Wednesday 28 December 2011

ජොකා නිවරදිව ඇඳීමට තියොඩොලයිට්ටුවේ පිහිට - A Theodolite assisted method to correctly wear male underpants


කෙල්ලෝ ජංගි අඳිනවා වගේ නෙමේ කොල්ලෝ ජොකා අඳිනවා කියන්නේ පොඩි ආට් එකක් සහ සයන්ස් එකක් තියෙන ක්‍රියාවක්!

මොකද මූලිකව බැලුවොත් ජොකා අඳින්නේ ගොනා කානුවේ යන එක වලක්වා ගන්නනේ. දෙවෙනි හේතුව තමයි පරම්පරා කුට්ටම ආරක්‍ෂා කර ගන්න එක.

ඉතිං ඒ වැඩේ හරියට කෙරෙන්න නම් ඔය ජොකා ගේ හිල් දෙක අතරින් කකුල් දඬු දෙක දාලා ජොකා උඩට ඇද්දට පමණටම හරියන්නේ නෑ. ඉන් පෙර සහ ඉන් පසු නිවරදව කළ යුතු පොඩි පොඩි ඇජස්ට්මන්ට් තියෙනවා!

මේ කලාව සහ විද්‍යාව නිවරදිව ප්‍රගුණ කළ කෙනෙක් තමයි මගේ බැචා සහම්පති ජයසූරිය.

සහම්පතියා වුනත් ඒ ඇජස්ට්මන්ට්ස් සහිතව නිවරදිව ජොකා අඳින ක්‍රමවේදය හරියම විද්‍යාත්මකව සහ කලාත්මකව වැඩි දියුණු කරලා ගත්තේ පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලේ දී යි.

තවත් පැහැදිලිව කියනවා නම් මේ සඳහා සහම්පතිට ගුරු හුරුකම් සැපයුනේ අපේ පළමු වසරේ විෂයයක් වුනු සර්වෙයින් හෙවත් බිම් මිනුම් ශිල්පය ඉගෙන ගන්න අපි භාවිතා කරපු තියොඩොලයිට්ටුවෙනුයි.

දැන් නං කොහොමද දන්නේ නෑ, අපේ කාලේ දී නං පස්සෙන් පහු මිකැනිකල්, කෙමිකල්, ඉලෙක්ට්‍රිකල්, ට්‍රොනික්ස් තියා මොන මගුල කරන්න හිතේ තිබුණත් ෆර්ස්ට් ඉයර් එකේදී අනිවාර්යෙන්ම සර්වේයින් ඉගෙන ගන්න ඕනෑ.

සර්වේයින්වල මුලින්ම තිබුණේ දම්වැල් මිනුම හෙවත් චේන් සර්වේයින්. ඊලඟට ආවේ ලෙවලින්. එකෙනුත් පස්සේ තමයි අපි තියොඩොලයිට්ටුව පාවිච්චි කරන්න පටන් ගත්තේ. තියොඩොලයිට්ටුවයි, ට්‍රයිපොඩ් එකයි, අනිත් පොලු ටිකයි, පෙග්ස් ටිකයි සහ මිටියයි කර ගහගෙන ගිනි කාෂ්ඨක දවල් වරුවේ කැම්පස් එකේ හතර කොනේ කරක් ගහන එකත් ජොලි වැඩේ ඒ දවස්වල.

තියොඩොලයිට්ටුවක් පාවිච්චි කරන්න කලින් ඒක හරියට ලෙවල් කරගන්න ඕනෑ. අපේ කාලේ තිබුණු මිකැනිකල් තියොඩොලයිට්ටු හරියට ලෙවල් කරගන්න අනුගමනය කළ යුතු එක්තරා ක්‍රියා පටිපාටියක් තිබුණා.

ඒක 100%ක් නිවරදිව කියන්න මගේ මතකයේ නෑ. නමුත් මෙන්න අපිට කියා දීලා තිබුණු ක්‍රමවේදයේ තිබුණේ එක පැත්තක් ලෙවල් කරලා, අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරලා, ආපසු අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරනවා වගේ පියවර ගණනාවකින් කළ යුතු සංඛීර්ණ කතාවක්.

දැන් මෙන්න ඒ විද්‍යාත්මක ක්‍රමය අනුසාරයෙන් අපේ සහම්පතියා විසින් මූලිකව සකසා, අත්හදා බලා, ෆයින් ටියුනින් මගින් වැඩි දියුණු කර ඉදිරිපත් කරන ලද ජොකා ඇඳීමේ ක්‍රමවේදය.

