Monday 21 May 2012

බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!


මීට අවුරුදු දහයකට දොළහකට විතර කලින් මෝඩයා ගේ පෙට්ටියේ කොටස් වශයෙන් ගිය ටෙලියක තිබුණු කෑල්ලක් තමයි ඔය උඩින් මාතෘකාවට දාලා තියෙන්නේ.

මේ කියන සීන් එකේ තිබුනේ, හොඳටම ඩෝප් වෙච්ච එකෙක් (කතාවේ හැටියට කෙල්ලගේ අයියද කොහෙද) ඔය කවි කෑල්ල කිය කිය පාරේ වැනි වැනී යන විතරයි.

ඒ ටෙලියේ තිබුණු වෙන කිසිම දෙයක් මට අද මතක නැති වුණත්, අවුරුදු දොළහකට පස්සේත්, ඒ කවි කෑල්ල තාමත් මතකයි.

ඒකට හේතුව මංතුමා කයි-කතන්දරවලට කැමති එක විතරක්ම නෙමේ.

අද අපේ කෂ්ටිය බහුතරයක් බුද්ධාගම ප්‍රැක්ටිස් කරන විදිය ගැන මුළු කතාවම ඔය කවි දෙපදයේ ඇතුලත් වෙනවාය කියලයි මට හිතෙන්නේ. අන්න ඒකයි!

තමන් නැති කාලෙක ධර්මය ගුරුකොට සලකන්න කියලා බුදුන් කිව්වා වුණාට, අපේ කෂ්ටිය හුඟ දෙනෙක් තවමත් කරන්නේ පිළිම වන්දනාව විතරයි.

ඊලඟට, සසර කෙටිකරගන්න බැඳි ඉවත්කර ගන්නවා වෙනුවට බුද්ධාගම ගැනත් අනවශ්‍ය බැඳීමක් ඇතිකර ගන්නවා.

ඒ මදිවට තමන් බුද්ධාගමේ සෙල්ෆ් ඇපොයින්ටඩ් අයිතිකාරයෝ විදියට කටයුතු කරන්න යනවා. හරියට අර ඉස්කෝලවලට ඉන්න අයිතිකාරයෝ වගේ.

අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න දැන් අවුරුදු කෙකට විතර කලින් මගේ හිතවතියක් ඊ-මේල් එකක් එව්වා මං ඇතුළු දහපාලොස් දෙනෙකුට. ඒකේ තිබුණේ චූල කම්ම විභංග සූත්‍රයේ පරිවර්තනයක්ය කියන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්.

එතන බුදුහාමුදුරුවෝ සුභ කියලා තරුණයෙකුට කිව්වාය කියන කරුණුවලින් මට මෙන්න මේ වගේ අදහසක් ආවා.

1. මේ ආත්මේ පෝසත් අය පහුගිය ආත්මවල දාන දිපු අයයි. එහෙම නොකරපු අය දුප්පත්ව ඉපදිලා ඉන්නවා.

2. මේ ආත්මේ අඩුකුලේ ඉපදිලා ඉන්නේ ගිය ආත්මවල අනුන්ට ගැරහූ, අධිමාන්නෙන් හිටපු, පිදිය යුත්තන්ට පිදුවේ නැති අය. පිදිය යුත්තන්ට පුදපු අය උසස් කුලේ ඉපදිලා ඉන්නවා.

මේ කතාව මට ඇල්ලුවේ නෑ. මං මෙන්න මෙහෙම ලියලා යැව්වා.

"මේ කතාව අනුව බුදුන් මේ කොල්ලාව නොමග යවලානේ!

1. මිනිස්සු දුප්පත් පෝසත් කියන්නේ ධනය බෙදී යන අසාධාරණ ක්‍රමය නිසයි. මේ කියන විදියට රටේ ආර්ථිකය දියුණු කරන්න හැකි එකම විදිය නම් පිණට දීමයි. ඒ කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමයකට ගියොත් මුළු ලෝකයම දියුණු වෙයිද?

2. සමහරු අඩු කුලවල ඉපදෙන්නේ ඒ කුල අඩුයි කියලා අනිත් උන් සම්මත කරගෙන තියෙන නිසයි.

මේ කියන විදියට නං වැඩේ වෙන්නේ මුලින්ම දැන් අවුරුදු 2,500කට පස්සේ ඉන්දියාවේ පවා කුල භේදය සෑහෙන් නැතුව ගිහින් තියෙන්නේ මිනිස්සු එන්ණ ුණ්ණඟ හොඳ වෙලා තියෙන හින්දද? දෙවනුව, කුලභේදය නැති සමාජවල ඉපදෙන මිනිස්සු හැමෝම හොඳ වැඩ කරපු අයද?"

මෙන්න බොලේ මගේ උත්තරේ කියවපු ඒ ඊ-මේල් ලයිස්තුවේ හිටිය නෝනා කෙනෙක් මෙහෙම කියනවා.

"කවුද අනේ මේ බුදුන් ගැන පැහැදීමක් නැති කෙනා? මෙයා (මැරුණට පස්සේ්) යන තැන මට හිතාගත්තෑකි!"

ඒ නෝනා ඉතාමත් ශ්‍රද්ධාවෙන් බණ භාවනා කරන සිල්වත් ගුණවත් කෙනෙක්. ඒ ගැන මගේ විවාදයක් නෑ. හැබැයි ඒකේ තරමක් අන්තයට ගිහින් බවයි මට ඒ පිළිතුරෙන් පෙනුනේ. ඒකනේ නෝනා කියන්නේ මං ඒ සූත්‍රයේ කරුණු විවේචනය කළ එක නිසා මං අපායට යන්න පුළුවන් වගේ කතාවක්.

කොහොම හරි ලොකුම වලියකට නොගිහින් වැඩේ ෂේප් වුණා. මෙන්න ඒ ඊ-මේල් දෙබස සිංහලෙන්.

මම: "ප්‍රිය නෝනෝ, මං ඔබ තරම් දැනුමක් නොමැති වුණත් බුදු දහමේ 'ඒහි-පස්සිකෝ' ගුණය ගැන දන්නා අයෙක්. ඊ-මේලයකට පිළිතුරක් යැවූ පමණින් මගේ අවසානය තීරණය වේ නම් - අහා, කෙතරම් අගීද?"

නෝනා: "ප්‍රිය කතන්දර, 'ඒහි පස්සිකෝ ගුණය' ගැන ඔබට දැනුමක් ඇති බව අසා සතුටු වුණා. ඔබට 'පච්චත්තං වේදී තබ්බ විඥ්ඥූහී' ගැනත් දැනුමක් ඇති යැයි සිතනවා.
අප සැමට 'අරහං', 'සම්මා සම්බුද්ධෝ' සහ 'විජ්ජාචරණ සම්පන්නෝ' ගුණ ගැනද සම්පූර්ණ විශ්වාසයක් (full confidence) ඇතිනම්, අපේ බුදුරජුන් කියූ දේ ගැන විශ්වාසය (believe) ඇති කර ගැනීම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. අවබෝධයේ (enlightenment) මුල් පියවර ශ්‍රද්ධාවයි."

මම: "ප්‍රිය නොනෝ, ඔබේ පිළිතුරට ස්තුතියි. එය සැබවින්ම අගේ කරමි. විශ්වාසය (believe) යන්න මෙහිදී වැරදි වචනයකි. එය බුදු දහමට මුළුමණින්ම පිටස්තර (alien) වූ අදහසකි. මා කැමති විශ්ලේෂණයකර (analyse) අවබෝධ (understand) කරගන්නයි. මට යමක් අදහන්න (believe) යැයි කියනු ලැබුවොත්, එහි අනිවාර්යෙන්ම වැරුද්දක් හෝ තර්කානුකූල නොමැති දෙයක් තිබේ."

නෝනා: "ප්‍රිය කතන්දර, ඔබ ඇත්තටම හරි. ස්තුතියි."

මං අද කතන්දරයෙන් කියන් උත්සාහ කළ කරුණු කිහිපය මෙන්න මේවා.

1. බුදුදහමට ඇදහිල්ලක් සම්බන්ධ නෑ.

2. යම් සැකයක් ඇති නම් බුදුදහමේ ඒකට විසඳුම විශ්වාස කිරීම නොවෙයි, ප්‍රශ්ණ කිරීමයි (Antidote to doubt is not faith but enquiry).

-කතන්දරකාරයා

ප/ලි:
අනික මං දන්න තරමින් බුදුදහමට අයිතිකාරයෙක් නෑ. මං ඕක කලින් දවසක චතුරාර්ය සත්‍යය ඕපන් සෝස් සංකල්පයක්ය කියලා ලියලා තව පොඩ්ඩෙන් ගුටි කනවා.

(image: http://www.lakehouse.lk/budusarana/2010/02/28/tmp.asp?ID=fea07)

192 comments:

  1. හොඳ කතන්දරයක් කතන්දර.:)

    //යම් සැකයක් ඇති නම් බුදුදහමේ ඒකට විසඳුම විශ්වාස කිරීම නොවෙයි, ප්‍රශ්ණ කිරීමයි//

    අපේ කට්ටිය කොහොමත් විශ්වාස කිරීමට වඩා ප්‍රශ්න කිරීමට දක්ෂයි.:D

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ විතරද? වලියටත් බරයි නේ!

      Delete
  2. ලංකාවේ බුදු දහමත්,ලංකාවේ තියෙනවා කියන ප්ර් ජාතන්ත්රවාදය කියන එකත් හරි අපුරු අරුම පුදුම දේවල් තමයි.

    ReplyDelete
  3. අද බුදු දහම කියන්නේ තනිකරම ඇදහීමයි විශ්වාස කිරීමයි පමණක්ම වෙලා. "අර හාමුදුරුවෝ අර පොතේ මෙහෙම කියලා තියෙනවා. ඒක නිසා ඒකතමයි හරියටම හරි!" ඔන්න ඕක තමයි අද බහුතරයකගේ බුදු දහම. පොතේ තියන කරුනු ගැන ප්‍රශ්න මතුකරන අය පොළොව පලාගෙන අපායේ යනවා! :D

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්ණය තමයි ඔන්න ඕක. අදහනවා, අයිතිකරගන්නවා. වලියට එනවා!

      Delete
  4. හ්ම් ... ඔය දීල තියෙන්නෙ උත්තර, පැනගෙන ආපු කෂ්ටියට.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලියලා දැන් ටිකක් කල්. හැබැයි ඊයේ එකට ගැලපෙනවා.

      Delete
  5. මුලින්ම කියන්න ඕනෙ මම කතෝලිකයෙක්..

    මට පේන හැටියට අනිත් ආගම් විශ්වාසය මත පදනම් වූ ඒවා වුවත් බුදුදහම විශ්වාසයට වඩා ප්‍රතිපත්ති මත පදනම් වී තිබෙනවා.. මට හිතෙන හැටියට බෞද්ධාගමික අය දෙවියන් ඇදහීම, දේවාලවල භාරහාර වීම, යම් යම් දේ දෙවියන්ගෙන් ඉල්ලීම වගේ එව්වා බෞද්ධ දර්ශනයට පටහැනියි. මම හරිද?

    මේක බුදු දහම විවේචනය කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි.

      //දෙවියන් ඇදහීම, දේවාලවල භාරහාර වීම, යම් යම් දේ දෙවියන්ගෙන් ඉල්ලීම වගේ එව්වා//

      මේවා කරන්නෙ බෞද්ධයෝ නෙවෙයි,"හින්බුඩ්ඩො"
      හින්බුඩ්ඩො කියන්නෙ උප්පැන්න සහතිකේ ආගම කියන තැන "බුද්ධාගම" යනුවන් සදහන් කර ඇති, එහෙත් හින්දු ආගම අදහන්නවුන්ට...
      සැබෑ බෞද්ධයා යනු පිළිපදින්නෙක් මිසක අදහන්නෙක් නෙවෙයි.

      Delete
    2. දෙවියන් ඇදහීම විතරක් නොවෙයි, බුදුන් 'ඇදහීමක්' ගැනත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන්නෙ නෑ.. ධර්මය අවබෝධ කරගැනීම හා ඒ අනුව කටයුතු කිරීම තමයි මාර්ගය. නමුත් බෞද්ධ සාහිත්‍යය කියන එක දේව සංකල්ප වලින් පසු කාලීනයන් විසින් නොමසුරුව පෝෂනය කරල තියනව. "දෙවියන් ඇදහීම, දේවාලවල භාරහාර වීම, යම් යම් දේ දෙවියන්ගෙන් ඉල්ලීම වගේ එව්වා" ත් ඔය කියන බෞද්ධ සාහිත්‍යයේ ලූස් එන්ඩ්ස් වලින් එල්ලිච්ච අය කරන දේවල්.. පන්සල් ආශ්‍රිත් දේවාල කපු මහත්තේල වගේම මහැදුරු නලින් පප්පත් එල්ලිල ඉන්නේ ඔව්වගෙම තමා..!!!

      Delete
    3. මම මේක ලියන්නෙ ඔබ රෝමානු කතෝලික බව සඳහන් කර තිබුනු නිසයි. බෞද්ධයන් නම් මේ කරුණු බොහෝ විට දන්නවා.

      බුදු දහම දෙවියන් ප්‍රතික්ශේප කරන්නේ නෑ. බුදු දහමේ ඕනෑ තරම් දෙවි වරු ගැන සඳහන් වෙනවා. දෙවිවරු ගැන විතරක් නෙමෙයි බ්‍රහ්මයො ගැනත් සඳහන් වෙනවා.

      ලෞකික ජීවිතයේ ප්‍රශ්න වලට දෙවියන් ගෙන් පිහිට ඉල්ලීමත් බුදු දහම ප්‍රතික්ශේප කරන්නේ නෑ. (ලෞකික ජීවිතයේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා දෙවියන් පසුපස යෑමට බුදු දහම මිනිසුන් පොළඹවනවා කියලා කිව්වොත් මම හිතන්නෙ ඒ කතාව වැරදී. එහෙම දිරිගැන්වීමක් නම් නැහැ. හැබැයි මම දන්න විදියට ලොකුවට එපා කියලත් නෑ.)

      මම දන්න විදියට මිනිසුන් දෙවියන්ගෙන් උපකාර ඉල්ලීම ගැන හොඳම අදහස කියලා තියෙන්නෙ දැන් ටික කාලෙකට ඉස්සෙල්ල අපවත් වී වදාල රේරුකානෙ චන්දවිමල හාමුදුරුවො. (ඔබ, උන්වහන්සේ ගැන අහලා නැතිව ඇති.) කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුපස ගොස් රැකියාවක් ඉල්ලගන්න ලැජ්ජවෙන්නෙ නැත්නම්, රැකියාවක් ලබගන්න (නැත්නම් වෙන ප්‍රශ්නයක් විසඳගන්න) දෙවියන්ගෙනුත් උදව් ඉල්ලන්න ලැජ්ජවෙන්න ඕනෙ නෑ.

      දෙවියො කියන්නෙ අපිට වඩා සෑහෙන්න හැකියාවන් තියෙන පිරිසක්. ඉතින් බැරි අමාරු වෙලාවකදි උදව්වක් පදව්වක් ඉල්ල ගත්තාම මොකද වෙන්නෙ?

      Delete
    4. /කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුපස ගොස් රැකියාවක් ඉල්ලගන්න ලැජ්ජවෙන්නෙ නැත්නම්, රැකියාවක් ලබගන්න (නැත්නම් වෙන ප්‍රශ්නයක් විසඳගන්න) දෙවියන්ගෙනුත් උදව් ඉල්ලන්න ලැජ්ජවෙන්න ඕනෙ නෑ./

      මා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පස්සෙ ගිහිල්ල රස්සාවක් ගන්න ලැජ්ජයි. ඒතකොට රස්සාව හම්බ වෙන්නෙ සුදුස්සාට නෙවෙයිනෙ. දැන් මේ විදියට දෙවියොත් සලනක්කෙ නුසුදුස්සාටද?

      Delete
    5. නමුත් බෞද්ධයන්ට දෙවියන් ගෙන් උදවු ඉල්ලන්න කියලා බුදු හාමුදුරුවො කොතැනකවත් කියල නැහැ, කරදරයකදි බුදුගුන සිහි කිරිම හා මෛත්‍රිය වඩන්න කියල තමයි දෙශනාවේ තියෙන්නෙ.දෙවියන්ටත් භය ඇතිවු විට බුදු ගුන සිහිකරන්න කියල බුදුන් වහන්සේ දෙශනා කරලාතියෙනව (ධජග්ග සුත්‍රය).... දෙවියන්ට පිං අනුමොදනා කරන්න කියල හියෙනවා, එතකොට දෙවියන් පිං අනුමොදනා වෙලා අපිට ආශිර්වාද කරන බව සඳහන් වෙලා තියෙනවා....දෙවියන් අප වගෙ පලතුරු එලවලු මස් මාංශ අනුභව කරන්නෙ නැහැ, එ නිසා පලතුරු වට්ටි අරගෙන ගිහින් පුජ කලාට වැඩක් නැහැ, බිලි පුජා දුන්නට වැඩක් නැහැ... එවා නිශ්පල ක්‍රියා බව බුද්ධ දෙශනාවෙම තියනවා

      Delete
    6. වැදගත්ම දේ තමයි ඔය මොනවා කිව්වත් මං කියපු පලියට ඬිශ්වාස කරන්න එපාය කියාලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක!

      Delete
    7. /**

      නමුත් බෞද්ධයන්ට දෙවියන් ගෙන් උදවු ඉල්ලන්න කියලා බුදු හාමුදුරුවො කොතැනකවත් කියල නැහැ, කරදරයකදි බුදුගුන සිහි කිරිම හා මෛත්‍රිය වඩන්න කියල තමයි දෙශනාවේ තියෙන්නෙ.දෙවියන්ටත් භය ඇතිවු විට බුදු ගුන සිහිකරන්න කියල බුදුන් වහන්සේ දෙශනා කරලාතියෙනව (ධජග්ග සුත්‍රය)

      **/

      මේක බොහෝ දුරට හරි. මම ලොකුවට විරුද්ධවෙන්නේ නෑ. බුදු දහම දෙවියන් පිළි ගන්නේ නෑ කියන හේතු වාදී බෞද්ධයන් අතර ඔබ මට දෙවියෙකි.

      ඒත් මම කියන්නෙ දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා කියලා ඒක මහා ලොකු වැරද්දක් වෙන්නෙත් නෑ. අපි යාළුවන්ගෙන් උදව් ඉල්ලන්නෙ නැත්ද? නමුත් අපේ යාළුවොත් සර්වසම්පුර්ණ අය නෙමෙයි නෙ. ඒ ගොල්ලොත් සර්වබලධාරී නෑ. නමුත් අපි උදව් ඉල්ලනවා. ඒ ගොල්ලොත් පුලු පුළුවන් විදියට උදව් කරනවා.

      මම හිතන්නෙ නෑ කාගෙන්වත් උදව් ඉල්ලන්න එපා කියලා බුදු හාමුදුරුවො කියලා තියනවා හරි, කගෙන්වත් උදව් නොඉල්ලිය යුතුයි කියලා අදහසක් අපිට බෞද්ධ ඉගැන්වීම් වලින් ව්‍යුත්පන්න කරන්න පුළුවන් කියලා හරි. එමෙන්ම, කගෙන් හරි උදව් ඉල්ලන එක ධර්ම විරෝධී හරි, අපි කාගෙන් හරි උදව්වක් ඉල්ලුවොත් ඒක බුදු දහමට පටහැනි වෙනවා කියලා, හරි මම හිතන්නෑ.

      අපි වෙනත් අයගෙන් උදව් ඉල්ලුවාට කමක් නැත්නම්, ඊළඟ ප්‍රශ්නය අපි උදව් ඉල්ලන්න ඕනෙ මිනිසුන්ගෙන් විතර ම ද නැත්නම් ඒක මිනිසුන්ට විතරක් සීමා නොකර, අපි දෙවියන්ගෙනුත් උදව් ඉල්ලුවාට කමක් නැත්ද කියලා. මම නම් හිතන්නෙ කමක් නෑ.

      මම හිතන්නෙ රේරුකානෙ හාමුදුරුවන්ගෙ උපමාවෙන් කියැවෙන දේ තමයි දෙවියන්ගෙන් උදව් ඉල්ලන එකෙයි බලවත් මිනිසුන්ගෙන් උදව් ඉල්ලන එකෙයි වෙනසක් නෑ කියන එක. දෙගොල්ලොම නිකන් උදව් කරන්නෙ නෑ. කිසියම් මිනිසෙක් හරි කිසියම් දෙවියෙක් හරි නිකම්ම උදව් කරන්න ඉඩ තිබුනත් ඒක හැමවෙලේම වෙන්නෙ නෑ. දෙවියොත් පිං හරි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි උදව් ඉල්ලන කෙනත් කිසියම් විදියකට හෑල්ලු වීමක් තියෙනවා.

      තව කෙනෙක් අහලා තියෙනවා දෙවියොත් සලකන්නෙ නුසුදුස්සටද කියලා. එයා බෞද්ධ ද අබෞද්ධ ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි බෞද්ධයො නම් දන්නව දෙවියො ත් පෘතඥනයි ඒ නිසා දෙවියො ඕනෙ තරම් වැරදි වැඩ කරනවා කියලා.

      Delete
    8. /**

      වැදගත්ම දේ තමයි ඔය මොනවා කිව්වත් මං කියපු පලියට ඬිශ්වාස කරන්න එපාය කියාලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක!

      **/

      බුදු හාමුදුරුවො ඔහොම කිව්වද කියලා අපි කොහොමද දන්නෙ? කාලාම සූත්‍රයත් අපි දන්නෙ කිසියම් මූලාස්‍රයකින්නෙ. දැන් ඇයි අපි ඒ මූලාස්‍රය විතරක් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගන්නෙ? බුද්ධිවාදීන්ට කාලාම සූත්‍රය බුද්ධ දේශනාවක්ම තමයි කියන එක ගැන නම් කිසිම සැකයක් නෑ.

