Wednesday 9 May 2012

ලව් ලැටර් හුටපටයක් - You are the Jury (Love letter case)


මං මේ කියාගෙන එන්නේ ආසිරි මහත්තයා ගේ සහ විශාකා නෝනා ගේ නිවසේ වැඩට ආපු සුසන්තා කෙල්ල ගේ කතන්දරයයි.

ඇත්තටම කෙල්ලගේ මුල් නම සුසන්තා නෙමෙයි ආසිරි. ඒත් ඒ නම පාවිච්චි කරන්න තියෙන පැහැදිලි ප්‍රශ්ණය නිසා කෙල්ලගේම නමේ දෙවෙනි කොටස වන සුසන්තා කියලා කියන්න පටන් අරගෙන තියෙනවා වැඩට ආපු මුල් දවසේ ඉඳලාම.

ඒ නමේ කේස් එකේ අවුලක් තියෙනවාද කියලා අදහස් දක්වපු හැම දෙනාටම ස්තුතියි.

දැන් මෙන්න ආසිරි-විශාකා යුවල ගේ නිසි අවසරයෙන් යුතුව පලකෙරෙන මේ කතාවේ දෙවෙනි කොටස.

ආසිරි-විශාකා යුවලගේ ගෙදරට අල්ලපු ගෙදර මේ කාලේ තිබිලා තියෙන්නේ බාගෙට හදලා. ඒ කියන්නේ අයිතිකාරයෝ යට තට්ටුව හදාගෙන පදිංචියට ඇවිල්ලා උඩ තට්ටුවේ වහලේ සහ කණු විතරක් එක්ක. සුසන්තා වැඩට ආපු කාලේම වගේ උඩෙ තට්ටුවේ ඉතුරු වැඩ පටන් ගත්තාලු.

ගම් පලාතකින් ආපු බාස්සුන්නැහේ කෙනෙකු සහ ගෝලයේ දෙතුන් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට තමයි මේ ගේ හදන වැඩේ බාරවෙලා තිබුණේ. මේ තුන් හතර දෙනා තාවකාලිකව පදිංචිවෙලා හිටියේ අර බාගෙට හදමින් තිබුණු උඩ තට්ටුවේමයි.

ඔහොම මාසයක් දෙකක් ගියාය කියමුකෝ.

මේ වෙනකොට විශාකා වැඩට යන්නත් පටන් අරං. බබා බලන්න පවුලේ හිතවත් ඇන්ටි කෙනෙක් උදේට එනවා. ඒ කියන්නේ ආසිරි-විශාකා යුවල උදේ වැඩට ගිහින් හවස ගෙදර එනතුරු ගෙදර ඉන්නේ ඇන්ටියි, බබයි, සුසන්තා කෙල්ලයි විතරයි.

ඔන්න එක දවසක මොකක්දෝ දෙයක් හොයන්න කුස්සිය අස්කරපු විශාකා නෝනාට හම්බවෙලා තියෙනවා ටින් එකක දාලා හංගපු ලියුං දෙක තුනක්.

කියවලා බැලින්නම් මේ අර අල්ලපු ගෙදර මේසන් වැඩට ආපු කොල්ලෙක් මේ ගෙදර ඉන්න සුසන්තා කෙල්ලට දිපු ලව් ලෙටර්!

කෙල්ලත් උත්තර ලියලා තියෙන බවයි පෙනිලා තියෙන්නේ ඒ ලියුං වලින්.

මේ ලියුම් තුන හතර විශාකාට හම්බවෙලා තියෙන්නේ එදා රාත්‍රියේ. පහුවදා උදේම විශාකා කරලා තියෙන්නේ මේකයි.
  1. සුසන්තාව රැගෙන ගොස් ඥාති නිවසක නැවැත්වීම. හේතුව විශාකා සහ බබා දින කිහිපයකට ගමේ යාමට නියමිත වීම. ඒ කාලයේ සුසන්තාව කොළඹ නිවසේ තියලා යන්න බෑනේ.
  2. වහාම පැමිණෙන ලෙස සුසන්තා ගේ තාත්තාට ටේ‍රලිග්‍රෑම් එකක් යැවීම
  3. පහුවදා සුසන්තා ගේ තාත්තා පැමිණි පසු ඔහුට තත්වය විස්තර කරදී, පඩිනඩි, ගණුදෙණු බේරීම
  4. ඉන්පසු ඒ තාත්තාව ඥාති නිවසට රැගෙන ගොස් ඔහුට දියණිය බාර දී, ගමට යාම සඳහා පිටකොටුවේ බස් නැවතුමට ගොස් ඇරලීම
දැන් මේ සිද්ධියේ ඇති මට පේන වැදගත් කරුණු මේවායි.
  1. පිරිමියෙක් සමග පෙම් සබඳතාවක් ඇතී කරගත් වරදට අවුරුදු විස්සක වැඩිහිටි තරුණියකට රැකියාව අහිමි වීම
  2. කිසිදු වග විභාගයක් නැතුව ඇයට සේවා ස්ථානයෙන් පිටකිරීම
  3. ඇගේ ලව් ලෙටර් ඇයට ලබා නොදීම
මේ කතාව මට කියූ වෙලේ විශාකා නෝනා, එයා ඔය විදියට වැඩ කළේ ඇයිද කියන එක සාධාරණීකරණය කරන්නට වැදගත් හේතුවකුත් මා ඒක්ක කිව්වා.

