Sunday 20 January 2013

නේද? නේද? Questions, questions!


මේ ඊයේ පෙරේදා දවසක ටෙලිවිෂන් නිවුස් අයිටම් එකකට දාපු ක්ලිප් එකක මංතුමා ළාවට ඉඳලා තියෙනවා තත්පර දෙකකට විතර. තනියම නෙමෙයි තවත් පිරිසක් මැද්දේ.

නමුත් ඉතිං කතන්දරකාරයා කියන්නේ කැපිල පෙනෙන හාදයා නේ. ඒ මදිවට මේ නිවුස් අයිටම් එක දෙතුන් පාරක්ම නිවුස්ෆ්ලෑෂ්වලට පෙන්නලා තියෙනවා.

ඉතිං මාව දැක්කා ටිවී එකේ ලියලා මං දන්න අඳුණන අයගෙන් කෝල්ස් එන්න පටන් ගත්තා පට්, පට් ගාලා.

ඔය ගැන කියන කොටම මතක් වුනේ ඔන්න එක දවසක් මං යාළුවෙකු ගේ ගෙදර පාටි එකකට ගිහින් ඉන්න වෙලාවේ, මං තරමක් අඳුණන ගෑල්ළමයෙක් මාව දැකලා "නේද? නේද?" කියන්න පටන් ගත්තා.

මං මුලින්ම හිතුවේ එයා "ඥාව්, ඥාව්" කියනවා කියලයි.

පස්සේ තමයි තේරුනේ සීන් කෝන් එක.

මගේ කවියක් පත්තරේක පලවෙලා.

මෙන්න ඒ කවිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට!

නේද?

ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
සිසිල් සුව විඳගන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සිසිල වියැකේද?
නැහැ නේද?

ඔබ සුනිල් කෙම්බිමය වියලි කාන්තාරයේ
සුවෙන් සැතපී ඉන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සෙවන අඩු වේද?
නැහැ නේද?

ඔබ නිමල් සඳ වතය පාළු ආකාසයේ
හද අඳුර දුරලන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා සඳ එලිය රළු වේද?
නැහැ නේද?

ඔබේ ලොව මගේ ලොව එකක් නොව දෙලොවක්ය
එපා ඔබ දුක් වෙන්න
එපා මට දුක් දෙන්න
අද මෙන්ම සිනාසෙමු හෙට දිනද
හා! නේද?


-කතන්දරකාරයා

(image: http://venturebeat.com/2012/10/02/why-you-should-never-ever-use-a-question-mark-on-twitter-or-linkedin-infographic/)

17 comments:

  1. ආව්... ආව්...
    කෝ බලන්න මූණ..!
    :-D

    ReplyDelete
  2. අපි හිනාවෙමු කකා.....

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. news walata horakamakata sambanda set ekak nam pennuwa thamai. Kakath ethanada hitiye.

    Ada kaviya nam sarala nisa hithagiyaa. Pastalu ah.

    Neda?

    ReplyDelete
  5. oii katandara tamunnasee apeith welawa nasti karanawa me wage ewa liyala.. add ekaka hitiya kiwa nam iwaraine manussayo. thamunnasse nam dan melo rahak nati manussayek wela.. aparade me blog eka

    ReplyDelete

  6. හරිම ලස්සනයි කකා .හිතන පතන
    විදිහ අපූරුයි ...

    ReplyDelete
  7. කයි කතන්දරේ ෂෝයි නේද ....!

    ReplyDelete
  8. //ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
    සිසිල් සුව විඳගන්න
    මදක් මට ඉඩ දෙන්න
    මා නිසා ඔබ සිසිල වියැකේද?
    නැහැ නේද?

    හැබැයි භෞතික විද්‍යා මුල ධර්ම අනුව නම් පිළිතුර 'ඔව්' නේද? :P

    ReplyDelete
  9. ඒ කවිය හරිම ලස්සනයි නේද?

    ReplyDelete
  10. මේ පැත්තේ ඇවිල්ල ගියාට අද තමා කොමෙන්ටුවක් දැම්මේ ඕන්...
    නේද නේද... :D

    ReplyDelete
  11. කවිය නම් අගෙයි... හැබැ‍යි කවියේ පිරිමි තුන්දෙනෙකුගේ නම් තියනවා...:D

    ReplyDelete
  12. Ammata udu..uba ney ara welikada scene eke thuwakkuwak aran wahala uda hitiye...man dekka ubawa .eka eka.. :P

    ReplyDelete
  13. තව දින 6යි..... Are you ready?

    ReplyDelete
  14. කතන්දර බ්ලොග් එකේ යන කවිනම් නම් පට්ට චා නේද... නේද...

    ReplyDelete
  15. NEDA NEDA, Jokku neda, Pakku neda, Pada neda, Jee neda, Choo neda, Thawa monawada neda.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.