Tuesday 22 January 2013

එක සුනඛයෙකු හොඳටෝම සෑහේ! - One dog is more than sufficient!


දිනය 2012 දෙසැම්බර් මස නම හත්වෙනි සිකුරාදා ය.

ඔෆීසියේ පුටුවක් රත්කරමින්, වාර්තා, ඊ-මේල් සහ සංඛ්‍යා ලේඛන අතර හිරවී සිටින මගේ ජංගම දුරඛතනයට ඇමතුමක් ලැබුණි. ඒ මගේ අම්මාගෙනි.

"පුතේ කළබල වෙන්න එපා. ඊයේ සමන්ත මෝටර් සයිකලෙන් වැටිලා. ඉස්පිරිතාලෙලු!"

"ආ! කවුද කිව්වේ?"

"රුවන්තිකා කෝල් කරලා කිව්වා."

"ඉතිං හුඟක් තුවාලයි ලු ද?"

"දනහිස ලඟ තුවාලයි, ඒත් අමාරුවක් නෑ කියලයි රුවන්තිකා කිව්වේ. මං සමන්තගේ මොබයිල් එකට කෝල් කරන්න බැලුවා. ගන්නම බෑ. ඔයාත් ට්‍රයි කරලා බලන්න."

සමන්ත යනු මගේ බාල සොහොයුරා ය. රුවන්තිකා යනු ඔහුගේ බිරිඳයි.

"ඉස්පිරිතාලේ හින්දා මොබයිල් එක ඕෆ් කරලා ඇති. මං කෝල් කරලා බලන්නම්."

මම වහා මල්ලීගේ ජංගම දුරඛතනයට ඇමතුම් කළෙමි. දෙතුන් විටක් උත්සාහ කළ පසු ඔහු හා කතා කිරීමට හැකිවිය.

"ආ, අයියේ?" ඔහුගේ කට හඬ ඇසෙයි.

"තමුසේ මොකක්ද මේ කරගත්තේ?"

"සයිකලෙන් වැටුන ඕයි! දණහිස තුවාල වෙලයි තියෙන්නේ. තුවාලේ නං ලොකු නෑ. නමුත් ලිගමන්ට් ඉරිලා හින්දා රිදෙනවා, ඇවිදින්න බෑ."

"මොකක්ද වුනේ?

"ඊයේ හවස මෝට සයිකලයේ යනකොට ඉස්සරහට බල්ලෙක් පැන්නා ඕයි. මං වැටුණා!"

සයිකලේ ඩැමේජ් දැයි මම නොඅසමි. එය මෙවෙලේ එතරම් වැදගත් කරුණක් නොවේ.

මගේ සිත අතීතයට ඇදී යයි.

උසස් පෙල අවසානයේ එලැඹුණ ගන්ධබ්බ සමයේදී මම මගේ අංකල් කෙනෙකුගේ හොණ්ඩා 125 මෝටර් සයිකලය පදවන්නට ඉගෙන ගතිමි. ඒ එක් දිනක රත්වුණු සයිලන්සරයට මගේ කකුල පිලිස්සුණු බවද මට මතකය.

ඉන්පසු මා මෝටර් සයිකලයක් පදවා ඇත්තේ එකෝම එක වරකි. ඒ මා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර පහකට පමණ පසු දිනයක අරවින්දන් අපේ නිවසට පැමිණි දිනයක දී ය.

මා කිසිදිනක මුදල් එකතු කරගෙන මෝටර් සයිකලයක් ගන්නට පෙරුම් නොපිරුවෙමි. ඒ අර "ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්, නෑ, නෑ, නෑ, නෑ, නෑ!" කතන්දරයේ කියූ ආකාරයේ ඛේදවාචක වැනි කරුණු නිසා විය යුතුය. සමහර රෝහල් වාට්ටු ඒ දිනවල හැඳින්වූයේ හොණ්ඩා වාට්ටු යනුවෙන් යැයි මම අසා තිබුණෙමි.

මා අවසානයේ ගත්තේ රතු කොරොල්ලා කාර් එකකි.

රැකියාවට ගොස් ටික කලකින්ම මෝටර් සයිකලයක් ගත් සමන්ත මල්ලී නම් අද පවා දරු පවුල නැතිව කෙටි ගමන් බිමන් යද්දී තවමත් එය භාවිතා කරයි.

මෝටර් සයිකලයක් යනු රෝද දෙකකින් පමණක් පොළෙව මත රුඳෙන අසමතුලිත වාහනයකි. එය සමතුලිත කරගෙන පැදවීමට මනා සංයමයක් සහ පලපුරුද්දක් අවශ්‍යවේ.

රෝද හතරක් මත දිවෙන සමතුලිත වාහනයක් වන මෝටර් රථයක් වුවද අප කොයි තරම් සංයමයකින් යුතුව, මාර්ග නීති ගරු කරමින් ධාවනය කළද, එක් අණුවනයෙකු ගේ වැරදි ක්‍රියාවකින් ඒ සියල්ල නිෂ්ඵල විය හැකි බව මම පසුගිය දිනයක කතන්දරයකින් පැවසූවෙමි.

ඉදින් මෝටර් සයිකලයක් ගැන කවර කතාද?

මල්ලීට සිදුවුණු මේ අකරතැබ්බයෙන් අපට වැටහෙන පරිදි, මෝටර් සයිකලයක් අසමතුලිත කර, එය පදවන්නා පොළොව මතට හෙලා, ඔහුගේ කකුලක් කඩා දැමීමට අවශ්‍ය වන්නේ එකම එක සුනඛයෙකු පමණකි!

