Sunday 20 May 2012

විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?


ඔය මාතෘකාවේ තියෙන ස්පර්ශකය (අකුරු හරිද මන්දා? - අකුරු නෙමේ වචනයම වැරදිලායි තිබුණේ. ඔන්න හැදුවා. වරද පෙන්නා දුන් සැමට ඉතා ස්තුතියි) කියන වචනේ අහල පුරුදු ඇති උසස් පෙළ ගණිතය කරපු අයට. ගණිතමය අර්ථ දැක්වීම කෙසේ වෙතත් මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා යනවා කියන එකයි.

දේශපාලන පක්‍ෂ තියෙනවා නේද? මට නං ඔය එකක්වත් පෙන්නන්න බෑ. මොකද ඕවායේ ඉන්න වුන් කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එකයි. ගණිතමය වශයෙන් කිව්වොත් අම්බානකට සංඛීර්ණ මල්ටි ඩිමෙන්ෂන් චක්‍රාණුකූල පඨවල තමයි උන් ගමන් කරන්නේ.

මංතුමා ගැන කියනවා නං, අවුරුදු දහ අටේ දී විතර ඇති කරගත්තු දේශපාලන දිශානතිය තවම වෙනස්වෙලා නෑ. නැත්තම් එහෙම තමයි මට පේන්නේ, මට සාපේක්‍ෂව.

ඉතිං මං සරල රේඛාවක යනවා. දේශපාලන පක්‍ෂ සහ ඒවයේ පොරවල් උන්ගේ වක්‍රාණුකූල පඨවල ගමන් කරනවා.

දැන් අවුරුද්දකට දෙකකට විතර කලින් මට සම්මන්ත්‍රණයකදී හම්බවුණා විජිත ගුණරත්න කියලා කලාකාරයෙක්. පොර නාට්‍ය අධෘක්‍ෂකවරයෙක්. එදා නං මුණ ගැසුනේ "පෙරඹර" කියන පොරගේ චිත්තරපටිය හා සම්බන්ධවයි.

එතනදි මට ඉඩ ප්‍රස්ථාව ලැබුණා අර මං අනුර කුමාර දිසානයකගෙන්, අර්ජුන රණතුංගගෙන් ඇහැව්වා වගේ ප්‍රශ්නයක් අහන්න.

ඒ ප්‍රශ්ණයට ප්‍රවිශ්ඨයක් විදියට මං කියපු කරුණක් තමයි දේශපාලන පක්‍ෂ සංඛීර්ණ චක්‍රවල වැල යන අතට මැස්ස ගහද්දී සහ අපි අපේ සරල රේඛාවල යද්දී යම් යම් අවස්ථාවල අපේ ගමන් මාර්ග ස්පර්ශකය විදියට සමපාත වෙනවාය කියන එක. (මැත්ස් කරන ළමයින්ට: ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකය නොහොත් අනුක්‍රමණය සමානයි ).

දඹර අමිල කියන්නේ හාමුදුරු නමක්. පොර ගේ නම මං මුලින්ම ඇහැව්වේ අර සුනාමියෙන් පස්සේ උතුරු නැගෙනහිර හා එක්වෙලා පිහිටුවන්න ගිය සුනාමි සහන මණ්ඩලවලට විරුද්ධව උපවාසයක් කරපු ජාතිවාදියෙක් හැටියටයි.

ඒ ඔහු ගේ දේශපාලන පඨයේ එදා ඔහු සිටි ලක්‍ෂයයි. ඒක මගේ රේඛීය ගමන් මගේ එදා මා සිටි ලක්‍ෂයට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ යි තිබුණේ.

මං මුල් කාලේ ලියපු, අද කතන්දර බල්න එන පාඨකයෝ බහුතරයක් කියවලා නැති "ගෙදර එක්ක තරහ වුනා" කියන ලිපියේ දඹර අමිල ගේ උපවාසය සමාන කලේ තිලීපන් ගේ සේම් සේම් ගේම් එකටයි.

ඒ එදා.