      අපිට ඕනෙම දෙයක් ගැන "ඕක කොහොමද දන්නෙ?", "ඕක කොහොමද දන්නෙ?" කියලා කෙළවරක් නැතිව අහගෙන, අහගෙන යන්න පුළුවන්. නමුත් මෝඩ විදියට එහෙම අහන එකේ කිසිම තේරුමක් නෑ. මොකද අපිට එතකොට කිසිම දෙයක් දැනගන්න / පිළිගන්න බැරිවෙනවා; ජීවත් වෙන්න රැකියාවක් කරන්න බැරිවෙනවා. ලෝකය කියන්නෙ සම්මුතියක්. සම්මුතියක් තියෙන්නෙ ශ්‍රද්ධාව / විශ්වාස / උපකල්පන ආදිය එක්ක මිසක් ඒවා නැතුව නෙමෙයි. උපකල්පන මත පදනම් නොවන දැනුමක් / සම්මුතියක් ලෝකයේ නෑ.

      රහතන් වහන්සේලා පමණක් සහභාගී වුනු පළවෙනි සංඝායනාවෙදි, එකඟතාවයක් ඇති කර ගත්තා කිසියම් ධර්ම කරුණක් ගැන මතබේදයක් ඇති වුනොත්, බුද්ධශාසනයේ හතර වෙනියා විදියට සැලකුනු කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ මතය, නිළ මතය විදියට පිළිගන්න. (මොකද පළමු තුන්දෙනා වුනු, බුදු හාමුදුරුවො, සැරියුත් හාමුදුරුවො සහ මුගලන් හාමුදුරුවො ඒ වන විට පිරිණිවන්පාලා.) එහෙම නැතිව කිසිම රහතන් වහන්සේ නමක් කියන්න ගියේ නෑ කාලාම සූත්‍රයක් ගැන.

      කාලාම සූත්‍රය තියා කිසිම දෙයක් අදාල සංධර්භයෙන් පිටත පාවිච්චි කරන්න බෑ. එහෙම කලොත් "කාලාම සූත්‍රය බුද්ධ දේශනාවක් ද?", "කාලාම සුත්‍රය බුද්ධ දේශනාවක් කියලා හරියටම අපි දන්නෙ කොහොමද?", "කාලාම සූත්‍රය බුද්ධ දේශනාවක් කියලා හරියටම දැනගත්තා වුනත්, කිසිම දෙයක් මම කියන නිසා පිළිගන්න එපා නම් ඇයි අපි කාලාම සූත්‍රය විතරක් බුදුහාමුදුරුවො කියන නිසාම පිළිගන්නෙ" වගේ ප්‍රශ්න රාශියක් එනවා.

      මේවායින් පැහැදිලි වෙන්නේ උපකල්පන වලින් තොර දැනුමක් නෑ කියන එක. ශ්‍රද්ධාව / විශ්වාසය කියන එක බැහැර කරන්න බැරි වෙන්නෙ මේ නිසයි. බුදු දහම ප්‍රතික්ශේප කරන්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. බුදු දහම ආකාරවතී ශ්‍රද්ධාව පිළිගන්නවා. හැබැයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නෙ කෙලෙවරක් නැතිව "ඕක කොහොමද දන්නෙ?", "ඕක කොහොමද දන්නෙ?" කියලා ප්‍රශ්න අනන්තයක් අහන එකට නෙමෙයි.

      කාලාම සුත්‍රයෙත් අන්තිමට බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරනවා.

      Kalamas, when you yourselves know: "These things are good; these things are not blamable; these things are praised by the wise; undertaken and observed, these things lead to benefit and happiness," enter on and abide in them.'

      http://en.wikipedia.org/wiki/Kalama_Sutta

      ... these things are praised by the wise; undertaken and observed ...

      Delete
    9. දෙයියොන්ගෙන් ඉල්ලමු කියන ඇනෝලගෙන් මේ අහන්නෙ. ඔය දෙයියො කියන්නෙ හින්දූන් අදහන තිස්තුන්කෝටියටද? නැත්තං වෙනත් කට්ටියක්ද? එතකොට පල්ලිය, හම්බයින් අදහන දෙයියො ඔට්ටු නැද්ද?

      නියම බෞද්ධයා බුද්ධ වචනය පිළිපදී. මිත්‍යා විශ්වාස වලින් වළකී.

      කණගාටුවට කරුණ නම් මඩිය තර කරගැනීමට දෙයියන්ව පන්සලට බැඳගත් කපු හාමුදුරුවරුවරුද බුදුන් වහන්සේව දේවාලයට ගත් කපු වරුන්ද සිටීමය.

      Delete
    10. Sumith Niriella,

      ඔයාට උප්පැන්න සහතිකයක් නෑ නේද? තියෙනවානම් මේ වගේ ගොංකතා කියන්නෙ නෑ. උප්පැන්නෙ කොහෙද හලෝ ආගමක්. මෙව්වට තමා දෙයියන්ගෙ හාල් කැවිලා කියන්නෙ

      Delete
    11. /හැබැයි බෞද්ධයො නම් දන්නව දෙවියො ත් පෘතඥනයි ඒ නිසා දෙවියො ඕනෙ තරම් වැරදි වැඩ කරනවා කියලා./

      නාථ දෙවියොත් වතුරෙ ආසනික් තියෙනව කියලා හත් පොළේම ගා ගත්තෙ පෘතග්ජන හන්ද වෙන්ඩ ඇති.

      Delete
    12. බුදු දහම අනුව දෙවියන් වර්ග කළ හැකි එක් ආකාරයක් නම් සම්‍යක්දෘශ්ටික දෙවිවරු සහ මිත්‍යාදෘශ්ටික දෙවිවරු යන බෙදුමයි. සාමාන්‍යයෙන් කිතුනු, ඉස්ලාම් ආදියට සම්බන්ධ දෙවිවරු මිථ්‍යාදෘශ්ටික දෙවිවරුන් ලෙස සැලකීම සිදුවෙයි. එහෙත් යමක් ඉල්ලුවාම ඒ ඉල්ලන දේ ලැබෙන්න තියෙන ඉඩ සම්‍යක්දෘශ්ටික දෙවියෙක් ගෙන්ද ඉල්ලන්නෙ නැත්නම් මිථ්‍යාදෘශ්ටික දෙවියෙක්ගෙන්ද ඉල්ලන්නෙ කියන එක උඩ රඳාපවතිනවයි කියලා මම නම් හිතන්නෙ නෑ. සම්‍යක්දෘශ්ටික දෙවියෙක් මෙන්ම මිථ්‍යාදෘශ්ටික දෙවියෙක් ද ඉල්ලන දේ දෙන්න වගේම නොදී ඉන්නත් ඉඩ තියෙනවා. ඒක තීරණය වෙන්නෙ දෙවියන්ගෙ තියෙන උනන්දුව, හැකියාව මත.

      Delete
    13. මිථ්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්න පුළුවන්ද? දැන් අල්ලාහ් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් කියමුකෝ. හැබැයි ඔය කියන විදියට අල්ලාහ්ට පුළුවන් තමන්ට යාඥා කරන අනුගාමිකයින්ට මොන මොනව හරි දෙන්න. එතකොට අල්ලාහ් කියන එක හරිනෙ. ඒක මිථ්‍යා දෘෂ්ටියක් නෙවෙයිනෙ. එතකොට අල්ලාහ් කියන්නෙ සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් වෙන්න එපායැ. ඇත්තනෙ කියල තියෙන්නෙ කුරාණෙ.

      Delete
    14. ඒ කියන්නෙ ගණ දෙවියො, කතරගම දෙවියො බෞද්ධ

      Delete
    15. ගණ දෙවියො, කතරගම දෙවියො, ගැන මම දන්නෙ නෑ. සම්‍යක්දෘශ්ටික කියන්නෙ නිවන පිළිගන්නවා කියන එක. කතරගම දෙවියො එහෙම සම්‍යක්දෘශ්ටික දෙවියෙක් ද කියන්න මම දන්නෙ නෑ.

      හැබැයි විශ්ණු දෙවියො ගැන මම අහලා තියෙනවා. බෞද්ධයො සලකනවා විශ්ණු කියන්නෙ මතු බුදුවන බෝධිසත්වයෙක් කියලා. ඒ නිසා එයා සම්‍යක්දෘශ්ටික දෙවියෙක් කියල පිළිගන්නවා. මෙයා බුදු දහමට වෛදික දහමෙන් අවශෝශණය කරල, දෙවිනුවර උපුල්වන් දෙවියන් සමග ඈඳලා තියෙන චරිතයක්. රෝමානු කතෝලික අයට නුහුරු වුනාට බෞද්ධයො දෙවිවරු ගැන කතා කරන්නෙ මේ වගේ වචනවලින් තමයි. (විශ්ණු දෙවියො බුදු දහමට ආවෙ හින්දු ආගමෙන් කියල කියන්නෙ බොහොම මතුපිටින් හැදෑරීම් කරන අය. විශ්ණු දෙවියො බුදු දහමට ගන්න කොට, ලෝකෙ හින්දු ආගමක් තිබුනෙත් නෑ. හින්දු ආගම කියන්නෙ එවකට තිබුනු බ්‍රාහ්මන ආගමට බුදු දහමෙ, ජෛන ආගමේ තිබුනු අවිහින්සාව එකතු කරලා හදපු අළුත් ආගමක්. බුදු හාමුදුරුවන්ගෙ කාලෙ බ්‍රාහ්මන ආගමෙ හරියට බිලි පූජාව තිබුනා. බෞද්ධ, ජෛන ආභාෂයෙන් තමයි ඒවා අතෑරුනෙ.)

      Delete
    16. /** මිථ්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්න පුළුවන්ද? දැන් අල්ලාහ් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් කියමුකෝ. හැබැයි ඔය කියන විදියට අල්ලාහ්ට පුළුවන් තමන්ට යාඥා කරන අනුගාමිකයින්ට මොන මොනව හරි දෙන්න. එතකොට අල්ලාහ් කියන එක හරිනෙ. ඒක මිථ්‍යා දෘෂ්ටියක් නෙවෙයිනෙ. එතකොට අල්ලාහ් කියන්නෙ සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් වෙන්න එපායැ. ඇත්තනෙ කියල තියෙන්නෙ කුරාණෙ. **/

      බුදු දහම අනුව සම්‍යක්දෘශ්ටික දෙවියෙක් කියන්නෙ නිවන පිළිගන්න දෙවියෙක්. අල්ලාහ් කියලා කෙනෙක් ඉන්නවද කියන්න මම දන්නෙ නෑ. ඉන්නවා වුනත් එයා දෙවියෙක් ද යකෙක් ද කියන්නත් මම දන්නෙ නෑ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හමුදුරුවො නම් පානදුරා වාද වලදි කියලා තියෙන්නෙ යොහෝවා කියන්නෙ දෙවියෙක් නෙමෙ යකෙක් කියලා. මොකද මස් පුච්චලමනෙ ඉල්ලන්නෙ. පුලුටු ගඳටමයි එයා ආසා. දෙවිවරු (පොලවෙ ඉන්න භූමාටු දෙවිවරු ) ආසා පලතුරු සුවඳට. අල්ලාහ් කියලා කෙනෙක් හිටියත් එයා දෙවියෙක් වුනත් එයා නිවන පිළිගන්නෙ නැත්නම් එයාත් ඉහත නිර්වචනය අනුව මිථ්‍යදෘශ්ටික දෙවියෙක්.

      ඉල්ලන ඒවා මොනවා හරි ඉල්ලුවාටම සත්‍ය වෙන්නෙ නෑ. අල්ලාහ් ට ත් දෙන්න බැරි ඒවා කොච්චර තියෙනවද? ඉල්ලන ඒව මොනවා හරි දුන්න කියලා සම්‍යක්දෘශ්ටික වෙන්නෑ.

      Delete
    17. // නාථ දෙවියොත් වතුරෙ ආසනික් තියෙනව කියලා හත් පොළේම ගා ගත්තෙ පෘතග්ජන හන්ද වෙන්ඩ ඇති.

      ආසනික් කේස් එක ගැන මම වැඩිය දන්නෙ නෑ. ඒ කට්ටියගෙන්ම තමයි අහගන්න වෙන්නෙ.

      Delete
    18. //සම්‍යක්දෘශ්ටික කියන්නෙ නිවන පිළිගන්නවා කියන එක. //

      ඒ කියන්නෙ දෙවියොත් නිවන් දකිනවා කියන එකනෙ. නිවන කියන්නෙ නැතිවීම.
      මෙච්චරකල් අපි දුන්න පින් අරගෙනවත් ඔය දෙවියො නිවන් දැකලා නැද්ද? එහෙම නිවන් දැකලා නම් දෙවියො නෑනෙ.

      Delete
    19. අයියෝ ඔයා කිසිම දෙයක් දන්නෑනෙ. මට මේ රෑ ඔයාට මේවා කියා දිදී ඉන්න බෑ. පිං වලින් විතරක් නිවන් දකින්න බෑ. නිවන් දකින්න කරන්න ඕනෙ ඒවා වෙනම තියනවා. ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්න ඕනෙ. දස පාරමිතා පුරන්න ඕනෙ. පිනුත් තියෙන්න ඕනෙ. හැබැයි පිං වලින් විතරක් බෑ. පිං විතරක් තියන අයට දිව්‍ය ලෝකෙ ගිහින් සැප වින්දැකි. නිවන් දකින්න බෑ.

      එහෙම දෙවියො නැතිවෙන්නෑ. නිවන් දැක්කත් නැතත් ඉන්න දෙවිවරු චුත වෙනවා. අලුත් අය දෙවිවරු විදියට පහල වෙනවා.

      Delete
    20. @AnonymousMay 21, 2012 6:39 PM

      උප්පැන්න සහතිකේ ආගමක් ගැන සදහනක් නෑ තමයි(බොහොම ස්තූතියි ඒ වරද පෙන්වා දුන්නට)
      මට මතු කරන්න අවශ්‍ය වුනේ "නමට විතරක්" බෞද්ධයෝ කියන එක.

      මට දෙයියන්ගේ හාල් කැවෙන්න දෙයියො එක්ක ගනුදෙනුවක් නෑනේ.

      Delete
    21. පිළිතුරු දුන් හැමෝටම ස්තුතියි! හැම පිළිතුරම කියෙව්වා..

      Delete
  6. වැඩක් නෑ කතන්දර මේවා ගැන කතා කරලා..!! සමහර සයිට් දැක්කම හිතෙනවා මෙහෙමත් බෞද්ධයෝ ඉන්නවද කියලා..!!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලත් හිතෙනවා. කොහෙමාටත් මං ඔය වාදවලට යන්නේ නෑ කතාවෙන් නම්. ඊ-මේල් එකකින් විතරයි. එතකොට වැඩේ කූල්.

      Delete
  7. මේ ලිපියේ කියන දේ ඇත්ත. ඒත් කලින් ලිපියේ කලා වගේ හාමුදුරුවන්ට පොර කියන එක වැරදියි නේද ? ඔබේ දැනුම බෙදා ගන්න එක වටිනවා.ඒත් සංයමයෙන් කරන්න. පොර වගේ වචන භාවිතා කරලා, පාඨකයින් කුපිත කිරීම ඔබ වැන්නකුට සුදුසු නැහැ. කකා මේ ආදරෙන් ෆුල් සීරියස් කියන්නේ...

    විහිළුවක් : තට්ටය තිබුණු පමණින් හාමුදුරුවන්ට් පොර කිව හැකි තත්වයක ඔබ නැහැ.

    විහිළුවක් නොවේ : හාමුදුරු කෙනෙකු වුනත් තවත් හාමුදුරු කෙනෙකුට පොර කීම සුදුසු නැහැනේ. සිවුර දරා සිටින පුද්ගලයා මොන තරම් දුස්සීල වුනත් , අප වදින්නේ ඒ පුද්ගලයාට නොව, ඔහු නියෝජනය කරන සංඝ වර්ගයාට. චීවරධාරියා වැරදි කරනවානම් ඒවායේ විපාක ඔහු පසු පස ඒවි. දුස්සීල හෝ විනය විරෝධී චීවර ධාරීන් විවේචනය හෝ දඬුවම් දීම ගිහියන්ට අදාළ නොවේ...

    ReplyDelete
    Replies
    1. /තට්ටය තිබුණු පමණින් හාමුදුරුවන්ට් පොර කිව හැකි තත්වයක ඔබ නැහැ./

      ඒක ඇත්ත. තට්ටෙ තියෙන මනුස්සයකුට පොර කියන එක වැරදියි. කියන්න ඕනැ "තට්ටයා" කියල..

      Delete
    2. /සිවුර දරා සිටින පුද්ගලයා මොන තරම් දුස්සීල වුනත් , අප වදින්නේ ඒ පුද්ගලයාට නොව, ඔහු නියෝජනය කරන සංඝ වර්ගයාට./

      ඔය සංඝ වර්ගයා කියන අයත් සාමාන්‍ය මිනිස්සු විතරයි, පතපොතේ මාර වීරයින් කරල තිබ්බට. සාමාන්‍ය මිනිස්සුන්ට අමුතු ගෞරව අවශ්‍ය නැහැ. මිනිසකුට දෙන ගෞරව දුන්නාම හොඳටම ඇති. හැබැයි නිකරුණේ අවමානයට ලක් කළ යුතුත් නැහැ.

      Delete
    3. /දුස්සීල හෝ විනය විරෝධී චීවර ධාරීන් විවේචනය හෝ දඬුවම් දීම ගිහියන්ට අදාළ නොවේ.../

      එතකොට අර බණ්ඩාරනායක මහත්තයා මරාපු සෝමාරාම ස්වාමීන් වහන්සෙයි බුද්ධරක්ඛිත ලොකු ස්වාමීන් වහන්සෙයි එල්ලුම් ගහට නැංවුවෙ ගිහි නඩුකාරයො නෙවෙයිද? ඒකත් වැරදිද?

      Delete
    4. ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න කතන්දර නඩු කාරයෙක් නෙවෙයිනේ.. රටේ නීතිය ඉක්මවා යන්න බුදු හාමුදුරුවන්ටත් බැහැ. මම කියන්නේ තනි චීවරධාරියකුගේ වැරැද්දකට සංඝ වර්ගයා හෑල්ලුවට ලක් කර යුතු නැහැ. තමන් අකමැතිනම් පාඩුවේ අකමැති වෙලා ඉන්න පුළුවන්නේ. සංඝයාට අපහාස කරලා පවු පුරෝගෙන පොරක් වෙන්න හදනවාට වඩා

      Delete
    5. /*
      ඔය සංඝ වර්ගයා කියන අයත් සාමාන්‍ය මිනිස්සු විතරයි, පතපොතේ මාර වීරයින් කරල තිබ්බට. සාමාන්‍ය මිනිස්සුන්ට අමුතු ගෞරව අවශ්‍ය නැහැ. මිනිසකුට දෙන ගෞරව දුන්නාම හොඳටම ඇති. හැබැයි නිකරුණේ අවමානයට ලක් කළ යුතුත් නැහැ
      */

      මොනාද මේ කියවන්නේ... එහෙනම් තෙරුවන් හැටියට ගන්න වෙන්නේ "බුද්ධ, ධම්ම, මනුෂ්‍ය". ගෞරවය කියන්නේ දානේ දෙන එක වඳින එකටම නෙවෙයි...

      Delete
    6. මං එහෙම හිතා මතා පොර කියලා ලිව්වේ නෑ. ඒ මගේ හිතට ආපු විදිය කෙලින්ම ටයිප් කෙරුණු විදියයි. ඒකෙන් අපහාසයක් වෙනවාය කියන්නේ අපි විසින්ම මවාගෙන තියෙන සීමා රාමුවක ඉඳගෙන ඊට සාපේක්‍ෂකවයි.

      මගේ හිතේ එවැනි චේතනවාක් නෑ. අනික බ්ලොග් එකක මිස කවදා කොතැනක මේ රීති ටෙස්ට් කර බලන්නද?

      ඒ රීති විතරක් නෙමේ ටෙස්ට් වෙන්නේ. බොරු ශ්‍රද්ධාකාරයන් ගේ වෙස්මූණූත් ඒ එක්කම ටෙස්ට් කරන්න පුළුවනි.

      Delete
    7. /මම කියන්නේ තනි චීවරධාරියකුගේ වැරැද්දකට සංඝ වර්ගයා හෑල්ලුවට ලක් කර යුතු නැහැ./

      මෙතන කතා කරන්නෙ තනි "චීවරධාරියකුගේ" වැරද්දක් නෙවෙයි ඔය "සංඝයා" කියන පොදු නමින් හඳුන්වනු ලබන පිරිසේ වැරදි.

      Delete
    8. ඔබතුමා පොර කියල ලීවෙ නැතුවට ඔබේ වැරදි මත ලෝකෙටම බෙදීමයි මේ කරන්නේ,
      ඒක හිතල කරත් නැතත් වෙනවා.
      පොඩ්ඩක් හිතල බලන්න ඔබ මේවා ලීවේ කැපී පේන්ට "මගේ මතය වෙනස්" කියන්න නෙවේද කියල?

      Delete
    9. ඉතින් කකාගෙ මතය සාම්ප්‍රදායික බෞද්ධයින්ගෙ මතයට වෙනස් නම් ඔහු ඒක පළ කිරීමේ වරද මොකද්ද?

