Friday 25 May 2012

ඒ වං මේ සුතං! - අයියා ද? අංකල් ද? - මේක "ලූ" කතන්දරයක් : Thus Have I Heard!


ලූ කතන්දර කියන්නේ අපි අත්නොවිඳපු නමුත් වෙනත් කෙනෙකුගෙන් අහන්නට ලැබුණු කතන්දරවලට නේ.

ඒ අර්ථයෙන් මං අද කියන්න යන්නේ ලූ කතන්දරයයක්.

මේක මට මතක් වුනේ අද උදේ කෝචචියේ එද්දී ඊ-මේල්කාරී ලියලා තිබුණු සිතුවම් සහිත රෝඩ් රේජ් කතා වස්තුව සිහියට ආපු වෙලාවේදී යි.

ඔන්න එකමත් එක රටක හිටියාලු වයසක අම්මා කෙනෙක්. මේ අම්මාට හිටියාලු හොඳ නැඩ හැඩිදැඩි පුත්තු කීප දෙනෙක් ම. පුත්තු කිව්වාට මේ ගොල්ලෝ විවාහවෙලා දරුමල්ලෝත් ඉන්න තාත්තලා.

මේ මහගෙදර අයිනේ ඉස්කෝලයක් තිබුණා. මේ බ්ලොග් අවකාශයේ තියෙන ඉස්කෝල කාලේ කොලුකම් ගැන ලියවුණු කතන්දර දිහා බැලුවාම හිතාගන්න පුළුවනිනේ ඉතිං තත්වය. මේ ඉස්කෝලෙත් හිටියා ලු වෙන තැන්වල වගේම නාහෙට අහන්නේ නැති කොල්ලෝ රෑනක්ම.

මුංගේ විනෝදාංශය වෙලා තිබුණේ ඉස්කෝලෙට අල්ලලා තිබුණු මේ වයසක අම්මා හිටපු ගෙදර තාප්පේ අයිනේ තිබුණු ගස්වලට ගල් ගහන එක. අඹ ගහක්ද දෙකක්දත් තිබුණා ලු වත්තේ.

ඒ මදිවට මේ සමහර කොල්ලෝ තාප්පෙන් පැනලා ගස්වල ගෙඩි කඩන්නත් එනවාලු. බොහෝ වෙලාවට මේ වයසක අම්මා විතරයි නේ ගෙදර ඉන්නේ.

ඉස්කෝලේ කොල්ලන්ගෙන් අම්මාට වෙන කරදරය ගැන දැනගත්තු පුතාලා දෙන්නෙක් එක දවසක් රැකලා ඉඳලා මේ තාප්පෙන් පැනපු එක කොල්ලෙක්ව අල්ලා ගත්තා.

දැන් මූට බැෂ්ටිය දෙන්නයි සූදානම. හොරකමේ ආපු අපරාධයට දඬුවම්!

වීරයා වෙැග් තාප්පෙන් පැනලා හොරා කන්න ආවට මේ කොලුවට චූ බරත් හැදෙන්න ඇති හැඩිදැඩි වැඩිහිටියන් ගේ ග්‍රහණයට අහු වුණාම.

"හුහ්, තෝ ආවද බොල මෙතන හොරා කන්න. ඉඳපිය තොට අද දෙනවා බඩ යන්න". එක පුතෙක් කිව්වාලු.

"අනේ අංකල් මට ගහන්න එපා, යන්න දෙන්න ප්ලීස්!" ඒ කොලුවාගේ ආයාචනාත්මක ඉල්ලීම.

"අංකල්? කොහොමද බොල මං තොගේ අංකල් වුනේ? මං උඹලගේ අම්මගේ හොර මිනිහාද?" හැඩිදැඩි වැඩිහිටියාට හොඳටම තදවුණා ලු!

කොලුවාට තේරුණා අංකල් කියලා ඌ කරගත්තේ මහා වරදක් ය කියලා. ඌ වහාම තමන්ගේ ආයාචනය වෙනස් කළා.

"අනේ අයියේ මට ගහන්න එපා, මට යන්න දෙන්න ප්ලීස්!"

