Wednesday 12 December 2012

එක් අනුවණයෙක් හොඳටෝම සෑහේ - Just one fool is more than enough


එදා වසර 2008 නොවැම්බර් මස පහළොස්වෙනි සෙනසුරාදාය. දහවල් එකට පමණ මිතුරෙකු ගේ මෝටර් රථයට කොටුවේ දී ගොඩ නැගුනෙමි.

අප ගමන් කළේ නුවර පාර දිගේ කඩවත ප්‍රදේශයටයි.

සෙනසුරාදාවක් වුවද මාර්ගයේ තරමක වාහන තදබදයක් පැවතුණි. අපේ රථය පෑලියගොඩ පසුකර කිරිබත්ගොඩ දෙසට ගමන් අරඹන විට තදබදය තව් වැඩි වූවා සේ දැනුණි.

කැලණිය දුම්රිය ස්ථානට නුදුරින් නුවරපාරේ දුම්රිය මාර්ගයට ඉහළින් ගොඩ නංවා ඇති තාවකාලික කොන්ක්‍රීට් පාලම වෙත අපි කෙමෙන් කෙමෙන් ළඟාවීමු. මේ වන විට මහා මාර්ගය වඩාත් සමාන වූයේ රථ ගාලකටය. අප ඉදිරියට ඇදුණේ ගොළුබෙල්ලන් වුවද සිනා ගන්වන තරම් වේගයෙනි.

එයින් උකටලී නොවී, මිතුරා ගේ සුවපහසු වාහනයේ අසුන් අරා වායුසමණිත සිසිලේ ගිලෙමින් ඔහු සමග පැරණි මතකයක් ගැන සුහද පිළිසඳරක යෙදෙමින් සිටි මා නෙත එකවරම ගැටුණේ පුදුම උපදවන සුලු දසුනකි.

අප රථය සහ තවත් සියයක් මෝටර් රථ තාවකාලික කොන්ක්‍රීට් පාලමේ නුවර දෙසට ඇදෙන උතුරු මං තීරුවට එලැබෙන්නට පොරොත්තුව හිරවී සිටින අතර එක් නොහික්මුණු, අනුවණ මෝටර්රථකරුවෙක් දකුණු දෙසට විහිදුණු මං තීරුවේ, එනම් කොළඹ දෙසට එන වාහනවලට වෙන් කර ඇති කොටසේ කිරිබත්ගොඩ දිශාවට තම රථය පදවයි.

"බුදු අම්මෝ!" මට ඉබේම කියවිණි "ලොකු ඇක්සිඩන්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා. අන්න අර කාර් එක වැරදි පැත්තේ යනවා!"

"කවුරු හරි ලොකු හයිරංකාරයෙක් වෙන්න ඇති!" මගේ මිතුරා කීය.

"ඉතිං පොලිසියෙන් අල්ලන්නේ නැද්ද?"

"ඇල්ලුවට මොකද? ලොක්කෙක් හෝ ලොක්කෙක් ගේ අතවැසි සොක්කෙක් නං වැඩක් තියෙනවායැ."

මේ සිද්ධියෙන් අපට තේරුම් යන එක සත්‍යයක් ඇත.

අප කොයි තරම් පරීක්‍ෂාකාරීව, මාර්ග නීති පිළිපදිමින් අපේ මෝටර් රථ පැදෙව්වත්, එක් අනුවණයෙකු කරන නීති විරෝධී ක්‍රියාවක් නිසා ඒ සියල්ල නිෂ්ඵල වී අනතුරක් සිදුවීමට ඉඩ ඇත.

අධිවේගී මාර්ගයක වැරදි දිශාවට ගමන් කළ රියක් නිවරදිව ධාවනය වූ රියක් හා ගැටී අට දෙනෙකු මිය ගිය පුවතක් මම නොබෝදා ඇසීමි.

එදා කැලණියේ දී අනතුරක් සිදු නොවුණි. නමුත් මා කලින් ලියා ඇති රතු කොරොල්ලා කාර් එකේ පැජරොයියා හැප්පුණු අනතුර සිදුවූයේ මේ ආකාරයට එකෙකු ගේ වරදිනි.

මේ සත්‍යය වාහන පැදවීම ගැන විතරක් අදාළ දෙයක් නොවේ.

අප සමාජයේ බොහෝ අවස්ථාවල දී අපට පෙනෙන්නට ඇති පරිදි, අප කොතරම් නිවරදිව, පරීක්‍ෂාකාරීව, නීතිගැරුකව, ප්‍රතිපත්තිගරුකව වැඩ කළත්, එක් අනුවණයෙකු ගේ ක්‍රියාවකින් ඒ සියල්ල නිෂ්ඵල වී අපට ද දොස් ඇසීමට සිදුවෙනු ඇත.

එසේම මෙය අප වසන තාත්වික ලෝකයට පමණක් නොව අතථ්‍ය බ්ලොග් ලෝකයට ද සත්‍යයකි.

-කතන්දරකාරයා

ප/ලි:
සත්‍යය වටහා ගැනීම සැනසිල්ල හෙවත් නිවනට මුල පිරීමයි!


(http://www.sundayobserver.lk/2008/03/30/fea08.asp)

68 comments:


  1. 'බල්ලන් සමඟ නිදාගත් විට මැක්කන් සමඟ නැගිටීමට සිදුවේ'

    කාලීනම උදාහරණය

    ReplyDelete
    Replies
    1. සහමුලින්ම වැරදියි අර්ථදැක්වීමක්.

      වාහන තදබදය මග හැරීමට වැරදි මාර්ගයේ ගිය රථය අප පිටුපසින් පැමිණියද, එය සමහ අපේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. එක වෙලාවට එකම මාර්ගයේ ගමන් ගත්තා පමණි.

      අනිත් පසින් ආ රථයක් එහි හැපී අනතුරක් සිදුවූවා නම් එයද මාර්ග ණීති කැඩූ රඨයේම වරද මිස අනෙකෙකු ගේ වරදක් නොවේ!

