Tuesday 19 January 2010

හොලිඩේ එක ඉවරයි - කතන්දර බ්ලොග් එක ලඟදීම නැවත ඇරඹේ...!!!


කතන්දරකාරය උනත් ඉතිං මනුස්සයෙක් නෙ. කතන්දර කියලම කට රිදෙන නිසා පොඩි නිවාඩුවක් ගන්න හිතුණ.

පසුගිය මාසයක පමණ කාලෙදි කතන්දර කීම අඩපණ වුනේ ඒ හින්දයි.

නිවාඩු කාලෙදි - රට වටේ ඉන්න නෑදෑයො බලන්න ගියාට අමතරව තව පොඩි වැඩ දෙකක් කරගන්න පුළුවන් වුනා.

1. දෙසැම්බර් 19 දා තිබුණු SBU සුහද හමුවට සහභාගී විම.

එතෙනට ආපු අයට මතක ඇතිනෙ මගෙ T-shirt එක? නොගිය අය වුනත් දකින්න ඇතිනෙ photos?

2. රාජකීය විද්‍යාලයට ගිහින් "අසෙනිය කුසුම 2009" උත්සවයෙදි මට හිමිවුනු - "හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය" සඳහා වූ සම්මානය ලබා ගැනීම.

(මෙතෙන්දි නම් photos ගන්න බැරිවුනා.) මෙන්න සම්මානයේ photo එකක්.



තව දින දෙකකින් විතර ආයෙ කතන්දර "ජොබ් එක" පටන් ගන්නයි අදහස!

කතන්දරකාරයා

6 comments:

  1. නියමයි නියමයි...!!!

    ReplyDelete
  2. ඇති යන්තම් අපි මේ CIA, FBI, KBG, IRA ඔය ඔක්කොටමයි තව කීප තැනකටයි භාර දෙන්න හැදුවේ හොයාගන්න බැරුව. අරුණි ශපිරෝ සහෝදරීට කියල අන්ජනමකුත් අරින්න කට්ටියක් ලෑස්ති උනා.

    ReplyDelete
  3. නියමයි පටන් ගන්න. සුබපැතුම්...

    ReplyDelete
  4. ඇති යන්තම් යහතින් ඉන්නව
    මම හිතුව සුදුවැන් එකකින් කොහෙවත් එක්ක ගිහින්ද කියල :)

    සම්මානෙට සුභ පැතුම් !!!

    දිගටම ක‍රගෙන යන්න, ජය වේව !!!!

    ReplyDelete
  5. ela ela . . . onna eehnam ayeth supurudu paridi honda hoda katandara ayeth apita ahanna ah na kiyawanna labenawa . .. . . elakiri . . .

    ReplyDelete
  6. නියමයි..අළුත් කතන්දර අහනන් බලා ඉන්නවා ;-)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.