Wednesday 19 March 2014

මැදිවිය ද තරුණය! නමුත් අද තරමක් දුක හිතුණු දවසක් - Death of a blogger


මාස කීපයකට කලින් දවසක මං කතන්දරයක් ලිව්වා අර අමරසිරි පීරිස් ගේ "හන්තානට පායන සඳ" සින්දුවේ රිවර්ස් ඇක්ෂන් එක ගැන.

දවසකට විතර පස්සේ මං වෙන බ්ලොග් එකක මාතෘකාවක මේ ගැන කියවෙනවා දැකලා ඒ මොකක්ද කියා බලන්න ගියාම තමයි මුලින්ම "මැදි වියද තරුණය!" කියන බ්ලොග් එක ඇස ගැටුණේ.

ඒ බ්ලොග් එකේ දුරු රටක ඉන්න මැදිවියේ පිරිමියෙක් ලංකාවේ ඉන්නා තමන් කාලෙකට ඉස්සර ලව් කරපු නමුත් දැන් විවාහක ඉස්කෝලේ හාමිනේ කෙනෙකුට ලියන ලියුම්වල අනුසාරයෙන් කියවුණේ තරමක දුක්බර ආදර කතාවක්.

මේ බ්ලොග් එක ලියපු පීටර් වරින්වර කතන්දර බ්ලොග් එකේත් කමෙන්ට් කළා මට මතකයි. ඒ කමෙන්ට්ස් නිසා මට තේරුණා පීටර් කියන්නේ ඇමරිකාවේ පදිංචි දොස්තර කෙනෙක් බව.

මං මැදිවියද තරුණය බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මාම පීටර් ඒක ගැනත් කියලා තමන්ගේ පරණ ඉස්කෝලේ හාමිනේට තවත් ලිපියක් ලිව්වා.

කාලෙකට පස්සේ අළුත්වෙන ආදරයක් ගැන කියවෙන සින්දුවක මං පීටර්ට යැව්වාම, පීටර් ඒක තමන්ගේ ඉස්කෝලේ හාමිනේට බලන්න බ්ලොග් එකේ දාලා තිබුණා!

මාස හයකට පස්සේ අද ඒ බ්ලොග් එකේ පලවෙලා තියෙන්නේ දුක්බර පුවතක්.

මේ කාලය තුල තමන්ට වැළදිලා තිබුණු පිළිකාවෙන් පීඩා විඳිමින් සිටි දොස්තර පීටර් මිය ගිහින්.

මරණය කාටත් පොදු දෙයක්. හැබැයි අකාල මරණ නම් කවදත් දුකක්. සනත් විජේවර්ධන ගේ මරණයෙන් පස්සේ මේ බ්ලොග්කාරයෙකු ගේ මරණයක් ගැන අහන්න ලැබෙන මුල්වතාව නේද? සනත් ගේ මරණය ගැනත් පීටර් සටහනක් දාලා තියෙනවා.

පීටර් ඔබ සමාදානයේ සැතපේවා!

-කතන්දරකාරයා

ප/ලි:
තදෂී නොගුචි කියන ජපන් නවකතාකරුවා සිංහලෙන් ලියපු ලියුම්වල ආධාරයෙන් කියවෙන නවකතාව කියවලා තියෙනවාද? මට මේ පීටර්ගෙයි, ඉස්කෝලේ හාමිනේගෙයි කතාව කියවන කොට මතක් වුනේ ඒ නවකතාවයි.

ඇත්තටම මැදිවිය කිලා කියන්නේ මොන වයස් සීමා කාලයද? මෙන්න මගේ සිතුවිලි.

http://kathandara.blogspot.com/2014/03/what-is-middle-age.html

(image: http://vimeo.com/41999827)

59 comments:

  1. ඔහු කොමෙන්ට්ස් හෝ හිට්ස් බලාපොරොත්තුවෙන් නොලිව් බව කියා තිබුනත් දැන් නම් ඕන තරම් හිට්ස් ලැබේවි. එයත් ජිවිතයේ තවත් පති කඩක්.
    ඔහු ලියා තිබුණ පරිදි, ඔහුගේ ජීවිතය සුන්දරයි, නමුත් ඔහු සතුටින් සිටියාදැයි සැකයි.
    R.I.P. Dr.