      Delete
  2. කරන්න දෙයක් නැහැ කතන්දර, මම කතන්දර බ්ලොග් එක මුල් කාලයේ ඉඳලම බලන කෙනෙක්. ඒ වගේම හිතුනම ප්‍රතිචාර දක්වන්නත් කටයුතු කරපු කෙනෙක්. මුල් අවදියේ සිංහල බ්ලොග් අවකාශයේ පුරෝගාමී බ්ලොග් එකක් උනත් අවසාන අවුරුද්ද දිහා ආපහු හැරිලා බැළුවම කතන්දරට මොනවද හිතෙන්නේ?

    මැදිහත් සිතින් බලන විට මට නම් පෙනෙන්නේ කතන්දරගේ පරිහාණිය. මෙහෙම කිව්වා කියලා අමනාප වෙන්න එපා. සමහර විට අර ඉන්ටිබෙල් කතා කියලා කතන්දර ලිස්සලා යයි. ඒකට කමක් නැහැ. මොකද හැබෑවට නිදිනං අවදි කල හැකි. ඒත් හොරට නිදිනං කොහොම කරන්නද?

    පහුගිය දවස්වලනං මට හිතුනේම කතන්දර අනිකුත් බ්ලොග්කරුවන්ට මඩ ගහන්න මෙතන අවකාශ සලසලා සතුටක් ලබනවා කියලයි. දිගින් දිගටම ඒ දේ සිද්ධ වෙනකොට මං කල්පනා කලා ඇනෝ ඇවිල්ලත් කතන්දරමද අනිත් අයට මඩ ගහන්නේ කියලා. කාලයක් එක්ක ප්‍රසංසාවටම හුරු උනාට පස්සේ අනිත් අයගේ අවධානය අඩු වෙද්දී හිතට ඇතිවෙන දොම්නස් සහගත ස්වභාවය විසින් කොයි තරම් උගත් නැණවත් අයකු උනත් ලාමක තත්වයන්ට පත් කරවන බව අමුතු කාරණයක් නෙවෙයි.

    කතන්දර විසින් ලියන බ්ලොග් එක කතන්දරට උවමනා විදියට ලියන්න අවසර තියෙනවා තමයි. ඒත් බලන අපි ගැනත් සාධාරණයක් තියෙන්න ඕන නේද? එහෙම නොවුනොත් අපිට උනත් කලකිරෙන්නේ නැද්ද මේ තරම් දැන උගත් කෙනෙක් මොනවද මේ කරන්නේ කියලා.

    අළුත් පරම්පරාව ඉදිරියට යද්දී කතන්දරලා වැටෙන්නේ ඇයි. මාරයා මොන විදියෙන් හරි තාමත් කියවන්න දෙයක් දෙන්න උත්සහ කරනවා. ඒත් කතන්දර අපිව කඩේ යවන්න හදනවා. හිතේ දුකටමයි මේ ටික ලිව්වේ. තේරුම් ගන්න උත්සහ කරන්න. අනිත් අයට අපහාස කරන්න මේක වේදිකාවක් නොකර හරවත් යමක් කියවන්න යමක් දෙන්න බලන්න. නැත්තං කොයි තරං හොඳ උනත් ඔබතුමාටත් අවසානයේදී සිද්ධ වෙන්නේ කුණු බක්කියට වැටෙන්න. ඔබේ බ්ලොග් එක වගේම කමෙන්ට් ගැනත් ඔබට වගකීමක් තියෙනවා.
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ

      Delete
    2. ඔය මාරයා ගැන කියපු කෑල්ලට ඇරෙන්න අනෙක් දේවල් වලට එකඟයි. කතන්දර, මාරයා විතරක් නෙවෙයි දීර්ඝකාලීනව නොකඩවා බ්ලොග් ලියන හැම දෙනාම (අරුණි ශපීරෝ, මාතලන් පවා) ඇවිත් ඉන්නේ එකම තැනකට. මේ ගොල්ලන්ගේ මහා ලොකු ජනප්‍රියතාවය නිසා හිට්සුත් ඕනෑ. නමුත් පාඨකයින් බලාපොරොත්තු වන ආකාරයේ විවිධත්වයක් දෙන්නත් බැහැ. ඒක ඉතින් කාගෙවත් අඩුවක් නෙවෙයි. මාර්ටින් වික්‍රමසිංහලා සරච්චන්ද්‍රලා වුණත් දීර්ඝ කාලීනව බ්ලොග් ලිව්වා නම් අපට එපා වෙයි. හැමදාම දකින කුකුලාගේ කරමලයත් සුදුයි කියනවානෙ.

      Delete
    3. ඒක තමයි ගොන් හත්තිලව්වෙ අරුනි ඇනෝ ඇවිත් කියල ගිහින් තියෙන්නෙ....
      විවිධත්වය.... කාව හරි විවේචනය කරල ගන්නෙත් විවිධත්වයක් නේද... බලන්න ඉස්සර තිබ්බ ඇනෝනිමස් ආතල් බ්ලොග් එක..... කොච්චර ආතල්ද......

      Delete
    4. ඇත්ත. ඒකෙත් විවිධත්වයක් තියෙනවා තමයි. හැබැයි දැන්වත් මාරයාගෙ මෝඩකමයි, ඇදුරුගෙ නයායි, පොඩි සෑමාගෙ කාර් එකයි අත ඇරලා වෙන දේවල් අල්ල ගනිමුද?

      Delete
    5. @ Anonymous December 12, 2012 7:59 AM
      කතන්දරකාරයා යනු බ්ලොග් ලිවීමට සාදාගත් චරිතයක් මිස "ලේඛකයා" සහමුලින්ම නිරූපනය කරන්නක් නොවේ. මේ බ්ලොගය ඇරඹූ 2009 ජූලියේ සිට සිදුවූ සමස්ත සමාජ පරිහානිය දෙස බලන විට එක චරිතයක් හෝ බ්ලොගයක් පරිහානියට බඳුන් නොවී සිටින්නට අපේක්‍ෂා කරන්නේ ඇයි?

      මා ඇනෝ ලෙස ඇවිත් මගේම බ්ලොගයේ අනුන් ගැන ලියනවා කියා සිතන්නෙකු කරන්නේ තමාගේ පරිමානයට මා ඇද දමන්නට තැත් කිරීමක් පමණයි.

