Wednesday 20 April 2011

කතන්දරකාරයා ගේ සමාජ සේවය - Blogging as a social service for the international traveller


මේක නං පම්පොරියක් නෙමේ. මං අහපු වෙලේ ඇත්තටම බුදු ජොලියක් ගිය කතාවක්.

අර 2009 තිබුණු සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ ගෙට්ටුගෙදර් එකට ආපු සමහර අයට මතක ඇති මං පොඩි බිස්නස් කාඩ් එකක් ප්‍රින්ට් කරලා තියෙන බව කතන්දර බ්ලොග් එකේ ඇඩ්‍රස් එක දාලා. ඒ මුලින් පාර ගහපු 250 ඉවරවෙලා, දැන් අළුතින් 500 ක් ගහලයි තියෙන්නේ.

මං ඕක දන්න දන්න හම්බ වුණාම ඒ අයට දෙනවා ඉඩ කඩ තියෙන විදියට බලන්න කියලා.

සතිෂ් මගේ හිතවතෙක්. පොර දවසක් මට කෝල් එකක් දාලා මෙහෙම කිව්වා.

"මචං, උඹේ කතන්දර බ්ලොග් එක මගේ ජීවිතේ බේරුවා බං!"

"ඒ ඇයි මොකද උනේ? උඹ මැරෙන්න ගියේ මක්වෙලාද?"

"නෑ මචං, තව පොඩ්ඩෙන් මැරෙන්නේ කම්මැලි කමේ. හොඳ වෙලාවට උඹ හින්දා ගොඩ ගියා!"

අහලා බැලින්නං මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

සතිෂ්කාරයා පොඩි බිස්නස් වැඩක ජාකර්තා ගිහින්. ගිය වැඩ ටික ඉවර කරලා, ආපහු එන ගමන් ට්‍රාන්සිට් තිබිලා තියෙන්නේ සිංගප්පූරු එයාපෝට් එකේ. බැලින්නම්, පැය පහක්ම තියෙනවලු කොළඹට එන ෆ්ලයිට් එකට.

පොර මුලින් හිතල තියෙන්නේ ටිකක් නිදාගන්නව කියල පුටුවක් අල්ලගෙන. ඒත් නිදිමතකුත් තිබිල නෑ, කෝපි ම බීලා. නිකං තියෙන ෆුට් මසාජ් එකක් අරගෙන, ටොයිලට් වන්දනාවත් කරලා එහේ මෙහේ සැරිසරන කොට තමයි පොරට මතක් වෙලා තියෙන්නේ එයාපෝට් එකේ තියෙන ඉන්ටර්නෙට් ටර්මිනල් ටික.

හරියටම ඔය වෙලාවේ පොරට මතක් වෙලා තියෙනවා මං දුන්නු කතන්දර බිස්නස් කාඩ් එක. ඒත තිබිලා තියෙනවා වොලට් එකේ ඒ වෙනකොටත්!

ඉතිං සතිෂ් කරලා තියෙන්නේ පැය හතරක් තිස්සේ කොම්පියුටරයෙන් කොම්පියුරටයට මාරු වෙවී කතන්දර බලන එකයි!

මේ දවස් වෙනකොට මං කතන්දර දෙසිය පනහක් විතර දාල තිබුනේ. ඉතිං, එකකට පස්සේ එකක් වැල වගේ කතන්දර බලන එකෙන් තමයි සතිෂ් කම්මැලි කමෙන් මරණයට පත්වීමේ අවදානමෙන් ගැලවිලා තියෙන්නේ. කොහොමටත් මං එක කතන්දරයකින් තව කතන්දර කීපයකට ලින්ක්ස් දාන නිසා වැඩේ තවත් ලේසියි.

ඒ නැතිවුනත් ආකයිව් එකෙන් ක්‍රෝනෝලොජිකල් ඕඩර් එකටම කතන්දර කියවන්නත් පුළුවන්නේ!

දැක්ක නේද මගේ සමාජ සේවය –ෆෝ ද ඉන්ටර්නැෂනල් ට්‍රැවලර්?

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං කතන්දර තුන්සිය පනහකටත් වඩා තියෙන නිසා මං සතිෂ්ට ලඟදී දවසක කිව්වා ඊට වඩා කල් මරන ට්‍රාන්සිට් එකක් වුනත් කරන්න පුළුවන් කියලා.