      Delete
    10. 1.එතකොට හරි දේ තේරුම් ගන්න බැරි අය කකාගෙ මතය හරි කියල හිතනවා

      2.තවත් අය මේ වගේ තමන්ගෙ බයිලා බුදු දහම විග්‍රහ කරන්න අරන් ඒවත් මෙහෙම බ්ලොග් වල ආදියේ ලියනවා

      3.කකාට පව් සිද්ද වෙනවා

      4.තවත් බොහෝ පිරිසකටත් පව් සිද්ද වෙනවා

      And many more

      Delete
    11. /එතකොට හරි දේ තේරුම් ගන්න බැරි අය කකාගෙ මතය හරි කියල හිතනවා/

      මෙතැන "හරි දේ තේරුම් ගන්න පුළුවන් අය" කියන්නෙ ඔබේ මතයට එකඟ අය කියන එකනෙ. ඉතින් ඒ අය නිවැරදි වෙන්න ඕනැ නැහැ. කකා නිවැරදි විය හැකියි, ඔවුන්ට වැරදිලා. ඉතින් ඔවුන් නිවැරදි කිරීමෙන් කකා කරන්නෙ පිනක්නෙ.

      Delete
    12. කතන්දරකාරයා = පව්කාරයා

      Delete
    13. කතන්දර කාරයා පවු කාරයා කියා කියන්න මම ඉක්මන් වෙන්නේ නෑ. චේතනාහං භික්කවේ කම්මං වදාමි කියල බුදුන් භික්ෂුන්ට ඒ කාලේ කියල තිබ්බා නේ. හරි, දැන් කියන්නම් කියන්න ආව එක. භික්ෂුන්ට පොර කියන්න තවම ලංකාවේ සමාජය සුදානම් නෑ නේ. ඉතින් එහෙම කොට පොර කියල කතන්දර කිව්වම ඒක මිනිස්සුන්ට දැනෙනවා වැඩි. ඔබේ දැක්මෙන් ඒක නිවැරදි ඇති, ඒත් ඔබ කැමතියි කියලා හෙලුවෙන් පාරේ යන්න බෑ නේද? අන්න ඒ වගේ මේ කතාවත්

      Delete
  8. "Antidote to doubt is not faith but enquiry" No truer words said!

    ReplyDelete
    Replies
    1. සුජාතෝ කියලා හාමුදුරු නමක් තමයි මෙහෙම කිව්වේ.

      "Antidote to doubt is faith" කියන්නේ වෙනත් ආහමක ඉගැන්නිල්ලක්.

      Delete
  9. මේ ලෝකෙ කාටවත් "ඔබ බෞද්ධයෙකු විය යුතුයි", "ඔබ බෞද්ධයකු නොවිය යුතුයි", ආදී වශයෙන් බලකිරීමක් නැහැ. බෞද්ධ වෙන්න කැමති අයට බෞද්ධ වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න අකමැති අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්.

    බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන දේවල් පිළිගන්න අයට බෞද්ධ වෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන දේවල් පිළිගන්න අකමැති අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්. බුදු හාමුදුරුවො කාව හරි නොමග යවලා කියලා හිතන අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්. බුද්ධ දේශනාව අනුව දානයේ ආනිසංශ රාශියක් තියෙනවා. එකක් තමයි පොහොසත් වී ඉපදීමට හැකි වීම. ඒ වගේ තමයි නිග්‍රහ කිරීමේ විපාකත් රශියක් තියෙනවා. එකක් තමයි අඩු කුලයක ඉපදීමට සිදු වීම. මේවා තමයි බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන දේවල්. මේව වැරදී කියලා හිතන අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්.

    බුදු දහමේ විශ්ලේශණය කිරීමක් නැහැ. බුදුදහමේ තියෙන්නෙ විභජ්ජ වාදය. හැබැයි විභජ්ජ විතරක් නෙමෙයි, බුදු හාමුදුරුවන් ගේ ක්‍රමයේ සංගහ ත් තියෙනවා. විශ්ලේශණය කරන්න කැමැති අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්. විභජ්ජ කියන්නෙ ඇනලිසිස් නෙමෙයි. සංගහ කියන්නේ සින්තෙසිස් නෙමෙයි.

    බුදුදහමේ ශ්‍රද්ධාවට විශාල තැනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි උපමා කලේ කරත්තෙ රෝද දෙකට. එකක් හරි ලොකු වුනොත් එක තැන කැරකෙනවා මිසක් ඉදිරියට යාමක් නැහැ. ශ්‍රද්ධාවෙන් තොර නිවන් අවබෝධය කියන්නෙ බොරුවක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අකමැති අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්. ආර්ය අශ්ඨාංගික මාර්ගය ඇතුළු ලෞකික සියළු දේ සම්මුතියක් විතරයි. ශ්‍රද්ධාවෙන් තොර සම්මුතියක් තියෙන්න බැහැ.

    බුදු හාමුදුරුවන්ගේ දේශනා වලට අකමැති අයට බෞද්ධ නොවී ඉන්න පුළුවන්. බුදු හාමුදුරුවො තමන් වහන්සේ ගෙ දේශනා ඉදිරිපත් කරලා තියෙන්නෙ උන්වහන්සේ සුදුසුයි කියලා හිතපු විදියට මිසක් එක එක්කෙනාට ආස වෙන්න පුළුවන් වෙන විදියට නෙමෙයි. බුදුහාමුදුරුවන්ගෙ දේශනා වලට අකමැති අය එම දේශනා ප්‍රතික්ශේප කරනවා මිසක් එම දේශනා තමන් ආසා විදියට වෙනස් කරන එක විගඩමක් විතරයි. බුදුහාමුදුරුවන්ගෙ දේශනා වලට අකමැති අය එම දේශනා ප්‍රතික්ශේප නොකර මේ කරන විකාරෙ මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. /ඒ වගේ තමයි නිග්‍රහ කිරීමේ විපාකත් රශියක් තියෙනවා. එකක් තමයි අඩු කුලයක ඉපදීමට සිදු වීම./

      මට පේන විදියට අර "නජච්ඡා වසලෝ හෝති - නජච්ඡා හෝති බ්‍රාහ්මණො" කියන්න ඇත්තෙ, ඔබ කරන නිග්‍රහ ඔබම තියා ගන්න කියන්න ඇත්තෙ වෙන බුදුන් කෙනෙක් වෙන්න ඇති. මේ කියන බුදුන් හරියට සරත් සිල්වා වගෙයිනෙ. සරත් සිල්වත් තමන්ට නිග්‍රහ කරන එවුන් හිරේ දැම්මා. මේ කියන බුදුන් අඩු කුලේට දානවා. මාර නඩුනෙ මෙව්වා.

      Delete
    2. පළමු කොටස

      අන් අයට නිග්‍රහ කිරීම අඩු කුලයේ ඉපදීමට හේතු වේ යන අදහස බුද්ධ දේශනාවේ ඇතුලත්ය. එමෙන්ම දන් දුන් අය පෝසත් වී ඉපදෙයි යන්න ද බුද්ධ දේශනාවේ ඇතුලත්ය. එම අදහස් නොපිළිගන්නා අයට බෞද්ධ නොවී සිටිය හැක. නමුත් එම අදහස් නොපිළිගන්නා අයටත් තමන් බෞද්ධ යැයි කියා ගැනීම සඳහා එම අදහස් බුද්ධ දේශනාව නොවී තියෙන්නේ නැත.

      අන් අයට නිග්‍රහ කිරීම අඩු කුලයේ ඉපදීමට හේතු වේ යන අදහස සහ කෙනෙකු වසලයකු හෝ බ්‍රහ්මයකු හෝ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යන අදහස අතර කිසිම පරස්පරයක් නැත. එම නිසා එම අදහස් දෙකම එකම කෙනෙකුට දැරිය හැකි වෙයි. එමෙන්ම අන් අයට නිග්‍රහ කිරීම අඩු කුලයේ ඉපදීමට හේතු වේ යන අදහස සහ ඔබේ නිග්‍රහ ඔබම තියා ගන්න යන අදහස අතර ද කිසිම පරස්පරයක් නැත. එම නිසා එම අදහස් දෙක ද එකම කෙනෙකුට දැරිය හැකි වෙයි.

      අඩු කුලයේ උපදින්නේ බුදු රජාණන්වහන්සේ ට නිග්‍රහ කල අය විතරක් නෙමෙයි. එමෙන්ම බුදු රජණන්වහන්සේට හෝ වෙන කෙනෙකුට හෝ නිග්‍රහ කල කෙනෙක් අඩු කුලයක උපදිනවා නම් එසේ වන්නේ නිග්‍රහ කරන අය අඩු කුලයේ ඉපදිය යුතු යැයි බුදු රජාණන්වහන්සේ අදිශ්ඨාන කර ඇති නිසා ද නොවේ. (මේ ලියා ඇති කෙනා බෞද්ධයකු නොවිය හැක. බෞද්ධයන් නම් මේවා නොදන්නේ නැත. එම නිසා ඉහත "බුදු රජාණන්වහන්සේ අධිශ්ඨාන කර ඇති නිසා ද නොවේ" යන්නද තෙරුම් ගැනීම අපහසු වෙනවා විය හැක.)

      සමාජයේ කුල බේදය කියල එකක් තියෙනවා. බුදු හාමුදුරුවන්ගෙ කාලයේත් තිබුනා. ඒකනෙ බෝධිසත්වයන් වහන්සෙ පස් මහා බැලුම් බලන කොට කුලයත් බැලුවෙ. උසස් කුල යැයි සම්මත කුල සහ පහත් කුල යැයි සම්මත කුල තියෙනවා. මේවායෙ උපදින අයට ලැබෙන ගරු සැලකිලි, වරප්‍රසාද, අවස්ථා, ආදියට කුලයත් යම් ප්‍රමාණෙකට හරි බලපානවා. උසස් කුල වල උපන් අයට හොඳ හොඳ ඒවා. අනිත් අයට එච්චර හොඳ නැති ඒවා. මේ නිසා පිං දහම් කරපු අයට උසස් කුල වල උපදින්න හේතු වාසනාව තියෙනවා. ඒක ඉතින් කර්මය පල දෙන ආකාරය. කාටවත් බැනල වැඩක් නෑ. කර්මය, පුනර්භවය, පිං පවු පලදීම, ආදිය බුදු දමට ඇතුලත්. කර්මය, පුනර්භවය, පිං පවු පලදීම පිළිනොගන්න කෙනාට බෞද්ධයෙකු නොවී ඉන්න පුළුවන්. හැබැයි කර්මය, පුනර්භවය, පිං පවු පලදීම ආදිය පිළිගන්නෙ නෑ කියන ගමන් තමන් බෞද්ධයෙක් කියන එක නම් විගඩමක්.

      පිං පවු පල දෙන්න ඕනෙ මෙන්න මේ විදියට කියලා බුදු හාමුදුරුවො අධිශ්ඨාන කරලා නෑ. පිං පවු පල දෙන විදිය බුදුහාමුදුරුවො දැකල වාර්තා කරලා තියෙනවා විතරයි. පිං පවු පල දෙන ආකරය ගැන ප්‍රශ්න / විවේචන තියෙන අය ඒකට බුදු හාමුදුරුවන්ට බැනලා වැඩක් නෑ. මොකද බුදු හාමුදුරුවන්ටවත් ඕනෙ වුනා කියලා පිං පවු පල දෙන ආකාරය වෙනස් කරන්න බෑ.

      සමාජයේ බේද තියනවා. කුල බේදය එකක් විතරයි. ආයෙත් කියන්නෙ මේ බේද තියෙන්නෙ, මේ බේද ඇති වේවායි කියල (අර එක්කෙනෙක් let there be light කිව්ව වගේ) බුදු හාමුදුරුවො අධිශ්ඨාන කරපු නිසා නෙමෙයි. එමෙන්ම මේ මේ කුසලාකුසල කර්ම කරපු අය මේ මේ විදියට ඉපදිය යුතුයි කියලත් බුදු හාමුදුරුවො අධිශ්ඨාන කරලා නෑ.

      Delete
    3. දෙවන කොටස

      සමාජයේ තියෙන බෙදීම් වලින් සමහර බෙදීම් වලට එරෙහිව බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා. කුල බේදය එයින් එකක්. කෙනෙක් වසලයකු හෝ බ්‍රහ්මයකු හෝ වන්නේ ක්‍රියාවෙන් කියලා කිව්වෙත්, සතර මහා ගංගා වලින් එන ජලය මුහුදට වැටී එකම ලුණු රසය ගන්නා සේ කොයි කුලයෙන් ඇවිත් බුදු සසුනේ මහන වුනත් වෙනසක් නෑ කිව්වේත්, කුල බේදයට එරෙහිවයි. කෙනෙක් වසලයකු හෝ බ්‍රහ්මයකු හෝ වන්නේ ක්‍රියාවෙන් කියලා කිව්වෙ බුදු හාමුදුරුවො කර්මය, පුනර්භවය, පිං පවු පලදීම ප්‍රතික්ශේප කරන නිසා නෙමෙයි. කර්මය, පුනර්භවය, පිං පවු පලදීම ආදියෙන් තොර බුදුදහමක් නෑ. පුනර්භවයක් නැත්නම් නිවන් අවබෝධ කරගන්න මෙච්චර වද වෙන්න ඕනෙ නෑනෙ. මොකද නිරුපදිශේෂ පරිනිර්වාණය කියන්නෙ මරණින් පසු ලෝකයක් නැති භෞතිකවාදී මරණයම තමයි. කිසිම වෙනසක් නෑ. දැනටත් ඕනෙම කෙනෙක් මැරුණාම ලැබෙන්නෙ භෞතිකවාදී මරණයක් නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නෙ අහවල් එකකටද?

      දැන් කෙනෙක් අහන්න පුළුවන් බුදු හාමුදුරුවො කුළ බේදයට එරෙහි වුනු නිසා කුල බේදය නැති වුනොත්, කර්මය පල දෙන්න, ඒකෙන් යම් බලපෑමක් එල්ල වෙනවද කියලා. එහෙම වෙන්නේ නෑ. කර්මය එක විදියකට පඩිසන් දෙන්නෙ නැත්නම් වෙන විදියකට පඩිසන් දෙනවා. කෙනෙක් නිග්‍රහ විඳින්න, අඩු කුලයකම උපදින්න ඕනෙ නෑ. පෙර ආත්මවල අන් අයට නිග්‍රහ කරලා තියෙන අය, පහත් කොට සලකලා තියෙන අය, ආසියාතිකයන් දෙවන පංතියේ පුරවැසියන් වන ඕස්ට්‍රේලියාව වගේ රටවලට සංක්‍රමණය වෙලා, ඇති තරම් නිග්‍රහ වලට ලක් වෙලා, ඇති තරම් පහත් කොට සැලකීම් වලට ලක්වෙලා ඒ පව් ලස්සනට ගෙවනවා.

      ඔබේ නිග්‍රහ ඔබම තියාගන්න කියලා කිව්වෙත් නිග්‍රහ කිරිම් වෙනුවෙන් නිග්‍රහ කරපු අයට පව් පල දෙන්නෙ නෑ කියන එක නෙමෙයි. බුදුහාමුදුරුවන්ට හරි වෙන කෙනෙකුට හරි කරපු නිග්‍රහ, නිග්‍රහ ලක් කරන්න හදපු කෙනා බාර ගන්නෙ නෑ කියල කිව්වයි කියලා, නිග්‍රහ කරපු කෙනාට ඒ පව් පල නොදී ඉන්නෙ නෑ. නිග්‍රහ බාර නොගැනීම හෝ බාරගෙන ප්‍රතික්‍රියා දැක්වීම හෝ බොහෝ වෙලාවට මේ මොහොතට හෝ ආසන්න අවස්ථාවකට අයිති දෙයක්. පඩිසන් දීම බොහෝ වෙලාවට පස්සෙ වෙන දෙයක්.

      Delete
    4. /අන් අයට නිග්‍රහ කිරීම අඩු කුලයේ ඉපදීමට හේතු වේ යන අදහස සහ කෙනෙකු වසලයකු හෝ බ්‍රහ්මයකු හෝ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යන අදහස අතර කිසිම පරස්පරයක් නැත./

      නැත. එතැන අනිවාර්යයෙන්ම පරස්පරයක් ඇති අතර එවැනි අදහස් දෙකක් එක පුද්ගලයකු ප්‍රකාශ කළා නම් එතැන ඇත්තේ ඒ පුද්ගලයාට ඒ දෙක අවබෝධ කර ගැනීමට නොහැකි වීම ගැන ගැටළුවකි.

      Delete
    5. /පෙර ආත්මවල අන් අයට නිග්‍රහ කරලා තියෙන අය, පහත් කොට සලකලා තියෙන අය, ආසියාතිකයන් දෙවන පංතියේ පුරවැසියන් වන ඕස්ට්‍රේලියාව වගේ රටවලට සංක්‍රමණය වෙලා, ඇති තරම් නිග්‍රහ වලට ලක් වෙලා, ඇති තරම් පහත් කොට සැලකීම් වලට ලක්වෙලා ඒ පව් ලස්සනට ගෙවනවා./

      අපූරුයි නෙ. මාත් දන්මම පටන් ගන්නවා අනෙක් අයට නිග්‍රහ කරන්න. එතකොට ලබන ආත්මෙ වත් ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න පුළුවන් වෙයි නෙවැ, මේ අපායෙ වද නොවිඳ. මේ ආත්මෙදි බැරිවුණේ කලින් පින් කරල තිබුණු නිසා වෙන්න ඇති මේ "පිං කෙත හෙළ රන් දෙරණේ" පව් ගෙවන්න.

      Delete
    6. /දැනටත් ඕනෙම කෙනෙක් මැරුණාම ලැබෙන්නෙ භෞතිකවාදී මරණයක් නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නෙ අහවල් එකකටද?/

      ඒකනෙ අපිත් කියන්නෙ. ගෞතම බුදුන්ටත් භෞතිකවාදියකු වුණා නම් කාලෙ ටිකක් ඉතුරු කර ගන්න තිබුණ.

      Delete
    7. /**

      /දැනටත් ඕනෙම කෙනෙක් මැරුණාම ලැබෙන්නෙ භෞතිකවාදී මරණයක් නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නෙ අහවල් එකකටද?/

      ඒකනෙ අපිත් කියන්නෙ. ගෞතම බුදුන්ටත් භෞතිකවාදියකු වුණා නම් කාලෙ ටිකක් ඉතුරු කර ගන්න තිබුණ.

      **/

      බුදුරජාණන් වහන්සේට භෞතිකවාදියෙකු විය නොහැකි වූයේ උන්වහන්සේ බොහෝ ආත්මභාව වලදී පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආදිය උපදවාගෙන කර්මය, පුනර්භවය පිං පවු පලදීම ආදිය සත්‍ය බව වටහාගෙන සිටිය නිසයි.

      Delete
    8. /බුදුරජාණන් වහන්සේට භෞතිකවාදියෙකු විය නොහැකි වූයේ උන්වහන්සේ බොහෝ ආත්මභාව වලදී පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආදිය උපදවාගෙන කර්මය, පුනර්භවය පිං පවු පලදීම ආදිය සත්‍ය බව වටහාගෙන සිටිය නිසයි./

      Insanity is believing your hallucinations are real. Religion is believing other people’s hallucinations are real.

      Delete
    9. /**

      /පෙර ආත්මවල අන් අයට නිග්‍රහ කරලා තියෙන අය, පහත් කොට සලකලා තියෙන අය, ආසියාතිකයන් දෙවන පංතියේ පුරවැසියන් වන ඕස්ට්‍රේලියාව වගේ රටවලට සංක්‍රමණය වෙලා, ඇති තරම් නිග්‍රහ වලට ලක් වෙලා, ඇති තරම් පහත් කොට සැලකීම් වලට ලක්වෙලා ඒ පව් ලස්සනට ගෙවනවා./

      අපූරුයි නෙ. මාත් දන්මම පටන් ගන්නවා අනෙක් අයට නිග්‍රහ කරන්න. එතකොට ලබන ආත්මෙ වත් ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න පුළුවන් වෙයි නෙවැ, මේ අපායෙ වද නොවිඳ. මේ ආත්මෙදි බැරිවුණේ කලින් පින් කරල තිබුණු නිසා වෙන්න ඇති මේ "පිං කෙත හෙළ රන් දෙරණේ" පව් ගෙවන්න.

      **/

      මේ රටේ ඉපදී ඇති සමහර කාලකන්ණින්ගේ කරුමයක් නම් උන් කොතරම් වෙන රටවලට ආවැඩුවත් උන්ව ඒ රටවලින් බාර නොගැනීමයි. ඒ නිසා "මයිග්‍රේට්" කිරීම සඳහා මොකක් හෝ දහං ගැටයක් (දහම් ගැටයක්) ගැසිය හැකිදැයි උං බලති. ධර්ම කරුණකින් හෝ දොරක් විවර කර ගත හැකි දැයි බලති.

      අනුන්ට නිග්‍රහ කලාට "මයිග්‍රේට්" කරන්න ලැබෙන්නේ නැත. මා කියූ කරුණ තෙරුම් ගත යුත්තේ මිනිස් ආත්මයක් ලැබ සිටියදී ඇඳුම් සොරකම් කළ කෙනෙක් කිසියම් කුසලයක් කර දෙවියකු ලෙස උපත ලබා එහෙත් ඇඳුම් හොරකම් කළ පාපය නිසා දෙව් අත්බවෙත් නිර්වස්ත්‍රව සිටින්නට සිදු වීම අනුවයි. කාටවත් නිග්‍රහ කලාට "මයිග්‍රේට්" කරන්න ලැබෙන්නේ නැත. හැබැයි නිග්‍රහ කළොත් කොතන ගියත් නිග්‍රහ විඳින්නට නම් සිදුවන්නේමය. නිග්‍රහ කළ අය නිග්‍රහ විඳීම සඳහා අඩු කුලයේ ඉපදිය හැකිවුනත් නිග්‍රහ කළ අය නිග්‍රහ විඳින්නේ අඩු කුලයේ ඉපදීමෙන් පමණක්ම නෙමෙයි. කර්ම විශය අචින්ත්‍ය වන අතර එය සම්මා සම්බුදු කෙනෙක් විසින්ම දත හැක්කේය.