    ReplyDelete
    Replies
    1. යන තැනෙකට හිට්ස් අරගෙන යන්නෙ නැතෑ.

      Delete
  2. ඔහු ජීවත් සිටියදී මේ blog අඩවිය පිළිබඳ දැනගන්නට නොලැබීම ගැන කණගාටුයි. ස්තුතියි මේ බ්ලොග් එක ගැන දැනුවත් කළාට. කාලයකට පෙර අවසාන පෝස්ට් එක විදිහට මිනීමල් සහ මරණය සම්බන්ධව ලියලා වියෝවුණු කුමුදු පින්තු මහත්මයාවත් සිහිපත් වුණා

    ReplyDelete
  3. ඔහු සුන්දර මිනිසෙක් ලෙසය් මාදුටුවෙ... සිය ප්‍රේමය සාක්ෂාත් නොවූ නිසා විවාහයක් හෝ කර නොගත් ඔහු සිය පෙම මරණය තෙක් රැකගන....
    r.i.p doc

    ReplyDelete
  4. කවදාවත් ඇසූ නොදුටු මිනිහෙක් හා ඔහුගේ ආදරය වෙනුවෙන් මාත් දුක් වුනා. ඒත් ඔහුගෙ බ්ලොග් එක මම දන්නෙ අද.
    පීටර් මහතා සමාදානයේ සැතපේවා.

    ReplyDelete
  5. අදයි දන්නෙත් :(

    R.I.P. sir

    ReplyDelete
  6. පීටර් මහතාට නිවන් සුව!!!

    ReplyDelete
  7. කවදාවත් නොදැකපු බ්ලොගර්ස්ලා කිහිප දෙනෙක්ගේ මළගම් වෙනුවෙන් අපිට මෙ අතරම් දුකක් දැනෙන්නේ ඇයිද මන්දන්නේ නෑ. ඒත් මේ නම් දුකක්.
    පසුගිය දවස් වල අපේ කළු සුද්දා මිය ගියා කියලා දැනගත්තම මට හිතාගන්නවත් බැරි වුනා ඒ හැඟීම මොකක්ද කියලා.

    අපි මිය ගියාමත් කකාට මේ වගේ පෝස්ට් දාන්න වෙයිද මන්දා...

    Rest in peace Dr Peter....

    ReplyDelete
    Replies
    1. කළු සුද්දා ??

      Delete
    2. හෙන ගපං ගණන් බලාපං! මට මතකයි කළු සුද්දව, අර ජපන් කෙල්ල එක්ක හිටියෙ.ලස්සනට ලියනවා, මං ආසාවෙන් කියවපු එකෙක්. හපොයි දෙයියනේ :(

      මේ යන රේට් එකට .......

      Delete
  8. මරණය දුකක්. මේ සිදුවීම ඇමෙරිකාවේ උනත් ඉංග්‍රිසියෙන් ලීවා නම් මේක ඒ අය ෆිල්ම් එකක් කරනවා ඇති. ඒ තරම් ප්‍රබල සංවේදී කතා පුවතක්. ඔහු ලියන කාලයේ මේ බ්ලොග් එක නොදැක්කත් අද දැක්ක එක ගැන සතුටුයි. ඒ බ්ලොග් පිටුව දැක්කෙත් ඔබ නිසා. ස්තූතියි

    ReplyDelete
  9. ඔහුගේ බ්ලොග් එක නම් දන්නේ දැන්.ඔහුට නිවන් සූව අත්වේවා

    ReplyDelete
  10. කවදාවත් මට ඇස නොගැටුනු ඒ සුන්දර සටහන් තැබු ජීවකයානනි....ඔබට සුව නින්දක්...ඔබට ඇය දිනෙක හමුවනු ඇත. එතකම් සුවෙන් නිදන්න.

