Thursday 24 January 2013

මෙන්න කියවන්න වෙන්ඩ සින්දුවක් - A song in the making


පොසිටිව් තින්කින් කියන එක දන්නවද?

ඒක විස්තර කරන්නේ මෙහෙමයි.

ඔන්න පොරක් ඉන්නවා රුපියලක් තමන් ලඟ තියෙන. පොර හිතනවා "තව රැපියල් නවසිය අනූනමයයි මට ඕනෑ, මේක රැපියල් දාහක් කරගන්න!" කියලා.

ඒ වගේ තමයි මාත්.

වචන පේලි කීපයක් ලියාගෙන හිතනවා "ආ, මේකට තව තනුවකුයි, සංගීතයයි, කටහඬකුයි විතරයි ඕනෑ, සින්දුවක් වෙන්න" කියලා.

මෙන්න ඒ ආකාරයේ වෙන්ඩ සින්දුවක්.

ලසොව

ඉකි බිඳුම අමතකයි තනි රැක්ක පෙර කලේ
සෝ සුසුම අමතකයි හද ගිලෙයි සීතලේ

මහා පතරංග සුව නොපැතුවෙමි
ඔබේ මුදු සෙවනැල්ල
ලැබෙන එක් නිමේශය සහනයකි
හඬා වැටුනද සදා කළුවරේ
සිතේ නැගි ගිනි දැල්ල
නිවෙන දින තවම හුදු සිහිනයකි

ඔබේ ලොව මගේ ලොව දෙලොවකිය
සදා අප යා කරන දේදුන්න
හිරු සමග අවරටම ගියාදෝ?
එදා අප නොම දුටුව සඳ එළිය
විය සිදුර තුලින් රස විඳින්නට
මොහොතකට රැයේ ඉඩ ලැබේදෝ?


-කතන්දරකාරයා

මෙන්න තවත් වෙන්ඩ සින්දුවක්
http://kathandara.blogspot.com/2010/06/blog-post.html

(image: MyOwn)

33 comments:

  1. amaradewa mahathmayage handata thamai gelapenne mata hithena widihata.

    ReplyDelete
  2. ඒ කියන්නේ මේක තාම සිංදුවක් වෙලා නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි නෝනා හෙඩිම බලලා නෑ වගේ. හෙඩිමේ තියෙනවා සීන් එක

      Delete
  3. අහෝ කතන්දර....
    අකලට දිරා ගිය පොල්ගසක
    නොවියලුනු පොල් බඩයක්
    උක් දඩු ලෙසින් පාමින්
    අපට කන්නට බලකරන...
    පරාජිත කවියෙකි නුඹ....

    ReplyDelete
  4. මං හූන කියන්නැහේ කියන්නම් මේ යන විදිහට කවදාහරි දවසක කකා නතර වෙන්නේ ඒක පුද්ගල ගී ප්‍රසංගයකුත් කරලා.

    ReplyDelete
  5. කෝ බන් කොමෙන්ට්...

    ReplyDelete
  6. හා හා හඳපානේ කොටුවක් පනින්න නේද යන්නෙ ?
    මන් ඇහුවෙ සින්දුවෙ අර්ථය මට තේරුනු විදියට !

    ReplyDelete
  7. // ඔබේ ලොව මගේ ලොව දෙලොවකිය
    සදා අප යා කරන දේදුන්න //

    මේ කියන්නේ පිට සක්වලකට යන පාරක් නේද ...? :D

    ReplyDelete
  8. කකා මේක මේ පෝස්ට් එකට අදාල නැහැ.. මේ දවස් වල මොරටුවෙ කැම්පස් ගේට්ටුවෙන් මෝටර් බයික් 1ක ගියොත් අහන්නෙ, ස්ටාෆ් ද කියලා විතරයි. උත්තරය ඔව් නම් කිසිම කරදරයක් නැතුව ඇතුලට, නැත්නම් චාටර් ගොඩක් සමග සමහරවිට ඇතුලට !!!

    ReplyDelete
    Replies
    1. අදාල නැත්නම් මොන රෙද්දටද මේක මෙතන ලියුවෙ... මූ පේරෙ අලයෙක් මූට ඕවයෙ ගානක් නෑ

      Delete
    2. අනේ මේ ඇනෝ කැම්පස් 1කෙන් එලියට බැස්සට පස්සෙ හැමෝම අලයෝ තමයි

      Delete
  9. සින්දු පෝස්ට් .... නරකත් නෑ....

