Friday 25 November 2011

සංගීතයක් බලන්න ගිහින්..... At a musical show....


ලඟදි නැද්ද සංගීතයක් හෙම බලන්න ගියේ?

ඉස්සර මං හරි කැමතියි සංගීත සන්දර්ශන බලන්න යන්න. මේ කියන්නේ නොමිලේ තියෙන ඒවා. දාහේ පටි ඕනෑ කරන ඒවා නෙමේ.

මේ සංගීත සන්දර්ශන තිබුනේ මහ රූට. ගෙදරින් කාලා හෙම තමයි අපි යන්නේ. ඒ ගිහින් සංගීතේ ඉවර වෙන කල්ම ඉන්නවා වතුරවත් නැතුව. සමහර විට කඩල ගොට්ටක් කනවා. ෂෝ එක ඉවර වෙන වෙලාව වෙන කොට ගෙදර යන්න බස් නෑ. ඉතිං, හැතැප්ම ගාණක් පයින්ම කොටනවා.

පුදුමෙකට වගේ අපේ තාත්තා මං ඒ වගේ සංගීත සංදර්ශන බලන්න යන එකට කිසිම තහනමක් දැම්මේ නෑ. තාත්තා කොල්ල කාලේ නං කවි මඩු මිසක අපේ කාලේ වගේ සංගීත සංදර්ශන තියෙන්න නැතුව ඇති.

දැන් නං ඉඳලා හිටලා වගේ ගියත් යන්නේ ඒ වගේ එළිමහන් සංදර්ශන හිටගෙන බලන්න නෙමේ. ශාලාවල තියෙන ඒවා පුටුවල ඉඳගෙන බලන්නයි.

ලඟදී දවසක එහෙම ගිය වෙලාවකදී මගේ නිරීක්‍ෂණයට අහුවුණු කාරණා කීපයක් ලියන්නයි මේ හදන්නේ. මේක පොඩි කතා කෑලි දෙකක් විතරයි, ඊට වඩා ඇති දෙයක් නෑ!

මේක එක්තරා ආධුනික ගී ප්‍රසංගයක්. හැමෝම කිව්වේ ඉතිං සුරෙන්ද්‍ර ලා ගේ, මලිත් ලා ගේ, මිහිරංග ලා ගේ මාලිනී ලා ගේ, දමිතා ලා ගේ සින්දු තමයි. හැබැයි ගායක ගායිකාවෝ සැට් එක නං කබ්බොම නෙමෙයි.

අර පොත් එළි දැක්වීමේ උත්සවයේ ඒකාකාරීත්වය මකන්න කතා අතරට සින්දු කෑලි ඔබපු කතාව මතකයි නේද?

මෙතනදීත් වුනේ ඒ වගේ වැඩක්. සින්දුවල ඒකාකාරීත්වය මකන්න හිතිලද කොහෙද අපේ නිවේදක බූවා මහතා සින්දු අතරට තමන්ගේ කතා කෑලි ඔබන්න ගත්තා.

ඔන්න මැදි වියේ පොරක් ආවා. කිව්වා නියම නැගලා යන අපේ බාප්පලා ගේ කාලේ සින්දුවක්.

"ඇල දොල ගංගා යාවි ගලා,
දිය රැලි හංගා මූද සොයා
රන්වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා
ලල් ලල් ලල් ලා ලා....."

බාප්පලා ගේ කාලේ කිව්වේ, ඉස්සර අපි පොඩි කාලේ මට මතකයි අපේ බාප්පා එල්පී තැටි වාදක යන්ත්‍රයක් ගෙනල්ලා ඔය සින්දුව වීක්එන්ඩ් එකේ උදේ ඉඳන් රෑ වෙනකං දානවා. රෙකෝඩ් ප්ලේයර් එකක් ගෙනාවාට එක තැටියයි නේ පොර ගෙනවිත් තිබුනේ. අන්තිමේදී අපිට එපා ම වුණා ඒක. හොඳ වෙලාවට පොර ඒක කාටදෝ විකුණලා දැම්මා සතියකින් දෙකකින්.

ඒ වැඩිහිටි ගායකයා සින්දුවෙන් පස්සේ ස්ටේජ් එකෙන් බැහැල යනවත් ඒ එක්කම ඔන්න ආවා නිවේදකයා.

"ඔව්, ප්‍රිය රසික රසිකාවියනි, මද සිසිල් සුලං දෙරණ තලය පිසගෙන හමායන මේ සුන්දර සන්ධ්‍යාවේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යමින් ඒ මියුරු ගීතය ගායනා කළේ අපේ හිතාදර ගායක දයාසිරි ගුණවර්ධන.