    ReplyDelete
  11. තදශි නොගුජි ගේ කතාව කොකොරො නේද? පට්ට කතාව.

    මම පීටර් ගේ බ්ලොගය කියවලා නෑ. එතුමාට එතුමා පතන සුගතියක් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. I think the Sinhala version was named දැවුනු හදවත. It was much better than so-called masterpieces of Sarachchandra.

      Delete
    2. 'කොකොරො' නොගුචි පරිවතනය කල එකක් කියලයි මේකෙ සඳහන් වෙන්නේ. ඔහු සිංහලෙන් ලිව්ව නවකතාවක් විදිහට සඳහන් වෙන්නේ 'අනිත්‍ය ජීවිතයක්' කියන පොත.
      රුහුණු කැම්පස් ඉන්න අයට නම් ලයිබ්‍රරියෙන් අරන් කියවන්න පුළුවන්.

      Delete
    3. අනිත්‍ය ජීවිතයක් තමයි තදශි නොගුජි සිංහලෙන් ලිව්ව නවකතාව. නම දැක්කාම මතකය අළුත් වුණා!

      මේ පිටර්-දීපා කතාවේ දීපා එවපු ලියුම් ටිකත් එකතු කලා නම් නොගුචි ගේ පොත වගේ වේවි.

      Delete
  12. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ ඔලුවටම වැදුනා. නොදු‍ටු මිනිසෙක්, ඒත් ඇයි මෙච්චර හිතට බරක්?

    මහරවිට මං දුක්වෙන්නෙ, අපි හැමෝම තුල ඉන්න පීටර් වෙනුවෙන් වෙන්න ඇති. හොඳ ‍රැකියාවක්, හොඳ සමාජ තත්ත්වයක් සහ ආර්ථකයක් ඒත් තනි වෙච්ච මිනිහෙක්. දොස්තර කෙනෙක්, ඒත් රෝගියෙක්.

    His days were numbered - අපෙත් !

    අනේ මන්දා? :(

    R.I.P dear Doc.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න හිතුනේ මේකමයි. අපි දුක් වෙන්නේ අපි තුලම ඉන්න පීටර් වෙනුවෙන් වෙන්න ඇති.

      Delete
  13. "මැදිවියද තරුණය" බ්ලොග් එක ගැන දැනගත්තෙ අද.. තෑන්ක්ස් කකා...
    >
    පීටර් මහතාගේ සමීප කෙනෙක් විසින් ඔහුගේ අභාවය ගැන "මැදිවියද තරුණය" බ්ලොග් එකේ පොඩි නෝටිස් එකක් දාල තියෙනවා. ඒකෙ අන්තිමට කියලා තියෙනවා ඔහු තව සති කීපයක් බ්ලොග් එක එහෙම තියෙන්න ඇරලා ඩිලීට් කරනවා කියලා... ඔහු සමීපතමයෙක් උනාට පීටර් මහතාගේ බ්ලොග් සටහන් වල අගය නොතේරෙන කෙනෙක් කියලයි මට හිතෙන්නේ. හැමෝම කමෙන්ට් එකක් දාල ඩිලීට් කරන්න එපා කියලා ඉල්ලීමක් කලොත් ඔහුගේ අදහස වෙනස් වෙන්න ඉඩ තියෙනවා...
    පීටර් මහතා ගැන ඔබ හැමෝගෙම අදහස් විවිධ වෙන්න පුළුවන්. නමුත්, එවැනි බ්ලොග් සටහනක් මකා දැමීම සිදු "නොවිය"යුත්තක් බව හැමෝටම වටහාගන්න පුළුවන් කියලා මම හිතනවා.
    ** මේ කමෙන්ට් එක දකින හැමෝම, හැකිනම් ඒ බ්ලොග් එකට ගොස් එය ඉවත් නොකරන ලෙස ඉල්ලීමක් කරන්න **
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්. ඒ බ්ලොග් එක ඩිලීට් කරන්න එපා. බ්ලොග් එකක් ඩිලීට් කරන්න ඕනෙම නම් කකාගෙ බ්ලොග් එක ඩිලීට් කරන්න.