"අයියා, කොහොමද බොල මං උඹේ අයියා වුනේ? උඹේ අම්මා අපේ තාත්තා ගේ හොර ගෑණිද?"

ඒ වං මේ සුතං!

ලූ කතන්දරය එතනින් නිමියේ ය.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලූ කතන්දරයේ ඉතුරු ටික දන්නා කෙනෙක් ඉන්නවා නං කියනවාද, ප්ලීස්?

(image: http://atheistevolution.blogspot.com.au/2012/03/reasons-god-isnt-real-1-prayer.html)

44 comments:

  1. මීට ටිකක් සමාන සිද්ධියකට සම්බන්ධ වුනු කෙනෙක් පස්සේ කාලෙක රොස් කියල සුද්දෙකුට පිට්ටනියකදී ඇඟිල්ලක් උරුක් කලා(ලු)

    ReplyDelete
  2. තව කැල්ලක් තියනවද

    ReplyDelete
  3. මෙහෙමයි ලු උනේ , පස්සේ මේ කොල්ලා මස්සිනා කිව්වලු , හික්ස්...

    ReplyDelete
  4. එට පස්සේ ඒ කොල්ලට ගුටි කැවලු, කොල්ලා මානසික රෝගියෙක් වුනාලු !, අනිත් ය දේශපාලනය කරලා දැන් ලොක්කෝ වගේ ඉන්නවලු !. එට පස්සේ ගහපු මුන්ස්සයගේ ජනප්‍රියත්වය හොදටම බෙස්සලු, අදත් සමහර මිනිස්සු ඕක මතක් කරලා බනිනවලු !

    ReplyDelete
  5. අංකල් කියන්නත් බෑ. අයිය කියන්නත් බෑ..... මං කල්ලනා කලේ කියන්නෙ කොහොමද කියල.
    ඔය සිද්ධිය මට තාම මතකයි. මේ සිද්ධියෙන් එවකට ලොකු ගෞරවයක් තිබුන මේ අයියල මල්ලිල චාටර් උනා.

    ReplyDelete
  6. මොකද අප්පා මේ “ලු“ ෆෝමැට් එකන් දාල තියෙන්නෙ. ඔය සිද්ධිය ඒ දවස්වල පත්තරවල පිටු පිරෙන්නම ගියානේ නම් ගම් ඇතුව. අඹ කැඩිල්ලක් නම් මට මතක නෑ. කොල්ලො ක්‍රිකට් ගහල බෝලෙ වත්තට ගිය නිසා පැන්න කියල නේද කිව්වෙ. ඒ වයසක අම්ම ඔය පාසලේම ගුරුවරියක් විදියට සේවය කරල විශ්‍රාම සුවයෙන් ඉන්න කෙනෙක් කියලත් තිබුණ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අර කියල තියෙන්නේ එවං මේ සුතං කියල.

      Delete
  7. @DDT,
    අ මේ ඒ සිද්ධියද? මේ ඒ කතාවම නම් කතාවේ ඊට පස්සේ වෙන්නේ අර ළමයව රෝහල්ගත කරන්න වෙන එක.අංකල්/අයිය ගේ පහරදීම් හේතුවෙන්.

    ReplyDelete
  8. ඇයි කතන්දර බයද හැමෝම දන්න සීන් එකක නම් ගම් කියන්න. එක අතකට බය වෙන්න එපෑය, ඔය කියන අය්යෙක් දැන් ෆොනී ගෙ පස්සෙනේ, නේද?

    අනික ඉතින් කතන්දරත්... එක්කො ඕනෙ නෑ

    ReplyDelete
  9. අයියල මල්ලිල ගැන දන්නෙ නෑ. වයසක අම්මා ගැන අහපු කතාවක් කියන්නම්.