මෙය මෝටර් සයිකල් සඳහා පමණක් නොව තාත්වික සහ අතථ්‍ය ලෝකවල බොහෝ අවස්ථාවලට පොදු වූ සාධකයකි.

-කතන්දරකාරයා

ප/ලි:
රෝහලේ දින දෙකක් ගත කළ මල්ලී ඉරිදා සිට නිවසේය.

වම් කකුලේ වැඩි හරියක් වසා විහිදුණු ප්ලාස්ටරයක් බහා ලූ කකුලද සමග ඔහු ඇඳ මත සිටිණු දැක මට ඇති වුනේ කණගාටුවකි.

ඔහුට මේ ලෙස පුරා මාස දෙකක්ම සිටින්නට සිදුවෙන බව අසා ඒ කණගාටුව තවත් වැඩිවිය.

බල්ලෙකු ගේ බලය!

(image: http://mongolmule.blogspot.com.au/p/mules.html)

101 comments:

  1. මේක තත්‍ය ලෝකයේ කතාවක්නේ කකා. කොහොමටත් බල්ලන්ට කුණු ජරාව කන්න දීලා පුරුදු කර ගන්න එක භයානකයි. ඉන්පසු හොඳ දේවල් දුන්නත් උන් බලාපොරොත්තු වන්නේ කුණු ජරාවමයි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස, ස්තුතියි රයිගම!

      Delete
  2. මල්ලි ගැන කනගාටුයි,
    ඉක්මන් සනීපය පතමි,
    එතකොට අනේ බලූට මොකද උනේ,
    විජයගේ පුත් විමුක්තිව මතක් වෙනවා
    දැන් දඩාවතේ යන කට්ටිය වැඩියි

    ReplyDelete
    Replies
    1. විමුක්ති? නොතේරේ!

      Delete
    2. ලංකාවේ බල්ලන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබලයෙක්. අයාලයේ යන සුනඛන් මරා දැමීම වෙනුවට ඔවුන් අල්ලා ගෙන ගොස් වන්ද්‍යකරණ සැත්කම සිදු කර , සැත්කම සිදු කර බව දැන ගැනීමට කණේ කෑල්ලක්ද කපා ඉවත් කර (ටැග් කර) බල්ලා උස්සාගෙන ගිය තැනට ගෙනවිත් බස්සවා යයි.

      මට මතක හැටියට ලොකු නඩුවකුත් ගියා සත්ත්ව හිසනය ගැන

      Delete
    3. ලංකාවේ බල්ලන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබලයෙක්. අයාලයේ යන සුනඛන් මරා දැමීම වෙනුවට ඔවුන් අල්ලා ගෙන ගොස් වන්ද්‍යකරණ සැත්කම සිදු කර , සැත්කම සිදු කර බව දැන ගැනීමට කණේ කෑල්ලක්ද කපා ඉවත් කර (ටැග් කර) බල්ලා උස්සාගෙන ගිය තැනට ගෙනවිත් බස්සවා යයි.

      මට මතක හැටියට ලොකු නඩුවකුත් ගියා සත්ත්ව හිංසනය ගැන

      Delete
    4. විමුක්ති ඒ කාලෙ බල්ල්නව ඩී සෙක්ස් කරන්න යෝජනා කලා.

      Delete
    5. විජය මිනිස්සුන්ගෙ විමුක්තිය බලාපොරොත්තු වෙලා වැඩ කළා (කියල කිව්ව) වුනාට එයාගෙ පුතා විමුක්ති බලාපොරොත්තු වෙන්නෙ බල්ලන්ගෙ විමුක්තිය. ඒ නිසා එයා ලංකාවේ දඩාවතේ යන බල්ලන් මරල දාන එක තහනම් කරවගත්ත. "බලු වෑන්" ඔක්කොම පංචිකාවත්තට ගෙනිහිල්ල මස් කරන්න ඇති. හැබැයි පාරක ඇවිදගෙන යන්නවත් බෑ බල්ලො හතර පස් දෙනෙක් වත් කකුලෙ හැපෙනවා.

      Delete
  3. ඇති ඔහොමින් බේරුනා.
    සමන්තට ඉක්මන් සුව පතමු !

    ප.ලි. - කකා ඇත්තටම කොහොමද හැම පෝස්ට් එකටම මෙහෙම ලින්ක්ස් දාන්නේ ? පෝස්ට් තුන් හාරසීයක් ඇතුලේ අදාලම පෝස්ට් එක හොයාගන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      පැණයට පිළිතුර
      1. මා කතන්දර 766 ක් අද වෙන විට ලියා පලකර ඇත.
      2. මගේ කතන්දර ගැන මට හොඳ මතකයක් ඇත.
      3. දකුණු අත පැත්තේ උඩ ඇති සර්ච් විජට්ටුවෙන් සර්ච් කර අදාල සබැඳිය හොයා ගත හැක.

      Delete
    2. කකාට අද ෆ්‍රී වගේ හැමෝටම රිප්ලයි දාලා. මොකෝ මේ ටිකේ වැඩ අඩුද එහෙම නැත්නන් වැඩට ගියේ නැද්ද ?

      Delete
    3. අද කලින්ම ගෙදර ආවා!