      Delete
    10. /අනුන්ට නිග්‍රහ කලාට "මයිග්‍රේට්" කරන්න ලැබෙන්නේ නැත. මා කියූ කරුණ තෙරුම් ගත යුත්තේ මිනිස් ආත්මයක් ලැබ සිටියදී ඇඳුම් සොරකම් කළ කෙනෙක් කිසියම් කුසලයක් කර දෙවියකු ලෙස උපත ලබා එහෙත් ඇඳුම් හොරකම් කළ පාපය නිසා දෙව් අත්බවෙත් නිර්වස්ත්‍රව සිටින්නට සිදු වීම අනුවයි./

      දෙවියොත් ඇඳුම් අඳිනවද අනේ? කවුද එයාලට ඇඳුම් මහල දෙන්නෙ? දන්නෙ නැති හින්දයි ඇහුවෙ. කියන්නකො. අපට බැරිද ඔය දිවිය ලෝකෙ පැත්තෙ ටේලර් සාප්පුවක් දා ගන්න?

      ඔය සුරංගනා කතා විස්වාස කරන්න තරමටම ඔයා මෝඩද අනේ?

      Delete
    11. පෝන් ස්ටාර්ලත් ගිය ආත්මෙ ඇන්නුඩ්ම් උස්සපු අය

      Delete
    12. @ Ano May 21 - 5:46 PM
      මං එක දවසක් දිවිය ලොකේ ගිය වෙලේ දැක්කා එහේ තියෙන ඇඳුම් පැලඳුම් විතරක් නොවෙයි සියළු දෙව් සැප.

      මෙන්න ඒ විස්තරය
      http://kathandara.blogspot.com.au/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

      Delete
    13. @ Ano 5:35 PM
      අනුන්ට නින්දා කළාම අඩු කුලේ ඉපදීම හැර වෙනත් ආකාරවල පලදීම් තියෙන එක හොඳයි. එහෙම නැති නං කුලබේදය නැති කරන්න හැමෝම හොඳ ළමයි වෙන කං ඉන්න වෙනවා!

      Delete
    14. පින පළ දෙන හැටි දැනගත්තු එක හොඳයි. දැන් මේ ආත්මෙ කතන්දරගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරන පිනෙන් අපට ලබන ආත්මෙ අපේ බ්ලොග් වලට කමෙන්ට් හම්බවෙනවා. අර කමෙන්ට් හම්බ වෙන්නෙ නැති, වේලෙන බ්ලොග් ලියන එවුන් ගිය ආත්මෙ කාගෙවත් බ්ලොග් වල කමෙන්ට් නොකරපු අය. කොලුවනේ දැන ගනිල්ලා.

      Delete
    15. එතකොට කකාගෙ බ්ලොගයට ලින්ක් එකක් දුන්නොත් ඒක ශෙයාර් කරොත් ලැබෙන ආනිශංසත් කිව්වානම්

      Delete
    16. එතකොට ලබන ආත්මෙ තමන්ගෙ බ්ලොග් එකටත් ලින්ක් වැටෙනවා, ඒව ශෙයාර් වෙනවා. හිට්ස් ලැබෙනවා. උසස් කුලේ අය බ්ලොග් එක කියවනවා. "මං එක" කියලා කමෙන්ට් දාන්න ගෑල්ලමයි පොරකනවා.

      Delete
    17. ///"මං එක" කියලා කමෙන්ට් දාන්න ගෑල්ලමයි පොරකනවා.///

      ඒ කියන්නෙ මාරයා ගිය ආත්මෙ බ්ලොග්වලටම කමෙන්ට් කරලා

      Delete
    18. perceptible. Whether the objective reality “really” exists or whether the whole universe that we experience is one big hallucination is not something verifiable.

      Buddha knew that the universe was expanding. If not for Edwin Hubble this could have well been categorised as another hallucination. Rationalists / scientificists / physicalists / materialists cannot explain how more than 25 centuries ago, it was figured out that the universe was expanding.

      Modern physics talks about electrons existing at two places simultaneously, etc. But Buddha’s such existence is categorised as a hallucination.

      Budhdha and many others had Pubbenivasanussati-Gnana, Chutupapata-Gnana, etc. even though we do not have them now. Just because we do not have them we cannot say Buddha or somebody else did not have them then. Many of us have not seen a black hole. But we believe in them even though we have not seen them.

      Rationalists / scientificists / physicalists / materialists cannot explain why good things and bad things happen to people. (Stuff like, “I was introduced to an influential person, who helped me to secure the contract, in the morning but I met with an accident in the evening and I lost my limb”.) But Buddhists (and people of many other faiths) can explain those experiences, using karma (or god’s will). Rationalists / scientificists / physicalists / materialists have no explanation for them. According to the scientific method itself, having some theory is much better than having no theory.

      During hypnotic regression, sometimes people start speaking in different languages, which they are not familiar with in their present lives. There is no point in arguing that these people might have studied those languages somewhere sometime because the accents in which they pronounce the words of those foreign languages and the fluency they demonstrate with respect to those alien languages is not something that they can acquire in their present lives however much they labour. Similarly certain people who have encountered near death experiences start talking in foreign languages and some of them become poets, painters, singers, carpenters, overnight and unless we believe that the extreme complexities associated with near death experiences “open” memories associated with past lives and “closed thus far”, we cannot explain such phenomena.

      So even those who do not have Pubbenivasanussati-Gnana, Chutupapata-Gnana have reasons to believe in karma, re-birth, etc.

      Delete
    19. Sorry for the mistake....


      /** Insanity is believing your hallucinations are real. Religion is believing other people’s hallucinations are real. **/

      Unfortunately for the rationalists / scientificists / physicalists / materialists, they cannot come up with a system of knowledge, which is only consisting of sensory perceptible, verifiable, repeatable, etc. stuff. Modern scientific theories about the origin of life are non repeatable. Curvature of space-time is not sensory perceptible. Whether the objective reality “really” exists or whether the whole universe that we experience is one big hallucination is not something verifiable.

      Buddha knew that the universe was expanding. If not for Edwin Hubble this could have well been categorised as another hallucination. Rationalists / scientificists / physicalists / materialists cannot explain how more than 25 centuries ago, it was figured out that the universe was expanding.

      Modern physics talks about electrons existing at two places simultaneously, etc. But Buddha’s such existence is categorised as a hallucination.

      Budhdha and many others had Pubbenivasanussati-Gnana, Chutupapata-Gnana, etc. even though we do not have them now. Just because we do not have them we cannot say Buddha or somebody else did not have them then. Many of us have not seen a black hole. But we believe in them even though we have not seen them.

      Rationalists / scientificists / physicalists / materialists cannot explain why good things and bad things happen to people. (Stuff like, “I was introduced to an influential person, who helped me to secure the contract, in the morning but I met with an accident in the evening and I lost my limb”.) But Buddhists (and people of many other faiths) can explain those experiences, using karma (or god’s will). Rationalists / scientificists / physicalists / materialists have no explanation for them. According to the scientific method itself, having some theory is much better than having no theory.

      During hypnotic regression, sometimes people start speaking in different languages, which they are not familiar with in their present lives. There is no point in arguing that these people might have studied those languages somewhere sometime because the accents in which they pronounce the words of those foreign languages and the fluency they demonstrate with respect to those alien languages is not something that they can acquire in their present lives however much they labour. Similarly certain people who have encountered near death experiences start talking in foreign languages and some of them become poets, painters, singers, carpenters, overnight and unless we believe that the extreme complexities associated with near death experiences “open” memories associated with past lives and “closed thus far”, we cannot explain such phenomena.

      So even those who do not have Pubbenivasanussati-Gnana, Chutupapata-Gnana have reasons to believe in karma, re-birth, etc.

      Delete
    20. /** දෙවියොත් ඇඳුම් අඳිනවද අනේ? කවුද එයාලට ඇඳුම් මහල දෙන්නෙ? දන්නෙ නැති හින්දයි ඇහුවෙ. කියන්නකො. අපට බැරිද ඔය දිවිය ලෝකෙ පැත්තෙ ටේලර් සාප්පුවක් දා ගන්න?

      ඔය සුරංගනා කතා විස්වාස කරන්න තරමටම ඔයා මෝඩද අනේ? **/

      ඔව් මම මෝඩ වෙන්න පුළුවන්. හැබැයි කිසිම සාක්ශියක් නැතිව වාස්තවික යථාර්තයක් තියෙනවයි කියලා විශ්වාස කරන අය තරම් නම් මෝඩ නෑ.

      මෙතනදි මම කියන්න උත්සාහ කලේ කර්මය ක්‍රියා කරන ආකාරය ගැන. නිග්‍රහ කරල "මයිග්‍රේට්" කරන්න ලැබෙන්න්නෙ නෑ කියන එක කියන්න. දෙවියන් පිළිබඳ කතාව පිළිනොගන්න අයට වුනත් මම හිතන්නෙ ඒ කතාව උපමාවක් නැත්නම් පොඩි උදාහරණ කතාවක් විදියට හරි සලකලා කර්මය ක්‍රියා කරන ආකරය ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ කතාවෙ තියනවා.

      Delete
    21. /** /අන් අයට නිග්‍රහ කිරීම අඩු කුලයේ ඉපදීමට හේතු වේ යන අදහස සහ කෙනෙකු වසලයකු හෝ බ්‍රහ්මයකු හෝ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යන අදහස අතර කිසිම පරස්පරයක් නැත./

      නැත. එතැන අනිවාර්යයෙන්ම පරස්පරයක් ඇති අතර එවැනි අදහස් දෙකක් එක පුද්ගලයකු ප්‍රකාශ කළා නම් එතැන ඇත්තේ ඒ පුද්ගලයාට ඒ දෙක අවබෝධ කර ගැනීමට නොහැකි වීම ගැන ගැටළුවකි. **/

      මෙහි කිසිම පරස්පරයක් නැත. "කෙනෙකු වසලයකු හෝ බ්‍රහ්මයකු හෝ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් " යැයි කියන්නේ කුමන අර්ථයෙන්ද යන්න වටහා ගත යුතුයි.

      පිං කළ අයෙක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිය හැකි බව බුදු දහම ප්‍රතික්ශේප නොකරයි. පව් කල කෙනෙක් වසල කුලයේ ඉපදිය හැකි බව බුදු දහම ප්‍රතික්ශේප නොකරයි. ඒවා සිදුවේ. කාටවත් නැවැත්විය නොහැක.

      එහෙත් බුදු දහම පවසන්නේ කෙනෙක් බ්‍රාහ්මණ කුලයේ ඉපදුනු පමණින්ම යහපත් කෙනෙක් (බ්‍රාහමණයෙක්) නොවන බවයි. එනම් බ්‍රාහ්මණයෙක් (හොඳ කෙනෙක්) ලෙස නොගත යුතු බවයි. නොගත හැකි බවයි. එමෙන්ම කෙනෙක් වසල කුලයේ උපන් පමණින්ම වසලයෙක් (නරක කෙනෙක්) නොවන බවයි. කෙනෙක් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද යන්න තීරණය වන්නේ ඔහු උපන් කුලය අනුව නොව ඔහු ගේ ක්‍රියාව අනුව බවයි බුදු දහම පවසන්නේ. එහෙත් පිං කල අය උසස් කුල වලත්, පව් කල අය පහත් කුල වලත් උප්පත්තිය ලැබීම, උසස් කුලවල උපත ලබා සැප විඳීම, පහත් කුල වල උපත ලබා දුක් විඳීම, බුදු දහම ප්‍රතික්ශේප නොකරයි.

      Delete
    22. කකෝ, මෙන්න නලින් ද සිල්වා ඇවිල්ලෝ!

      Delete
    23. ආගමික උන්මාදය කෙනෙකු මොනතරම් මෝඩයකු කරයිද යන්න ඉහත කමෙන්ට් කියවන ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.

      Delete
    24. /Modern physics talks about electrons existing at two places simultaneously, etc. But Buddha’s such existence is categorised as a hallucination./

      Yes, because Buddha is a human being, not an electron.

      Delete
    25. but his body is made of sub atomic particles.

      Delete
  10. මේ කොමෙන්ටුව වෙනත් බ්ලොග් එකක ප්‍රසිද්ධ කළ එකක්...

    ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන, බෞද්ධයන් මෙන් පෙනීසිටින්නන් ම'විසින් හඳුන්වන්නේ "හින්බුඩ්ඩන්" යන නමිනි.
    අද්‍යතන "බුද්ධාගම" හින්දුන්ගේ නිර්මාණයක් වන අතර එය මතුපිටින් බුදු දහමත් අභ්‍යන්තරයෙන් හින්දු දේව ඇදහිලි, ආශ්චර්යයන් සහ විශ්වාසයන්ගෙන් පිරුණු එකකි.
    මොවුන් හින්දු සහ බෞද්ධ යන දෙකටම නැති සංක්‍රාන්ති ආගමිකයන්ය. හින්දු+බෞද්ධ (hindu +buddhist) > (hinbudd) හින්බුඩ් ලෙස ඔවුන් නාමකරණය කළේ හේතු ඇතිවය. සැබෑ බෞද්ධයන් හින්බුඩ්ඩන්ගෙන් වෙන්කර ගැනීමට එසේ නාමකරණය කරගැනීම පහසුවකි.
    ඒ අනුව ගස්දෙබල් අස්සෙන් දෙවියන් දකින්නන් ද ඕනෑම බුදු පිළිමයකින් "බුදුරැස්" දක්න්නන් ද
    බෝ ගස්වල අපල පාන්කඩ එල්ලන්නන් ද "හින්බුඩ්ඩන්" මිසක බෞද්ධයන් නොවේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් මං ලංකේන්ඩියා කියලා හයිබ්‍රිඩ් භාෂාවක් ගැන කතන්දරය දෙකක් ලිව්වා මෙන්න ඒවා.

      1. http://kathandara.blogspot.com/2009/11/lankendia.html

      2. http://kathandara.blogspot.com.au/2010/04/lankendia-ii.html

      !!!

      Delete
  11. මේ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්ස් වගේ ඒවයින් බුද්ධ ධර්මය වුනත් කියල දෙන්න පුළුවන් තමයි. ඒ වුනාට සමහර අය කරන පිස්සු ප්‍රසන්ටේෂන් දැක්කම ඒව සද්භාවයෙන්ම කරනවද නැත්නම් හීන් නූලෙන් බෞද්ධයෝ වෙනත් විශ්වාසයන් වෙත හැරවීමට කරන ඒවද කියල හිතාගන්න අමාරුයි. ඔය කකා කියපු ඊ මේල් එක වගේ එකක් ළගදි මටත් ආවා, “බුදුදහමින් පින් පව් පළ දෙන හැටි“ කියල. යකෝ මං අහන්නෙ බුදු දහමින්ද පින් පව් පල දෙන්නෙ? පින් පව් පල දෙන එක කම්ම නියාමය. ඒක ලෝකෙ පවතින එකක්නෙ. බුදුහාමුදුරුවො ඒක අවබෝධ කරගත්තා. අනිත් අයට දේශනා කළා.
    ඒ විතරක් නෙවෙයි. ඒ ඊමේල් එකේ තිබුනෙත් ඔය "බොරු කිව්වොත් කට පණුවො ගහනව" වගේ පොඩි ළමයින්ට ගැලපෙන කතන්දර වගයක්. දැන් පොඩි ළමයිනුත් දන්නව කට පණුවො ගහන්නෙ අහවල් ටූත්පේස්ට් වර්ගය සහ අහවල් බුරුසු වර්ගය පාවිච්චි නොකිරීම නිසා මිසක් බොරු කීම නිසා නෙවෙයි කියල.
    (හැබැයි ඉතින් සිංහල බෞද්ධයා නැති වෙච්චි දාට බුද්ධාගම කපෝති. ඒ නිසා, අනෙත් එවුන් ලංකාවෙන් පන්නලා හරි මරල හරි සිංහල බෞද්ධයා රැකගන්න වේවි.)

    ReplyDelete
    Replies
    1. වෙන කෙනෙක්ව කෙනිත්තුවාම, හිරුවාම ඇඟිලි කුණු වෙනවා කියලා අපේ අම්මා පොඩි කාලේ මට කියලා තියෙනවා.

      පන්සලට ටයිල් දන් දුන්නොත් කෙලින්ම දිවිය ලෝකේ ටයිල් අල්ලපු වාස භවනක් ලැබෙනවාලු.
      http://kathandara.blogspot.com.au/2011/04/blog-post_06.html

      .

      Delete
  12. බුදුන් දෙසූ ධර්මය අදහනවාට වඩා පිළිපදිනවානම් කොයිතරම් අපූරුද!

    ReplyDelete
    Replies
    1. හැකි විදියට පිලිපදින්න.

      Delete
  13. බුදු දහමේ එන ශ්‍රද්ධාව නැමැති වචනය තරම් වැරදි ලෙස අරුත් ගන්වන ලද වචන ඇත්තේ කිහිපයක් පමණෙකි. "ශ්‍රද්ධාව" යනු යමක් තමන්ගේම නුවණින් තේරුම් ගැනීමයි. එනම් වෙනත් කෙනකු කියූ පමණින් වත්, පත පොතක තිබූ පමණින් වත් කොටින්ම බුදුවරයකු දේශනා කළ පමණින්වත් පිළි නොගෙන තමන්ගේ බුද්ධියට අනුකූල වේ නම් පමණක් පිළි ගැනීමයි. නමුත් අද "ශ්‍රද්ධාව" කියන වචනය භාවිතා කරන්නේ ඊට ඉඳුරා ප්‍රතිවිරුද්ධ අදහසක් දීම පිණිසය. අද "ශ්‍රද්ධාව" යනු අන්ධ විශ්වාසයයි. අන්ධ විශ්වාස වලට නතු වූ කිසිම දහමක වර්ධනයක් නොවේ. අද "බෞද්ධයින්ටත්" අවශ්‍ය ඒ ටික කර ගන්නටද?

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට බුදු දහම පිටරැටියන් අතර ප්‍රචාරය වෙන්නේ ඔය නියම තේරුම සහිතවයි!

      Delete
    2. ශ්‍රද්ධාව කියන්නේ තතාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැණීමයි.
      කියවීමෙනුත් ඇසීමෙනුත් මේ අවබෝධය ලබා ගන්න....
      ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං..

      Delete
    3. /ශ්‍රද්ධාව කියන්නේ තතාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැණීමයි./

      නැත ඒ අශ්‍රද්ධාවයි. අන්ධ විශ්වාසයයි.

      Delete
    4. Dewiyan ho budun gana වාද karanna thrm api sudusso nowenna plwn..hodama de thama depathtakta bedila වාද kr kra inna wele thaman kamathi dahamak anuwa jiwithe yahapath widiyta gewana eka..ethkota hamotama a a widiyta prathipala labewi.hinduda katholikada baudada kiyana eka neme wadagath.serama agam walta garu karamin sitha thenpath krgena jiwth wena eka.

      Delete
  14. පෝස්ට් එකයි කමෙන්ටුයි සේරම කියෙව්වා . හැමෝටම කතන්දරට වගේ බුදුදහමේ දාර්ශනික හරය තේරුම් ගන්න තරම් බුද්ධිමට්ටමක් නැති එකනේ ප්‍රශ්නේ . මේ වගේ වෙනස්ව හිතන අය බුදුඅහම හොඳින් දන්නා අය සමග දර්ම සාකච්චා පවත්වල නොදන්නා අයට කියා දෙන එක නම් හරිම වටිනවා .

    ReplyDelete
    Replies
    1. කකා... කියවගෙන කියවගෙන යනකොට කියවෙන්නෙම පරණ කවිපදම තමයි නේද?

      Delete
    2. @ Bindi
      මං දන්න දෙයක් නෑ.

      නමුත් මං අහලා තියෙන බෙහොමයක් දහම් කරුණුවල තියෙන්නේ ප්‍රශ්ණ අසා ඒවා විශ්ලේශනය කර උත්තර හොයාගන්න ගත්තු හැටියි.

      මිනිස්සු ප්‍රශ්ණ නොකළා නං මං අහලා තියෙන බුදු දහමෙන් අඩකටත් වඩා කියවෙන්නේ නෑ. හොඳ වෙලාවට ඒ කාලේ පොරවල් බුදුන් හුමවෙන්න ඇවිල්ලා එක එක වලියට බර ප්‍රශ්ණ ඇහැව්වේ!

      Delete
    3. @ ලොකූ
      ඇයි එතකොට බයිලා?

      Delete
    4. /හොඳ වෙලාවට ඒ කාලේ පොරවල් බුදුන් හුමවෙන්න ඇවිල්ලා එක එක වලියට බර ප්‍රශ්ණ ඇහැව්වේ!/

      දැන් ඒ ශ්‍රද්ධාවක් නැති දේශද්‍රෝහියො ඔක්කොම ටික අපායෙ ඇති නේද?

      Delete
    5. ඒක තමයි මාත් කිව්වේ . වෙනස් විදිහට හිතීම තමයි දියුණුව කියන්නේ . මන් කැමතියි වෙනස් විදිහට හිතනවට . එදා කවිය වෙසක් දවසේ දාපු එකට විරුද්ද වුනාට හැමදාම එහෙම නැහැ .[.D ]. සමහර විට ඔහේ පන්සල් වල ඇති නියමාකාරයෙන් සිල්වත් හාමුදුරුවරු . මෙහෙ වගේ කාලයක් තිස්සේ සංස්කෘත විපර්යාසත් එක්ක ගැටුණු නැති නියමාකරයේ පන්සල් . පර්ත් වල සර්පන්ටයින් ආශ්‍රමයට අපිව එක්ක ගියා ඔබා මාමා. එතන ඒ වගේ සිත නිවන තැනක් . ඉස්සරම ලංකාවෙත් එහෙම තියෙන්න ඇති .