      Delete
  14. දුක්බර පුවතක්. අකාල මරණ නම් කවදත් දුකක්ම කමයි.

    ReplyDelete
  15. දුක්බර කතාවක්.
    එතුමාට සාමය පතමු!

    දොස්තරලටත් අකුරු වරදී
    heart ලියල තියෙන්නෙ hart කියල ???

    ReplyDelete
  16. කකා මේ ගැන කලින් ලියලා තිබ්බානම් හොඳයි කියලා හිතුණා...

    ඒ කතාව කියවලා ගොඩක් දේවල් හිතුණා. ඒ බ්ලොග් එක මකා දාන්ට නම් දෙන්ට හොඳ නෑ. ඒ ආදර කතාව හැමෝම කියවිය යුතුයි.

    තව ලස්සණට කවි ලීව බ්ලොග් කරපු කෙනෙක් මැරුණා නේද? හදිසි මරණයක්. මැද පෙරදිග හිටපු කෙනෙක්. මට නම මතක් වෙන්නේ නෑ.

    අද කාලයේ දකින්ට ලැබෙන ආදරවන්තයන් අතුරින් සුවිශේෂී කෙනෙක් විදියට පීටර්ව පේන්නේ.
    ඔහු සමාදානයේ සැතපේවා!!!

    ReplyDelete
    Replies
    1. කකා.....මේක පුදුම ලෝකයක් කකා. මම සිඩ්නිව 1987-2000 ඉඳන් බොහෝම හොඳින් දන්නවා ඕමාන් වලදි. සිඩ්නි ඇතුළු අපි තුන් දෙනෙක් නොකරපු මගුලක් නැහැ. අපි ආදරේට කිව්වේ කැ* කොටා කියලා. ඒක දිග කතාවක්. එතනින් පස්සේ කතාව වෙනස්. මම ඔහුගේ කවීත්වය එදාත් අගය කරා.අදත් අගය කරනවා. මම ඔහු බ්ලොග් ලියූ බවක් දැණගෙන සිටියේ නැහැ. මම ඔහුගේ අභාවයත් දන්නවා. බ්ලොග් ලෝකය තුල අපි දකින්නේ ව්‍යාජයක්ද, ලේඛන හැකියාව පමනක්ම විතරක්ද කියා නොයෙක් නොයෙක් විට සිතෙනවා. මේ තවත් නිදසුනක්.

      Delete
    2. ඒනං අරූ ඒ ගැන ලියමු සංවේදි සටහනක්..

      Delete
  17. එතුමාට නිවන් සුව අත්වේවා....!
    සතුටින් විදින්න තිබෙන ජීවිතය ආදරයක් නිසා විදවල මැරෙන එක නම් මහ අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. කකා අපිව දැනුවත් කරලා තිබුන නම් අපිටත් ඒ බොගට ගිහිල්ල අදහස් හුවමාරු කරගන්න තිබ්බ.
      කොහොමත් මරණය නම් වලක්වන්න බැහැ.... නමුත් ප්‍රමාද කරනවත් තිබුණ නේද කියල හිතුන...
      පළමු වතාවට අදයි ඇහැව්වෙ ...