    ReplyDelete
    Replies
    1. සන්ගීතය, කවිය හා කලාව කේද්‍රයක පස් වැන්න නැමති විද්‍යා ස්ථානයෙන් නිරූපිත වේ.... චන්ද්‍ර, සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් ඒ ස්ථානයේ සිටින්නන් ලේඛකයින්, කවියන් හා කලාකරුවන් බවට පත්වේ....

      නමුත් මෙම කවි අධ්‍යනය කිරීමෙන් පෙනීයන්නේ කකාගේ පස්වැන්නේ නීචවූ බුධ, ශනි සමග පස්වැන්නමත රාහුගේ දෘශ්ඨිලබා සිටින බවයි.... දුරු රටක තනිවී මෙලෝකේ රහක් නැතිවුනත් කෙසේ හෝ පද වැල් ගැට ගැසීමේ හැකියාව ලැබී ඇත්තේ එබැවිනි...

      තවද පස්වැන්නාධිපතියා නීචව, උච්ච රවි සමග සන්යෝග ගතව ඇති සෙයක් පෙනේ.... කෙතරම් ජරා ප්‍රතිචාර ලැබුනත් ඔලුව උදුම්මාගෙන තමා ලියු කවි මෙහි පලකරන්නේ එබැවිනි...

      දින 7ක් ගණ දෙවියන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් පූජා කරන්න..... පහන් 21 බෝධිය වටා දල්වන්න... සෙත් කවියක් ( වස් කවි නෙවෙයි ) දින 21 බෝ රුක අසල සිට ගායනා කරන්න.... සරස්වතිය පහලවේ.... ස්වස්ථි සිද්ධම්....

      (දාන්න ජෝති මේ වගේ කොමෙන්ට් එකක්, නමටත් ලැජ්ජයි.. )

      ප: ලි: සුර දැමීම හා නවරත්න මුදු දැමීමෙන් මෙම අපල දුරු නොවේ.....

      Delete
    2. සන්ගීතය, කවිය හා කලාව කේද්‍රයක පස් වැන්න නැමති විද්‍යා ස්ථානයෙන් නිරූපිත වේ.... චන්ද්‍ර, සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් ඒ ස්ථානයේ සිටින්නන් ලේඛකයින්, කවියන් හා කලාකරුවන් බවට පත්වේ....

      නමුත් මෙම කවි අධ්‍යනය කිරීමෙන් පෙනීයන්නේ කකාගේ පස්වැන්නේ නීචවූ බුධ, ශනි සමග පස්වැන්නමත රාහුගේ දෘශ්ඨිලබා සිටින බවයි.... දුරු රටක තනිවී මෙලෝකේ රහක් නැතිවුනත් කෙසේ හෝ පද වැල් ගැට ගැසීමේ හැකියාව ලැබී ඇත්තේ එබැවිනි...

      තවද පස්වැන්නාධිපතියා නීචව, උච්ච රවි සමග සන්යෝග ගතව ඇති සෙයක් පෙනේ.... කෙතරම් ජරා ප්‍රතිචාර ලැබුනත් ඔලුව උදුම්මාගෙන තමා ලියු කවි මෙහි පලකරන්නේ එබැවිනි...

      දින 7ක් ගණ දෙවියන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් පූජා කරන්න..... පහන් 21 බෝධිය වටා දල්වන්න... සෙත් කවියක් ( වස් කවි නෙවෙයි ) දින 21 බෝ රුක අසල සිට ගායනා කරන්න.... සරස්වතිය පහලවේ.... ස්වස්ථි සිද්ධම්....

      (දාන්න ජෝති මේ වගේ කොමෙන්ට් එකක්, නමටත් ලැජ්ජයි.. )

      ප: ලි: සුර දැමීම හා නවරත්න මුදු දැමීමෙන් මෙම අපල දුරු නොවේ.....

      Delete
    3. මේ ඇනෝ කමෙන්ට් වල නම් අමුතු ගතියක් තිමෙනවා...මට උඹේ මූන බලා ගන්න ආසයි බන්...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. සුර හා නවරත්න මුදු දැමීමෙන් අපිටවත් මේ අපලේ දුරු වෙයි ද ??
      :D

      Delete
  10. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මල කෝලං, මොකෝ උඹ පොලිස් කාරයෙක්ද ?

      Delete
    2. මල කෝලං, මොකෝ උඹ පොලිස් කාරයෙක්ද ?

