Friday 22 July 2011

වෙබ් කාලා වතුර බීම - Web eating, water drinking and my body fish dancing


අපි ඉතිං කවුරු කවුරුත් ඉඩ ලද පරිදි ඔය විවිධ සමිති සමාගං වලට එකතුවෙලා වැඩ කරනවානේ. මං උසස් පෙල කරපු ඉස්කෝලේත් ඔය වගේ සංගම් හැට හුටහමාරක් තිබුණ. ඒත් මං නං මුලින්ම ස්වේච්ඡා සමිති වැඩවලට බැස්සේ කැම්පස් ෆස්ට් ඉයර් එකේදී කලා කවයට සම්බන්ධ වෙලයි.

එතන ඉඳල ෆයිනල් ඉයර් එකේ බැච් ෆොටෝ එක අරං ඉවරවෙන දවස වෙනකං විවිධාකරායේ ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩවලට ගතකරපු කාලය නං අප්‍රමාණයි. ඒ ගැන දැනුත් මතක්වෙන්නේ ලොකු සතුටකුත් එක්ක.

ජීවිතේම ස්වේච්ඡා සේවා කෝටා එක ඒ කාලේ ම අවුරුදු විසිතුන වෙන කොට ඉවර වුණු හින්දා මේ කාලේ නං එහෙම නහින්න දෙහින්න යන්නේ නෑ. ඔන්න ඔහේ කතන්දරයක් ලියං ඉන්නව මිසක.

නමුත් මං පසුගිය කාලේ එක්තරා සංගමයක යම් කිසි වැඩ කොටසක් බාර අරං කළා.

අපේ සංගමයේ ඒ දවස්වලත් තිබුණා පොඩි වෙබ් සයිට් එකක්. අළුතින් සංගමයට නිලධාරීන් පත්වුණාම ඒ උනන්දුව පිට මේ වෙබ් සයිට් එක ටිකක් ටිකක් අප්ඩේට් වෙනවා. පස්සෙන් පහු ඔන්න ඔහේ අමතක වෙලා යනවා. මොකද මේවා අපි ජොබ් එකේ, ෆැමිලි එකේ වැඩ සේරම කරළා, ඊට පස්සේ කරන ස්වේච්ඡා වැඩනේ. ඊලඟ අවුරුද්දේ ආයෙත් ඔය කියපු සයිකල් එකේම යනවා.

හැබැයි ඉතිං හැමෝගෙමත් හිතේ තියෙනවා වෙබ් සයිට් එක දියුණු කරල ගන්න ඕනෑ ය කියන අදහස.

ඔන්න එක අවුරුද්දක අළුතින් සංගමයට කමිටුවක් පත්වුණා. වෙනත් වැඩකටයුතු එක්ක වෙබ් එකත් බාරවුනේ මගේ හොඳම හිතවතෙක් වෙන රෂ්මි ට. මිනිහා හිත හොඳ හාදයා. වැඩට පලට හොඳ උනන්දුවකුත් තියෙනවා.

"අපේ වෙබ් සයිට් එක මං නග්ගල ගන්නං!" පොර කිව්වා.

"මං මේ වැඩේට අල්ල ගන්න යන්නේ අළුතින් කැම්පස් එකෙන් අවුට් වුණු දෙන්නෙක්. වැඩි වයසක් නැති හොඳ තරුණ කොල්ලෝ වුණාට මුං දෙන්නම වෙබ් කාලා වතුර බීපු උං!"

දැන් ඉතිං ඔය කතාවෙන් අවුරුද්දක් විතර ගියාය කියමුකෝ. හැබැයි රෂ්මි ගේ කයිය කෙසේ වෙතත්,වැඩේ තවත් අල වුනා විතරයි මට පෙනිච්ච විදියට.

ඔන්න කවුදෝ වෙන කාරණයක් ගැන ලියපු ඊ-මේල් එකක අපේ වෙබ් සයිට් එක ගැනත් පොඩ්ඩක් විතර "නෙගටිව්" සඳහනක් කරලා තිබුණා.

මං ඒකට උත්තර විදියට ලිව්වේ මෙච්චරයි.

"වෙබ් සයිට් එක ගැන නං වරදක් කියන්න එපා. අපේ රෂ්මි බාරගත්තු වැඩේ හරියටම කළා. කොටින්ම පොර ට තව ඉතුරු වෙලා තියෙන්නේ අර කොල්ලෝ දෙන්නාට වතුර දෙන්න විතරයි!"

-කතන්දරකාරයා

ප/ලි:
මේ හා සමාන නොවුනත් අසමානත් නැති තව කතාවක් මෙන්න.
"පොඩි වැඩකට සෙට් වෙමුද, මචං?"