    ඔය වයසක අම්මා එච්චර වයසක් නැති කාලෙ ඉස්කෝලෙක උසස් පෙළට ආර්ථික විද්‍යාව ඉගැන්නුවලු. බිල්ඩිමේ උඩ තට්ටුවෙලු එයා උගන්වන ආර්ට්ස් පන්තිය තියෙන්නෙ. යට තට්ටුවෙ තිබුනෙ බයෝ පන්තිලු. විෂයයන් හතර නිසා වාර විභාගෙට දවස් හතරයිලු. ඉතින් බයෝ පන්තිවල හිටපු එවුන්, විභාගෙ ඉවරවෙලා ෆ්‍රී සිකුරාදා දවසෙ පටන් ගත්තලු සංගීතේ. උන් දන්නෙ නැතිලු උඩ ආර්ට්ස් පන්තියෙ තාම විභාගෙ බව. ආටො කරන්නෙ එකම සබ්ජෙක්ට් කම්බිනේෂන් එක නොවෙන නිසා උන්ගේ විභාගෙ දිගයිලු.

    ආර්ට් පන්තියෙ හිටියෙ මේ වයසක අම්මලු. එයා කතාවක් නැතුව උඩ තට්ටුවෙ ඉඳල පහළ ඉන්න කොල්ලෙකුට කතා කර ගත්තලු. කතා කරගෙන පොඩි චිට් එකක් ලියල දීල කිව්වලු බයෝ සෙක්ෂන් එකේ හෙඩ් මාස්ටර්ට දෙන්න කියලා. මේ ඇම්ඩත් චිට් එක ඇරල බැලුවලු. ඒකෙ තියෙන්නෙ බයෝ පන්තිවල එවුන් විභාගෙට බාධා කරනව වහාම එන්න කියලලු. මේකත් යන ගමන් යට ඉන්න බයෝ කොල්ලන්ට ටිප් එක දීගෙන ගියාලු. හෙඩ් මාස්ටර් එනකොට බයෝ කොල්ලො ටික ඔක්කෝම පුස්තකාලෙලු. වයසක අම්මට මාර නෝන්ඩිලු.

    වැඩි වැඩ නැතුව පොඩ්ඩක් පහළට ඇවිත් කිව්ව නම් "උඩ තට්ටුවෙ විභාගයක්, සද්ද කරන්න එපා" කියල වැඩේ ඉවරයිලු.

    ඉතින් පස්සෙ දවසක වයසක අම්මා බයෝ පන්ති ගානකට ගිහින් බැන්නලු "ඇයි තොපි පැනල දිව්වෙ? තොපි මට ඔච්චර බයද" කියලා. අම්මලා හැටියටම නැතෑ පුත්තුත්.

    ReplyDelete
  10. මොනා උනත් උදේම ලේ පිරිසිදු වෙන්න හිනා උනා.. වයසක අම්මට පින් සිද්ධ වෙන්න!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      ~~~**Daga Malla***~~~

      Delete
  11. අර අංකල් පොලිස් කාරයට කිව්ව වගේ.. එහෙනං උබ ලබන ආත්මෙවත් මගෙ පුතෙක් වෙයං කියල කොල්ලට කියන්න තිබුනේ

    ReplyDelete
  12. @mee godaya අන්න... Talk එක.. එහෙම කිව්ව නම්..ඉතිං අර කොලුව ඊලග තප්පරේ ඉවරයි ලු...

    ReplyDelete
  13. Replies
    1. අ ඇත්තනේ රාජ්, එන්න එන්නම මතකය අළුත් වෙනව තමයි. කතන්දරගෙ ඔය ලිපිය මම මුලින්ම කියෙව්වෙ කොපි කරගෙන ඇවිත්. මොකද දන්නවද මම ඒ දවස්වල බ්ලොග් කියෙව්වෙ කැෆේ වලට ගිහින්. මට කම්පියුටරයක් තිබුණට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් තිබුණෙ නැති නිසා. දවස් දෙක තුනක් කැෆේ වලට ගියාම මට තේරුන වැඩේ හරියන්නෑ කියල. බ්ලොග් දෙක තුනක් කියවල කමෙන්ට්ස් ටික බලල ඉවරවෙනකොට පැයක් ඉවරයි. වැඩේ පාඩුයි. පස්සෙ මම කරේ කැෆේ එකේදි පුළුවන් තරම් ලිපි පෙන් ඩ්‍රයිව් එකට කොපිකරගන්න එක. ගෙදර ගිහින් බ්‍රවුසර් එකකින් ඕපන් කරන් නිවී හැනහිල්ලෙ කියවනව. ඒකෙන් වුණ හෙඳකුත් තියනව. ටැබූ එහෙම බ්ලොග් එක පිටින්ම අතුරුදන් වුණාට එයාගෙ ලිපි මගේ හාර්ඩ් එකේ තාම තියනව.

