Friday 29 October 2010

මැදපු කමිස මොකුත් නැත!


ඔන්න දැන් අවුරුදු එකසිය පනහකට විතර කලින් ඇමෙරිකාවෙ ජනාධිපති වෙලා හිටිය ඒබ්‍රහම් ලින්කන්ව මුණ ගැහෙන්න ගියාලු දන්න අඳුනන පොරක්. ඒ යනකොට මෑන් සපත්තු කුට්ටමක් පොලිෂ් කර කර ඉන්නවලු!

මේක දැකපු හිතවතා ඇහැව්වලු ලින්කන්ගෙන් ආ, ඔහේම ද ඔහේ ගේ සපත්තු පොලිෂ් කරන්නේ කියල.

ලින්කන් ගත් කටටම කියල තියෙන්නේ ඇයි ඔහේ පොලිෂ් කරන්නේ කාගේ සපත්තුද කියලයි.
(මේ දෙන්නම දකුණෙ කට්ටිය හොඳේ? ඒකයි ඔය ඔහේ ඔහේ කියල කතාකරන්නේ).

මං ඔය කතන්දරේ කිව්වෙ වෙන කතන්දරයක් කියන්නයි.

ඔන්න මං දැන් අවුරුදු කීපෙකට කලින් රාත්‍රියක ගියා යාළුවෙකුගේ ගෙදර. මං යනකොට පොර දාඩිය දාගෙන ඇඳුම් මදිනවා. මාව දැක්ක ගමං පොර කියාපි "දැං ඉතිං අපිට මේවත් කරගන්න වෙලානේ!" කියල.

මං මුලින් හිතුවෙ පොර මේ කියන්නේ කලින් වයිෆරේ රෙදි මැදල දුන්න, දැන් මංඩලේ කචල් එකක්ද කොහෙද හින්ද පොරටම රෙදි මැදගන්න වෙලාය කියල. පස්සෙ බැලින්නං මේකයි. අපේ මෑන් එච්චර වෙනකං සතියේ ගමං බිමං වලට, වැඩට, අඳින රෙදි ටික සෝදල මද්දගෙන තියෙන්නේ ලොන්ඩරි සේවයකින්.

පුදුම වෙන්න දෙයක් නෑ. මේ තමයි අර කෝක් වානා කතාවේ මං ලියපු යාළුවා!

ලින්කන් ගේ කතාව අනිත් පැත්ත හරෝලා "ආ! ඔහේ මදින්නේ ඔහේ ගෙම රෙදිද? මම නං මදින්නේ අනුන් ගේ රෙදි" කියලා කියන්නේ නැතුව මං කිව්වේ මෙන්න මෙහෙමයි.

"මම නං රෙදි මැදපු කාලයක් මතක නෑ!"

ඒ කතාව බොරුවක් නෙමේ අමූලික ඇත්ත.

ඉඳල ඉඳල කතන්දර හාමිනේ බැගෑපත්ව ඉල්ලා හිටියොත් එතුමිය ගේ 100% කොට්න් බ්ලවුස් රාජිණියක්ව මං මැදල දෙනව. ඒ මිසක් අපේ ගෙදර නං, මම් තුමාවත්, හාමිනේවත් රෙදි මදින්නේම නෑ. මැදපු කමිස, කලිසම්, බ්ලවුස් ආදී ඇඳුම් අඳින්නෙත් නෑ.

කොටින්ම මගේ මැදපු කමිස මොකුත් නෑ!

ඔය උඩ තියෙන ෆොටෝ එක බලන්නකෝ. එකක්වත් මැදලා නෑ.

මේ කතන්දරේ කියවන හැමදාම මැදපු ඇඳුම් අඳින අයට අපි දෙන්නා හොඳ ආදර්ශයක් වේවි මයෙ හිතේ.

හොඳටම රෑ වුණා. මේ ගැන වැඩි විස්තර දවස් දෙකකින් විතර ලියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරේට මං දීල තියෙන ටොපික් එක කලින් අහල තියෙන අය මෙන්න මේකත් අහල ඇති.