දැන් ඔබේත් අපේත් ගී සා පවස නිවන්නට මා වේදිකාවට කැඳවන්නේ තරුණ ගායකයෙක්.

ඔව් සහෘද රසික රසිකාවියනි, තාරුණ්‍යයේ මධුර රාවය අප අතරට ගෙනෙන මේ ගායකයා ගේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔහු ගායක පරපුරක එක් පුරුකක් වීම.

මීට කලින් ඔබ සිත සනසා ඇළ දොළ ගංගා ගීතය ගායනා කළ ඒ අපේ හිතාදර ගායක දයාසිරි ගුණවර්ධන ගේ කණිටු පුත්‍ර රත්නයටයි මේ ආරාධනය!

වේගවත් අත් පොළසන් නාදයකින් පිළිගන්න තාරුණ්‍යයේ මධුර මනෝහර රාවය, දයාන් ගුණරත්න....."

"මළ කෙලියයි කෙලිය නේද මහරජ තාප්පෙටම!" කිව්වලු

ඇල දොල ගංගා ගීතයෙන් අපිව කොහොමද ආනන්දයෙන් ප්‍රඥාවට අරං ගියේ කියන එක වෙනනම ප්‍රශ්ණයක්.

කොහොමද බං ගුණවර්ධන ගේ පුතා ගුණරත්න වෙන්නේ?

කොහොම හරි ඉතිං ඔන්න වරද නිවරදි කරලා ඔන්න දයාන් ගුණවර්ධන වේදිකාට ඇවිත් සින්දුව කියන්න පටන් ගත්තා.

පොර කිව්වේ ජෝතිපාල යි ග්‍රේෂන් ආනන්ද යි එක ගෙයි කාපු සින්දුව.

දන්නවනේ අර "නීල අහසේ වසන්තේ" කියන සින්දු කෑල්ල?

එක ගෙයි කෑව කියන්නේ මේ එකම සින්දුව ගායකයෝ දෙන්නම ප්ලේ කරපු නිසයි.

දැන් ඔය විවිධ ගායකයෝ වේදිකාවලදී හැසිරෙන විදි විවිධාකාරයි නේ.

සමහරු මිල්ටන් මල්ලවාරච්චි වගේ මෝල් ගස් ගිලපු ඉරියව්වෙන් සින්දුව කියනවා.

සමහරු නිහාල් නෙල්සන් වගේ මයික් එක එහාට මෙහාට විසිකර කර සින්දුව කියනවා.

සමහරු ඉරාජ් වගේ ස්ටේජ් එක දිගේ එහාටයි මෙහාටයි දුවනවා.

අපේ අබේවර්ධන ගේ පුතා අබේරත්න වේදිකාවේ සින්දුව කිව්වෙ නිකං මිල්ටන් මල්ලවාරච්චි වගේ මොල්ගස් ගිලලා. හැබැයි නිහාල් නෙල්සන් ගේ නාදින් දිනක නදින් සුවඳ පොට්ටු නළලෙ තියන් නටන්නේ කාවඩි බයිලා වගේ කකුල් දෙක සැරෙන් සැරේට මැන්ඩලීන් ගැහෙව්වා.

ඊටත් වඩා ජොලි වැඩේ තමයි, පොර කියපු සින්දුවේ එන මා හදේ තරුත් ඔබයි, මා හදේ සඳුත් ඔබයි කියන හැම වෙලාවෙම මිෂෙල් ඔබාමා ලා, අරුණි ෂපීරෝ ලා ජාතික ගීතය කියනවා වාගේ පපුවේ වම් පැත්තෙට දකුණු අත තියනවා.

හැබැයි එච්චරයි. සින්දුවේ අනිත් පදවලට එහෙම නර්තන විලාශ දක්වන්නේ නෑ.

උදාහරණයක් විදියට නීල අහසේ කියන කොට අත උඩට දික්කරලා අහස පෙන්නන්න තිබුණා.

තාරුකා මල් කියන කොට ඇඟිලිවලින් තරු හදලා පෙන්නන්න තිබුණා.

කුරුල්ලෝ කොහේ පියඹා ගියාදෝ කියන කොට ඔන්නම් අත් දෙකෙන්ම පියාපත් ගහන්න තිබුණා!

එහෙම නොකර පොර කෙරුවේ තමන්ට ම සම්බන්ධ දේවල් පෙන්නීම විතරයි.

