Wednesday 16 September 2009

ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද? - අවලාද වලට පිලිතුරු

මං කතන්දර බ්ලොග් එක පටන් ගත්තේ පොඩි පොඩි ජොලි කතා ටිකක් ලියා බලන අය සමග මගේ ජොලිය බෙදා ගැනීමට මිස වාද බේද හදා ගන්නට නෙමෙයි.

නමුත් ඉතිං ඕවා වලක්වන්නට බැරි දේවල් ය.

මගේ අරක්කු ඕනා - කෝක් වානා කතාව සමහරුන් ට ඇල්ලුවේ නැත.

පෙරේදා පල කල ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද? කතන්දරයට ද අවලාදයක් නැගී ඇත.

එකම එක චුට්ටං මල්ලී කෙනෙකු ගේ සිත රිදී ඇත. එයා ගේ සිත කොච්චර රිදුනාද කියනවා නම් කමෙන්ට්ස් තුනක් ම දමා ඇත. මේ දරුවා තවමත් පාසැල් යන –- ඔබ සැම ට අනුමාන කළ හැකි පරිදිම – ශිෂ්‍ය නායකයෙකි.

වරද මගේ ය. මං ලියන්නට ගියේ ඉස්කෝලේ යන කාලයේ මට සිටි යාළුවෙක් ඌට ශිෂ්‍ය නායක කමක් ලැබුණු පසු වෙනස් වූ හැටි ගැනය. නමුත් වැඩිපුර ලියවී ඇත්තේ කතන්දරය නොව අතුරු කතාය. මගේ මත වාදයන් ය.

ශිෂ්‍ය නායකයෙකු වන දිලංක මාධව දරුවා මගේ ලිපිය හරි හැටි වටහා ගෙන ද නැත.

මගේ මතය තවමත් නිවරදි වේ. ශිෂ්‍ය නායකයින් යනු විදුහල්පතිගේ, විනය භාර ගුරුවරුන් ගේ උවමනාවට අනුව වැඩ කරන ඇම්බැට්ටයින් මිස පොදු ශිෂ්‍යයින් ගේ නායකයින් නොවේ. සැබෑ ශිෂ්‍ය නායකයින් පත්විය යුත්තේ ශිෂ්‍යයින් ගේ නාම යෝජනා ස්ථිර කිරීමෙන් සහ අවශ්‍ය නම් ඡන්දයෙන් නොවේ ද?

දිලංක මාධව දරුවා ට දුක හිතී ඇත්තේ තමන් ගේ පාසැල වෙනුවෙන් පෙනී සිටීමට ඔහු අවංකවම කැප වී ඇති හෙයිනි. එහි වරදක් නැත.

නමුත් සමහර පාසැල් වල ඔය නායක කම් වලට පත්වීමේ දී ද අමානුෂික වද හිංසා දෙන බව කුප්පියාවත්තේ පාසැලේ සිසුවා ගේ බ්ලොග් එකෙන් මට වැටහිණි.

මා උසස් පෙල ඉගෙන ගත් මරියකඩේ පාසැලේ ද ඕවා තියෙන්නට ඇත.

මේ නායකයින් යැයි කියාගන්නා රැල "ශිෂ්‍ය පොලිස්" ලෙස හැඳින්වූවා නම් මේ අවුල සිදු නොවේ. ඒ නම ඔවුන් ගේ නියම රාජකාරිය සෑහෙන්න හොඳින් විස්තර කරයි. අවශ්‍ය නම් කාකි කමිස කලිසම් යුනිෆෝම් එකක් ද දිය හැක.

කතන්දර කාරයා

kathandara@gmail.com

19 comments:

  1. Still, I don't agree with this statement of yours:

    මගේ මතය තවමත් නිවරදි වේ. ශිෂ්‍ය නායකයින් යනු විදුහල්පතිගේ, විනය භාර ගුරුවරුන් ගේ උවමනාවට අනුව වැඩ කරන ඇම්බැට්ටයින් මිස පොදු ශිෂ්‍යයින් ගේ නායකයින් නොවේ. සැබෑ ශිෂ්‍ය නායකයින් පත්විය යුත්තේ ශිෂ්‍යයින් ගේ නාම යෝජනා ස්ථිර කිරීමෙන් සහ අවශ්‍ය නම් ඡන්දයෙන් නොවේ ද?