ඒක කියන්න කලින් මේ සිද්ධිය ගැන ඔහේලාට හිතෙන්නේ මක්කදැයි දැනගන්න මං කැමතියි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ටැලිග්‍රෑම් එක දවසින් යන කාලේ!


(image: http://www.cloudtactix.com/quora-the-online-home-for-experts/man-with-blue-question-mark-2/)

27 comments:

  1. මේක ඉතිං ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් වෙන්නැති නේද.?? :)

    ReplyDelete
  2. ඔය හුටපට නිසා තාච්චියේ අඩිය ඇල්ලුවොත් ඒකට මහත්තයගෙ නම ගෑවෙයි කියන බයට වෙන්න ඇති... :D

    ReplyDelete
  3. ඇගේ ලව් ලෙටර් ඇයට නොදීම නම් තදබල, දඬුවම් ලැබිය යුතු වරදක්!!! :D

    ReplyDelete
  4. අහවලාගේ කමෙන්ටුව මාත් අනුමත කරමි.

    ReplyDelete
  5. විශාකාගේ පැත්තෙන් එයා හරි.සුසන්තා කරදරේක වැටුණොත් භාරකාරයා හැටියට විශාකා වගකියන්න එපැයි.මේසන් අවංක කෙනෙක් කියල කොහොමද දන්නේ?

    ReplyDelete
  6. ලස්සන කථාවක්....
    මෙන්න මේකත් කියවලා බලන්න මේකත් පට්ටම ලව් ලෙටර් සිද්දියක්..පිස්සු හැදෙනවා...
    http://chami4u.blogspot.com/2012/04/normal-0-false-false-false-en-us-x-none.html

    සහ

    http://chami4u.blogspot.com/2012/05/blog-post_07.html

    ReplyDelete
  7. ලව් ලෙටර් නොදීම නං වැරදියි තමයි. ඒත් අනිත් දේවල් කිරීම පිලිබදව දොසක් කියන්නත් බෑ. නිකමට අපි හිතමු කිසිම පියවරක් නොගෙන හිටිය කියල. වියහැකි අයහපත් දේවල් ගොඩක් තියනව.
    මේසන් කොලුව වගේ අය විශ්වාස කරන්න බෑ. ඇන්න පැන්න වැඩේ ඉදල ගෙදරට පැන බඩු සොරකම් කිරීම දක්වා ඕන දෙයක් වෙන්න පුළුවන්. අනෙක ඔය කොයි දේ සිද්ධවුනත් ගෙදර අයිතිකාරයටයි කරදර විදින්න සිද්ධ වෙන්නෙ. මොකද මේක ලංකාවනේ. ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගැනීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ පිටිපස්සෙ තියන ප්‍රශ්න නෝනට කල්පනා වෙන්න ඇති.

    ReplyDelete
  8. මේකනම් අවනඩුවක් වගෙ

    ReplyDelete
  9. වෙන මොනවත් නෙවෙයි පැහැදිලි ඉරිසියාව..

    රුසියාවට වඩා ලොකුයි ඉරී...සියාව මල්ලි ඉරි..සියාව....

    ReplyDelete
  10. "දැන් මේ සිද්ධියේ ඇති මට පේන වැදගත් කරුණු මේවායි."
    "1. පිරිමියෙක් සමග පෙම් සබඳතාවක් ඇතී කරගත් වරදට අවුරුදු විස්සක වැඩිහිටි තරුණියකට රැකියාව අහිමි වීම"
    ඉතින් දැන් කකාට පෙනිල තියෙන්නෙත් විශාකාට පෙනුනු විදියටමනේ..කෙල්ල කරල තියෙන්නේ වැරදි වැඩක්.තරාතිරම, වයස නොබලා වරදට දඩුවම් දීලා.