මට හිතුනේ හොඳ වෙලාවට අබේවර්ධන ගේ පුතා අබේරත්න පිබිදෙන ගායකයා අමරදේවගේ කුමරියක පා සළඹ සැලුණා සින්දුව නොකිව්වේ කියලයි.

එහෙම කිව්වා නම් මොන මොන අවයවවලට අත නොතියයිද?

-කතන්දරකාරයා

ප/ලි:
නිකම්ම නිකං චොකා බයිලා සින්දුවලට වගේම මං ශාස්ත්‍රීය සංගීතෙටත් කැමතියි.

මං කැමතිම රාගය තමයි ගූපාලී. ඒකේ ආලප් ද මොකක්ද එක ගැයෙන්නේ මෙන්න මෙහෙමයි.

"සා..රී..මගධමධමා..
මා..රී..රිරී..පාගපාගා..නිධාගනී.."

ප/ප/ලි
ඔය උඩ තියෙන ෆොටෝ එක කොහොමද හොය ගත්තේ කියලා දන්නවාද?
මං "සංගීත සන්දර්ශනය" කියලා කොටලා ගූගල් ඉමේජ් සර්ච් එකක් කළාම අග හරියේ ඕක තිබුණා!

(image: http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSg95hyQMkFwLdUMr1ynfjTZc74GTJ8cXMjjQy7tVGCqPY59WFba_nA4TM0)

35 comments:

  1. හපුච්චේ වෙලාවට අග හරියෙම තිබ්බෙ :)
    සංගීතයට මගෙත් යම් සම්බන්ධයක් තියෙනවා
    මෙන්න මම ලියපු (ලියපුම නෙවේ පොඩි කොප්පක් ගහපු ) සින්දුවක්

    http://status-chanaka.blogspot.com/2011/11/blog-post_19.html

    ඔය ෆොටෝව මම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය වෙලාවේ ගත්තු එකක්

    http://status-chanaka.blogspot.com/2010/09/blog-post_23.html

    ReplyDelete
  2. මාරු කතාව .එල!!.. බං

    ReplyDelete
  3. මම දැනගෙන හිටියේ නෑ මකරා ගායකයෙක් බව. අර කවුදෝ කියලත් තිබුනානේ ගීය කියන්නේ භාවනාවක් බව. එයා ගී කියමින් භාවනා කරනවා වෙන්ටැති...:D

    //මිෂෙල් ඔබාමා ලා, අරුණි ෂපීරෝ ලා ජාතික ගීතය කියනවා වාගේ පපුවේ වම් පැත්තෙට දකුණු අත තියනවා.// :D:D

    මොකද පෝස්ට් එක රෑ වැටිලා....

    ReplyDelete
  4. ප/ලි ගැන කියපු එක හොඳයි, හැමෝටම දැනගන්න,,

    ReplyDelete
  5. අර "අල" සෙට් එකේ සුදුමල්ලි සින්දු කියපු හැටි මතක් උනේ. ඔය "ගූපාලි" රාගයට කියන "ඒ මේ තේ රී........මේ තේ රී" සින්දුව අහල තීනවද?

    කුමාරිහාමි නිදිවරං මොකද කරන්නෙ?

    ReplyDelete
  6. ඒ මේ තේ රී...මේ තේ රී...සාජන්
    පල්..පල්..යේ..සාජන්...

    ඉතුරු ටික මතක් කරල කියන්නං...!

    ReplyDelete
  7. ලංකාවෙ ජාතික ගීය පටන් ගන්නෙ

    "ගාගා රී නිරි සා" කියල

    ReplyDelete
  8. හික්ස්, මට මතක්වුනා 'අරේ සහ මරේ' එකේ තිබුන සීන් එකක්.. සංගීත සංදර්ශන වල එනවුන්ස් කරන බුවෙක් යනවා ක්‍රිකට් මැච් එකක එනවුන්ස් කරන්න, මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ.. (ඔය වරහන් ඇතුලෙ තියෙන්නෙ එකෝ එක..)