      Delete
  15. මට නම් මේවා තේරෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පහු වෙන කොට තේරෙන්න පටන් ගනීවි.
      කළබල වෙන්න එපා. තම තම නැණ පමණින් දැන ගත යුතු කිච්චානේ!

      Delete
  16. නාථ දෙයියො21 May 2012 at 19:12

    ඔන්න මමත් මේක කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ඔයත් නිකං අපේ ඔබා මාම වගේනෙ දෙයියනේ. කියෙව්ව විතරද? මොකුත් කියන්නෙ නැද්ද?

      Delete
    2. ඔබා මලාට පස්සෙ දෙවියෙක් වෙලා ද දන්නෙ නෑ.

      Delete
    3. ඔබා නාථ දෙයියා නම් වෙන්න බෑ. මොකද ඔබා ආසනික් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙත් නෑ. නොදන්න දේවල් කතා කරලා ඉක පුරා ගන්න එකත් ඔබාගෙ සිරිත නෙවෙයි. ඔබා සමහර විට වෙන නාථ දෙවියෙක් වෙලා ඇති - අර ආසනික් නාථ නැතුව. එක නමින් දෙවිවරු බර ගාණක් ඉන්න බැරියැ, මෙහෙත් සිල්වල පෙරේරල දාස් ගාණක් ඉන්න එකේ.

      Delete
    4. නාථ දෙයියො22 May 2012 at 12:01

      මොනා කියන්නද ළමයිනේ කමෙන්ට් කොටනවට වඩා හොඳ නැද්ද නලින් ලොක්කට උදව්වක් දෙනවා

      Delete
  17. කතන්දර මහත්මයා වැරදියි,
    අර නෝනත් ඒ වැරදියි,
    ඔබතුමා ගැන කණගාටුයි.
    මීට වඩා දෙයක් කියන්ට නොයමි,
    මට කරන්න තියන එකම ඉල්ලීම නම් තමන්ගේ මතවාද තමන් ළඟම තියාගැනීමෙන් වෙන හානිය අඩුවෙයි.
    ඔබ ඕන තරම් තර්ක දාලා මතවාද ලියන්න මිනිස්සු හිනස්සන්ට ජංගි කක්කා ගැන ලියන්න,
    ඒත් නොදන්න බුදු දහමක් ගැන ලියන්න එපා,
    මේ බුදු දහම අනාථ එකක් නෙවේ,
    මෙය අයිතිකාරයෙක් නැති එකක් නෙවේ,
    ඔබට ගෞරවයෙන් කියන්නේ කරුණාකරලා මේ මෝඩ වැඩේ කරන්න එපා.
    මට ඔබත් එක්ක තර්ක කළ හැකියි,
    ඒත් වැඩක් නැති නිසා නිකං ඉන්නවා,
    නැවතත් කියන්නේ මේ වගේ පුහු මත පතුරවන්ට එපා,
    ඔබට නුවණැස පෑදේවා!!!

    ReplyDelete
    Replies
    1. Ane nikamata ahannee...
      kawda mea budhhagame aithi karaya?

      Delete
    2. මේ බුදු සසුනේ අයිතිකාරයා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ,
      උන්වහන්සේ මේක ඉස්මතු කරේ, මේ ආර්ය සත්‍යය හොයාගත්තේ කල්ප ගණනක් බොහෝ වෙහෙසිලා,
      එහෙම උතුම් දෙයක් කාටවත් වෙනස් කරන්න අයිතියක් නෑ.

      Delete
    3. ගෞතමගේ මරණයෙන් පසු බුදු දහමේ වර්තමාන අයිතිකාරයා කවෙරෙක්දැයි දැන ගනු කැමැත්තෙමි. මා හිතන්නෙ හැමෝම ඇහුවේ ඒක. මිය ගිය පුද්ගලයකුට යමක අයිතිය තියෙන්න බෑනෙ.

      Delete
    4. බුදු දහම අයිති කාටද?

      බුදු දහම අයිති බුදු හාමුදුරුවන්ට කියලා කියන එක නම් මම හිතන්නෙ එච්චර තේරුමක් ඇති අදහසක් නෙමෙයි. අද තියා බුදු රජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ වත් මම හිතන්නෑ බුදු හමුදුරුවො බුදු දහම අයිති තමන්ට කියලා හිතන්න ඇති කියලා.

      හැබැයි ඒ කියන්නෙ බුදු දහමට අයිතිකාරයො නෑ කියන එක නෙමෙයි. බුදු දහමට අයිති කාරයො ඉන්නව. බුදු දහම අයිති බුදු දහම ආරක්ශා කරන අයට. (ඒ කියන්නෙ බුදු දහම අයිති අය විදියට සාසනේ රකින දෙවි වරුනුත් ඇතුලත්.)

      බුදු දහම කියන්නේ බුදු දහම ලියැවී ඇති පොත් නෙමෙයි. ඒ නිසා ඒ පොත් විතරක් ආරක්ශා කලා කියලා බුදු දහම ආරාක්ශා කරන්න බෑ. හැබැයි පොත් රකින එකත් වැදගත්.

      පොත් ආරක්ෂා කරනවයි කියන්නෙ භෞතික සම්පත් ටිකක් රකින එක විතරක් නෙමෙයි. බුදු දහම වැරදි අර්ථනිරූපණවලින් ආරක්ෂා කර ගැනීමත් ඊට අයිතියි. බුදු දහමෙ දෙවියො නෑ, බුදු දහම පුනර්භවය පිළිගන්නෙ නෑ, වගේ හේතුවාදී අර්ත නිරූපණ පරාජය කිරීමත් බුදු දහම රැකීමට ඇතුළත්.

      ඊළඟට, බුදු දහම ආරක්ෂා කර ගැනීමට බෞද්ධයන් ලෙස ජීවත් වීමත් වැදගත්. බෞද්ධයන් ලෙස ජීවත් වෙනවා කියන්නෙ නිවන් අරමුණු කර ජීවත් වෙනවා කියන එකයි. නිවන් මාර්ගය වඩනවා කියන එකයි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ලකලැහැස්ති වෙනවා කියන එකයි. එතනදි පවින් වැලකීම (සබ්බ පාපස්ස අකරණං) සහ පිං කිරීම (කුසලස්ස උපසම්පදා) වගේම සිත දමනය කරගෙන, ඉන්ද්‍රිය සංවරය රැකගෙන, අල්පේච්ච ජීවිත ගත කිරීම (සචිත්ත පරියෝ දපනං) ත් අවශ්‍යයි. එමෙන්ම, ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩීම, දස පාරමිතා පිරීම, දාන සීල භාවනා වල නිරත වීම ආදියත් ඇතුලත්.

      හැබැයි මේ ඔක්කොම කලත් බුදු දහම රැකෙන්නෙ නෑ, තව එක දෙයක් නැතුව. බුදු දහමට බොරුවට ආදරය කරන අය ඒ දේට කැමති නෑ. ඒ තමයි පර සතුරු ආක්‍රමණ වලින් බුදු දහම ආර්ක්ෂා කර ගැනීම. විඩූඩභ ගෙ ප්‍රහාරය වෙලේ ශාක්‍යයො ක්‍රියා කලේ බුදු හාමුදුරුවො දේශනා කරපු විදියටමයි. නමුත් ඒකෙන් වුනේ ශාක්‍යයො නති වුනු එකයි. එදා බෞද්ධ්යො වෙලා හිටියෙ ශාක්‍යයො විතර නම් බුදු දහම ලොකෙන් නැතිවෙන්නෙ එදා. එහෙම නම්, නිග්‍රහ කලොත් පහත් කුල වල උපදිනවද ආදී මුකුත් අපි කතා කරන්නෙ නෑ.

      එහෙම නම් ඇයි අපි අද නිග්‍රහ කලොත් පහත් කුල වල උපදිනව ද ආදි ය කතා කරන්නෙ? එක පුද්ගලයෙක් කල වැඩක් නිසා. ඒ තමයි දුටු ගැමුනු. එයා තමයි ශාක්‍යයො ක්‍රියා කරපු ආකරයට වඩා වෙනස් විදියකට ක්‍රියා කරන්න තීරණය කලේ. ඒ වනකොට බුදු දහම දඹදිවත් තර්ජනයට ලක් වෙලා. දුටු ගැමුනු නොහිටින්න අද බුදු දහමක් නෑ.

      බෞද්ධයො දාන පාරමිතාව පුරණව. හැබැයි ඒ රට ජාතිය දන් දීලා නෙමෙයි. රට ජාතිය පර සතුරන්ගෙන් රැක ගෙන මතු පරපුරට දායාද කරන්න ඕනෙ කියන එක බෞද්ධයො දන්නවා. පර සතුරු ආක්‍රමණයක දි බෞද්ධයන්ට නව ගුණ වැල අතට ගන්න කියන්නෙ බෞද්ධයන්ට ආදරේ තියෙන අය නෙමෙයි.

      මේකෙ උඩ ලියල තියෙන,

      /**

      ඊළඟට, බුදු දහම ආරක්ෂා කර ගැනීමට බෞද්ධයන් ලෙස ජීවත් වීමත් වැදගත්. බෞද්ධයන් ලෙස ජීවත් වෙනවා කියන්නෙ නිවන් අරමුණු කර ජීවත් වෙනවා කියන එකයි. නිවන් මාර්ගය වඩනවා කියන එකයි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ලකලැහැස්ති වෙනවා කියන එකයි. එතනදි පවින් වැලකීම (සබ්බ පාපස්ස අකරණං) සහ පිං කිරීම (කුසලස්ස උපසම්පදා) වගේම සිත දමනය කරගෙන, ඉන්ද්‍රිය සංවරය රැකගෙන, අල්පේච්ච ජීවිත ගත කිරීම (සචිත්ත පරියෝ දපනං) ත් අවශ්‍යයි. එමෙන්ම, ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩීම, දස පාරමිතා පිරීම, දාන සීල භාවනා වල නිරත වීම ආදියත් ඇතුලත්.

      **/

      ඔය දෙවල් ටික අද අපි දන්නෙ දුටු ගැමුනු සාසනේ රැකපු නිසා. දුටු ගැමුනු නොහිටින්න අද නිවන ගැන ලෝකෙ කිසිකෙනෙක් කතා කරන්නෙ නෑ. නිවන කියලා දෙයක් ගැන දන්නෙවත් නෑ.

      බුදු දහම ආරක්ෂා කර ගැනීමට, බෞද්ධයන් ලෙස ජීවත් වීම වගේම, බුදු දහම පර සතුරන්ගෙන් රැක ගැනීමත් ඇතුලත්. මොකද බෞද්ධයන් ලෙස ජීවත් වෙනවා කියන්නෙ මොකක්ද කියන එක අපි දන්නෙත් සාසනේ රැකුනොත් විතරයි. ඔය හැම විදියටම බුදු දහම රකින අයට බුදු දහම අයිතියි. බුදු දහම විනාශ කරන්න හදන අයට, පර සතුරු ආක්‍රමණයකදි නව ගුණ වැල අතට අරගෙන, විඩූඩභ අතින් වැනසී ගිය ශාක්‍යයන් වගේ වැනසී යන්න කියල බෞද්ධයන්ට උපදෙස් දෙන අයට බුදු දහම අයිතියි කියලා මම නම් හිතන්නෙ නෑ.

      Delete
    5. මේ උඩ ඇනෝ (May 22, 9:33 AM) ගේ තකාවේ වැදගත්කමක් තියෙනවා.

      ඇනෝ කියන්නේ බුදුදහම රැකගැනීම ගැන නොවේ, බෞද්ධ සංස්ථාව රැකගැනීම ගැනයි.

      දුටුගැමුණු ගැන කියන කතාවේ තේරුම ඒකයි. එතකොට සියම් නිකාය හදන්න උපසම්පදාව ගේන්න තායිලන්තේ සාසනේ තිබුණෙත් දුටුගැමුණු නිසාද?

      එහෙම නං කියන්න ඕනෑ, අශෝක හින්දයි බුදු දහම තියෙන්නේ කියලා.

      Delete
    6. /රට ජාතිය පර සතුරන්ගෙන් රැක ගෙන මතු පරපුරට දායාද කරන්න ඕනෙ කියන එක බෞද්ධයො දන්නවා./

      කොයි සූත්තරේද දන්නෙ නෑ මේ ගාථව තියෙන්නෙ නේද?

      ඉමං භික්ඛං - රට ජාතියෝ සුරක්ඛිතං
      ද්‍රාවිඩෝ මරපං - හම්බයෝ එළවපං
      අනාගතං පරම්පරාවෝ දීපංච
      ඉන්ස්ටන්ට්ලි නිබ්බානං ගච්ඡමං

      Delete
    7. /බුදු දහම ආරක්ෂා කර ගැනීමට, බෞද්ධයන් ලෙස ජීවත් වීම වගේම, බුදු දහම පර සතුරන්ගෙන් රැක ගැනීමත් ඇතුලත්./

      එතකොට බුදු දහම නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනැ නැද්ද ඔය මහත්තයට?

      Delete
    8. තායිලන්තෙ තිබුනෙ මෙහෙන් ගෙනිච්ච බුද්ධාගම ම තමයි. තායිලන්තෙන් ගෙනාපු එකට අපි මෙහෙදි සියම් නිකාය කියනවා වගේ මෙහෙන් ගෙනිච්ච එකට තායිලන්තෙදි කිව්වෙ සිංහල බුද්ධාගම කියලා. මෙහෙට සියමෙන් ගෙනාවෙ මෙහෙන් එහෙට ගෙනිච්ච එකම තමයි. මෙහෙන් තායිලන්තෙට ගෙනියන්න බුද්ධාගමක් තිබුනෙ දුටු ගැමුනු ඒක රැකපු නිසයි.

      අශෝකත් බුදු දහම රැක ගන්න වැඩක් කරපු කෙනෙක් තමයි. නමුත් වැදගත්ම වැඩේ කලේ දුටු ගැමුනු. මොකද සාසනේ පර සතුරන්ගෙන් රැක ගැනීම කියන එක නිසයි සාසනෙ රැකිලා තියෙන්නෙ. සාසනේ පර සතුරන්ගෙන් රැක ගැනීම කියන එක ලෝකෙට කියලා දුන්නෙ දුටු ගැමුනු.

      "බුදු දහම රැකීම නෙමෙයි, බෞද්ධ සංසථා රැක ගැනීම ගැනයි" කියන එක තෙරුමක් ඇති කතාවක් නෙමෙයි. සාසනයක් නෑ කියන්නෙ කීප දෙනෙක් විතරක් වන ගත වෙලා පෙරුම් පුරණවා කියන එකයි. එහෙමත් කාලයක් එනවා. හැබැයි ඒ බුද්ධෝත්පාද කාලයට පස්සෙ. එතකොට සංසාර පුරුද්දෙන් නිවන් මග වඩන කිහිප දෙනෙකු හැර අනිත් අයට ඒක කරන්න වෙන්නෙ නෑ. අද නිවන් මග වැඩීම කියන එක දෙමව්පියන්ගෙන් දරුවන්ටත් උරුම වෙනවා; උරුම වෙන්න පුළුවන්. එහෙම වෙන්නෙ ආයතන තියෙන නිසා. සාසනෙ තියෙන නිසා. ආයිත් මේ ආයතන අවශ්‍ය නෑ, ආයතන නැතිවට බුදු දහම තියෙන්න පුළුවන් කියලා කෙනෙක් කියනවා නම් ඒක බොරුවක්.

      සාසනෙ නැතිව බුදු දහම තියෙන්න පුළුවන් ක්‍රම දෙකකට විතරයි. ඒ එක්කො පුස්තකාලෙක තැන්පත් කරලා තියෙන ත්‍රිපිටක පොත් විදියට. අලුත් ක්‍රමේට නම් විවිධ තාක්ෂනික තැටි විදියට. එහෙම නැත්නම් වනගතව බවුන් වඩන තවුසන් කිහිප දෙනෙක් විදියට.

      එහෙම නැතුව සමාජයක් විදියට අපි නිවන් වැඩීම කියන එක කරන්න ඕනෙ නම් ඒකට මග පෙන්වීම, පෙළඹවීම, වටිනාකමක් දීම, උපකාර කිරීම, අවස්ථාව ලබාදීම, ආදී තව ගොඩක් දේවල් එකතු වෙන්න ඕනෙ (හතර පෝය නිවාඩු දින කිරීම ත් ඇතුලත්.). සාසනයක් නැතිව ඒක වෙන්නෙ නෑ. (සාසනේ විතරක් නෙමෙයි, නිසි දේශපාලන නයකත්වය, ඉන්ද්‍රිය සංවරයට මුල් තැන දෙන බෞද්ධ ආර්ථිකය, නිසි වටිනාකම් කියා දෙන අධ්‍යාපනය, ජන මාධ්‍ය පාලනය ආදී ගොඩක් දේ නැතුව සමාජයක් විදියට නිවන් මග වැඩිය හැකි සමාජයක් හදන්න බෑ. ඒ නිසයි සමාජයක් විදියට නිවන් මග වඩන්න නම් ඊට සුදුසු රටක් රැක ගැනීම අත්‍යාවශ්‍ය වෙන්නෙ.)

      නිවන් මග වඩනවයි කියන්නෙ, නිවන අරමුණු කර ජීවත් වෙනවයි කියන්නෙ, පෝය දාට (හරි ඉරිදාට හරි) පන්සල් යන එකටවත්, වෙසක් එකට දන්සැල් දෙන එකටවත්, කාර්‍යාලයේදී සගයෙකුට උදව් කරන එකටවත්, යාළුවෙකුට ලෙඩක් කරදරයක් වුනාම හැකි උපකාරයක් කරන එකටවත් නෙමෙයි. නිවන කේන්ද්‍රීයව ජීවත් වෙන එකටයි. සාසනේ නැතිවෙලා පරම්පරා දෙක තුනක් යනකොට එහෙම ජීවත් වෙන පිරිස සීයට එකටත් අඩු වෙනවා.

      හැබැයි මේක තේරුම් ගන්න ශාසනේ නැතිවෙන කම්ම ඉන්න ඕනෙ නෑ. ඕස්ට්‍රේලියාව වගේ ශක්තිමත් ශාසනයක් නැති රටවලට යන සිංහල බෞද්ධයන්ගේ දරුවන්ට මුනුබුරන්ට වෙන දේ බලන්න. පරම්පරා දෙක තුනකට පස්සෙ කීදෙනෙක් නිවන් කේන්ද්‍රීයව ජීවත් වෙනවද බලන්න. නිවන කේන්ද්‍රීයව ජීවත් වෙනවයි කියන්නෙ කාටවත් කරදරයක් නැතිව අභිචාරවත් විදියට (එතිකලි) ජීවත් වෙන එකට නෙමෙයි. නිවන කේන්ද්‍රීයව ජීවත් වෙනවා කියන එක ඊට වඩා ගොඩක් වෙනස්. එතික්ස් නම් ක්‍රිස්තියානි රටවලත් තියෙන්නෙ.

      Delete
    9. /* කොයි සූත්තරේද දන්නෙ නෑ මේ ගාථව තියෙන්නෙ නේද? */

      සූත්‍ර ගාථා ගැන ප්‍රශ්න අහන්න අපි සූත්‍ර ගාථා කියන වචන හරි අද දන්නෙ දුටු ගැමුනු නිසයි. දුටු ගැමුනු නොහිටින්න ඉමං භික්ඛං කියන්නවත් අද කිසිකෙනෙක් දන්නෙ නෑ.

      Delete
    10. // එතකොට බුදු දහම නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනැ නැද්ද

      මේවත් ප්‍රශ්න තමයි. නමුත් ඉතින් ඔක්කොම ප්‍රශ්න එක පාර විසඳගන්න පුළුවන් කමකුත් නෑනෙ. හෙමින් හෙමින් එකින් එක තමයි විසඳගන්න වෙන්නෙ.

      Delete
    11. /එහෙම නැතුව සමාජයක් විදියට අපි නිවන් වැඩීම කියන එක කරන්න ඕනෙ නම් ඒකට මග පෙන්වීම, පෙළඹවීම, වටිනාකමක් දීම, උපකාර කිරීම, අවස්ථාව ලබාදීම, ආදී තව ගොඩක් දේවල් එකතු වෙන්න ඕනෙ/

      සමාජයක් හැටියට නිවන් යන්නෙ මොන කෙහෙල්මලකටද? නිර්වාණය කියන්නෙ ආත්ම විමුක්තියක් නෙවෙයිද? කණ්ඩායම් ගැහිල ගියොත් විතරද නිර්වාණය අවබෝද කර ගන්න පුළුවන්?

      /(හතර පෝය නිවාඩු දින කිරීම ත් ඇතුලත්.)/

      ඇයි ඔය බෞද්ධයින්ට බැරි ඉරිද සෙනසුරාදා දවසක ඔය ටික කර ගන්න. ඔච්චරම ඕනැ නම් රස්සාවක් නැතුව ඕක කරන්න බැරියැ? දැනටමත් ඔය ඊනියා පෝය නිවාඩුවක් නිසා රටේ කටයුතු අවුල් වෙනවා. තව හතර පෝයට නිවාඩු දුන්නොත් කොහොමට හිටීවිද?

      /ඕස්ට්‍රේලියාව වගේ ශක්තිමත් ශාසනයක් නැති රටවලට යන සිංහල බෞද්ධයන්ගේ දරුවන්ට මුනුබුරන්ට වෙන දේ බලන්න./

      චැහ්, ඔබාමාමත් කරගත්තු මෝඩ කම්!