    Ain't that plain generalization. You should have at least said "samahara shishya nayakayan". Not all of them are such, and not necessarily them has to be chosen by a vote. If the principal and the staff are genuinely concerned about the well being of the institution, they will appoint able prefect who in turn will do their bid.

    ReplyDelete
  2. ඔය ශිශ්‍ය නායකයන්ගේ කථාව සහතික ඇත්ත.. පිරිමි පාසැල් වල විතරක් නෙවෙයි.. කාන්තා පාසැල් වලත් ඕක ‍ඔහොමම තමයි.. අහම්බෙන් හොද උන් ඉන්නවා තමයි.. හැබැයි බහුතරය දිය යටින් ගින්දර ගෙනියන වර්ගයේ අය.!

    ReplyDelete
  3. රංබංඩා17 September 2009 at 18:53

    කුප්පියාවත්ත පැත්තෙ තියන අපේ ඉස්කෝලේත් තත්ත්වය ඕකමයි. ගුරු මණ්ඩලේ කැමැත්තට තමයි ඔය තනතුරු හම්බ වෙන්නෙ. ඕක හම්බ වුනායින් පස්සෙ ආයේ ඉගන ගන්න වෙලාවක් නැහැ. වැඩි හරියක් තියෙන්නෙ "පොලිස්" වැඩ කරන්න. ප්‍රිෆෙක්ට් රූම් එකාට ගිහිල්ල නිකං වෙලාව නාස්ති කරන එක තමයි ඊලඟ වැඩේ. ඔය ඈත පලාත් වල ගුරුවරු, ඉස්කෝලෙ ලමයින් ව ගන්නෙ, තමන්ගෙ ගෙවතු වගාව කර ගන්නෙ එහෙම. නගරෙදි වෙන්නෙ, ප්‍රෙෆෙක්ට් කමක් දීල, කඩේ යවා ගන්න එක. මේක අහුඹු සිද්ධියක් generalize කරනවා නෙවෙයි, මං දැකපු ජෙනරල් තත්ත්වය.

    තමං ගෙ පාසලට සේවයක් කරන්න, මල්ලිලා නංගිලාට තියන උවමනාව අගය කරනවා. කල්පනා කරල බලන්න පාසලටයි, රටටයි, තමන්ටයි උපරිම සේවයක් කරන්න පුළුවන් පාසැල් අධ්‍යාපනයෙන් උපරිම පතිපල අර ගෙනද, නැත්තං අවුරුද්දක් දෙකක් ප්‍රිෆෙක්ට් කං කරල, ඉගනීම අඩාල කර ගෙනද කියලා. නායකත්වය ගැන පුහුණුවක් ලැබෙන වා තමයි, නමුත් වැඩියෙන් ම ලැබෙන්නෙ "පියන්" වැඩෙ ට පුහුණුවක්. පාසල් බලධාරින්ගෙත් යුතුකමක් පියුන් මහත්තරු බඳවා ගෙන, ප්‍රිෆෙක්ට්ලත් ඉගන ගන්න බාධා නොකිරීම.

    ReplyDelete
  4. No. I don't think it's generalization. He is correct.
    For example let's think about a Union Leader (Wurthiiya samithi nayakaya). He's selected by the workers to represent the workers and get what workers want from the organization. By applying the same logic prefects (Shishya nayakaya) should be selected by students to represent the student body to get what students need (like new equipments for the lab, new desks and chairs) from the school/principal/teachers. They should take a lead role and complain to to principle if majority of the students think a teacher is not doing his duty well.
    Now lets look at the prefects we have in our school. They are basically lap dogs of the principal and nothing but teacher's pets. They don't tell teachers and principal what students need, instead they make students do what ever teachers and principals want them to do.
    Whether they play a valuable role in maintaining the discipline or not that's not the question. The problem is the word "Shishya Nayaka", when in reality they are just "Shishya Police".

    ReplyDelete
  5. "සැබෑ ශිෂ්‍ය නායකයින් පත්විය යුත්තේ ශිෂ්‍යයින් ගේ නාම යෝජනා ස්ථිර කිරීමෙන් සහ අවශ්‍ය නම් ඡන්දයෙන් නොවේ ද?

    Ain't that plain generalization. You should have at least said "samahara shishya nayakayan". "

    Again it's not generalization, coz all the prefects are appointed by the administration, and the general student body doesn't have a say in it.