      Delete
  18. මේ පෝස්ට් එක දකිනකම් මාත් දැනගෙන හිටියෙ නෑ එහෙම බ්ලොග් එකක් ගැන... ඒ මහත්මයගෙ බ්ලොග් එක අපි හැමදාම කියවන ඒවාට වැඩිය වෙනස් එකක්.... බැරිවෙලාවත් ඩිලීට් කළොත් කියලා ඊට කලින් කියවන්න ගිහින් එල්ලුනා... ලියපු කෙනා මියගිය පසුව හරි ඒක කියවන්න අවස්ථාව ලබා දුන්නු එක ගැන සතුටු වෙනව කකා....
    ඒ මහත්මයට තමා පැතූ සැනසීම ලැබෙන්න කියලා පතනවා...

    ReplyDelete
  19. බොහොම කණගාටුදායක ආරංචියක්. ඒ බ්ලොග් එක පොඩ්ඩක් බැලුවා... බොහොම සුන්දර ගැඹුරු ආදරයක් ලෙසයි පෙනෙන්නේ... පමා වී හෝ කියවන්න ලැබීම ලොකු දෙයක්... මම හිතන්නේ අපි හැමෝම ඉල්ලා සිටින්න ඕනේ ඒක ඩිලීට් කරන්න එපා කියලා...

    ReplyDelete
  20. පිටර් ජීවත්වෙච්ච වකවානුවේ පෝස්ට් එකක් එකකින් කියවන පිරිස වැඩි නොකරපු වල්බල්ලා මලමිනියකිනුත් හිට්ස් මරාගන්ඩ හදන්නේ .

    කාපිය ගූ

    ReplyDelete
  21. පීටර්...

    ඔහු මගේ (බ්ලොග්) ලෝකයට ආවේ අද..
    ඒ කියන්නෙ ඔහු ජීවත් වන්නේ අද සිට..

    ඔහු වෙනුවෙන් කොනක සිට සියළු ලිපි කියවන්නම්..

    සුභ ගමන් පීටර් !!

    ReplyDelete
    Replies
    1. //ලියන්නට බෙහෝ දේ තිබේ. ඒ සියල්ලම කෙදිනක හෝ ලියා තබන්නෙමි. සෑම පෙම් හසුනක්ම ලියන්නාටත් ලබන්නාටත් හැර අන් සියල්ලන්ටම විහිළුවක් වන නිසා මේ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයේ අතරමංව පවතිනු ඇත. යම් දිනක ඔබට පමණක් එහි පිවිසෙන්නට මග හැර දෙමි.

      දයාබර දීපා, යලිත් හෙට දිනයේ සටහනක් තබන තෙක් අදට නවතිමි.//

      මේ ඔහුගේ පලමු ලිපියෙන්..
      බ්ලොග් එකක් - ජීවිතයෙන් සමුගත් අයෙක් - කොපමන දුරට නම් ජීවත් කරනවාද?

      Delete
  22. සුභ ගමන් පීටර්.. නොදැන හිටි එක අපරාදයක්.. ස්තුතියි කකා..

    ReplyDelete
  23. Repose en paix, le docteur Peter!

    ReplyDelete
  24. සුභ ගමන් පීටර්. මකන්න කලින් කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකෙන් බාගනින්
      bloxp