ඔය "මයි බොඩි ෆිෂ් ඩාන්සින්" කියන කතාව කාගේ එකක් ද දන්නව නේද?

http://www.workathometruth.com/blog/2009/08/21/make-money-whitening-your-teeth/

37 comments:

  1. ආක්ෂේ ඛන්නා, රාජේශ් ඛන්නා වගේ අලුත් එකක් වෙබ් කන්නා :)

    ReplyDelete
  2. පාන්දරම ලේ ටික පිරිසිදු කර ගත්තා හිනා වෙලා...

    ReplyDelete
  3. මයි බොඩීස් ෆිස් ඩාන්සින් - කෝරලේ මහත්තයගේ නේද..

    ඇනස්ලි ඩයස් ගේ ජෝක් එක තම්යි - දොස්තර මහත්තයෝ, මේ කවුරු හරි හොඳට කාළ බීල ඉන්න හොට මගේ ඇඟේ මාළු නටනවනේ..

    ReplyDelete
  4. වෙබ් එක නග්ගලා ගත්තාම ඒහෙම එහෙම වෙනවා ඇති :D

    ReplyDelete
  5. //එතන ඉඳල ෆයිනල් ඉයර් එකේ බැච් ෆොටෝ එක අරං ඉවරවෙන දවස වෙනකං විවිධාකරායේ ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩවලට ගතකරපු කාලය නං අප්‍රමාණයි//

    මේකට ඉතින් මොන වගේ දේවල් ඇතුලත් උනාද කියලා දන්නේ කතන්දරම විතරයි...:D

    සමහර විට අර උපදෙස් එහෙම ලියන්නේ ඒ කාලේ ලැබුනු අත්දැකීම් වලිනුත් වෙන්ට බැරි නෑ.:)))

    ReplyDelete
  6. ටිකක් කාලයක් යද්දි වැඩේ අලගෙඩියක් වෙන එක නවත්ත ගන්න ක්‍රමයක් කතාවේ නැට්ට කෑල්ලෙ හරි තියෙයි කියලා මම හිතුවේ. පහු පහු වෙද්දි කොහු කොහු වෙන එක මේ පැත්තෙත් තද සැරේට තියෙනවනේ......

    ReplyDelete
  7. //....ඊලඟ අවුරුද්දේ ආයෙත් ඔය කියපු සයිකල් එකේම යනවා.//
    එහෙම බයිසිකල් එකක් ගැන අද කතාවේ කොහේවත් නෑනේ!
    ලොල්ම වේවා!

    ReplyDelete
  8. ඒ කියන්නේ ඒ තරමටම වෙබ් එක කාලා.
    අපරාදේ අවුරුද්දට එකපාරක් හරි යාවත්කාලීන වෙන වෙබ් එකක් !!!!

    ReplyDelete
  9. ඕක ඉතින් අපි හැමෝම වැඩක බාරගන්න කලින් කියන දේනේ.
    "ඔවානම් මොනවද මචන් අපි ඕව කාල ඉන්නේ."
    වැඩේ ගත්තට පේ තමා ගුගල් කරලා මොකද්ද මේ කියල හොයන්නේ... අයි.ටී. අයගේ එදිනෙදා ජිවිතයේ සිද්ධියක්... ලොල්...

    ReplyDelete
  10. ඔය රෂ්මි කියන නම "ර"යන්නෙන් පටංගන්න අකුරු තුනක නමක් තියන වෙන බුවෙක්ගෙ නමක් වෙන්න බැරිද ????

    ReplyDelete
  11. හික්.. කතන්දරගෙ කටේ අර මෙව්වා ගෑවේ කව්ද දන්නෙ නෑ.. (අතේ කියලා ඕක වෙනස් වෙන්න කාලෙ හරි වගේ...)

    ReplyDelete
  12. මාත් වතාවක් ඔය වෙබ් කන වැඩක් කොලා. හැබැයි වෙබුත් නොකා ගමත් නොකා ගුටිත් නොකා මාත් ගොඩ ගියා. මෙන්න ඒ අතුරු කතාව.

    ඔන්න විස්ස විජ්ජාලෙ ඉන්න කොට [ඒ කාලේ තමයි අන්තර්ජන්ජාලේ ලොව පුරා පැතිරෙන සන්දිය] මට සල්ලි හිඟ වෙච්ච වෙලාවක බාර දුන්න ඔය වෙබ් අඩවියක අඩව්වක්. අපේ ලෙක්චරර් නෝනා කෙනෙක් ගෙ ඔන්ලයින් අසයින්මන්ට් [ඒ කාලේ එහෙම එව්ව තිබ්බේ නැහැ - අපේ මැතිනිය පය ම පයනියර් වරියක්] ටිකයි එව්වට ළමයි එවපු උත්තරයි එතුමියගේ විවේචනයි සේරෝම වෙන වෙන ම පිටු හැටියට හදලා බාරදෙන්න.

