
මුල කාලෙම මං අංකල් ල ගෙ කතා කිහිපයක් ම ලිව්ව එකේ ඇන්ටි ල ගැන නොලියා හිටියොත් ඒ ගොල්ලො තරහ වෙයිනෙ. ඒ හින්දයි මේ කතන්දරය ලියන්න හිතුවෙ.
ඇත්තටම කියනවනං ගමේ ගොඩේ පුරුද්දටයි ඇන්ටි කියන්නෙ. පොෂ් විදියට කියන්න ඕනෙ ආන්ටි කියල නේ. ඔය නම් දෙකම ඉස්සර ගමේ ඉන්න කාලෙ නං භාවිතා උනේ නෑ. නෑකම ටයි හිතවත් කමටයි දෙකටම කිව්වෙ නැන්ද කියලයි. පුංචි අම්මල, ලොකු අම්මල, කුඩම්මල, මහම්ම ල වෙනම හිටිය. ඒ අය නෑයො වෙන අය. ඉංගිරිසියෙන් නං ඒ සේරම ඇන්ටි ලා, එහෙම නැත්තං ආන්ටි ලා තමයි.
ඉතිං කතාව කියන්න නම් පුළුවනි. හැබැයි, මුලින් ම ලොකු අනතුරු හැඟවීමක් කරන්න තියෙනවා. මේක කියවල පපුවෙ අමාරු හෙම හදාගන්න එපා. සත්‍යය කටුකයි කියන එක මතක තියාගෙන කියවන්න.
ජාතිවාදී කලබල වලින් පස්සෙ අනාථ වෙච්ච දෙමල මිනිස්සු කට්ටියක් මහා විද්‍යාලෙ කඳවුරක් දාල රඳවල තිබුණ. දවසක් මේ ලඟින් ගිය අපේ කතා නායිකා ඇන්ටි ඒ ගැන මෙන්න මෙහෙම තව කට්ටියක් එක්ක කියනව මට ඇහුණ.
"මං අද කෑම්ප් එක ලඟින් යන කොට දැක්ක අර දෙමල හැතිකරේ ගාල් කරල ඉන්නව. කාලකණ්ණි. මුංව මොන එකකට ආරක්‍ෂා කරං ඉන්නනවද මංද? එලෝල දාන්නෙ නැතුව යාපනේ ට ම."
"මං දැක්ක එතන පොඩි පොඩි දෙමල පැටවුනුත් ඉන්නව. මට හිතුණ ඇත්තටම, අපේ පොඩි එවුන් ව දාල ටොකු ඇණල මරංඩයි ඕනැ කියල එවුන්ව."
"සර්පයො පොඩි පැටියොයි කියල විස අඩුයි යැ!"
මේ කියන ඇන්ටිට ඒ කාලෙ අවුරුදු පහක විතර පොඩි දරුවෙකුත් හිටිය. දෙවෙනි දරුව බඩේ.
විශ්වාස කරන්න පුළුවන්ද? අමාරුයි නේද?
අනිත් කාරණේ තමයි, මේ සිද්ධිය වුනේ, අද ඊයෙක නෙමේ. අවුරුදු 26 ක ට කලින් 1983 දී.
මේ ඇන්ටි ගැන වෙනත් කතාත් වෙනත් ඇන්ටිල ගැන තවත් කතාත් ලියන්න පුළුවන්. නමුත් මේ කතන්දරේ එක්ක සසදන කොට ඒව නිකං හුලං විස්කෝත්තු වගේ කතා. ඒ හින්ද ඒව වෙනම ලියන්නම්.
එතකං බලන්න කෝ අංකල් ල ගැන ලියපු කතා.
අංකල් නම්බර් වන්.
අංකල් නම්බර් 2 සහ නම්බර් 3.
කතන්දරකාරයා http://kathandara.blogspot.com/
I am now in Facebook.