      Delete
  4. දැන් ඔයාට හොඳටම ෂුවර්ද බයික් එකට පැන්නේ බල්ලෙක්මයි කියලා. බැල්ලියෙක් වෙන්න බැරිද? ඒකට 50-50 චාන්ස් එකක් තියෙනවා නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද? නේද?

    ReplyDelete
    Replies
    1. පැනපු බල්ලගේ ලිංගෙ හොයන්න එපා බං!

      Delete
    2. දැන් එතකොට කකාට ලිංගය වැදගත්ම නැද්ද? හා හා අපි කියනවා...

      Delete
    3. බල්ලංගේ ලිංගය මට වැදගත් නැහැ!

      Delete
  5. බල්ලොත් එක්ක බෑ...

    ReplyDelete
  6. ඇත්ත කකා බල්ලෙක් තමයි... බ්ලොග් ලියන බල්ලෙක් කකාගෙ කකුල කඩලා ටික දවසක් වෙනවා.... ඇනෝ ආවත් බල්ලා කවුද කියලා කකා දන්නවා කියලා මම හිතනවා... ඔය වගේ දීන බල්ලො තමයි ලස්සනට තිබිච්ච බ්ලොග් අවකාසෙ කෑවෙ.....

    ReplyDelete
    Replies
    1. මගේ කකුල හොඳින් තිබේ. ඔබට වැරදී ඇති හැඩයි.

      Delete
  7. බල්ලොත් එක්ක බෑ..කියන්නේ ඕවට තමයි කකා...

    ReplyDelete
    Replies
    1. මං නාට්ටිය බැලුවා. විජය නන්දසිරි, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය...
      තරමක් හිනාවුණා!

      Delete
    2. මට නම් ඒ නාට්ටිය මෙලෝ රහක් නෑ කකා

      Delete
    3. රහක් නං නෑ තමයි, ඒත් ඉතිං අන්තමේදී මට විජය නන්දසිරි කියන සොයිසා කෑල්ලට හිනා ගියා.

      Delete
  8. 2012 දෙසැම්බර් මස නම වෙනි "සිකුරාදා"???

    ReplyDelete
    Replies
    1. එය සිකුරාදාවක් නොව ඉරිදාවකය !

      Delete
    2. එය හත්වෙනි සිකුරාදාය. ස්තුතියි. නිවරැදි කළෙමි.

      Delete
  9. Replies
    1. සයිකල් පැදලා තියෙනවා වගේ!

      Delete
    2. ෆුට් බයිසිකලේ බල්ලො පැනලා වැටිලා දනිස් දෙකම ලෙලි ගහ ගත්තා..කැළල තාම තියෙනවා..

      Delete
    3. රෑ මැදියමේ ගම් මැද්දේ සයිකළෙන් හොර ගමන් ගියාම ඔහොම අනතුරු වෙන්න ඉඩ තියෙනවා නේන්නං!

      Delete
  10. හීනීයට වෙන කතාවක් යනවා වගේ....

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ, නැත්තෙත් නෑ.
      මේක සත්‍ය සිද්ධියක්. මල්ලී තාමත් ගෙදර.
      කුණුහරුප ඇනෝ පෙරේදාත් ඇවිත් තිබුණා! මට කමෙන්ට් මොඩරේෂන් එක අයින් කරන්න බැරි ඒ නිසයි.

      Delete
  11. කකා ඔහොම කියල බෑ... කියන්න මෙහෙම..
    "ගස් බල්ලෝ තොපිට මොනවද පුලුවන්....
    මම තොපිට *$#%#^&, අම්මට *&^%$##, කැ@ පො&&^%$,
    මම මොනව කරාම තොපිට මොකද...."

    ReplyDelete
    Replies
    1. කෙනෙක් අදහස් ප්‍රකාශ කරන්නෙ තමන්ගෙ හැදියාව අනුවනෙ. කකා හොඳ පවුලක ඉපදිලා හොඳ ඉස්කෝල වලට ගිහිල්ලා තියෙන නිසා හැසිරෙන්න දන්නවා. හැමෝටම ඒ ශික්ෂණය නැහැ.

      Delete
    2. හැමෝටම ඒ ශි(ක්)ෂණය නැහැ = නපුංසක.

      Delete
    3. ඒකනෙ එක එකාගෙ චරිත කෙලෙසන විදිහට මඩ ගහ ගහ හැම තැනම දුවන්නෙ...

      Delete
    4. ආ අභීත, කරුණාකරල මගෙන් ණයට ගත්තු ලක්ස එකහමාර ගෙවල ඔයා චරිතවත් කියල ඔප්පු කරන්න.

      Delete
    5. උඹට ඔය ණය ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද බං? උඹට හීනෙනුත් ඔය ණය ගනුදෙනුව පේනවද? බලපං අභීතයා ඒක ලස්සනට අමතක කරලා දාලා ඉන්න හැටි. ඇයි උඹට බැරි?

      Delete
    6. අභීත,

      සල්ලි හොයන්න මහන්සි උන එකා තමයි ඒකෙ අමාරුව දන්නෙ, නැතුව හොරාට කඩා වඩා ගන්න උඹල වගේ කාළකන්නි නෙමෙයි. ඒ නිසා මගෙ සල්ලි ආපහු ලැබෙනකල් මට නින්දයන්නෙත් නෑ, උඹට සැනසිල්ලෙ සුදන වගේ ඉන්න දෙන්නෙත් නෑ.