      Delete
    2. අන්න හොද ආරංචියක්. ටැබූගෙ අන්තිම ලිපි කිහිපය දෙන්න බැරිද?

      Delete
    3. ආකයිව් වල නැති ටික දෙන්න පුලුවන්ද මචෝ මටත්..?

      Delete
    4. @ රාජ්, ඔව් මචං දෙන්නම්. මම හිතන්නෙ ටැබූ ලිව්වෙ ගිය අවුරුද්දෙ පෙබරවාරි නැත්නම් මාර්තු වෙනකම් විතරයි. ලිපි ගොඩක් තියන නිසා තෝරන්න අමාරුයි. මම ඒව ඩේට් එකට අනුව වර්ග කරේ නෑ. 2011 ජනවාරි, පෙබරවාරි ලිපි ටිකක් හොයල දෙන්නම්. මම ඇටෑච් කරල එවන්නම්. මේල් එඩ්‍රස් එක දෙන්න.

      @ සුධීර, මචං ආකයිව් වල තියන ලිපි මොනවද කියල මම දන්නෙ නෑ. මගේ ළඟ ටැබූගෙ ලිපි 150 - 160 ක් විතර තියනව. (එයා ලියපු ඔක්කොම ලිපි මගේ ළඟ නැතුව ඇති) ඒ ෆයිල් එක ටිකක් ලොකුයි. එච්චර ලොකු ෆයිල් එකක් එවන්න ක්‍රමයක් මම දන්නෙ නෑ. අනෙක එක පාර අප්ලෝඩ් කරන්න අමාරුයි. මම ටික ටික ඇටෑච් කරල එවන්නම්. මේල් එඩ්‍රස් එක දෙන්න.

      Delete
    5. කෝ බං උඹල දෙන්න. ඔන්න මම ම දාන්නම්, මේකට ඊයක් එවන්න.

      dumindadt@gmail.com

      Delete
    6. සොරි බං ලේට් උනාට, ඔන්න මම මේල් එකක් දැම්ම.. තෑන්ක්ස්..!!

      Delete
    7. @ සුධීර,
      කීප දෙනෙක්ම ඉල්ල තිබුණ. රාජ් අහපු 2011 ජනවාරි, පෙබරවාරි ලිපි ටික මම එයාලට මේල් කළා. ඒත් මචං උඹේ නමින් නම් මේල් එකක් ඇවිත් තිබුණෙ නෑ. වැරදි මේල් එකකට යවන්න ඇත්තෙ. ආයි පොඩ්ඩක් චෙක් කරල බලන්න.

      Delete
    8. DDT ට මේල් එකක් දැම්ම හම්බ උනාද දන්නෙ නැහැ.

      Delete
  14. එහෙනම් ඊළඟට මල්ලි කියල කතා කරලා බලන්නනේ තිබුනේ !!

    ReplyDelete
  15. මට හිතෙන්නේ හැඩිදැඩි පුරුසයාගේ පුතන්ඩිය වෙන්ට ඕනේ මේ හොරකමේ ඇවිත් තියෙන්නේ...!!!

    ReplyDelete
  16. ඉස්කෝල අයිනේ පිට්ටනි අයිනේ ඉන්න වයසක අම්මලට තියෙන ලොකුම කරදරේ කොල්ලෝ තමයි.....

    ReplyDelete
  17. ලින්ක් එකට ස්තුතියි. මම සුදු වෑන් එකේ යයිද?

    ReplyDelete
  18. හපොයි කොළුවා!