      /පරම්පරා දෙක තුනකට පස්සෙ කීදෙනෙක් නිවන් කේන්ද්‍රීයව ජීවත් වෙනවද බලන්න./

      ඉතින් හොඳයිනෙ. උන්ගෙ මොළේ පෑදෙනව. ඊට පස්සෙ ඔය මිථ්‍යා මත විස්වාස කිරීමෙන් මිදෙනව. මොකද්ද ඒකෙ ඇති වරද?

      Delete
    12. @ Ano 22 May 11:11 AM
      මේ ඇනෝ හරි, සාසනය, ආමිස පූජා නැතඔව බුදුසමය රැකෙන්නේ නෑ. සමාජය නැතුව දහම රැකෙන්නෙත් නෑ.

      එහෙම වුනත් අන්ධානුකරණයෙන්, ඇදහිල්ලෙන් බුදු දහම රකිනවා කියන්නේ නම් මෝඩ වැඩක්. දහමට විරුද්ධ වැඩක්. මගේ මූලික තර්කය වුනේ ඒකයි.

      ඔබට ඉතා ස්තුතියි.

      Delete
    13. කණ්ඩායම් ගැහිලා නිවන අවබෝධ කරගැනීමක් ගැන නෙමෙයි මම කියන්නෙ. බෝධි පාමුල නිවන අවබෝධ කර ගන්න වෙලාවෙදි නිවන අවබෝධ කර ගන්නෙ තනියම තමයි. නමුත් මම මේ කියන්නෙ නිවන් මග වඩන එක ගැනයි. නිවන් අවබෝධ කර ගන්න ඉස්සෙල්ල නිවන් මග වඩන්න එපැයි.

      සමාජයේ වැඩි දෙනෙකුට නිවන් මග වැඩීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන සමාජයක් ගැනැයි මම මේ කියන්නෙ. රැකියාවෙන් ඉවත් නොවී නිවන් මග වැඩිය හැකි සමාජයක් ගැනැයි මම මේ කියන්නෙ. බහු භාන්ඩික නොවී අල්පේච්ඡ ජීවත ගත කිරීමට ඉඩ දෙන, ඊට වටිනාකමක් ලබා දෙන සමාජයක් ගැනයි මම මේ කියන්නෙ. ආර්ථික කටයුතු වලට අමතරව ආධ්‍යාත්මික කටයුතු වලට විශාල ඉඩක් තියෙන සමාජයක් ගැනැයි මම මේ කියන්නෙ. ජී. ඩී. පී. එක දිහා බලන්නැති නිවන කේන්ද්‍රීය බෞද්ධ ආර්ථිකයත් ගැනයි මම මේ කියන්නෙ. වැඩි දෙනක් නිවන් මග වඩනව දකින්න අපිට ඕනෙ නම් එහෙම සමාජයක්, එහෙම රටක් අපිට ඕනෙ වෙනවා. නිවන් මග වැඩීමෙදි රට කියන එක, සමාජය කියන එක වැදගත් වෙන්නෙ ඒ නිසයි. එහෙම නැත්නම් වනගත වුනු තවුසන් කීප දෙනෙක් නිවන අරමුණු කර ජීවත් වෙනවා දකින්න විතරයි අපිට පුළුවන් වෙන්නෙ.

      ඇමෙරිකාවෙ ක්‍රිස්තියානි කාරයො ඉරිදට පල්ලි යන්නෙ නැතුව වෙන දවසක එක කර ගන්නෙ නැත්තෙ ඇයි කියලා බෞද්ධයො අහන්නෙ නෑනෙ. ඒ නිසා බෞද්ධයන්ට සිල් ගන්න ඕනෙ පෝය දාක ද නැත්නම් ඉරිදට ද කියන එක අපෙන් අහන්න කාටවත් අයිතියක් නෑ. (හතර පෝය නිවාඩු කරන්නෙ ඉරිදා නිවාඩුව නැති කරලා. එතකොට නිවාඩු අඩු වෙනවා. මොකද හතර පෝයෙන් එකක් දැනටමත් නිවාඩු නෙ.)

      Delete
    14. /බහු භාන්ඩික නොවී අල්පේච්ඡ ජීවත ගත කිරීමට ඉඩ දෙන, ඊට වටිනාකමක් ලබා දෙන සමාජයක් ගැනයි මම මේ කියන්නෙ. /

      එහෙම සමාජ තියෙන්නෙ ගුණදාස අමරසේකරගෙ ඔළුව ඇතුළෙ විතරයි. ඒ හන්දා ඒක අමතක කරන්න.

      /ඇමෙරිකාවෙ ක්‍රිස්තියානි කාරයො ඉරිදට පල්ලි යන්නෙ නැතුව වෙන දවසක එක කර ගන්නෙ නැත්තෙ ඇයි කියලා බෞද්ධයො අහන්නෙ නෑනෙ./

      මොන හේතුවක් නිසා නිවාඩු දින වුණත් ඉරිදා සෙනසුරාදා කියන්නෙ ක්‍රියාත්මක කරන්න පහසු ලෝක සම්මතයක්. අනෙක රටේ හැම දේම එක ආගමක ඕනැ එපාකම් අනුව ඕනැ ඕනැ විදියට නටවන්න ගිහින් කැඳ හැලියක් කර ගන්න අවශ්‍ය නෑ. ඔයා මැරිලා සම්‍යක් දෘෂ්ටික දිව්‍ය ලෝකයක මේ අනම් මනම් කර ගන්න අපට පව් නොදී.

      Delete
    15. විද්‍යාව යනු හෙජමනියක් බව නොදන්නේ ඩෝකිං වන්දනාකාරයන් පමණක්ද?

      Delete
    16. ආගම යනු හෙජමනියකි. එහි ප්‍රශ්න කිරීම වලට ඉඩක් නොවේ. ආගමික නායකයා කියා ඇති හෝ කියා ඇතැයි පූජකයින් අපට කියන ඕනෑම මෝඩ කතාවක්, මිථ්‍යාවක් ප්‍රශ්න නොනඟා පිළිගත යුතුයි. විද්‍යාව යනු හෙජමනියක් නොව ප්‍රශ්න කිරීම් මත ගොඩ නැඟෙන සැබෑ දැනුමයි.

      Delete
    17. දැන් බුදු දහම මේ පෘථිවි තලයෙන් තනිකරම වඳවෙලා ගියත් කමක් නෑනෙ ඔය 330,000,000 සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් ඉන්නකල්. උන්නැහේලාට බැරියැ ඕක ආරක්ෂා කරල තියා ගන්න. අපි මොටෝ කරදර වෙන්නෙ?

      Delete
    18. /** එහෙම සමාජ තියෙන්නෙ ගුණදාස අමරසේකරගෙ ඔළුව ඇතුළෙ විතරයි. ඒ හන්දා ඒක අමතක කරන්න. **/

      ඕගොල්ලො බෑ කිව්ව දේවල් අපි මීට ඉස්සෙල්ලත් කරලා පෙන්නුවානෙ. අපි නන්දිකඩාල් යනකොට ඕගොල්ලන්ට චූ ගියානෙ. ඕගොල්ල බෑ කියන ඉතුරු ටිකත් අපි කරලා පෙන්නන්නම්. හැබැයි දැන්මම ටින් එකක් ළඟින් තියාගෙන ඉන්න. මොකද ආයිත් චූ යයි.

      /** මොන හේතුවක් නිසා නිවාඩු දින වුණත් ඉරිදා සෙනසුරාදා කියන්නෙ ක්‍රියාත්මක කරන්න පහසු ලෝක සම්මතයක්. **/

      මෙහෙම සම්මතයක් නෑ. ඔයා ලිං ගෙම්බෙක් නෙ. අරාබි රටවල සති අන්තෙ තමයි බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඊස්‍රායලේ සති අන්තෙ තියෙන්නෙ සිකුරාදා හවස ඉඳන් ඉරිදා උදේ වෙනකම්. ඉරාකේ සති අන්තෙ සිකුරාදයි, සෙනසුරදයි. බන්ග්ලාදේශෙයි, නේපාලෙයි ත් ඉරිදා වැඩ. ඉරිදා වැඩ කරන රටවල් තියෙන්නෙත් මේ ලෝකෙම තමයි. වෙන ලෝකෙක නෙමෙයි. ඒ නිස අපි ඉරිදා වැඩ කලාට කමක් නැහැ. (අර ඕගොල්ලන්ගෙ විවිධත්වය හොඳයි වගේ තර්ක මේ වෙලාවට ගේන්නෙ නැත්ද?)

      මගේ අදහස් බහුතරයකට කරදරයක් නෙමෙයි. බහුතරයක් ඉන්නෙ බෞද්ධයො. මම කතා කරන්නෙ ඒ අය වෙනුවෙන්. මගේ අදහස් ඔයාට කරදරයක් නම් බලන්න ඔයාව වෙන රටකින් ගනීද කියලා.

      Delete
    19. /ඒ නිස අපි ඉරිදා වැඩ කලාට කමක් නැහැ./

      ඔයාට ඕනැ නම් ඉරිද වැඩ කරන්න. ඒක ඔයාගෙ අයිතිය. නමුත් ඒ වගේම කෙනෙකුට ඕනැ නම් ඉරිද වැඩ නොකර ඉන්න ඒකට ඉඩ දෙන්න. අනුන්ගෙ පුද්ගලික නිදහසට ඇඟිලි ගහන්න යන්න එපා.

      /අපි නන්දිකඩාල් යනකොට ඕගොල්ලන්ට චූ ගියානෙ./


      අනේ නෑ. අපි ඔය කාගෙවත් ගෝත්‍රික සටන් ගැන කලබල වෙන්නෙ නෑ. හැබයි ඔය ගොල්ලන්ගෙ ලොක්කට නම් ජිනීවා වලදි චූ විතරක් නෙවෙයි කක්කත් ගියා.

      Delete
    20. /** ඔයාට ඕනැ නම් ඉරිද වැඩ කරන්න. ඒක ඔයාගෙ අයිතිය. නමුත් ඒ වගේම කෙනෙකුට ඕනැ නම් ඉරිද වැඩ නොකර ඉන්න ඒකට ඉඩ දෙන්න. අනුන්ගෙ පුද්ගලික නිදහසට ඇඟිලි ගහන්න යන්න එපා. */

      මම කියන්නෙ ඉරිදා වැඩ කරන එක විතරක් නෙමෙයි. පෝය නිවාඩු කරලා ඉරිදා වැඩ කරන එක. ලෝකෙ එක එක රටවල වැඩ සතිය (workweek) සහ සති අන්තය (Weekend) තීරණය වෙන්නෙ ඒ ඒ රටවල මිනුස්සුන්ට ඕනෙ විදියට. මේ රටේ වෙන්න ඕනෙ මේ රටේ මිනිස්සුන්ට ඕනෙ විදියට.

      පෝය නිවාඩු කරල ඉරිදා වැඩ කරන දිනයක් කලාට ඉරිදා නිකම් ඉන්න ඕනෙ අයට එකෙන් බාදාවක් නෑ. ඒ අයට පුළුවන් ඉරිදා නිවාඩු දාන්න. ඉරිදා වැඩ කරන දිනයක් කරලා පෝය නිවාඩු කරනවයි කියන්නෙ, ඉරිදා නිකම් ඉන්න ඕනෙ අයට නිවාඩු ගන්න දෙන්නෙ නෑ කියන එකවත්, ඉරිදා නිවාඩු දැම්මොත් නඩු දානවයි කියන එක්වත් නෙමෙයි. ඒ නිසා ඉරිදා නිකම් ඉන්න ඕනෙ අයට ඉරිදා නිකම් හිටියෑකි. හැබැයි මේ රටේ වැඩ සතිය (workweek) සහ සති අන්තය (weekend) මේ රටේ මිනිස්සුන්ට ඕනෙ විදියට තීරණය වියයුතුයි ලෝකෙ අනිත් රටවල වගේ.

      Delete
    21. /අරාබි රටවල සති අන්තෙ තමයි බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඊස්‍රායලේ සති අන්තෙ තියෙන්නෙ සිකුරාදා හවස ඉඳන් ඉරිදා උදේ වෙනකම්. ඉරාකේ සති අන්තෙ සිකුරාදයි, සෙනසුරදයි. බන්ග්ලාදේශෙයි, නේපාලෙයි ත් ඉරිදා වැඩ./

      මහත්තයෝ, දවස් හතේ සතියේ යම් දින දෙකක් නිවාඩු දීම වගේ නෙවෙයි හතර පෝයට නිවාඩු දීම. (මේ වගේ ගොන් අදහස් පහළ වෙන්නෙම සිංහල බෞද්ධයින්ට නේද?) එක සතියක සඳුදා නිවාඩු අනෙක් සතියෙ බදාදා, අනෙක් සතියෙ සෙනසුරාදා, අනෙක් සතියෙ ඉරිදා. ඕක මොන තරම් අච්චාරුවක් ද කියලා මේ රටේ මිනිස්සුන්ට ඕනැතරම් අත්දැකීම් තියනවා. ඕක කරන්න ගිහින් ඇණගත්තු හින්ද තමයි ආණ්ඩුව ඒක අවුරුද්දක් වත් ක්‍රියාත්මක නොකර වෙනස් කළේ. ඕක ප්‍රායෝගිකව කරන්න බෑ. (දවස් හතේ සතියෙ වෙන දවස් දෙකක් නිවාඩු දීම වෙන කතාවක්.) නමුත් නිසියාකාරව වැඩ කරන සිස්ටම් එකක් ආගමික උන්මත්තකයින් කීප දෙනකුගේ අවශ්‍යතාවය මත වෙනස් කළ යුතු නැහැ.

      Delete
    22. ලැජ්ජාවට දැන් කිව්වාට චූ ගියෙ නෑ කියලා, තාම ඕගොල්ලන්ගෙ ඇඳුම් තෙතයි. හැබැයි ඇඳුම් දැන්මම මාරු කර ගන්න යන්න එපා. මොකද අපි තාම පටන් ගත්තා විතරයි. ජිනීවා අපිට පොඩි ප්‍රශ්නයක් විතරයි. ඒක අපි බලා ගන්නම්. අපිට විරුද්ධ යෝජනාවක් අරක්ෂක මණ්ඩලේට ගේන්න බෑනෙ. මහා මණ්ඩලේට ගේන්නත් බෑනෙ. ඇමෙරිකාව කරන්නෙ මානව හිමිකම් එකේ ඒගොල්ලන්ට චන්ද වැඩි කාලෙට පොඩි පොඩි සෙල්ලන් දාන එක. හරියට වාරකන් කාලෙට මූදු යන්නැතුව ඉඳලා අනෙක් කාලෙට යනවා වගේ වැඩක් ඒක. ඕවා චූ කොල්ලන්ගෙ වැඩ. අපිට චන්ද වැඩි කාලවල අපිටත් පුළුවනි අපේ යෝජනා සම්මත කරගන්න. අපි 2009 කලා වගේ. ඕගොල්ලො කලබල වෙන්න එපා.

      Delete
    23. පෝය නිවාඩුව එන්නෙ හැම සතියෙම එකම දවසෙ නෙමෙයි තමා. නමුත් ඒ අපි නොදන්න දවස් වල නෙමෙයි නෙ. කලින්ම දින ටික බලලා දින දර්ශන මුද්‍රණය කරන්නයි තියෙන්නෙ. ඔයාටත් අපි දින දර්ශණයක් දෙන්නම්. ඔයා ඒක බලල වැඩට එන්න.

      Delete
    24. /මම කියන්නෙ ඉරිදා වැඩ කරන එක විතරක් නෙමෙයි. පෝය නිවාඩු කරලා ඉරිදා වැඩ කරන එක. ලෝකෙ එක එක රටවල වැඩ සතිය (workweek) සහ සති අන්තය (Weekend) තීරණය වෙන්නෙ ඒ ඒ රටවල මිනුස්සුන්ට ඕනෙ විදියට. මේ රටේ වෙන්න ඕනෙ මේ රටේ මිනිස්සුන්ට ඕනෙ විදියට./

      මේ රටේ මිනිස්සු මොනම අවස්ථාවකදීවත් ජනමත විචාරණයකින් ප්‍රකාශ කරල නැහැනෙ, වෙනත් සති අන්තයක් ඕනැය කියල. ඒක ඔයා වගේ ඉතාම සුළු පිරිසක් ආගමික උන්මත්තකයින් ඉදිරිපත් කරන අදහසක්නෙ. මේ රටේ මිනිස්සු මේක යම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් අනුමත කරනව නම් ඒකෙ ගැටළුවක් නෑ. නමුත් එහෙම වෙලා නැති පරිසරයක ආගමික උන්මත්තකයින් පිරිසක් තමන්ට අවශ්‍ය දේවල් රටේ බහුතරයගේ ඔළු මත පටවන්න යාම වැරදියි. එහෙම වෙන්න පුළුවන් තලේබාන් සමාජයක විතරයි.

      Delete
    25. අනේ ඕනැ නෑ. ඔය ක්‍රමය ඔයා වගේ ආගමික උන්මත්තකයින්ම තියා ගන්න. අපට මේ ක්‍රමය හොඳයි. ආගමික උන්මත්තකයින් අපේ පුද්ගලික නිදහසට ඇඟිලි ගහන්න ආවොත් ඉතින් සොරි තමයි ඒ ගොල්ලන්ට.

      Delete
    26. අපේ තාත්තලා කියනවා පෝය 4ට නිවාඩු දුන්නම පුදුම කරදරයක්ලු තිබ්බෙ. සමහරදාට ඉස්කෝලෙ ගිහින් ගෙදර එනවලු පෝය කියලා. සමහර දවස්වලට නොගියත් ඉස්කෝලෙ තිබිලාලු එදා පෝඉය නෙමෙයි කියලා. ගුරුවරුන්ගෙ පැමිණීමත් ඔය වගේලු.

      Delete
    27. ඒක තමයි මම කියන්නෙ අපි දින දර්ශන කල් ඇතුව මුද්‍රණය කරලා ඕගොල්ලන්ට දෙනවා කියලා. ඕගොල්ලන්ට තියෙන්නෙ ඒක බලලා වැඩ කරන්න විතරයි.

      Delete
    28. හරි හරි අපි මේක ගේන්නෙ ජනමත විමසීමකින් පස්සෙ තමයි. එහෙම නැතුව ගෙන්නෙ නෑ. ඒ නිසා දැන්මම බය වෙන්න එපා.

      Delete
    29. /ඒක තමයි මම කියන්නෙ අපි දින දර්ශන කල් ඇතුව මුද්‍රණය කරලා ඕගොල්ලන්ට දෙනවා කියලා. ඕගොල්ලන්ට තියෙන්නෙ ඒක බලලා වැඩ කරන්න විතරයි./

      ඒ කාලෙත් දින දර්ශන මුද්‍රණය කළා තමයි. කමක් නෑ, ඔන්නොහෙ. කරපුවාවෙකො. ඇණගෙනම ඉගෙන ගනියිනෙ.

      Delete
  18. ඇයි දන්නෑ අර ඇනෝ "බුදුන් වහන්සේ" වෙනුවට "අපේ බුදු සාදු" කියල ලියන්නෙ නැත්තෙ..

    - සනාත

    ReplyDelete
    Replies
    1. අපේ දගම් පාසලේ ටීචර් දවසක් කිව්වා බුදුන් කියලා ලියන එක හොඳ නෑ කියලා. බුදු රජුන් කියාවත් ලියන්නලු.

      Delete
  19. කාට හරි පුළුවන්ද සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය පැහැදිලි ඉලක්කමකින් ලියන්න, එතකොට අපට පුළුවන් අඩුම ගණනෙ සෞරග්‍රහ මණ්ඩලයවත් ඔය කියන කාලයේ බිහිවෙලා තිබුණද කියලා දැනගන්න...

    ReplyDelete
    Replies
    1. කල්පයක්‌ යනු කාලසීමාව නිශ්චිත ඉලක්‌කම් ගණනකින් දැක්‌විය හැකි නොවේ. බුදු දහමේ සාසප සූත්‍රයේ එය පැහැදිලි කරන්නේ උපමාවකිනි. යොදුනක්‌ උස යොදුනක්‌ පළල භාජනයකට අබ ඇට පුරවා වසරකට වතාවක්‌ එයින් එක අබ ඇටයක්‌ ඉවත් කළ ද කල්පය යනු ඒ භාජනයේ අබ ඇට සියල්ලම හිස්‌වන කැලයටත් වඩා දිගු එකකි. සූර්ය සිද්ධාන්තයේ විස්‌තර කෙරෙන්නේ මනුෂ්‍ය කල්පයකට මහා යුග 71 ක්‌ ඇති බවකි. එම යුගයක කාලය සූර්ය වර්ෂ 4320000 කි. ඒ අනුව එම සංඛ්‍යාව හැත්තෑ එකෙන් වැඩිකර මනුෂ්‍ය කල්පයකට ඇති සූර්ය වර්ෂ ද එම පිළිතුර දාහතරෙන් වැඩි කළවිට සූර්ය වර්ෂවලත් පෘථිවියේ ආයුෂ ද ලබාගත හැකි වේ.

      උපුටා ගැනීමකි !

      Delete
    2. ආ මෙයාට ප්‍රශ්න තියෙන්නෙ බෞද්ධයො දේවාලවලට යන එකේ විතරක් නෙමෙයි වගේ.

      Delete
    3. ඇයි නිරිඇල්ල මහත්තයා ඔයා බලාගෙන හිටියද සෞරග්‍රහ මණ්ඩලේ හැදෙනවා ඊට පස්සේ දවස් ගණන් කර කර හිටියද?
      ඔය හරයක් නැති භෞතිකවාදී අදහස් අතාරින්න,

      Delete
    4. මට පේන විදියට බුදුන් පෙරුම් පුරන්න පටන් අරන් තියෙන්නෙ ජීව සූපයෙ ජාන බිහිවෙන කාලෙ! මාරයිනෙ.