    "ඒ ක්‍රීඩා පිටියෙන් සමුගෙන ගියේ(ගියේ...) රසල්(රසල්...) ආනල්ඩ්(ආනල්ඩ්...). මීලගට ක්‍රීඩා පිටියට කැදවන පිතිකරුවා ගැන යමක් කියනවානම්(කියනවානම්...), එදා විල්ස් ලෝකකුසලාන තරගාවලියේදී සනත් ජයසූරිය සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කලේ ඔහුයි(ඔහුයි...). තම මංගල ටෙස්ට් තරගයේදීම ප්‍රවේගකාරි ශතකයක් ලබාගනිමින් නරඹන්නන් අමන්දානන්දයට පත්කල මේ හුරුබුහුටි පිතිකරුවා(පිතිකරුවා...), ඔවු පිළිගන්න ඔබේ වේගවත් අත්පොළසන් නද මධ්‍යයේ, රුමේෂ්(රුමේෂ්...), රුමේෂ් කළුවිතාරණ..

    ReplyDelete
  9. @ඕනයා,

    ඔය 'වචන වලට ඩාන්ස් කොරන්න' නං බං දෙකක් දාලාම තමා යන්න ඕන.. නැත්තං ඒ ගැම්ම එන්නෙ නෑ.. :D

    ReplyDelete
  10. පට්ට කතාව කතන්දර උන්නැහේ....

    ReplyDelete
  11. කව්ද පින්තුරේ ඉන්න පොර? කොමෙන්ට් වල හැටියට Chanaka Aruna Munasinghe ද කියල හිතුන.

    බුරාගේ කොමෙන්ට් එක නිකන් අහගෙන ඉන්නවා වගේ දැනුන එකෝ එකත් එක්ක හෙහ්..හෙහ්..

    ReplyDelete
  12. ගූපාලි රාගය නම් මරු !!! ඒකේ ආලාපයත් මරු.

    ReplyDelete
  13. වැරදුනු තැන කතන්දරයක්....

    ReplyDelete
  14. ඔව් ඒ වගේ එක මියුසිකල් ශෝ එකක අර නිහාල් නෙල්සන්ගෙ පරෙවියා සින්දුවට ඩාන්ස් කරන කොට ඇඟේ හැප්පුනා කියල පටන් ගත්ත කචල් එක ඉවර වුනෙ කිනිසි පාරවල් 7-8 එක්ක 5-6 දෙනෙක්ම රෝහල් ගත වෙලයි !

    ReplyDelete
  15. http://www.youtube.com/watch?v=oiYakG2CKOY&feature=related

    ඔය වීඩියෝවේ වි.6.26 ඉඳන් ගෑණු ළමයෙක් "බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව" කියන සින්දුව නට නටා කියනවා පට්ටයි! :D

    ReplyDelete
  16. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි එලම තමයි

    //කුරුල්ලෝ කොහේ පියඹා ගියාදෝ කියන කොට ඔන්නම් අත් දෙකෙන්ම පියාපත් ගහන්න තිබුණා!//

    එතකොට මයික්කේ බිම වැටෙනවා නේ

    ReplyDelete
  17. බුරා,

    ඕක අර සිරසෙ "ප්‍රියන්ත" කියන හාදයට ගහපු සිරාම කාර්ඩ් එකක්නෙ.

    ReplyDelete
  18. කාලෙකින් සංගීත සංදර්ශනයක් බලන්න බැරිඋනා. අන්තිමට බැලුවේ ප්‍රේමදාස ලොක්කාගේ කාලේ ගම් උදාව සීන් එකක්. දන්නවානේ ඒකාලේ ඒවට එන කට්ටිය???

    අර එකෝ එන්න කෑගහන පොර තාමත් මගේ ඔලුවේ එකෝ වෙනවා. ගිහින් බලලා නෙවේ රේඩියෝ එකෙන් අහලා.

    ReplyDelete
  19. http://wh.gov/jmh

    ReplyDelete
  20. මරු කතාව...

    ReplyDelete
  21. සංගීතය බලල නියමයි කියලද අර කියන්නෙ

    ReplyDelete
  22. නිහාල් නෙල්සන් මයික් එක යහතින් දෙනකල් සවුන්ඩ් දීපු එකා පණ බයේ වෙන්න ඇති ඉන්නව ඇත්තෙ.

    ReplyDelete
  23. අප්පට සිරි ගජ ! බොලේ මේ ෆොටො එකෙ ඉන්නෙ චානක මලයා නොවෑ! එක ඉස්කොලෙට ගිය , එකම ෆැකල්ටියෙ හිටිය චානකයා. ෆැකල්ටි කාර්ඩ් එකෙ හැටියට තමයි වැඩත්. ඔය ෆොටො එකට හරි සිල් ගත්තා වගෙ හිටපු එකත් ලොකු දෙයක්.හැබැයි හිත හොඳ කොල්ලා.