      එදත් අදත් මා ලියූ ප්‍රධාන කතන්දරවල තත්වයේ හෝ ඉන් මා ලද වින්දනයේ වෙනසක් මට නොපෙනේ. ඔබට පෙනේද?

      Delete
    6. ඒකනේ මට මේ කතන්දරත් , සමනල විප්ලවය ලියන්න්නේත් එකාම කියලා හිතන්නේ.....

      Delete
    7. @ Mayya

      එය මට කරන ගෞරවයක්ද, සමනලයාට කරන නිග්‍රහයක්ද වෙයි.

      මට සමනලයා තරම් නිර්මාණාත්මක ශක්තියක්, හික්මීමමක් හෝ වෙලාවක් නැත.

      Delete
    8. /එදත් අදත් මා ලියූ ප්‍රධාන කතන්දරවල තත්වයේ හෝ ඉන් මා ලද වින්දනයේ වෙනසක් මට නොපෙනේ./

      අපේ පැත්තෙ වයස අසූව වෙච්චි සීයා කෙනෙකුත් කිව්වා "බොලං දැන ගනින්, මායි ගෑනියි බැඳපු දවසේ වගේම තමයි තවමත්" කියලා!

      Delete
    9. @ Anonymous December 12, 2012 5:36 PM
      මා මුලින්ම ලියූ කතන්දරය (ජූලි 2009)
      http://kathandara.blogspot.com.au/2009/07/blog-post_11.html

      මා ලඟදීම ලියූ තකන්දරය (නොවැම්බර් 2012)
      http://kathandara.blogspot.com.au/2012/11/not-many-people-will-get-this.html

      Delete
  3. අනිත් අය වැරදි විදියට එලවනවා කියලා... අපිත් එහෙම කරන්න නරකයි.. අපි නීතීගරුකව එලෙව්වම වැඩේ අහවරයි..

    ReplyDelete
    Replies
    1. මමත් හැමදාම හිතන්නෙ එහෙම කරන්න තමයි . .. ඒත් මෝටර් සයිකල් එලෝන අපි මොන හිතකින්ද එහෙම කරන්නෙ ?

      Delete
    2. අප කෙතරම් හොඳින් සිටියද එක් අෙැයකු කරන එක වරදකින් සියළු දේ උඩු යටිකුරු විය හැක.

      Delete
    3. @ ඕනයා
      මෝටර් සයිකල් ගැන කතන්දරයක් අද ලියා අවසාන කළා. එය ඊළඟට දාන්නට ඉඩ තිබේ!

      Delete
  4. OYA SAMAHARA BOGALA WAGEMA MOODA DRIVERLATH INNA WA NE.

    ReplyDelete
  5. මෙය ඇනෝලාට පිදෙන කතා සීරීස් එකේ අන්තිම කතාව වේවා!

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝලාට පිදෙන කතා නොවේ.

      කතන්ද්‍රකාර් චින්තනයේ කොටස්ය.

      Delete
    2. "කතන්ද්‍රකාර් චින්තනයේ කොටස්ය."

      ඉතින් අපට පාන්ද?

      Delete
  6. @ Kathandara
    මම, කතන්දර කොමෙන්ට් මොඩරේෂන් පටන් ගත්තු දාසිට කතන්දරගේ බ්ලොගයට කොමෙන්ට් දැමීම නවත්වපු අනෝවෙක්. නැවත යමක් ලියන්න හිතුනේ AnonymousDecember 12, 2012 7:59 AM කොමෙන්ටුව දැකීමෙන්. මා විශ්වාසකරන අන්දමට බොලොග් කලාවේ අනන්‍යත්වය පවතින්නේ ඒහා බැදුණු සජීවී පාඨක ප්‍රතිචාර එහෙම නැත්නම් කොමෙන්ට්ස් මත. යම් පොස්ටුවකට වැටෙන කොමෙන්ට්ස් වලට පොස්ටුවේ රචකයාට වගකීමක් තිබේයැයි ප්‍රකාශ කිරීම එකගවිය නොහැකි කරුණක්.අපි හැමෝම දන්නා විදියට හරවත් කොමෙන්ට්ස් වලින් මතූ කරන කතාව බොහෝවිට පොස්ට් එකට වඩා පෙරටුගාමී හා පරිනත එකක් වියහැකියි. ඒ කියන්නේ පොස්ට් එකේ අදහස පරිණාමය වී ඉදිරියට යමටනම් නිදහස් අදහස් සදහා ඉඩක් තිබිය යුතුමයි. කෙනෙකුගේ අදහස් පලකිරීමේ නිදහස තවකෙකුගේ බල පරක්‍රමයට හසු නොවිය යුතුමයි.

    අනෙක් බ්ලොග් කරුවන්ට මඩ ගසනවා කියන්නේ කුමක්ද? යම් බ්ලොගයක් කෙරෙහි ඇති විවේචනයක් තවතැනක පලවන්නේ ඉහතකී බ්ලොග් කරුවන් තම බ්ලොගය විවේචනය කරමින් එන පාඨක ප්‍රතිචාර අධිපති වාදීව වලකන නිසා නොවේද. "මගේ බ්ලොගයේ ලියන්නේ මට ඕන දේ" කියා කිව හැකිද?, "මට ඕනදේ" ලිවිය හැකිමුත්, එය සියල්ලන්ටම නිරාවරණය කරන්නේ ඇයි. මට ඕනදේ ලියන්නට සුදුසුම තැන ඩයරියයි එසේ නොමැතිව බ්ලොගයක ලියා ප්‍රසිද්දකලවිට එය පොදු දෙයක් බවට පත්වේ , ලියූ දෙයට ප්‍රතිචාර කොහේ හෝ වැටේ. තමුන් ලියු දෙයට ප්‍රතිචාර දුටුවිට "මඩ ගසනාවෝ" යැයි විලපදිමෙන් පලක් නැත.