    ඔය කාලේ වෙබ් කිව්වම HTML විතරයි. අතින් තමයි ලියන්නේ [96 විතර]. හදන ටූල් එක්කෝ තිබ්බේ නැහැ නැතිනම් තිබ්බට කවුරුත් දන්නේ නැහැ. ඉතින් ගෙවීම පේජ් බයි පේජ්. කොටින්ම මට මේක ලැබුනේ අතින් ලියා ගත් හෝම් පේජයක [අනික් සයිට් බලාගෙන කරපු] පට්ට සාඩම්බර හිමිකරුවෙක් [95 දී] වෙච්ච නිසා මං තුමා.

    හැබැයි මගේ ටිකිරි මොලේට පෙනුනා ඔක්කොම ටික එක විදිහේ වැඩක් නිසා ඔටෝමෙට් කල හැකි බව. මං ඒ වැඩේ කලේ එතකොට දන්නා එකම පරි-බාශාව වන "ඒඩා" වලින්.

    පට්ටම පට්ට. දවස් බාගෙකින් වැඩේ සාර්ථක ව නිමකළ මං තුමා එහෙම හැදු පිටු සිය ගණනක් බාර දුන්න. එදා ඒ දවස් බාගෙ වැඩේට මට ගෙව්ව ගාන දවසක් වගේ කාලෙකටවත් තවමවත් ලැබිලා නැහැ. මට පට්ට ආතල්.

    මගේ පුංචි [හොර] වැඩ සටහන මං හොරෙන් වලක් හාරලා වැලලුවා. කොහොමත් ඒ උවමනාව ආයිත් එන්නේ නැහැ [one off task]. ආවත් ඉතින් ඒ කාලේ මං හිතන් උන්න හැටියට මං කලේ පොඩි හොර වැඩක් නෙ. අද නම් ඉතින් ජාවා ස්ක්‍රිප්ට් කියයි. පී එච් පී කියයි [ඔය දෙවෙනි එක නම් ඒ කාලෙත් තියෙන්න ඇති මං නොදැන උන්නට].

    වෙබ් එක ගිය දුරක්.

    හැබැයි එදා ඉඳං අද වෙනකම් මං තුමා හදල නැහැ වෙබ් සයිට් නම්.

    ReplyDelete
  13. ඔය කියන වෙබ් සයිට් එකනම් දැන් ගන්න දෙයක් නෑ තමා :)

    ReplyDelete
  14. @ Hasitha
    ගම ඛන්නා ලා ට, රට ඛන්නා ලා ට වඩා වෙබ් ඛන්නා ලා හොඳ නැද්ද?

    ReplyDelete
  15. @ Weni
    බලාගෙනයි, සිනා සී තරවෙන්න කියලා කියනවා අහලා නැද්ද?

    ReplyDelete
  16. @ මාතලන්
    ඒකනේ මගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකට ලින්ක් එකක් දැම්මේ!

    ReplyDelete
  17. @ පූසා
    චීයා, කියන කතා!

    ReplyDelete
  18. @ Podi Kumarihami
    සමහර දේවල් ගැන කතන්දර ලියවෙන එකක් නෑ කවදාකවත්!

    ReplyDelete
  19. @ බුද්ධි
    ඒක අමුතුවෙන් කියන්නේ මොකටද?
    දැන් අවුරුදු දෙකක් තිස්සේ කතන්දර හාරසීයක් දාලා මං ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවානේ. සතියකට එකක් දැම්ම නම් අවුරුදු අටක් නේද?
    කීප දෙනක් කරන වැඩ තව කොච්චර ලේසි වෙන්න ඕනැද?

    ReplyDelete
  20. @ මධුරංග
    ඇයි ළමයෝ මේ දෙන්න කාල පුරුදු දෙන්නෙක් නේ!

    ReplyDelete
  21. @ ADK කොළුවා
    කියනුම කවරේද?

    ReplyDelete
  22. @ ඕනයා
    අපෝ නෑ, රෂ්මි කියන්නේ හරිම රස්නේ කෙනෙක්!

    ReplyDelete
  23. @ sudheera
    කහඹිලියා නේද? ඒකනේ කට කහන්නේ!

    ReplyDelete
  24. @ Sujeewa Kokawala
    ඔය කියන කාලේ html එඩිටරස් තිබුනා. මට මතකයි සොසේජ් කියලා එකක්. ඇයි නෙට්ස්කේප් ගෝල්ඩ් (සමහර විට 98 විතර)

    ReplyDelete
  25. @ නිශ්
    නිශ් කියන්නේ රශ්(මි)ගේ යාළුවෙක්වත්ද?

    ReplyDelete
  26. පට්ට පට්ට.. :ඩී

    ReplyDelete
  27. ඇත්ත ඇත්ත........ අවුරුදු 2/3 කතන්දර කියන එකත් ලේසි නැ තමා.


