Tuesday 4 June 2013

රතුපාට, නිල්පාට, කොලපාට පත්තර - What is your colour?


අද මං ලියන්න යන මේ කතන්දරේ මතක් වෙන්න ආසන්නම හේතුව තමයි දිණමිණ පත්තරේ වැඩකරන සමකය වටේ බ්ලොගයේ අයිතිකාර නලින් දිල්රුක්‍ෂ මගේ කතන්දර බ්ලොගයේ ලඟදී දාපු කමෙන්ටුවකට තුන්වන පාර්ශවයකින් ලබිලා තිබුණු ප්‍රතිචාරයක්.

"වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො....හොයලා අර දීනමිණේ ලියහංකො...."

ඒ නිර්ණාමික ප්‍රතිචාරයෙන් නලින් ට කියන්නේ ලංකාවේ මේ දවස්වල ප්‍රවෘත්ති මවන කාරණා කීපයක් ගැන දිණමිණ පත්තරේට ලියන්න කියලයි.

මට හිතෙන හැටියට නං ඒ ඒ පත්තරවල ලියවෙන ප්‍රධාන ලිපි මොනවා ගැනද, ඒවායේ අන්තර්ගතය වාත්තු කරන්නේ කොයි ආකාරයටද කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පත්තරවල වැඩ කරන අයගේ අවශ්‍යතාවය හෝ උවමනාව මත නොවෙයි. ඒවා තීරණය වෙන්නේ ඒ ඒ පත්තරවල අයිතිකාරයින් ගේ අවශ්‍යතා සහ උවමනාවන් මතයි.

මං හිතන්නේ හැට ගණංවල ඉඳලා හැමදාමත් ආණ්ඩුවට අයිති ලේක්හවුස් පත්තරවල ආණ්ඩුවට උවමනා ලිපි ලියවෙන්නේ ඒ නිසයි.

ලේක්හවුස් පත්තර ගැන අපේ අදහස එහෙම වුණාට, සාමාන්‍යයෙන් දිවයින, ලක්බිම වගේ පත්තර ගැන මගේ ලොකු අවුලක් තිබුණේ නෑ මීට අවුරුදු තුන හතරකට කලින් දවසක් වෙනතුරු.

ඒකට හේතුව ඒ පත්තර දශක කීපයක් තිස්සේම කියවපු ඒවා වීම සහ අඩු වශයෙන් මුල් කාලයේ දී හෝ උන්ගේ ලයින් එක අපේ ලයින් එක සමග පැරලල් ගමන් කිරීම විය යුතුයි.

මං දිනපතාම වාගේ බැලුවේත් ඔය පත්තර දෙක තමයි අන්තර්ජාලයෙන් ලංකා-ඊ-නිවුස්, ලංකා නිවුස් වෙබ් දෙක කියොලා ඉවර වුනාට පස්සේ.

විශේෂයෙන්ම ඉරිදා ලක්බිමේ යන මංජුසාව අතිරේකය හෙම නොවරදවාම බැලුවා. ඉඳලා හිටලා මං අපේ කාලේ විස්ස විජ්ජාල ගැන ලියපු ලියුං කෑල්ලක් පල වුණෙත් ලක්බිමේ මන්දාකිනියේ හෝ හරස්පාර හෝ සප්ලිමන්ට් එකක තමයි.

ඔය අතරේ මට ඉල්ලීමක් ආවා හිතවතෙකු මාර්ගයෙන්. ඒ, ඒ දවස්වල තිබුණු හෙලදිව කියන පත්තරේට අපේ කාලේ විස්ස විජ්ජාලෙට අදාල එක්තරා සුවිශේෂී මාතෘකාවක් ගැන ලිපියක් ලියන්න කියලා.

ඔය හෙලදිව පත්තරේ කියන්නේ එක්තරා කූප්‍රකට දේශපාලන කණ්ඩායමකට අයිති පත්තරයක් නේ. උන් ගේ වැඩ පටන් ගත්තු දවසෙම ඉඳලා මට ඇල්ලුවේ නෑ. පත්තරේ නම් හොඳ විශේෂාංග සහ අතිරේක දෙක තුනක් ගියා කියලා මතකයි.

ඒ දේශපාලන හේතුව නිසාම.මං කැමති වුනේ නෑ එහෙම එකක මගේ නමින් ලිපියක් යනවාට.

"හෙලදිවට ලිපියක් දාලා මට ලේබල් ගහගන්න මං කැමති නෑ!" මං මගෙන් මේ ඉල්ලීම කරපු හිතවතා ට කිව්වා "උන් ගේ දේශපාලනය මට අල්ලන්නේ නෑ!".

මගේ හිතවතාත් ඒ පත්තරේට කෙසේ වෙතත් දිර්ඝ කාලයක ඉඳලා විවිධ පුවත්පත්වලට ලිපි ලියපු, වෙනත් වෘත්තියක නියැලී සිටින කෙනෙක්.

පොර මට කිව්වේ මෙච්චරයි.

"ඉතිං, ලක්බිම, දිවයින කියලා මොකක්ද වෙනස? ඒවාත් රන් වෙන්නේ ඒ ඒ මුදලාලිලා ගේ දේශපාලනය අනුව තමයි. තමන් ලියන තමන් ගේ අදහස ඒ විදියට පළවෙනවා නම් අයිතිකාරයා ගේ දේශපාලනය මොකක් වුණාම මොකද?"

මගේ හිතවතා කිව්ව කතාවේ ඇත්තක් නැත්තෙම නෑ. ඒ මොනවා වුණත් මං ඔය කියන ලිපිය ලිව්වේ නෑ කවදාකවත්. කොහොමටත් ටික දවසකින්ම හෙලදිව සෙට්ටපෝච්චි වෙලා ගියා.