      Delete
    7. තවම ගෙව්වේ නැද්ද?

      Delete
  12. හිනියට නෙමේ මහ සද්දෙට...

    ReplyDelete
    Replies
    1. මං ප්ලෑන් කරලා මල්ලීව ඇක්සිඩන්ට් කරලා වගේ නේද?

      Delete
  13. කතන්දර මේ කතන්දරය අහලා තියෙනවද?

    ඔන්න එක් ගොවියකුගේ අශ්වයා නැති වුණා. දැන් දන්න අඳුනන හැමෝම ඇවිත් ගොවියාට ශෝකය පළ කරනවාලු. ගොවියා කියනවාලු "ඕව ඔහොම තමයි. ගණන් ගන්න එපා" කියලා.

    ටික දවසකින් මේ නැතිවුණු අශ්වයා කැලේ ඉඳලා වෙළඹකුත් අරගෙනම ආවාලු. දැන් ගොවියාට අශ්වයින් දෙන්නයි. හැමෝම සතුට පළ කරනවා. ගොවියා කියනවාලු "ඕව ඔහොම තමයි. ගණන් ගන්න එපා" කියලා.

    ඊට පස්සේ මේ ගොවියාගේ පුතා අළුත් වෙළඹ හීලෑ කරන්න ගිහින් කකුල කඩා ගන්නවා. ගැමියෝ ඔක්කෝම ශෝකය පළ කරනවා. ගොවියා කියනවාලු "ඕව ඔහොම තමයි. ගණන් ගන්න එපා" කියලා.

    දැන් ගොවියාගේ පුතා කකුල කැඩිලා ඇඳේ. හදිසියේම රටේ රජ්ජුරුවො නීතියක් දානවා හැම තරුණයෙක්ම යුද්දෙට යන්න ඕනෑ කියලා. කකුල කැඩිලා නිසා ගොවියාගේ පුතා ඒකෙන් බේරෙනවා.

    "ඕව ඔහොම තමයි. ගණන් ගන්න එපා!" මල්ලීටත් කියන්න.

    මොකද මල්ලීටත් ඒ වගේ පොට්ට චාන්ස් එකක් වදින්න බැරි නෑ ගොයියෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. බලමු ලබන මාසේ ප්ලාස්ටරේ කැපුවාම!

      Delete
    2. This is a old chinese story.... great!

      Delete
    3. That one is an old chinese story... I like it very much...

      Delete
    4. An old Chinese story... I love it very much...

      Delete
  14. දැන් පී අච් අයි මහත්වරුන්ට අයාලේ යන බල්ලන් මරන්න තියෙන අවස්ථාව රාජ්‍ය නොවන බලු සංවිදාන විසින් නැතිකරලා..මටනං බලු ජීවිත වලට වඩා මනුස්ස ජීවිත ලොකුයි..ඒ නිසා අයාලේ යන බල්ලන්ට දිවිය සම්පත්තිය ලබාගත හැකිවෙන්න උන්ට ලස්සන පොටෝ එකක් පෙන්වලා මරන්න ඕනි...එකපාර..
    පින්කරලා නැති බල්ලා අවසාන සිත සමග සිත පහදගෙන දිවිය ලෝකෙ යයි..

    ReplyDelete
    Replies
    1. @ amila chathuranga
      (කකාගෙ ටොපික් එකට අදාල නෑ)
      බල්ලොන්ගෙ ජීවිතත් ජීවිත තමයි....
      අහිසක සත්තු අපේ ගොන් වැඩ වලට පලි නෑ....
      බල්ලෙක් ඇතිකරොත් උඹලගෙ ගෙදර මිනිස්සුන්ටත් තේරෙයි හරකෙක් හැදුවට වඩා කොච්චර ඒක හොදද කියලා....
      ලබන ආත්මයේ ඔබ බල්ලෙක් වී ඉපදී එක පහරින් ඔබ මරා දැමීමට මා හට හැකිවේවා කියා මා පතනවා...

      Delete
    2. පුරාණ ගෝත්‍රිකයින් තමුංට මතයෙන් විරුද්ධ වෙන මිනිස්සුන්ට...තමුංට ඉගියකින් හරි විරුද්ද වෙන මිනිහාට දුන්න එකම ප්‍රතිචාරය ප්‍රචන්ඩත්වය...සුද්දා කලිසම අන්දලා සුද්දගේ එඩියුකේෂන් එක දුන්නට සුද්දට මේ ගෝත්‍රික මිිනිස්සු සමහර දෙනකුට මොලේ දෙන්න බැහැ..

      Delete
    3. අමිල,
      හා හා... වෙරි ෆනී.... ඔයාගෙ මොලේ නම් මැක්සා මොලේ.... උඹේ ගෝත්‍රික මතවාද උඹගෙ අධ්‍යාපනයට ගැලපෙනවා...
      බල්ලො මරන එක තමයි යකෝ ගෝත්‍රික.... බල්ලන් බෝ නොවන තත්ව‍යට සමාජයක් / එහි ආකල්ප ගොඩ නැගීම, බල්ලන්ගෙන් බෝ වන රෝග / අනතුරු අවම කර ගැනීමට වැඩ පිලිවෙලවල් යෙදීම තමයි සභ්‍යත්වය.....
      සතුන්ට ආදරය දක්වමින් ඔවුන් බුද්ධිමත්ව පාලනය කරමින් අපේ ගමනත් අපි ගමන් කිරිම තමයි සන්ස්කෘතික ප්‍රවණතාව....
      මරණවනම් මුලින්ම මරන්න ඕනා උඹවගේ හරක්ව... කොහොමත් තව ජෙනරේශන් කිහිපයකින් ස්භාවික වරණයෙන්ම උඹ වගේ හිතන මිනිස්සුන් ගෙ ජාන මේ ලෝකෙන් අතු ගෑවිලා යාවි කියලා සහතිකයි....
      (මේ කමෙන්ටුව නම් කකාගෙ පෝස්ට් එකට දන්න නැතුවම අදාල වුනා වගේ )