හැබැයි මං චුට්ටක් විතර පල්ලං පොල්ලක් දාන්නයි යන්නේ ලබන සතියේ ඉඳලා. මේ අවුරුද්දේ මුල ඉඳලාම මං දවසක් හැර දවසක් කතන්දර පල කළා. ඒ වේගය පොඩ්ඩක් විතර අඩු කරලා -මට හිතුණා, සඳුදා ට, බදාදා ට සහ සිකුරාදා ට විතරක් කතන්දර දාන්න.

මතකනේ මගේ වෙන්ට කතන්දර සීයෙන් තාම දාලා තියෙන්නේ කීපයක් විතරයි. දැන් ලැපේ වෙන්ට කතන්දර ලයිස්තුව 140 ක් වෙලා.

(image: http://www.singapore-culture-and-attractions.com/changi-airport.html)

33 comments:

  1. ඒ කම්මැලිකමට බලපු කෙනෙක් නෙව. ජීවිතේ බේරුණ. හොඳයි එහෙනම් කියමු බලන්න, වැඩ කරන තැන් වලින් බැනුම් අහගෙන බ්ලොග් කියවන අයට මොකද වෙන්නේ කියල...

    ReplyDelete
  2. singapore air port computers වල ඊමේල්වත් කියව ගන්න බැරි උනා මට. සිංහල අකුරු වෙනුවට තිබුනේ කොටු, කොටු. කොහොමද කතන්දරගේ යාලුවා 'කතන්දර' කියවලා තිබුනේ.

    ReplyDelete
  3. ලැප්ටොප් එක පරිස්සම් කරල තියාගන්න. මුකුත් වෙන්න දෙන්න ඒපා.

    ReplyDelete
  4. ඉන්ටර්නැෂනල් ට්‍රැවලර්ස්ල විතරක්ද ඔය කම්මැලි කමෙන් මියෙදෙන්න යන්නෙ ඇයි සමහර වෙලාවට මම. එතකොට ඉතිං කතන්දරගෙ පිහිට තමයි.මම හිතන්නෙ මම කතන්දරගෙ හැම කතන්දරයක්ම දැනට අඩුම ගානෙ දෙපාරක්වත්වත් කියවල තියෙනව මම කතන්දර බ්ලොග් එක බලන්න අරන් වැඩි කාලයක් නැතුවට. මම හිතන්නෙ කතන්දරගෙ සමාජ සේවය ඔය ඉන්ටර්නැෂනල් ට්‍රැවලර්ස්ලට මට වගේම තව අම්බානෙක අයට සෙත සලසල ඇති.

    ReplyDelete
  5. කතන්දර අයියා සමාජ සේවකයෙක් උනේ ලියලා විතරක් නෙමේ නේද? මම ඇතුළු තව කොච්චර දෙනෙකුට ලියන්න උදව් කරලා තියෙනවද? ඔබේ පහසුව තමයි. ඒත් මගේ කිසිම කැමැත්තක් නෑ ඔය පල්ලම් පොල්ලට, වෙන්ට කතන්දරත් ගොඩක් තියෙන එකේ :)

    ReplyDelete
  6. මටත් කම්මැලිකමක් දැනුනු ගමන්ම කරන්නේ බ්ලොග් අවකාසේ පීනන්න යන එක ..ක:කා ගේ කතන්දර සෑහෙන්න මමත් කියවලා තියනවා ..තුන්සිය පණහක් තියනබව දන්නේ දැනුයි ..ඒ කියන්නේ මට මිස් වෙච්ච කතන්දරත් වැඩියි... බලන්න ඕන ඒවත්

    @පොඩි කුමාරි = SETT Unicode decoder

    ReplyDelete
  7. දැං එතකොට කතන්දර එන්නෙ දෙවියො වඩිනව වගේ . . . .????

    ReplyDelete
  8. @සොඳුරු සිත
    ඉන්ක්‍රීමන්ට් එක නවත්තන්න ඕනෑ!

    ReplyDelete
  9. @Podi Kumarihami
    කොටු රූල් ලෙඩේට හොඳයි කොඩ්ලිවර් ඔයිල්.