    ReplyDelete
  6. හාපෝයි.... මෙන්න මගේ කමෙන්ට්ස් ගැන බ්ලොග් පෝසට් එකකුත් දාලා...
    :)
    හරි හරි කමක් නෑ.හැබැයි මගේ නම නොදා හිටියනම් හොඳයි.කමක් නෑ.(මල්ලි කියලත්,දරුව කියල තියෙන නිසාත් අයියා කියන්නද,අංකල් කියන්නද කියලනම් තේරෙන්නේ නෑ. :) )
    :)
    කුප්පියාවත්තේ පාසැලේ සිසුවා ගේ බ්ලොග් එක ලින්ක් කරනවද පුළුවන්නම්.මම ඒ ලිපිය දැක්කේ නෑ.

    කොහොම හරි අයියේ මම දාපු කමෙන්ට්ස් නිසා මාත් එක්ක තරහ වෙන්න එපා.මගේ හිතට රිදුණ බවනම් ඇත්ත.ඒකට කමක් නෑ.අනිත් එක වරදක් අයියා පිට පටවන්නත් බෑ.මොකද සමාජය ශිෂ්‍ය නායකයන් ගැන තියෙන ආකල්පය ඔයා කිව්වටත් වඩා දරුණුයි.මොකද සමාජය වෙලාවකට ශිෂ්‍ය නායකයන් දෙස බලන්නේ "වැඩ බැරි,පාසලේ වැඩ අතපසු කරගන්නා අය "හැටියටයි.
    එක පැත්තකින් බැලුවහම අයියගේ තර්කයත් හරි.මොකද "සැබෑ ශිෂ්‍ය නායකයින් පත්විය යුත්තේ ශිෂ්‍යයින් ගේ නාම යෝජනා ස්ථිර කිරීමෙන් සහ අවශ්‍ය නම් ඡන්දයෙන් නොවේ ද?"කියන එකත් ඇත්ත.
    හැබැයි කාරනය මේකයි.මොකද පත් කරන එක තියෙන්නේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් අතේ.(මෙතනදී මම විදුහල්පතිතුමාට සහ ගුරුවරුන්ට වරද පටනවනවා නෙවෙයි.)ඒ කාරණය මත ශිෂ්‍ය නායකයන්ට වරද පැටවීම වැරදියි.
    අපේ පාසලේනම් කැමති අයට අයදුම් කරන්න පුලුවන්.එහිදී හැමෝවම ඉන්ටවිව් කරනවා.පස්සේ එයාගේ සුදුසුකම් බලලා ලකුණු දෙනවා.ඊට පස්සේ ගුරු ඡන්දයක් තියනවා.ඔය කාරණා ඔක්කොම ඉවර වුනාට පස්සේ වැඩියෙන්ම ලකුණු ගන්නා අය තමයි තේරෙන්නේ.
    මමනම් ඒ ක්‍රමයේ වරදක් දකින්නේ නෑ.මොකද අයදුම්කරුට විනිවිද පේන විදිහට කටයුතු කෙරෙන නිසා.
    ඒ නිසා අයියා මේ ගැටළුව ගැන දකින කෝණයයි,මම දකින කෝණයයි වෙනස් වෙන්න පුළුවන්.ඒ නිසා සමහර විට මගෙන් වරදක් වුනා වෙන්න පුළුවන්.එහෙනම් සමාවෙන්න.

    ReplyDelete
  7. "If the principal and the staff are genuinely concerned about the well being of the institution, they will appoint able prefect who in turn will do their bid."

    Again this proves my point. They are looking for the well been of the institute not the students, just like a factory owner is looking for the well been of the factory and not the workers.

    The incident at the Museuse is a good example of this. They were more interested in maintaining the Utopian society image of the school rather than the well been of the student.

    If you look at the "Shishya Nayaka" of a university they used to (not anymore, now they are just JVP puppets, but that's another whole story) represent student body fighting for hostels, better lecture halls, etc ... In the history of SL have you heard a single school prefect do that.

    ReplyDelete
  8. ශිෂ්‍යය නායක කමෙ බල තල වලින් ඔලුව ඉදිමුනු අයත් අපේ ඉස්කොලෙත් උන්නා සමහර තැන්වලදි ඔවුන් ගුරුවරුන් අබිබවා යන්න පවා උත්සහ කරනවා. බල තල අනිසි විදියට භවිතා කරපු අවස්ථා පවා තියෙනවා.

