Thursday 21 January 2010

පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්


නිවාඩුවට ගමේ ගිහින් ඇවිල්ල තාමත් ඇඟ පත රිදෙනව. හෙම්බයි, කැස්සයි දෙකම. ඉතිං ලොකු ලොකු කතන්දරවලට යන්න කලින් 2010 කතන්දර බ්ලොග් එකට සරල ආරම්භයක් ලෙස හිතුන පොඩි පොඩි විහිළු කතා දෙක තුනක් ලියන්න.

නෑගම් ගිය දවසක කතන්දරකාරය ගේ නැන්ද කෙනෙක් තමයි මේ කතා කිව්වෙ. මේව එයාට කියල තියෙන්නෙ පාසලක උගන්වන යාළුවෙක් මයෙ හිතේ. ඇත්ත වෙන්න ඇති කියල හිතනවා.

මේවා එක අතකට මෝඩ පහේ ජෝක්ස්. ඒත්, මේ දිනවල බ්ලොග් අවකාශයේත්, ටී.වී. වලත්, පත්තරවලත් තියෙන දේශපාලන කන්දොස්කිරියාවෙන් ගැලවෙන්න හැකිනම් - මොකටද කොලිටි බලන්නේ?

1. පහ වසරේ බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයෙන්ඃ

ප්‍රශ්ණයඃ සිදුහත් "ගිහි ගෙය" හැර ගියේ ඇයි?
පිලිතුරඃ ගෙවල් කුලී ගෙවා ගැනීමට නොහැකි වූ නිසා.

2. එම ප්‍රශ්ණ පත්‍රයෙන්මඃ

ප්‍රශ්ණයඃ බුදු රජුන් පලමුවර "ලක්දිවට" වැඩම කළේ කුමක් සඳහාද?
පිලිතුරඃ ලී බඩු මිලට ගැනීම සඳහා

3. සිංහල ප්‍රශ්ණ පත්‍රයෙන්ඃ
ප්‍රශ්ණයඃ ට්‍රැක්ටරයක් කතා කරයි යන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න.
පිළිතුරඃ
ක්ලික්, ක්ලික්, කීස්, කීස්.
ට්ර්, ට්ර්, ට්ර්.
බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්.
බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, ට්ර්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රම්, ට්ර්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, ට්ර්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, ට්ර්, බ්‍රම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්.

කතන්දරකාරයා

ප/ලි 1: "ට්‍රැක්ටරයක් කතා කරයි" රචනාවේ පොඩි අඩුපාඩු තියෙනවා. ඇත්තම එක ඔයිට පොඩ්ඩක් වෙනස්. සමාවෙන්න.

ප/ලි 2: කටුබැද්දේ ලක්දිව ෆර්නිෂින් යනු ඒ දිනවල ප්‍රසිද්ධ ලී බඩු සාප්පුවකි.

20 comments:

  1. මේ දවස් වල පොලිටික්ස් ගැන කතා කරන බ්ලොග් ලිපි දෙකක් විතර බැලුවනං මොන්ටිසෝරි ජෝක් පවා බලාගන්න පුළුවන්. ඒ නිසා මෝඩ ජෝක් වීම සේප්! ;)

    මේක කියවලා ඇත්තටම හිනා... :D (1 සහ 2 අතර සම්බන්ධය මරු)

    ReplyDelete
  2. මං. හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. මානුෂිකයි. ජාතිවාද නෑ. රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර

    ආ යකෝ එහෙමනම් උම්බ ආගම් වාදියෙක් වෙන්නඇති. ‍බෞද්ධ දර්ශනයට නිග්‍රහ කරන්න ඒක උම්බේ අම්මගේ බුදලේද??? ‍ සෙවල පෙරන්න‍ නැතුව සමාව අරන් post එකක් දාපන් පාහාරය....

    මටත් තියෙනව විහි‍‍‍ළු කථාවක් කියන්න ජේසුස් වහන්සේ 100 වරට උම්බේ ගෙදර වැඩියේ කුමකටද ???

    හි හි හි...

    ReplyDelete
  3. හාහාහා.. 1 වෙනි උත්තරේ නම් මරේ මරු... තව නැද්ද මේ වගේ ශෝට් ඇන්ඩ් ස්වීට් කතා?