මේ බල්ල බන බදා දාතු නටවා රිය පොලට එනවා.

36 comments:

  1. හිකිස්.. පට්ට ටයිටල් එක...

    ReplyDelete
  2. එහෙනං කතන්දරට තියෙන්නේ බදාදා තුනට වාරියපොල ගිහින් උන්දෑව හම්බවෙන එක තරයි..හැබැයි ඉතින් ඔවා හාමිනේ දැනගත්තොත් අර මැද්දෑවට තවත් මොකුත් කියෙන විදියට අංගෝපාංග වෙනස් කිරීමකට ලක්වෙන්නත් බැරි වෙන එකක් නැහැ..
    ඔන්න අපිනං නැහැ ඔවාට...

    ReplyDelete
  3. හාපෝ මම බයවුනු තරම. මම හිතුවේ මැදපු කමිස මුකුත් නැහැ කියලනේ.

    ReplyDelete
  4. ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර වල සෝදන රෙදි පොඩි වෙන්නෙ නැහැ. මේත් එහෙම වැඩක්ද?

    ReplyDelete
  5. ලින්කන් දකුණේ නෙවෙයි උතුරෙ කෙනෙක්. ලින්කන්ට දකුණෙන් චන්ද හම්බ වුනේ නති තරම්. කොහොම හරි උතුරෙ චන්ද වලින් ලින්කන් දිනුවට පස්සෙ උතුරයි දකුණයි අතරෙ ඇති වෙච්ච යුද්ධෙ තමයි ඇමරිකානු සිවිල් යුද්ධය

    http://en.wikipedia.org/wiki/American_Civil_War

    ReplyDelete
  6. කතන්දරට කවද ඉඳලද ඔව නැතිවුනේ හැබෑටම !.

    ReplyDelete
  7. මම තේරුම් ගත්තෙ මෙහෙමයි. අපේ කතන්දරටයි එයාගේ හාමිනේටයි මාස තුන හතරකට සෑහෙන ඇඳුම් තියෙනවා. එක සැරේම මාස ගානටම මැදලා තියනවා. ඔය උඩ තියෙන පින්තූරෙත් කමිස 50 ට වැඩියෙ තියෙනවා මගේ හිතේ. හික්.

    ReplyDelete
  8. අපෝයි වෙච්චදෙයක්.....
    (මං කිව්වේ කමිස ගැන හොදේ)

    ReplyDelete
  9. මං හිතන්නේ සිල්ක් රෙදි වලින් මහපු ඇදුම් තදා කකා අයියා අදින්නේ.මම හරිදෝ.....????
    "ඉඳල ඉඳල කතන්දර හාමිනේ බැගෑපත්ව ඉල්ලා හිටියොත් එතුමිය ගේ 100% කොට්න් බ්ලවුස් රාජිණියක්ව මං මැදල දෙනව...."
    කියපු එක හොදම ඉඟිය...
    කොට්න් මදින්නේ නැතිව අදින්න බෑනේ...(අදින්න පුළුහන්...අපිටනම් අවුලක් නෑ..ඒත් ඉතිං සමාජෙට ඕක ලොකු අවුලක් වෙනවනේ...මේකා ඇදුමක් මැදලා අදින්නේ නෑ කියලා...හික්ස්)
    කකා අයියගේ වැඩෙත් එල...ලයිට් බිලත් ඉතුරුයි නෙවැ....හික්ස්..

    ReplyDelete
  10. අම්මෝ.ඔච්චර කමිස ගොඩක් මොකටද ඈ?මට නම් මගේ ඇඳුම් මදිවට ගමනක් යද්දී අම්මගෙයි තාත්තගෙයි,පෙළක් වෙලාවට අයියලගෙයිත් ඇඳුම් මදින්න වෙනවා :( හරි අසාධාරණයි

    ReplyDelete
  11. මට නම් හරියට ක්ලික් උනේ නැහැ. කසු ඇඳුම් ඇත්තටම මදින්නේ නැද්ද? නැත්නම් මොකක් හරි වෙන meaning එකක්ද?