    මට හිතෙන විදියට කතන්දරගේ බ්ලොගයේ ගැටලුව ඇත්තේ යමක් දිගු කාලයක් පවත්වාගෙන යාමට ඇවැසි දැක්මක් කතන්දරට නොමැතිවීමයි.ඉලක්කයක හා දැක්මක වෙනස කතන්දර හදුනන්නේයි සිතමි.දෙවනුව කතන්දර තම වියමන් සමග ඇති එයින්ද්‍රිය බැදීම කාලයත් සමග ගිලිහි යාමයි. එනම් කතන්දර තම නිර්මාණයට ආගන්තුක වීමයි.උදා- මහගම සේකර හා උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදර ගීත වල වෙනස මෙන්, එහෙම නැත්නම් චර්මි කියන විදියට ලලක්කගේ හා ලදුනේ ගීතයේ වෙනසමෙන්.

    අන්තිමට කියන්න තියෙන්නේ Sumith Niriella කියුවවගේ කතන්දරගේ බ්ලොග් එක ටිපිටිප් වේගෙන එනවා කියන එක තමා. හොද නිර්මාණ කරන්න, සියල්ල හරියයි, ජය!!!

    ReplyDelete
    Replies
    1. පොඩි හාමුදුරුවො කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.

      Delete
    2. මා කලිනුත් කියූ පරිදි මා කතන්දරකාරයා චරිතය ගොඩ නගමින් බ්ලොගය ඇරඹුවේ මහා නිර්මාණ ඟෙහි පලකරන්නට හිතා නොවේ. මගේ අදහස් පිළිබිඹු වෙන පරිදි සරල කතන්දර ඇසුරෙන් ඉදිරිපත් කිරීමටය.

      එම අදහස එලෙසම පවතී.

      මා වාරණයට විරුද්ධවීම මගේ වරදක් ලෙස ඇතමුන් දකිති. මගේ භූමිකාව මට අවැසි පරිදි වේදිකාවක් තනාගෙන අන් අයට මුඛවාඩම් බැඳ තනියම ඩෙඟා නැටීම නොවේ.

      ඒ නයින් බලන කල ඔබේ සමහර අදහස් මගේ මතය හා ගැලපෙයි.

      Delete
    3. "..."මගේ බ්ලොගයේ ලියන්නේ මට ඕන දේ" කියා කිව හැකිද?, "මට ඕනදේ" ලිවිය හැකිමුත්, එය සියල්ලන්ටම නිරාවරණය කරන්නේ ඇයි. මට ඕනදේ ලියන්නට සුදුසුම තැන ඩයරියයි එසේ නොමැතිව බ්ලොගයක ලියා ප්‍රසිද්දකලවිට එය පොදු දෙයක් බවට පත්වේ , ලියූ දෙයට ප්‍රතිචාර කොහේ හෝ වැටේ. තමුන් ලියු දෙයට ප්‍රතිචාර දුටුවිට "මඩ ගසනාවෝ" යැයි විලපදිමෙන් පලක් නැත...."

      100%. කතන්දර තමන්ට අකමැති දේවල්වල්ට පහර ගසනවා නමුත්, තමන්ගේ පොර ටෝක් වලට, නයි ඇරිලි වලට ඒහා සමාන ප්‍රතිචාර ලැබෙනවිට "මඩ ගහනෝ" කියල අඩනව.

      Delete
    4. මා මට මඩ ගහනෝ යැයැ කියා හෝ ඒ ආකාරයෙන් අඬා හෝ නොමැත.

      මා ඇඬූ තැන් මෙන්න.
      1. http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html

      2. http://kathandara.blogspot.com/2010/06/blog-post_13.html

      3. http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

      .

      Delete
    5. "මා මට මඩ ගහනෝ යැයැ කියා හෝ ඒ ආකාරයෙන් අඬා හෝ නොමැත."

      http://kathandara.blogspot.ca/2012/12/sub-categories-of-naughty-anonymous.html

      http://kathandara.blogspot.ca/2012/12/just-one-fool-is-more-than-enough.html

      when you point one finger at others there are four fingers pointed at you

      Delete
    6. ඇඬීම සහ මඩ ගසනවා යැයි කීම ගැන ඔබේ සහ මගේ අර්ථ දැක්වීම වෙනස් බව පෙනේ.

      ඉහත දක්වා ඇති ලිපිවල ඇත්තේ මා කළ විශ්ලේෂණයකි. ඒවා ක්‍රෝධයෙන්, වෛරයෙන්, දුකෙන්, සංතාපයෙන්, ශෝකයෙන් කළ එකක් නොවේ. සරදමින්, උපහාසයෙන් සහ උපේක්‍ෂාවෙන් කළ ඒවාය.

      Delete
    7. very true kaka.... I agree with you....

      Delete
  7. කකා කියනකොටම මෙන්න ඇක්සිඩන්ට් එකක් හැප්පිලා, කඩවතම!

    http://www.dailymirror.lk/caption-story/24196-road-blocked.html

    ReplyDelete
    Replies
    1. අද උදේ ග්‍රහචාරය අනුව ඇක්සිඩන්ට් අනතුරු රටේ වෙන බව මංජුල පීරිස් කිව්වා නේද? කකා ට පිස්සු අනතුරු වෙන්නේ මෝඩයෝ හින්ද නොවෙයි ග්‍රටේ රහචාරය කේන්දරය අනුව ඇක්සිඩන්ට් එක වුන පාර හදන්න මුල් ගල තියපු නැකැත් වැරදි ඇති

      Delete
    2. දැන්වීමට ස්තුතියි.

      ඉස්සර නුවරපාර වැහුවාම අපේ ගමේ පාරෙන් බර වාහන හරවා යවනවා. එදාට අපිට හරිම සතුටුයි ලොකු ලොරී, ට්‍රක් නුවර බස් යනාදිය දැකලා!