      Delete
    5. පෘතිවියේ වයස කියලා නවීන විද්‍යාව හිතා ගෙන ඉන්න වයස වැරදියි. මොකද අවුරුදු කෝටි 450 කදි මේ තරම් සංකීර්ණ ජීව ලෝකයක් ස්වාභාවිකව නම් පරිණාමය වෙන්න බෑ. පෘතිවියේ වයස අවුරුදු කෝටි 450 කියල අපි පිළිගන්නවා නම් ජීවය මැවීමක් කියලා අපිට පිළිගන්න වෙනවා. මේ තියෙන සංකීර්ණ ජීව ලෝකය මැවුම් කරුවෙකුගේ මැදිහත් වීමකින් තොරව අහඹු සිදුවීම් ඔස්සේ පමණක් ස්වාභාවිකවම පරිණාමය වුනා කියලා අපි පිළිගන්නවා නම් අපිට පෘතිවියේ වයස විදියට තියෙන අවුරුදු කෝටි 450 වැරදි කියලා පිළිගන්න වෙනවා. කුමක් හෝ හෙතුවක් උඩ සූර්‍ය සිද්ධාන්තෙයි නවීන විද්‍යාවයි පෘතිවියේ වයස විදියට බොහොම ආසන්න අගයන් දෙකක් ඉදිරිපත් කලත් නවීන විද්‍යාව විසින් ඉදිරිපත් කරන අවුරුදු කෝටි 450 වෙනත් ප්‍රශ්න වලට මුළ පුරණවා.

      පෘතිවියේ වයස විතරක් නෙමෙයි විශ්වයේ වයස කියලා මහා පිපුරුම ඇසුරින්, නවීන විද්‍යාව ඉදිරිපත් කරන වයසෙත් ප්‍රශ්න තියෙනවා. ඒකනෙ, විශ්වයට වඩා වයස තාරකා හමුවෙන්නෙ.

      Delete
    6. දැන් තියන සෞරගිරහ මණ්ඩලේ ගැනද ලොක්ක කියන්නෙ. ඒ කාලෙ තිවුණු මණ්ඩලයක් ගැනද? :)

      Delete
    7. විශ්වයේ, සෞර ග්‍රහ මණ්ඩල තියෙන්නෙ එකයි. එක සූර්‍යයිනෙ තියෙන්නෙ.

      Delete
    8. /මොකද අවුරුදු කෝටි 450 කදි මේ තරම් සංකීර්ණ ජීව ලෝකයක් ස්වාභාවිකව නම් පරිණාමය වෙන්න බෑ./

      ඇයි බැරි කියලත් කිව්ව නම් අගෙයි.

      Delete
    9. කියන්න ඕනෙ නෑ.

      Physics, Chemistry දන්නවා නම්, permutations, combinations දන්නවා නම්, එලෙක්ට්‍රෝනවල ඉඳන් මිනිස් මනස (මිනිස් මොළය නෙමෙයි මිනිස් මනස) දක්වා එන්න ගත වෙන කාලය ගණන් බැලියෑකි.

      Delete
    10. ඔය මෝඩ ප්‍රශ්නෙට උත්තරෙ දෙන්න මහත්තයෝ රිචඩ් ඩෝකින්ස් The Blind Watchmaker කියල පොතක්ම ලිව්ව. ඔය ඊනියා ආගමික ග්‍රන්ථ කියවන්න වැය කරන කාලෙ ඉතුරු කරගෙන අන්න ඒ වගේ දෙයක් කියවල යමක් කමක් ඉගෙන ගන්න මෝඩ කතා නොකියා. ඔන්න ඔතැන බලන්නකො. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html

      Delete
    11. ඔයා මේ ඔයාවත් කියවලා නැති පොත්නෙ සාක්ශියට ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඩෝකින්ස්ගෙ පොතේ, ඩෝකින්ස් කියන්නෙ ඉතාම සංකීර්ණ ව්‍යුහයක් වුනත් පරිණාම ක්‍රියාවලිය තුල ඇති වෙන්න පුළුවන් කියලා. මම කියන්නෙ ඒක බැහැ කියලා නෙමෙයි. මම කියන්නෙ ඒක වෙන්න අති විශාල කාලයක් ඕනෙ කියන එක. ඩෝකින්ස් ගෙ පොතේ මේ කාලය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නෑ.

      ස්වාභාවිකවම යමක් ගොඩ නැගෙන්න පුදුම කාලයක් යනවා. මොකද යමක් ස්වාභාවිකව ගොඩ නැගෙන කොට, ගොඩ නැගෙන දේ, එක දිගට ගොඩ නැගීගෙන, ගොඩ නැගීගෙන යන්නෙ නෑ. මැවුම් කරුවෙක් කරන කොට නම් එහෙම වෙනවා. නමුත් ස්වාභාවිකව ගොඩ නැගෙන කොට, ගොඩ නැගෙනවට වඩා වෙන්නෙ, ගොඩ නැගිච්ච දේ විනාශ වෙලා ගිහින් නැවතත් ගොඩ නැගීම පටන් ගැනෙන එක. මේ විදියට නැවත නැවත වෙන්න යන කාලයත් එක්ක බලපුවාම අවුරුදු කෝටි 450 කියන්නෙ බොහොම පොඩි කාලයක්.

      Delete
    12. එපා එපා ඩෝකිං උන්නාන්සෙගෙ පොතේ තියන විදියට තමා වැඩේ වෙන්නෙ. උන්නාන්සෙ ඔක්කොම දන්නවා. තමුසෙලාගෙ පොත්වල තියන්නෙ බොරු.

      Delete
    13. /ඩෝකින්ස් ගෙ පොතේ මේ කාලය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නෑ./

      ඒක තේරුම් ගන්න තරම් තමුන්නැහෙට මොළේ නැති පාටයි.

      Delete
    14. /එපා එපා ඩෝකිං උන්නාන්සෙගෙ පොතේ තියන විදියට තමා වැඩේ වෙන්නෙ. /

      අන්ධ ආගමිකයෝ තමන්ගෙ ශස්තෲවරුන් ට වන්දනා මාන කරන්නාක් වගේ ඓහික උගතුන්ට වන්දනා මාන කරන්න ඕනැ නැහැ. ඔවුන් කියක දේට එකඟ වීමට හෝ නොවීමට පූර්ණ අයිතිය තියෙනවා ඕනෑම කෙනෙකුට. ආගමික ශාස්තෲවරුන්ගේ මතවාද වගේ නෙවෙයි කියන ඕනෑම දෙයක් කාරණා ඇතුව ඔප්පු කරන්න ඓහික උගතුන් බැඳී ඉන්නවා. ආසනිකි තියෙනව කිව්වෙ නාථ දෙවියෝ වගේ මෝඩ කතා නොකියා. ඒනිසා අනවශ්‍ය ගෞරව අවශ්‍ය නෑ. ඔවුන් කියූ දේවල් ගැන කතා කරමු.

      Delete
    15. /මේ විදියට නැවත නැවත වෙන්න යන කාලයත් එක්ක බලපුවාම අවුරුදු කෝටි 450 කියන්නෙ බොහොම පොඩි කාලයක්./

      ඒක ඔයාගෙ සීමිත දැනුම අනුව ඔයා පැමිණෙන නිගමනයනෙ. ඒක හරි කියලා ඔයා හිතා ගන්න. අනුන් වලේ දාන්න එපා, ආගමික මිථ්‍යාවන් ඔප්පු කරන්න වැරදි උත්සාහ කරන්න ගිහින්.

      Delete
    16. /ඓහික උගතුන්ට වන්දනා මාන කරන්න ඕනැ නැහැ./
      යෙපිට නං ඕන නෑ. සෑර්ලනෙ එහෙම කොරඤ්ඤෙ?

      සෑරල ආසාවට ඔය උගත්තු කියපු දෙයකට වෙනස් දෙයක් කියනව දකින්ඩ අපිත් ආසයි.

      සෑර්ලට එච්චර හරියක් කොරන්ට බෑද?

      Delete
    17. මේකනෙ මල්ලි, ඔහේලගෙ ඔය අල්ලාහ්ලා, ගෞතමල, නාථලා වගේ නෙවෙයි උගත්තු යමක් කියන්නෙ පර්යේෂණවල ප්‍රතිඵල අනුව ලෙහෙසියෙන් බිඳින්න අමාරු දෙයක් කරල. ඒවට විරුද්ධ වෙන්න පුළුවන්, නමුත් ඒ වගේම සාක්ෂ්‍ය ඇතුව. එහෙම කරපු අවස්ථා ඕනැ තරම් තියෙනවා.

      Delete
    18. /**

      /ඩෝකින්ස් ගෙ පොතේ මේ කාලය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නෑ./

      ඒක තේරුම් ගන්න තරම් තමුන්නැහෙට මොළේ නැති පාටයි.

      */

      ඩෝකින්ස් ගෙ පොතේ කාලය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නෑ කියල මම කිව්වාම ඔයාට කරන්න තියෙන්නෙ ඩෝකින්ස්ගෙ පොතේ අදාල කොටස උපුටා දක්වලා මම කියන ප්‍රශ්නෙ ඩෝකින්ස් කතා කරලා තියෙනවා කියන එක පෙන්නන එක. නමුත් මම කලිනුත් කිව්ව වගේ ඔයා සාක්ශියට අරං එන්නෙ ඔයාවත් කියවලා නැති පොත් හින්දා ඔයාට ඒක කරන්න බෑ.

      ඩෝකින්ස්ගෙ පොතේ තියෙන්නෙ ගුණාත්මක කරුණු දැක්වීමක් මිසක්, මේ මේ දේවලට මෙච්චර මෙච්චර කාලයක් යනවා කියන ප්‍රමාණාත්මක කරුණු දැක්වීමක් නෙමෙයි. ඉතින් පොතේ නැති දෙයක් මම කොහොමද තෙරුම් ගන්නෙ.

      මම කියන්නෙ ගතවන කාලය සෙවීම ගණිත ගැටළුවක් විදියට අරගෙන ප්‍රමාණාත්මකව සාකච්ඡා කිරීම. නමුත් ඒක ඔයා කියන පොතේ නම් නෑ.

      එතනදි අපි තෙරුම් ගන්න ඕනෙ යමක් විනාශ වෙන්න තියෙන ඉඩ වැඩියි යමක් නිර්මාණය වීමට තියෙන ඉඩට වඩා කියන එක. දියුණු ව්‍යුහයක් වුනත් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක අවස්ථාවකට ඇවිල්ල ඊළඟ අවස්ථාවට යන්න අවශ්‍ය වෙනස් කම් නිසි වෙලාවට සිද්ධ නොවුනොත් (ඇති වුනු දේ විනාශ වෙන්න අමුතුවෙන් යමක් සිද්ධ නොවුනාම වුනත්) අර මුලින් ඇතිවුනු අවස්ථාව පවා තාප ගති විද්‍යාවේ දෙවෙනි නියම යටතේ නිකම්ම නැති වෙලා යනවා. එතකොට අයේ මුළ ඉඳන්ම හැදෙන්න පටන් ගන්න ඕනෙ වෙනවා. (මේවා ඩෝකින්ස් කතා කරලා තියෙනවා කියලා හිතනවා නම් ඩෝකින්ස් ගෙ පොතේ අදාල පිටු අංක සහ මුද්‍රිත වර්ශය වගෙ අනෙකුත් විස්තර සඳහන් කරන්න. මේක අභියෝගයක්. මොකද මම දන්නවා ඩෝකින්ස් ඒක සාකච්ඡා කරලා නෑ කියලා. පරිණාමයේ වෙනස්කම් සිද්ධ වෙන්නෙ පියවරෙන් පියවරට. පියවරෙන් පියවරට අවශ්‍ය වෙනස් කම් නියම වෙලාවට සිදු වුනොත් ඒ දක්වා ආපු පියවර ටිකෙනුත් වැඩක් නැතිවෙනවා. මේ ප්‍රශ්නෙ සාකච්ඡා කරනවා තබා, මේ ප්‍රශ්නෙ ගැන ඩෝකින්ස් හිතලවත් නෑ. මේ අභියෝගයට මුහුණ නොදි නිකම් වැල්වටාරම් දොඩවලා වැඩක් නෑ.) මේ මුකුත් හිතන්නෙ නැතිව තමයි ඩෝකින්ස් ඇසේ විකාශනය ගැන එහෙම හරියට පියවරෙන් පියවර ඔක්කොම ගානට වෙලාවට සිද්ධ වුනා වගේ කියා ගෙන කියාගෙන යන්නෙ.


      /**
      /මේ විදියට නැවත නැවත වෙන්න යන කාලයත් එක්ක බලපුවාම අවුරුදු කෝටි 450 කියන්නෙ බොහොම පොඩි කාලයක්./

      ඒක ඔයාගෙ සීමිත දැනුම අනුව ඔයා පැමිණෙන නිගමනයනෙ. ඒක හරි කියලා ඔයා හිතා ගන්න. අනුන් වලේ දාන්න එපා, ආගමික මිථ්‍යාවන් ඔප්පු කරන්න වැරදි උත්සාහ කරන්න ගිහින්.
      */

      මගේ දැනුම සීමිත වෙන්න පුළුවන්. නමුත් මම කියන්නෙ ඩෝකින්ස් ගෙ දැනුම ඊටත් වඩා සීමිතයි. හැබැයි මම හිතනවා මම මේ කියන දේ ඩෝකින්ස්ට නම් තේරෙයි කියලා. මොකද ඇතිවෙන දේ සැරෙන් සැරේ විනාශ වන එක ලෝකෙ සාමාන්‍ය ක්‍රමය. පරිණාමය කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ. මැදදි විනාශ වුනොත් ආයෙ මුල ඉඳලා හැදීගෙන එන්න වෙනවා. ඉතින් ඒකට ගතවෙන කාලය ඇතුලත් නොවන ආකෘතියකින් ඇති වැඩක් නෑ.

      Delete
    19. @AnonymousMay 22, 2012 10:02 AM
      හපොයි ඔයා විද්‍යාවට මොනවද ඉගෙනගත්තේ?..අපේ සෞරග්‍රහ මණ්ඩලේට තියෙන්නේ එක සූර්‍යයි තමා.ඒත් විශ්වයේ ඕන තරම් සෞරග්‍රහ මණ්ඩල තියනවා. අපිට තරු විදිහට පේන්නේ විශ්වයේ තියන සූර්‍යයන් (අනෙකුත් සෞරග්‍රහ මණ්ඩලවල). අපේ සෞරග්‍රහ මණ්ඩලේට තමි කියන්නේ ක්ෂීරපථය (කිරි සයුර) කියලා.

      Delete
    20. සෞරග්‍රහ මණ්ඩලේ කියපු හින්දයි මේ ප්‍රශ්නෙ ආවෙ. දැන් ඉන්නවනෙ නව ග්‍රහයො දේවාලවල. ඒ කියන්නෙ ග්‍රහයො නවදෙනා. මෑතකදි විද්‍යාඥයෝ ප්ලූටෝව කපපුවම එයා නවග්‍රහ ලිස්ට් එකෙනුත් හැලුනද?

      Delete
    21. ඔයා විද්‍යාව ඉගෙන ගත්තෙ රෑ ඉස්කෝලෙකින් ද?

      මේ විශ්වයේ ඇත්තේ එකම එක සූර්‍යයෙකි. (Sun) එම සූර්‍යයා වටා ඇති ග්‍රහ මණ්ඩලය සූර්‍ය ග්‍රහ මණ්ඩලය (Solar System) ලෙස හඳින්වෙයි.

      සූර්‍යයාට අමතරව ඇත්තේ තරුය (stars). ඒවාට සූර්‍යයන් (Sun) යැයි කියන්නෙ මොලේ කොලොප්පන් වෙච්ච අයයි. එම තරු (stars) වටා ග්‍රහ ලෝක (planets) ඇත්නම් ඒවාට ග්‍රහ මණ්ඩල (planetary systems) කියා කියනු ලැබේ. ඒවාට සූර්‍ය ග්‍රහ මණ්ඩල (solar systems) කියා කියන්නේ මොලේ මඤ්ඤං වූ අයයි. එම තරු වටා ග්‍රහ ලෝක වෙනුවට වෙනත් තරු තිබේ නම් ඒවාට තාරකා මණඩල (stellar systems) කියා කියනු ලැබේ.

      කිරි සයුර යනු ග්‍රහ මණ්ඩලයක් නොවේ. එය මන්දාකිනියකි. (galaxy)

      ඔබට කිසියම් කෙනෙකු තාරකා විද්‍යාවෙන් හූනියම් කර ඇති බව පෙනේ.

      Delete
  20. @AnonymousMay 22, 2012 7:00 AM

    ඒ කියන්නෙ මමත්; ඊනියා අපලෙට බෝ ගස්වල පාන්කඩ එල්ලන, කෝවිල්වල රිංගලා අළු ගාගන්න පොල්තෙල් ලීටර් ගණන් නිකරුනේ නාස්ති කරමින් දෙයියන්ට පාන් පත්තු කරන බයියෙකු ලෙස ගෝත්‍රික කරණය විය යුතුයි....? ෂෝක්නෙ....
    හරයක් නැත්තෙ භෞතිකවාදයේ ද ? නැත්නම් හින්බුඩ්ඩන්ගෙ විගඩම් වලද..?

    ReplyDelete
    Replies
    1. එපා බං ඔය හිපියෙක් වගේ ඉන්න විදිය උබට ගැලපෙනවා :)

      Delete
    2. මේක වැඩි හරියක් අන්ධ ගෝත්‍රිකයන් ගෙන් පිරිච්චි දූපතක්. ඉතාම කලාතුරෙකින් ටික දෙනෙක් ඉන්නව ඇස් තියෙන. ඒත් අර අන්ධයින් කැමැති නෑ ඒකට. ඒක ඒ ගොල්ලන්ගෙ හෙජමනියට විශාල ගැටළුවක්. ඒ හන්ද හැම තිස්සෙම උත්සාහ කරන්නෙ ඇස් තියෙන මිනිස්සුන්ගෙ ඇස් උගුල්ලා දමා හරි සියල්ලන්ම අන්ධයින් කරන්න.

      Delete
    3. අනේ සුමිත් මහත්තයෝ ඔයා දන්න දේකුත්,
      කියන දෙයක් තේරෙන්නෙත් නෑ,
      මං කීවෙ නෑනෙ ඕවා කරන්න කියල,
      මෝඩ කතා කියන්න එපා,
      මං කීවේ ඔය විද්‍යාඥයොන්ට වැඳගෙන ඉන්ට එපා කියල,
      බොරු මහන්තත්වයක් තියාගෙන ඉන්න එපා අළුතින් වචන හද හද,
      ඒ මිනිස්සු හින්බුඩ් ද මොනවදො නම් ඔයා මොකෙද්ද?
      සයන්ටොලොගිබුඩ් කෙනෙක් ද?
      තෙරුවන් ගැනවත් විශ්වාසයක් නැතුව බෞද්ධ වෙන්ට බෑ,
      මට ප්‍රශ්නයක් තියනවා,
      පරිප්පු වල ප්‍රෝටීන් තියනව ද?

      Delete
    4. විද්‍යාව කියන්නෙ ආගමක් නෙවෙයි. විද්‍යාව ඉගෙන ගන්න කවුරුත් ඔය ආගමිකයො අන්ධ භක්තියෙන් පූජකයන්ට වඳිනව වගේ විද්‍යාඥයන්ට වඳින්නෙ නෑ ආයිබොවන්ඩ.

      Delete
    5. AnonymousMay 22, 2012 10:36 AM,

      මම අදහන බුදුන් වහන්සේ නම් විද්‍යාඥයෙක් කියා කියන්න මම කැමතියි. උන් වහන්සේ ස්වභාව ධර්මය පරතෙරටම දැනහිටියා.

      Delete
    6. /මම අදහන බුදුන් වහන්සේ නම් විද්‍යාඥයෙක් කියා කියන්න මම කැමතියි. උන් වහන්සේ ස්වභාව ධර්මය පරතෙරටම දැනහිටියා./

      ඔව්, ඒක වෙන්න පුළුවන්. හැමෝටම තම තමන්ගෙ කියල බුදුවරුන් ඉන්නකොට කාටවත් කරදරයක් නෑ. මගේ බුදුන් මට ඕනැ හැටියට. ප්‍රශ්න ඉවරයි. ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්න මගේ බුදුන් අනෙකාගේත් බුදුන් විය යුතුය කියල හිතන මිනිස්සු නිසා. අර කවුද නලින් ද සිල්වට කිව්වය කියනවලුනෙ "ඔබේ බුදුන් ඔබ ගන්න, අපේ බුදුන් අපට දෙන්න" කියලා.

      Delete
    7. "ඔබේ බුදුන් ඔබ ගන්න, අපේ බුදුන් අපට දෙන්න" කියලා කියන්නෙත් ඉතින් බුදු හාමුදුරුවන්ට අයිතිකාරයෙක් ඉන්නවා කියන පදනමෙන්මනෙ.

      Delete
    8. බුදුන්ට අයිතිකාරයකු සිටීම හා බුදුවරුන්ට වෙන වෙනම අයිතිකාරයන් සිටීම යනු එකක් නොව දෙකකි.

      Delete
    9. බුදුවරුන්ට වෙන වෙනම ආයිතිකාරයන් ඇතැයි කී විට ද බුදුන්ට අයිතිකාරයෙක් නැති නොවන්නෙ නැත. ඒ නිසා බුදුන්ට අයිතිකාරයෙක් ඇතැයි කීම සහ බුදුවරුන්ට අයිතිකාරයන් ඇතැයි කීම අතර ලොකු වෙනසක් නැත. බුදුන්ට අයිතිකාරයෙක් ඇතැයි කීම සහ බුදුන්ට අයිතිකාරයෙක් නැතැයි කීම අතර නම් ඊට වඩා වැඩි වෙනසක් ඇත.

