Wednesday 13 July 2011

ඇති පදං බියර් බොන්න පුළුවන්...!!! - The day I visited Singha Beer factory in Bangkok


මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.

මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.

ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!

තායිලන්තය කියන්නේ වැඩි හරියක් බෞද්ධයෝ ඉන්න රටක් මං අර කම් හෝම් විමලා කතාවේ කිව්වා වගේ. ඒත්, රටේ දකුණු පැත්තේ මැලේෂියාව හරියට වෙන්න මුස්ලිම් මිනිස්සුත් යහමින් ඉන්නවා. අනිත් පැතිවලත් ඉතිං නැතුවාම නෙමෙයි මයෙ හිතේ.

ඔන්න ඉතිං එදා අපි බස් එකකින් ෆැක්ටේරියට ගිහිල්ලා, බියර් මල් ගබඩාවේ ඉඳලා, බෲ කරපු බියර් ගබඩා කරන තැන වෙනකං බලාගෙන, බලාගෙන ගියා. අපිට වැඩ පිළිවෙල කියලා දුන්නේ ෆැක්ටේරියේ ලොක්කා. පොර ජර්මන් කාරයෙක්.

අන්තිමේ දී ප්‍රශ්ණ ඇසීමේ වාරයත් ඉවර වෙලා අපි හැමෝම ගියා ලොකු හෝල් එකකට.

මල කෙලියයි, පිස්සු පීකුදු හැදෙන සඳ, මහ රජ! කිව්වලු.

ඒකේ එක අයිනක මේසයක් උඩ බියර් වීදුරු පුරෝලා. ඒවා පුරවන්නේ නිකං වතුර ටැප් වගේ ටැප් එකකින්.

අපි කෂ්ටියත් ඉතිං වහාම වැඩට බැස්සා.

ඔන්න මං බියර් වීදුරුවක් අතින් අරගෙන ෆ්‍රැන්ක්ෆර්ට් එකක් කකා ඔතන ඉන්නකොට මාව දැකපු අපේ ක්ලාස් එකේ තායි කෙල්ලෙක් මගෙන් අහනවා.

"ආ! යු ඩ්‍රින්ක් බියර්?"

"ඔෆ් කෝස් අයි ඩූ!" මං කිව්වා.

"ඔහ්! අයි තෝට් මුස්ලිම්ස් කාන්ට් ඩ්‍රින්ක් බියර්."

"දැට් මේ බී ටෲ, බට් අයෑම් නොට් මුස්ලිම්. අයෑම් ඒ බුඩිස්ට්!"

"ආහ්! දෙන් ඉට්ස් ඕල්රයිට්."

හොඳ වෙලාවට බුද්ධාගං කාරයෝ වුනේ නේද? බොන්න කිසි ප්‍රශ්ණයක් නෑනේ. සිංහල තලිබාන් ලා වුනත් පන්සල් යන්න සරොං අන්දවන එක හැර වෙනත් කරදරයක් කරන්න එන්නේ නෑනේ.

කොහොම හරි, නිකං බඩු හම්බ වෙච්ච හින්දා අපි එදා ලෙසටම බිව්වා.

ආපහු බස් එකේ එනකොට ශර්මා, මිශ්‍රා (මතකනේ අර හැපි බර්ත් ඩේ කාඩ් එකක් ආපු කෙනා?), නාරායනන් සහ නාගේෂ් එක්ක එකතු වෙලා හින්දි සින්දු කියනවත් ලාවට වගේ මතකයි!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය සිංහ බියර් ෆැක්ටරියට ගිය කාලේ නං අපි සිංහ වංසේ තමයි. දැන් නං මං බියර් බොන්නෙම නැති තරං.

http://www.chelseafc.com/page/LatestNews/0,,10268~2111007,00.html

38 comments:

  1. තායි බියර් තිත්තද ?
    බයිට් වලට මොනවද තිබ්බේ ?
    සිංහල සින්දුවක් ලාවට වගේ කීව මතක නැද්ද ?

    ReplyDelete
  2. සිංහ බියර් බිව්වම සිංහයෙක් වගේ වෙනවද . ඉබ්බා දියට දැම්ම වගේ තියෙන්න ඇති

    ReplyDelete
  3. දැන් බියර් වගේ පොඩි පොඩි ජාති බොන්නේ නැද්ද?

    ReplyDelete
  4. ලාවට වගේ මතකයි කීවෙ තායි බියර් ඔය තරං සැරද ?

    ReplyDelete
  5. කතන්දර අයියේ, බුද්ධාගමේ කොතනක හරි තියෙනවාද බියර් බිව්වට කමක් නැහැ කියලා. ඔය සමහරු පන්සිල් වලින් එක පදයක් විස්තර කරන්නේ "රහ මේර මද පමණින්මැ පමණක් ගනිමි" කියලා.