    "යුගයේ මහා බ්ලොග්කතා කරු" කතන්දර සූරියාරච්චි.

    ReplyDelete
  28. කතන්දර සූරී;

    තියෙන්නත් ඇති. ඒත් මගේ ටිකිරි මොලේ දැනගෙන උන්නෙ නැහැ. අනික මට ගියේ දවස් බාගයයි නෙ. එඩිටර් කලත් ලියන්නේ අතින් නෙ. මගේ වැඩ සටහන ඔක්කොම ලියල ම දෙනවනේ. අවශ්‍ය එඩිටර් නොවේ පරි-බාශාවක් ඇත්තටම.

    ඇනිවේස්, ඔහොම එව්වා තිබ්බ නම් මැතිනිය ඇයි මට බාර දුන්නේ. එතුමිය ක්ෂේත්‍රයේ ලොකු බුවියක් වෙච්චි.

    කොහොමින් හරි පිටු ඔක්කොම එක වර නොදී ටික ටික ගිහින් දීම තුලින් මම මගේ වෙබ් කන වැඩ සටහන හංග ගත්තා.

    ReplyDelete
  29. @සුජීව,

    හී හී.. ඕන්න මට මතක් වෙනවා අපි ඒ කාලෙ පණ දාගෙන දත කාගෙන HTML ටැග්ස් ලියනවා..අපට තිබ්බෙ නෑ නෙවැ ඔය වගේ ටිකිරි මොළයක්.. :)

    ReplyDelete
  30. බුරෝ;

    මෙහෙමයි. ඒක පිටුවකට නම් ඉතින් කරන්න දේවල් දෙකයි තිබ්බේ. එක්කෝ ලියනවා නැතිනම් වීව් සෝස් කොරලා මද්දහනේ හොරකම් කරනවා.

    මෙතන සීන් එක, මා ළඟ ෆයිල් වර්ග තුනක් ඇත. එක ජාතියෙන් ෆයිල් 100 විතර ඒවායේ තිබේ. මේ ෆයිල් තුන තුන එකතු කර හදන HTML කොටස එකමයි. ඒකම දේ 100 පාරක්. මං ෆයිල් කියවලා වැඩ කරන සාමාන්‍ය "ඒඩා" කෑල්ලක් ලිව්වේ. හැදෙන ෆයිල් සෙට් එකම [දිවංගත] ෆ්ලොපියට පටවා ගොහින් දුන්නා.

    පට්ට පරණ මතක වගේ නෙ. හප්පා මෙව්වයේ තියෙන දූවිලි.

    ReplyDelete
  31. මමත් මෙහෙම හිටියත් වෙබ් කාපු එකෙක් ඒත් මම කැම්පස් යන්න නම් දක්‍ෂයෙක් වුණේ නෑ ! මම මුලින්ම හැදුවේ අපේ ඉන්ස්ටිටියුට් එකේ වෙබ් පිටුව . ඊට පස්සේ අපේ ගමේ හෝටලේක වෙබ් පිටුව අන්තිමේදී

    මට ලැබුනු ලොකුම ගෙවීම තමයි. එකම එක කොත්තු මී එකක් උයලා කන්න දීපු එක , ඒකත් දුන්නේ අර හෝටලේ මැනේජර්

    ReplyDelete
  32. සඳරු;

    එකනේ මං වැඩේ නැවැත්තුවේ. පස්සේ පස්සේ සැලකිලි අඩු උනා.

    ReplyDelete
  33. හොඳටම හිනා උනා. මරු කතාව. වෙබ් එක කාලවත් මේ වගේ ඉතිරි උනා මදැයි.

    ReplyDelete
  34. ඈ හැබෑට ව්ඇඩිපුර දිග ටැග් තියෙන්ට නැතුව ඇති.. ඔය වෙබ් කෑල්ලේ.... උගුරෙ හිර උන්බානම් එහෙම...

    ReplyDelete
  35. කතන්දර කට්ටියගෙම කමෙන්ට් වලට රිප්ලයි කරනවනෙ ලගදි ඉදල... ම්..... මොකද මේ.... ??

    ReplyDelete
  36. @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    වෙබ් කන අය ඇච්ටීඇම්ඇල් උඩින් ජාවාස්ක්‍රිප්ට් හොදියි පීඇච්පී බැඳුමයි දාගෙන තමයි කන්නේ.

    ඩෙසර්ට් එකට ෆ්ලැෂ්.

    අද (ජූලි 24) සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකත් බලන්න.

    ReplyDelete
  37. http://www.facebook.com/groups/170520374022?id=10150245011919023&notif_t=group_activity

    කාකා මේක කලින් දැක්කද නම් දන්නෙ නෑ...........
    කලා කවය ගැන කියලා තියෙන හන්දා මේක වටීවි කියලා හිතනවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.