පෙර සැකසුම්
  1. ඔබේ අදාල අවයව නිසි පරිදි නිව්ටන් ගේ දෙවන ගුරුත්වාකර්ෂණ නියමයට අදාලව තිබේදැයි බලන්න.
    (නොදන්නා අයගේ දැනගැනීම පිණිස ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් ගේ දෙවෙනි නියමය මෙසේය. ඕල් හැන්ගින් තින්ග්ස් මස්ට් බී වර්ටිකල් - All hanging things must be vertical)
  2. එසේ ඇතිනම් සාමාන්‍ය පරිදි ජොකා අඳින්න.
  3. එසේ නැතහොත් ඒවා අදාල නියමයට අනුව සකසා ගන්න. ඉන්පසු ජොකා අඳින්න.

පසු සැකසුම්
  1. ජොකා ඇඳි පසු තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  2. දැන් අංශක 90ක් හැරෙන්න.
  3. පෙර පරිදිම තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  4. වහාම අංශක 180ක් හැරෙන්න.
  5. තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  6. දැන් උපකරණ නිසි පරිදි සමතුලිතව තිබේ දැයි පිරික්සා බලන්න.
  7. එසේ නොමැති නම් ඉහත අංක 1 පියවරට යන්න.
  8. නිවරදිව සමතුලිත වී ඇති නම් පසු සැකසුම් අවසානයි. දැන් කලිසම අඳින්න.

මුලින් ජොකා ඇඳ පසුව ඊට උඩින් කලිසම ඇඳීමෙන් පසුවද ඉහත පසු සැකසුම් ක්‍රියාවලිය අනුගමනය කළ හැක.

අත්දුටුවයි! සත්තයි!!

-කතන්දරකාරයා

ප/ලි
එනි සිස්ටම් කැන් බී ටියුන්ඩ් (Any system can be tuned) කියලා කියනවානේ. ඇත්තම කියනවා නං මාත් මුල් "සහම්පති මෙතඩ්" එක පොඩ්ඩක් ෆයින් ටියුන් කරලා හැඩ වැඩ දාලායි මේ ලිව්වේ!

ප/ප/ලි
කාට හරි පුලුවන්ද මේකට විසියෝ වගේ එකකින් ෆ්ලෝ චාට් එකක් ඇඳලා එවන්න?

සිතුවම් නම් එපෝ!

40 comments:

  1. //All hanging things must be vertical//

    හොරිසන්ටල් හෝ උඩ බලාගෙන ඉන්න ඒව වර්ටිකල් කර ගන්න හැටිත් මේක කියවන පොඩි වුන්ට කියල දුන්න නං

    ReplyDelete
  2. ක.කා පටන් ගන්න ඔය සම්බන්ධව මහා දේශනා මාලාවක්..ටීවී එක , පත්තර එෆ්.එම් සහ අන්තර්ජාලය භාවිතා කරලා රට පුරා ප්‍රචලිත කරත හැකි. ජොකාචාර්‍ය කකා ගේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ මාලාව කියලා. පස්සෙ මූලික අධ්යාපන විශය මාලාවට වුනත් එක් කරන්න ඇහැකි. බලන්ඩකො ඔය ෆෙන්ශුයිද මොකද්ද එක එහෙම නැගල ගියේ හරි හරියට ! අපේ සම තැන ඉල්ලන කාන්තාවො වුනත් පෙරට එයි ඔතෙන්දි !SWOT Analysis එකක් කලොත් මන් නම් කියන්නෙ හොඳ අනාගතයක් තියෙන ව්‍යාපෘතියක් !

    ReplyDelete
  3. ඔය කලින් නම කියපු එකා නේද පේරාදෙණියේදී කකා ට ජොකා ඇන්දුවේ?

    ReplyDelete
  4. කියෙව්වෙමි. අනුගමනය කිරීමට සිතමි. නමුත් මේකත් හරියට අර ඇස්. බී ගෙයි. බන්ධුල ගොයියාගෙයි. z-ස්කෝර් එක හදන ජ්‍යාමිතික සූත්‍රය වගේනෙ. ප්‍රතිඵල වෙනස්වෙලා එයිද දන්නේ නැහැ.

    ReplyDelete
  5. හිකි හික්..මදැයි උදේ පාන්දරම අහගත්තා හොඳ කතාවක්..!!!

    ReplyDelete
  6. තියරිය අනුගමනය නොකිරීමෙන් වෙන හානිවලට කතන්දර වගකියනු නොලැබේ ද?

    ReplyDelete
  7. වැරදිලා ආවෙ... මේං ගියා...

    ඔය ඉන්නෙ... මේවගේ පෝස්ටු තියෙන තැන්වලට වරද්දන්නෙ නැතුව අහවලා උදෙන්ම වැඩල උඩින්ම ෆුට් නෝට් එක දාගෙන ඉන්නව, අනිත් උන් කියන්නෙ මොනවද බලන්න....හික්ස්...