    ReplyDelete
  4. කතන්දර කියෙව්ව. හොඳයි.

    ReplyDelete
  5. ‍කෙටි යෙදුම් වල තේරුම ලියපුවත් තියෙනවානේ
    රා.සේ.පි. - රාබීපු සේරම පිරිමිය.
    ලං.වි.ම - ලංඋනොත් විදල මරණවා.

    ReplyDelete
  6. විහිළුවට වුණත් බුද්ධ ධර්මය හෝ වෙනත් කිසිම ආගමක් විහිළුවට ලක් කරන්න එපා..ඒව මහ පහත් ගණයේ විහිළු. ඒවට හිනා යනවනම් ඒ අයත් ඒ තත්ත්වයටම වැටුණු අය තමයි

    ReplyDelete
  7. සමහර විට මගෙ අදහස මෙහි පළ වෙන එකක් නැහැ. ඒත් ලියපු ඔබ නැවත ඒ ගැන සිතා බලන්න. මේවත් විහිළුද?

    ReplyDelete
  8. @ඇනෝ
    ඔව් මේව විහිළු නෙමේ, අඬන්න ඕනැ දේවල්.

    ඔය මුල් කතා දෙක විභාග ප්‍රශ්ණ පත්තරේකට උත්තර විදියට ලියල තිබුණ ඒව කියල තමයි නැන්ද මා එක්ක කීවේ.

    ළමුන් ගේ දැනුම, ඉගැන්වීම ගැණ තමයි අඬන්න ඕනෑ.

    ReplyDelete
  9. @ ඇනෝ නංගී වෙත,

    නංගී ගේ කොමෙන්ට් දෙක ගැන මං මගේ වෙනිං නැන්ද කෙනෙකුම මේ දැන් කිව්වහම එයා කිව්ව තවත් ජොලි කතාවක්.

    මේක රත්නපුර පැත්තේ ඉස්කෝලෙක එකක්.

    බුද්ධාගම ප්‍රශ්ණ පත්තරේට තිබිල තියෙනව මෙන්න මේ ප්‍රශ්ණය.

    "සිද්ධාර්ථ කුමාරයා බුදු වීම කෙටියෙන් විස්තර කරන්න."

    මෙන්න උත්තරේ එක කොල්ලෙක් ලියල තිබුණු.

    "සුද්දෝධන කුමරා බිසොව දමා ගෙදරින් නික්මී ගුරුන් දෙතුන් දෙනකු ලඟ ඉඝෙනුම ලැබ අවසානයේ තටමලා, තටමලා, තටමලා, අන්තිමේ දී යාන්තම් බුදු විය."

    මේක ලියපු කොල්ලා අපායේ යයිද?

    මේ පිළිතුර බලා ඇසේ සැමියා සමග කියු ගුරුවරිය අපායේ යයිද?

    ඒ කතාව තම ඔෆීසියේ කියු සැමියා අපායේ යයිද?

    කතාව මා සමග කියු මගේ නැන්දා අපායේ යයිද?

    කතාව යුනිකෝඩ් කර පල කළ මා අපායේ යයිද?

    අනේ මන්දා?

    සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක් නේද?

    -KK

    ReplyDelete
    Replies
    1. කතාන්දරයෝ...
      අපායේ යන්නේ නෑ කියපු පලියට...
      අපාය අමතක කරමු..ඒත් අවබෝධය නිසා අකුසල් ‍රැස් වෙනවා..
      ඒක සමහර විට හේතුවක් වෙයි තමන්ට වෙනත් අකුසල් කිරීමට..
      ඇත්තට අර පොඩි එකාට නම් වැඩි අකුසලය නැතුව ඇති..
      ඌට අවබෝධයක් නෑනේ බුද්ධත්වය ගැන..(මට නම් ඌට වඩා තියන්ව කියල සහතිකයි..)
      දහමට අනුව නම් ඔය විහිලුව විතරක් නෙවෙයි, මේ blog 1ත් ලාමකයි නේ...නේද?
      ඒත මම ඒ ලාමකත්වට ඇලිලා වගේ...
      ඒකෙන් වින්දනයක් ලබනවා..
      හැබැයි කවුරුහරි මතක් කරල දෙනකොට ඒක ගැනත් කල්පනා කරනවා.....
      අනිත් අයත් එහෙමද දන්නෙ නම් නෑ...