එදා ඒ හිතවතා කියපු කරුණු අනුව ලැබුණු අවබෝධය නිසා තමයි මං නලින් ගේ කමෙන්ටුවට ප්‍රතිචාර දක්වපු ඇනෝට මෙහෙම කිව්වේ.

   දිණමිණ පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන්වන ජහමනයාගේ බහුතර කැමැත්ත ඇති දේ ය.
   දිවයින පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.
   ලක්බිම පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.
   ලංකාදීප පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.
   කොටින්ම
   රාවය පත්තරේ ලියවෙන්නේ ද එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.
   ඒ තියා කතන්දර බ්ලොගේ ලියවෙන්නේ ද එහි අයිතිකාරයා ගේ කැමැත්ත ඇති දේ ය.
   එකම වෙනස නම්:
   මේ බ්ලොගයේ අයිතිකරුවා ගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ පාඨක අදහස් ද මෙහි පල වීමයි.


-කතන්දරකාරයා


(image: http://kentcrockett.blogspot.com.au/2013_03_01_archive.html)

98 comments:

  1. meka liyala thiyenne sinhala ho english detakama nathi demuhum (hibrid) bashawakin.

    ReplyDelete
    Replies
    1. ඔබ අද එක !!
      පෝස්ටුවේ පලවෙනිම ඇනෝ කමෙන්ට් එක වෙනුවෙන් ලබා දෙන ගොනා කානුවේ නොයන පරිදි ගැට ගසා තැබිය හැකි බැට් මෑන් බිකිනි ජොකා ඔබ ජයග්‍රහණය කර තිබෙනවා.
      මගේ සුබ පැතුම් !
      ඉදිරියට පැමිණ ත්‍යාගය පිලිගන්න !

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒත් මට සුවර් ඇනෝට කකා කියල තියෙන දේ තේරුණා නේ..:D. ඇනෝ සහෝ ගෙ කොමෙන්ටුව මොන භාෂාවෙද..? ..
      :D

      Delete
    4. @ Anonymous June 4, 2013 at 6:31 AM

      සෝ වට්?

      Delete
    5. MAMA ADA 1 - CAP. ANO.

      Delete
    6. 6.31 A.M. COMMENT IS MINE. CAP. ANO.

      Delete
    7. ඔස්ට්‍රේලියා ගිය අයගේ ඇත්ත කතාන්දරය මෙන්න !

      http://www.youtube.com/watch?feature=player_embedded&v=gqKPYFdJQWU#!

      Delete
  2. ඉස්සර පත්තර කීපයක් බැලුවම වෙනස් ආකාරයෙ කරුණු,විස්තර දැනගන්න ලැබුන.දැන් හැම පත්තරේම එකම ෆොටෝ කොපිය.

    ReplyDelete
    Replies
    1. දැන් හරි නේ. කමෙන්ට් කලා නේ.
      දැන් ගිහින් ඊලඟ පෝස්ටුව දාපුවාම එන්න !

      Delete
    2. අර සතියේ දේශපාන විග්‍රහය නම් එකම කොපිය. ඒ මදිවට සමහර නිවුස් එක්කෙන්ක් ලියලා කෙලින්ම පත්තරවලට ෆැක්ස් කරනවා වගෙයි පේන්නේ.

      Delete
    3. එහෙම තමයි වෙන්නේ.

      Delete
    4. පත්තර වල විතරක් නෙවෙයි ටී වී චැනල් වලත් එහෙමමයි. නිවුස් එක රිපෝට් කරන්නෙ එක්කෙනාමයි. මං හිතන්නෙ රුපියල් එක්දාස් පන්සීයකට දෙදාහකට විතර විකුණනවා. පොඩ්ඩක් එඩිට් කරල වෙනස් කරනව එක එක චැනල් එකට.

      අද කාලේ සියළු දේම බිස්නස්!

      Delete
  3. පත්තරේ පබ්ලිශ් කරන්න ඉස්සෙල්ලා අයිතිකාරයා ගාවට යන්නෙ නෑනේ. අනික කවුරු හරි නඩුවක් දැම්මොත් අයිතිකාරයා උසාවි යන්නෙ නෑනේ. පත්තරවලට ඒ තත්වය උදා කලේ මාධ්‍යවේදියෝ. ඉස්සර පත්තරේ කතෘට, අයිතිකාරයා බයයි. අද කතෘ ප්‍රාදේශීය වාර්ථාකාරයට බයයි. වෙනස ඒකයි.

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයා උසාවි නොගියට වන්දි ගෙවන්න වුනොත්?

      අර සිංහ රත්නතුංග ගේ කේස් එක මොකද වුනේ අන්තිමට?

      Delete
  4. අද කාලේ නම පත්තරයක් කරන්න ලොකු ප්‍රාග්ධනයක් වගේම දේශපාලන හයියකුත් ඕන කරනවානේ, එතකොට කොහොමත් ඉබේම අයිතිකාරයාගේ අදහස් වලට අනුව නොගියොත් කට්ටියටම රස්සාව නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. එක පත්තරේ කරන අයිතිකාරයෝ සමහර විට සල්ලි හොයන්නේ පත්තරෙන් නොවෙන්න පුළුවනි!

      Delete
  5. "ඒ තියා කතන්දර බ්ලොගේ ලියවෙන්නේ ද එහි අයිතිකාරයා ගේ කැමැත්ත ඇති දේ ය."