      Delete
  8. තත්‍ය ලෝකයේ වෙන අනතුරක් වාගෙම අතත්‍ය ලෝකයේ වෙන සිත් රිදවීම් වලක්වාගන්න තමා මිනිස්සු සම්මුතීන් කියල දේවල් හදාගන්නේ / හදාගත්තේ කියලයි මට හිතෙන්නේ මහත්තයෝ..
    කෙනෙක් නුනුවනයි කියල අහක දාන දෙයක් තව කෙනෙකුට වීර ක්‍රියාවක් වෙන්න පුලුවන් - ඒහින්ද වෙන්නෑති මිනිස් ඉතිහාසය පුරාම මිනිස්සු සම්මුතීන් හදාගත්තේ... [නීති රීති පවා]
    සම්මුතීන් ඕනේ නෑය කියල හිතන්න පටන් ගත්තු දා ඉඳන් ඕන කෙනෙකුට ඕනෑම දෙයක් සාධාරණීකරගත හැකි නෙව..
    ඒත් ඉතින් පුද්ගලිකව දෙයක් අපටම වුණුදාට සිහි බුද්ධිය ඇති කෙනෙක් නම් ඉතින් ආයේ හිතා බලාවි සම්මුතීන්ගේ වැදගත්කම..
    ඒහෙම තේරෙන අය එව්ව රකින්නත් වැඩ කරාවි එදාට...

    ReplyDelete
    Replies
    1. අහිංසක වගේ පෙණුනාට මෙය භයානක ප්‍රකාශයක්.

      දැන් කවුද ඔය සම්මුතීන් වලට එන්නේ? සම්මුතීන් වලට එන්න පුළුවන් බ්ලොග්කරුවන්ට විතරයිනෙ. කමෙන්ට් කරුවන්ට හා ඇනෝලාට බැහැනේ.

      ඉතින් ඒ කියන්නේ බ්ලොග්කරුවන්ගේ සම්මුතීන් වලට කමෙන්ට්කරුවන් එකඟ විය යුතුයි කියලනේ.

      වෙනත් වචන වලින් කිව්වොත් බ්ලොග්කරුවන්ට පුළුවන් සම්මුතියකට ඇවිත් කමෙන්ට් බ්ලොක් කරන්න. එතැනදී කමෙන්ට්කරුවන්ගේ මතය ගැන අවධානයක් නැහැ. බ්ලොග්කරුවන්ට ඕනැ දෙයක් කියා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මාරයාට පුළුවන් තිස්ස අත්තනායකට බනින්න තමන්ට කැමැති විදියට. ඒත් තිස්ස අත්තනායකට (හෝ ඔහුගේ අනුගාමිකයකුට) ඊට පිළිතුරු දෙන්න බැහැ. මේකයි ඔය සම්මුතීන් කියන්නේ.

      මේක වුණොත් බ්ලොග් අවකාශයත් අද ලංකාවේ පුවත්පත් ලෝකය වගේ වේවි.

      මං හිතන්නේ තමන්ගේ බ්ලොග් එකේ ඕනැ කෙනෙකුට අයිතිය තියෙනවා කමෙන්ට් බ්ලොක් කරන්න. ඒත් ඒක සම්මුතියක් වුණොත් අපට නිදහසේ කිසිම දෙයක් කියන්න වෙන්නෙ නැහැ. ඒකද අපට ඕනැ?

      Delete
    2. සම්මුතීන් නැති වීමම මාධ්‍යයක් හැටියට බ්ලොග් ලෝකය ඉදිරියට යන බවට සාධකයක්. නැවත සම්මුතීන් ඇති කර ගන්නවා කියන්නේ අප ආපස්සට යන එකයි.

      Delete
    3. අප අතර තිබෙන බොහෝ සම්මුතින් පසුගාමී ඒවා බව මගේ අදහසයි.

      මා මුල සිටම උත්සාහ කලේ ඒ සම්මුතීන් අභියොගයට ලක් කිරීමටයි. උදාහරණ බ්ලොගයේ එමට ඇත.

      මේවා නුරුස්සන්නෝ මට ගල් ගැසූහ. මා ඒවා පල කලේද සම්මුතිය වූ වාරණයට විරුද්ධව යමිණි. සමහරු තමන් තනිවම නොසිතා අනුන් ගේ මත වදාරති. මගේ එකම දුක එයයි.

      උදාහරණයක් ළෙස මා චූ කතා ලියනවායැයි චෝදනා කරන අයගෙන් සමහරු සුචරිතවාදියෝ ය. ඔවුන්ට ඒ කතාවල ඇති සමාජ ප්‍රශ්ණය නොපෙනේ. නොබලති.

      තවත් පිරිසක් ඒ චූ කතා නරක ඒවා වුවද ඒවා ඇත්තේද කතන්දර 740+9 න් 1%කටත් අඩු ප්‍රමාණයක් බව කිසි විටකත් නොසිතා ඔහේ අණුන් ගේ මතයක්ම වමාරති!

      Delete
    4. agree with you

      Delete
  9. /කෙනෙක් නුනුවනයි කියල අහක දාන දෙයක් තව කෙනෙකුට වීර ක්‍රියාවක් වෙන්න පුලුවන්/

    අපි හිතමු A කියන පුද්ගලයා කියනවා සුදුපාට ෂර්ට් අඳින එක මෝඩයි කියලා. නමුත් B ට ඒක වීර ක්‍රියාවක්.

    නමුත් සුදුපාට ෂර්ට් අඳින එක මෝඩද නැද්ද කියන එක A හිතන දේ වත් B හිතන දේවත් මත රඳා පවතින්නෙ නෑ. ඒක රඳා පවතින්නේ අදාළ රටේ කාලගුණය, දූවිලි තියෙනවාද නැද්ද වගේ කාරණා මත. ඉතින් මේ කාරණා ගැන කතා කරන්න A හිතන්නෙ මොනවාද B හිතන්නෙ මොනවාද කියන දේ ගැටළුවක් කර ගත යුතු නැහැ.

    එහෙම නැතුව අරයාගෙ හිත රිදෙනවා මෙයාගෙ හිත රිදෙනවා කියලා කාරණා කතා නොකර ඉන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සියල්ල සාපේක්‍ෂයි.

      සම්මතයන්ට අභියෝග කල යුතුයි. ඉදිරියෙන් යන්නා මුල්ම වෙඩි පහරට ලක්වීමට ඇති ඉඩ ඉතා වැඩිය. එසේ නම්, එසේම වේවා!