    ReplyDelete
  6. ඔය සිංහා බියර් ට්රිප් එක එදා වගේම තාම යනවා. මමනම් ගියේ industrial process එක බලන්න නෙමෙයි, wastewater treatment බලන්න. ඔය බියර් කතාව වගේම, Pork කතාවත් තායිලන්තේ ප්‍රසිද්දයි (Can you eat pork? : I am Buddhist, I am from ශ්‍රී ලංකා: Oh really "C" ලංකා , then OK).

    ReplyDelete
  7. Gimhani
    දැන් පාව්ච්චි කරන්නේ බියර් වලට වඩා සැර ජාතිද?

    ReplyDelete
  8. @ Manjula, "ෆ්‍රැන්ක්ෆර්ට්" බයිට් එක කියල තියෙන්නෙ.

    ක.ශු. දැන් බියර් වලින් ගතියකට එන්න බැරිද? රතු පාට වයින් ජාති නරක නැහැ

    ReplyDelete
  9. "දැන් නං මං බියර් බොන්නෙම නැති තරං"
    දැන් බොන්නෙ වැටෙන්නමද?

    ReplyDelete
  10. බොන්න වෙන මොනවත් නැතිම තැන තමයි බියර් එකක් බොන්නෙ නේද ?

    ReplyDelete
  11. තායි කෙල්ල මොකද දන්නෙ නෑ "කකා" මුස්ලිම් කියල හිතුවෙ???

    ReplyDelete
  12. ඉහික්... හැබෑට ඇයිද දන්නෙ නෑ කතාන්දර මාමා මුස්ලිම් කියල හිතුවෙ.. මුකුත් ආපදාවක්වත් වෙලා දෑ?

    ReplyDelete
  13. ඕක තායි විදියටම කියනන්වම් "මුස්ලිම්" නෙවෙයි "මුසලින්". තායි තියරි අනුව දකුණු ආසියාව කියන්නේ "මුසලින්", එතකොට ඒ පෙනුම තියන අය "මුසලින්" කියල තමයි යන ඕනි තැනක ඉන්න අය හිතන්නේ.

    ReplyDelete
  14. ගැත්තාට සමාවන්න, අර කෙල්ල කකා මුස්ලිම් කියලා හිතන්නේ, කලිසම හරියට වහගෙන නෙවෙයිද හිටියේ?

    ReplyDelete
  15. ඇත්තටම මුස්ලින් උන්දෑලාට බියර් බොන්න ආගමෙන් තහංචිද ?
    මම නම් ඒක දනගෙන හිටියේ නෑ.

    ReplyDelete
  16. දැන් ගන්නෙ මක්කැයි කියල පෝස්ට් එකකුත් දැම්මනම්....

    බල්ලොන්ට ගහන ඒවා... දෙවියොන්ට ගහන ඒවා.. එහෙම ගන්නවයි....?

    ReplyDelete
  17. සමාව භාජනයකට දාලා හෝදලා ගන්න... මේ කොමෙන්ටුව කලින් පෝස්ට් එකට..........

    රවුමක් ගහල දැනුයි ගෙදර ආවේ..

    මම පිටරටක ඉන්න කොට අහම්බෙන් තමයි ඔහේගේ බොග් එක දැක්කේ.. ඒ වෙනකම් දාලා තිබුන ඔක්කොම පෝස්ට් කියෙව්ව.. ඒ තරම් රසවත්.. මමත් බොගක් දැම්මෙ ඔහේ නිසා.. ඒකට වතුර එහෙම ඇදල උදව් කලෙත් ඔහේමයි.. මගේ පළමු පොස්ට් එකෙන්ම ඔහේට උපහාරත් පුදකලා.. සිංහල බ්ලොග් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙන නම තමයි.. කතන්දර.. ඒකේ ආයේ දෙකක් නෑ.. ඒ වගේමයි ඔහේගේ මනුස්සකම හා නිර්භීත කම හා කෙලින් කම (රිජු කියල ගහන්න තේරෙන්නේ නෑ)

    සුභ උපන්දිනයක්...!!!!
    සුභ අනාගතයක්...!!!

    මහත්තයෝ................

    ReplyDelete
  18. මුස්ලින් අයට බොන්ඩ තහනම් යැ ! අඩේ අපි ඒක දැනං හිතියේ නෑ නේ .


    අනේ අම්මපල්ල අපිට පින නෑ නේ ඔයවගේ අද්‍යාපන චාරිකාවක් යන්න . අනේ ඉතින් මම ගිහිං තියෙන්නේ පුන්නක්කු කර්මාන්ත ශාලාව , උලු කර්මාන්ත ශාලාව , කැරකොප්පුව . ඔය වගේ දේවල් බලන්න විතරයි.

