Tuesday 8 January 2013

කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද? - I don't know how!


අත හේදුවායින් පස්සේ වේලාගන්න පහසු කරන උණුසුම් වායුව එන උපකරණ දැකලා තියෙනවාද, ඔය හොඳ තත්වයේ වැසිකිළි ලොබිවල හයි කරළා තියෙන්නේ.

උණුසුම් වායුවෙන් ජල බින්දු වේලිලා යනවා තමයි.

ඒත්,
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද?

එහෙම නැත්තම්,
කොල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කෙල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේළලා දාන්න පුළුවනිද?

මෙන්න මේ ගී පදමාලවේ ආරම්බයෙන් කියවෙන්නේ එහෙම සීන් එකක් ගැනයි.

ප්‍රතිඥා

මගේ සුසුමක උණුසුමින් ඔබෙ
නෙතේ කඳුලැළි වියලවන්නම්
ඔබේ දුක් සදහට මැකේ නම්
මගේ කඳුලින් මා හඩන්නම්

යොදුන් ගණනක් ගතින් වෙන්වී
සිතින් සැමදා ලඟින් ඉන්නම්
ඔබේ ගී පදයකට මා හද
සැලෙන රිද්මය මුසු කරන්නම්

බවේ කල පින් මදිව දෙලොවක
මෙදා අප වෙන් වෙලා සිටියට
සදා මේ බැමි අතර සිරවී
මෙලෙස අප දුක් විඳිනු කුමකට

සදා ඉඩ දෙමි ඔබට මා හද
පුදා මා ආදරේ ඔබ හට
අතීතයෙ නටඹුන් විතැත් කර
අනාගතයක් මවමු අප හෙට


සංගීතය: සංජීව පරණමාන
ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
පද රචනයඃ රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.

[There is an error in embedding code]

සින්දුව අහලා බලන්න.
http://www.youtube.com/watch?v=wmI6rlyv7tw

-කතන්දරකාරයා

(image: http://blog.wearebuild.com/2009/03/hand-dryers-from-around-the-world/)

27 comments:

  1. සංගීතය - හොඳයි
    ගායනය - දුර්වලයි
    පද රචනය - සතුටුදායකයි

    ReplyDelete
  2. පදමාලාව ලස්සනයි කතන්දර.

    //ඔබේ දුක් සදහට මැකේ නම්
    මගේ කඳුලින් මා හඩන්නම්//


    තමන්ගේ කඳුලෙන් නැතුව වෙන කෙනෙකුගේ කඳුලෙනුත් අඬන්ට පුලුවන්ද? :D

    ReplyDelete
  3. මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද වෙළද දැන්වීමකි. ඔබගේ දනිවිම සදහා රසික සූරියආරච්චි අමතන්න. ( නොම්මරේ ඉතින් කවුරුත් දන්නවනේ )

    ReplyDelete
    Replies
    1. නොම්මරේ 69

      Delete
    2. ඩබල් සීරෝ මිඩ්ල් වන්

      Delete
  4. මේකත් මේ වැසිකිළි ගිහින් අත් පිරිසිදු කරන ඔටෝමැටික් ක්‍රමයක්. මීට කලින් අහලත් ඇති. චූ හරි ජී හරි කරල ඉවර වෙලා අත් දෙක බිත්තියේ ඇති සිදුරු දෙකට ඔබනවා. එහා පැත්තෙ ඉන්න එකා ගඩොල් දෙකක් අරන් අර අත් දෙකට හොඳ පාරක් දෙනව.
    දන්නෙම නැතුව අත් දෙක තමන්ගෙ කටටටම යනව. ඉබේම සුද්ද වෙනව.

    ReplyDelete
  5. when limit 2012 = 2103
    Kathandarakaraya = Sindukaraya

    ReplyDelete
  6. කලින් පොස්ට් එකේදී නම් මම හරි සතුටු වුනා ඉන්ටිබල් ඉවරයි කියලා. දැන් එතකොට නියම කතන්දර දාන්නේ , ඇඩ් මැද්දෙන් පෙන්නන ක්‍රිකට් මැච් එකක් වගේද?

    ReplyDelete
  7. ඉදිරි කාලයේදි හෑන්ඩ් ඩ්‍රයර් වෙනුවට ඒ වගේ කෙල්ලෝ පාවිච්චි කරන්න බැරි නෑ.

    ReplyDelete
  8. මේ කමෙන්ට් මොඩරේට් කිරිල්ල නතර කර පෝස්ට් එකත්තෙක්ක කමෙන්ට් කියවීමේ අයිතිය තහවුරු කරන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි.
    ස්තුතියි

    මෙයට,
    බ්ලොග් පාඨකයෝ

    ReplyDelete
  9. තරහ වෙන්න එපා කතෝ.... නම කැත කර ගන්න එපා....

    ReplyDelete
  10. මෙව්වා සින්දු නෙවෙයි කකා... මේවා නිකන් බ්ලොග් හෑලි වගේමයි...

    ReplyDelete
  11. වෙරමුණ්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුවට ඇති මිනිස් අකමැත්ත සේම ඔබේ කවිත් මා හට පිලිකුල්ය...

    ලංකාවේ වැසියන්ගේ ආයු කාලය 1960 සිට 2010 වෙද්දී වසර 13 කින් ඉහළ ගොස් ඇත්තේ මෙවැනි නීරස ගීත නිතර අසන්නට නොලැබීමෙනි...