    ReplyDelete
  12. Eka tamai nahaya loku

    ReplyDelete
  13. මමත් ඇඳුම් මැදල ඇඳපු කාලයක් මතක නෑ.
    කසූ හොඳටම ෂුවර්ද මැදපු කමිස මොකුත් නෑ කියලා.. මට නං නිකං අවුල් අවුල් වගේ...

    ReplyDelete
  14. රෙදි මදින එක නම් මට එපාම කරපු දෙයක්

    ReplyDelete
  15. මම පොඩි උදවුවක් ඉල්ලන්නවා, දන්න කෙනෙක් කියලා දෙන්න. සින්ඩියේ ටොපික්ස් බලද්දි අපිට නිතරම එක බ්ලොග් එකක (දන්නෝ දනිති.) පොස්ට්ස් ස්කිප් කරල (හෝ හය්ඩ් කරලා) බලන්න ක්‍රමයක් දන්නවද ? මොකද කියනවනම් එක්තරා බ්ලොග් එකකට ගියත් වෑදගත් ලිපි නැති බැවින්. සින්ඩියේ වැටෙන ටොපික් එකේ අන්තර්ගත වචන කිහිපයම පමණයි පොස්ට් එකේ තිබෙන්නෙත්. මෙය විවිද පුවත් (වචන කිහිපයකින්) දිනකට පොස්ට් ගනනාවක් ලෙස දානවා. එතකොට අනිත් අය අමාරුවෙන් ලියලා දාන පෝස්ට්ස් වලට නියම අවධානයක් යොමු වීම වලක්වනවා. එක්කො සින්ඩියෙන් දිනකට එකකට වඩා දාන පොස්ට්ස් එකට එකතු වෙන්න ක්‍රමයක් හදල දෙනවනම් පහසුවක්

    ReplyDelete
  16. මම දැකල තියෙනවා කතන්දර පොඩි රැල්ලක් වත් නැති ලස්සනට මැදපු සේද ඇදුම් ඇදන් ඉන්නව. ඇත්තම කියනව නම් ඒ පින්තූර දැක්කම හිතෙනවා කතන්දර කොයි තරම් ලස්සනට අඳින කෙනෙක් ද කියල.

    කාන්තාවන්ට නම් සාරිය, ඔසරිය තරම් ලස්සන ඇදුම් වෙන නැහැ නේ.

    පලි කොටසින් තමයි මුලු කතාවම තේරුම් ගත්තේ... හැබෑට මුකුත්ම නැත්තම් යන්න කෝ කටු ගෙට....

    ReplyDelete
  17. බෝම්බෙකටවත් අහු උනාද හැබෑට?

    ReplyDelete
  18. මේබල් ලබන බදාදා තුනට වාරියපොලට එනවා.

    හික්ස්....වත් අක්කිගේ කොමෙන්ටුව දැක්කට පස්සෙයි ක්ලික් වුනේ....
    ලොලේ ලොල්ස්....

    ReplyDelete
  19. නියමයි... වත් නියම උපදේසය දීලා තියෙනවා කසූට...

    ReplyDelete
  20. Ano,

    කෙනෙක් මහන්සි වෙලා ලියන එක ඔයාට බලන්න බැරි නම් නිකන් ඉන්නකෝ අනෙක් අයට කරදර නොකර.

    ReplyDelete
  21. වත්,

    අනේද කියන්නේ!

    ReplyDelete
  22. රතු කමිසෙ කෝ ... ඒක මෙතන නැහැ නේ...

    ReplyDelete
  23. එතකොට මේ කතාව ඇතුලත්මුදලි මහත්තයට සම්බන්ධයක් නෑ?

    ReplyDelete
  24. මටත් අල්ලන්නේම නැති වැඩක් තමා ඇඳුම් මදින එක. ඒත් මක්කා කොරන්නද ?