    ඒ හින්දා තමයි මම කතාන්දර බ්ලොග් ඒක නොබලා ඉන්න තීරණය කලේ.
    මෙච්චර කල් කෙන්ජි ගෙන් බේරී බේරී මේකට ආවේ කකා අර සුධික මාමගේ ඩොස් ගේම ඉල්ලලා දෙයි කියලා. ඒකත් දෙන පාටක් නෑ.

    කකාගේ ඇතුළු බ්ලොග් පඩංගු ලියන බහුතරයක් ගේ තියෙන්නේ කයියයි පඩ ගදයි විතරයි කොටින්ම කිව්වොත්.

    අර අජිත් පැරකුම් ගේ w3lanka එකේ විතරයි ඕනෑම කොමෙන්ටුවක් පල කරන්නෙත්. අජිත් පරකුම්ට විතරයි විරුද්ධවාදීන් මොනා කිව්වත් ඒක දරා ගන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //කකාගේ ඇතුළු බ්ලොග් පඩංගු ලියන බහුතරයක් ගේ තියෙන්නේ කයියයි පඩ ගදයි විතරයි කොටින්ම කිව්වොත්.//
      චිකේ මෙයා ... ඔයා පුක් ඉඹින්නෙක්නෙ!

      Delete
    2. ස්තුතියි, නැවත එන්න.

      Delete
    3. සහතික ඇත්ත ඇනෝ.
      කතන්දර දැන ගන්න ඕන අපි කොමන්ට් ලියන්නෙත් අපිට ඕන ඒවා. කතන්දරට ඕන දෙවල් ලියන්න අපිට අවශ්‍ය නැහැ. අපේ කොමන්ට් පළ නොවෙනවානම් තීරණය අපෙ අතේ. කතෘ ලියන දේ පත්තරේ පල නොවුනත් බඩ රැක ගන්න කරබාගෙන ඉන්න තරම් අමාරුවක් අපිට නෑ. තව ඕන තරම් බ්ලොග් තියෙනවා. මාතලන් එතන ඉදිරියෙන්ම ඉන්නවා. මාතලංගේ කතන්දරයි, කකාගේ කතන්දරයි හරියට දූ දරුවෝ ටෙලියයි, මහ ගෙදර ටෙලියයි වගේ.

      Delete
    4. /* මාතලංගේ කතන්දරයි, කකාගේ කතන්දරයි හරියට දූ දරුවෝ ටෙලියයි, මහ ගෙදර ටෙලියයි වගේ.
      */

      මළා!

      මං හිතන් හිටියේ මේක නිකං කඩුල්ල, දඬුබස්නාමානය වහේ එකක් කියලනේ?

      දු දරුවෝ ට පස්සේ ආවේ නෑදෑයෝ නේද? මොකක්ද මේ මහගෙදර කියන්නේ?

      Delete
    5. සිරසේ රන් දෙපැයෙ ගියෙ මහ ගෙදර කියලා බයිලයක් ඒ ගැන වෙන්න ඇති අර ඇනෝතුමා කියලා ඇත්තේ

      Delete
  6. /මේ බ්ලොගයේ අයිතිකරුවා ගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ පාඨක අදහස් ද මෙහි පල වීමයි./

    හැබැයි හැම බ්ලොග් එකක් ගැනම ඕක කියන්න බැහැ නේද? උදාහරණයක් හැටියට අරුණි ශපීරෝගේ බ්ලොග් එකේ පළ වෙන්නේ "අනේ හරී චෝයි අක්කේ" වගේ ප්‍රතිචාර විතරයි. එනිසා මේක සාධාරණ මේ බ්ලොග් එකට විතරයි කියමුද?

    ReplyDelete
    Replies
    1. අරුණී ගේ බ්ලොග් එකෙත් ඉස්සර නම් වාද විවාද ගියා දේශපාලන සහ ආර්ථික දේවල් ගැන.

      දැන් නං මං වැඩිය ඒ පැත්තේ යන්නේ නෑ. ඊ-මේල් එකෙන් එන පොස්ට් එක විතරයි කියවන්නේ.

      Delete
  7. හෙලදිව පත්තරේට ලියන්න කියලා කිව්ව ඔබේ හිතවතා හෙන්රි වෙන්න ඇති

    ReplyDelete
  8. boru liyanna epa, prathi virudda adhas siyall pala nokari samahara eva pala nove. pita kasaganna comments palave.

    ReplyDelete
    Replies
    1. මේ දක්වා මා පළ නොකර ඇත්තේ කුණුහරුප සහ ද්වේශ සහගත (CAPITAL ANO UNCLE ගේ මෑත කාලයේ කමෙන්ටුද ඇතුලත්) ප්‍රතිචාර පමණි.

      Delete
    2. කොමන්ට් කරපු අපි ඇත්ත නැත්ත දන්නවා.

      Delete
  9. දිනමිණයි නලිනුයි ගැන කතා කරලා වැඩක් නෑ.

    මම මුලින් හිතන් හිටියේ නලින් කරන රස්සාව නිසා ආණ්ඩුවට කඩේ යනවා කියලා. නමුත් ඒකා ප්‍රතිපත්තිමය කඩේ යෑමක් කරන්නේ. ඔන්න බඩ රස්සාව රැකගෙන පවුල ජීවත් කරන්න ආණ්ඩුවටයි මහින්ද මහත්තයාටයි කඩේ ගියාට කමන් නෑ. මොකද රස්සාව නැති උනොත් ඔය කෑ ගහන එක බයියෙක්වත් උගේ අඹු දරුවන්ට කන්ඩ අඳින්ඩ දෙන්නේ නෑ නේ...