      Delete
  25. අනේ මංද, මං බ්ලොග් වලට එකතුවෙලා තාම අවුරුද්දක් වත් නෑ. ඒත් මං බ්ලොග් කරුවන්ගෙ පරණ ලිපි පවා කියෙව්ව අහඹු ලෙස. අභීතගේ ටිකක් හිනාවෙන්න වගේ බ්ලොග් වල ලිපි ගොඩක් කියෙව්ව. බ්ලොග් කලාවෙ ප්‍රවීණයන් ගොඩක් ගැන දැනගත්ත ඒ ලිපි හරහා. කියන්න යන්නෙ, මං ආසාවෙන් කියවගෙන ආව සමහර බ්ලොග් තිබුන, ඒත් ටික දුරක් එනකොට අවාසනාවන්ත විදියට ඒ බ්ලොග් කරුවන් අපව අතහැරල ගිහින් කියල දැනගත්ත. ඒ වෙලාවල හිතට දැනුනෙ මහා දුකක්. පාලු මූසල හැඟීමක්. මං ගොඩක් ආසවෙන් කියෙව්ව, දිලුම්ගෙ ඉලන්දාරියා. ඒත් මං ඒව කියවන්න පටන්ගන්නකොටත් මතකයන් ගොඩක් ඉතුරුකරල දිලුම් අපිව දාල ගිහින්. ඊළඟට ඇහිපිල්ලමක් යට ලියපු මහේෂ්. ගොඩක් ආදරණී‍ය සංවේදී සොඳුරු මිනිසෙක්. ඊළඟට ඔබ්සර්වර් ලියපු මහත්මයා.අභීතගේ බ්ලොග් එකේ කියවපු පරිදි තවත් උතුම්ම මනුෂ්‍යයෙක්. දැන් මේ කියන පීටර්.. හැමෝම අකාලයේ අප හැර ගිය අය. හැමෝම සංවෙදී අහිංසක මිනිස්සු. සමාජය තුල සිටිය යුතුම අය. බ්ලොග් ලියන අය මරණයට වඩාත් කිට්ටුද කියලත් වෙලාවක හිතුන. ඇත්තටම ජීවිතේටම දැකලවත් අඳුනගෙනවත් නැතිවුනාට ඔවුන්ගෙ වියෝවන් මාව ගොඩක් කම්පනයට ලක් කලා.

    "අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සූ"

    ReplyDelete
    Replies
    1. /අභීතගේ බ්ලොග් එකේ කියවපු පරිදි තවත් උතුම්ම මනුෂ්‍යයෙක්./

      උතුම් නැත්නම් හොරෙකුට ලක්ෂ විස්සක් ණය දෙයියැ.

      Delete
    2. ටිකක් හිනාවෙන්න බ්ලොග් එකට ගියාට කමක් නැහැ. එත් වැඩි පරිස්සමට මුදල් පසුම්බිය වෙනකෙකු අත තබා යන්න .

      Delete
    3. අභීත මහේෂ් කියන්නෙ අප අතහැරල ගිය තව දෙන්නෙක්ද?

      Delete
  26. දොස්තර පීටර් ගැන දැනගන්න ලැබුනෙ අද, ඔහුගෙ මරණයෙන් පස්සෙ. ඔහොම තමයි, බොහෝ දෙනා ගැන අපට දැනගන්න ලැබෙන්නෙ මරණයෙන් පස්සේ. සමහර විට දන්නා කියන අය ගැනත් වැඩි තොරතුරු දැනගන්න වෙන්නෙ මරණයට පස්සෙ, කලාකරුවෝ, දේශපාලකයෝ, සාහිත්‍යධරයෝ ගැන. ඒ අයගෙ ඇතුළාන්තය ගැන. කළ නිර්මාණ ගැන.

    ඒ වගේම, බ්ලොග් එකේ පාස්වර්ඩ් එක කාට හරි දීල තියන එකත් වැදගත් කියල අද හිතෙනවා. මළාට පස්සෙ අනිත් අයට දැනුම් දෙන්න විදිහක් තියෙන්න එපායැ. හැබැයි ඉතින් ඒත් මොකටද දැනුම් දෙන්නෙ.

    ඔය දොස්තර පීටර් කියන්නෙ නිර්මාණය කරපු චරිතයක් වෙන්න බැරිද? මට මතකයි ඉස්සර ගුවන් විදුලි නාට්‍ය මාලාවලදි කවුරුහරි නළුවකුට පිටරට යන්න ‍වුනොත්, නැත්නම් අසනීප වුනොත්, ඒකට ගැලපෙන විදිහට නාට්‍යය වෙනස් කරනවා. නළුවා තරහ වෙලා ගියානම් නාට්‍යයේ චරිතය මැරෙනවා.