      තථ්‍ය ලොකයේත් එසේ කරන්නට දිරි තිබූ මට මේ අතථ්‍ය ලෝකය කජ්ජක්ද?

      Delete
  10. [එසේම මෙය අප වසන තාත්වික ලෝකයට පමණක් නොව අතථ්‍ය බ්ලොග් ලෝකයට ද සත්‍යයකි.]
    කතන්දර ලොකු කතාවක්නෙ එක පාර කියලා ඇරියෙ?

    කොමන්ට් බලාගෙන යද්දි නම් මට හිතෙනවා හැමෝටම නැතත් කතන්දර වගේ කෙනෙක්ට නම් මොඩරේශන් උවමනායි කියලා.කොහොම නමුත් තමන්ට මඩ ගැහිල්ලක් උනත් මැදිහත් සිතින් ඉවසමුකො. මමත් කතන්දර බ්ලොගයට මුලින්ම ආවෙ වෙන සයිට් එකක ඇනෝවෙක් කතන්දරට බැනලා තියෙනවා දැකලා. ඒ මොකක්ද කියලා නම් අහන්න එපා.

    ReplyDelete
    Replies
    1. සමාජය විෂමයි. හැමෝම සනස්සවන්න බෑ. වාරණයට මා අකමැතියි!

      Delete
  11. //එක් අනුවණයෙක් හොඳටෝම සෑහේ //
    මෙන්න මේ කතාවට මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. දැට් මේක්ස් ටු ඔෆ් අස්!

      Delete
  12. එක මෝඩයකු හිටියාම හොඳටම ඇතිය. කුමාරසිරි හෙට්ටිගේ නැමැති එක මෝඩයා නිසා රට වැටුණු ආගාධය කියවන්න:

    ජනාධිපතිවරයාට අනුව මෙම දෝෂාභියෝගය සඳහා හේතු වී ඇත්තේ සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ගජ මිත්‍රයෙකු වන, දැනට වැඩ තහනමට ලක් වී සිටින පූගොඩ හිටපු මහේස්ත්‍රාත් අතිරේඛ දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතාව, විනය චෝදනා යටතේ, අධිකරණ සේවා කොමිසම විසින් වැඩ තහනමට ලක් කළ විට අරවින්ද පෙරේරා කුමාරසිරි හෙට්ටිගේ ව හමුවී ජනාධිපති ලවා අගවිනිසුරුවරියට කතා කොට ඈ ලවා අධිකරණ සේවා කොමිසමට තමාව නැවත සේවයේ පිහිටුවන ලෙස බලපෑම් කරන්නැයි ඉල්ලා ඇත.

    පසුව කුමාරසිරි හෙට්ටිගේ ගේ බලවත් ඉල්ලීම පිට ජනාධිපතිවරයා සිය ලේකම් ලලිත් වීරතුංග හරහා අගවිනිසුරුවරියට කතා කොට තිබේ. අරවින්ද පෙරේරාට ඇති විෂමාචාර චෝදනාවල බරපතලකම පෙන්වා දී ඇති අගවිනිසුරුවරිය ජනාධිපති ලේකම්වරයාට පවසා ඇත්තේ ඔහු සම්බන්ධයෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා හෙට්ටිගේ ට තත්වය පහදා දී පවසා ඇත්තේ ටික දවසක් නිහඬව සිටින ලෙස අරවින්ද පෙරේරාට කියන ලෙසයි.

    නමුත් ඉන් නොනැවතුනු කුමාරසිරි හෙට්ටිගේ අරවින්ද පෙරේරාගේ පියා වන දිවංගත නීතිඥ සිරි පෙරේරාත් ජනාධිපතිවරයාත් අතර පෙර පැවති සම්බන්ධය අරවින්ද පෙරේරාගේ සොයුරා වන නීතිඥ පින්සිත් පෙරේරා ගේ සම්බන්ධකම් දිගින් දිගටම පවසමින් ජනාධිපතිවරයාට ඇවිටිලි කර තිබේ. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ කුමාරසිරි හෙට්ටිගේ විසින් අරවින්ද පෙරේරාව හොර රහසේ ජනාධිපතිවරයා හමු වීමට රැගෙන ගොස් ඇති බවයි.

    හෙට්ටිගේ මේ වන විට අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ද කෙලින්ම කතා කොට මෙම කාරණය සිදු කරන ලෙස ඉල්ලා ඇතත් ඒ වන විට අගවිනිසුරුවරිය අරවින්ද පෙරේරා සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු පිළිවෙල කොමිසමේ ලේකම්වරයාට දන්වා තිබීම හේතු කොට ගෙන ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව මංජුල තිලකරත්න මහතා කුමාරසිරි හෙට්ටිගේට දන්වා ඇත. මෙය තමාට සිදු වූ මදි පුංචිකමක් ලෙස කුමාරසිරි හෙට්ටිගේ සලකා ඇත.

    දිවිනැගුම පනත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මෙම කාලය අතරතුරය. කුමාරසිරි හෙට්ටිගේ ට පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් විය. ඔහු එක් පැත්තකින් ජනාධිපතිවරයාත් අනෙක් පැත්තෙන් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාත් ගිනි තබන ලදී. තමන් දුන් ලනුව ජනාධිපතිවරයාත් බැසිල් ඇමතිවරයාත් පොර කමින් කනු දුටු හෙට්ටිගේ සිදු කලේ පසුපසට වී ඇවිලෙන ගින්නට පිදුරු දැමීමයි.

    හෙට්ටිගේ ගේ කූඨ උපක්‍රමයට හසු වූ ජනාධිපතිවරයා අගවිනිසුරුවරියට වහා පැමිණ තමා හමුවන්නැයි ජනාධිපති ලේකම්වරයා හරහා නියෝග කලේය. එකී නියෝගය ලිඛිතව එවන්නැයි එවිට අගවිනිසුරුවරිය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්නාය. ලිඛිත නියෝගය ප්‍රකාරව තමා පැමිණෙනුයේ අනෙක් සාමාජිකයන් සමග යැයි අගවිනිසුරුවරිය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන් විට ජනාධිපති ලේකම්වරයා පැවසූ යේ තනිවම පැමිණෙන ලෙසයි. අගවිනිසුරුවරිය එය එක හෙලාම ප්‍රතික්ෂේප කළාය. අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා තම කොමිසමේ සාමාජිකයන්ට බලපෑම් සිදු වන බවට පුවත් පත් නිවේදනයක් නිකුත් කලේ මේ කාලවකවානුවේ දීය .