    ReplyDelete
  10. @miuranga
    අපොයි බයවෙන්න එපා නිතරම බැකප් ගන්නවා.

    අනික වෙන්ට කතන්දර ලයිස්තුව දිගට තිබුණට, රෙඩි-ටු-පබ්ලිෂ් ඩිරෙක්ටරියේ තියෙන්නේ කතන්දර දහයකට අඩු ගාණක්!

    ReplyDelete
  11. @පොඩි man
    අහන්නත් සන්තෝෂයි පොඩි පුතා!

    ඔයා ලොකු වෙනකම්ම මං කතන්දර ලියන්නංකෝ!

    ReplyDelete
  12. @ හරී - පිණිපළස

    ස්තුතියි මතක් කළාට, මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුව 100 ඉඳලා 105ක් වුනේ ඒ වගේ වැඩ හින්දා තමයි.

    ඒ කියන්නේ දැන් මට ඒ ගැන ලියන්න පර්මිෂන් තියෙනවා වගේ. මුලින් කිව්වේ ලින්ක් එකක්වත් දාන්න එපා කියලනේ. මං තාම දැම්මේ නෑ.

    ReplyDelete
  13. @හිස් අහස
    කල් අරගෙන බලන්න. හදිස්සියක් නෑ.

    ReplyDelete
  14. @ඕනයා

    ඕනේ
    ආනේ
    තේරුනේ
    නෑනේ

    ReplyDelete
  15. කතන්දර මාර පොරක්නේ. ජීවිතයක් බේරන් තියෙන්නේ කතන්දර කියලම. මේකත් කතන්දරයක්මද දන්නේ නෑ...

    ReplyDelete
  16. හිහි.. ඔන්න ඔහේ ඕන එකක් ලියන්න අයියා. එහේ බෝම්බ වලටත් බේරිච්චි එකේ තව මොනා වෙන්නද? හාමුදුරුවොයි, මල්කාන්තියි නොබලන තාක් කල් මං ඉඳී :D

    ReplyDelete
  17. අය්යෝ... ඔය තරම් ගණන් උස්සන්නේ නැතිව හැමදාම කතන්දරයක් දාන්න

    ReplyDelete
  18. මමනම් මේ කතන්දර ඔක්කොම වගේ කියවලා තියෙන්නේ. දැන් තමයි ටික ටික වෙලාව මදි වේගෙන එන්නේ බ්ලොග් කියවන්න.... :(

    ReplyDelete
  19. නරකද ලංකාවෙ රේල්වේ ස්ටේෂන් වලත් ඉන්ටනෙට් ටර්මිනල් දැම්මනං.
    එතකොට කෝච්චිය පරක්කුයි කියල මිනිස්සුන්ට ‍තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  20. කතන්දර සය්ට් එකේ මගේ මුල්ම කොමෙන්ටුව
    ඔබල අහලා ඇති කුෂ්වන්ත් සින්ග් කියන ඉන්දියානු ජනමාධ්‍යවේදිය ගැන
    ඔහු තමය ප්‍රසිද්ධ ලාස්ට් ට්‍රෙන් ටු පකිස්තාන් ලියුවේ
    ඔහු 1950 දශකයේ මුල ලන්ඩන් නුවර ඉන්දියානු මහා කොමසාරිස් කර්යාකයේ තොරතුරු නිලධාරි ලෙස සේවය කළා
    ඉතින් පන්ඩිට් නේරු ( එවකට ඉන්දියානු අග්‍රාමාත්‍ය) ලන්ඩන් නුවරට ඒමට සිතුවා පොදු රාජ්‍ය මණ්ඩලීය සැසිවාරයට
    සින්ග් මේ වෙනුවෙන් විශේෂ සමරු කලාපයක් කරන්න තීරණය කළා
    ඉති මේ කලාපයේ බනෙර් හෙඩ්ල්ය්න් එක වුනේ "Pandit Nehru Comes to London "
    නමුත් නේරු එන්න කලින් දවසේ තමය මේක ප්‍රින්ට් කරන්න ඉංගිරිසි ජාතික ප්‍රෙස් එකකට දීල තියෙන්නේ
    හැබය් ප්‍රින්ට් වෙලා ආපු එක දැක්කහම සින්ග් ට තරු පෙනුන
    මොකද ඉංගිරිසි කාරය දන්නා පන්ඩිට් කෙනෙක් නැහැනේ
    ඉතින් ඔහු ප්‍රින්ට් කරලා තියෙනෙන් " Bandit Nehru Comes To London " කියලා
    මේ වගේ රස කතා ගොඩක් කුෂ්වන්ත් සින්ග්ගේ ස්වයන් චරිතාපදානේයේ බලන්න පුළුවන්