      Delete
    4. ඇනෝවා මුලින් බල්ලන් මැරීමට විරුද්ධ වී පසුව තමන්ම සුනඛ ඝාතකයෙක් වෙන්න හදන හැටි අපූරුයි!

      Delete
    5. කකා,
      අර පහල ඇනෝවා කියා ඇති සේ වෙඩි තියලා මරන්න ඕනි බල්ලොත් මේ අතර සිටී... එයට සුනඛ ඝාතකයෙක් අනිවා අවශ්‍යවේ, මා ආදරය කරන බල්ලා මැරීමට තවත් බල්ලෙක් යෝජනා කරයිනම් ඒ බල්ලා මැරිමට මම පසුබට නොවෙමි....

      Delete
    6. මට නම් පේන්නේ ඇනෝ පොරයකට අර අඳින බවයි!

      Delete
  15. බැල්ලියෙක් වෙන්න පුලුවන්.... බල්ලෙක් වෙන්න පුලුවන්....

    බල්ලො පැනලා බයිසිකල් පෙරලුනාට බල්ලෙක් බිරුවට කදු පාත් වෙන්නෙ නෑ.....

    හැම තැනම බල්ලො ඉන්නවා... කොහොම බෝ වෙන එක නවත්තන්න හැදුවත් නවත්තන්න බෑ.... ඔයාට නෙවෙයි කකා ගෝඨාටත් බෑ.......

    හැබයි බල්ලො ඉන්නවා කියල බයිසිකල් පැදිල්ල හරි පාරෙ යාම හරි නවත්වනවනම් ඒක මෝඩ වැඩක්....

    බල්ලො නැති පාරක් කියන කන්සෙප්ට් එක මෙහෙ නැති උනාට ඇමරිකාවෙ තියනවා, හැබැයි ඒ රටේ බල්ලොන්ගෙ නිදහස සීමා වෙලා තියෙන්නෙ...

    බල්ලොන්ට නිදහසේ හැසිරෙන්න පුලුවන් පාක් එකක් වගේ තැනක් හැදීම ගැන පහුගිය කාලෙ ලන්කාවෙ කතාකලා..හොදට නඩත්තු කරන්න පුලුවන්නම් ඇත්තටම ඒ වගේ තැනක් සෑදීම ඉතා හොද වැඩක්......
    මොකද.. බල්ලොන්ටත් අයිතීන් තියෙන්න ඕනා, නිදහස තියෙන්න ඕනා......

    ඒත් වෙඩි තියලා මරන්න ඕනි බල්ලොත් මේ අතර ඉන්නවා... මට නම් හිතෙන්නෙ එහෙම හැසිරෙන්නෙ බල්ලෙක් කෑව නිසා බල්ලෙක් වගේ හැසිරෙන මිනිස් බල්ලෙක්....

    නමුත් කකා ඔයා බල්ලෙක් නෙවෙයි කියල අපි දන්නවා.....

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි!

      Delete
    2. බල්ලොන්ට නිදහසේ හැසිරිය හැකි පාක් එකක් හදමු.... ඇනෝනිමස් ආතල් නැවත අරඹමු...

      Delete
    3. ආ අභීත, ඊට කලින් මගෙ ණය ගෙවල හිටහන්.

      Delete
    4. සල්ලි හම්බවෙලා වගේ කොල්ල උඩ පනින්නෙ...

      Delete
    5. අභීත නෙවෙයි මම බොන්ග... අනේ උඹට වෙච්ච වැඩේ... මේ ඒක නෙවෙයි සෙට් වෙමුද?

      Delete
    6. තාම සල්ලි ලැබුනෙ නැද්ද? අපි හිතුවා පොලීසියෙන් සල්ලි අරන් දුන්නා කියලා...

      Delete
    7. උඹට ඔය ණය ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද බං? උඹට හීනෙනුත් ඔය ණය ගනුදෙනුව පේනවද? බලපං අභීතයා ඒක ලස්සනට අමතක කරලා දාලා ඉන්න හැටි. ඇයි උඹට බැරි?

      Delete
    8. අභීත,

      සල්ලි හොයන්න මහන්සි උන එකා තමයි ඒකෙ අමාරුව දන්නෙ, නැතුව හොරාට කඩා වඩා ගන්න උඹල වගේ කාළකන්නි නෙමෙයි. ඒ නිසා මගෙ සල්ලි ආපහු ලැබෙනකල් මට නින්දයන්නෙත් නෑ, උඹට සැනසිල්ලෙ සුදන වගේ ඉන්න දෙන්නෙත් නෑ.

      Delete
    9. That dog must be saying "Who is the devil riding that bike"

      Delete
  16. ඉක්මනට සුවවෙයි...! යන පාරේ හරහට පනින බල්ලෝ නම් ඕනෙ තරම් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව්, දැන් සති හයක්ම ගියා! තව දෙකයි ප්ලාස්ටරයේ!