    ReplyDelete
  25. හය්යෝ මගේ කොමෙන්ටුව බලධාරියා කපලා දාලා

    ReplyDelete
  26. දැන් ගණුදෙනු මේබල් එක්ක ආ.....අනේ වාසනවන්.

    කශු rear gate පැත්තෙ ගියෙ නැත්ද?
    ගෙයි වැඩ කොහොමද?

    ReplyDelete
  27. මගෙන් වෙනදට අරකටයි මේකටයි විද්‍යාත්මක හේතු අහන චානක අරුණ මුණසිංහට මේ අභියෝගය.

    'ඇඳුමක් මදිනවාය' කියන ක්‍රියාවලිය විද්‍යාත්මකව පහදන්නේ කොහොමද?

    මෙන්න කතන්දර සූරීන්ට අභියෝගය.

    පුළුවන්නම් ඊළඟ පෝස්ට් එක කරන්න මට මේ වගේ විද්‍යාත්මක හේතුවක් අහන්න ඉඩක් නැති ටොපික් එකකින්.

    ReplyDelete
  28. කවුද දන්නෙ කතන්දර අයියා coat එකක් දාල වෙඩට යනවඩ කියලා. එතකොට කමිසෙ පෙන්නෙ නැහැනැනෙ. :)

    ReplyDelete
  29. ඇයි

    ලාම් පුරේ පෙයාර් කෙරේ........

    හින්දි පිල්ම් එකක් නෙමෙයි නෙ

    ReplyDelete
  30. _______ නැත්නම් ශොක් යකා
    කව්ද කිවුවලු

    ReplyDelete
  31. I Love Kathandarakaraya කියල එකක් තිබුනනේ. ඒක දැන්න නැද්ද?

    ReplyDelete
  32. @ Taboo Subjects

    අයණීකරණය කිරීමේදී ධන අයන, ඍණ අයන සෑදී ඒවා විකර්ෂණය වීම නිසා තමයි ඔය සංසිද්ධිය ඇති වෙන්නෙ.

    ReplyDelete
  33. @Taboo
    රෙදි මැදීමේදී සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය බොහොම ලස්සනට පැහැදිලි කරල තියෙනවා විකිපීඩියාවේ,

    http://en.wikipedia.org/wiki/Ironing

    @කකා
    හැබෑට මැද වෙන මොකුත්ම නැත්නම් තියෙන එක හරි ප්‍රයෝජනේට ගන්න එපැයි

    ReplyDelete
  34. කතන්දර : "මැදපු කමිස තුන නැත" කියල පාර්ලිමේන්තුවට ගහපු බෝම්බෙන් තුවාල උන ඇමති තුමෙක්, පිට රටක ඉදල එතුමගෙ තත්වෙ විමසල ටැලිගැරෑම් එකක් එවපු එතුමගෙ හාමිනේට රිප්ලයි එකක් යැව්වලු.
    ඔය කියන ඇමති තුමාගෙ නම මම දැක්ක උඩ එක කොමෙන්ට් එකක තියනව
    ප.ලි. : "සූර තල්මසුන් විකීනීමට ඇත" කියල හංදියෙ ඇකියුරම් එකේ බෝඩ් එකක් ගහල තිබුනලු . . .

    ReplyDelete
  35. මාත් ඔය කතාව මුලින්ම ඇහුවේ පාර්ලිමේන්තු බෝම්බ සිද්ධිය සම්බන්ධව තමයි. මොනවා වුනත් ඉතින් කතන්දර මහත්තයට තියෙන්නේ ඇඳුම් මදින ප්‍රශ්නෙ විතරයි කියල දැනගන්න කල් මාත් අකම්පාල වෙලා හිටියෙ. මොනව වුනත් මනුස්සයෙක්නෙ නේද? :D :D

    ReplyDelete
  36. හරියට හරි කකා මේක තමා කතාව මමත් කියපු...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.