    ReplyDelete
  21. @ Priyantha
    @ Zigzag
    @ කොට ජීවිතේ

    ස්තුතියි. කතන්දර නං තියෙනවා. වෙලාව තමයි අඩු.

    ReplyDelete
  22. @Praසන්ன

    මරු අදහස.

    මාත් කතන්දර ලියන්නේ කෝච්චියේ එන එන කොට තමයි. මොබයිල් මෝඩම් එකෙන් බ්ලොග් කියවනවා සමහර දාට.

    ReplyDelete
  23. @The American

    වෙල්කම් කිව්වා එහෙනං!

    ඔය සිද්ධියෙන් පස්සේ වෙන්න ඇති පන්ඩිට් කියන වචනේ ඉංගිරිසි ශබ්ද කෝෂයට එකතු වුනේ නේද?

    http://dictionary.reference.com/browse/pundit

    ReplyDelete
  24. සිංගප්පූරුවෙ එයාපෝට් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට සිංහල බ්ලොග් බලන්න පුළුවන් වුණාට කටුනායකනම් එහෙම නෑ. කටුනායක ෆ්‍රී ඉන්ටනෙට් තියෙන කොම්පියුටර් වල සිංහල යුනිකෝඩ් කියල නාමයක්වත් නෑ. සිංගප්පූරුවෙ එයාපෝට් එකේ කොම්පියුටර්ස් වලට සිංහල යුනිකෝඩ් දැම්මෙ කවුද කියල හොයල බලන්න වටිනවා

    ReplyDelete
  25. @All
    මේ යුනිකොඩ් කතාවේ බොරුවක් නෑ.

    සිංගප්පූරුවේ දී මේ වැඩේ වුනයි කියලයි මට සතිෂ් කිව්වේ. මං හිතන්නේ ඕනෑම වින්ඩෝස් 7 මැෂිමක යුනිකොඩ් තියෙනවා කියලයි.

    ReplyDelete
  26. @Chanaka
    කටුනායක එයාපෝට් එකේ තියා රට ඇතුලේ නෙට් කැෆේ එකකවත් තියෙනවද යුනිකෝඩ්?

    ReplyDelete
  27. @All
    Thanks all.

    සඳුදා, බදාදා සහ සිකුරාදා කතාවලට අමතරව ඉරිදාට පොඩි චුච්ටං කතාවක් (මයික්‍රෝ) දාන්නත් අදහසක් ආවා! බලමු, බලමු.

    ReplyDelete
  28. වින්ඩෝස් 7 තියෙයි නම් සිංහල පේනවා , මේම මම යසට සිංහල ලියන්නෙ යුනිකේත වෙනම නොදා . මට නම් කෝච්චි වල නොයන නිසා කල්මැරිල්ල වැඩි පුරම එපා වෙලා තියෙන්නෙ දොස්තරල ගාවදි . කතන්දර කියවන්න ලැපක්වත් අරන් ගියා නම් හරි කියල් හිතෙනවා

    ReplyDelete
  29. එහෙනං කතන්දරත් ලයිෆ් සේවර් කෙනෙක් ඈ..... හැබෑටම අර මනුස්සයට ප්ලේන් එකකටවත් බෙල්ල තියන්න හිතෙන්න නැතුව ඇත්තෙ ක.කා හන්ද වෙන්නැ. :D

    ReplyDelete
  30. මෙහෙම බලද්දී කසූ බ්ලොග් එකේ උඩින්ම "සමාජ සේවය පිණිසයි" කියලා දාගත්තට වැරැද්දක් නැහැ වගේ............

    ReplyDelete
  31. කතන්දරත් බිසී සමනල විප්ලවය ලියන ලේකකයත් බිසී උබල දෙන්නාම එක්කෙනෙක්ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.