      Delete
  17. මුල්ම කාලයේ පැමිනි ෆල්සර් බයිසිකල් වල ගොස් තදින් බ්‍රේක් කිරීමේදී වෘෂණ කෝෂ තද වීමෙන් මද සරු භාවය ඇතිවිය හැකිය.....

    කකාගේ මල්ලීට තිබුනේ ෆල්සර් බයියිකලයක් නොවේයයි සිතමි....

    ReplyDelete
    Replies
    1. පොරට පරම්පරාව ගෙනියන්නට ළමයි සිටිති. මදසරු බාවය අදාල නැත.

      Delete
    2. නියම කොමෙන්ටුවක් !!!

      Delete
    3. කකා මදසරු භාවය ඇති වුනත් කිසිම ගැටලුවක් නැත...ප්‍රධාන වශයෙන්
      1. ආහාර,
      2. කායික නීරෝගීතාවය පවත්වා ගැනීම සදහා ව්‍යායාම,
      3. මානසික නිරෝගීතාවය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

      මේ අයුරින් ප‍්‍රතිකාර කිරීමෙන් ඉතා සාර්ථකව මඳසරුභාවය සුව කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට හැකියි.

      මේ ආකාරයෙන් ද සාර්ථක නොවේනම් යුවතිපති දෙදෙනාම ගෙන්වා ප්‍රථිකාර කිරීමද... එයත් සාර්ථක නොවේනම් යුවතිය තනිව ගෙන්වා රහස් ප්‍රතිකාරයක් කිරීමෙන්ද මද සරුභාවය සුව කල හැක....

      Delete
  18. බලු අයිතිවාසිකම් සුරකිමු!!!

    ReplyDelete
    Replies
    1. තල්මසුන්ගේ අයිතිවාසිකම් ගැන බලන්න අය හිටියාට හාල්මැස්සන්ගේ අයිතිවාසිකම් ගැන කාගෙන්වත් වැඩි සද්දයක් නෑ.

      බල්ලන්ගෙනුත් ඇල්සේෂන් වෙනස් වල් බල්ලෝ වෙනස්!

      Delete
  19. බයිසිකල් ඇක්සිඩන්ට් නිසා තමයි කකා අදටත් හදිසි අනතුරු වාට්ටුවේ වැඩිම කට්ටියක් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මුල කාලේට වඩා අඩු ඇති?

      Delete
  20. පාරේ වාහනයක් ගෙනියන කොට අනුගමනය කරන්න ඕනේ හරක් පු*න් බලු ඔළුවෙන් කියන කතාව අහල නැද්ද>
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අදමයි මේ කෑල්ල ඇහුවේ! තෑන්ක්ස්.

      Delete
    2. හික්ස්.. එළකිරි කථාව. හරකා වාහනයක් දැක්කට උගෙ ගමන නවත්තන්නෑ. බල්ල වාහනයක් දැක්ක ගමන් පස්සට යනව

      Delete
  21. හැබෑවටම කකා ඕනෑම තැනක කොටින්ම ඕනෑම රටක උනත් එක බල්ලෙක් ඇති එතන හරි ඒ රට හරි කුඩේ කුඩු වෙලා යන්ට . .

    ReplyDelete
    Replies
    1. බල්ලන් ගේ බලු වැඩත් ගෝලීයකරණය වෙලාද?

      Delete
  22. ITHIN KAKKIYE, malli jokek andala hitiye nedda. Malli wetunama choo giyada, Jee giyada, pada giyada, HARIMA DUKAI. Mallita thibunane pollak aragena ballage andu kadanna. Mehemath wal ballo innawane.

    ReplyDelete
  23. බල්ලට මුකුත් වෙලා නැතුව ඇති නේද?

    ReplyDelete
  24. මිනිස්සුන්ට වාහන වලින් යනකොට බල්ලන්ගෙන් වෙන කරදර වලට මිනිස් බල්ලොත් වග කියන්න ඔන..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මාර්ග අනතුරු වලට වග කිවයුත්තේ ශනි, කුජ යන ග්‍රහයන්.. මෙම ග්‍රහයන්ගේ මහ දසා අතුරු දසා එසේත් නැත්නම් සෙනසුරු ඒරාෂ්ඨක ඔබේ මල්ලීට පැවතියා විය හැක...
      විශ්ණු දෙවියන්ට පූජාවක් පවත්වා කන්නලව් කිරීමෙන්, දින 7ක් බෝධි පූජා පැවැත්වීමෙන්, උදෑසන කිරිබත් තනා පූජාකර දින 7ක් බෝ මලුව ඇමදීමෙන්, කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් ආහාරයට දීමෙන් මෙම අපල මග හරවා ගැනීමට තිබුනි...
      තවද නිවසින් බැහැරව යාමේදී හෝ යම් වැඩක් ඇරඹීමේදී රාහු කාලය, ශනි හෝරාව කුජ හෝරාව මග හැරිය යුතුය....මේ කාලය තුල වැසිකිලි වත් නොයා යුතු බව මගේ අදහසයි... ( වැසිකිලිය තුල ලිස්සා වැටී සෙට් එක කොමඩ් එකේ වැදී මද සරු භාවය ඇතිවිය හැක )...
      ඔබේ මල්ලී මේවා ගැන දැනුවත්ද?
      පක්ෂියා රජයන වෙලාවට එලියට බසින්න, ගුරු, සිකුරු හෝරාවෙන් ජය, යුද්ධයට කුජ හෝරාව, සදු, රවි,බුධ මධ්‍යමයි.... ස්වස්ථි සිද්ධම්...
      (දාන්න ජෝති මේ වගේ කොමෙන්ට් එකක්, නමටත් ලැජ්ජයි.. )

      ප: ලි: සුර දැමීම හා නවරත්න මුදු දැමීමත් මෙම අපල වලින් ගැලවීමට සුදුසු වේ...