    අලිපාර පොතේ එන නිරාඩ නම් ගිරවාට මම නුඹව උපමා කොට දක්වමි....

    අද කොළරා රෝගයෙන් මිය යන කී දෙනෙක් ගැන අහන්නට ලැබෙනවා දැයි ගීත රස අගයන ලේඛකයා සොයා බලා ඇත් ද?

    මේ ගීත ඇසීමෙන් කොලරාව වැලදී බඩ ගොස් මියයන්නේ මිනිසුන්ය.....

    ReplyDelete
  12. //යොදුන් ගණනක් ගතින් වෙන්වී
    සිතින් සැමදා ලඟින් ඉන්නම්..//අතීතෙදි කියල,
    ඕන බම්බුවක් වෙච්චදෙන්
    //අතීතයෙ නටඹුන් විතැත් කර
    අනාගතයක් මවමු අප හෙට..//
    කියල වර්තමානයෙදි කියන කථාවක් ගැනද මෙ එතකොට කියන්නෙ
    කව්ද මේ ධම්මිකා දේවසුරේන්ද්‍ර කියන ඇත්තී.. කලින් සින්දුවෙත් හිටියනෙ.. සාර්ථක බ්ලොගයක් පසුපස තියෙන රහසද?

    ReplyDelete
  13. ඔය ගීතය බාගන්න අවස්ථාවක් ලබා දෙන්න.

    අවවාදයයි.
    මෙම ගීතයත් යූ ටියුබ ක්ලිපයක් වශයෙන් බ්ලොගයේ එල්ලීමෙන් වලකින්න. එවිට බ්ලොගය ලෝඩ් වීම පමාවේ.

    ReplyDelete
  14. වයිෆ් ගෙදර නොහිටපු දවස් ටිකේ ධම්මි එක්ක සින්දු හදපු එකද කරේ..... ලොකු ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද?

    ReplyDelete
  15. කඳුළු......කවදාවත් වියලෙන්නේ නෑ...

    ReplyDelete
  16. අනේ කකා මේ සිංදු ලිවිල්ල පැත්තකින් තියලා දිගටම පොත් ලියන්න. මේ සිංදුනම් මෙලෝ රහක් නෑ...

    ReplyDelete
  17. බ්ලොග් ගුත්තිල කවි
    මේ කතන්දරකාරයා ඒ කතන්දරකාරයාමද
    =කතන්දරකාරයා=
    නොමිහිරිද මේ බ්ලොග
    බැලූවද මෙයින් වැඩි බොග
    නැතහොත් නැත නුවණ ?
    කියව නොසුතුටු වන්ට කාරණ

    =කියවන්නෝ=
    අයියේ මෙ බොග තට
    ලියන්නට බැරිද හරියට
    ඉන් තෝ මෙහි නොසිට
    යවන්නද දැන්ම කොළඹට

    =කතන්දරකාරයා=
    මෙ බොග අසමානය
    ඉන් කළෙමි පෙර මානය
    තවත් මා අසමානය
    ඉතින් විඳ කිම්ද අවමානය

    =කියවන්නෝ=
    උගන සිප් සොදසේ
    සිටිය බලවත් වයසේ
    තොට මහලු වයසේ
    බැරිය බොග් කෙරුවාව පෙර සේ

    ReplyDelete
    Replies
    1. ගින්දර කවි ටිකක්.

      Delete
  18. Boralu Para Teledrama eka liyanneth obathumada?..E teliyanam maru....

    ReplyDelete
  19. මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා දැන් ආයෙත් ඔප්පු වුනා. ලේ මිසෙරාබ්ල සංගීතමය චිත්‍රපටිය බලද්දී මට ඇඩිච්ච විදිහටම මේ බ්ලොග් එක දැකලා ඇඩුනා....

    අර කවුද කියන විදියට මම යකඩ හිතක් තියෙන ගැහැණියෙක් යැයි හිතන්න මාත් කැමති වුනත්, මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා දැන් ආයෙත් ඔප්පු වුනා....

    විමසා බලන්න. ඇනෝ නැවතත් විවර කිරීමේ තීරණය ඔබේය. ඊට කැමති හෝ අකමැති වූ පමණින් විසඳුම වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙන්නේ ප්‍රතිඵලයයි. විසඳුමට කැමති වුවහොත් යහපත් ප්‍රතිඵලයන් ද අකමැති වුවහොත් අයහපත් ප්‍රතිඵලයන් ද ලැබේ. තෝරාගැනීම ඇත්තේ ඔබේ අතයි.

    තෝරාගැනීම නහයෙන් හඩනා ප්‍රොෆයිල් කරුවන්ට හා... කෝපයෙන් බෑගිරි ගානා ගෑනුන්ට බාර කරන්නේ නම් ඉතිහාසයෙන් දැකිය හැකි බ්ලොග් ලොව කුජීත වීම් වැනි තෝරාගැනීම් අනුන් විසින් ඔබට තෝරා දෙනු ඇත!!!!

    ReplyDelete
  20. KAKKA THUMA AYEMATH KAI PADA KARE THIYAN. melo rahak nathi wachana set.

    ReplyDelete
  21. අද කකාට දොස්මුරයක්ම ලැබිලනේ..

    ReplyDelete
  22. අනේ රිසානව මරන්න එපා කියලා මම CNN එකට ඊමේල් ගානක් යවලත් එයාව මරලා කතන්දර.... අයියෝ....

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ දැන් CNN එක අහන්නේ නෑ. තරුණ කාලේදිවත් ඉල්ලීමක් කලා නම්...

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.