    නමුත් ප්‍රතිපත්තිමය විදිහට ආණ්ඩුවට කඩේ යන එක නම් මම අනුමත කරන් නෑ.

    කොටින්ම නලින්, තමන්ගේ දුවගේ උපන්දිනෙයි මහින්දයාගේ උපන්දිනෙයි එකට සැමරුව එකෙක් නේ. මහින්දයාගේ උපන්දිනේ ඌ උගේ පවුලේ කට්ටියත් එක්ක මහජනතාවගේ සල්ලි වලින් සැමරුවදෙන්. දුවට අයිති දවස දුවට දීහන්.. ! මොකද දුව කියන්නේ තමන්ගේ ලෙයින් උපන් එකියක්. වයසට ගිය දාක වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ දුව මිසක්කා කොහෙවත් ඉන්න මහින්දයෙක් නෙමේ !!

    නලින්, මේ උබට තරහට කියපු එකක් නෙමේ.... උබෙයි මගෙයි පුද්ගලික තරහක් නෑ..

    ප.ලි. - මේ කමෙන්ටුවත් වාරණයේ දංගෙඩියට ද ?

    ReplyDelete
    Replies
    1. good point.
      -raj

      Delete
    2. ඇනෝ මගේ අමනාපයක් නැත.

      Delete
    3. මාත් ලියලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ ගැන කතන්දරයක්.

      මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson
      http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html

      !

      Delete
    4. මහින්ද රාජපක්ෂ - බයිට් කිලෝ එකකි!

      http://upashantha.blogspot.com/2010/07/blog-post_15.html

      Delete
  10. සරළයි, ඇත්තයි...
    නලීන් දිනමිණේ වැඩකළාට, දිනමිණේ පවු ඌ පිට පටවන්න බැරි බවත්, උගේ දෘෂ්ඨිය වෙන එකක් වන බවත් අපිට තේරුම් යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. uge drushtiya gena draki danne kohomada

      Delete
    2. හුඟ දෙනෙක් තවම යුද්දේ හිතලු බොල් ණය ගෙවනවා.

      Delete
  11. පාට කණ්ණාඩි දාගෙන ලෝකය දිහා බලන්න එපා කියන එක අඟවන්න නේද ඔයා පාට කණ්ණාඩි පින්තූරයක් පෝස්ට් එකට එකතු කලේ ?

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. ඇනීට ගොඩක් දේවල් තේරෙන පාටයි !

      Delete
    2. අපෝ, ඇනී තරහ කරගන්න හොඳ නෑ. එයා ක්‍රෂර් එකක් ලු.

      Delete
  12. හනේ ඕයි. නියම ලියවිල්ල.
    මචං එළම එළ ඔහොම්මම ලියාගන පලයං , උඹ ලියන එව්වා රහයි,
    නියම,එල,පට්ට.ඇත්තටම එල කිරිස්.
    කියවපු රහම එක. උපරිමයි, පට්ට, එළකිරි,
    කාලෙකින් හරි හමන් කතාවක් කියලා එකක් කියෙව්වා...
    අගෙයි...
    මාරයි බන් ..
    අද නියම කතාවක් දාල තියන්නේ ....
    හොඳයි ඈ...දිගටම ලියන්න
    ඔය තියෙන්නෙ එල පහට..මෙහෙම කතා ලියන උන් දහයක් තව හිටිය නම්..අපි බ්ලොග් ලියන්නෙ නෑ..
    මේ තියෙන්නේ!!! පිස්සු පීකුදු ඈ!!!!
    තව නැද්ද මචන්....කතාව නම් සුපිරි...
    කියෙව්වෙමි! අගෙයි!
    එලකිරි කතාව...උපහාසයයි හාස්‍යයයි නියමෙට ගැබ් වෙලා තියනවා.
    නියමයි අයියේ, ගොඩ කාලෙකින් ඇගට දැනෙන දෙයක් කියෙව්වා.
    ආයෙ කියන්න වචන නෑ බං. උපරිමයි.
    ai mama may Blog ekata ena parakku une. ela..pata..niyamai.
    Jayawewa.
    ඉතාමත් හොදින් ලියලා තියන කතාවක්.

    ReplyDelete
    Replies
    1. අනේ නිකං හිටහම් බොල. අඩුම ගානේ පලවෙනි ඡේදෙවත් කියෙවුවාද කියාපියකො? ඕනනම් මේ වචන සෙට් එකක් පාවිච්චි කරතැහැකි.
      හරිම රසයි ලිපිය
      එක හුස්මට කියෙවුවා
      ++++++++
      Jayawewa,
      මරු බං,
      හි හි.....හි හි.....,
      හයියූ,
      එන්න අපේ පැත්තේ
      හප්පටසිලි,
      ටිප් ටොප්
      ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා,
      හැම පැත්තක්ම හොයලා බලලා ලියපු ලිපියක්
      අනේ හපොයි
      ආතල්..
      මම කිසිත් නොකියමි...
      ආයෙ පාරක් කියවලා කොමන්ට් කරන්නම්
      ඊයා නේ බං... හිරිකිතයි!....
      හිනා වෙලා පණ යනවා බං.,
      හිනා වෙලා ඉල ඇදෙනවා

      Delete
    2. හරිම රසයි ලිපිය
      එක හුස්මට කියෙවුවා
      ++++++++
      Jayawewa,
      මරු බං,
      හි හි.....හි හි.....,
      හයියූ,
      එන්න අපේ පැත්තේ
      හප්පටසිලි,
      ටිප් ටොප්
      ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා,
      හැම පැත්තක්ම හොයලා බලලා ලියපු ලිපියක්
      අනේ හපොයි
      ආතල්..
      මම කිසිත් නොකියමි...
      ආයෙ පාරක් කියවලා කොමන්ට් කරන්නම්
      ඊයා නේ බං... හිරිකිතයි!....
      හිනා වෙලා පණ යනවා බං.,
      හිනා වෙලා ඉල ඇදෙනවා

      Delete
    3. wena liyanna modawath nedda?