      Delete
    2. සාමාන්‍යයෙන් මාර්ග අනතුරු වලට වග කිවයුත්තේ ශනි, කුජ යන ග්‍රහයන්.. මෙම ග්‍රහයන්ගේ මහ දසා අතුරු දසා එසේත් නැත්නම් සෙනසුරු ඒරාෂ්ඨක ඔබේ මල්ලීට පැවතියා විය හැක...
      විශ්ණු දෙවියන්ට පූජාවක් පවත්වා කන්නලව් කිරීමෙන්, දින 7ක් බෝධි පූජා පැවැත්වීමෙන්, උදෑසන කිරිබත් තනා පූජාකර දින 7ක් බෝ මලුව ඇමදීමෙන්, කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් ආහාරයට දීමෙන් මෙම අපල මග හරවා ගැනීමට තිබුනි...
      තවද නිවසින් බැහැරව යාමේදී හෝ යම් වැඩක් ඇරඹීමේදී රාහු කාලය, ශනි හෝරාව කුජ හෝරාව මග හැරිය යුතුය....මේ කාලය තුල වැසිකිලි වත් නොයා යුතු බව මගේ අදහසයි... ( වැසිකිලිය තුල ලිස්සා වැටී සෙට් එක කොමඩ් එකේ වැදී මද සරු භාවය ඇතිවිය හැක )...
      ඔබේ මල්ලී මේවා ගැන දැනුවත්ද?
      පක්ෂියා රජයන වෙලාවට එලියට බසින්න, ගුරු, සිකුරු හෝරාවෙන් ජය, යුද්ධයට කුජ හෝරාව, සදු, රවි,බුධ මධ්‍යමයි.... ස්වස්ථි සිද්ධම්...

      (දාන්න ජෝති මේ වගේ කොමෙන්ට් එකක්, නමටත් ලැජ්ජයි.. )

      ප: ලි: සුර දැමීම හා නවරත්න මුදු දැමීමත් මෙම අපල වලින් ගැලවීමට සුදුසු වේ...

      Delete
    3. ඔන්න දැම්මා...
      සාමාන්‍යයෙන් මාර්ග අනතුරු වලට වග කිවයුත්තේ ශනි, කුජ යන ග්‍රහයන්.. මෙම ග්‍රහයන්ගේ මහ දසා අතුරු දසා එසේත් නැත්නම් සෙනසුරු ඒරාෂ්ඨක ඔබේ මල්ලීට පැවතියා විය හැක...
      විශ්ණු දෙවියන්ට පූජාවක් පවත්වා කන්නලව් කිරීමෙන්, දින 7ක් බෝධි පූජා පැවැත්වීමෙන්, උදෑසන කිරිබත් තනා පූජාකර දින 7ක් බෝ මලුව ඇමදීමෙන්, කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් ආහාරයට දීමෙන් මෙම අපල මග හරවා ගැනීමට තිබුනි...
      තවද නිවසින් බැහැරව යාමේදී හෝ යම් වැඩක් ඇරඹීමේදී රාහු කාලය, ශනි හෝරාව කුජ හෝරාව මග හැරිය යුතුය....මේ කාලය තුල වැසිකිලි වත් නොයා යුතු බව මගේ අදහසයි...
      ඔබේ මල්ලී මේවා ගැන දැනුවත්ද?
      පක්ෂියා රජයන වෙලාවට එලියට බසින්න, ගුරු, සිකුරු හෝරාවෙන් ජය, යුද්ධයට කුජ හෝරාව, සදු, රවි,බුධ මධ්‍යමයි.... ස්වස්ථි සිද්ධම්...
      ප: ලි: සුර දැමීම හා නවරත්න මුදු දැමීමත් මෙම අපල වලින් ගැලවීමට සුදුසු වේ...

      ජ්‍යොතිෂය අනුව නම් ඇනෝ හරි....

      Delete
    4. නමුත් ජ්‍යෝතිශ්‍යය වැරදියි... මක් කරන්නද ජෝති....

      Delete
  25. බල්ලට ඩැමේජ් නැද්ද?

    කකාගේ මල්ලිට සුවය පතනවා.හැබැයි දෙන්නා මෙච්චර ලොකු වෙලත් ඕයි බෝයි කියලා නෙහ් කතාව? :)

    ReplyDelete
  26. අපිත් දැක්කා කතන්දරට බ්ලොග් අවකාසේ බල්ලෝ කීප දෙනෙක්ගෙන්ම කරදර වෙනවා. සමහරු ගෙදරටම පැනලා වද දුන්නා. තව කතන්දර එහෙ මෙහෙ යනකොටත් කරදර උනා නේද?