නමුත් මේ ඊයේ පෙරේදා දවසක නෙට් එකේ සැරිසරද්දී මට දකින්න ලැබුණු මේ සාකච්ඡාව මං එක එල්ලේ බැලුවා. මෙතෙන්දී නම් මගේ සරල රේඛාව දඹර අමිල ගේ සංඛීර්ණ පඨයට ස්පර්ශකයක් වෙනවා වගේ.

විනාඩි විසිපහක් තියෙනවාද?

තියෙනවා නං මෙන්න මේක බලන්න.

3D ත්‍රිමාණ - බෞද්ධ දර්ශනය සහ ආගමික සහජීවනය from Young Asia Television on Vimeo.

බුදු දහමේ හරය සහ ආගමික සහජිවනය පිළිබදව මෙම වැඩසටහන ඔස්සේ සාකචිජා කෙරේ...
Buddhism and Religious Co-existence, Ven. Dambara Amila Thero, Senior Lecturer, Sri Jayawardenapura University


මං දන්න බුද්ධාගම නං අන්න එහෙමයි.

මේ කවි පන්තියත් මතකයි නේද?
http://kathandara.blogspot.com.au/2012/05/wesak-thoughts.html

මෙත් සිතිනි. ඔබ සැමට යහපතක්ම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක පොඩ්ඩක් පොලිටිකල් පොලිටිකල් වගේ. බයේ බෑ අර අහවල් කතාවට ආවා වගේ ඇනෝලා එයිද කියලා මට බැස්ටිය දෙන්න.

ඔන්න මුලින්ම කිව්වා, කවුරු ආවත් මං කරුණා මෛත්‍රියෙන් තමයි වැඩ කරන්නේ හොඳේ. ඒ හින්දා බැණලා නං වැඩක් නෑ.

27 comments:

  1. කියවලාම කමෙන්ට් එක දාන්නම්. මම එක වගේ..

    ReplyDelete
    Replies
    1. 94 වෙන කොට මම විපක්ෂයත් එක්ක ස්පර්ශොන්මුඛ වෙලා හිටියේ අනිත් බොහෝ අය වගේ ච.බ.කු රට හදයි කියලා, වැහිටියෝ බහුතරයක් එහෙම හිතපු එකේ අවුරුදු 13දී මම එහෙම හිතපු එක වැරද්දක් නැහැ කියලා දැන් හිත හදා ගන්නේ. ඔහොම ගිහින් පොලිටික්ස් එපාම වෙලා වක්‍ර මාර්ග වල ඉඳිද්දී මරා ගැනත් හෝප්ස් ඇති වෙලා දේශප්‍රේමයත් එක්ක ස්පර්ශොන්මුඛ වුනා. යුද්දෙත් එක්ක ඒ දේශප්‍රේමී ත්‍රිල් එක වැඩි වුනා.. අන්තිමේදී දැන් හිත හදා ගෙන දැන් ලංකා පොලිටිකයෙන් විකර්ෂණය වෙලා ආයෙනම් කා එක්කවත් ස්පර්ශෝන්මුඛ වෙන්නේ නැහැ කියලයි හිතන ඉන්නේ.

      දඹර අමිල හාමුදුරුවන්ගේ ධර්ම කරුණු අඩංගු සාකච්ඡාවක් දැක්කමයි..

      "දේශපාලනය" කියන වචනයේ අවුලක් තියෙනවා නේද ? එහෙම දෙයක් අපේ රටේ තියෙනවාද ? ආණ්ඩුවද ඒක කරන්නේ ? විජාතික බලවේග ද එහෙම කරන්නේ..

      Delete
    2. මේ ලිපියේ මා කලින් යොදා තිබූ ස්පර්ශෝන්බුඛය යන වචනය වැරදියි. එය දැන් ස්පර්ශකය ලෙස නිවරදි කළා මයියා සහ ඇනෝ ගේ කමෙන්ටු වලින් පසුව.