      Delete
    4. "ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා"

      අරූට හිතිච්ච එක උඹටත් හිතෙන්නෙ උඹල දෙන්නගෙම තාත්තලා එකද බන්... හි හී.. හි හී..

      Delete
    5. හරිම අව්‍යාජ ලිපියක්....
      නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
      හික්ස්ස්....
      නියමෙටම අකුරු ටික ගල පලා තියනවා
      හරි සෝයි අප්පා
      මෙන්න මම ආසාම ජාතියෙ පෝස්ට් එකක්.
      පොස්ට් එක ඉස්සර වගේම රහයි....
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
      හප්පා මේක සෑහෙන්න ගැඹුරු දේශපාලන විග්‍රහයක් නෙව..
      මම කැමතිම විදි‍යක පෑනකින් ඔබ ලියන්නේ
      මෙන්න කතන්දරගෙ තවත් පැත්තක් මම දැක්කා අද! ඇත්තෙනම් පුදුමයි! අනික නියම විග්‍රහයක්, ස්වයං විවේචනයක් සහ හැමදේම!
      අපූරුයි! මගෙත් දේශපාලන විග්‍රහ මීට ගොඩක් සමානයි ;)
      මාරම ලියවිල්ලක්
      ඉතාම ඉහළ ගණයේ විග්‍රහයක්.
      දිගටම ලියමු... දිගටම ලියමු...
      ලොල් සහගතයි .....
      ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා කතන්දර....
      හොඳ ලිපියක්,
      ලස්සන බ්ලොගක් (මං කීවේ පිළිවෙල ගැන විශේෂෙන්ම)
      මම මේ පිලිබඳව විචාරයක් කරන්න සටහන ලියා අවසන්.ඒත් දැන් ඔනේ නැ වගේ.
      හිතට වදින ලිපියක්... නියමයි..
      ජය ..
      මේ පෝස්ට් එකට මං හරිම කැමතියි

      Delete
    6. මේ කොමෙන්ට් ටික දැක්කාම මට බඩ යන්න වගේ....

      Delete
    7. ඔය කියන ආකාරයේ කමෙන්ටුවක් මගේ බ්ලොග් එකෙන් හොයා දෙන්න.

      මං නම් මතක ඇති කාලෙක දැකලා නෑ.

      Delete
    8. කකා නොදුටූ කකාගේ බ්ලොගේ කොමන්ට්

      +++++++++++++++++++++
      http://kathandara.blogspot.com/2013/05/me-good-you-bad-concept.html?showComment=1368718020125#c6070524368920903277

      ශා... නියම ලිපියක්... මාර රසයි බං කකා
      http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html?showComment=1367821859074#c8631039436885977429

      මම එකද
      අපිට පාන්ද,
      වගේ කොමන්ට් පිරිලා.

      Delete
  13. ඔන්න අදනං කතන්දර හරවත් පෝස්ටුවක් දාල තියෙනවා...කතන්දරගෙ අදහසට මම පොඩි ඌණ පූර්ණයක් කරන්න කැමතියි...
    අද හැම පත්තරේම පළවෙන්නෙ ආණ්ඩුව කැමති දේය...
    උදහරණ:ඉරිදා පත්තරවල දේශපාලන විග්‍රහය
    පත්තර තුන හතරක් අරං බලන්න හැම පත්තරේම තියෙන්නෙ එකම ලිපියෙ කාබන් කොපිය නොවෙයිද කියල...
    මම හිතන්නෙ ඒ නං උදේ තේ පානයේ අනුහස්.
    මේ ගැන නලීන්ගේ අදහස් අගයමි.

    ReplyDelete
    Replies
    1. හැලපේ මට එකම එක වැදගත් පෝස්ට් එකක් පෙන්නනවද ඔබේ බ්ලොගයේ.නිකන් පඩ කතා කාරයෝනේ මේ මහ ලොකුවට කියවන්නේ.දැනට දෙයක් ගැන හරියට කතා කරන මිනිස්සු ඉන්නේ හතර දෙනෙක් වගේ මුළු බ්ලොග් අවකාශේටම.එහෙම වෙලත් ඒ මිනිස්සු කවදාවත් අනුන්ට දොස් කියන්නේ නැහැ.

      අද වෙද්දී යාන්තන් හරි බ්ලොග් අවකාශේ රැඳිලා තියෙන්නේ ඔය 4 දෙනාට පින් සිද්ද වෙන්න.ටැබූ , රයිටර් නැවත පැමිණිලා ඉන්න වෙලාවක වත් මුග්ධ විදිහට හැසිරෙන්න එපා!


      ඕවා දෙනු පරහට
      තමා සම්මතයේ පිහිටා සිට!

      Delete
    2. ඕවා දෙනු පරහට
      තමා සම්මතයේ පිහිටා සිට!

      හැලපේ මට එකම එක වැදගත් පෝස්ට් එකක් පෙන්නනවද ඔබේ බ්ලොගයේ.නිකන් පඩ කතා කාරයෝනේ මේ මහ ලොකුවට කියවන්නේ.දැනට දෙයක් ගැන හරියට කතා කරන මිනිස්සු ඉන්නේ හතර දෙනෙක් වගේ මුළු බ්ලොග් අවකාශේටම.එහෙම වෙලත් ඒ මිනිස්සු කවදාවත් අනුන්ට දොස් කියන්නේ නැහැ.