    ReplyDelete
  27. වැඩි වියදමක් නැතුව (සමහරවිට නොමිලෙම - ඔෆිස් එකේදි) කරන්න පුළුවන් වැඩක් නිසා, ඇනෝල කට්ට්ය එහෙම කතන්දරේ වටේ ගෙනියනවා (නේද නේද). බල්ලෙක් පැනලා මල්ලිගෙ බයිසිකලේ පෙරලුනාට බල්ලවත් මල්ලිවත් වැරදි කාරයෙක් කියල කියන්න බැහැ. ඒ වුනත්, බලු ගහණය අතිශයෙන්ම වැඩි නිසාත්, ස්වාභාවික වරණයක් නැති නිසාත්, නගරසභාවේ වරණය නවත්වා ඇති නිසාත්, ඉදිරියෙදී තව තවත් ගැටළු වලට මුහුණ දෙන්න වේවි. (ප්‍රශ්නෙ තියෙන්නෙ දඩාවතේ යන බල්ලන්ගෙන්. ඇනෝල කතා කරන්නෙ බල්ලන්ට දඩාවතේ යාමට ඇති අයිතිය ගැනයි). විමුක්තිට පුළුවන්නෙ බල්ලො 10,000ක් එකතු කරගෙන කන්න බොන්න දීල තියාගන්න. මේක සෙල්ලමක් නෙවෙයි. එහෙන් ජලභීතිකාව. බැල්ලියන්ට ඉන්ඩෙක්සන් අහන්නෙත් නැද්ද මන්දා. ඇනෝලට පුළුවන්නෙ බල්ලන්ට කොන්ඩෝම් අන්දවන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් කොමෙන්ට් මොඩරේට් කරලා නිසා කොන්ඩම් දාල වගේ තමයි, මෙලොකේ ආතල් එකක් නෑ.... කරන්න ඕනවට කරනවා....

      Delete
  28. මගේ මෝටර් බයිසිකල් අනතුරු අත්දැකීම තියෙන්නේ හරකෙක් සමග (අදාල මතුපිට කතාවට පමණි )... අර කෝරළේ කිව්ව කතාව පැහැදිලි කරනව නං... බල්ල වාහනයක් දැකලා කලබල වෙච්ච ගමන් පනින්නේ පිටිපස්සට, හරකා මොන වාහනේ ආවත් උගේ ගමන ඌ යනවා. ඒ නිසා බල්ලගේ හොම්බ පැත්තෙන් සහ හරකාගේ පුක පැත්තෙන් යන්න ඕනේ.. "බලු හොම්බෙන්.. හරක් පුකෙන්".. මම හරකා වගේ හරකගේ හොම්බ පැත්තෙන් යන්න ගියා....

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ සුසමාදර්ශියෙක් එහෙම කරා කියුවාම මට නිකන් මොනාද වෙලා ගියා තිසර...

      Delete
  29. අසභ්‍ය වැකි ලියා එයින් ප්‍රීතියක් ලබන එක් රෝගියෙක් නිසා මේ බ්ලොගයේ කමෙන්ටු මොඩරේට් කරන්නට අකමැත්තෙන් වුවද සිදුවිය. මත වාරනයක් සිදු නොවේ. Comments with inappropriate/filthy content will be deleted.


    කොච්චර නැහැයි කිව්වට මත වාරණයකුත් හීනියට හීනියට සිද්ධ වෙනවා නේද කකා ???

    ReplyDelete
    Replies
    1. ඔව්.. අනිවාර්යයෙන්ම විය යුතුයි... ඔබ බල්ලෙක් නම් මෙහි තම වර්ගයා බෝ කිරිමට කරන ක්‍රියාව කිරීමේදී ඔබ විසින්ම සීමාකාරී අවස්ථාවෙ අවයවය එලියට ගනීනම් කිසිදු කොන්ඩමයක් අවශ්‍ය නොවේ... නමුත් නිසි ලින්ගික පාලනයක් නැති ක්ෂෙණික මෝචනය ඇති බල්ලන් මෙහි සිටින බැවින් කොන්ඩම් පැලදීම අනිවාර්ය්‍ය විය යුතුය...

      මඩක් ගැහුවත් ඒක ආට් එකකට කලොත් තාමත් ඒවා පබ්ලිශ් වෙනවා...
      ප: ලි: 27 වෙනිදට තව දින හතරයි... පිලිගන්න ලෑස්තිද?

      Delete
  30. See what a damage a dog has done... If there are few more such dogs "mulu ratama ballata yayi"

    ReplyDelete
  31. හපොයි රෝද දෙකේ ඒවනම් ඔහොම්මමයි... ඒත් ඉතිං මිනිහට හරි සමීපයි නොවැ.. මේකත් බලන්ටකෝ...
    රෝද දෙකේ කෙරුවාව

    අදමද කොහෙද කොමෙන්ටුවක් දැම්මේ.. ජය වේ!

    ReplyDelete
  32. මලයට ඉකමනි සුව වේවා! හැප්පුණු බලල බංග වේවා!!!

    ReplyDelete
  33. වාහන පැදිල්ල එපාවෙන්නේ.
    කොළඹ ට්‍රැෆික් එක අස්සේ...
    වලවල් තියෙන පාරවල් වල...
    කාපට් කෙලින් තියෙන පාරවල් වල..
    ගියාම තමයි.

    මලයට දැන් සුව වෙලත් ඇති. අද 29යිනේ..

    ReplyDelete
  34. මෝටර් සයිකල් කාරයන්ට පාරෙ අපල තුනක් තියනව
    1. කෙල්ල
    2. බල්ල
    3. වැල්ල

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.