    ඉන් සති කිහිපයකට පසු අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට නන්නාදුනන පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් පහර දෙනු ලබයි. එම පහර දීම සම්බන්ධයෙන් කිසිවකු කුමාරසිරි හෙට්ටිගේ ව සැක නොකළ ද අරවින්ද පෙරේරාගේ නම මාධ්‍ය කිහිපයක සදහන් වුවද නොපෙනෙන හස්තයකින් අරවින්දගේ නම යට ගසනු ලබයි.

    දෝෂාභියෝග චෝදනාව නිසා තමාත් තම රජයත් එරී ඇති මඩ ගොහොරුවේ තරම මේ වන විට ජනාධිපතිවරයාට තේරුම් ගොස් ඇති නිසා එය ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයකට යොමු කිරීමට මේ වන විට උත්සාහයක් පවතී.

    බඩුත් හාමුදුරුවන්ගේය නඩුත් හාමුදුරුවන්ගේය. අවසානයේදී පස මිතුරන් මිතුරන් වී ජයපැන් බොනු ඇත. දෑත් තවත් ශක්තිමත් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. @Anonymous December 12, 2012 3:12 PM,
      ඔබේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත්, උප්සාහය ප්‍රසංසනීයයි කොමෙන්ට් තිබිය යුත්තේ ප්‍රොෆිලයකින් පැමිණ මාත් අවා (මන් 1) කියා බ්ලොග් කරුවා සමග ෆිට් එක වැඩිකරගැනීමට නොව සාකච්චාව වෙන මානයකට ඔසවා තැබීමටයි.එල !!

      Delete
    2. නව මානයකට ඔසවා තැබීම කෙසේ වෙතත් කකා ලන්කාවෙ හිටියනම් මෙවැනි කොමෙන්ට් වලට ඉඩ දීමෙන් සුදු වෑන් වලට ඔසවා දැමීමට ලක් වීමට ඉතා පහසු ප්‍රවණතාවක් පවතී... (නමුත් ඔසී පී ආර් නිසා කිට්ටු වෙන්නවත් බෑ :)

      මීට නරකද මුන්නැහේ මේ බ්ලොග් අවකාසෙ කාට හරි මඩක් ගහලා චූටි ආතල් එකක් ගන්න එක...
      මොකද දැන් උඩ කොමෙන්ට් එකදැකලා "මරා" හරි "බැරා" හරි ඔය අරවින්ද හරි හෙට්ටිගේ හරි මෙතන ඇවිත් ආතල් දෙන්නෑනෙ... (සුදු වෑන් එව්වත් කවුරුවත් දන්නෙ නෑ)

      Delete
    3. මේ ඇනෝවා [Anonymous December 12, 2012 3:12 PM] කවුදැයි නොදනිමි. ඒත් ඔහු හෝ ඇය කොපි පේස්ට් කර ඇත්තේ ලංකානිවුස් වෙබ් හි ගිය ලිපියකි.

      මෙන්න සබැඳිය.
      ‘තෝ තමයි මට මේ ලනුව දුන්න කාළකණ්නියා’ - ජනාධිපති හෙට්ටිගේ ව පතුරු ගසයි.

      මෙය ලංකාව තුල ප්‍රොක්සි සර්වර් එකක් හරහා නොගියොත් වැඩ නොකරනු ඇත.

      Delete
    4. යන්තන් කකා පැය ගානක් ට්‍රයි කරලා හොයාගත්තා නේද ලින්ක් එක... නැත්නම් ලබන පාර කටුනායකින් බැස්සගමන් උස්සන්න හිටියෙ...

      ප: ලි: දැක්කද පින්වතුනි පිහියට තියන බය

      Delete
    5. මොනවද ළමයෝ පැය ගානක් ට්‍රයි කරන්නේ. මං දිනපතා, නිතිපතා බලන වෙබ් අඩවි දෙකෙන් එකක් තමයි ලංකානිව්ස්වෙබ්. අනික ලංකාඊනිව්ස්. තුන්වැනි එකක් තිබුණා ලංකාලීක්ස් කියා. දැන් ඒක වහලා!

      Delete
    6. //ඔබේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත්, උප්සාහය ප්‍රසංසනීයයි කොමෙන්ට් තිබිය යුත්තේ ප්‍රොෆිලයකින් පැමිණ මාත් අවා (මන් 1) කියා බ්ලොග් කරුවා සමග ෆිට් එක වැඩිකරගැනීමට නොව සාකච්චාව වෙන මානයකට ඔසවා තැබීමටයි.එල !!//

      ඉහත ඇනෝ ගේ මේ සදහනට මම කොන්දේසි විරහිතව එකගයි. සැබෑ ලෙසින්ම අප බ්ලොග් ලියන්නේ අන්තර්ජාලය හරහා නව මිතුරන් හදුනාගන්නටදැයි යන ප්‍රශ්නය බ්ලොග් කරුවන්ගේ බොහෝ කොමෙන්ටු කියවන විට මගේ සිතට නැගෙන කාරණාවක්.තම ස්වාධීන මතයන් ප්‍රකාශ කිරීමට බියවන සමාජයක බ්ලොග් ලෝකය තුළ ලැබී ඇති ඉඩකඩ පවා බොහෝ බ්ලොග් කරුවන් බාවිතා කරන්නේ ඵලකට නොමැති වල්පල දෙඩවීමටයි. ඒන්ද්‍රීය සමාජයේ කුණු ඕජස් ගලන පිටපොත්ත බ්ලොග් ලෝකයේත් ඒ ආකාරයෙන් දකින්න පුළුවන්.