      අද වෙද්දී යාන්තන් හරි බ්ලොග් අවකාශේ රැඳිලා තියෙන්නේ ඔය 4 දෙනාට පින් සිද්ද වෙන්න.ටැබූ , රයිටර් නැවත පැමිණිලා ඉන්න වෙලාවක වත් මුග්ධ විදිහට හැසිරෙන්න එපා!

      Delete
    3. මතය වාරණය වුණිද?

      Delete
    4. කරුණාකරල කියන්න පුළුවනිද , ඔය කියනබ්ලොග් අවකාශේ උස්සගෙන ඉන්න ඇට්ලස්ලා හතරදෙනා කව්ද කියලා. තව කියල ඉවරනෑ. ඉතුරු ටික ඊට පස්සෙ කියන්නං :)

      Delete
    5. හැලපකාරයා ගේ කතාවට මං එකඟයි. අපි හරවත් යමක් කියන්නේ අපේ මට්ටමට වඩා ඉහල මට්ටමක තියෙන වැදගත් දෙයකටයි.

      සාමාන්‍යයෙන් විහිළු කතාවක් කියෙව්වාම, අපි එදිනෙදා අහන ආකාරයේ තවත් කතාවක් ඇහැව්වාම, දිණමිණ පත්තරේ බැලුවාම අපිට හිතෙන්නේ නැ හරවත් යමක් කියෙව්වා කියලා.

      නමුත් ලක්බිඟ මංජුසාවේ හෝ සිළුමිණ පුන්කලසේ සමහර ලිපි බැලුවාම හිතෙනවා හරවත් යමක් බැලුවාය කියලා!

      ස්තුතියි හැලපකාරයා. දැට් වෝස් ගුඩ්!

      Delete
    6. කරුණාකරල කියන්න පුළුවනිද , ඔය කියනබ්ලොග් අවකාශේ උස්සගෙන ඉන්න ඇට්ලස්ලා හතරදෙනා කව්ද කියලා. තව කියල ඉවරනෑ. ඉතුරු ටික ඊට පස්සෙ කියන්නං :)

      බින්දී , අටම් , සෑම් , සිරා

      Delete
    7. බින්දි, අටම්, සිරා ගැන අවුලක් නෑ. සෑම් ?? එහෙම බලන කොට අර උගේ ලෝකෙ ලියපු එකාත් ඇට්ලස් කෙනෙක් තමා. ඒකටත් අවුලක් නෑ කියමුකො, ඌත් මොනවම හරි ලියනවනෙ. එතකොට මේ අනිත් එව්වො ඔ‍ටුවොද? හැබෑටම ඔය කුලුණු හතර නැත්නම් සිංහල බ්ලොක් අවකාසෙ කඩා වැටේවිද, ඈ?

      එතකොට මාරයා? මඩ , පිට මඩ පොස්ට් ගැහැව්වත් එව්වා කාගෙන, තවමත් කියවන්න යමක් ලියන,ඌ පොරක් නෙමෙයිද? අපට නං උගේ ජාතකේ අවශ්‍ය නෑ, උගේ අධ්‍යාපන සහතික අවශ්‍යත් නෑ, ලියන ටිකයි වැදගත්. මං මාරයගෙ පෝස්ට් ඔක්කොම කියවනවා, කවදාවත් නමින් කමෙන්ට් කරන්නෙ නෑ. ඒ උගේ සමහර දේවල් ගැන පැහැදීමක් නැති නිසා. ඒක එහෙමයි කියලා , හාරත ආසියට , කලාබරයි කියන්න තරම් කුහක වෙන්න අවශ්‍යද? ඕන්නං එව්වා කියවන අපි හරක් කියලා කියාපල්ලා. මේ ලෝකෙ හරකුන්ටත් ඉඩක් තියෙන්න එපෑය? :)

      සිංහල බ්ලොක් අවකාසෙ කඩාවැටෙන්න හේතු දෙකයි තියෙන්නෙ. එකක්, අධිරාජ්‍යවාදී පර සුද්දගෙ සර්වර් කඩාවැටීම, නැත්නම් " මයි වේ ඕ හයි වේ" කියන සීතාම්බර සළු පැළදගෙන ඉන්න, "මාවෝ සේතුන් - බ්ලොක් අවකාශයක්" හදන්න දත කන, උඹල වගේ හිපා‍ටුවො, මොන මල හත්තිලව්වක් හරි ලියල, අපට කියවන්න යමක් දෙන, අපට ‍තෝරා ගැනීමේ නිදහස දෙන "කබ්බොන්ට" බාල්දි පෙරලීමයි

      Delete
    8. //ඹල වගේ හිපා‍ටුවො, මොන මල හත්තිලව්වක් හරි ලියල, අපට කියවන්න යමක් දෙන, අපට ‍තෝරා ගැනීමේ නිදහස දෙන "කබ්බොන්ට" බාල්දි පෙරලීමය//

      දාන්න පහක් ඇනෝ! ලියන එකා ලියාපුවාවෙ. එකෙක්ගෙන්වත් බලනවට සල්ලි ගන්නෙ නෑනෙ ( මගෙන් ගත්තට ). ඒ නිසා පෝස්ට් එකට කැමති නැති එකා අකමැත්ත ප්‍රකාෂ කරනව මිසා බොරු කඩ වැටීම් ගැන බයිල නොකිය කරගෙන යන අයට කරන් යන්න දුන්නම ඉවරයි.