      Delete
    3. අනේ බන් බූරු කම්මලෝ, ඇනෝනිමස් කමෙන්ට් දාන්න ඉගෙන ගෙන වරෙන්!!!!!
      ලකෆ්‍රෑන්ස් පොලිස්කාරයෙක්ද, නඩුකාරයෙක්ද, බඩුකාරයෙක්ද, කුඩුකාරයෙක්ද කියන එක අනාගතය තීරණය කරයි. උඹ මෙතන කපයා වෙන්නැතුව හිටහන්. නිවාඩු වෙලාවක වරෙන් ඇවිත් ඉගෙන ගනින් ඇනෝනිමස් කමෙන්ට් දාන හැටි.

      Delete
    4. හුට්ටප්පරයයි ! කම්මලා ඇනෝ කමෙන්ට් දාන්න ගිහින් ඇනගෙන !

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. උපුටා ගැනීම laka france
      //Tagline
      සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝනිමස් අදහස් අයිතිය වෙනුවෙන්!
      Introduction
      නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි.
      Occupation
      බ්ලොග් කියවීම කමෙන්ට් දැමීම
      Employment

      බ්ලොගර්
      කියවන්නා

      Education

      අධ්‍යාපනයක් ලබා නැත
      ##

      ඇනෝ කොමෙන්ට් එක වැටුන විදිහ නම් මම දන්නෙ නෑ,ඔබතුමාගෙන් අමුතුවෙන් ඉගෙනගෙන දාන්නෙත් නෑ. එත් පස්සෙ දැක්කෙ උඹ ඇනොල වෙනුවෙන් පෙනී හිටින්න ඇවිත්,මගේ වරදකින් හරි වෙනයම් මගඩියකින් හරි දාපු ඇනෝ කොමෙන්ට් එකක් දැකල අහපු සරල ප්‍රශ්නෙට දීපු උත්තරය.

      Delete
  11. අදවත් පොස්ට් එකක් වැටෙයි කියලා බලන් හිටියා . හරි මේ දාල තියෙන්නේ .

    ReplyDelete
  12. දැන් එතකොට http://kathandara.blogspot.com/2010/06/blog-post.html වෙන්ඩ සින්දුවට මොකද වුනේ, ඒක සින්දුවක් වුනාද නැත්නම් තවමත් දළඹු අවධියද?

    අද සින්දුව අමරදේවට හොඳයි කියල "දේශ්" කිව්වට මට හිතෙන්නෙ මිත්‍ර කපුගේ නොහොත් පුත්‍ර කපුගේ මේක ලස්සනට හදල ගනියි. සමන් ජිනදාස උන්නැහේත් හොඳයිනෙ, නේද නේද?

    ReplyDelete
  13. (මං ලියපු කමෙන්ට් එක පොස්ට් වුනාද කියල ෂුවර් නැති නිසා ආයෙත් ලියන්නෙ)

    ලින්ක් එක දාපු 2010 වෙන්ඩ සින්දුව දැන් සින්දුවක් වුනාද?

    දේශ් කිව්වට අමරදේව හොඳයි මේ සින්දුව කියන්න කියල, මටනම් හිතෙන්නෙ මිත්‍ර කපුගේ හොඳයි කියලයි.
    සමන් ජිනදාස ශූරීන් දැක්කනම් හොඳට හදාගනී සින්දුවක්.

    ReplyDelete
  14. මේ වගේ කොල්ලෙක් ඔෆිස් එකෙක් බොස් ගාවට ගියාම අහල බඳින්න එහෙම අදහසක් නැද්ද අයිසේ කියලා. එතකොට කොල්ල කියලා පොරුවත් හරි, ඇඳුමත් හරි, ඉන්න ගේකුත් තියෙනවා, වාහනයකුත් තියෙනවා, සල්ලිත් තියෙනවා හැබැයි එක දෙයක් අඩුයි බඳින්න කෙනෙක් තමයි නැත්තේ සර්ගේ දුවව දෙන්න බැරිද කියලා

    ReplyDelete
  15. පද පේලිය සින්දුවක් වේවායි පතමි!

    ReplyDelete
  16. මේකෙ අන්තරා කොටස් දෙකේ මාත්‍රා සමාන නම් නෑ... එහෙම සිංදුත් තියනවා... මේකෙ අදහස ප්‍රකාශ කරන්නාට ඇත්තටම මොකද්ද ඕනේ කියන එක පැහැදිලි මදි වගේ.

    ReplyDelete
  17. Who is this patient ?

    ReplyDelete
    Replies
    1. This patient called Kathandara Karaya !!!

      Delete
  18. නයි සෙල්ලමට තව දින 2යි...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.