    ReplyDelete
  8. ෆ්ලෝ චාට් නම් බැහැ... ඒත් ග්‍රැෆික් දෙක තුනක් නම් බැරි වෙන එකක් නැහැ....

    ReplyDelete
  9. මෙච්චර කාලයක් ඇන්දාට මෙහෙම තියරියක් තියනවා කියා දැනන් හිටියේ නෑනේ.....:DDDD

    ReplyDelete
  10. ෆට්ට තියරිය. කකාට දේශනයක් දෙන්න පුළුවන් අර වෙනී කිව්ව වගේ. මගේ යාළුවෙක් හිටිය ඌ ජොකා ඇදල අදාල අවයවය ඔළුවෙන් හිටවනව. ජොකාගෙ ඉලාස්ටික් එක හරියෙ තමයි ඔළුව තියෙන්නෙ ඊටපස්සෙ.:D

    @වෙනී
    උඹේ කොවපැටියට ඔය මෙතඩ් එක දැන්ම පුරුදුකරපන්. චූ කරන්න ඉගැන්නුව වගේ.

    ReplyDelete
  11. නියමනේ.. අර ඔබාමාමා කියපු කාරණේනම් කාටත් වැශගත් වේවි මම හිතන්නේ.. අපේ එවුනුත් නිකන් කකුල් හතරේ කොටි වගේනේ..
    නගින්න දන්නවා, බහින්න දන්නේ නෑ..

    ReplyDelete
  12. මට ඔය තියරි එක සහජෙන්ම ඇවිල්ලනෙ කකා.... ඒත් තියෙන ප්‍රස්නෙ පෙර සැකසුමේදි ඔය කියන අවයව vertical නැතුව parallel වගේ තිබුනොත් ඉක්මනින් vertical කරගන්න ප්‍රෙමේයක් සූත්‍රයක් පැක්ටිකල් එකක් ගැනත් දාන්නකො කතන්දර...

    අමනම් ගොඩ් වෙදකමක් පාවිච්චි කරන්නෙ... hanging thing එකේ මුලට මහපට ඇගිල්ලයි මැද ඇගිල්ලයි එකතු කරල දෙපාරක් තට්ටුවක් දානවා...

    ඒත් සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන් ඒ ක්‍රමේට...

    ReplyDelete
  13. මම නම් මැනුවලි තමයි ඔක්කොම කරන්නෙ ඇන්දට පස්සෙ අත දාලා එලයින් කරගන්නවා.... නිවුටන්ගෙ දෙවෙනි එක තෘප්ත කරනවනං පහලටයි නැත්තං ඉහලටයි වන පරිදි සීරුමාරු කරගන්නවා...



    @Miyuru : ලොවෙත් කතාවක් කියලා තියෙන්නෙ.....

    ReplyDelete
  14. සමහර විට අපේ හෙළුපාල ඇමැටිතුමාට වුනා වගේ හදිසියක් වුනොත්, එතුමා කළා වගේම ජනේලයෙන් පැනල දුවන්න වෙන්න පුළුවන්. :D

    මේ තියඩෝලයිට් ක්‍රමය කඩිනම් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද ඒ ක්‍රමයට ඇජස් කරගෙන දුවන එක ඝාන්ටාර ගගහ දුවන එක වඩා පහසු වෙයි,

    ReplyDelete
  15. අපි භාවිතාකලේ මීට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් . ඒ වුණත් ඉතින් අද ඉඳන් මමත් මේ තියරිය අනුගමනය කරනවා මොකද ඉතින් ඉංජිනේරුවෙක් කියන දෙයක් අනිවා පිලිගන්න එපෑය

    ReplyDelete
  16. කාලෙකින් ජොකෙක් ඇන්දේ නෑ.....

    ReplyDelete
  17. සෑහෙන්න කට්ටක් කන්න වෙයි වගෙ

    ReplyDelete
  18. දොරට අහුවෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  19. (Traffic Ano)
    <>
    එහෙම කියන්න එපා, ගොනු කාණුවෙ ගියා වගේ නෙවෙයි ජංගිය කාණුවේ බැස්සහම සෑහෙන්න බරපතළයි.

    <>
    සමහර එවුන්ට පැණිදෙනිය, මීවතුර පැත්තෙ කරත් ගහන්නත් චාන්ස් එක හම්බ වුනා මගෙ හිතේ

    ඒ වුනාට ඔය තියරිය ප්‍රායෝගික නෑ. කොච්චර සෙට් කරල ඇන්දත් හරි හමන් කෑල්ලක් දැක්කහම සෙටින්ග්ස් ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  20. මේ තියරිය ඕනෑම ජොක් වර්ගයකට අදාලද?