    ReplyDelete
  19. එහෙනම් දැන් කකාට බියර් වගේ පොඩි පොඩි දේවල් අර නයාට ............ වගේ ඇති නේද....? හිහ්........හිහ්.............

    ReplyDelete
  20. අමාරුවෙන් හරි ලෙසටම බීගත්ත එකනම් වටිනව....අනික නිකන්නේ නේද?

    ReplyDelete
  21. මට නම් පෙන්නේ කකා සිංහල තලිබාන් කාරයින්ට හොඳ කනේ පාරක් ගහලා කියලයි . . . !

    ReplyDelete
  22. ඔය බියර් මොන පාටද ..අයියේ...!!!

    ReplyDelete
  23. බියර් කියන්නෙ මොනවටද ඇත්තට?

    ReplyDelete
  24. සෑර්ටත් තණමල්විල පැත්තේ යාලුවෝ ඉන්නව නං ඉතින් ඔය බියර් වගේ නරක පුරුදු ඉබේම ඇරිල යනවා. ඒකේ වැරැද්දක් නෑ.

    ReplyDelete
  25. "දැන් නං මං බියර් බොන්නෙම නැති තරං."
    දැන් බොන්නෙ විස්කි/බ්‍රැන්ඩි වෙන්ටැ
    ලොල් සහගතයි

    ReplyDelete
  26. කිසිම බීමක් බියර් වගේ ගතියක් නැත!

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. math iyage blog eka godak kal idala kiyawana.patta suba pathanawa....

    ReplyDelete
  29. නොබොන දේවල් ගැන නෝ කතා

    ReplyDelete
  30. ප/ලි: ඔය සිංහ බියර් ෆැක්ටරියට ගිය කාලේ නං අපි සිංහ වංසේ තමයි.

    ...ඊට පස්සෙ මම කසාද බැන්දා!

    -රසිකයා

    ReplyDelete
  31. මමත් දැන් බියර් බොන්නේ ඉදල හිටලා අප්පා.. එකෙයිය ජරාව. මට එපාවෙලා අප්පා... ලොල්..

    ReplyDelete
  32. අපිට කොහෙන්ද එච්චර පිනක්.... අපි ඉතිං හැමදාමත් වයින් ස්ටෝර්ස් වලම තමා...

    ReplyDelete
  33. කළින් පෝස්ට් එකේ කමෙන්ට් එකකින් තුන්වැනි උපන්දිනය සමරන්නෙ නැද්ද කියල අහපුවාම ඉස්සර කාලේ බියර් බීපු හැටි අපට කියන්නෙ ඇයි?

    ReplyDelete
  34. පෝය ඩේ එක්ස්ට්‍රා ඉස්පෙසල් බලන්ඩ ආවේ.... නැ වගේ

    ReplyDelete
  35. @ All
    සියළු දෙනාටම එක උත්තරයක්. වෙන වෙනම උත්තර දෙන්න කාලය හරස් වෙනවා.

    බීම කීම නොබොන අය තරහ කර ගැනීමක්. බීම හොඳ වැඩක් යැයි මං කියන්නේ නෑ. මේ කතන්දරේ බීම ගැන නෙමේ.

    බුද්ධාගමේ තියෙන නිදහස ගැනයි. තම තම බඩ තරමින් බී ගත යුතු!

    සියළු දෙනාටම ස්තුතියි!

    හෙට තවත් කතන්දරයකින් හමුවෙමු.

    ReplyDelete
  36. අද ඉදන් කතන්දර කියවන්නම්කො.අපිට කොහෙද ඉතින් බියර්.ලන්කාවට ආපුවාම තමා

    ReplyDelete
  37. තායි කෙල්ල: "ආ! යු ඩ්‍රින්ක් බියර්?"
    කතන්දර: "නෝ! අයි ඇම් කතන්දර"

    මුස්ලිම් කියල හිතන්න ඇත්තෙ ඒ කාලේ ඉඳන්ම තට්ටේ වෙන්ටැ තිබ්බෙ . . . . සොබාවික "තොප්පිය" නැති හින්ද කෙල්ල හිතන්න ඇති කතන්දර මුස්ලිම් කියල . . . .

    ReplyDelete
  38. කකට බියර් අමුතු දෙයක් වෙන්නෙ කොහොමද ? සිලෝන් බෲවරියට අල්ලපු වත්තෙ කොතළාවල වලව්වෙ කාලයක් බෝඩිං කාරයෙක් වෙච්චකොට !!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.