    ReplyDelete
  9. ශබ්දකෝෂයට අනුව prefect යන වදනේ තේරුම විය යුත්තෙ, "ශිෂ්‍ය පාලක".

    "ශිෂ්‍ය නායක" යන පරිවර්තනය වැරදියි.

    Monitor ටත් "පන්ති නායක" කියන්න එක වැරදියි. "පන්ති නිරීක්ෂක" වගේ වචනයක් තමයි හරි යන්නෙ.

    ReplyDelete
  10. මම ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. එහේ හිටපු ශිෂ්‍ය නායකයෝ පත් වෙන්නේ උසස් පෙළට පස්සේ. නමුත් පත් වෙන අය ගැන නම් ලොකු ප්‍රශ්න තිබුණා. ඉස්සර ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට හරිම ලේසියෙන් ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන් උනත් උසස් පෙළින් ලංකාවෙන් පළමුවෙනියාට එහෙම වෙන්න ඉඩක් තිබුණේ නැහැ. පසු කාලීනව උසස් ප්‍රතුඉඵල ගත් අයටත් ශිෂ්ය නායක පට්ටම් දුන්නා.

    මේ ශිෂ්‍ය නායකයන් අතර ඉතාම විනයගරුක අය හිටියා. ඒ වගේ කෙනෙක් "මල්ලී කෑ ගහන්න එපා" කීවිට බොහෝ දෙනා කටවල් වසා ගෙන සිටියා. නමුත් අන්තිම ත්‍රාඩ රැළකුත් මේ අතර සිටියා. මොවුන්ගේ ගණන්කාරකම් වැඩිපුරම තිබුනේ සා.පෙළ. පන්ති වලට. මෙබඳු අයෙක් "මල්ලී කෑ ගහන්න එපා" කී විට කුණු හරුපයකින් සංග්‍රහ කිරීමට සමහර රාජකීයයෝ පුරුර්දුව සිටියේ මොවුන්ගේ අමන ක්‍රියා දරා ගැනීමට අපහසු බැවිණි. වරක් මෙබඳු අයෙක් පැමිණ එක් සිසුවෙක් පුටුව උඩ නංවන ලදි. එවිට පංතියේ සියළු සිසුන් මේස උඩ නැග විරෝධතාව පළ කළහ. මෙබඳු ත්‍රාඩයන් ශිෂ්‍ය නායකයන් වීමට කළ යුත්තේ මොකක් හො ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයකු වීම, විශය බාහිර ක්‍රියාකාරකම් වල යෙදීම, කැඩෙට් කෙනෙක් වීම ආදී කරුණුයි. මුන් කුඩු ගහනවාද, බඩු ගහනවාද, බොනවාද යන්න ශිෂ්‍ය නායකයන් තෝරන ගුරු භවතුන් දන්නේ නැත. නමුත් ඒ බව සිසුන් හොඳාකාරවම දනී. එවැනි ඊනියා ශිෂ්‍ය නායකයන් කරන්නේ ගුරුන්ට කඩේ යාමම පමණි.

    ReplyDelete
  11. I do not agree with the suggestion of 'Kathandarakaraya'about appointing prefects from popular vote of fellow students.

    Every body can see what has happened to out country as a result of popular vote.

    If popular vote was the means of appointing prefects in our days at Mariyakade School (late 70's), students who had the support of 'mariyakade gangs' would have become the prefects very easily.

    Imagine the situation after 30 yrs, in which the 'Dr.Silvas' rule the world.

    Democracy works only in Kathandarakarya's world. Not in our part of the world. The status quo is not perfect but better than the unkwon devil.

    'Messa' (not 'mee')

    ReplyDelete
  12. I just felt like commenting on this one as I was a prefect of my college.I even felt really bad when about Prefects when I was in my O/L classes.But to understand the reality you have to be a prefect and feel the real situation.And In my college my colleagues had their say when appointing prefects.I got it merely based studies while some people got it because of their excellence in sports.I have to say that stint as a prefect at my college shaped my life a lot and I gained a lot being a one.I know many students were mad at us for punishing them,but now when they are in the society,when they meet us they always greet us mentioning the discipline that the college gave them.So I don't know how many people commented here have the experience of been a prefect,if not its some what hard to criticize like that.Mind you thing are different from school to school.I'm really proud to say at my college St.Anthony's College Kandy we always able to maintain good discipline with the help of prefects and college always give the due respect about that fact.