    ReplyDelete
  19. මං මුලින්ම ලිව්වා වගේ මේ කතාව අද උදේ තමයි මතක් වුනේ. කේස් එක දැන් අවුරුදු දහයකටත් වඩා පරණයි නේ. මගේ මතකය හොරයි වගේ. අඹ ගස් කතාව මට වෙන බ්ලොගේක තිබුණු කතාවක් නිසා පැටලිලා ද කොහෙද. ගූගල් කර විස්තර හොයා ගත්තා.

    නමුත් ඔය අංකල්, අයියා කතාව නං පත්තරවල නෑ!

    ReplyDelete
  20. ඇත්තටම මං නම් ඔය කතාව අහලා නෑලූ.එක එක්කෙනා එක එක ඒව කියලා දැන් කෝකද හරි කතාව

    ReplyDelete
  21. ඒ වත්තේ අඹ ගහක් තිබුනද? කියලනම් මතක නැහැ. හැබැයි අපි ඔය කෙස් එකට ඉස්කොලෙන් එළියට පැනලා ලිප්ටන් වටරවුම වෙනකම් පෙළපාලි ගිය විත්තිය නම් මතකයි.
    අනික ඔය හැඩිදැඩි පුත්තු අතපය කොහොම වුනත් ,අර වත්තට පැනපු කොල්ලාගේ කණ ලඟින් යන්න ගිණි පිඹලා තිබ්බා

    ReplyDelete
  22. මං හිතන්නේ මේක පරණ ඇත්ත සිද්දියක් ඒත් මට නම් මතක නැහැ පස්සේ බලමුකෝ හරි කතන්දරේ..

    ReplyDelete
  23. කට්ටිය මේ කියන්නේ ඊයේ පෙරේදා ෆොනී මහත්තයගෙ දුවට ජැකක් ගැහුවා කියල ගොසිප් සයිට් වල ෆොටෝ මඩක් හෙම ගියපු අර්ජු අය්ය / අන්කල් ගැන වෙන්නැති

    ReplyDelete
    Replies
    1. ගැහුවලු නෙවෙයි බං ගහනව කියල හොඳටම ෂුවර් ෆොටෝ එකේ පේන විදියට. අතත් දාගෙන ඉන්නෙ පොර. ෆොනියගෙ මූණේ බැල්මෙනුත් ඒක පැහැදිළියි.

      Delete
  24. අඹ බලට වඩා මටත් මතක් උනේ ක්‍රිකට් කතාව.. :)

    ReplyDelete
    Replies
    1. අඹ වලට* විය යුතුයි

      Delete
  25. ANO - MAY 25 - 5.48 P.M. = LAMYANTA MADA GAHANNA HADANNA EPA.

    ReplyDelete
  26. sir kiwwa nam yanta denawane

    ReplyDelete
  27. "ඒ වං මේ සුතං"
    මෙහෙම පද බෙදීම නම් වැරදියි.

    නියම පද බෙදීම මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ.
    ඒවං මේ සුතං [ මා විසින් මෙසේ අසන ලදී].

    පද බෙදිල්ලෙනුත් මොකක් හරි කතාවක් තියෙනවද ???

    ReplyDelete
  28. කතන්දර කියන්නේ "අර" සිදුවීම ගැනද?
    ඒ සිදුවීමෙදි නම් කොල්ලා තදබල ලෙස පහර කෑම හේතුවෙන් රෝහල්ගත කරන්න වුණා. මානසිකව යම් හානියකුත් වෙලා තිබුණා කියලා ආරංචි වුණා.

    ReplyDelete
  29. https://sihisatahan.wordpress.com/2012/05/19/blogpost-47/#comments

    ReplyDelete
  30. Mr Kathandara are you a person with Downs Syndrome?
    Can't you add even a topic to your idiotic useless stories (=piss) without insulting buddhism?

    ReplyDelete
    Replies
    1. What's the insult to Buddhism here?
      Is that because this incident happened closer to a so called Buddhist (Government) school?

      Delete
  31. "ඒ වං මේ සුතං" please search for a phrase to replace this from Bible or Quran or any kind of book *you respect*; because you don't respect buddhism,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.