලා.

      Delete
    4. @ Ano 3:05 PM
      කතන්දර හාමිනේ පොඩි චීනේ ගිහින් එනකොට ඩියුටි free එකෙන් මට ගෙනත් දුන්නු තෑගි අතර නං තිබුණා ඔය කියන හොඳ බීම ජාති.
      http://kathandara.blogspot.com.au/2011/12/kk-is-showered-with-presents.html

      Delete
    5. AnonymousMay 30, 2012 1:45 PM & AnonymousMay 30, 2012 3:05 PM......
      බ්ලොග් ලියන්නේ කොමෙන්ට් කරන්නේ ඔය කියන ජාතියේ ජෙන්ටල්මෑන් ලා විතරක් නෙවේ...අනුන්ගේ කුණු හොයන...හැම දේම නුහුරට පෙනෙන...ජීවිතේ දුකයි සුදා කියල හොරෙන් සොමි දාන උඹලා වගේ ඇනෝලාත් ඉන්නවා...

      Delete
    6. @AnonymousMay 30, 2012 3:37 PM,

      ඒකනේ බං මං සිංහලෙන් කිව්වෙ ඉස්සෙල්ලා.

      කමෙන්ට් කරන්නේ අපි වගේ අනුන්ගේ කුණු හොයන, හැම දේම නුහුරට පෙනෙන කාලකණ්නි දසයෝ.

      හැබැයි බ්ලොග් ලියන්නේ ගුණ යහපත්, සිරියාවන්ත කරුණාවන්ත, ශීලාචාර, රහසින් වත් පව් නොකරන, අනුන්ගේ දුකේදි හදවත වෙඬරු පිඬක් මෙන් උණු වෙන මහත්තුරු හා නෝනලා. ජෙන්ටල් මෑන්ස්ලා හා ජෙන්ටල් වුමන්ස්ලා.

      Delete
  14. ඒ කියන්නෙ වල ගොඩැලි රැලි ආවාට කැපුම් පාරවල් වගේ සෑහෙන චැලෙන්ජස් තියෙන මූනක් එක්ක තමයි දේවිකා පලවෙනියට වැඩට බැස්සෙ??

    ReplyDelete
    Replies
    1. දේවිකා මං හිතන්නේ ඒ කෝස් එක අතහැරලා, ඩේ‍රස් මේකින් එකකට යන්න පටන් ගත්තා.

      Delete
  15. මොනා වුනත් හොද චාන්ස් එකක්!

    ReplyDelete
    Replies
    1. මේක අපේ බබා පොඩි කාලේ කතන්දරයක්. චාන්ස් නං කොච්චරක් කියලද?

      Delete
  16. දේවිකා අරහෙම කිව්වම කතන්දර හාමිනේ ''ටච් වුඩ් ''කියල මේසෙකට වත් තට්ටුවක් දැම්මේ නැද්ද . නැත්නම් ''තුක් තුක් ''කියල අහකට කෙල ගැහුවද . මොනවා වුනත් හාමිනේට ඇනිවසරි පෝස්ට් දෙකක්ම ලියන්න හිතුන කියන්නේ කකා ඇත්තටම හොඳ ස්වාමි පුරුෂයෙක්

    ReplyDelete
    Replies
    1. දන්නවද මේ කමෙන්ට් එක දැකල මේ දැං හාමිනේ කියපු දේ?

      "ඔයාට මේ කතාව කියවන කාන්තා පක්‍ෂයෙන් නං හොඳ නම ලැබේවි!" කියලා කිව්වා?

      Delete
    2. give my regards to her.

      Delete
  17. දේවිකාට ඔහොම කියන එක වැරදියි නේද... මොනා වුනත් කතන්දරට හෙන ලෙංගතු පාටයිනේ....

    ReplyDelete
  18. දේවිකා ගියාට පස්සේ හාමිනේ ඇස්වහ කටවහ ටිකක් පිච්චුවේ නැත්ද..

    ReplyDelete
  19. කතන්දර හාමිනේ හරි ෂෝයිනේ.......! (ගුඩ් ඔන් යූ කසූ......! )

    ReplyDelete
  20. උපා දන්නෝ අපායේ නොවැටෙති.. (තැන්ක්ස් ෆො ද පීස් ඔෆ් අඩ්වයිස්.)

    ReplyDelete
  21. වැදගත් ප්‍රශ්ණයක් තියෙනවා.

    දේවිකා දිගින් දිගටම කකාව වනන්න ගත්තා ද? එහෙම උනානම් කතන්දර හාමිනේගේ ප්‍රතිචාර කොහොම වෙයිද? අන්න දේවිකා එනවා, "කකා ඔයා ගෙට යන්ඩ... මං ඇයි කියලා බලන්නම්?" කියලා කියයිද?

    දැනගෙන ඉන්න එක හොඳයිනෙ....!

    ReplyDelete
    Replies
    1. බුද්ධි+මත් පුශ්නයක්[වගේ]

      Delete
  22. අනේ මන්දා කාකා අපේ පැත්තේද කියලා ?
    අපේ ගෙවල් දිහාවෙත් ඔහොම ක්ලාස් එකක් තියෙනවා 5 වසරේ උන්ට

    ReplyDelete
    Replies
    1. මම උඹලගේ දිහාවනම් දන්නේ නැහැ බන් මාතරත් ඔය වගේ එව්වා තියනවා.
      කතන්දර කිව්වත් වගේ ඔය වගේ තැන් වලට තමයි ළමයි දාන්න පොරේ

      Delete
  23. අනේ ස්වීට් හස්බන්ඩෙක් නේ කකා ලොක්කා

    ඇත්තට පරණ පෝස්ට් කියවද්දි අහුවෙන වචනයක් තමයි “පස්තාච්චි“ කියන එක මොකක් ද ඇත්තට “පස්තාච්චි“ කියන්නේ ?

    2009 නොවැම්බර් වල වගේ දාපු පෝස්ට් කෑල්ලක් කියෙව්වා ඒ කාලේ කකා අයියට එච්චර කමන්ට්ස් නෑනේ පොස්ට් වලට කමන්ට්ස් 06 තියෙන්නේ,හැබැයි ඉතින් කතාව නම් හොඳයි
    [http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html]

    ReplyDelete
    Replies
    1. පස්තාච්චි කියන්නේ පශ්චාත් උපාධි හෙවත් පෝස්ට් ග්‍රැජුවේට් කියන එකට හදා ගත්තු වචනයක්.

      තාම නං කවුරුවත් කිව්වේ නෑ මං පස්චාත් උපාධිවලට අපහාස කරනවා කියලා නං!

      ඒ වලියට බර කතාව ලියපු කාලේ බ්ලොග් කියවන පිරිස හරි අඩුයි. වින්ඩෝස්වල සිංහල තිබුනේ නෑ. පැච් එකක් දාගන්න ඕනෑ. සිංහලෙන් ටයිප් කරන්න දන්න පිරිස ඊටත් අඩුයි.

      Delete
  24. සියළු හස්බන්ඩලා සහ වෙන්ඩ හස්බන්ඩලා ෂෝයි හබීලා වේවා!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.