      Delete
  2. ස්පර්ශොන්මුඛය: "මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා යනවා කියන එකයි" wrong.......true is..... they never touch each
    "ස්පරශෝන්මුඛ විදියට සමපාත වෙනවාය කියන එක. (මැත්ස් කරන ළමයින්ට: ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකය නොහොත් අනුක්‍රමණය සමානයි )." is it new theory KK?

    may be KK mistakenly has consider ස්පරශෝකය as ස්පරශෝන්මුඛය

    ReplyDelete
    Replies
    1. YES

      ස්පර්ශොන්මුඛය= assymptote

      http://en.wikipedia.org/wiki/Asymptote

      Delete
    2. @ මයියා සහ ඇනෝ

      ඔබට ඉතා ස්තුතියි මගේ වරද පෙන්වා දිම ගැන. මට සැකයක් තිබුණේ වචනේ අක්‍ෂර වින්‍යාසය ගැනයි. දැන් බැලින්නං වචනේම වැරදියි.

      නිවරදි කළා!

      Delete
    3. කියන්න තියෙන දෙයෙක් කිහයං මැට්ටො, එක් ජෙක හැක බැක ගාන්නේ නැතුව.

      Delete
  3. කතාව ටිකක් හොඳයි.ඒත් සමහර තැන් වලදී ඔයා තමන්ගේ තැන අමතක කරලා තියෙනවා.ඔයා කව්ද,කරන්නේ මොකක්ද කියන එකත් හැම වෙලාවෙම පොඩ්ඩක් හිතන්න.මේ වගේ වචන පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න.මොනවා කලත් මිනිහෙක් මැරුනම එයා බුද්ධ ධර්මය අදහපු කෙනෙක් නම් අනිවාරෙන්ම ඔය බනින හාමුදුරුවරුම තමයි මරණයටත් ඇවිල්ලා බණ කියන්නේ.ඒ නිසා ඒ අයට ගරු කරලා කතා කරන්න.වෙන ආගමක කෙනෙක් දැක්කොත් ඒක ඔයාලගේ ආගමේ අයට හරි නෑනේ.මම පොඩි ඉඟියක් දුන්නේ.සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. "දඹර අමිල ගේ උපවාසය","දඹර අමිල කියන්නේ හාමුදුරු නමක්. පොර ගේ නම"(ඒ හාමුදුරු නමක් නම් පොරක් වෙන්න බෑ නේද?)...මේ වගේ වචන පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න.

      Delete
    2. සම්පූර්ණ ඇත්ත.හැබැයි ඕක දැන් දැන් අපේ මිනිස්සුන්ට හැදෙන ලෙඩක්.එහෙම කතා කලාම තමන් ලොකු පොරක් වෙනවා කියල හිතෙනවද මන්ද.
      ඕකත් ඇත්තටම රැල්ලට වෙන දෙයක්.
      තමාගේම ආගම තමන්ම බාල්දු කර ගන්නවා....

      Delete
    3. 1. මා දන්නා බුදු වදන අනුව චේතනාව අනුවයි කර්මය වෙන්නේ. මෙතන මගේ අපහාස චේතනාවක් නෑ. එනිසා අපහාසයක් නෑ. පුද්ගල නමින් කතා කිරීමේ වරදක් නෑ.

      2. ඊලඟට අපහාසයක් කළා වුණත් එය පිළිගත්තේ නැත්තං අපහාසයක් වෙන්නේ නෑ.

      3. බාල්දු වෙනවා වගේ අදහස් බුදු වදන සමග ගැලපෙන්නේ නෑ. ඒවා ගෝත්‍රවාදී අදහස්. එනිසා මට අදාල නෑ.

      Delete
    4. "තමාගෙම ආගම"...
      මේකෙන්ම තෙරෙනව මෙයාල බුද්ධගමත් දේව දර්මයක් වගේ අදහනව මිසක්, බුද්ධාගමේම කියන විදිහට තේරුං අරං පිලිපදිනව නෙමෙයි කියල.

      Delete
    5. මේ වගේ පුද්ගලයන්ට ඔය රේඛාවේ වර්ශන් කිපයක් තියනවා. එළියට එක රේඛාවක්, තමන්ගේ ගෝත්‍රයට හෝ කණ්ඩායමට තව රේඛාවක්, හෘද සාක්ෂියට එකඟ තව රේඛාවකුත් තියෙන්න පුළුවන්.