      Delete
    7. සමහරු නම් බ්ලොග් ලියන්නෙ තනිකරම 'යාළුවො' ඇති කර ගන්න තමයි. හදිස්සියේ අතමාරුවක් ඉල්ල ගන්න (ඉන්දිකගෙන් අහන්නකෝ ඒ ගැන), පිටරට ඉඳන් එන කෙනෙකුගෙ දතක් ගලවලා ඔය ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්, සුරුට්ටු පෙට්ටියක්, බෝතලයක් වගේ දෙයක් කඩා ගන්න. ඒකට තමයි ඔය අය්යේ, අක්කේ කිය කියා කඩේ යන්නෙ. (කකාට නම් බ්ලොග් ලෝකෙ අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා නැහැනෙ.) අනෙක් අතට ඔය මං එක මං එක කියලා දාගන්න අයගෙන් නම් තව දේවලුත් ගන්න පුළුවන් ඇති. ගන්නවත් ඇති අපි නොදන්නවට.

      Delete
  13. කෙලින්න ඇති නයි සියල්ල තමාගේ පොරත්වය හුවා දැක්විමට ලියා.. ඇනෝ විරුද්ධවාදීන් බ්ලොක් කර... ප්‍රොෆයිල් විරුද්ධ වාදීන්ටත් "උඹ දන්නෑ මගේ හැටි" කියමින් බොරු පඩ ෂෝ දමනා මානසික රෝගී ස්වයන් වින්දකයන්ට වඩා කකා ගේ චින්තනය උසස් බව නොතේරීම, බ්ලොග් කරුවන් ගේ අවුලක්ද නැතිනම් සින්හල සමාජයේ අවුලක් දැයි නොවැටහේ...

    ReplyDelete
    Replies
    1. කතන්ද්‍රකාර් චින්තනය ගැනද ඔය කියන්නේ?

      Delete
    2. කතන්දර,
      ඔය ලබ්බ ගැන නෙමේ

      Delete
    3. මා කියුවේ ඔබේ උපේක්ෂාකාමී චින්තනය ගැනයි කතන්දර...

      Delete
  14. තරමක් හෝ නීතිගරුක රියදුරාලත් ලංකාවේ ඉන්නවා...ඒ අය ඉන්නේ නැගෙනහිර පලාතේ.... ඒ පැත්තේ ගියානම් බලාගන්න පුළුවන් වෙනස....

    ReplyDelete
    Replies
    1. උඩරට (Kandyan) අයට වඩා හැමරටේ අයම හොඳයි නේ!

      Delete
  15. @Kathandara Karaya
    මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා.මොකෝ පහුගිය දවස් ටිකේ නිකං සිහි විකල් වෙලා වගේ ලිපි ලියලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නෑ, මේ කියන්නේ මා කතන්දර ලියූ වේගය ගැනද? නැතිනම් කතන්දරවල අන්තර්ගතය ගැනද?

      වේගය නම් පෙරසේමයි, පහුගිය දිනවල අමුතු වැඩි-අඩුවීමක් වුනේ නෑ.

      අන්තර්ගතය ගැන නම් - දෙසැම්බරයේ මේ කතන්දරවලින් මොනවා ගැනද ඔබ කියන්නේ?

      1. දෙසැම්බර් 1 - කෝච්චියේ දී උක්කුං බීම සහ කනේ පාර

      2. දෙසැම්බර් 3 - මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද?

      3. දෙසැම්බර් 5 - මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා

      4. දෙසැම්බර් 7 - මසාජ් සහ ඉරෙක්ෂන්

      5. දෙසැම්බර් 9 - සිංහල බ්ලොග් ලෝකය ගැන ලියවුණු පැරණි ගීතය

      6. දෙසැම්බර් 10 - කතන්දර බ්ලොගයට ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු ලියූ තේමා ගීතය

      7. දෙසැම්බර් 12 - එක් අනුවණයෙක් හොඳටෝම සෑහේ

      මේ කතන්දරවලින් මොනවා ගැනද ඔබ කියන්නේ?

      Delete
    2. කකා, දැන් අන්තිම කැමැති පත්තරේ ලියලද තියෙන්නෙ මැරිච්චි දවසට මිනී පෙට්ටියෙ හතර පැත්තෙ http://kathandara.blogspot.com ලින්ක් එක දාන්න?

      Delete
  16. බ්ලොග් ලියන්න නවක අපට මේ සේරම කමෙන්ට් හරහා බොහෝ දේ දැනගත හැකි වුණා.

    ReplyDelete
    Replies
    1. ඔබ පලපුරුදු පත්තරකාරයෙක් කියායි මා හිතුවේ!

      Delete
  17. නීතියට ගරු කලාම ඉවරයි නෙ. එතකොට කරදරත් අඩුයි නෙ .

    ReplyDelete
    Replies
    1. මෙයාටත් මේකෙ කියන යතාර්තය පැහැදිලි නෑ වගේ

      Delete
    2. @ Chandi
      නීති විරෝධී වැඩ නං තාව කවුරුත් කරළා නෑ නේද?

      Delete
  18. කියවූ, ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ස්තුතියි.

    මෑත කාලයේ මා වැඩිම කාලයක් මිඩංගු කළ කතන්දරය මෙයයි. හැකි සෑම ප්‍රතිචාරයකටම පිළිතුරු දුන්නෙමි.

    නැවත හමුවෙමු!

    ReplyDelete
  19. ඒක තමයි සමහර මිනිස්සු තමන්ගේ වාහනේ ගෙදර දාලා බස් එකේ ගමන් යන්නේ ;)

    ReplyDelete
  20. යාපනය විශ්වවිද්‍යාලයේ පහනක් දැල්වීම නිසා සිරගත කල සහෝදරයින් වෙනුවෙන් පුංචි ගැජට් කෑල්ලක් (මෙව්වට කියන්නේ ගැජට් නේද?)හෝ එල්ලීමට සවින්ඥනක වීම ගැන කතන්දරට තුති!!! පුංචි වැඩි නිසාමද කොහෙද පරක්කු වෙලා දැක්කේ!!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.