      Delete
  14. අද ලිපිය නම් ඇඬෙන්නම ලියලා තියෙනවා. මම එක හුස්මටම කියවගෙන ගියා. පට්ටයි කකා ! දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා.
    ජය වේවා !
    සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !!
    මම අද 1 ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. 9.55 a.m. comment eka kaka ge da?

      Delete
    2. /*
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !!
      මම අද 1 ද මන්දා ?
      */

      ඒ වැකි නං මං දැකලා තියෙනවා. ඒවා එක් එක් අයගේ අනන්‍යතාපත්‍ර වගේ ඒවා.

      Delete
  15. ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නෑ.
    හොරෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වන්න එපා !!!
    බොරුවට ඇන්දෙන්න එපා !!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කකාගෙන්ද මන්දා..

      Delete
    2. මේ අර පත්තරේක යන දැන්වීමක් නේද? මොකටද මෙතන දාන්නේ?

      Delete
    3. මෙන්න මේ පොත නං මං කියෝලා තියෙනවා.

      ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි - Australia : Sinhala Poetic Impressions
      http://kathandara.blogspot.com/2011/07/australia-sinhala-poetic-impressions.html

      Delete
    4. මෙන්න මේකත් මං ඛියෝලා තියෙන කෙටිකතා පොතක්.

      දේශප්‍රිය පිටරට පනී!
      http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html

      Delete
  16. දිණමිණ , දිවයින , ලක්බිම සහ අනිත් ඔබ කියූ පත්තරවල ලියන්නේ එහි අයිතිකාරයන් කැමැත්ත ඇති දේය.
    සැබැවි.
    ඔබ ලියන්නේ ඔබ කැමැත්ත ඇති දේය.
    එයත් සැබැවි.
    ඔබ ප්‍රතිවිරුද්ධ පාඨක අදහස් වලට ඉඩ දී ඇත.
    එයත් සැබැවි සහ තුති
    එහෙනම් වෙනස ?
    පත්තරවලට ආචාර ධර්ම පධතියක් ඇත. ඔවුන් ගේ අදහස් ප්‍රකාශය යම්කිසි නෙයිතික රාමුවක් තුල සිදු වේ.
    ඔබට එය නැත. ඔබට වල්බුරු නිදහසක් ඇත
    අපවත් වූ ස්වමින්වහන්සේලාට ගොනා , හරකා , බුරුවා කීමට ඔබට හැකි ව ඇත්තේ එහෙයිනි.
    # මම මහසෝන්පිල්ලිය

    ReplyDelete
    Replies
    1. මොකෝ පිල්ලිය, යක්කුන්ට බය වෙලාද ඇනෝ එන්නේ ???

      Delete
    2. ඔබ හරියටම හරි නෑ.

      මා කර ඇත්තේ උපහාසාත්මක කතා පමණයි. ඒවා සමාජ-දේශපාලන කතා. එය ඔබේ සිතුවිලි මට්ටමට දරාගන්න බැරි වීමයි වෙනස.

      අනික ඔය කියන සරදම් වැකි ලියන වෙලේ ඒ ස්වයං ඝාතක චීවරධාරියා මිය ගොස් තිබුනේ නෑ. ඔහු මිය ගියේ ඉන් පසුවයි.


      Delete
  17. නලින් වැනි අය සේවකයන් පමණයි..යම් කිසි අයෙක් නලින් වැනි සේවකයන් අල්ලාගෙන මුව හමට මෙන් තඩි බෑමෙන් පලක් නැහැ..නලින් සේවයෙන් ඉවත් උනා යැයි සිතමු ... ප්‍රවෘත්ති කතෘ ධූරය හිස්ව පවතීද ඉන් පසු ...? කිසි සේත්ම නැහැ... වෙනත් අයෙකු එක පැයෙන් එම ධූරයේ රාජකාරි අරඹාවී...

    අන්තිමට නලින් මහා පාරේ , පත්තරේ සුපුරුදු විදිහමයි ...එවැනි වෙනසක්ද අවශ්‍ය...?

    මම මේ ගැන ඉතාම දිග,වෙන කිසිවෙක් හෙළි නොකරන දේවල් පවා එක්ක පොස්ට් එහෙකුත් දැම්මා..

    ReplyDelete
    Replies
    1. මේක තමයි තිත්ත උනත් ඇත්ත.

      Delete
    2. මෙන්න කැසුවා පිට... අතටම අහුවුනා...

      Delete
    3. සහන් ඉවරයි !

      පවු. අහිංසක කොල්ලෙක් !

      Delete
    4. AnonymousJune 4, 2013 at 8:53 AMගේ අදහස බැලුව නං හරි.
      -රාජ්

      Delete
    5. සහන් ඔබේ පෝස්ට් එක මොකක්ද?

      Delete
  18. ඔලුව අතගා ටොකු ඇනීමට කකා ගේ ඇති දක්ෂතාවය මනාව පිළිබිඹු වන ලිපියකි.

    ReplyDelete
    Replies
    1. Ane nikan palaya.

      Delete
    2. ඒ කියන්නේ "ඔළුව හරි නම් ඇන ගත හැක!" කියලද?

      Delete
  19. මත වාරණයක් සිදු වේ !

    කෝ කකා මම එවපු ලින්ක් එක පබ්ලිශ් වෙලා නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ද්වේශ සහගත පුද්ගලික මඩ ප්‍රහාරවලට ඉඩ නැත. ඒවාට අනවශ්‍ය ප්‍රතිචාරයක් දීම අනවශ7යි නේද?

      කතන්දරකාරයාට මඩ ගසන්න. ඒවා පල කරමි.