    මම නම් ඉතින් "ලාස්ට් මිනිට් ඩොට් කොම්" වර්ගයේ හින්දා ඇජස්ට්මන්ට් ඔක්කොම යන ගමන්ම තමයි....

    ReplyDelete
  21. අයියෝ... මම යනෝ.

    ReplyDelete
  22. අ‍යෝ.. විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.. අඩේ මං මෙච්චර කාලයක් නිවුටන් මහත්තයාගෙ දෙවෙනි මෙව්ව එකට පටහැනිව ඉස්තානගත කොරලයි ජොකා දැම්මේ... එතකොට උත්තේජයක් ආවත් නාවත් වෙනසක් නෑනේ... ඉදින්කෝ මේකත් ට්‍රයි කරලා බලන්න... :D

    ReplyDelete
  23. වෙලාවට මේක රෑ වෙලා කියෙව්වේ....

    ReplyDelete
  24. ගැනු ළමයි ට කියවන්න හොද නැහැ ඕව්.. :/

    ReplyDelete
  25. මම නම් ජොකා අතඇරලා boxers වලට බැහැලා ඉන්නේ
    http://stylematters.us/wp/wp-content/uploads/2009/09/600x800px-ll-mens-boxers1.jpg

    ReplyDelete
  26. @ සුළඟිල්ල | පින්කී,
    මගේ දැනීමේ හැටියට "නිවුටන් මහත්තයාගෙ දෙවෙනි මෙව්ව එකට පටහැනිව ඉස්තානගත කොරලයි ජොකා අඳින්නෙ "ජැක්සන්"ලා...

    ඒක නෙමෙයි... ජොක් කතා කියපු හින්දා මතක් වුනේ. මගේ යාලුවෙක් හිටියා හරිම ඉනොවේටිවු... මිනිහා එකම ජොකා දවස් 4ක් අඳිනවා... කාටහරි කියන්න පුලුවන්ද ඒ කොහොමද කියලා....

    - සනාත

    ReplyDelete
  27. “ජොකාචාර්ය කකා“ මේක නම් ෆට්ට...

    ReplyDelete
  28. වනචරම කතාව කියල තියෙන්නෙ ඔක්කෝමලාට වැඩියෙ පොඩි එකා

    ReplyDelete
  29. ජොකෙක් අඳින එකත් හිතන තරම ලේසි නැහැ නේ.මෙච්චර කල් මං ඇඳලා නැද්ද එතකොට

    ReplyDelete
  30. බැහැපු අපිට ඔලුවෙන් හිටගෙන තමයි අනුගමනය කරන්න වෙන්නෙ.

    Jack-son

    ReplyDelete
  31. මේ මොන නිව්ටන්ද???

    ReplyDelete
  32. කතන්දර අයියා ජොක්කු ගැන පර්යේෂනයක් කරලා වගේ.

    ReplyDelete
  33. Theodolite ekak hugak ganan da keeyak withara da ?

    ReplyDelete
  34. දැනුත් තියොඩලයිට්‍ටුව පලවෙනි සෙමියේ අනිවාර්යය..
    එක්සෑම් එකට එන්නේත් ජොකා ලෙවල් කරන්ටම තමා..හී හී

    ReplyDelete
  35. Ape facutiye owa egannuwe naaane ....

    ReplyDelete
  36. පට්ට ඈ කථාව උපරිමයි මෙච්චර කල් කොහොම ඇන්දද මන්දා හි හි..ඔබා මාමා අහපු ප්‍රශ්නේ පට්ට ඒකටත් උත්තර් දුන්නනම් හොදා මයේ හිතේ...මම නම් ඔබා මාමගේ ප්‍රශ්නේ ආපුවාම සුලැගිල්ල කියපු විදියට තමයි දාගන්නේ ප්‍රශ්නේ නිමාවුනු ගමන් ආයේ සාක්කුවට හරි අත දාලා සෙටල් කර ගන්නවා...ලෝකෙ තියෙන ලොකුම අවුල තමයි වර්ටිකල් නොවී පැත්ත වැටුනොත් වෙන කේස් එක හි හි මොනා කරන්නද දිව හපාගෙන හරි දත්මිටි කාගෙන ඉන්නවා ඇරෙන්න

    ඇනෝ වෙත:මියුරු අක්කාගේම පෝස්ට් එකක තිබ්බා වගේ මතකයි "දවසක් හොද පිට,පහුවදා කනපිට" කියලා

    මම අදුරන එකෙක් ඉන්නවා පෙට්ටියා කියලා උගේ තියරිය දවස් තුනක් හොද පිට දවස් තුනක් කනපිට අන්තිමට නිදැල්ලේ කියන එක හි හි ඒක සාර්ථක වෙයි වගේ එත් ඔයාගේ ක්‍රෙමත් කියන්නෝ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.