      Delete
  10. හිනා වෙන්න පුලුවන්. නමුත් හිනා වෙන්නේ අපටම නේද? මොනම හේතුවක් නිසාවත් ආගම ජාතිය කුලය යනාදිය පදනම් කරගත් දේවල් විහිළුවට ලක් කරගන්න එපා.මේවා නිසා බොහෝ දෙනෙකුගේ සිත් රිදෙනවා.

    ReplyDelete
  11. @ Ano October 27, 2011 9:45 PM
    ජාතිය ගැන කතා කීරිම එකකි, ජාතිවාදීවීම ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

    ආගම ගැනද එසේය.

    ලිඳේ ඉන්න කොට මේවා පේන්නේ නෑ. පොඩ්ඩක් ගොට ඇවිල්ල බලන්න.

    මේ කතන්දරේ තියෙන ගිහි-ගෙය හැරයාම සහ ලක්දිවට පැමිණීම කතන්දර දෙකද, මං කමෙන්ටුවල් ලෙස දමා ඇති තටමලා, තටමලා බුදුවීම කතාවද සත්‍ය කතා බව මට විශ්වාසයි, ඒ ඒ කතන්දර මට කියූ අය ගැන ඇති විශ්වාසය නිසයි.

    අපි දුක් විය යුත්තේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ගැනයි.

    මේ කතා ගොතපු කතන්දර වුනත්, විහිළුවක් සහ අපහාසයක් අතර වෙනස තේරෙන්නේ නැත්නම් ඒකත් තමන් ලබා ඇති අධ්‍යාපනයේ අඩුපාඩුව ගැන නිර්ණායකය් මිස වෙනකක් නොවේ.

    තමන්ට අපහාස කරන්නට ආ බමුණන්ට බුදු හාමුදුරුවෝ කියා ඇති දේවල් ගැණ කතන්දර අහලා නැද්ද?

    ඝණසාරප්ප දිත්තේන
    දීපෙන තම ධං සිනා
    තිලෝක දීපං සම්බුද්ධං
    පූජයාමී තමෝනුදං

    මෝහන්ධකාරය දුරුවේවා!

    ReplyDelete
  12. තමන් කැමති පාට කන්නාඩි දාගෙන ලෝකේ දිහා බලන්න කාටවත් තහනමක් නෑ.. එත පාට කන්නාඩි දාගෙන බලන අය මතක තියා ගන්න ඕන තමන් බලන්නේ පැහැදිලි දැසකින් නෙවෙයි කියලා..
    ජය කතන්දර.. මේකත් එල..

    ReplyDelete
  13. මේ කතා ටික අහලා, ම‍ගේ 90 වයස් සම්පූර්ණ වුණු ආච්චි අම්මත් හිනා වුණා....මේ comment ටික අහලා ඊටත් වඩා හිනා වුණා....
    මට තියෙන ප්‍රශ්නේ මේකයි......... ආගම ගැන ඇත්තටම දුක්වෙලා, ශුද්ධ වූ යුද්දෙකට ආපු ඇනෝ දිව්‍ය ලෝකේ යයිද?

    ReplyDelete
  14. කබුරුහරි මේක කියෝලා ආගමට හිනහ වෙනවා නම් ඒක තමයි අප්සට් එක. නැතුව මේ ලියපු එකේ අප්සට් එකක් නෙමෙයි. මේක ලියපු කෙනා ලියල තියෙන්නේ බුදු දහමට අගෞරව කරන අදහසකින් නෙමෙයි නේ. ඒක නිසා ඒක එහෙම හිතන ඒක වැරදියි. මේ රටේ ඔයිට වඩා ආගමට අගෞරව වෙන දේවල් නැද්ද? අන්න එතනයි ප්‍රශ්නේ.. ඒ දේවල් ගැන කතා කරන්නේ කවුද?

    ReplyDelete
  15. චාටර් ඕයි තමුසේ
    අම්මගේ වැරැද්ද පුතා
    තාත්තා පූජකයෙක්ගෙ හොර ශොට් එකක් උබ

    ReplyDelete
  16. Thalamus budhagamata agawrawa karan nathuwa wena jokes thammoth narakadha ?

    ReplyDelete
  17. Mee post eka meloo rahak na

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.