      Delete
  20. ඇනෝවරුනි කකාට දුක් දෙන්න එපා
    බින්දියෙ ගොඩ වෙදනට රැවටෙන්න එපා
    දැනුම සොයා නම් තව මෙහි එන්න එපා
    හතුරෙකුටවත් බ්ලොග් කියවනු කියනු එපා

    මහැදුරු බිරිඳ නයි පිට නයි පටවනවා
    හරකෙක් වුණත් මාරයියත් බත් කනවා
    ලූලා නැති වළේ කණයෝ රජ වෙනවා
    තිබහට වතුර වෙනුවට අපි චූ බොනවා

    දුකා, ජනූ, බුද්ධි බ්ලොග් ලියූ අතීතය
    සමඟින් හැර ගොසිනි සඳරුද කිරීටය
    වෙනුවට සිටියි දත් දොස්තර අභීතය
    මේ මඟ ගියොත් බ්ලොග් ලෝකෙත් කුජීතය

    ReplyDelete
    Replies
    1. /* දැනුම සොයා නම් තව මෙහි එන්න එපා */

      ඇත්තටම, කාලෙකින් මට දැනුම් සාගරෙන් කොටස් සහිත කතන්දරයක් ලියන්න බැරි වුණා.

      මෙන්න පරණ ඒවා.

      කතන්දර දැනුම් සාගරය

      Delete
  21. ඇත්ත කතාව! මොකෝ බ්ලොග් එකක් ලියන්න අපේ උවමනාවටනේ! කවුරුත් කියවන නොකියවන..ඒ අදහස් බාර ගන්න එක ඒ අයගේ වැඩක්!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නත් සෑහෙන උණක් තියෙන්න ඕනෑ.

      හැබැයි ඔය ඇනෝ උණේ ඊට වඩා වැඩියි!

      Delete
  22. කකා මහත්මයා වෙත,

    අද උදෑසන මා පලකල කමෙන්ටුව ඔබ මෙතෙක් පලකර නොමැත.එය මෙහි පාඨකයන් හට ඉතා වැදගත් කමෙන්ටුවක් බැවින් නැවත එය මෙහි පලකරන ලෙස ඉල්ලා සිටිමි.


    මෙයට දියේගෝ ඩෙල් පෙඩ්රෝ(මෙක්සිකෝවේ පාඨකයෙක්)

    ReplyDelete
    Replies
    1. esto se llama censura !!!


      අදහස් වාරණයක් සිදු වේ !!

      Delete
    2. ද්වේශ සහගත පුද්ගලික මඩ ප්‍රහාරවලට ඉඩ නැත. ඒවාට අනවශ්‍ය ප්‍රතිචාරයක් දීම අනවශ්‍යයි නේද?

      කතන්දරකාරයාට මඩ ගසන්න. ඒවා පල කරමි.

      Delete
    3. අද උදෑසන මා එය දුටු නිසා වාර්තා කලමුත් එය කිසිසේත්ම අවශ්‍ය නොවන දෙයකි.

      එය පිලිබඳව මගේ බලවත් කනගාටුව.


      -දියේගෝ ඩෙල් පෙඩ්රෝ(මෙක්සිකෝවේ සිට)

      Delete
  23. kathandarakarayata mada gaseemata uwamana natha, Ohuma mada gohoruwaki.

    ReplyDelete
    Replies
    1. නැත නැත අංකල්, මා ඔබේ කමෙන්ටු නමෑති මඩ ගොහොරුව උඩින් පිපී සුදිලෙන සුදු නෙළුමකි.

      Delete
    2. mage commentu wala mada natha. i am not an uncle i am young. you have mistaken.

      Delete
  24. see June 4th Halapa Kade

    ReplyDelete
  25. අපොයි මේ කමෙන්ට් ටික බලන්නම පැය ගාණක් යනවනෙ. ඒ කාලයෙන් සීයට හැත්තෑ පහක් අහකට. අවශ්‍ය සීයට විසිපහ වෙන් කරල තෝරගන්න ක්‍රමයක් නැති හැටි.

    ඒ කෙසේ වුනත්, පත්තර අයිතිකාරයන්ගෙ මතයට විරුද්ධව ලියන්න පුළුවන් තත්වයක් අද කොහොමටත් නෑ කියලයි මං හිතන්නෙ. එක ප්‍රධාන හේතුවක් තමයි, හීනියට යන මාධ්‍ය මර්ධනය. ඒක බැලූ බැල්මට නොපෙනෙන, තර්කයෙන් ඔප්පු කරන්න අමාරු, අලුත්ම ශිල්පීය ක්‍රම සහ විධි උපයෝගී කරගෙන කරන, බලු වැඩක්.

    පොදු සමාගමක් (සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වගේ එකක් නෙවෙයි.), කොටස් වෙළඳපොලේ ලියංපදිංචි වෙච්ච සමාගමක්, ප්‍රොෆෙශනල් එඩිටර්ස්ලා මගින් පත්තරයක් කළොත් ඒක පොලිටිකලි බැලන්ස් කරල ගෙනියන්න පුළුවන් වේවි සෑහෙන කාලයක් යනකල්වත්.

    ReplyDelete
  26. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 93
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 35
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 25
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 20

    ReplyDelete
  27. ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. මෙහි කිසිදු අදහස් වාරණයක් සිදු නොවේ. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. Comments are moderated and with filthy content will be deleted. No other censorship.



    මෙය අතේ පැලවෙන බොරුවකි..... !!!

    ReplyDelete
    Replies
    1. me wage boru gahana bogek thawath nam natha.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.