    "2. කිසිදු වග විභාගයක් නැතුව ඇයට සේවා ස්ථානයෙන් පිටකිරීම"
    විශාකා කෙල්ලගේ පැත්තෙන් හිතන්න ඇති. එයත් ඔය වයස පහු කරලනෙ තියෙන්නේ...වැඩ මාට්ටු කියල දැනගත්තොත් කෙල්ල මොනව හරි මෝඩ වැඩක් කරයි කියල හිතල කකා වගේ සම්ම්‍යක් ප්‍රයෝගයක් දාලා කෙල්ලට නොදැනෙන්න කෙල්ලව රිමාන්ඩ් කරා, නඩුව අහනකම්.

    "3. ඇගේ ලව් ලෙටර් ඇයට ලබා නොදීම"
    කාගෙ උනත් දැන් මේවා නඩු භාණ්ඩ. සාක්ෂි විදියට උසාවියට ඉදිරිපත් කරන්න තියාගන්න ඇති.

    ReplyDelete
  11. විශාකා නෝනගේ පාර්ශවයෙන් ගත කල ඈ නිවැරදිය...අර රස්සාවෙන් අස් කල එකයි,ලියුම් ටික දුන් නැති එකයි නම් හොද නෑ...විශාකා නෝනා වැඩේ දෙල් වීමට පෙරම හදිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනේ...

    ReplyDelete
  12. ලෝකයේ හැම රටකම (අරුණි ශපිරෝ මහා නිදහසක් ඇතැයි කියන ඇමෙරිකාවේ පවා) මෙහෙකරුවන්, මෙහෙකාරියන් රැකියාවේ නියුතු වන්නේ තම මානව නිදහසින් කොටසක් කැප කරමිනි. මීට හේතු තිබේ. මෙහෙකාර වෘත්තියට එළඹෙන්නේ ඉතාම දිළිඳු පිරිස්ය. ඔවුන්ට වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් කිරීමට හැකියාවක් නොවේ. එසේම ඔවුන්ට වෘත්තීමය වශයෙන් සංවිධානය වී අයිතීන් දිනා ගැනීමට නුපුළුවන. මේ නිසා මෙහෙකාරියක යනු තේ දළු නෙළන්නියකටත් වඩා අසරණ චරිතයකි. යම් වරප්‍රසාද ලබන මෙහෙකාරියන් වේ නම් ඒ ඔවුන්ගේ යහපත් ගතිගුණ නිසා හාම්පුතුන්ගේ විශ්වාසය දිනා ගැනීමෙන් පසුවය. එසේ නැතිව එය සාමාන්‍යය නොවේ. මේ නිසා එක් එක් සිද්ධිය ගෙන ඒ නිසා මෙහෙකාරියට අසාධාරණයක් වීද යන්න ඇසීම අර්ථ විරහිතය.

    ReplyDelete
  13. මම හිතන්නෙ බොහොමයක් නෝනලා මේ වගේ වෙලාවට කෙල්ලට තඩි බාල හස්බන්ඩ්ටත් බැනල මල ජූලියක් නටනවා. ඊට පස්සෙ “හිටපිය තොගෙ මහ එවුන් ගෙන්නනකන්“ කියල කියනව කෙල්ලට. වැඩේ දරුණු වුනොත් සමහරවිට කෙල්ල වහ බොනවා. නෝන රිමාන්ඩ් වෙනවා.
    කෙල්ලට තමන්ගෙ ලව් ලෙටර් ඉල්ලීමේ අයිතිය තියනවා. ඉල්ලුවනං විශාකා නෝනා ඒ ටික දේවි.
    ඇයි කෙල්ල ඒවා අනුන්ගෙ තැනක හැංගුවෙ?
    අනිත් එක, ලව් කිරීම වැරැද්දක් කියල විශාකා නෝනා කියන්නෙ නෑනෙ. ලව් ලෙටර් හංගලා තිබුනය කියන්නෙ කෙල්ල හොර වැඩක් කරලා නෝනගේ විශ්වාසය කඩල තියනව. ඔය ලව් එක නෝනට කියල පටන් ගත්තනං වැඩේ ඉවරයි. (අපේ නෝනා ගෙදර හිටපු කෙල්ලකට පැනල යන්නත් සපෝට් එක දුන්නා.)

    ReplyDelete
  14. අනාගතේ ඇතිවෙන්න පුලුවන් කියලා හිතන ප්‍රශ්න වලින් ගැලවෙන්න ගත්තු ක්ෂණික විසඳුමක්. ඒත් රස්සාවෙන් අස් කරපු එක නම් පව්

    ReplyDelete
  15. Love letters in a tin [not under sand]
    බීලවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්