    මුවන් පැළැස්ස ලියපු (ඔරිජිනල් එක නෙවෙයි දෙවෙනි එක) වික්ටර් මිගල් තමයි ඒකෙ කදිරා චරිතයට හඬ කැවුවෙ. ඔහුගෙ අභාවයෙන් පස්සෙ වෙන කවුද ඒක ලියන්න ගත්තා. අර ටැක්ටික් එකම තමයි දාල තිබුනෙ.

    ReplyDelete
  27. අදම තමා දැන ගත්තෙ බොගිය ගැන ..
    සුභ ගමන් පීටර්...

    ReplyDelete
  28. @කකා,

    කාලෙකට ඉස්සර නලිනි චන්දිමා කියලා වෛද්‍යවරියක් 'සිත් ආර' කියලා ලස්සන බ්ලොග් එකක් කළා. එයා දැන් බ්ලොග් ලියන්නෙ නැත්තේ ඇයි?

    ReplyDelete
  29. හරිම දුක්බර කතාවක්... මමත් මේ බේලොග් අඩවිය කළින් දැකල තිබුණෙ නැහැ... තවමත් ප්‍රේමය ජීවිතයම කර ගත් මිනිසුන් ඉන්නවා... ලෝකයේ කොතැනක හරි...

    මේ තියෙන්නේ පීටර් ගේ බ්ලොග් ලෝකයේ ‍පුනරුත්පත්ති සටහන...... මට එහෙමයි හිතෙන්නෙ...

    ReplyDelete
  30. අදයි දැනගත්තේ ..සුභ ගමන් දොස්තර (හොඳහිත) පීටර්

    ReplyDelete
  31. මමත් මේ බ්ලොග් අඩවිය කළින් දැකල තිබුණෙ නැහැ..

    ආදරය හරි පුදුමාකාරයි කියලා හිතුනා ...පීටර් මහත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ..

    ReplyDelete
  32. ඇත්තටම මැදිවිය කිලා කියන්නේ මොන වයස් සීමා කාලයද? මෙන්න මගේ සිතුවිලි.

    http://kathandara.blogspot.com/2014/03/what-is-middle-age.html

    ReplyDelete
  33. මම ඉස්සර ඔය බ්ලොග් එක කියවලා කමෙන්ට් කරලත් තියෙනවා. නමුත් මට පස්සේ ඒ බ්ලොග් එක කියවන එක වරදකාරී හැඟීමක් ගෙනෙන්න ගත්ත නිසා අතහැරලා දැම්මා. මට හිතුනේ ඒක වෙන කෙනෙක්ගේ දිනපොතක් නැතිනම් පෙම්හසුනක් හොරෙන් කියවනවා වාගෙයි කියලා.

    කොයි හැටි වෙතත්, ඔහුගේ බ්ලොග් එක මකා දැමිය යුතු නම් නෑ.

    ReplyDelete
  34. මැදිවිය කියන එක මම හිතින් ඉස්සරහට තල්ලු කර කර යනවා. කොච්චර කාලයක් මෙහෙම යන්න පුලුවන්ද කියන්න බෑ මොකද අපේ මැදිවිය තීරණය කරන්නේ අපි නෙවෙයිනේ

    ReplyDelete
    Replies
    1. මේ විදිහට මැදිවිය ඉස්සරහට තල්ලු කරගෙන ගිය වයසට නොගිය සොඳුරු ආදරවන්තයා පීටර් මහත්තයා ගැන මගේශෝකය !!

      Delete
  35. සුනිලා මලා කියල අදෝනා තියපු කකාල ඇතුළු අනිත් බ්ලොග් බුවාල එකෙක්වත් මර්සි මලා කියල දැනගත්තම අනේ අපොයි කියලවත් බ්ලොග් පඩයක් ඇරියෙ නැත්තෙ මොකෝ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.