      Delete
  4. http://www.divaina.com/2012/05/20/feature20.html

    ReplyDelete
  5. ස්තුතියි කතන්දර!
    කාලෙකින් ඇහුව බුද්ධිමත් සංවාදයක් :)

    ReplyDelete
    Replies
    1. සිරාවට මට මේ කිසි දෙයක් තේරුනේ නැති හැටි නිරෝෂනී....!

      Delete
  6. මේකෙ වැදගත්ම කොටස තමයි " ආගම කියන්නෙ පොවුද්ගලික කාරනයක්" කියන කතාව සහ.. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරපු එක "එච්චර හොඳනැහැ" කියන කතාවත්.... දඹර අමිල හිමිට මෙහෙමහරි කියන තරං කොන්ද පන ආව එක ගැන සතු‍ටුයි..හරිනං කියන්න ඕනෙ එච්චරම හොඳ නෑ නෙමෙයි... කොන්දේසි විරහිතව අයින්කරල දාන ඕනෙ කියල සහ ආගම දේශපාලනයෙන් ඉවත්කරන්න ඕනෙ කියල....

    බෞද්ධ සමාජයට දුන්න අර්ථකථනෙ හැටියට ලෝකෙ හැමතැනම තියෙන්නෙ බෞද්ධ සමාජනෙ බලං ගියහම ..... සුහ්... ඒකෙත් හැටි ඈ......දැන්නෙ තේරුනේ.........

    X-Porter

    ReplyDelete
  7. meke hari wachanaya adhomukaya wenna berida?

    ReplyDelete
  8. මටනම් විනාඩි 25ක් නැහැ අනික මට ඔය දේශපාලනයෙන් වැඩකුත් නැහැ.කතන්දරගේ ඊගාව කතන්දරේ කියවන්න එන්නම්.

    ReplyDelete
  9. සිරාවට දේසපාලනේ නං මටත් වැඩැන්නෑ. අපි මේවා කතා කරලා මුණුපොතේ ෂෙයා කලාට ඇති වැඩකුත් නෑ.

    කතන්දර කියන මෙව්වා එක යටතේ වින්දනාත්මක දෙයක් බලාකියාගෙන විඳගෙන යන්ඩයි මෙච්චර පරක්කු වෙලා ලෝඩ් වෙනවා උනත් මේ බ්ලොග් එකට අපි එදත් අදත් ඇවිදිං යන්නෙ....:):):)

    ReplyDelete
  10. ලින්ක් ගොඩයි බොල.. අනේ මන්ද..

    ReplyDelete
  11. කතන්දර අපිව හතර අතට කරකවනවා.හිටපු ගමන් මෙලෝරහක් නැති එව්වා දානවා.ලන්ච් ෂීට්වල බිත්තර බදිනවා.හාමිනේගේ ටවල් පාට කරනවා.එක පෙට්ටි අරක්කූ බෝතලයක් අවුරැද්දක් විතර බොනවා.කම්සැප වැඩිකරගන්න විදිහ කියලා දෙනවා.අනේ අම්මේ තව ටිකදවසකින් අපිව හිරෙත් අරි වගේ

    ReplyDelete
  12. මම හිතන්නෙ ඔය ගණිතයයි දේශපාලනයයි එකට යන්න ගත්තෙ, අර ඇමතිතුමා ජ්‍යාමිතික සමීකරණෙකින් z - score කේස් එක විසඳුවට පස්සෙන් පහු.
    කතන්දරට ගණිතය පුළුවන් වුනාට සිංහල අප්සැට් වගේ.
    //සංඛීර්ණ// - සංකීර්ණ
    //පඨ// - පථ
    //චක්‍රාණුකූල පඨවල// - චක්‍රානුකූල පථවල
    //ලක්‍ෂයයි// - ලක්‍ෂ්‍යයයි

    ReplyDelete
    Replies
    1. වැරදි පෙන්නා දුන්නාට ස්තුතියි.

      Delete
  13. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    තම තම නැණ පමණින් දැන ගත යුතු
    මම නමදිම් සදහම් පහදා සිතු!

    ReplyDelete
  14. මම මේ පෝස්ට් එකට ආවේ මොකටද කියල දැන් මට මතක නැහැ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.