    This is just a thought as this is a testing time in Sri Lankan society where discipline is lacking significantly....so lets just try to embed that quality from the college days it self to make the society that we live a better one.

    ReplyDelete
  13. පිහියක් වගේ කථාවක්....

    200% ක් එකඟයි කථාන්දර කාරයාගේ කියමනට...

    මේවා අපේ එක්ස්පීරියන්ස්...

    ReplyDelete
  14. සචින්තගේ කමෙන්ට් එකට වගේම කතන්දරකාරයගෙ අදහසටත් මම සම්පූර්ණ්යෙන් එකඟ නෑ. දෙන්නම එක්තරා විධියකට අන්තගාමියි කියල මට හිතෙන්නෙ. අපිට ඔය ක්‍රම දෙකේම සංකලනයක් හදාගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි කියල හිතෙනවා.

    අපේ දහම් පාසලේ මම ඔය වගේ ක්‍රමයක් ආරම්භ කලා. අපි ශිෂ්‍ය නායකයො තේරුවෙ ලකුණු ක්‍රමයකට. 40% ශිෂ්‍ය ඡ්න්ද, 40% ගුරු ඡන්ද, ඉතුරු 20% විභාග සහ අනෙකුත් ක්‍රියකාරකම්. අදටත් ඒක එහෙමම සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙනවා.

    ඔය සියල්ල පිටිපස කතන්දරයක් තියෙනවා. මම නිවාඩු වෙලාවක කතන්දරකාරයට ලියල එවන්නම්. හොඳනම් පල කරන්න.

    ReplyDelete
  15. ඔය ප්‍රිෆෙක්ට් පට්ටම තේරෙන කාලෙ ඉන්දන් මටනම් ත්යෙන ගැටලුව තම..ඕක ලැබෙන්න කලින් හරිම නිහතමානී..මිත්‍රශීලි අය...පට්ටම ලබුනම..ලොකු ඔලු තියෙන..අඩි 10ක් විතර ඉහලින් ගමන් යන අය වෙන්නෙ කොහොමද කියල...

    ReplyDelete
  16. ඔය ප්‍රිෆෙක්ට් පට්ටම තේරෙන කාලෙ ඉන්දන් මටනම් ත්යෙන ගැටලුව තම..ඕක ලැබෙන්න කලින් හරිම නිහතමානී..මිත්‍රශීලි අය...පට්ටම ලබුනම..ලොකු ඔලු තියෙන..අඩි 10ක් විතර ඉහලින් ගමන් යන අය වෙන්නෙ කොහොමද කියල...

    ReplyDelete
  17. "සැබෑ ශිෂ්‍ය නායකයින් පත්විය යුත්තේ ශිෂ්‍යයින් ගේ නාම යෝජනා ස්ථිර කිරීමෙන් සහ අවශ්‍ය නම් ඡන්දයෙන් නොවේ ද?"

    ඒත් මහජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්නේ සැබෑ නායකයින් ද ??? ශිෂ්‍යයන්ගේ ඡන්දයෙන් ශිෂ්‍යනායකයෝ පත්කරන්න යාමත් 100% සාර්ථක ක්‍රමයක් නොවෙයි. එතකොට දක්ෂයින් වගේම ගණන්කාරයොත් පත් වෙන්න පුලුවන්. ළමයි ගණන්කාරකම් වලට බයේ ඡන්දේ දෙන්නත් පුලුවන්. උදාහරණ අමුතුවෙන් ඕනේ නෑ නේ. ලංකාවේ මහජන නියෝජිතයෝ පත්කරගන්න තියෙන ඕනෙම මැතිවරණයකදී හුගක් වෙලාවට වෙන්නේ ඕකනේ.

    ReplyDelete
  18. ඔන්න එහෙනම් මාත් සෙට් උනා අපේ කතන්දර ශුරීන්ගේ බ්ලොග් එකට බ්ලොග් එකේ නමින්ම කමෙන්ට් කරන්න...........උබ කියලා තියෙන දේවල්වලට 99.99% කුත් තව 0.01% කුත් එහෙම්මම දෙන්න පුළුවන්.

    අනික බං උන් ප්‍රදාන ඔලුකරයව (Head Prefect) තෝරන්නේ පන්දමට පක්කිලි කම් වලට හොදම ගොඩක්ම සල්ලි තියන බුවාවනේ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.