    කකා: කතාන්දරයට වගේම ෆොටො එකටත් ගොඩක් ස්තුතියි ! රාගය නම් මරු. මමත් අහල තියෙනවා මෙහෙම එකක්
    " සනි... ම..ම.. පග.. ගනි..ධ//
    මම ධනිධ..///"

    ReplyDelete
  24. (Trafic Ano)
    පින්තූරෙන් පෙන්නුම් කරන්නෙ ගායකයන්ට වගේම අහන් ඉන්න අයටත් මෝල්ගස් ගිලින්න පුළුවන් බවයි.
    සංගීතයක් බලනව කියනකොට මට මතක් වෙන සිද්ධියක් තියෙනව.
    දවසක්දා අපි රැඩිකල් කොල්ලො වගේ හිටපු කාලෙ මොකක්දෝ මගුලකට අඟුලාන හන්දියෙ ගැහුව ස්ටේජ් එකක්. දන්නවනෙ ඉතින් වටේටම මස්කඩයක් වගේ රතුපාට කොඩිවැල් ධජ පතාක ලෙ‍ල දෙනවා.
    කවුද කොලු පැංචෙක් ඇවිත් අහනවා, “අයියෙ අද හවසට සංගීතයක්ද?

    ReplyDelete
  25. ආයෙත් සංගීතයක බලන්න යන්න ඕනේ

    ReplyDelete
  26. මා..රී..රිරී..පාගපාගා..නිධාගනී.. අපරාදේ කන්න තිබ්බ නේද?

    ReplyDelete
  27. මෙතනට අදාළ නැති වුනත් මේ දැන් මං දැනගත්ත දෙයක් ලෝකෙට ප්‍රයෝජනවත් වෙන්නයි මේ ලියන්නෙ.
    ඉස්සන් හෝ කූනිස්සන් ආහාරයට ගත් පසු විටමින් සී ගන්න එපා. ඉස්සන් හෝ කූනිස්සන්ගේ ඇ‍ඟේ තියෙන පොටෑසියම් ආසනික් සංයෝග සමග විටමින් සී ප්‍රතික්‍රියා කිරීමෙන් ආසනික් හැදෙන බව කියනවා.

    ReplyDelete
  28. අප්පා . . . කකාගේ පෝට්ස් එකට වඩා කොමෙන්ට්ස් ටික මරු ඈ . . .

    ReplyDelete
  29. අද කසු ගේ පොස්ට් එකේ mistakes ගොඩයි.
    \\ අර "නීල අහසේ වසන්තේ" කියන සින්දු කෑල්ල\\
    ඒ සින්දුව 'සිහින අහසේ වසන්තේ' නේද ??
    \\අපේ අබේවර්ධන ගේ පුතා අබේරත්න වේදිකාවේ සින්දුව කිව්වෙ නිකං...\\
    කසු ගේ 'ගුණවර්ධන ගේ පුතා ගුණරත්න' වෙන එක පහු වෙනකොට 'අබේවර්ධන ගේ පුතා අබේරත්න' වෙනවා.
    කසු අද ice tea එකක් දා ගෙනද වැඩ පටන් ගත්තේ ??

    ReplyDelete
  30. හනේ මන්ද..හික් හික්..

    ReplyDelete
  31. $මර๠ම๥ස๞ $,

    KK is a pera 'porak'. So he can't get it wrong. Do you understand??

    ReplyDelete
  32. “ලංකාවෙ ජාතික ගීය පටන් ගන්නෙ

    "ගාගා රී නිරි සා" කියල“


    චානකගෙන් ඉගෙන ගත්ත දේ නම් වටිනව. අදනෙ මටත් මේක පෙණුනෙ. සමහර දේ වලදි අපි කවුරුත් ටියුබ් ලයිට්.

    -ලොකු

    ReplyDelete
  33. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    මං සාමාන්‍යයෙන් සඳුදා, බදාදා සහ සිකුරාදා උදේ හයට තමයි කතන්දර දාන්නේ (ඉරිදට ස්පැෂල්). එහෙම ඔටෝ පබ්ලිෂ් වෙන්න වෙලාව සෙට් කරන්න කලින් අතපසුවීමකින් සිකුරාදාට නියමිත කතාව කලින්දා හවස පලවුණා.

    කතන්දරේ තාත්තාගේ සහ පුතා ගේ නම්වල ටැපලීම ඒ නිසයි.

    නැවත හමුවෙමු!

    ReplyDelete
  34. සනි ම..ම.. මගරී..
    ප..ග ප..ග.. ග..ගනී

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.