      Delete
    10. යතුරුලියන දෝෂය නිවැරදි කළා...

      බුදුවරුන්ට වෙන වෙනම ආයිතිකාරයන් ඇතැයි කී විට ද බුදුන්ට අයිතිකාරයෙක් නැති වෙන්නේ නැත. ඒ නිසා බුදුන්ට අයිතිකාරයෙක් ඇතැයි කීම සහ බුදුවරුන්ට අයිතිකාරයන් ඇතැයි කීම අතර ලොකු වෙනසක් නැත. බුදුන්ට අයිතිකාරයෙක් ඇතැයි කීම සහ බුදුන්ට අයිතිකාරයෙක් නැතැයි කීම අතර නම් ඊට වඩා වැඩි වෙනසක් ඇත.

      Delete
  21. මුස්ථාෆා22 May 2012 at 12:05

    හිංගල බවුද්ද මල්ලෙලා ඔක්කොම යෙනෝම එන්නෙ මොකෝ

    ReplyDelete
    Replies
    1. ඔයාත් ඒ වගේ තමයි, නමක් ආරූඩ කරගෙන ඉන්න එක විතරයි.

      Delete
  22. I Think the first question Kathandara ask is not valid. I can show two reasons from many for that as follows.

    1) Even if all the people in this world do donations, There is no assurance that those people will reborn again in this world. There are hundreds of thousands of different worlds and different solar systems. Even scientists believe that. Also in Buddhism it believe there are 31 levels of life levels in this world and also other solar systems (Sakwala).

    2) Also Kathandara proposal is not to go for donations (actually it is not practical). his proposal is to go for Exchanging goods. Again this is not a Kusala Karma because you give one good for getting back some thing return for that. Kusala Karma is different than this.

    It is good asking questions about Buddhism. Because Buddhism will shine in that way. But these questions show Kathandaras less knowledge about karma consent in Buddhism. It is better to learn it there are so many things you can get from it.
    Irrespective of whether you believe it or not. I am sure if you correctly learn it you will believe it.

    ReplyDelete
    Replies
    1. I mentioned a barter system because that's what practically happens when each of us start giving Dana to others.

      Thanks for your comment.

      Delete
    2. ඔබේ අංක 1 පිලිතුර ගැන නං කිසිත් නොකියමි.

      Delete
  23. කතන්දර මහත්තයා මහා පොරක් කියල හිතාගෙනනෙ ලීවෙ නේද මේක?
    දැන් සතුටුයිනේ? ගොඩක් පව් පුරවගෙන ගොඩකට පව් පුරවගන්න උදව් කරල සතුටු ඇති දැන්.
    ඇත්තටම මේ රටේ ඉන්න අවාසනාවන්ත මිනිස්සු ගැන දුක හිතෙනවා මේකෙ තියන කමෙන්ට් දැකල.
    ඔයා හිතන්ට එපා මහා වීරයෙක් කියල බ්ලොග් ලෝකේ,
    ඔයා මැරුණහම ඔබා වගේම දවස් 2න් 3න් අමතක වෙනවා,
    එතකල් තමා ඔයා මේ අවුරුදු ගාණක් ලියපු හිස් වැද්ගැම්මකට නැති පුහු කතා ටික මහා වටිනා එකක් වගේ තියන් ඔයා විකාර කරන්නේ.
    මට නම් ඔයා මහා මෝඩයෙක් වගේ පේන්නේ,
    පේනවනෙ ආඩම්බරෙන් පැත්තක දාගෙන ඉන්න ඒවා.
    ඔයාට වැඩිය පාරෙ ඉන්න හිගන්නොත් තමන්ගෙ ගෞරවේ ගැන හිතනවා,
    නැත්තන් ඔයා මේ වගේ බොළඳ ඒවා දාගෙන සතුටු වෙන්නෙ නෑනෙ.
    "ඇනෝනිමස් ආතල් බ්ලොගය සංවිධානය කළ 2011 සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙල
    1. ජොකා සම්මානය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය (ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ! - )
    සහ
    2. කක්කා සම්මානය හා රුපියල් 1,00,000ක මුදල් ත්‍යාගය
    දිනූ වගයි!"
    ඔයා මැරුණම කට්ටියම විකටයෙක් මැරුණ කියල දුක් වෙයි,
    නිවන් පතයි,
    ඒත් හම්බෙන නිවනක් නෑ ඔයාට,
    මැරුණම අඩුගානෙ ගෞරවයක්වත් හම්බෙන් නෑ ඔයාට,
    ඔබා ට අන්ත විදිහට නිග්‍රහ හම්බෙයි,
    "එළ පොරක්"
    "ඔක්කොම හිනැස්සුවා"
    "එර පොරක් නියමයි"
    කියල ඔයාට වඩා දෙගුණයක් බාල අයත් කියයි,
    අන්තිමට නිකම්ම නිකං ජෝකර් කෙනෙක් මැරුණා වගේ තියෙයි,
    ඔයාගේ දරුවොන්ටත් ලැජ්ජාවක් ඔයා,
    හොඳ වෙලාවට ඔස්ට්‍රේලියාවෙ ඉන්නේ,
    නැත්තං ළමයින්ගෙ යාළුවො අහයි,
    "අඩේ උඹෙ තාත්තා නේද අර ජෝකර් කෙනෙක් වගේ කොමඩ් එකක් දාගෙන ජංගි ගැන කතා ලියන එකා"
    කියල,
    දරුවොන්ටත් ඔයා නැති කාලෙක මේවා තමා බලන්න වෙන්නෙ,
    දෙළොවටම නැති විකට කතා ටිකක්.
    ඒත් කමක් නෑ ඒවා ලීවම පව් අඩුයි.
    ඒත් ආයවත් මෙහෙම නොදන්න කතා ලියන්න යන්න එපා,
    මෙහෙම කීවෙ ඔයාත් එක්ක තියන තරහට නෙවේ,
    බොහොම උගත් ඔයාගේ මැවිසුරු මොළේට තේරෙන්ට.

    ReplyDelete
    Replies
    1. තව එකක් ඔයා මැරුණමත් ඔයා වටේට ඉදගෙන ඔයාගේ මෝඩකම් අගය කරගෙන එකසිය ගණන් කමෙන්ට දාපු අයට ඔයාව අමතක වෙනව ඉක්මනටම,
      එතකොට ඔයා පිනක් කරගත්තෙ නැත්තං අපායෙ ඉඳියි.
      කට්ටිය මෙහෙ ඉඳන් දවස් දෙක තුනක් පණ දෙන්ට වගේ (හිට්ස් වැඩි කරගන්නත් එක්ක ) සින්ඩි පිරෙන්ට පෝස්ට් දායි,
      දැන් බලන්න අර සින්ඩි,
      ඔබා ගැන එකක්වත් නෑ,
      කාටවත් මතක නෑ,
      ඔච්චර ෆිට් කියපු මාරයටත් මතක නෑ,
      එයත් මොකද්දෝ ජෝක් එකක් දාල තිබුනෙ,
      දැන් මිනිහත් ආතල් එකේ ඉන්නවා,
      ඔහේලා වගේ උගත් මෝඩයො ගැන දුකයි,
      අපි නම් ඉතින් මැවිසුරුලා එක එක සුරුල නෙවේ,
      අට පාස් එවුන්,
      ඔහේලා මේ රටේ සල්ලි වලින් පිනට ඉගනගෙන,
      ඔක්කොම කරගෙන,
      මේකට වැඩක් කරන්නෙත් නැතුව ඔස්ට්‍රේලියාවට වෙලා ඉන්නව මදිවට මේ වගේ විකාරත් කරනවා,
      හොඳට කල්පනා කරන්න පැත්තකට වෙලා,
      තමුන්ගෙ මරණෙ ගැනත්.
      මං මේ කියපුව ගැනත්.
      මට නම් ඔහේ නිකම්ම නිකං ජෝකර් කෙනෙක්.

      Delete
    2. /ඔයා මැරුණහම ඔබා වගේම දවස් 2න් 3න් අමතක වෙනවා/

      බුදු හාමුදුරුවො නම් කීවෙ "රූපං ජීරතී මච්ඡානං - නාම ගොත්තං නජීරතී" කියලනෙ. දැන් බලනකොට ඔබාමාමාගෙ නාමයත් දිරලනෙ.

      /ඔයා මැරුණම කට්ටියම විකටයෙක් මැරුණ කියල දුක් වෙයි/

      ඒකට මක් වෙනවද, ඔය චාලි චැප්ලින්ලා, ෆ්‍රෙඩී සිල්වල හෙමත් තාමත් මතක් කරන්නෙ මිනිස්සු.

      /ඔච්චර ෆිට් කියපු මාරයටත් මතක නෑ,
      එයත් මොකද්දෝ ජෝක් එකක් දාල තිබුනෙ,
      දැන් මිනිහත් ආතල් එකේ ඉන්නවා,/

      මාරයා ඔතින් අටලෝ දහම ගැන දන්න කෙනානෙ. ඉතින් ඕවයින් කම්පා වෙන්නෙ නෑ.

      Delete
    3. @ Ano - May 22, 2012 3:21 PM
      අද තම ජිවිතයෙන් දිගු කාලයක් ගතකොට, දුක් මහන්සියෙන් මෙම බ්ලොග් අඩවියේ කමෙන්ටු පිට කමෙන්ටු දමමින් හුදීජනයාගේ යහපත පිණිස නිසි දම් මග කියා දීමෙන් සහ මට ද ඒ සමගම උපදෙස් දිමෙන් ඔබ කර ගත්තේ මහඟු පිණකි.

      ඔබට එම පිණ කර ගැනීමට ඉඩ ලැබුණේ මගේ පව්කාර පෝස්ටුව නිසා බව සිහිවෙන විට මටද එවන් පින් ස්වල්පයක් වත් ලැබේවි යැයි සිතේ. විහිළුවට නොවේ ඇත්තටමය.

      තුති පුදමි!

      Delete
    4. කතන්දරට වගේම අපි ගොඩක් දෙනෙක්ට ඔබා අමතක වෙන්නේ නෑ. අපේ බ්ලොග් වල වගේම හදවත් වල ඔබා සදාකල් ඉඳීවි.. පොඩ්ඩක් කතන්දර ගේ බ්ලොග් එකේ වම් පැත්තේ උඩ කෙළවර බලන්න.

      Delete
    5. ෆොටෝ එකක් දැමූ පමණින් මතක තියන්නේ නැත!
      අනික මතක තියා ගැනීම අත්‍යවශ්‍යය ද නැත,
      අනික ඔය විදිහට මැරෙණ මැරෙණ අය වෙනුවෙන් ෆොටෝ දාන්න ගියොත් කතන්දරගේ බ්ලොගය සොහොන් පිටියක් මෙන් වෙයි,
      කළ යුත්තේ ෆොටෝ දැමීම නොව කෙනෙක් මිය ගියාම වෙන දේ තමාට ගලපා ගැනීමය.

      Delete
  24. අනේ අපේ කතන්දර සර් දැන් මේ බ්ලොග් කෙරුවාව නිසා අපායෙ යයිද? පව් නේද මෙයාලා?

    ReplyDelete
    Replies
    1. පව් කළොත් අපායේ නේන්නං?

      Delete
  25. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මං නොසිතූ ප්‍රතිචාරයක් නේ ලැබුණේ මේ කතන්දරේට.

    මහන්සිවෙලා දිගම දිග කමෙන්ට්කරපු ඇනෝටත්, අනිත් සියළුම ප්‍රතිචාර තැක්වු පින්වතුන්ටත් පින් සිදුවේවා.

    මගේ කතන්දරයේ තිබුණේ ඉතා සරල දෙයක්.

    ශ්‍රද්ධාව නිසාම, දහමට ආදරයක්, තන්හාවක් ඇතිකරගෙන, බුද්ධාගම අයිතිකරගෙන ඉන්න සමහරු මං වගේ දැනුම අඩු කෙනෙක් පොඩි ප්‍රශ්ණයක් ඇහැව්වාම, ඒ හින්දා මං මැරුණාම යන අපාය හොයනවා. ඒකයි මට ප්‍රශ්ණයක් වුනේ.

    මොනවා වුනත් ස්තුතියි.

    ඊයේ සහ අද සෑහෙන්න පව් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. කතන්දර මහතාත් කියපු දේවල් ඇත්තටම තේරුම් ගත්තා නම් සතුටු වෙමි,
      මක් නිසාද එය ඔබේ අනාගත් අභිවෘද්ධියට හේතු වෙන නිසාය.
      ඔබ ඇසූ ප්‍රශ්නය සරළ වෙන්නට ඇත,
      ඒත් ප්‍රශ්නය එය ඇසූ තැන ඇසූ පිරිස ඇසු බස් වහර සහ ප්‍රතිචාර දැක්වූ අයගේ ආකාරයයි,
      ඔබ මේ ප්‍රශ්නයම හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක්ගෙන් හෝ පිරිසකගෙන් ඇසුවා නම් ඔබට කලින් සිදු වූ පව හැර වෙන එකක් වෙන්නේ නැත.
      උදාහරණයකට ඔබ මෙතන මැවිසුරු ගැටලු දාන්නේ නෑනේ ද?
      ඇයි ඒ එයට උත්තර දීමට සුදුසු අය මෙතන නැති නිසා,
      ඒ නිසා සුදුසු ප්‍රශ්නය සුදුසු තැන අහන්න.
      ඔබ මා ලියූ ඒවා හොඳින් සිතා බලන්න,
      මා එය ලියූ ආකාරයෙන් ඔබේ සිත රිදෙන්නට ඇති,
      ඒ ගැන සමාව ඉල්ලමි,
      ඒත් ඒ කියූ හැම එකක්ම ඇත්තය,
      එය ඔබ මැරුණ පසු බලන කෙනෙක්ට පෙනී යනු ඇත.
      එසේ කීමට සිදු වුනේ ඔබ නැත්නම් එය ගැන නොසිතන නිසාය.
      බුද්ධිමත් ඔබ එය තේරුම් ගනු ඇතැයි සිතමි,
      ඔබ කී කතාවල ප්‍රසිද්ධ ඇත්ත ඇත,
      මම ඔබ අපායේ යන බව කීවේ ද්වේෂයෙන් නොවේ ඔබේ සිහිය උපදවන්නටයි,
      ඒත් ඔබ ලියා ඇති නෝනා වැනි අය සහ වෙනත් අය
      ද්වේෂ සහගතව කතා කරන නිසා නොදන්නා අය දහමින් ඈත් වෙයි,
      ඔබට තෙරුවන් සරණයි!
      දිගටම දහම ගැන හොයන්න,
      පිටින් බලා අරුත් ගන්න නොයන්න,
      පිරිසුදු ථේරවාදී බුදු දහමට කිසිවක් මුසු කරන්න නොයන්න,
      පෞද්ගලික අර්ථ දැක්වීම් නොගන්න.

      Delete
    2. පිස්සුද අංකල්?
      එහෙමත් තරහ වෙනවද? යකාට බය නං සොහොනේ විමානේ හදනවායෑ?
      අනික මං සැමට මෛත්‍රී වඩන කෙනෙක් නේ.

      Delete
    3. ඔය මිථ්‍යාවෙන් ඈත් වෙන එක හොඳයිනෙ අංකල්. ඉතින් කතන්දර කර තියෙන්නෙ පිනක් නෙ. අංකල් වගේ මිථ්‍යා දෘෂ්ටිකයොනෙ මැරුණයින් පස්සෙ අපායෙ යන්නෙ. අන්න යම රජ්ජුරුවො අන්කල්ට වෙනම සෙල් එකක් හදනවා මෙලොවදී මිථ්‍යා මත පැතිරවීම වෙනුවෙන්.

      Delete
    4. අන්කල් ඔය පිරිසිදු ථෙරවාදී බුද්දාගම කියන්නෙ මොකද්ද? මොකද හැම නිකායකම, හැම යානයකම කට්ටිය කියන්නෙ තමන්ගේ යානය තමන්ගෙ නිකාය තමයි පිරිසිදු කියල. ඉටින් අන්කල්ලට විතරක් අපේ බුද්ධාගම පිරිසිදු බුද්ධාගම කියන්න බෑනෙ. මොනවද ඔය අනික් බුද්දාගම් වල තියෙන අපිරිසිදුකම්? කියමුකො බලන්න. දැනගන්න ආසයි.

      Delete
  26. දෙයියනේ .. මේ මනුස්සය බට කැලේකටනේ ගිනි තියල තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. "දෙයියනේ"...?
      සම්යක්දෘශ්ටිකද? මිත්‍යදෘශ්ටිකද? ඔය කියන දෙයියෝ?

      Delete
  27. අම්මො තියන කමෙන්ට් ගොඩ කියවලා ඉවර කරන කොට පණ පිටින් අපායේ ගියා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. කටු ඉඹුල වගේ ද? ලෝදිය හැලිය වගේ ද?

      Delete
  28. මේ ගෞතම බුදුන්ගේ රාජ්‍යයි " සමහර පුද්ගලික බස් වල ලියා තියෙන පරිදි , ඒ නිසා ඔය australiya , USA , europe , වාගේ රටවල් වලට ගිහින් ඉන්න කට්ටිය මෙහෙ එන්න හා යන්න ට්‍රය් කරන කට්ටිය එක නතර කරන්න බුදුන්ට අපහාස නොකර , මොකද ඔය බස් වල ලියා තියෙන ලෙස බුදුන්ගේ රට හැර වෙනත් රටවල් වලට යාම බුදුන්ට අපහාසයක්, මේ රටේ වෙන දේවල් වල හැටියට මේක බුදුන්ගේම රාජ්‍ය තමා.

    ReplyDelete
  29. මේ සංවාදයෙවන් කාටවත් පවක් හෝ පිනක් සිද්ධවෙන්නෙ නෑ. එහෙම වෙන්න හේතුවකුත් නෑ. ඒත් ආගම අබිං ම කරගත්ත මේ අංකල් ඇනෝටනම් ගොඩාක් හානි වුනා වගේ පේනවා.

    කොහොම වුනත් විනෝද ජනක සංවාදයක් ගොඩනගන්න දායක වීම ගැන කකාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ආගමක් නැති සයන්ටලොජිස්ට් පුතාට නම් හානියක් වුනත් තේරෙන්නේ නෑනෙ,
      හා හා ඔහොමම යන්ටකෝ,
      ඒත් මම නම් දන්න විදිහට එක නොතේරුම් පොඩි එකෙක් තව එහෙමම නොතේරෙන පොඩි එවුන් තලේකට ගිහින් කක්කා කරල කෑවොත් අනිත් පොඩි එවුන්ටත් හිතෙන්නේ "හලි ෂෝයි සස කෑමක් වෙන්ට ඇති" කියල,
      එතකොට උනුත් කනවා ඒවම,
      ඒත් පොඩි එකාට තේරෙන් නෑ ඒක,
      කවුරු හරි වැඩිහිටියෙක් ඇවිත් කියල දුන්නොත් තේරුම් ගනී,
      ඒත් සමහර පොඩි එවුන් තමන්ගේ මතේම හරි කියල අසූචිම කයි,
      ඒක ගොඩක් දෙනෙකුට හානියක් නෙවේ ද?

      එහෙමත් නැත්නම් එක්කනෙක් ඇවිත් කියනවා තව අය අතරේ කැලේ තියන දිය ඇල්ලක් ළඟට යන හැටි,
      ඒත් මේ පාරෙ ඒ මනුස්සය ගිහිනුත් නෑ, අනික් අය ටික ගිහිනුත් නෑ,
      ඒ මනුස්සය පාර මැප් එකකින් වත් බලලත් නෑ,
      දන්න කෙනෙක්ගෙන් අහලත් නෑ,
      කියන්නේ තමන්ට හිතෙන මවා ගත්ත එකක් කිසිම පදනමක් නැතුව,
      ඉතින් අන්තිමේට මේ කට්ටියම වෙන වෙනම ගමන යනවා,
      ඒත් අන්තිමට කැලේ ගිහින් අතරමං වෙලා මැරිලා යනවා,
      ඒත් ඉතින් ඒක තේරෙන්නේ එහෙම වුනාට පස්සෙ,
      එතකොට පමා වැඩියි.

      Delete
  30. ......තම තම නැණ පමණින් දැනගත යුතු.......

    -----ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී-----

    ReplyDelete
  31. අප සියලු දෙනා තම තමන්ගේ මති මතාන්තර ඉදිරිපත් කරමින් මේ සම්මුති ලෝකය සහ සංකල්ප ගැන බැස ගත්ත යම් යම් නිගමන පිළිබද දෘෂ්ටි ග්‍රහණය කර ඒවා තර්ක කරමින් වටිනා කාලය අපතේ යවමින්(එත් කමක් නැහැ දර්මයවත් අවබෝද වෙනවනම් ).... ,අඩුම තරමේ අප එක මර්ගපලයක් තියා හිතේ පැහැදිලි ශ්‍රද්දවක් වත් තියේද..එසේනම් අප මේ අයුරින් කියව කියවා ඉන්නේ නැතිව ,අදාල ක්‍රියාකාරකම් වල යෙදිලා ධර්මය (නිර්වාණය) අවබෝද කරගන්නයි කැප විය යුත්තේ,..

    ReplyDelete
  32. බුද්ධ භාෂිතයේ වවිනාකමේ සුලඟක්වත් නොවැදුනු අයගේ වාද විවාද රැසයි.මෙම ධර්මය තිබෙන්නේ වාද කර දිනන්න නොවේ.අවබෝධ කර ගැනීම පිණිසයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.