    ReplyDelete
  16. දැන් මේ කතා දෙකෙන් පැහැදිලි වුන විදියට මේ කෙල්ලට බලෙන් "සුසන්තා" කිව්වට ඇය ඕනෑම කෙනෙක්ට කියන්නේ "ආසිරි" කියන නම. එතකොට මේසන් කොල්ලගෙයි කියන ලියුම් වල ආමන්ත්‍රණය ඇත්තේ "සදාදර ආසිරි වෙත" වගේ එකක්. අවසන් වෙන්න ඇත්තේ ගෑණු නමකින් වෙන්න ඔනේ(අශෝකා, ප්‍රියන්තා වගෙ නමක් ). මේක ඇත්තටම ගෙදර මහත්තයට වෙන කෙල්ලෙක් දීපු ලියුම් වෙන්න ඔනේ. මේ කෙල්ල හිටියොත් වැඩේ මාට්ටු කර ගන්න බැරි නිසා - ඒ කියන්නේ හරියටම නඩුවේ විත්ති කාරයා අල්ල ගන්න බැරි නිසා තමයි විශාක නෝනා ඉතා දුර හිතලා මේ තීරණය ගන්න ඇත්තේ. කට්ටිය ගොඩක් සීරියස් හිතලනේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි කියමු.ඇයි ටින් එකක් ඇතුලේ දැම්මේ?

      Delete
  17. VISAKATA THIBUNE MASONTATH KATHA KARA E DENNAWA KASADA BANDALA DENA EKI.

    ReplyDelete
  18. අනේ මන්ද නඩු ගොඩක්

    ReplyDelete
  19. වැඩේ දුරදිග ගියොත් ඒක මහත්තයාගේ පිටින් යාවි කියලා නෝනා හිතන්න ඇති..

    ReplyDelete
  20. අෆ්ෆට සිරි...

    ReplyDelete
  21. ඔයිං ගියා මදෑ .. දුරදිග ගියානම් ඉතින් ආයේ බදාම දාලාවත් හරිගස්සන්න බැරි තරම් ගැටලු ඇතිවෙන්න පුලුවන් ..

    මම දන්න කියන ගෙදරකත් වැඩකාර කොල්ලයි .. ගෙදෙට්ට කිරි ගේන මාමයි දෙන්නා එලකිරි වගේ යාළු වුණා .. අඹු සැමියෝ වැඩට යනකම් ඉඳලා දෙන්නා ගේ ඇතුලේ ප්‍රීතියෙන් උන්නා .. දවසක් දෙන්නා ගෙදර තිබ්බ රත්තරන් සල්ලි අතපත ගාගෙන ගෙදරින් පිට වුණා ..

    ReplyDelete
  22. මොකක් හරි මෙව්වා එකක් ඇති. අනේ ම්න්දා මයෙ ලියුම් අම්මය මාට්ටු වෙච්චි වෙලේ වත් ඔය තරම් දරුණු විදියට සැලකුවේ නෑ...

    ReplyDelete
  23. සුසන්තා ලඟ තිබුණු පෙම් හසුන් හම්බ වෙච්ච ගමන්ම විශාකා නෝනා මේ කතන්දරයේ තියෙන විදියට වැඩකටලා තියෙන්නේ මෙන්න මේ නිසයි.

    "ලියුම් හුවමාරු කර ගත්තු කොල්ලා අල්ලපු ගෙදර දහන්න තාවකාලිකව ආපු මේසන් බාස් අත් උදව්කාරයෙක්. ඌ කෙල්ලට අතවරයක් කරාල හරි කැමැත්තෙන් හරි බඩක් දීලා ගියා නං ගෙදර මහත්තයාව තමයි අහුවෙන්නේ. මට ඕනෑ වුනේ ඒ භයානක තත්වයෙන් ගැලවෙන්නයි."

    මතකයිද ජයසේන ජයකොඩි ගේ නවකතාවක් ඇසුරෙන් හදපු ටෙලිය අර සුමින්ද සිරිසේණ ඉන්නේ හාමුදුරු නමකට. අමා විජේසේකර ගමේ පොඩි කෙල්ලෙක්. ඒකිට බඩක් දීලා මාරු වෙනවා කකුලක් කැඩිලා ඒ ගෙදර නතරවෙලා හිටිය රවීන්ද්‍ර යසස්. කෙල්ල අල්ලන්නේ අර හාමුදුරූවන්වයි!

    ReplyDelete
  24. එඩ්වඩ් මල්ලව ආරච්චි, සුජීව ප්‍රස්ස ආරච්චි, මහේෂ් රත්සර මද්දුම ආරච්චි ළඟට දැන් රසික සූරිය ආරච්චි.

    මහා පොදු සාධකය - කතා රබර් කිරීම :D

    ReplyDelete
  25. මම හිතුවේ නෝනා සමරිසි හින්දා.......කොල්ලෙක් එක්ක යාලු උනාට අප්සෙට් ගිහින් කියලා.....

    ReplyDelete
  26. නෝනා කරන්ඩ පුළුවන් හොදම විදිහට කරලා තියනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.